Kidnapped by Love-28

Kidnapped by Love-28

ඕෂධී🌸✍


Chapter-27



🍓Chapter-28



මමා කිව්ව විදියටම ඇග වැහෙන්න ගවුමකුත් ඇදගෙන මම කාමරෙන් එලියට ආවා...මේක සුදු පාට ඩේසි මල් වැටිච්ච කොලපාට ගවුමක්...මේකත් මේ ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගත්ත එකක්... එහේ තියෙන සමහරක් ලස්සන ඇදුම් අරගන්න මට රස්සා දෙක තුනක් කරලවත් හම්බ කරන්න වෙනවා... ඒ නිසාම තමා මං ගොඩක් වෙලාවට අඩුගානකට ඔන්ලයින් ඕඩර් කරන්නේ... මේක ඇදගෙන බස් එකකට නැග්ගා නම් නිකන්ම සීට් එකක් හම්බවෙනවා...අපේ තාත්තා ඇමති නිසා නෙවෙයි මේ ගවුමට මගේ ප්‍රෙග්නට් ලුක් එකක් තියෙන්නේ... මොනවා කරන්නද ඔන්ලයින් ඕඩර් කලාම මෙහෙම ඒවා වෙන්නත් පුළුවන්... කොහොමහරි පඩිපෙලේ භාගයක් බහිද්දිම මං දැක්කා පම්පෝරි ජානකී අපේ මමාගෙයි තාත්තගෙයි වෙඩින් ඇල්බම් එක පෙරලගෙන ඉන්නවා...එයාගේ වටේට අපේ ගෙදර අයයි ඒ ගෙදර අයයි වාඩිවෙලා කතාවක...මම ඉතින් සීතාම්ම පව් නිසා පොල් බෑයක්වත් ගාලා දෙන්න කියලා කුස්සියට යන්න හැදුවේ...ඒත් ඉතින් අපේ තාත්තගෙන් බේරෙනවා බොරු...එක අතකට කවදා ගාපු පොල්ද...මං දැන් පොල් ගාලා දෙන්න ගියොත් මුන් ටික අද පාන්දර වෙනකන්වත් යන්නෙත් නෑ...



''ශනායා මෙහේ එන්න කොහෙද යන්නේ...''කියලා තාත්තා මාවත් සමිතියට එකතු කරෝගත්තා...මං ඉතින් වැදගත් ගෑනු ලමයා වගේ ගිහින් අයියගේ එහා පැත්තෙන් වාඩි වුනා...එතකොට දැන් දිසානායක පවුල ඉන්නේ මගෙන් ප්‍රශ්න අහන්න බලාගෙන...මෙන්න ඔබට ලැබෙන පලවෙනි ප්‍රශ්නය වගේ පම්පෝරි ජානකී මූනත් හදාගෙන,



''ඉතින් දුව අනුරාධපුර පැත්තට රස්නෙයිද ගොඩක්...'' කියලා ඇහුවා...ඇයි මේ ගෙදර මිනිස්සු මාව අනුරාධපුරේ යැව්වේ... අත ලග තියෙන රත්නපුරේ හරි ගම්පහ හරි කිව්ව නම් ලේසි නේ...



''ඔව් මිසිස් දිසානායක ටිකක් රස්නෙයි...'' මං ලංකාවේ ඉන්න කාලේ ඉස්කෝලෙන් ගියපු ට්‍රිප් එකක් මතක් කරන් කිව්වා...



''මිසිස් කියන්න ඕන නැ ලමයෝ ආන්ටි කියන්න...ඉතින් ඔය රස්නේ මොනවද මෙච්චර දවස් එහෙට වෙලා කලේ...''



කරපු දේවල්, කරගත්ත දේවල් කටක් ඇරලා කියන්න පුළුවන් ඒවා නෙවෙයි නේ...ඔය ඔක්කොම අස්සෙන් එදා රෑ ආදිත්‍ය මගේ ඉස්සර හිටිය විදිය මතක් වෙන්න ගත්තා...ආදිත්‍ය කාලද දන්නෙත් නෑ....Ahh f#ck ශනායා...මේවා අයියා දැනගත්තොත්, තාත්තට කලින් එයා තමා මගේ කන පලන්නේ...



