Kidnapped by Love-30

Kidnapped by Love-30

ඕෂධී🌸✍


Chapter-29



🍓Chapter-30



''ශනායා, ආයුෂ් ගැන ඔයාට මොකද හිතෙන්නේ...''



''තාත්තේ...Are you serious?''



''ඇයි මොකද...''



''මාව මිනිහෙක් කිඩ්නැප් කලා...මං ඊයේ තමා ආයේ ගෙදර ආවේ...ඔයා තාම මේ වෙනකන් ඇහුවේ නෑ මං හොදින් ද කියලා...ඔයා මොකද්ද කලේ, මං ගෙදර එන්නත් කලින් කවුද මන්දා මිනිස්සු වගේකට රෑ කෑමට එන්න කියලා...''



''ශනයා,ඔයා මට කිව්ව දේවල් මං ඊයේ රෑම මමාටයි ඩැඩාටයි කිව්වා...මමයි කිව්වේ ඒ දෙන්නට ඔයාගෙන් මේ ගැන අහන්න එපා දුක හිතෙයි කියලා...''



''අනේ මේ අයියා, මීට වඩා දුක හිතෙන සිද්ධි මට වෙලා තියෙනවා...''



''හරි හරි දරුවෝ...ලග හිටියේ නැති කාලෙට කොච්චි කරලක් වෙලානේ...ඔයාගේ කිඩ්නැප් සීන් එක අයියා ගානට හැන්ඩ්ල් කලා නේ...ඉතින් කියන්නකෝ ආයුෂ්ව දැක්කම මොනවද හිතෙන්නෙ...''



''මට එයාව දරුකමට හදාගන්න හිතෙනවා...''



''මොකද්ද කිව්වේ...''



''මං ඇත්ත කියන්නේ තාත්තේ... එයාට තියෙන්නේ හෙන හුරතල් කියුට් ලුක් එකක්...''



''මිස්ටර් දිසානයකලා කැමති ඔයාව එයාලගේ ලේලි කරගන්න...''

දෙයියනේ දෙයියනේ ඉල්ලගෙන කන්න මෙච්චර ආසාවක්...



''මරු අදහස...කෝකටත් එයාට කියන්න ඒ තීරණේ ගැන ආයේ හිතන්න කියලා...''



''ඒ මොකද එහෙම කියන්නේ...''



''මම ඔය ගෙදර ලේලි වුනොත් දෑවැද්දට විදියට අරන් යනවා හොද වැලි කඩදාසි රෝලක්...''



''වැලි කඩදාසි? ඒ මොකටද?''



''නැන්දම්මගේ මූනෙ තියෙන පොටි ටික කපලා දාන්න...''මං එහෙම කිව්ව විතරයි ඊයේ රෑ වගේම අද උදෙත් මගේ අසරණට අයියට බිබී හිටිය තේ එක හිරවුනා...



''ක්හැක්...ඒ වෙලාවට පරිස්සම් වෙයන්...නැත්තන් පොටි කපද්දි රත්තරන් බඩු හීරෙයි...''



''Enough! Shanaya, Jaden respect elders! ''

තාත්තා ඒක කිව්වේ නිකන් නෙවෙයි මේසෙටත් පාරක් ගහලා...එහෙමයි කියලා අපි සැලෙනවද...



''I respect elders… but not glitter bombs...''



''ඒ කතාව නම් ඇත්ත, ඒ ගෑනි තනිකරම ඇවිදින තොරොම්බල් කරත්තයක් නේ...ඔයාට කියන්න රොජර් ඒ ගෑනි මට ඊයේ රෑ කියනවා, ඔයාලා නිකන් සල්ලි නැති මිනිස්සු වගේනේ මීට වඩා ලස්සනට ඇදලා කරලා ඉන්නලු...''ජීවිතේ පලවෙනි වතාවටද මන්දා මමා මං කිව්ව දේකට එකගවුනා...



''මමාට කියන්න මං ඊයේ රෑ ශනායටත් මේ ගැන කිව්වා...ඒ ගෑනිව රෑ වෙලා තනියම පාරක නම් යවන්න හොද නෑ...අතපයත් එක්කම කපාගෙන යයි...''



''තාත්තා ඒ මනුස්සයා තනිකරම ඇවිදින ඩිස්කෝ ලයිට් එකක්...''තවත් පාන්පෙත්තක් අරගන්න ගමන් මං කිව්වා....



''අනේද කියන්නේ, කරන්ට් ගියපු වෙලාවක පොඩි ටෝච් එලියක් රත්තරන් බඩු ටිකට දිහාවට පත්තු කලානම් මුළු ගෙදරම කළුවර නැති කරන්න පුළුවන් වෙයි...''මමා එහෙම කියලා ඉවරවෙනවත් එක්කම අයියා බටර් පිහියෙන් පිගානට තට්ටු කරන ගමන්,



''I am a disco dancer

I am a disco dancer

I am a disco dancer

Zindagi mera ghana...'' කියලා සින්දුවක් කියන්න පටන් ගත්තා...



''නතර කරගන්නවා ඕක...මේක කෑම මේසේ...අම්මලා ලමයි එකතුවෙලා කෝප්ප හෝදන්න ගියාම කලින් ප්‍රශ්නත් අමතකයි නේ...''වෙලාවකට අපේ තාත්තාත් ආදිත්‍ය නම්බර් ටූ වෙනවා...නෑ මං කියන්නේ කෝප්පයක් හෝදන්න හරි මමා මාත් එක්ක හොදට කතා කරනවනේ...



