Kidnapped by Love-29

Kidnapped by Love-29

ඕෂධී🌸✍


Chapter-28



🍓Chapter-29



අදුරු ලෝකය නැති කරගෙන එක පාරටම මූනට වැටුනා සැර එලියක්...තියෙන කම්මැලිකමට ඇස් දෙකත් භාගෙට ඇරගෙන බැලුවා එක පාරට එලිය වැටුනේ කොහෙන්ද කියලා...බැලින්නම් අයියණ්ඩි ඇවිත් කර්ටන් දෙක දෙපැත්තට කරලා...අපරාදේ ඊයේ රෑ දොර ලොක් කරලා යතුර අයින් කලේ...දැන් මෙයා කාමරේට එන්න ඇත්තේ ශුවර් එකටම අනික් යතුරෙන් දොර ඇරගෙන...



''අනේ යකෝ කෙල්ලෙක් උනාම පශ්චාත් භාගෙට ඉර එළිය වැටෙනකම් නිදාගන්න සිරිතක් තියෙනවද...'' අයියා ඉනට අත් දෙකත් තියාගෙනම ඇහුවා...



''ඔයාට මොකක් හරි චැනල් එකකින්වත් කතා කලාද ශ්‍රි ලංකන් ටිපිකල් අම්මා කෙනෙක්ගේ කැරැක්ටර් එකට...''



''තමුසේ ඊයේ රෑ දහයටත් කලින් කාමරේට ආවේ...දැන් වෙලාව උදේ අටයි...''



''අනේ ගනන් හදන්නේ නැතුව යනවකෝ මලවදේ නිදාගන්න දීලා...''කියාගෙන මං ආයේ බෙඩ් ශීට් එක ඔළුවේ ඉදන් පොරවගත්තා...



''බලපන් ඊයේ රෑ ඇදන් හිටිය ඇදුම කාමරේ බිමට විසි කරලා...මට කියන්න එපා ශනායා ඔයා අපාර්ට්මන්ට් එකේ ඉන්නෙත් මේ වගේ කියලා...මේ බලනවා අල්මාරියේ දොර වහලා රෙදි එලියට පැනලා තියෙනකොට...''



''ඒ දොර නම් අරින්න හිතන්නවත් එ-''කියලා ඉවර වෙන්න කලින් අර මනුස්සයා අල්මාරියේ දොර ඇරියා, ඊයේ ඇතුලට දැම්ම රෙදි වලින් භාගෙට භාගයක්ම අයියගේ කකුල් දෙක උඩ...



''ඕයි උබ පිලිවෙලක් කියලා එකක් දන්නේ නැද්ද...මේ බලපන් හොද ඇදුම් එක්ක යට ඇදුම් හිටන් තියෙනවා,මේ...''කියලා අයියා ඇදුම උස්සලා පෙන්නුවත් එක්ක...



''ඕක යට ඇදුමක් නෙවෙයි ස්විම් වෙයා එකක්...ඔයා හිතුවද එහේ ඉන්නකොට මං පූල් එකකට බහින්න ඕන උනොත් දිය රෙදි අදිනවා කියලා...''



''අනේ මන්දා, කවදාහරි කසාද බැදලා ගියපු දවසක නැන්දම්මා තොට ගහලා පන්නයි...''



''ඒවා නම් නැන්දම්මට මාත් එක්ක කරන්න අමාරු වෙයි...''



''ඒක නම් ඇත්ත...උබ ගැන දැන දැන මිනිස්සු හොයලා දෙන්න හදන මට ගහන්න ඕන...''



''ඔන්න ඔය ටික තියන්න අයියේ මං නවාගන්නම්...ඊයේ රෑ ඇග වැහෙන්න ඇදුම් හොයලා අන්තිමේදි අර ගෑනි කාමරේටත් එයි කියලා හිතිච්ච නිසයි ඔය ටික අල්මාරියට ඔබලා නිකන් හිටියේ...''කියලා මං ආයෙමත් බෙඩ් ශීට් එක පෙරවගත්තා...ඒත් ඉතින් වැඩක් නෑ මේ පාර අයියම ඇවිත් බෙඩ්ශීට් එක ඇදලා පැත්තකට විසි කලා...



''ශනායා ගිහින් මූන හෝදගෙන එන්න උදේට කන්න...''



''ඉතින් ගිහින් කනවකෝ...මං ඔයාලගේ කටවල් අල්ලගෙන හිටියේ නෑනේ...''



''ශනායා, උස්සගෙන ගිහින් නානකාමරේ ශවර් එකට අල්ලලා නාවන්න කලින් නැගිටපන්...අද බ්‍රෙක්ෆස්ට් ගන්නේ ගාර්ඩන් එකේ හැමෝම එකට...''බොරු කියන්න ඕන නෑනේ කිව්ව ටෝන් එකෙන්ම තේරුනා තව ටිකක් මෙහෙම හිටියොත් වෙන්නේ ඒක තමා කියලා... ඒත් මොකද්ද අර බ්‍රෙක්ෆස්ට් කතාව...



