Kidnapped by Love-2

Kidnapped by Love-2

ඕෂධී🌸✍



Chapter-1



🍓Chapter-2



''ඩැඩා...මේ ආයෙමත් කෝල් කරන්නේ ඒ මනුස්සයා වෙන්න ඇති...මං ලවුඩ්ස්පීකර් දාන්නම්, ඩැඩා කතා කරන්න...''යනුවෙන් කියූ ජේඩන් කෝල් එක ආන්සර් කල අතර අනික් පසින් ගැඹුරු පිරිමි කටහඩක් ඇහෙන්නට විය...



"හෙලෝ හෙට්ටිආරච්චි ඇමතිතුමා...සනීපෙන් ඉන්නවද...මං එක පාරකුත් කෝල් කලා...කොහෙද ඉතින් මස් කන බල්ලට වඩා කටුකන බල්ලො නේ සැර..."



"ඕන දේ කෙලින් කියපන් මිනිහෝ....මට වැඩ තියෙනවා..."



"මොනවද ඔච්චරටම තියෙන වැඩ, රට සංවර්ධනය කරන්න වෙන්න බෑ...ගෙදර ගෑනිව හුරතල් කරනවද නැත්තන් වෙන ගෑනියෙක්ව හුරතල් කරනවද..."



"මං පොලිසියට කෝල් කරන්න කලින් තමුසෙට මොනවද ඕන කියනවා..."



"අහ්....ඕන දේ මං කියන්නම්,හැබයි මේ ගැන පොලිසිය දැනගන්නවා නම් ඔබතුමාට ගොඩක් දුක් වෙන්න වෙයි..."නාදුනන කටහඩ එසේ කීවිට ඇමතිවරයා පුටුවෙන් නැගිට දුරකථනයද රැගෙන තම කාර්යාල කාමරයට ගිය අතර ඒ පසුපස රෙබෙකා හා ජේඩන් ද ගියෝය...ඉන්පසු ජේඩන් කාමරයේ දොර වසා දැමුවේ පිටත කාටවත් සංවාදය නොඇසීමට ඉඩක් තබමින්ය...



"මොනවද අයිසේ තමුසෙට ඕන..."



"මිස් ශනායා මන්දෝදරි හෙට්ටිආරච්චි ඉන්නේ දැන් මං ලග ..."



"මොනවා...මාත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා... මං තමුසෙව මරලා දානවා..."



"තමුසෙට එච්චර පුළුවන් නම් මං දුව පැහැරගන්න කලින් බේරගන්න තිබ්බානේ..."සමච්චලේට මෙන් සිනාසී තරුණයා කීවේය...



"මට මගේ දුව ඕන මිනිහෝ...ඒ වෙනුවට තමුසෙට මොනවාද ඕන..."



''හෝව් හෝව් ඇමතිතුමාට පුදුම හදිසියක්නේ තියෙන්නේ...ඒ ගැන මං ආයේ කෝල් කරලා කියන්නම්...''



''මේ කොහෙද යන පිස්සෙක් වෙන්න ඇති ඩැඩා...තමුසේ අපිට ඔප්පු කරනවා බලන්න ශනායා ඉන්නේ තමුසේ ලග කියලා...''ලවුඩ්ස්පීකර් දමා තිබූ දුරකථනයෙන් ඇහුන දේ පිලිබද විශ්වාසයක් නොමතිව ජේඩන් කෑගැසීය.



''පවුල පිටින් මගේ කටහඩ අහගෙනද ඉන්නේ...කවුරු අහගෙන හිටියත් කමක් නෑ මගේ ක්‍රමේට වැඩ කරන්න එකග වුනේ නැත්තන් දුක් වෙන්න වෙයි...මං කියන දේ හොදට අහගන්න මිස්ටර් ජේඩන්...තමුන්ගේ තාත්තගේ වගේ බොරු වැඩ මං ලග නෑ...මං ෆෝන් එක ලවුඩ්ස්පීකර් දාන්නම් ඇමතිතුමා දුවට කතා කරන්න...'' යනුවෙන් කියු තරුණයා දුරකථනය ලවුඩ්ස්පීකර් දැමීය...



