Kidnapped by Love-25

Kidnapped by Love-25

ඕෂධී🌸✍



Chapter-24



🍓Chapter-25



''අයියා මම ටාජ් හොටෙල් එක ඉස්සරහා ඉන්නේ...''



''මට ඔයාව පේනවා...ඉන්න මං ඔතනට එන්නම්...''


තවත් මොහොතක් ගතවීමට මත්තෙන් ගෝල්ෆේස් රථගාලේ සිට පාර පැන්න ජේඩන් ශනායා සිටි දිශාවට දිවගියේය...



''ශනායා,ඔයා හොදින් නේද...''කියන ගමන් ඔහු ශනායාව වැලදගත්තේය...



''අයියා, මං හොදින්...''



''ඔයාට ඒ මිනිහා කරදර කලේ නෑනේද...''



''නෑ...ඒවාට ආවා නම් මාත් එක්ක ලේසි වෙන්නෙත් නෑනේ...''යනුවෙන් ශනායා කියූ විට ජේඩන් ඇගේ නලල සිපගත්තේය...මේ දර්ශනය දෙස ඒ අසලින් ගමන් කල කිහිපදෙනෙක්ද හැරි හැරි බලමින් ගියෝය...



''අපි දැන් ගෙදර යමුද...''



''ඊට කලින් ගමනක් යන්- '' ජේඩන්ගේ කතාව අතරමග නතර කරමින් ඔහුගේ දුරකථනය නාද වීමට පටන්ගත් අතර ඒ ඇමතුම ආදිත්‍යගෙන් විය...



''මිස්ටර් ජේඩන්, ඔන්න මං ඔයාගේ නංගිව හවස හයට කලින් පරිස්සමට ආයේ ගෙනත් දුන්නා...''



''බොහොම හොදයි...හැබැයි මං ආයේ ජීවිතේට තමුසෙගෙන් ෆෝන් කෝල් එකක් බලාපොරොත්තු වෙන්නේ නෑ...''



''මට ඕන දේ වුනා, අදින් පස්සේ අපිට ගනුදෙනුවක් නෑ...''



''අහන්නත් සතුටුයි...එහෙනම් බායි සදහටම...''කියූ ජේඩන් ඇමතුම විසන්ධි කලේය...



''මොකද වුනේ අයියේ...''



''ඔයාගේ කිඩ්නැපර් කතා කලේ...හවස හයට කලින් ඔයාව මට ගෙනත් දෙනවා කිව්ව පොරොන්දුව ඉෂ්ට කලා කියන්න...''



''එහෙමද...''



''කෝ මගේ අතින් අල්ලගන්න,පාර පනින්න...මේ වෙලාවට වාහන රේස් යන්න බලන්නේ...''කියන ගමන් ශනායාගේ බෑග් දෙක ජේඩන් එක අතට ගත්තේය...ඔහුගේ අනික් අත ශනායා අල්ලගන්න ගමන්,



''ඇත්ත ඇත්ත...''යනුවෙන් කීවේ ඔවුන්ව පසු කර ඒ අසලින් ගමන් ගත් කළු පැහැ Audi කාර් එකක් දෙස ඇස් හීනීකොට බලමිනි...



ඔවුන් පාර පැන ජේඩන්ගේ වාහනය නතර කර තිබූ තැනට පැමිණිවිට ශනායා මවිතයට පත් බැල්මක් තමන්ගේ සහෝදරයා වෙත එල්ල කලාය...



''මොකද බං ඔහොම බලන්නේ...පිටිපස්සේ ශීට් එකට නගින්න...''කියූ ජේඩන්ම ඈට පසුපස දොර විවෘත කර දී ඉන්පසුව ඔහුත් රියදුරු අසුනේ අසුන්ගත්තේය...



''ඇයි මේ වෙන කාර් එකක්...''



''ඔක්කොම ඔයාට කියන්නම්...ඔයාගේ හෑන්ඩ්බෑග් එක නැතුව අනික් බෑග් එක ඔය තියෙන පොඩි ලැගේජ් එක ඇතුලට දාන්න...''යනුවෙන් ශනායට අණ කල ජේඩන් තවත් විනාඩි දහයක් යාමට මත්තෙන් ඒ අසල වූ සුඛෝපබෝගි වෙනත් හෝටලයකට රිය පැදෙව්වේය...



