Kidnapped by Love-27
ඕෂධී🌸✍
🍓Chapter-27
ශනායා Pov:
ගේ ලගට ආවට කාර් එක ඇතුලට දාන්න වුනේ නෑ ආවයි කියන කට්ටියගේ වාහනේ අපේ පාකින් එකේ නතර කරලා තිබ්බ නිසා...ඒ වාහනෙත් අයිය විකුණපු බෙන්ස් මොඩ්ල් එකේම කාර් එකක්...දකිනකොටත් දුකයි, ආයේ රට ගියාම මගේ කාර් එක විකුණලා හරි අයියට මං මේ ණය ගෙවන්න ඕන...කොහොමහරි කාර් එකෙන් බහිනවත් එක්කම තාත්තගේ හෙංචයියෝන්ගෙන් එක්කෙනෙක් ආවා දොර ඇරලා මගේ බෑග් අරගන්න...මං දන්නවා ඒ මිනිස්සු කරන්නේ එයාලගේ රාජකාරිය කියලා...ඒත් මට නම් බොඩිගාඩ්ලා කියන්නේ තනිකරම හිසරදයක්...කොහොමහරි එයාලට බෑග් එක ගන්න අයියා ඉඩ දුන්නේ නෑ...නැත්තන් ඉතින් බෑග් එක බර නැති නිසා ඒ මිනිස්සු බලයි මං දවස් දහයක් අනුරාධපුරේට වෙලා හිටියේ ඇදුම් නැතුවද කියලා...
හොද වෙලාවට මමා තෝරලා එවලා තියෙන්නේ සුදු පාට කුර්තා එකක්...ඒක මං ඇමරිකාවේ ඉන්නකොට ආසාවට Amazon එකෙන් ඕඩර් කරලා ගත්තේ...අර පිච්චුන පැල්ලම ලාවට තාමත් මගේ ඉනේ තියෙනවා...අද හවසත් අයියට පේන්නේ නැති වෙන්න flowy top එකෙන් මං බොහොම අමාරුවෙන් ඒක කවර් කරන් හිටියේ...අපේ අයියා ඔහොම හිටියට පට්ට මීටරේ...මං කිව්ව නිසා ආදිත්‍යට සල්ලි දුන්නා මිසක් මෙලහකටත් පොර ආදිත්‍යව අඩි හයක් යට යවලා මාව බේරගෙන... එහෙම තමා ඉතින් තාත්තා අර වගේ කෙරුම්කාරයෙක් වෙනකොට එයාගේ ලමයි වෙච්ච අපි ඊට වඩා ඇඩ්වාන්ස් වෙන්න ඕන නේ...හැබැයි අයියා කවදාවත් තාත්තා වගේ අසාධාරණ වැඩ කරන කෙනෙක් නෙවෙයි...මමා එයාව හොද පුතෙක් විදියට හදලා තියෙනවා...
කොහොමහරි කුර්තා එක නිසා අර පැල්ලම කවර් කරගන්න ඕන ප්‍රශ්න මට දැන් නෑ...මං ඉතින් ශාන්ත දාන්ත තීන්ත කුප්පිය වගේ අයියගේ අතේ එල්ලිගෙන ගේ ඇතුලට ආවා...එතකොටම ඉතින් අපේ මමායි තාත්තයි ඉන්නවා අර මිනිස්සුත් එක්ක කතා කර කර සෝෆා එකේ වාඩි වෙලා...ඒ අස්සෙන් සීතාම්මා ඇවිත් තේ අල්ලනවා...අනේ ආවා නම් කාලා පලයල්ලකෝ තේ බොන්නේ මොකටද...මෙහෙමයි ඇමරිකාවෙදි අපි ඩිනර්වලට ගෙවල් වලට ගියාම කොෆි හරි ග්‍රින් ටී හරි බොනවා, ඒත් කන්න කලින් නෙවෙයි කෑවට පස්සේ...
''ආ මේ ඉන්නෙ දිසානායක, ශනායා...මට හම්බවෙච්ච ලස්සනම මැණිකක් තමා මෙයා...''තාත්තා මාව දැක්ක ගමන් කිව්වා...අනේ ඉතින් තාත්තා නොවී වෙන මිනිහෙක් උනා නම් දනී මං කියන දේ...අර කතාවකුත් තියෙන්නේ මැණිකක් උනත් හම්බවෙන්න ඕන වටිනාකම දන්න කෙනෙක්ට කියලා...සමහරවිට මම ඇවිල්ලා වටිනාකමක් නැති මැණිකක් වෙන්න ඇති...