''කරන්න දේවල්ද නැත්තේ ආන්ටි...අටමස්ථානේ වැන්දා,භාවනා කලා,ඇවිද්දා,මාළු බැලු-'' කෑවා කෑවා... ඇයි අර මිනිහට මාව උගේ ගේ අස්සට දාලා තියන්න බැරි වුනේ...



''මාළු? මොන මාළුද...''ඒ මගේ අයියා...එක ලේ පැහැයයි සිරුර පුරා,සොයුරේ නුබ මගේ පණයි සදා...



''මං ඇවිදගෙන යනකොට වැව් මාළු විකුණන කඩයක් හම්බවුනා...මං එතන හිටිය සීයගෙන් වැව් මාළු ගැන ඉගෙන ගත්තා...''



''කොහොමහරි කමක් නෑ විනෝද වෙලා ආවා නේ...''ඒ අර දිසානායක...



අනේ අම්මේ විනෝදේ ගැන නම් කියලා වැඩක් නෑ... ක්‍රශ් එක නිසා උණත් හදාගෙන, ගස් ගල් දිගේ බඩගාලා වැටිලා, කූඩැල්ලන්ට ලේ දන්දීලා පුදුම විනෝදයක් තිබ්බේ...මං විනෝදේ ගැන මතක් කරනකොට පම්පෝරි ජානකී එයාගේ ඊළග ප්‍රශ්නේ අහන්න ලෑස්ති වුනා...



''ඉතින් කොහොමද දුව ඇමරිකාවේ තත්වේ එහෙම...''



''අවුලක් නෑ ආන්ටි...''



''ඉගෙන ගන්න වැඩ එහෙම කොහොමද...''



''නිවාඩුව ඉවරවෙලා ආයේ ගියාම ෆයිනල් සෙමෙස්ටර් එක පටන් ගන්නවා ආන්ටි...''



''ආ ඒවා ඉවරවුනාට පස්සේ ඉතින් මැරි කරන්න තමා තියෙන්නේ...''



''බලමුකෝ ආන්ටි...'' මං එහෙම කිව්වේ අයියා ගෙදර එන්න කලින් කිව්වා ආයුෂ්ව මට බන්දලා දෙන්න යන එක නොදන්නවා වගේ හැසිරෙන්න කියලා...



''දැන් මේ අපේ ආයුෂ් වුනත් හොදට ඉගෙන ගත්ත ලමයෙක්...මෙයා තමා අපේ බිස්නස් බලාගන්න ඉන්නේ...''කියන ගමන් එයා අත දික් කරපු පැත්ත මං හිමීට බැලුවා...මේ ගෑනිගේ අත කරකවන සැරයක් ඇත්තන් අතේ තියෙන වළලු ටික සලං සලං ගානවා...ගලවලා විසික් කරන්න හිතයි...



ආයුෂ් නම් පොඩි හිනාවක් දුන්නා විතරයි...කොල්ලගේ පෙනුම නම් අවුලක් නෑ...හිනාවෙනකොට ඩිම්පල් දෙකක් පේනවා...මට නෑනේ ඩිම්පල්...ඉදලා හිටලා මහා එපා කරපු විදියට පිම්පල් නම් එනවා...ආයුෂ් ආව වෙලේ ඉදන් වචනයක්වත් කතා කරනවා මං දැක්කේ නෑ...මූ ගොළුයිද දන්නෙත් නෑ...ඔන්න එතකොටම වගේ ආවා මාව ගලවා ගැනීමේ දේවදූතිකාව අපේ සීතාම්මා...එයා,



''නෝනා කෑම ලෑස්ති...''කියලා මමා අතට වතුර වීදුරුවක් ගෙනත් දුන්නා...මමා ඒ වීදුරුව අමුත්තො තුන්දෙනාට අල්ලලා කෑමට ආරාධනා කලා...ඊට පස්සේ ඉතින් සමිතිය කෑම මේසෙට ලොකේෂන් මාරු කරගත්තා...මමා නම් අපිත් එක්ක කෑමට වාඩි වුනේ නෑ...එයා සීතාම්මා එක්ක කෑම බෙදන වැඩේ භාරගත්තා...කෑම කනවා කියලා පම්පෝරි ජානකීගේ ප්‍රශ්න කිරීම් වලයි කියවිල්ලෙයි අඩුවක් තිබ්බෙත් නෑ...දිසානයක අංකල් තාත්තා එක්ක මොකද්ද කතාවක...මමයි අයියයි පාඩුවේ කෑම කන ගමන් අර හොල්මන අහන ඒවටත් උත්තර දෙනවා...



