Kidnapped by Love-24
ඕෂධී🌸✍
🍓Chapter-24
''ඔයා මාව මහපාන්දර ගෙදර එක්කගෙන යන්නද හදන්නේ...''
''නෑ...''
''එහෙනම් ඇයි මෙච්චර උදෙන් කතා කරන්නේ...''
''උදේට ශ්‍රීපාදය පෙන්නේ කොහොමද කියලා පෙන්නන්න...''
එහෙම කිව්වම තමා මෙච්චර වෙලා ශනායව ඇහැරවන යුද්ධෙන් ආදිත්‍ය ජයග්‍රහණය කලේ...
''කලින් කියන්න ඕන නේ...'' නිදිගැට කඩමින් ඇද මතින් වාඩි වෙන ගමන් ශනායා කීවාය...
''මං බැල්කනියෙන් ඉන්නම් ඔයා එන්න...''කියූ ආදිත්‍ය කාමරයෙන් පිටවී ගිය අතර ඒත් සමගම ශනායත් නානකාමරය තුලට ගොස් දොර වසාගත්තාය...ඇය මුහුන සෝදාගෙන බැල්කනියට එනවිට ආදිත්‍ය අත්වැටට වාරු වී සිගරට් දුම් පිටකරමින් උන්නේය...
''මං පරක්කුයිද...''
''නෑ...තාම කළුවරයි නේ...ඉනිමග දිගේ උඩට නගින්න...''
මුලින් ශනායාත් ඉන්පසුව ආදිත්‍යත් පිලිවෙලින් වතුර ටැංකිය තිබූ කොන්ක්‍රිට් ස්ලැබ් එක මතට නැගුනු අතර එතන තිබෙන්නා වූ පොඩි ඉඩේ දෙදෙනම බිම වාඩිවූවෝය...වටපිටාව තවමත් ඝන අන්ධාකරයේ ගිලි තිබුනද නැගෙනහිර අහස කෙමෙන් කෙමෙන් තැඹිලි පැහැ ගැන්වෙමින් තිබුණි...
''උදේ නැගිට්ට ගමන් සිගරට් බොන එක ඔයාගේ පුරුද්දක්ද...''
''නෑ...සීතල නිසා...දන්නේ නැද්ද ඉතින්...''
''නෑ දන්නේ නෑ... ඔය දේවල් බීලා ජීවිතේ නාස්ති කරගන්න එපා...''
''ම්ම්ම්...''
''ආදිත්‍ය ඔයාගේ අත මෙහාට දෙන්නකෝ...''කියූ ශනායා මෙපමන වෙලා සගවාගෙන සිටි ප්‍රෙග්නන්සි කිට් එකක් ගෙන ආදිත්‍යගේ අත උඩින් තැබුවාය...
''මේ මොකද්ද...''
''ඔයා එදා දුන්න අනික් කිට් එක...මං ඕක තියාගත්තේ මං මෙහෙන් යන දවසට ටෙස්ට් කරලා ඔයාට පෙන්නන්න...මං එහෙම කරන්න හිතුවේ ඔයාගේ හිතේ තියෙන බය නැති කරලා දාන්න...ඕකත් නෙගටිව්...''
''හරි...''
''Thank you so much...මේ ටික දවසට මාව පරිස්සමට බලාගත්තට...ඔයා දන්නේ නෑ මාව කිඩ්නැප් කරලා ඔයා මට එක විදියක උදව්වක් කලේ...''
''උදව්වක්...''
''ඔව්...ඉස්සරහා කාලෙටම හරියන්න මං මේ දවස් ටිකේ නිදාගත්තා...කවුද දන්නේ ෆයිනල් සෙම් එක නිසා හරියට නිදාගන්නවත් ටයිම් හම්බවෙයිද කියලා...අනික් දේ තමා අර හයික් එක...අනේ ඒ තැන් හරිම ලස්සනයි...ෆොටෝ එකක් ගන්න තිබ්බ නම් මරු කියලා හිතුනා...ඒත් ඒ තැන් මගේ හිතේ ඇදිලා ඉවරයි...''