''ගල් ගිලලා වගේ බලන් ඉන්නේ නැතුව නෝමල් වෙයන්...''අහක බලාගෙන මුමුණලා අයියා මාව තනි කරලා බෑග් එක අරන් උඩ තට්ටුවට ගියා...
''රොජර්ගේ දුව මෙච්චර ලස්සනයි කියලා මං හිතුවේ නෑනේ...''ඒ අර දිසානායක...
ඒ අතරේ මං ගිහින් තාත්තා ගාවින් වාඩි වෙලා බිම බලාගත්තා...ඇයි ඉතින් නෝමල් වෙන්න කිව්වනේ...මමා නම් හිටියේ දම්පාට දිග බතික් ගවුමකුත් ඇදගෙන තාත්තා ගාවින් හිටගෙන...
''දුව නම් ටිකක් රෙබෙකාත් වගේද මන්දා...''ඒ අර පම්පෝරි ජානකී වෙන්න ඕන...
මං ඒත් එක්කම මමා දිහා බලලා අර ගෑනු පරාණේ හිටිය දිහා බැලුවා...බුදාම්මේ යකොව් දැන් නේ මේ හොල්මනව හරියට දැක්කේ... මේකි රෑට බොරැල්ල කනත්ත ලගින් ගියොත් හොල්මනුත් බය වෙනවා ශුවර්...කවුරුහරි ඉක්මනට වැලි කඩදාසියක් ගෙනෙන් මේකිගේ මූනේ තියෙන පොටි ටික කපලා දාන්න... අනික් එක අපේ අයියා කිව්ව කතාව හරි...මේ ගැනී හෙට්ටි වීදියෙන් භාගෙට භාගයක්ම ඇගේ එල්ලගෙනනේ ඉන්නේ... මං මගේ අම්මව දැකලා තියෙන්නේ පොටෝ එකකින් විතරයි... ඒත් එයාට තියෙන්නේ හරිම නැචුරල් ලස්සනක්...මමාට උනත් තියෙන්නේ මගේ අම්මට වගේම නැචුරල් ලස්සනක්...සල්ලි කන්දක් මැද්දෙ ඉපදුනා වුනත් මමා මං දන්න කාලේ ඉදන් හරිම චාම් විදියට අදින පලදින කෙනෙක්...ඒකට මේ හොල්මන...
''ශනායා...''
''අහ් කියන්න තාත්තේ...''බිම බලාගෙන අර හොල්මන ගැන කල්පනා කරන්න ගත්තා විතරයි ඉන්නේ කොහෙද කියලත් මතක නැති වුනා...
''මොකද කතා නැත්තේ...''
''තාත්තේ මේ-''
''රොජර්, දෝණිට මහන්සි ඇති...අනික අනුරාධපුරේ ඉදන් කොළඹට පොඩි දුරක් නෙවෙයි නේ තියෙන්නේ...'' අනේ මමාට මාත් එක්ක ඇරියස් එකක් නැත්තන් මං මේ වෙනකොටත් ගිහින් එයාව බදාගෙන උම්මා එකකුත් දීලා...
''ඒකනේ අයියේ මුලින්ම දුවට ඇගපත හෝදගෙන එන්න දෙමු...''කියලා පම්පෝරි ජානකීත් කිව්වා...ඊට පස්සේ ඉතින් තාත්තා,
''එහෙනම් ඉක්මනට චේන්ජ් කරන් එන්නකෝ...මේ අංකල්ලා ආවේ ඔයාව බලන්නමයි...''කියලා මට එතනින් යන්න අවසර දුන්නා...මං ඉතින් අනික් පැත්තට පඩිපෙල නැගලා උඩට ආවා...උඩට ආවා විතරයි මතක එක පාරටම මොකද්ද එකක වැදුනා වගේ තේරුනා බැලින්නම් මගේ රත්තරන් අයියා...ඒ ක්ෂණිකවම මං ඌවත් ඇදගෙන කාමරේට ඇවිත් දොර වහගත්තා...
''මොකද යකෝ වෙලා තියෙන්නේ...''
''ඇයි තොට බැරි වුනේ මට කලින් අරුන්ගේ පොටෝ එකක් පෙන්නන්න...''
''උබට මටද තෝ කිව්වේ...කට කඩනවා දැනගනින්...''
''සොරී මගේ අයියා පණ...ඇයි කියන්නකෝ කලින් පොටෝ එකක් පෙන්නුවේ නැත්තේ...''කියන ගමන් මං අයියගේ කම්මුල් දෙක මිරිකුවා...