''අපේ කාලේ වගේ නෙවෙයි රොජර්...දැන් මේ ලමයි ආදරේ කරනවා කියලා මොනවද කරන්නේ කියන්නකෝ...''ඒ දිසානායක අංකල්...



''කියලා වැඩක් නෑ දිසානායක... මම ඊයෙත් නිවුස් වලට දැක්කා ඉස්කෝලේ යන ගෑනු ලමයෙක් කොල්ලා දාලා ගියා කියලා වහ බීලා...''



''ඕවට ඉතින් ඒ ලමයින්ගේ ගෙවල් වල අයත් වගකියන්න ඕන අයියේ...අම්මලා තාත්තලා ලමයි ගැන හොයලා බැලුවා නම් ඔහොම වෙන්නේ නෑනේ...ඔයාට කියන්න ශනායා දුව, අපේ ආයුෂ්ට ඉස්කොලේ යන කාලේ ඉදන් ගෑනු ලමයෙක් ඉදලා නෑනේ...එයා ඒවා අපිටම භාරදීලා ඉගෙන ගන්න වැඩමයි කලේ...''අර හොල්මන එහෙම කියලා ඉවරවෙනවත් එක්කම මං බැලුවේ ආයුෂ් දිහා...පොර හෙන වෙයර්ඩ් ලුක් එකක් දීලා ආයේ කෑම කන්න ගත්තා...



ඒ ගැන මගේ අදහස කියනවා නම් ආයුෂ්ට මේ වෙනකන් කෙල්ලෙක් ඉදලා නෑ කියන්නේ එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ...මම ඉගෙන ගෙන තියන විදියට අවුරුදු පහලව දාසයෙදි තමා ලමයින්ට ආදරය ගැන ෆීලින්ග්ස් එන්න පටන් ගන්නේ...එහෙව් එකේ මේ යකාට කෙල්ලෙක් නෑ කියලා අම්මා කියන්නේ එක්කෝ ආයුෂ් ගෙවල් වලට හොරෙන් ලව් කරන්න දක්ෂයි එක්කො මේ පම්පෝරි ජානකී බොරු කියනවා එහෙම නැත්තන්...ආ ශිට් මොනවද මං මේ හිතන්නේ...ජානකී වට් ඉස් දිස්...ඇත්තටම ලව් ගැන හිතන්නේ නැතුව ඉගෙන ගන්න කොල්ලොත් ඉන්නවා ඇති...ඔළුව ගසලා දාලා මං ආයේ කෑම කන්න පටන් ගත්තා...



''අපි නම් අපේ පුතාට හොයන්නේ තැන්පත් අහිංසක ගෑනු ලමයෙක්ව...ඒක නෙවෙයි දුවට පිරිමි ලමයෙක් ඉදලා තියෙනවද...''



''ඔව් ආන්ටි high school එකේදි එක්කෙනෙක් හිටියා...ඒක ඒ කාලෙම නැති වුනා...''ඒත් එක්කම මුළු වටපිටාවම නිශ්ශබ්ද වුනා වගේ තේරුන නිසා මං ඔළුව උස්සලා බැලුවා...බැලින්නම් ඔක්කොම මගේ මූන දිහා බලන් ඉන්නවා...



''ඔයා අපිට කිව්වෙවත් නෑනේ ශනායා...''කියලා තාත්තා කිව්වා...කියන්නත් හොයලා බලන්න එපැයි...



''අයියෝ ඒක එච්චර දෙයක් නෙවෙයි තාත්තේ...එහෙම එකක් තිබ්බා,ඒ මනුස්සයා මට බොරු කලා...ඒ නිසා මම සම්බන්දේ නතර කරලා දැම්මා...පස්සේ කාලෙක එයා ආයේ මගේ පස්සෙන් ආවා...එදා මං එයාට බිම දාගෙන ගැහුවා...එදයින් පස්සේ අද වෙනකන් මං කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නවා...'' මං ඕනවටත් වඩා කියෝලා කියලා තේරුනේ අපේ අයියට බිබි හිටිය වතුර එක හිරවුන නිසා...මමා අයියගේ පිට අතගාන අතරේ අර මිනිස්සුත් මං දිහා අමුතුවට බලනවා...හැබැයි ආයුෂ්ගේ මූනේ කලින්ට වඩා ලස්සන හිනාවක් ඇදිලා තිබ්බා...