''බ්‍රෙක්ෆස්ට් එක ගැන මොකද්ද කිව්වේ...''



''අර ලෝකෙට පේන්න අපි හරි හොදයි කියලා පෙන්නන ඩ්‍රාමා එකේ එක කොටසක්...''



''අහ් හරි හරි...මේ අර ඇමරිකාවේ කඩාෂියන් ෆැමිලි එක වගේ අපිත් පටන් ගමු You Tube චැනල් එකක්...''



''මට පේන්නේ අරහේ අවුරුදු ගානක් තනියම ඉදලා උබට පිස්සුද කොහෙද...''



''නෑ නෑ හලෝ මං සිරාවට කියන්නේ...දැනටමත් අපි සෝෂල් මීඩියා වල බොරු කරගන්න විදියට මෙහෙම එකක් පටන් ගත්තොත් අනිවාරෙන් හිට් වෙනවා...Keeping Up with the Hettiarachchis'' කියලා මං අර ශැම්පු ඇඩ් වල කෙල්ලො කොණ්ඩේ පස්සට කරනවා වගේ කොණ්ඩෙත් හැදුවා..ඒත් ඒක ඉවර වෙන්න කලින් අයියා ඇදේ තිබ්බ කොට්ටයක් අරගෙන මගේ මූනට දමලා ගැහුවා...මං ඉතින් අර කාඩාෂියන් පවුලේ අක්කලා නංගිලා කතා කරන විදියට,



''OMG! How dare you hit me...Because I'm your sister...Remember, I'm Shanaya Hettiarachchi...''කියලා කිව්වා...වැඩක් නෑ මේ මෝඩයා ඉන්නේ විහිළු නොතේරෙන මූඩ් එකක ඉතින් මං බැනුම් ඇහුවා...



''Of course, you are Shanaya Hettiarachchi... You are not a Kardashian sister...You're my only sister....Now you have to go bathroom before I get other pillow...''




මං මූන හෝදගෙන එනකොට අයියා ඉන්නවා ඇදේ දිගා වෙලා ෆෝන් එක කොට කොට...මොනා වුනත් මට ඉන්නේ කියන දේ ඒ විදියටම කරන අයියෙක්...අඩුම ගානේ අර වැටිච්ච රෙදි ටික අහුලලා අල්මාරියට දාපන්... ඒත් නෑ ඒ ටික එහෙම්ම තියෙනවා ඇරලා දාපු අල්මාරි දොරත් එක්කම...මං ආයෙමත් ඇදට පැනලා අයියව බදාගත්තා...එයත් මගේ ඇග වටේ අතක් දාලා මාව එයාට හේත්තු කරගත්තා...එහෙමයි කියලා ෆෝන් එක අතෑරියෙත් නෑ...



''අයියේ...''



''ම්ම්ම්...''



''මං කිව්ව වැඩේ හොයලා බැලුවද...''



''ඔව් මං කොල්ලට කතා කලා...අපි යමු අනිද්දට එයාව හම්බවෙන්න...''



''අපි...''



''මාත් එනවා යන්න...''



''හ්ම්ම්...''කියලා මාත් අයියට හේත්තුවක් දාගෙන හිටියා...කන්න යන්න ඕන කියලා මාවත් ඇහැරුව මනුස්සයා දැන් හොදට ඇදට වෙලා ඊ මේල් චෙක් කරනවා...ටිකකින් කවුරුහරි දොරට තට්ටු කලා බැලින්නම් තාත්තා...



''ශනායා ඔයා නිදිද...''



''එන්න තාත්තා...මං ඇහැරිලා ඉන්නේ...''කියනවත් එක්කම අපේ තාත්තාත් කාමරේ ඇතුළේ...



''මේ ඉන්නේ නංගිව ඇහැරවන්න ආපු කෙනත් ඇදේ දිගාවෙලා...මේ මොකද ශනයා අල්මාරියේ හැටි...හරියට නිකන් හොරු ඇදලා වගේ...''



''මං එපා කියද්දි අයියා දොර ඇරියා...''කියලා කියනකොට තාත්තා මගේ කාමරේ ජනේලෙත් ඇරගෙන බැල්කනි එකට ගියා...



''යමු ලමයි කෑම කන්න මමා බලන් ඉන්නවා...''කියාගෙන තාත්තා ආයේම කාමරේ ඇතුලට ආවා...සමහර විට තාත්තා බැල්කනියෙන් පහල බැලුවාම දකින්න ඇති මමා එලියේ වාඩි වෙලා ඉන්නවා...අයියා නම් දැනටමත් මාව පැත්තකට කරලා කාමරෙන් එලියට ගිහින්...



''මට දැන්ම කන්න බෑ...''කියලා මං ආයේ නිදාගන්න හැදුවේ...ඒත් තාත්තා,



''මෙහෙට එනවා හොර කෙල්ල...'' කියලා මාව වඩා ගත්තා...



''අනේ මාව බිමින් තියන්න තාත්තේ...''