''ඉතින් තාත්තනේ කසාදයක් ගැන කියලා මේ කතාව ඇදලා ගත්තේ...මේ ඒක නෙවෙයි මං ඊයේ රෑ හැසිරිච්ච විදියට එයලා මුකුත් කිව්වද...''



''නෑ බබා,ඔයාට මහන්සි ඇති කියලා අපි එයාලව ශේප් කරෝගත්තා...''



''ඒ වුනාට ජේඩන් මට නම් හොදටම ශුවර් අර ගෑනි ගෙදර ගිහින් මොකක් හරි කට කැඩිච්ච කතාවක් කියන්න ඇති...''



''අනේ තාත්තේ මෙන්න වැන්දා...මාව පෙන්නන්න කියලා පාර්ලිමේන්තුවේ ඔක්කොම උන්ව ගෙදරට නම් ගෙන්නගන්න එපා...මට නිදහසේ ඉන්න ඕන...''



''ඔයා ආයුෂ්ව මැරි කරන්න ඕන...මං කැමති මගේ දුවව ඒ වගේ හොද තැනකට බන්දලා දෙන්න...''



''තාත්තේ අපි දෙන්නා තාම වචනයක්වත් කතා කරලා නෑ...අඩුම ගානේ අපි දෙන්නට දෙන්නා ක්ලික් වෙනවද කියලා බලන්න ඕනි නැද්ද...තාත්තා නම් තව අවුරුදු දහයකින් පහලවකින් මැරිලා යයි...මම ඉතුරු ජීවිත කාලෙම එයා එක්ක ඉන්න ඕන...කසාදෙන් පස්සේ අපි දෙන්නට සතුටින් ඉන්න පුළුවන් වෙයිද නැත්තන් මට විදවන්න වෙයිද කියලා මට දැනගන්න ඕන...එකට අඩුම මං ඒ මනුස්සයා එක්ක කතා කරන්න ඕන...''



කියන්නත් සතුටුයි ඊයේ රෑ වගේම තමා දැනුත් මේ තුන්දෙනා මං දිහා අමුතුවට බලන් ඉන්නේ...මං ඉතින් වැරැද්දක් කිව්වේ නෑ...ලව් කරලා මැරි කරනවා වගේ නෙවෙයි නේ ප්‍රපෝස් කරලා මැරි කලාම...



''මං කියන ඒවා ඔයාලට අවුල් ඇති...මං ඉතින් කොහොමත් මෙහේ විදියට නෙවෙයි නේ හැදිලා තියෙන්නේ...''



''මං ඕන නම් ඔයාටයි ආයුෂ්ටයි කතා කරන්න ඉඩ හදලා දෙන්නම්...''



''අනේ ලොකු දෙයක්...හැබැයි ඔත්තුකාරයෝ නැතුව අපි දෙන්නා තනියම...''



''මං ආයුෂ්ට කෝල් කරන්නම්...එතකොට ඒ ලමයා ඔයාට කතා කරයි...''කියලා තාත්තා එතනින් නැගිටලා ගියා...ඊට පස්සේ මමාට මෙතන අස් කරන්න මං උදව් වුනා...මේසේ තියලා තිබ්බ භාජන වලින් ටිකක් මමා අරන් යන්කොට මං ඉතුරු භාජන ටික අරගෙන කුස්සියට ගියා...තාත්තා මමාට කතා කරපු නිසා මමා සින්ක් එක ගාවින් භාජන ටික තියලා යන්න ගියා...මම ඉතින් හොද ලමයා වගේ අර භාජන ටික හෝදන්න ගත්තාම කුස්සියට ආව සීතාම්මා මාව දැකලා ඔළුවේ අත ගහගත්තා...



''දෙයියනේ පුංචි නෝනා,මොනවද මේ කරන්නේ...''



''භාජන හෝදනවා ඇයි...''



''මහත්තයා දැක්කොත් මට බැනුම් අහන්නත් වෙයි...''



මං ඒකට උත්තර දෙන්න කලින් තාත්තගේ බොඩිගාඩ් කෙනෙකුත් කුස්සියෙන් එලියට යන දොර ලගට ආවා ඔළුවේ කැක්කුමයි කියාගෙන...ඒ මනුස්සයත් භාජන හෝදන මාව දැකලා සීතාම්මා වගේම කෑ ගැහුවා...



''මොනවද පුංචි නෝනා මේ කරන්නේ...ඕවා මේ ගෙවල් වල වැඩ කරන අය කරන්න ඕන දේවල්නේ...''



''ඒකනේ සුගත් මල්ලි මාත් මේ කියන්න හැදුවේ...කෝ පැත්තකට වෙන්න පුංචි නෝනා...''



''අනේ මේ සීතාම්මේ, ඇමරිකාවේදි කවුරුත් මට අතට පයට වැඩකරලා දෙන්න නෑනේ...මගේ වැඩ මං තනියම කරගන්නේ...මං මේ ටික හෝදන්නම් ඔයා මේ මනුස්සයට කොත්තමල්ලි ටිකක්වත් තම්බලා දෙන්න...''



''අනේ එච්චර ඕන නෑ නෝනා...පෙනඩෝල් පෙති දෙකක් තිබ්බා නම් ඇති...''



''අනේ මේ සුගත් අංකල් මම නේ අණ දුන්නේ...අනික ඔය පෙන්ඩෝල් වලට වඩා කොත්තමල්ලි ඇගට ගුණයි...''කියලා මං භාජන හෝදන වැඩේ දිගටම කරගෙන ගියා...



🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓


😒 ....................................



තිස් එක්වෙනි කොටසින් හමුවෙමු...



මම ඕෂධී...✍️


Report Page