''කතාව නවත්තලා අර පැත්ත බලන්න...''
මේ වනවිටත් ශ්‍රී පාද කන්දේ එක පැත්තකට හිරු එලිය වැටි තිබුණු අතර ඔවුන් දෙදෙනා හෝරාවකට පමණ ආසන්න කාලයක් හිරු එලිය ශ්‍රීපාදයට වැටෙන අයුරු බලා සිටියෝය...
.
.
.
.
''ඔක්කොම දේවල් ගත්තා නේද...''
''මගේ වොලට් එකයි ෆෝන් එකයි නැතුව අනික් ඔක්කොම හරි...''
''ඒක මං දෙන්නම්...සොරි ශනායා මෙහෙම කරන්න වෙනවට ඒත් මට ඔයාගේ ඇස් මේ රෙද්දෙන් බදින්න වෙනවා...''
''හරි ඒකට කමක් නෑ...ඒත් ඊට කලින් මං එක දෙයක් ඉල්ලන්නද...යාළුවෙක් විදියට...''
''මොකද්ද...''
''මට ඔයාව එක පාරක් හග් කරන්න දෙනවද...''
''මෙහේ එන්න...''කියූ ආදිත්‍ය ශනායව වැලදගත්තේය...
''ආදිත්‍ය...''
''ම්ම්...''
''අදින් පස්සේ අපි ආයේ ලංකාව ඇතුලේ හම්බවෙයිද දන්නේ නෑ...ඒ හම්බවුනත් මං ඔයා එක්ක කතා කරන එකකුත් නෑ...ආයෙමත් කියන්න තියෙන්නේ thank you so much මාව බලාගත්ත විදියට...ආයේ ඇමරිකාවට ගියාට පස්සෙත් මගෙන් ඔයාට කරදරයක් වෙන්නේ නෑ...ඔයාට වුවමනාවක් තිබ්බොත් මාව හම්බවෙන්න එන්න...ඔයා අපාර්ට්මන්ට් එක දන්නවා නේ...''ආදිත්‍යගේ පිට පිරිමදින ගමන් ශනායා කීවාය...
''ඔව් මං දන්නවා...''
''හරි අපි එහෙනම් යමු...'' කියූ ශනායා ආදිත්‍යගෙන් ඈත් විය...
ඔවුන් දෙදෙනා වාහනයේ අසුන්ගත් පසු ආදිත්‍ය විසින් ඉදිරි අසුනේ සිටි ශනායාගේ දෑස් රෙදිකඩකින් බැද දමා වාහනය පනගැන්වූයේය...එතනින් පසු ආදිත්‍ය නිහඩවම රිය හසුරවන්නට වූ අතර ශනායද නිශ්ශබ්බද සිටියාය...මුලින්ම වාහනය ගැස්සෙන ආකරයෙන් ඔවුන් ගමන් කරන්නේ වලවල් සහිත පාරක බව ශනායට වැටහුනි...එතනින් එහා ආදිත්‍ය වාහනය නතර කරන තුරුම පාර තැනින් තැන වංගු ස්වභාවයක් ගත්තාද වලවල් රහිත වූවක් බව ශනායට වැටහුනි...
''ශනායා මෙතනින් එහාට ඔයා තනියම ගෙදර යන්න ඕන...''කියමින් ශනායාගේ දෑස් වසා තිබු රෙදි කඩ ආදිත්‍ය ඉවත් කලේය...ඔහු වාහනය නතර කර තිබුනේ මිනිස්වාසයක් නොමැති හුදකලා ප්‍රදේශයකය...කොටින්ම කියනවා නම් ඒ පාරේ වාහනයක් ගියේද ඉදහිටයි...
''මෙතනින් එහාට කොහොමද යන්න ඕන...''
