Kidnapped by Love-23
ඕෂධී🌸✍
🍓Chapter-23
''ඔයා අපේ අයියට කතා කලාද...''
''තමුසේ තව එක පාරක් හරි ඔය ප්‍රශ්නේ ඇහුවොත් මං තමුසෙගේ කටට හොද ප්ලාස්ටර් එකක් අලවලා කාමරේ ඇතුලට දාලා ලොක් කරනවා...''
''මට දැනගන්න ඕන නිසා අහන්නේ...''
''නෑ බං නෑ...උදේ නැගිට්ට වෙලේ ඉදන් ඔය ප්‍රශ්නේ අහලා තමුසෙට එපා වෙලා නැද්ද...''
''නෑ...ඒකනේ දිගටම අහන්නේ...''
''හරි එහෙනම් දැන් කතා කරමුකෝ...එතකොටවත් මට මේ කන්කරච්චලෙන් ගැලවිලා ඉන්න පුළුවන් වෙයි...''කියූ ආදිත්‍ය සාක්කුවෙන් දුරකථනය ඇද ජේඩන්ට ඇමතුමක් ගත්තේය...අනික් පසින් ජේඩන්ද උදේ ඇහැරුන අවස්ථාවේ සිට ආදිත්‍යගේ දුරකථන ඇමතුම බලාපොරොත්තු වෙමින් සිටියේය...ඒ නිසාම ආදිත්‍යගෙන් ඇමතුම ආ ක්ෂනික ඔහු ආන්සර් කලේය...
''මිස්ටර් ජේඩන්...''
''තමුසෙගේ සල්ලි අඩුවක් නැතුවම ලෑස්ති...''
''අහන්නත් කලින් ප්‍රශ්නෙට උත්තර දුන්නා නේ...ඕකට කරන්න ඕන මොකද්ද කියලා මං තව ටිකකින් කෝල් කරලා කියන්නම්...''
''ඔහොම ඉන්නවා...මගේ නංගිට කොහොමද...''
''මිස් ශනායා කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නවා...''කියූ ආදිත්‍ය දුරකථන ඇමතුම විසන්ධි කලේය...
''මොකද්ද අයියා කිව්වේ...''
''සල්ලි ලෑස්ති කියලා කිව්වා...දැන්වත් හරිද...''
''හරි හරි...''
''මෙහෙම කියන්න වෙනවට සොරි ශනායා...''කියන ගමන් ආදිත්‍ය ඇදෙන් නැගිට කාමරයේ දොර දෙසට ගොස් එකවරම ශනායාව ඇතුලේ තනි කොට දොර වැසුවේය...
''ආදිත්‍ය මොකද මේ...'' දොර අසලට එමින් ශනායා ඇසුවාය
''සොරි ශනායා මට දැන් ඔයාව කාමරේ ඇතුලට දාලා ලොක් කරන්නම වෙනවා...මොකද මෙතනින් එහාට වැඩ වෙන්න ඕන විදිය මට ප්ලෑන් කරගන්න ඕන...''අනෙක් පසෙන් ආදිත්‍ය කීවේය...
''ඒකට කමක් නෑ, කොහොමත් ඔයා මාව කිඩ්නැප් කරලා නේ ඉන්නේ...'' කියූ ශනායා දොර පාමුල වාඩි වූවාය...
එතනින් එහාට ආදිත්‍ය ශනායව ඉහල මහලේ තනි කොට පහල මාලයේ වූ තමන්ගේ කාර්‍යාල කාමරයට පැමිණ දොර වසාගත්තේය...ඉන්පසු ඔහු දුරකථන ඇමතුම් කිහිපයක් ගත් අතර ඒ අතරවාරයේ ජේඩන්ටද නැවත ඇමතුමක් ගත්තේය...
''මේක හොදට අහගන්න මිස්ටර් ජේඩන්,මං ඇඩ්‍රස් එකක් කියන්නම්...තමුන් ඔය සල්ලිත් අරන් තනියම රෑ හත වෙනකොට එතනට යන්න ඕන...මං හරියට හත වෙනකොට කෝල් කරලා කියන්නම් එතනින් එහාට මොකද්ද කරන්න ඕන කියලා...''
''එතකොට ශනායා...''