''ගෙදර ආවාම කොහොමත් දකින නිසා පෙන්නුවේ නැත්තේ...ඇයි මොකෝ...''මගේ අත් දෙක අහක් කරන ගමන් අයියා කිව්වා...
''යකෝ ඒ ගැනී Bleaching Cream ගාලද නැත්තන් කාලද අච්චර සුදු වෙලා තියෙන්නේ... ඔක්කොටම හපන් ඒ සුද උඩින් තව මේකප් එකකුත් දාලා...එක පාරට දැක්කම ඇගත් එක්ක හිරිවැටුනා...''
''ඇයි රත්තරන් බඩු ටික දැක්කේ නැද්ද...ඔය ගෑනිව රෑ වෙලා තනියම පාරකවත් යවන්න හොද නෑ...හොරු කන් ඉරලා බෙල්ලත් කපලා තමා ඔය ටිකට වැඩේ දෙන්නේ...''
''අනේද කියන්නේ...''කියන ගමන් මං ගිහින් ඇදේ පෙරළුනා...
''දැන් උබ මොකද උඩ තට්ටුවට ඇවිත් කරන්නේ...''
''මට චේන්ජ් කරන් එන්න කිව්වනේ...''
''ඔයා ආයුෂ් එක්ක කතා කලාද...''
''අනේ ඒකා දිහා හරියට බලන්නවත් බැරිවුනා...''කියනවත් එක්කම මමා ඇවිත් දොරට තට්ටු කරන්න ගත්තා...
''ජේඩන් ඔයා ශනායගේ කාමරේද ඉන්නේ...''
''ඔව් මමා එන්න ඇතුලට...''අයියා කිව්වා විතරයි මමා දොර ඇරගෙන කාමරේ ඇතුලට ඇවිත් ආයෙම දොර වැහුවා...ඒත් එක්කම මාත් ඇදෙන් නැගිටලා සීරුවෙන් හිටගත්තා...
''ජේඩන් ඔයා මොකද මෙච්චර වෙලාවක් තිස්සේ උඩට වෙලා කරන්නේ...අර මිනිස්සු ගෙදරට ආව අමුත්තො...අමුත්තෝ ගෙවල් වලට ආවම කාමර අස්සට වෙලා ඉන්න සිරිතක් නෑනේ...''
''මං එන්න හැදුවෙ මමා...ඊට කලින් නංගි උඩට ආව නිසා එයත් එක්ක කතා කරන්න හිතුවා...''
''හරි ඔයා මේ දැන් මාත් එක්ක පහලට එන්න ඕන...එතකොට ඔයා ශනායා...ඉක්මනට චේන්ජ් කරගෙන එන්න...හැබැයි කොට කෑලි අදින්නේ නැතුව වැදගත් ගෑනු ලමයෙක් විදියට ඇග වැහෙන්න ඇදුමක් ඇදන් එන්න...''මගේ දිහාවට ඇගිල්ලක් දික් කරලා මමා කිව්වා...
''හරි මමා...''කියනවත් එක්කම මමා අයියත් එක්කම කාමරෙන් එලියට ගියා...මම ඉතින් කාමරේ කොනක තිබ්බ ඇදුම් බෑග් එක ඇද උඩට ගෙනත් ඒකේ තිබ්බ ඔක්කොම ලට්ට ලොට්ට ටික ඇද උඩට හලලා ඇග වැහෙන ඇදුමක් හොයන්න ගත්තා...
එහේ ඉන්නකොට ගෙදරටත් ඇග වැහෙන්න අදින්නේ හිම වැටෙන කාලෙට විතරයි...අනික් කාලවලදිත් ගේ ඇතුලෙ ඉන්නකොට A/C ඔෆ් කරගෙන ඇග වැහෙන්න ඇදන් හිටියොත් තැම්බිලා මැරෙන්නේ...මං ගොඩක් වෙලාවට ගේ ඇතුලේ ඉන්නකොට ඉන්නේ ස්කිනර් එකයි ශෝර්ට් එකයි පිටින්... කවුරුහරි ආවොත් කියලා කෝකටත් හූඩි එකක් රෙඩි පිට තියෙනවා ඒක වෙනම කතාවක්...එහේ ජීවත් වෙන ගොඩක් අය එහෙමයි...මං දන්නවා ඒක ලංකාවට ගැලපෙන්නේ නෑ...ඒත් මොනවා කරන්නද රටවල් දෙකේ තියෙන්නේ දේශගුණ දෙකක් නේ...කොහොමහරි මම දැන් ඉන්නේ ඇග වැහෙන්න ඇදුමක් හොයන මිෂන් එකේ...එදා අරගත්ත රතු මල් තියෙන ගවුමත් හොදයි ඒත් ඒක උරපටි නිසා අදින්න හිතුනේ නෑ...කොහොමත් ගමේ යන්න ඕන නිසා මං ඇග වැහෙන්න ගවුමක් ගෙනාවා...ඉතින් බෑග් එකේ තිබ්බ ඇදුම් වලින් භාගෙට භාගයක් බිමට දැම්මට පස්සෙයි හොය හොය හිටිය ගවුම හම්බවුනේ...බිමට දාපු ඇදුම් ටිකත් එහෙම්ම අරගෙන අල්මාරිය අස්සට එබුවා...කියන්න බෑනේ පම්පෝරි ජානකී මේක අස්සට ඇවිත් ඕපදූප හෙව්වොත් එහෙම...