''ශනායා ඔයාට කොහොමද දුව...පරිස්සමෙන් ඉන්නවද...ඩැඩා ඔයාව කොහොමහරි බේරගන්නවා...''ඇමතිතුමා කියාගෙන කියාගෙන ගියද ඊට ශනායා දුන්නේ ඔහුවත්,ජේඩන්වත්,රෙබෙකාත් කොටින්ම කියනවා නම් පැහැරගත් කඩවසම් තරුණයාත් කිසිදු ලෙසකින් අපේක්ශා නොකල පිලිතුරකි...



''ඔය ගෙදර බිත්‍ති හතරේ ඇතුලේ ඉන්නවට වැඩිය හොදට, මම මේ නොදන්න තැන බිත්ති හතරට කොටුවෙලා ඉන්නවා තාත්තේ...මාව කිඩ්නැප් කලා කියලා පොලිසියට කියන්නත් එපා...ඔයා කැමති නම් මේ මනුස්සයා ඉල්ලන දෙයක් දීලා මාව බේරගන්න...කොහොමත් මට තියෙන්නේ තේරීම් දෙකයි...එකක් මම බේරුනොත් ආයේ ඇමරිකාවට යන එක එහෙම නැත්තන් අදුරන්නේ නැති මිනිහෙක් අතින් මැරෙන එක...මට ඔය ඕන දෙයක් ඔට්ටුයි තාත්තේ...කරන්න ඕන දේ තීරණය කරන්න ඕන ඔයා...''



''ශනායා...''



''අදට මේ ඇති ඇමතිතුමා...මං ආයේ වෙලාවක කෝල් කරලා කියන්නම් මට මොනවද ඕන කියලා...දුවගේ ඉල්ලිමත් පොඩ්ඩක් මතක තියාගන්නකෝ...මොකද මගේ මිනිස්සු හැමතැනම ඉන්නවා...''කියූ තරුණයා දුරකථනය විසන්ධි කර එයා ක්‍රියාවිරහිත කලේය...



''මං කිව්වේ රොජර් ඔයාට...මේ කෙල්ල කොල්ලෙක් එක්ක පැනලා ගිහිල්ලා...දැන් ඔයාගෙන් සල්ලි කඩාගන්න හදනවා...''



''පිස්සුද මමා...ශනායා හේතුවක් නැතුව එහෙම කවදාවත් කතා කරන්නේ නෑ...තාත්ති ඒ මනුස්සයා ආයේ කෝල් කරනකන් කිසිදෙයක් කාටවත් කියන්න යන්න එපා...මේක අපි තුන්දෙනා විතරක් දැනගත්තාම ඇති....''



''අපි තුන්දෙනා විතරක් දැනගත්තාම ඇති කියන්නේ කොහොමද...ශනායා ලංකාවට ආවා කියලා දැනගෙන මේ ගෙදරට එන මිනිස්සුන්ට මොනවද අපි කියන්නේ...''



''ශනායා තනියම ඉන්න කැමති ගෑනු ලමයෙක් නිසා solo trip එකක් ගිහින් කියන්න...යන තැනක් අපිටවත් කියලා ගියේ නෑ කියලත් කියන්න...ප්ලීස් මමා, මෙච්චර කල් මිනිස්සු දැනගෙන හිටියේ රොජර් හෙට්ටිආරච්චි ඇමතිගේ පුතා විතරයි ලංකාවේ ඉන්නේ කියලා...ලංකාවට ආව ඇමතිගේ දුව පැහැරගෙන කියලා දැනගත්තොත් මීඩීයා එක අපේ රෙදි ගලවලා නතරවෙන්නේ....''



''එහෙනම් තාත්තලා පුතාලා එකතුවෙලා ඕන එකක් කරගන්න එකයි ඇත්තේ...''යනුවෙන් කියූ රෙබෙකා එම කාමරයෙන් පිටතට ගියාය.....ජේඩන් ඉන්පසුව ඇමතිට කතාකරන්නට විය...



''ඩැඩා...''



''මගේ කෙල්ලට හීරීමක්වත් වෙලා තිබ්බොත් මං ඕකව මරලා දානවා...''