''ශනායව මං අදම ඔයාට ගෙනත් දෙන්නේ නෑ...මොකද කෝටි පහලවක් කියන්නෙ කජු ඇටද කොස් ඇටද...අනික කවුද දන්නේ තමුසේ බොරුවක් කරනවද කියලා...ඒ නිසා ඔය සල්ලි ටික ගනන් කරලා කෝටි පහලවක් තියෙනවා කියලා කන්ෆර්ම් වුනාට පස්සේ නංගිව තමුන්ට භාරදෙන්නම්...''
''තමුසේ ශනායව ලග තියාගෙන ආයේ සල්ලි කඩාගන්න නෙවෙයි නේ හදන්නේ...''
''ඒ වගේ චීත්ත වැඩ තියෙන්නේ තමුසෙගේ තාත්තා ලග නේ...මං ලග එහෙම ඒවා නෑ....''කියූ ආදිත්‍ය දුරකතන ඇමතුම විසන්ධි කලේය...
එතනින් පටන්ගෙන පහුවදා පාන්දර වනතුරුම ආදිත්‍ය කාලය ගත කලේ ඩිජිටල් ලෝකය හා සම්බන්ධව කටයුතු කරමින් ය...ඒ අතරවාරයේ ශනායා ගැන හොයා බැලීමටත් ඔහු අමතක නොකලේය...ශනායාද පෙර මෙන් ආදිත්‍යගෙන් කිසිදු ප්‍රශ්න කිරීමක් කලේ නැත...ආදිත්‍ය ඈව නැවත කාමරයෙන් පිටතට ගත්තේ පහුවදා උදෑසනය...
''මොකද කතා පෙට්ටිය වැහිලා...''
''මුකුත් නෑ ඔයා මොනවාහරි කියනකන් ඉන්නේ...''
''හ්ම්ම්...මට කියන්න තියෙන දේ ඔයාටයි අයියටයි එක පාර කියන්නම්...ඉස්සෙලා කෑම කන්න...''
ඉන්පසු ඔවුන් දෙදෙනා නිහඩවම උදෑසන ආහාරය ගත් අතර ජේඩන් හා සම්බන්ධ වූයේ ඉන්පසුවය...
''මිස්ටර් ජේඩන් මං ඉල්ලපු ගාන අඩුවක් නැතුවම ඊයේ ගෙනත් දීලා තිබ්බා...ඒ නිසා මං මිස් ශනායව හෙට ගෙදර එවනවා...මේ ගැන පොලිසිය ගාවගත්තේ නැති එක ගැන මට සතුටුයි...මං හිතනවා හෙට මිස් ශනායා ගෙදර එනකනුත් එතනින් එහාටත් තමුන්ලා මේ සිද්ධියට පොලිසිය ගාවගන්නේ නැති වෙයි කියලා...''
''නෑ එහෙම වෙන්නේ නෑ...මට ශනායා එක්ක වචනයක් කතා කරන්න පුළුවන්ද...''
''දැන් ඒකට ඉඩක් දෙන්න බෑ කොහොමත් හෙටින් පස්සේ එයා ගෙදර නේ...''කියූ ආදිත්‍ය දුරකථන ඇමතුම විසන්ධි කලේය...
''ඒ කියන්නෙ ඔයා මාව හෙට මෙහෙන් එක්කගෙන යනවා නේද...''
''ඔව් මට ඔයාව මගේ ලග දිගටම තියාගන්න අදහසක් නෑ...සතුටු නැද්ද...''
''සතුටුයි...මෙහෙම හරි උදව්වක් කරන්න හම්බවෙච්ච එකට...''
''මොකද්ද...''
''තාත්තා නිසා ප්‍රශ්නයක් වෙච්ච කට්ටියකට උදව් කරන්න ලැබිච්ච එකට මට සතුටුයි...කලින් ඔයාට පොරොන්දු වුනා වගේම හෙට ගෙදර ගියාට පස්සේ ඔයා ගැන කාටවත්ම කියන්නේ නෑ...''
''මමත් ඔයාට වෙච්ච පොරොන්දුව ඒ විදියටම රකිනවා...යාළුවෙක් විදියට...''