''Good evening sir! How can I help you?''



''I'm Ayodhya Hettiarachchi... I booked a room a few minutes ago...''



''Let me check sir...May I have your ID and phone number, Please?''



''Sure, here you go''



''Thank you. Your check-in is complete. Here’s your room key — Room 205. Enjoy your stay! ''



'' Thank you so much!''



ඉන්පසු එක් අතකින් ලැගේජ් එකත් අනික් අත ශනායාගේ අතත් සමග පටලවාගත් ඔහු ආදල කාමරය වෙත යාමට විදුලි සෝපානය අසලට පැමිනියේය...



''බබා, මං මමාට කිව්වා ඔයාගේ ඇදුමක් බෑග් එකට දාන්න කියලා...හොද ලමයා වගේ චේන්ජ් කරන් එන්න...''වෙන්කරගත් කාමරයට පැමිණි විගස ආදිත්‍ය කීවේය...



''බෑ අයියේ...අපි ඊට කලින් කතා කරමු...''



'' හරි එහෙනම්...මං අපි දෙන්නටම කෝපි හදන්නම්..ඔයා එතකන් ඔයාට වුනේ මොකද්ද කියන්නකෝ...''කියූ ජේඩන් කාමරයේ තිබූ විදුලි කේතලය අසලට ගියේය...



''එදා මං කැබ් එකක් දාගෙන ගෙදරින් ගියා ඊට පස්සේ කැෆේ එකකට ගිහින් එතනින් ගියා *** ශොප් එකට...ගන්න ඕන ඇදුම් මොනවද කියලා මගේ හිතේ අයිඩියා එකක් තිබ්බ නිසා මට මහ වෙලාවක් ගියේ නෑ ඇදුම් තෝරන්න...ඒ ටික බිල් කරන් ආයේ කැබ් එකට ආවාම කලින් හිටිය ඩ්‍රයිවර් නෙවෙයි හිටියේ...මං ඒ මනුස්සයගෙන් ඒ ගැන ඇහුවාම කිවවා එයාමලු කලින් ඉදන් හිටියේ මට මතක නැද්ද කියලා...මං නෑ කියලා බුක් කරපු ඇප් එක බලන්න ෆෝන් එක අතට ගත්තා විතරයි මගේ නහයට ලේන්සුවක් තදවුනා...එතනින් එහාට මට සිහිය නැතිවුනා...''



''ඩ්‍රයිවර්ද සිහිය නැති කලේ...''



''නෑ අයියේ...පිටිපස්සේ ශීට් එකේ හැංගිලා හිටපු කෙනෙක් තමා ඒ වැඩේ කලේ...''



''ඔයාට ඩ්‍රයිවර්ගේ මූන මතකද...''



''නෑ...''



''ඊට පස්සේ මොකද වුනේ...''කියන ගමන් ජේඩන් කෝපි කෝප්පයක් ශනායා දෙසට දික් කල අතර එතනින් පසු කතාව කාමරෙයේ වූ සෝෆාවේ වාඩි වී සිදු කිරිමට ඔවුන් තීරණය කලෝය...



''ඊට පස්සේ මට සිහිය එනකොට මං හිටියේ කාමරේක ඇදක දිගාවෙලා...මට සිහිය ආවට පස්සේ තමා අර මනුස්සයා ගෙදරට කතා කලේ...''



''ඔයා ඒ මනුස්සයගේ මූන දැක්කද...''



''අයියේ එයා මාව කිඩ්නැප් කරපු මනුස්සයා...එහෙව් මනුස්සයා මට මූන පෙන්නයිද...එයා මාස්ක් එකක් දාලා හිටියේ...එදා ඉදන් අද දවල් වෙනකන් මං හිටියේ අර කාමරේ ඇතුලේ හිරවෙලා...හැබැයි ඉතින් ඒ මනුස්සයා මට කෑමබීම දුන්නා...ඒ කාමරේට එහා පැත්තේ ඇටෑච් බාතෲම් එකක් තිබ්බා...මං ගත්ත ඇදුම් ටිකත් තිබ්බ නිසා මට කිසිම ප්‍රශ්නයක් වුනේ නෑ...''