''මෝඩ විදියට හිතන්න එපා ඩැඩා...පොඩ්ඩක් මොලෙන් හිතන්න....ඒ මිනිහට ශනායට හීරිමක්වත් කරන්න බෑ...එහෙම කරන්න ගියොත් අපිට ශනායා මරලා දාපු උගේ බොඩි එක කොහේහරි තිබිලා හම්බවෙයි...ඔයාලා කවුරුත් ශනායව තාම හරියට දන්නේ නෑ...''



''එයා තාම අවුරුදු 22ක පුංචි කෙල්ලෙක් ජේඩන්...''



''මං කිව්ව විදියට වැඩ කරන්න ඩැඩා...ඒ මිනිහා ඉල්ලන දෙයක් ඩැඩාට දෙන්න බැරි නම් මට කියන්න...මං මගේ නංගිව බේරගන්නම්...''යනුවෙන් කියූ ජේඩන්ද කාමරයෙන් පිටතට යාමට දොර ගාවට ගොස් ආපසු හැරුනේය...



''කෙල්ලෙක්ගේ ජීවිතයක් කියන්නේ බිස්නස් ඩීල් එකක් නෙවෙයි ඩැඩා...කර්මය පඩිසන් දෙන්නේ අමුතු විදියට...සමහරවිට ඩැඩා කරපු වැරදි වලට ශනායව අද අහුවුනා වෙන්නත් පුළුවන්...ගුඩ් නයිට් ඩැඩා ගිහින් නිදාගන්න...''කියා ජේඩන්ද කාර්‍යාල කාමරයෙන් පිටතට ගියේය...ඔහු අන්තිමට කියූ දෙය හෙට්ටිආරච්චි ඇමතිගේ සිත සසල කර තිබිණි...



කෙසේ වුවත් පඩිපෙල නැග දෙවෙන මහලට පැමිණි ජේඩන් තමන්ගේ කාමරයට යනවා වෙනුවට තම මවගේත් පියාගෙත් කාමරයේ දොර අසලට පැමින දොරට තට්ටු කලේය...



"මමා මං ඇතුලට එන්නද..."



"එන්න..."



"මං ඔයාගේ උකුලෙන් ඔළුව තියාගන්නද..." දොර ඇරගෙන කාමරයට ආ ජේඩන් ඇසුවේය...



"කෝ එන්න..." රෙබෙකා එසේ කියන පමාවට ඇදට පැන්න ජේඩන් තමන්ගේ හිස මවගේ උකුළ උඩින් තැබුවේය...



"මමා මට ආදරෙයි නේද..."



"ඕවා අහන්න ඕන දේවල්ද ජේඩන්...මං ජීවත්වෙන්නෙත් පුතා නිසා..."කියූ රෙබෙකා පහත්වී ජේඩන්ගේ නලල උඩින් සිපුමක් තිබ්බාය...



"එහෙනම් ප්ලීස් මමා මට ශනායව මේ උගුල් වලින් බේරලා ආයේ ඇමරිකාවට යවන්න උදව් කරන්න..."



"මට ශනායව සතපහකට විශ්වාස නෑ...."



"ඒ උනාට කමක් නෑ...මාව විශ්වාස කරන්නකෝ...."



"හ්ම්...හාකෝ එහෙනම්..."



ඒ සමගම මවගේත් පුතාගේත් සංවාදයට නැවතත් කොමාවක් එක් කරමින් ඇමතිතුමා කාමරයට පැමිනියේය...



"ජේඩන් තාම නිදාගන්න ගියේ නැද්ද..."



"මං මමා එක්ක ටිකක් කතා කලා ඩැඩා...මෙන්න වැන්දා ශනායා ඉන්නෙ ට්‍රිප් එකක් ගිහිල්ලා...ඒ නිසා එයාව හොයනවා වගේ පිස්සු වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා...මෙච්චර කල් ඔයා වැඩ කරන් ආව විදියටම ඔයාගේ වැඩ ටික කරගෙන ඉන්න ඩැඩා...I can handle this situation..." යනුවෙන් කියූ ජේඩන් කාමරයෙන් පිට වී ගියේය...





"මං දන්නේ නෑ මිස් ශනායා ඇයි අර වගේ කතාවක් කිව්වේ කියලා...මං හිතුවේ අනික් කෙල්ලො වගේ අඩයි කියලා..."ක්‍රියා විරහිත කල දුරකථනය කලිසම් සාක්කුවට දමන ගමන් තරුණයා කීවේය...