''මම ආපහු කාමරේට යන්නම් ඇදුම් ටික ලෑස්ති කරගන්නත් තියෙනවා නේ...''කියූ ශනායා උඩුමහලට දිව ගියාය...කාමරයේ දොර ලොක් කල ඇය නතර වූයේ නානකාමරයේ වූ කණ්ණාඩිය ඉදිරියේය...
''මන්දෝදරී ආදිත්‍ය කියන්නේ යාළුවෙක් විතරයි...එයාගේ හිතේ එතනින් එහාට ඔයාට තැනක් නෑ...ඒ නිසා හෙටින් පස්සේ එයාව අමතක කරන්න ඕන...''යනුවෙන් ඈ තමන්ටම කියාගෙන දිගු හුස්මක් පහත හෙළුවාය...ඒත් තමන්ට ඇත්තටම ඕන කරන්නේ ඒ දේද කියන එක ඇයට තවමත් ප්‍රශ්නයක්...
ආදිත්‍ය තමන්ව පැහැරගත් අවස්ථාවේ හැද සිටි ඇදුමම නැවත හෙටත් අදින්නට ඇය තීරණය කලාය...ඉන්පසුව ඒ ඇදුම් කට්ටලය හැර අනික් ඇදුම් ටික පිලිවෙලට නවා එක් බෑගයකට පමනක් දමා ගත්තාය...
''ශනායා මේ දොර අරින්න...''
''ඉන්න එනවා...'' කියූ ශනායා දොර හැර ආදිත්‍ය කාමරයට ඒමට ඉඩ ලබා දුන්නාය...
''ආදිත්‍ය මං ඇදුම් ටික ඔක්කොම එක බෑග් එකකට දාන්න හිතුවා...''
''හා...''
''ඉතුරු බෑග් ටික ඔයා තියාගන්න හරිද...''
''හරි...ශනායා මට ඔයාත් එක්ක ටිකක් කතා කරන්න ඕන...''
''දැන් මේ කරන්නෙත් කතා කරන නෙවෙයිද...''
''මෙතනින් ඇවිත් වාඩිවෙන්න...''කියූ ආදිත්‍ය ශනායාගේ අතින් ඇද ඈව තමන්ට එහා පැත්තෙන් වාඩි කරවා ගත්තේය...
''ඇයි ආදිත්‍ය...''
''ශනායා ඔයා හරිම ස්‍ට්‍රොන්ග් ගෑනු ලමයෙක්...මං දන්නවා තාමත් ඔයාගේ හිතේ මං ඉන්නවා කියලා...ඒක අයින් කරගන්න ශනායා...මොකද මං වගේ කෙනෙක් ඔයාට ගැලපෙන්නේ නෑ...හෙටින් පස්සේ ඔයා ඔයාගේ නෝමල් ලයිෆ් එකට ආයෙම යනවා...එතනදි ඔයාට අනිවාරෙන්ම හොද කෙනෙක් ලැබෙයි...මොකද ඔයාගේ කතාව එක්ක බැලුවාම ඔයා කාටවත් වැරැද්දක් කරලා නැති නිසා...''
''ඔයා ඔය කියන විදියේ ආදරයක් මට හම්බවෙලා, ඒ ආදරේ ආදරය කරන්නේ මට විතරමයි කියලා දැනිච්ච දවසට මං අනිවාරෙන්ම එයාගෙයි මගෙයි පොටෝ එකක් intagram දාන්නම්...දැන් මට තනියම ඉන්න දීලා කාමරෙන් එලියට යනවද... ප්ලීස්...''
''හරි මං යන්නම්...''කියූ ආදිත්‍ය කාමරෙයෙන් එලියට පැමිනියේය...පඩිපෙල බසින අතරවාරයේ මීට පෙර දිනකදි ශනායා කියූ දෙයක් ඔහුගේ මතකයට නැගුනි...
''Social media වල භාගෙට භාගයක් තියෙන්නෙ බොරුව ආදිත්‍ය...ලස්සනට හිනා වෙලා පොටෝ දැම්ම පලියට ඒ මිනිස්සුන්ගේ ජීවිත ලස්සන නෑ...''
🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓
මොනාහරි කියන් යන්නො...
විසිහතරවෙනි කොටසින් හමුවෙමු...
මම ඕෂධී...✍️