''කලින් කියන්න බැරිවුනා නේ දිසානායක, මෙයා හොද කරාටි ප්ලේයර් කෙනෙක්...''තාත්තා කිව්වා...



''කොච්චර දෙයක්ද ගෑනු ලමයෙක් ඒ වගේ දෙයක් ඉගෙන ගන්න එක...''



''එක්ස්කියුස් මී...මට දැන් ඔයාලා කාත් එක්කවත් කතා කරන්න මූඩ් එකක් නෑ...ඔයාලා හැදිච්ච වටපිටාවේ නෙවෙයි නේ මං හැදුනේ... ඒ නිසා මං කතා කරන විදියට ඔයාලා කැමති වෙන එකක් නෑ...ඒ කොහොම වුනත් මං කෙලින් කතා කරන කෙනෙක්...සොරි ඇන්ඩ් ගුඩ් නයිට්...''කියලා මං ඩෙසට් එකත් නොකා අත හෝදගෙන පුළුවන් තරම් ඉක්මනට උඩට දුවගෙන ආවා...ඒ එනකොටත් මට ඇහුනා මමා කියනවා



''එයාට මහන්සි ඇති...ඔයාලා කෑම කන්න...''කියලා...



කාමරේට ආවත් හරි මං දොර ලොක් කරලා යතුරත් අයින් කරලා දැම්මා...ඇදන් හිටිය ගවුමත් ගලවලා කාමරේ කොනකට විසික් කරලා මම සුපුරුදු විදියට ස්කිනර් එකටයි ශෝට් එකටයි මාරු වුනා...ඊට පස්සේ ඉතින් ලයිට් එකත් ඕෆ් කරලා ෆෝන් එකත් අරන් ඇදට පැන්නා...මං අද ගෙදර එනගමනුත් කලේ මෙච්චර දවස් ඇවිත් තිබ්බ මැසෙජ්, ඊ-මේල් වලට රිප්ලයි දාපු එක...දැනුත් ඉතුරු වෙලා තිබ්බ මැසෙජ් වගයක් චෙක් කරන ගමන් ඉන්නේ...පස්සේ ඒකත් එපා වෙච්ච තැන ෆෝන් එකත් පැත්තකට දාලා මං කොට්ටයක් තුරුල් කරගත්තා...ඇදට ආවට නින්ද අහලකවත් නෑ...එදා ආදිත්‍ය කලා වගේ කවුරුහරි ඔළුව මසාජ් කරනවා නම්...අනේ මට ආදිත්‍යව අමතක කරන්න ඕන... ඒත් ඉස්සරට වඩා දැන් වැඩිපුරත් මතක් වෙනවනේ...මං ආදිත්‍යට කොච්චර පණ්ඩිතකම් කියෙව්වත් අපි දෙන්නා අතරේ වෙච්ච දේවල් මටත් අමතක කරගන්න බැරුව ඉන්නේ...මොකද ඒ වෙලේ මම හිටියේ හොද සිහියෙන්...මේ දැනුත් මට ඒ වෙලේ ආදිත්‍යගේ මූනේ තිබ්බ හැගීම් මැවිලා පේනවා...ඒත් අනේ මන්දා එයා ආයේ මං ලගට එන්නේ නෑ...මං කොහොමද ලංකාවේ කොල්ලෙක් ලගට යන්නේ ගෑනියෙක් විදියට...එයා මාව කොහොම පිලිගනීද කියන ප්‍රශ්නෙට මං ලග උත්තර නෑ...



🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓


ඕතරී ආයේ එනකන් ඔය ලමයි ලයික් කරලා කමෙන්ට් කරලා බලන් ඉන්න...


කතාව ගැන හිතෙන දෙයක් කියාගෙන යන්න...



විසි නවවෙනි කොටසින් හමුවෙමු...



මම ඕෂධී...✍️


Report Page