"මාවත් අනික් කෙල්ලො ගානට දාලා හිතුව එක තමා තමුන් කරපු ලොකුම වැරැද්ද,මිස්ටර් දිනාල් ආදිත්‍ය සූර්‍යවංශ..."



තවමත් පුටුවට තබා බැද සිටි ශනායා තමා පැහැරගත් කඩවසම් තරුණයා නොහොත් දිනාල් ආදිත්‍ය සූර්‍යවංශගේ ඇස් දෙස ඍජුව බලාගෙනම කීවාය...ශනායාගේ කතාව දෙවන වරටද ආදිත්‍යගේ හිත තුල ගැස්මක් ඇති කිරීමට සමත් විය...



"තමුන් මගේ නම දන්නේ කොහොමද..."ආදිත්‍ය ශනායාගේ මූනටම එබීගෙන ඇසුවේය...



"ආශ්...මගේ ඔළුව ගොඩක් බරයි...මං ඔයාගේ ප්‍රශ්න වලට පස්සෙ උත්තර දෙන්නම්...ප්ලීස් මට ටිකක් මේ ඇදේ නිදාගන්න දෙනවද..."



"තමුන්ව මං පැහැරගෙන ආවේ නැතුව අපි පැනලා ආවා නෙවෙයි නේ..."



"මොන මගුලක් හරි...තමුසේ ආයේ මාව ගිහින් දානකන් හරි එහෙම නැත්තන් මාව‍ මරලා දානකන් හරි මං මේ ගෙදරින් එලියට යන්නේ නෑ...ශනායා මන්දෝදරී කිව්වොත් කිව්වා...You can trust me..."



ආදිත්‍ය ඇගේ බැමි ලිහා දැමූ අතර ශනායා හිමින් හිමින් නැගිට ගොස් ඇදේ වැතිරුනාය...තවමත් මත් ගතිය ඇගේ සිරුරෙන් ඉවත්ව නොතිබුනි...කාමරයේ දොර වසාගෙන ආදිත්‍ය තම නිවසේ පඩිපෙල බැස කුස්සියට පැමිනියේය...ඉන්පසු ඔහු වතුර වීදුරුවක් ගෙන එක හුස්මට බීවේය...ශනායා කියූ දේවල් සහ ඇය ඒ සෑම අවස්ථාවකදීම ආදිත්‍යට දුන් සීතල බැල්ම,ශනායාගේ ඇස් ඔහුගේ සිතේ ප්‍රශ්න ගොඩක් නිර්මාණය කර තිබුණි...කෙසේ වුවත් එසේ කතා කල ශනායා මෙතනින් හදිසියෙන් පැන ගියොත් යැයි ආදිත්‍යට සිතුනු නිසා ඔහු කුස්සියේ ලයිට් ඔෆ් කර නැවත ශනායා සිටි කාමරයට පැමිනියේය...



ශනායා නම් මේ වන විටත් ගැඹුරු නින්දකට සිටි අතර ඇය හැද සිටි කළු පැහැ flowy top එක මදක් උඩට ඉස්සි තියෙන අයුරු ආදිත්‍ය දැක්කෙය...top එක මදක් ඉස්සි තිබූ නිසාවෙන් ශනායා ඉනට දමා තිබූ රන්පැහැ belly chain එක ලයිට් එලියට දිලිසුණි...ඔහු belly chain එකත් ශනායා පැලද සිටි කරාබු ජෝඩුව,මාලය හා රත්තරන් ඔරලෝසුවත් ඇයට බාධා නොවන අයුරින් ගලවා ඇද අසලම වූ side table එක උඩින් තැබුවේය...ආදිත්‍ය ශනායාගේ ටොප් එක පහලට ඇද ඇයට බෙඩ්ශීට් එක පෙරෙව්වෙය...ඉන්පසු කාමරයේ තිබූ A/C එකද ඔන් කල ආදිත්‍ය ඒ අසල වූ සෝෆාව මතට කොට්ටයක් දමා නිදාගන්නට විය...



🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓


ඊලග කොටස සිකුරාදට...



තුන්වෙනි කොටසින් හමුවෙමු...



මම ඕෂධී...✍️



Report Page