කොහොමහරි අර ගවුමයි ටවල් එකයි අරන් මං නානකාමරේට ගිහින් රෑ කියලා බලන්නේ නැතුව නෑවා...ඊට පස්සේ කාමරේට ඇවිත් හෙයා ඩ්‍රයර් එකෙන් කොණ්ඩේ වේලනකොට මීට ඉස්සර දවසක එක්කෙනෙක් කොණ්ඩේ පිහදාන ගමන්,
''ඇයි උණ තියාගෙන නෑවේ...'' කියලා ඇහුවා නේද කියලත් මතක් වුනා...
''WTF ශනායා...ආදිත්‍යගෙන් දැන් ඔයාට වැඩක් නෑ, එයා ඔයාට ආදරේ කරන්නේ නෑ...''ඔළුවට අතින් තට්ටුවක් දාගන්න ගමන් මං මටම කියාගත්තා...
ඊටපස්සේ ඉතින් මට මැවෙන්න ගත්තේ පම්පෝරි ජානකීගේ මූන...අච්චර අවුරුදු ගානක් සුද්දො එක්ක හිටිය මංවත් දැකලා නෑ යකෝ මෙහෙම සුදක් තියෙන මනුස්සයෙක්ව...මමත් මේ පම්පෝරි ගහනවා නෙවෙයි, ඒත් අම්මගෙයි තාත්තගෙයි ජාන නිසා වෙන්න ඇති මට තියෙන්නෙත් ලංකාවේ ගොඩක් අයට තියෙන ටෑන් කලර් ස්කින් එකට වඩා ටිකක් ලයිට් ස්කින් එකක්...හැබැයි මගේ ස්කින් කලර් එකට වඩා ඇමරිකාවේ ඉන්න සුද්දන්ගේ ස්කින් කලර් එක ලයිට්...ලංකාවේ මිනිස්සුන්ට කිව්වට විශ්වාසක කරන එකක් නෑ එහේ මිනිස්සු හරි කැමති මගේ මේ තියෙන ස්කින් කලර් එකට...ඒ නිසාම මම ස්කින් කෙයා කියල කලේ තව සුදු වෙන එක නෙවෙයි තියෙන හමේ පාට ආරක්ෂා කරගත්ත එක...මාව පැත්තකින් තියහල්ලකෝ high school එකේ හිටියා මට වඩා බාල ඉන්දියන් කොල්ලෙක්...ඌට තිබ්බෙත් මට වඩා ටිකක් ඩාර්ක් කලර් ස්කින් එකක්, ඌට අපේ වයසේ කෙල්ලොත් ලයින් දැම්මා කියහන්කෝ... ස්කින් එක සුදු කරගන්න නොගන්න එක තමන්ගේ කැමැත්ත... ඒත් මම නම් කියන්නේ ඒ ඔක්කොටම වඩා වටින්නේ තමන්ට උපතින් හම්බවෙච්ච ස්කින් කලර් එක මේන්ටේන් කරලා ලස්සනට තියාගන්න එක... මම දැකලා තියෙන ලංකාවේ නිවුස් වලටත් කියනවා bleaching cream නිසා වෙච්ච ප්‍රශ්න ගැන... ස්කින් එක සුදු කරගන්න ආසාවක් තියෙනවා නම් එක එක ක්‍රීම් ජාති උලන්නේ නැතුව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා නම් හරි... අවංකවම කියනවා නම් මට පම්පෝරි ජානකීගේ මූන කැතයි...
🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓
මොකද හිතෙන්නේ?
විසි අටවෙනි කොටසින් හමුවෙමු...
මම ඕෂධී...✍️