''අද දවල් වුනේ මොකද්ද...''



''එයා මගේ ඇස් බැදලා කාර් එකට නගින්න කිව්වා...ගොඩක් දුර ආවට පස්සේ එක තැනකින් වාහනේ නතර කරලා මට කිව්වා ඉස්සරහට ඇවිදගෙන යන්න එතකොට කඩයක් හම්බවෙයි එතනින් එහාට කැබ් එකක් දාගෙන යන්න කියලා...අඩුම ගානේ මං එතකොටවත් එයාගේ මූන දැක්කේ නෑ...''



''ඔයාට හිතෙන විදියට ඔයාව කිඩ්නැප් කරලා අරන් ගියේ රත්නපුරේටද...''



''දන්නේ නෑ අයියේ...සමහරවිට වෙන පැත්තකට එක්කගෙන ගිහින් මාව රත්නපුරේට ගෙනත් දැම්මද දන්නේත් නෑ...''



''ම්ම්ම්... එතකොට ඔයාගේ ෆෝන් එක ඒ මනුස්සයා ගාවද තිබ්බේ...''



''ඔව්...අද දවල් තමා ඒ මිනිහා මට ආයේ ඒක දුන්නේ...''



''හරි ඒ ඔක්කොම පැත්තකින් තියන්න...ශනායා ඔයා මොන වගේ කෙනෙක්ද කියන්න මං හොදටම දන්නවා...එහෙව් එකේ ඔයාට මොකද්ද තිබ්බ උවමනාව ඒ මිනිහට උදව් කරන්න...ඒ මනුස්සයා ඔයාට මොනාවා හරි කිව්වද...''



''එහෙම මුකුත් කිව්වේ නෑ අයියේ...හැබැයි අපේ තාත්තා ඒ මිනිහගේ ජීවිතේ විනාස කලා කියලා කිව්වා...ඊට පස්සේ තමා මට තේරුනේ තාත්තා කරපු දේකට පලිගන්න තමා මාව කිඩ්නැප් කරලා තියෙන්නේ කියලා...ඇත්තමයි අයියා මගේ හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා...''



''ඇයි ඒ...''



''තාත්තා මිනිස්සු කී දෙනෙක් ජීවිත විනාස කරන්න ඇතිද...අපි දෙන්නම තාත්තගේ ඒ වැඩ වලට කැමති නෑනේ...මට සතුටුයි ඒ වගේ මනුස්සයෙක්ට උදව් කරන්න පුළුවන් වෙච්ච එකට...මං ඔයාට ඒ කෝටි පහලව ආයේ ගෙවන්නම්...''



''නෑ එහෙම ඕන නෑ...මං ඔයා වෙනුවෙන් ඕන දෙයක් කරන්න ලෑස්ති...හැබැයි ආයේ ඇමරිකාවට යනකන් පරිස්සම් වෙන්න...''



''අනිවාරෙන්ම...ඉතින් ඔයාගේ පැත්තෙන් කතාව කියන්නකෝ...''



''අර කෝල් එකෙන් පස්සේ ඩැඩා පොලිසි යන්න ඕනයි කියලා මමායි මායි එක්ක වලි කෑවා...බොහොම අමාරුවෙන් එයාව නතරකරගත්තේ...අපි තුන්දෙනා විතරයි දන්නේ ඔයාව කිඩ්නැප් කරපු කතාව...ඔයා කෝ කියලා අහන ඔක්කොමලටම අපි කිව්වේ ඔයා සෝලෝ ට්‍රිප් එකක් ගිහිල්ලා කියලා...මං මේ ලැගේජ් එකක් අරගෙන ආවෙත් අපි ආයේ ගෙදර යනකොට වැඩ කරන අයට වුනත් සැක හිතන්න දෙන්න හොද නැති නිසා...''



''සල්ලි ගනුදෙනුව වුනේ කොහොමද...''