''එපා ඩැඩා උස්සගෙන ගිහින් පුටුවෙන් වාඩි කරවන්න...''කියලා අයියත් පඩිපෙල ලගදි උල්පන්දම් දෙන්න ගත්තා...



ඊට පස්සේ ඉතින් තාත්තා මාවත් උස්සගෙනම පඩිපෙලත් බහින්න ගත්තා...ඒ විතරක් නෙවෙයි,



''පුළුවන් නම් දගලලා මගේ කොන්දත් කඩලා උබත් මොනාහරි කරගනින්කෝ...''කියලත් කිව්වා...



මං ඉතින් දගලන්නේ නැතුව හිටියා...අනේ මන්දා එපා කියලා දැගලුවට මං හරි ආසයි තාත්තගේ ආදරේ මේ විදියට හම්බවෙනවට...ඒත් හිත යටින් මාමා කිව්ව වචන මතක් වෙනවා...මොනාවුනත් මේ ඉන්නේ අපි ඔක්කොගෙම ජීවිත විනාස කරපු මනුස්සයා නේද කියලා මතක් වෙනකොට තාත්තා වුනත් මහා අප්පිරියා හැගීමක් එනවා...ගොඩක් අයට ඇමති කිව්වම මතක් වෙන්නේ ලොකු බඩක් තියෙන මනුස්සයෙක් නේ...ඒ වුනාට අපේ තාත්තා එහෙම නෑ...එයා තාමත් ඇග මේන්ටේන් කරන් ගානට ඉන්නවා...ඒකනේ මේ මාවත් උස්සගෙන යන්නේ...මං මමාගේ වෙඩින් ඇල්බම් එකේ දැකලා තියෙනවා වගේම තාත්තා තාමත් හැන්ඩ්සම්...කොහොමහරි මාව පොඩි එකෙක් වගේ වඩාගෙන යනවා දැකලා බොඩිගාඩ්ලා සෙට් එකත් හිනාවෙවි මොනවද කිව්වා...ඒත් ඉතින් මාව දැක්කා විතරයි මමා අතේ තිබ්බ පත්තරෙත් නවලා පැත්තකින් තියලා,



''මොකද මේ නාකි හුරතල්...''කියලා ඇහුවා...



''එහෙම කියන්න එපා නෝනා...පුංචි නෝනා කාලෙකට පස්සේ ආව නිසානේ ඔය...''කියලා සීතාම්මා කිව්වා...එතකොට තමා මමාටත් මතක්වුනේ රංගනයක් කරන්න ඕන නේද කියලා...



''පිස්සුද රොජර් ඔයාට...මේ ලමයා වැටිලා තුවාල වුනොත් එහෙම...''කියලා මමා කිව්වා...



''තුවාල වුනොත් බෙහෙත් දානවා...නැද්ද ඩැඩා...''



''අනේද කියන්නේ...''



''සීතා ඔයා දැන් යන්න අඩුපාඩුවක් තිබ්බොත් මං කතා කරන්නම්...''කියලා මමා සීතාම්මව මෙතනින් යැව්වා...



මොනවා වුනත් මෙහෙම ගාර්ඩ්න් එකට වෙලා කෑම කන එකෙත් වෙනම වයිබ් එකත් තියෙනවා...



''තාත්තා අද පාර්ලිමේන්තු යන්නේ නැද්ද...'' පාන් පෙත්තක බටර් ගාන ගමන් මං ඇහුවා...



''අද ඉරිදනේ ලමයෝ...''



''අහ් සොරි අමතක වුනා...''අමතක වෙන එක පුදුමයක් නෙවෙයිනේ...අර මනුස්සයා එක්ක දවස් ගානක් හිටියේ ෆෝන් එකවත් කැලැන්ඩර් එකක්වත් නැතුව නේ...



''ජේඩන්,ශනායා දෙන්නම ලෑස්ති වෙන්න අද හවස මාත් එක්ක පල්ලියට යන්න...''කියලා මමා කිව්වම අයියයි මායි දෙන්නම හරි කියන්න වගේ ඔළුව හෙලෙව්වා...



මමා ක්‍රිස්තියානි, තාත්තා බෞද්ධ... ඒ නිසා මේ ගෙදර ඔය ආගම් දෙකම අදහනවා...මම නම් ගොඩක්ම ක්‍රිස්තියානි ආගමට වඩා බෞද්ධ ආගම තමා අදහන්නේ....සමහරවිට මං අංගම්පිටිය එක්ක හැදිච්ච නිසා වෙන්න ඇති එහෙම කරන්නේ...ඒ කොහොමවුනත් කොයි ආගමෙත් කියන්නේ හොද දේවල් කරන්න කියලා...



''ශනායා, ආයුෂ් ගැන ඔයාට මොකද හිතෙන්නේ...''



🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓

දවසේ ප්‍රශ්නය, අයියයි නංගි හම්බවෙන්න යන කොල්ලා කවුරු වෙන්න පුළුවන්ද ?



තිස්වෙනි කොටසින් හමුවෙමු...



මම ඕෂධී...✍️


Report Page