Kidnapped by Love-22
ඕෂධී🌸✍
🍓Chapter-22
''ශනායා...''
''නම කට පාඩම් කරන්නේ නැතුව කියන්න ආව දේ කියනවද...''
''දෙයක් පෙන්නන්න කතා කලේ...''
''මොකද්ද...''
''මට ඒක මෙතනට ගේන්න බෑ...එනවා යන්න...''
ඉන්පසු ශනායා ආදිත්‍ය සමගින් උඩුමහලට පැමිණි අතර මෙවර ඔවුන්ගේ නැවතුම වූයේ සුපුරුදු නිදන කාමර නොවන වසා දමා ඇති අනෙක් නිදන කාමරයයි...
''ඇතුලට යන්න...''යනුවෙන් ආදිත්‍ය කියූවද ශනයා සැක සහිත බැල්මකින් ඔහු දෙස බැලුවාය...
''මේ කළුවර කාමරේ අස්සට මොකටද මං යන්න ඕන...''
''මෙන්න මෙහේ එනවා...''කියූ ආදිත්‍ය ඉන්පසු ශනායාවත් ඇදගෙනම ඒ කාමරය තුලට ආවේය...ලයිට් ඔන් නොකරම ඔහු එහි තිබූ ඝන ජනෙල් රෙදි දෙකම දෙපසට ඇද්දේය...
''කෝ මුකුත් නෑනේ...කැලේ විතරයි පෙන්නේ...ඔයා මාව මෙතනට එක්කගෙන ආවේ රෑට කැලේ පේන්නේ කොයි විදියටද කියලා පෙන්නන්නද...''
''කට පියාගෙන අර පැත්ත බලනවා...''කියන ගමන් ඔහු ශනායාව මදක් දකුණු දෙසට හැරෙව්වේය...
''අර ඈතින් පේන ලයිට් පත්තුවෙලා තියෙන කන්ද ගැනද ඔයා කියන්නේ...''
''ඔයා දන්නවද ඒ කන්ද මොකද්ද කියලා ?''
''නම නම් මොකද්ද දන්නේ නෑ...ඒත් මේ කළුවර කැලෑව මැද්දෙන් එතන ලයිට් පත්තු වෙනකොට හරිම ලස්සනයි...''
''ඒ තමයි ශ්‍රීපාදය...''
''අනේ හරිම ලස්සනයි...පොඩ්ඩක් ඉන්න,ඒ කියන්නේ අපි මේ ඉන්නේ රත්නපුරේ එහෙම නේද...''
''වෙන්න පුළුවන්...සමහරවිට කෑගල්ල,මාතලේ වෙන්නත් පුළුවන්...එහෙමත් නැත්තන් කොළඹම කොහේ හරි තැනක වෙන්නත් පුළුවන්...''
''මීට වඩා හොදට බලන්න විදියක් නැද්ද...''
''තියෙනවා...එන්න බැල්කනියට යමු...''
ජනෙල් රෙදි දෙකත් කලින් තිබූ ලෙසටම සකස්කල ආදිත්‍ය ශනායට ඉස්සරවී ගමන් කල අතර ඔහුගේ පිටුපසින් පැමිණි ශනයා කාමරයෙන් එලියට ඒමට පෙර තමන්ගේ කකුල යමක වද්දගත්තාය...
''ආව්...මේ කාමරේට ලයිට් නැද්ද...මගේ කකුලත් වැදුනා...''
ඒත් සමගම කාමරයේ අදුර පලවාහැරීමට ආදිත්‍ය ලයිට් ඔන් කලේය...කාමරයේ ඇතුලත හරියාකරව ශනායා දැක්කේ ඒ වෙලාවේ...බිත්ති වලට හේත්තු කරපු කැන්වස් චිත්‍ර කිහිපයක් ඇරුනාම ඒ කාමරේටම කියලා තිබ්බේ ස්ටෑන්ඩ් එකක් මත තියලා තිබ්බ චිත්‍රයක් විතරයි...ශනායා කකුල වද්දගෙන තියෙන්නෙත් ඒ ස්ටෑන්ඩ් එකේම වෙනකොට මෙපමන වෙලා ස්ටෑන්ඩ් එක මත තියෙන චිත්‍රය වසා තිබූ රෙදි කඩද බිමවැටී තිබුනා...