''මට ඒ සල්ලි අරගෙන ගල්කිස්ස පැත්තේ පාළු බිල්ඩින් එකක් ලගට එන්න කිව්වා...මං ඒ බිල්ඩින් එක ලගට ගිහින් සල්ලි බෑග් එක තියලා ආයේ ගෙදර යනකන් ඔයාගේ කිඩ්නැපර් මාත් එක්ක කෝල් එකේ හිටියේ...අර තැන මහ මුස්පේන්තු තැනක්...''



''ඔයා කොහොමද දවස් පහකින් කෝටි පහලවක් හොයාගත්තේ...''



''ම්ම්ම්...මං මගේ බෙන්ස් එක විකුණුවා...''



''මොකද්ද...අනේ අයියේ...''කියාගෙන ජේඩන්ගේ තුරුලට පැන්න ශනායා ඔහුගේ පපුවේ හිස හොවාගෙන අඩන්නට පටන්ගත්තාය...



''බබා මොකද මේ අඩන්නේ...අඩන්න දෙයක් කිව්වේ නෑනේ...'' ශනායාව තවත් තමන්ට තුරුල් කරගන්න ගමන් ජේඩන් කීවේය...



''ඒත් ඒක අරගෙන මහ කාලයක් නෑනේ...ඔයා ඒ කාර් එකට මාර ආදරෙයි නේ...''



''මං කාර් එකට ආදරෙයි...ඒත් ඊට වඩා ඔයාට ආදරෙයි නේ...අර මිනිහා ඔයා වෙනුවට මගේ ජීවිතේ ඉල්ලුව නම් මං ඒකත් දෙනවා...කාර් නම් මොනවද බබා,තව ටික කාලෙකින් ඊට වඩා හොද එකක් මං අරගන්නම්...''



''මං හින්දා හැමෝටම ප්‍රශ්න..''



''එහෙම හිතන්න එපා නංගි...මට කියලා නංගිලා මහ ගොඩක් නෑනේ...ඉන්නේ උබ විතරයිනේ...ඉතින් මං හැමදේටම වඩා ඔයාට ආදරෙයි...''කියූ ජේඩන් ශනායාගේ කම්මුල් පිස දැම්මෙය...



''ඉන්නකෝ මම ආයේ ඇමරිකාවට ගිය ගමන් ඔයාට ඔය සල්ලි එවනවා...''



''ඊට කලින් මෙහේ ඉන්න ටිකේදි පරිස්සම් වෙලා ඉන්නකෝ...දැන් ගිහින් හොද ලමයා වගේ චේන්ජ් කරන් එන්න...''



ඒත් සමගම ජේඩන්ගේ දුරකථනය නැවත වරක් නාද වන්නට පටන්ගත්තේය...



''හෙලෝ සීතාම්මේ...''



''පුංචි මහත්තයා,රෙබෙකා නෝනා කිව්වා මහත්තයට කෝල් කරලා කියන්න කියලා, රෑ කෑමට ඇවිත් ඉන්නේ දිසානායක මහත්තයගේ පවුලේ අය කියලා...''



''හරි...''කියූ ජේඩන් දුරකථනය විසන්ධි කොට එය ඇද මතට විසිකල අතර තව පොඩි දුරක් එහා මෙහා වූවා නම් එය බිමට පතිත වීමේ ඉඩකඩ වැඩිවිය...



''අයියේ...''



''F#cking hell...ඇයි මට මේක කලින් හිතුනේ නැත්තේ...''



''අයියේ මොකද්ද ප්‍රශ්නේ...''ජේඩන්ගේ උරහිසින් හොලවන ගමන් ශනායා කීවාය...



''ඩැඩා අද රෑ කෑමට මිසටර් දිසානායකගේ පවුලේ අයට ගෙදරට එන්න කියලා...''



''කවුද මිස්ටර් දිසානායක කියන්නේ...''



''ඔයාගේ අනාගත මාමණ්ඩි...''



🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓


බෝනස් එපිය කියවලා රියැක්‍ට් කරලා බලන් ඉන්නෝ....ඕතරී ආයේ එන්නේ අනිද්දට...



තව දෙයක් මං තාම එන්ඩ් එක හැපිද සෑඩ්ද කියලා තීරණය කරලා නෑ 🙂...



විසි හයවෙනි කොටසින් හමුවෙමු...



මම ඕෂධී...✍️


Report Page