''මේ පාර දිගේ තව චුට්ටක් ඉස්සරහට යන්න එතකොට තුන්මංහංදියක් එක්ක කඩයක් හම්බවෙයි...ඔයාට එතනින් එහාට කැබ් එකක් දාගෙන ගෙදර යන්න පුළුවන් නේ...''
''පුළුවන්... ඒත් මේ,''
''ඇයි සල්ලි ප්‍රශ්නයක්ද...''
''නෑ...ඒ කැබ් එකේ මනුස්සයත් මාව කිඩ්නැප් කරයිද දන්නේ නෑ...''
''එහෙම වෙන්නේ නෑ...මෙන්න ඔයාගේ ෆෝන් එකයි වොලට් එකයි...මං ෆෝන් එක චාර්ජ් කරා...පරිස්සමට ගෙදර යන්න...''
''හරි...''කියූ ශනායා තමන්ගේ බඩු බාහිරාදියත් රැගෙන වාහනයෙන් බැස්සාය...ඉන්පසු ඈ නැවත හැරි බැලීමක් නොකරම ඉදිරියටම ගමන් කරන්න පටන්ගත්තාය...මේ අතරවාරයේ ශනායා යන දෙස බලාගෙනම ආදිත්‍යද දුරකථන ඇමතුමක් ගත්තේය...
''මචං කෙල්ල ඉස්සරහට එනවා...ඇලර්ට් එකේ ඉදපන්...''
''හරි හරි මාත් තැනට ඇවිත් ඉන්නේ...උබත් ඉක්මනට වරෙන්...''අනෙක් පසින් නාදුනන පිරිමි කටහඩක් කීවේය...ඉන්පසු ආදිත්‍ය වාහනය හරවාගෙන ආපු පාර දිගේ ආපහු යන්නට පටන්ගත්තේය...
මේ අතරවාරයේ ආදිත්‍ය කියූ කඩය අසලට පැමිණි ශනායා තේ කහට එකක් හා රොටි ඇනවුම් කර ජේඩන්ට දුරකථන ඇමතුමක් ගත්තාය...
''හෙලෝ අයියා...''
''බබා ඔයා කොහෙද ඉන්නේ...''
''තැන නම් හරියටම දන්නේ නෑ...මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා කුරුවිට පාර,රත්නපුර කියලා...''
''ඉන්න තැන ලොකේෂන් එවන්න මං දැන්ම ඔතනට එනවා...''
''එහෙම ඕන නෑ අයියා...මං කැබ් එකක් දාගෙන එන්නම්...''
''හරි, හැබැයි එන අතරතුරේ මාත් එක්ක දිගටම ෆෝන් එකේ ඇක්ටිව් ඉන්න ඕන...ඔයා කෙලින්ම ගෙදරට එන්න එපා ගෝල්ෆේස් එකට එන්න...''
''ඇයි ඒ...''
''ආවාම කියන්නම්...ඔය ඉන්න තැනින් පරක්කු නොවී එන්න...''
ඉන්පසු ශනායා වෙන්කරගත් කැබ් රථය පැමිනෙන තෙක් තමන්ගේ ආහාරයට අවධානය දුන් අතර අනික් පසින් ජේඩන් මේ වන විටත් කාර්‍යාලයෙන් පිටවී නිවසට යමින් සිටියේය...
''මොකද සීතාම්මේ කැබිනට් එකේ තියෙන පිගන් කෝප්ප ටික ඇදගෙන කරන්නේ...''නිවසට ඇතුල් වනවාත් සමගම ජේඩන් සීතාගෙන් විමසුවේය...ඇය ඒ වනවිටත් කැබිනට් එකේ තිබූ පිගන් කෝප්ප වලින් භාගයක් පමණ එලියට ගෙන තිබුනාය...
''පුංචි මහත්තයා අද කලින්....''
''ඒක නෙවෙයි අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ...''