''මේ ඉන්නේ නෙහාරා නේද...''
''ඔව්...''කියූ ආදිත්‍ය බිම වැටුනු රෙදි කඩ ගෙන නැවත චිත්‍රය වැසීමට සූදානම් වුවත් ශනායා එය නතර කලාය...
''ඔහොම ටිකක් ඉන්නකෝ...''
ඉන්පසු ඇය තමන්ගේ ඇගිලි එම චිත්‍රය මත එහාමෙහා ගෙනියන්න පටන්ගත්තා...
''ලස්සනයි...පොටෝ වලින් දැක්කටත් වඩා ලස්සනයි...කවුද මේක ඇන්දේ...''
''මම ඇන්දේ...''
''ඔයාට චිත්‍ර අදින්න පුළුවන්ද...''
''ඉස්කෝලෙදි ඉගෙන ගත්තා...''
''ම්ම්...කර්ල් කොණ්ඩේ ඔයා ලස්සනට ඇදලා තියෙනවා ආදිත්‍ය...පාට මික්ස් කර්ලා තියෙන විදියත් ලස්සනයි...''
ශනායට තවත් වචනයක් පැවසීමට ඉඩ නොතබා ඔහූ චිත්‍රය නැවතත් රෙදි කඩෙන් වසා දැම්මෙය...
''කරන්න හදපු දේ මුලින් කරලා ඉමු...''කියූ ආදිත්‍ය කාමරයේ ලයිට් ඕෆ් කර ශනායා සමග පැමිණියේ දෙවනි මහලේ වූ බැල්කනියටයි...
''කෝ ඉතින් පෙන්නේ නෑනේ...බිත්තිය විතරයි නේ තියෙන්නෙ...''
''අර අතන බිත්තියට හයි කරපු ඉනිමගක් පේනවා නේද...ඒක දිගේ උඩට නගින්න...''
සැබවින්ම ඒ ඉනිමග එතනට සවි කලේ නිවසේ වූ වතුර ටැංකියට ලගා වීම සදහාය...මුලින්ම ශනායා උඩට ගිය අතර ඇයට පසු ආදිත්‍යත් ඉනිමග නැග්ගේය...විශාල වතුර ටැංකිය අබියස ඔවුන් දෙදෙනාට සිටීමට මද ඉඩක් තිබුණි...
''වාව් හරිම ලස්සනයි ආදිත්‍ය...''කියූ ශනායා ශ්‍රීපාද කන්ද දෙසට දොහොත් මුදුන් දී වැන්දාය...
''දගලන්න ලෑස්ති වෙන්න එපා...එහෙම වුනොත් දෙන්නම පහලට වැටෙයි...''
''හරි...මං කවදාවත් ශ්‍රී පාදේ වදින්න ගිහින් නෑ...ඔයා ගිහින් තියෙනවද...''
''ඇමරිකාවට යන්න කලින් නෙහාරගේ ගෙදර අයත් එක්ක ගිහින් තියෙනවා...''
''ම්ම්ම්...''
''අපි දැන් පහට බහිමු නේද...''
''හරි මං ඉස්සර වෙන්නම්...''කියූ ශනායා ආදිත්‍යගේ ඇගේ ගෑවෙන නොගෑවෙන තරමට ගමන්කොට නැවතත් ඉනිමග අසලට පැමිනියාය...කෙසේ නමුත් ආදිත්‍ය පහලට බැස එනවිට ශනායා බැල්කනියේ උඩු බැලි අතට දිගාවී අහස දෙස බලා උන්නාය...
''ඔය මොකද කරන්නේ...''
''තරු දිහා බලන් ඉන්නවා...ඔයාත් එන්න...''
