Kidnapped by Love-26
ඕෂධී🌸✍
🍓Chapter-26
''ඔයාගේ අනාගත මාමණ්ඩි...''
ජේඩන්ගේ මුවින් ඒ වචන නික්මෙනවාත් සමගම ශනායාගේ මුහුනේ ඇති වූ වෙනස දැක ජේඩන් සිනාසුනේය...
''අයියා ඔයා විහිළුවක් නේද කරන්නේ...''
''නෑ බබා මං සීරියස් කියන්නේ...ඩැඩා හදන්නේ ඔයාව ආයුෂ්ට කසාද බන්දලා දෙන්න...''
''ඒත් එහෙම කොහොමද...අනේ තේරෙන්න කියන්නකෝ අයියේ...''
''අපේ ඔෆිස් එක මේ දවස්වල ප්‍රශ්න ගොඩක හිරවෙලා තියෙන්නේ...ඉතින් ඩැඩා හදන්නේ දිසානායක ගෲප් එකත් එක්ක එකතුවෙන්න...හැබැයි මිස්ටර් දිසානායක ඒකට කැමති වෙන්නේ ඔයාගෙයි ආයුෂ්ගෙයි කසාදේ සිද්ධවුනොත් විතරයි...මං ඔෆිස් එකේ chairman නමට විතරයි...ඒ මිනිහා ඔය ගැන ඩැඩා එක්ක තමා කතා කරලා තියෙන්නේ...''
''ඉතින් අපි එයාලා එක්ක එකතු නොවුනොත් මොකද වෙන්නේ...''
''එහෙම වුනොත් අපිට කම්පැණි එක වහලා දාන්න වෙනවා...අපි එයාලා එක්ක එකතු නොවුනොත් එයාලා අපිට වෙන කම්පැණි එකක් එක්ක එකතු වෙන්න දෙන එකකුත් නෑ...මොකද අපිට වඩා එයාලා ඒ අතින් ශක්තිමත්...''
''මේක හරි වැඩක් උනානේ...විහාරමහා දේවි රට බේරගන්න මුහුදට ගියා වගේ කම්පැණි එක බේරගන්න මං කොහෙවත් යන කොල්ලෙක්ව කසාද බදින්න ඕනද...''
''ආයුෂ් කියන්නේ නරක කෙනෙක් නෙවෙයි... ඔයා ආයුෂ්ව මැරි කරන්න කැමති නැත්තන් කියන්න...එතකොට ඉතින් ඩැඩා මොනවා කිව්වත් මම ඔය කසාදේ වෙන්න ඉඩ තියන්නේ නෑ...''
''මොකද්ද එයාගේ සම්පූර්ණ නම...''
''ආයුෂ් නෙත්මිණ දිසානායක...මට වඩා අවුරුද්දක් බාලයි...''
''එයාට අක්කලා නංගිලා නැද්ද...''
''එයාගේ අක්කා මැරි කරලා ඔස්ට්‍රේලියාවේ ඉන්නේ...''
''අපරාදේ...එයා මැරි කරලා තිබ්බෙ නැත්තන් ඔයාට බන්දලා දීලා මට ඇග බේරගන්න තිබ්බා...මේ ඔයා කැමති නැද්ද ඒ අක්කව ඩිවෝස් කරලා බදින්න...''
''උබ මගෙන් මුකුත් අහගන්න එපා...''
''මට පේන්නේ තාත්තගේ පිස්සුව දැන් නම් හොදටම වැඩිවේගෙන වගේ එන්නේ...නැත්තන් ඉතින් පුත්තලම් බූරුවෙක්ගේ වයසේ කොල්ලෙක් ගෙදර තියාගෙන මට කසාද හොයයිද...මේ ඔයාට බැරිද ආයුෂ්ව කසාද බදින්න...''කියූ ශනායා ඇහිපිල්ලම් දෙපාරක් ගසා ජේඩන්ට අහිංසක හිනාවක් දුන්නේය...
''මං මෙච්චර කාලෙකට උබට කුණුහරපෙන් කතා කරලා නෑ...මට කියලා හොද කුණුහරප දෙකක් අහගන්නේ නැතුව යනවා නාන කාමරේට...ගිහින් චේන්ජ් කරන් එනවා...''
''හරි හරි ඕකට කෑ ගහන්න ඕන නෑනේ...අපි මුලින් ගෙදර ගිහින් බලමුකෝ ඔය ආයුෂ් කොයි වගේද කියලා...ඊට පස්සේ මං ඔයාට කියන්නම් මං එයාට කැමතිද නැද්ද කියලා...''කියූ ශනායා ඉදගෙන සිටි තැනින් නැගිට ජේඩන් ගෙදරින් ගෙනා ආ ඇදුම් ටිකත් රැගෙන නාන කාමරයට ගියාය...නමුත් නානකාමරයට ගිය ක්ෂණික නැවත කාමරයට පැමිණි ශනායා තමන්ගේ ඇදුම් හා අත් බෑගය අවුස්සමින් යමක් සොයන්නට විය...
''ශනායා මොනවද හොයන්නේ...''
''මගේ belly chain එක නැතිවෙලා...''
''කොහේහරි වැටෙන්න ඇති... දැන් කොහේ කියලා හොයන්නද...ඒක රත්තරන් වලින් හදපු එකක් නෙවෙයි නේද...''
''නෑ...ඒ වුනත් මං ඒකට හරි ආසයි...''