''ලොකු මහත්තයා කිව්වේ අද රෑ කෑමට කට්ටියක් එනවා කියලා...මං ඉතින් කෑම මේසට තියන්න හොද භාජන ටිකක් තෝරනවා...''
''කවුද එනවා කිව්වේ...''
''එහෙම කිව්වේ නෑ පුංචි මහත්තයා...වෙනදට වැඩිය හතර පස්දෙනෙක්ට එක්ක වැඩිපුර කෑම හදන්න කිව්වා...''
''මමා...මමා ඔයා කොහෙද...''කියාගෙන ජේඩන් පඩිපෙල නැග ඉහල මහලයට ගිය අතර ඔහුගේ කට හඩ ඇසුන නිසාවෙන් රෙබෙකාත් කාමරයෙන් එලියට පැමිනියේ,
''පුතා, මොකද අද කලින්...'' කියන ප්‍රශ්නය අසන ගමන් ය.
''කවුද මමා රෑ කෑමට එන්නේ...''
''මං දන්නෙත් නෑ පුතා...ඩැඩා තමා දන්නේ...''
''කොයි වෙලේද ඔය කතාව ඩැඩා කිව්වේ...''
''අර පුතා උදේ ඔෆිස් එකේ ඉදන් ඩැඩාට කෝල් කලේ...ඊට ටික වෙලාවකට පස්සේ ඩැඩා කාටද මන්දා කෝල් එකක් ගත්තා...රෑ කෑමට කට්ටියක් එන කතාව කියලා අමාත්‍යංශෙට ගිහින් එන්නම් කියලා ගියා...ඇයි පුතා...''
''මමා ශනායගේ කිඩ්නැපර් උදේ කෝල් කරලා කිව්වා, ශනායා අද හවස හයට කලින් කොලඹට එනවා කියලා...මම ඒකයි ඩැඩාට කෝල් කරලා කිව්වේ...''
''මොකද්ද...එයා මට එහෙම කතාවක් කිව්වේ නෑනේ...''
''අනේ මන්දා මමා ඩැඩා මොන නාඩගමක් නටන්න ලෑස්ති වෙනවද කියලා...අඩුම ගානේ අපි දන්නවද ශනායා ඉන්න සිටුවේෂන් එක මොන වගේද කියලා...එයා ඉන්නේ මිනිස්සු එක්ක කතා කරන්න පුළුවන් තත්වෙක නෙවෙයි නම්...''
''ඔයාගේ ඩැඩා කොහොමත් අපිට කොලේ වහලා වැඩ කරන්න දක්ෂයිනේ...මට තියෙන බය අර කොට්ටෝරුව කෙහෙල් ගහට කොටලා හොට පටලව ගත්තා වගේ,ඔයාලගේ ඩැඩාත් ලොකු ප්‍රශ්නෙක පැටලිලා අපිවත් ඒකටම පටලවයිද කියලා...''
''හරි අපි ඒ ගැන පස්සේ කතා කරමුකෝ...ශනායාගේ කාමරේ යතුර මමා ලග නේද...''
''ඔව්...මේ දවස් ටිකේම සීතාව ඒ කාමරේ පැත්තටවත් යැව්වේ නෑ...''
''එහෙනම් මං ජිම් යනකොට ගෙනියන බෑග් එක ඇතුලට ශනායාගේ හොද ඇදුමක් දානවද...මම තව ටිකකින් යනවා එයාව ගන්න...''
''හරි මං දාන්නම්...''කියූ රෙබෙකා නැවත තමන්ගේ කාමරයට ගියේ ශනායාගේ කාමරයේ යතුර සොයා ගැනීමටයි...
🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓
මේක කොටස් තිහෙන් ඉවර කරගන්න බැරිවෙයි හලෝව්😪❤️🩹...
විසිපස්වෙනි කොටසින් හමුවෙමු...
මම ඕෂධී...✍️