''Sometimes you are so childish Shanaya...''
''මල විකාර...එන්න බැරිනම් නිකන් ඉන්නවා...''ආදිත්‍යව ගනන් නොගෙන ශනායා කීවද ටික වෙලාවලට පසු ඔහුත් ඇයගේ එහා පැත්තෙන් දිහාවී අත නවා ඔළුව යටින් තියාගත්තේය...
''දවස් ගානකට පස්සේ අහස මෙච්චර පැහැදිලව පෙන්නේ...මෙච්චර දවස් උදේටත් මීදුම සැරට තිබ්බනේ...''
''මං පොඩි දෙයක් ඉල්ලන්නද ආදිත්‍ය...''
''මොකද්ද...''
''පුළුවන් නම් මීදුම නැති උදේ වරුවකත් මාව මෙතනට එක්කගෙන එනවද...මං කැමති උදේට ශ්‍රිපාදේ පෙන්නෙ කොහොමද කියලා බලන්න...''
''හරි...''
''තරු පිරිච්ච රෑ අහසත් ලස්සනයි...ඒත් ඊට වඩා සුදුපාට වලාකුළු තියෙන දවල් අහස මට ලස්සනයි...''
''තරු කියලා අපි බලාගෙන ඉන්නේ අහසේ පාවෙවී තියෙන මොකක් හරි ග්‍රහක කෑල්ලකට හරි ග්‍රහලෝකෙකට හරි නේ...වැඩේ කියන්නෙ ඒවට එලිය වැටුනාම දිලිසෙනවා...''
''ඔයාගේ කතාවේ පොඩි අඩුපාඩුවක් තියෙනවා ආදිත්‍ය...අර ඈත නිවි නිවි පත්තුවෙන තරුව සමහරවිට ඉරක් වෙන්නත් පුළුවන්...මම නම් තරු ගැන දන්නේ මෙච්චරයි, අර පේන තරු රටාවේ නම Orion constellation කියලා විතරයි...''
''ඔයා දන්නවද ඕකට සිංහලෙන් කියන්නෙ මොකද්ද කියලා...''
''නෑ...''
''ඔරායන් හෙවත් දඩයක්කාරයා කියලා,තව තිබ්බා මහ වලසා,කුඩා වලසා කියලා නම් සෙට් එකක්ම...ඉස්කෝලේ යනකාලේ ඕවා කටපාඩම් කලා...ඒත් ඉතින් වැඩක් නෑ මොකද මගේ ජොබ් එකයි තරුයි අතර කිසිම සම්බන්ධයක් නෑනේ...''
''ඒ උනාට අහස දිහා බලාගෙන ඉන්නකොට ගොඩක් දේවල් කල්පනා කරන්න පුළුවන්...මං එහේ ඉන්නකොට eclipse දෙවර්ගමය දැකලා තියෙනවා...ඒක නෙවෙයි ඒවට සිංහලෙන් කියන්නේ මොකද්ද...''
''සූර්‍යග්‍රහනයයි, චන්ද්‍රග්‍රහනයයි...''
''ආ හරි...ඔයා ඒවා දැකලා නැද්ද...''
''ලංකාවෙදි නම් නෑ...මොකද ඒවා වෙන දවසට මෙහෙට හැමදාම වහිනවනේ...ඇමරිකාවෙදි එක පාරක් සූර්‍යග්‍රහනයක් නම් දැක්කා....''
''මට මෙහෙම ඉන්නකොට සින්දුවක කොටසක් මතක් වෙනවා...''
''ඒ මොකද්ද...''
''ඇහිපිල්ලම් ගැස්සෙන තාලෙට
මන්දාරම් වැහි වැටෙන වෙලාවට
තරු අතරින් අහස බලාගෙන
නුඹෙ රුව හෙව්වා මම හැම රෑකම
සිත්තම් කලේ...