''හරි බබා...මං ඔයාට එකට දහයක් අරන් දෙන්නම්, දැන් ගිහින් චේන්ජ් කරන් එන්න...පරක්කු වෙන්න බෑ...''කියූ ජේඩන් ශනායව නානකාමරය දෙසට තල්ලු කලේය...
.
.
.
.
හෝටලයෙන් පිටත් වී නිවසට යාමට හැරෙන අතුරු මාර්ගය අසලදි ජේඩන් වාහනය නතර කලේය...
''නංගි...''
''ම්ම්...''
''මට නොකිව්වට ඔයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?''
''නෑ අයියේ...''
''එහෙනම් හිත ගියපු කෙනෙක් හරි...''
''කෙනෙක් නෙවෙයි ගොඩක් ඉන්නවා...Justine Bieber, Shawn Mendes, Johnny Depp හැබැයි පොර නම් ටිකක් වයස වැ- ''
''Shanaya I'm not Joking...I'm serious...''
''Ok...I don't have a crush...''
''Good...අයියා විදියට මම මේවා දැනගන්න ඕන...ඔයා ආයුෂ්ට කැමති නැත්තන් එතනින් එහාට වැඩ වෙන්න ඕන විදිය ගැන මට හිතන්න වෙනවනේ...''
''අනේ අයියා දැන් නම් මට ගෙදර යන්න බෑ වගේ...අර මිනිහටත් මාව අදම ඔයාට ගෙනත් දෙන්න ඕන වුනානේ...''
''එයා ඔයාව කවදා ගෙනත් දුන්නත් ඒ ගෙනත් දෙන දවසට මේ ඩිනර් එක අනිවාර්‍යෙන් තියෙයි...ඒ නිසා කිඩ්නැපර්ට දෙහි කපන එක නවත්තලා කියමු බලන්න අර මිනිස්සු ඉස්සරහදි කියන්න ඕන දේවල් මතකද?''
''ඔව් ඔව්...මම අනුරාධපුරේ ගියා...ඒ ගිහින් බලන්න ඕන තැන් බලලා වැදලා භාවනා කරපු එක විතරමයි කලේ...අනික් වෙලාවට ඔයාගේ යාළුවගේ හොටෙල් එකට වෙලාමයි හිටියේ...''
''Good...''
''අනේ දෙයියනේ මේ කියන්න වෙන බොරු වලට මට යන්න වෙනම අපායක් නම් හදන්න එපා...''
''හොදම සීන් එක කියන්න බැරි වුනා නේ...මිසිස් දිසානායකගෙන් පරිස්සම් වෙන්න...''
''ඇයි නැන්දම්මා ඇගට කඩාගෙන පනින ජාතියේ කෙනෙක්ද...''
''නම ජානකී...ඊට ඉස්සරහින් පම්පෝරි කියන කෑල්ල දාගත්තා නම් තවත් හරි...''
''ආපෝ කියවන මැන්ටලයක්ද...අර ඉස්සර කියන්නේ දුව ගන්න කලින් අම්මා දිහා බලන්න කියලා...මෙතන පුතාට කැමති වෙන්න කලින් අම්මා දිහා බලන්න තමා මට වෙන්නේ...''
''නෑ නෑ...ආයුෂ් එහෙම නෑ...මං දන්න විදියට දිසානයකකාරයා වයිෆ් හොයාගෙන තියෙන්නේ අපේ ඩැඩා වගේ කොලඹ හතෙන් නෙවෙයි ගමකින්...කටුස්සන්ගේ කරේ රත්තරන් බැන්දාම වෙන දේවල් මං අමුතුවෙන් කියන්න ඕන නෑනේ...මෙතන වෙලා තියෙන්නෙත් එහෙම දෙයක්...හැබැයි ඉතින් ඒ ගෑනි මිනිහට සල්ලි තියෙනවා කියලා පෙන්නන්න රත්තරන් පෙරවගෙන ඉන්නේ...''
''දැන් එතකොට ඔයා කියන්නෙ ගම්වල ඉන්න කෙල්ලො ඔක්කොම කොළඹ හොද තැනකින් කසාද බැදගත්තාම ඔහොම වෙනවා කියලා...''
''හැමෝම නෙවෙයි ගොඩක් අය...ස්පෙෂල් පම්පෝරි ජානකී...''
''එහෙනම් ඉක්මනට ගෙදර යමු...දන්නවනේ මමා ඔය වගේ බොරු සෝබනකාරයොන්ට කැමති නෑ කියලා...මමාගේ සප් එකට අපි දෙන්නවත් ඉන්න එපැයි...නැත්තන් ඒ මනුස්සයට පපුවේ අමාරුවක් හැදෙයි...''
''මමා ඔයාට මෙච්චර දේවල් කරලත් ඔයා මමාගේ පැත්තේ නේද...''
''ගෑනියෙක්ව තේරුම් ගන්න පුළුවන් තවත් ගෑනියෙක්ට විතරයි කියනවනේ...මම දැන් මමාව තේරුම් අරන් ඉන්නේ... අපි දැන්වත් ගෙදර යමු...''
🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓
හිත සතුටු වෙන විදියේ රියැක්ෂන් ගානක් ආවොත් අද දවස ඉවර වෙන්න කලින් මේ ලියන විදිය පොඩ්ඩක් වෙනස් කරලා තව කොටසක් ගේනවා...
විසි හත්වෙනි කොටසින් හමුවෙමු...
මම ඕෂධී...✍️