නු- ''
''නවත්තගන්නවා ඕක...දැන් ඇතුලට යමු නැත්තන් පිණි බාලා ආයෙත් අසනීප වෙයි...'' කියූ ආදිත්‍ය වැතිර සිටි තැනින් නැගිට්ටද ශනායා ඔහුගේ අතින් අල්ලාගත්තාය...
''ආදිත්‍ය හෙට තමා ඔයා අයියට දුන්න අන්තිම දවස...හෙටින් පස්සේ මොකද වෙන්නේ...''
''ඒක හෙට බලාගමු ශනායා...මොකද අපි තාමත් ජීවත්වෙන්නේ අද දවසේ...''
''නෑ මං කියන්නේ අයියට සල්ලි- ''
''ශ්ශ්...එක පාරකුත් කිව්වනේ ඒක හෙට බලාගමු...මං ඔයාගෙන් අහන්නමයි හිටියේ ඇයි instagram fake account හැදුවේ...''
''ඒක හැදුවේ නිකන්...එහේ අය මට Shanaya කියනවා, Sheni කියනවා...මන්දෝදරි කියන නම ශෝර්ට් කරලා Mandy කියලත් කතා කරනවා...ඒත් ඒක වැඩිය පාවිච්චි වෙන්නේ නෑ...ඒ නිසා තමයි මං ඒ nickname එකෙන් account එකක් හැදුවේ...පස්සේ ඉතින් ඔයාව දැක්කම නිකන් තියෙන account එකෙන් වැඩක් ගන්න ඕන කියලා හිතුනා...''
''ඇයි ඒකට public account එක යූස් කලේ නැත්තේ...''
''ආපෝ ඒකේ නැති එකෙක් නෑනේ...මං බෲනෝ එක්ක අෆෙයාර් එක තියෙන කාලේ එයයි යාළුවොයි එක්ක ගියපු ට්‍රිප් එකක් ෆොටෝ දැම්මා...ඊට පහුවෙනිද මෙහේ ගොසිප් පේජ් එකක ඒ ෆොටෝ ටික දාලා මගේ බෝයිෆ්‍රෙන්ඩ් විදියට වෙන කොල්ලෙක්ව මෙන්ෂන් කරලා...පස්සේ තාත්තා ඒ පේජ් එකේ අයිතිකාරයව පොලිසියට ගෙන්නල්ලා නතර වෙලා තියෙන්නෙ...අනික ඒ වගේ account එකකින් request එකක් දැම්මාම තමුසේ වුනත් උඩ යන්න තිබ්බා...''
''තමුසේ හිතන් ඉන්නේ තමුසේ හෙන කෑල්ල කියලද...''
''කෑල්ල නෙවෙයි නම් අච්චර කෙල්ලො පිටිපස්සෙන් එද්දි උන් ඔක්කොම එපා කියලා බෲනෝ මගේ පිටිපස්සෙන් එයිද...ඒත් ඉතින් ඌට ඕන කරපු දේවල් මගෙන් හම්බවෙච්ච නැති නිසයි වෙන කෙල්ලෙක් එක්ක හැ#නෙන්න ගියේ...''
''එක පාරකුත් කිව්වනේද කුණුහරප කියන්න එපා කැතයි කියලා...''
''මට කේන්තියට එහෙම කියවුනේ...Many people think that s#x is love. That's not true. S#x is just one part of love...මේ කතාව මෙතනින් නවත්තමු...නැත්තන් කැරකිලා කැරකිලා ඔයා අන්තිමේදි පරණ කතාවෙන්ම නතරවෙයි...''
''කෑම සීතල වෙන්න කලින් ගිහින් කෑම කමු...''කියූ ආදිත්‍ය නැගිට ශනායටද නැගිටීමට අත දුන්නේය...
🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓
ඇයි මේ රියැක්ෂන් අඩු...ඊලග කොටස දෙන්නේ ❤ 250වත් ආවොත් විතරයි...
විහිළුවක් කලේ එච්චර එන්නේ නෑ කියලා මං දන්නවා 😌
විසිතුන්වෙනි කොටසින් හමුවෙමු...
මම ඕෂධී...✍️