Kidnapped by Love-21
ඕෂධී🌸✍
🍓Chapter-21
කූඩැල්ලන්ගේ ප්‍රහාර මැද්දෙන් ගස්වැල් වල එල්ලිගෙන ඔවුන් දෙදෙනා නැවත නිවසට පැමිණියේ ඇදිරි වැටීමට ආසන්නව තිබියදීය...ඇගට දැනෙන තෙහෙට්ටුව නිසාම ඔවුන් දෙදෙනා රාත්‍රී ආහාරය ප්‍රතික්ෂේප කර කලින් නිදාගැනීමට තීරණය කලෝය...ආදිත්‍යගේ අණ කිරීම මත ශනායා නාන කාමරයට ගියේ රස්නෙ වතුරෙන් හොදින් නා ගැනීමටයි...ඒ අතරවාරයේ පහල තට්ටුවේ දොර ජනෙල් හොදින් වසා ඇත්දැයි පරීක්ෂා කොට ආදිත්‍ය දෙවනි මහලට පැමිණි අතර කාමරයට එනවිටත් ශනායා නාන කාමරෙන් එලියට පැමිණ සිටියේ නැත...විහිළුවක් කිරීමට සිතාගත් ආදිත්‍ය නානකාමරයේ දොර අසල සිටගත්තේය...
''Finally some peace— ''
''BOOO ''
''අහ් ආදිත්‍ය...''කියාගෙන ශනායා පිටිපස්සට පැන්න අතර එම නිසා ඇගේ පය පාපිස්සෙ පැටලී ඇදගෙන වැටෙන්න ගියමුත් ඊට ප්‍රථම ක්‍රියාත්මක වූ ආදිත්‍ය ශනායාගේ ඉන වටා අතක් යවා ඈව තමන්ගේ සිරුරට තද කර ගත්තේය...
''Careful, Miss Clumsy! ''
''Careful තමයි...පිස්සු හැදිලද ආදිත්‍ය, බය කරලා මරන්නද හදන්නේ...''
''හහ් මහලොකුවට කියන්නේ නම් කොහොමද...අංගම්පොර ඉගෙන ගත්තා,කරාටි ඉගෙන ගත්තා...ඇයි Gun shooting ඉගෙන ගත්තා කියලත් කිව්වනේ...ඒ වුනාට දොර ලග ඉදන් පොඩ්ඩක් කෑ ගැහුවම බයයි...''
''Cut...සීන් එක ඉවරයි දැන්වත් ඔය අත මගෙන් අහකට ගන්නවද...මොකද කියනවා නම් මගේ කොන්ද රිදෙනවා මේ ඉන්න විදියට...''
''මොකද කියන්නේ බිමට අතාරින්නද...''කියූ ආදිත්‍ය ශනායාගේ ඉන වටා එතුනු තමන්ගේ අත මදක් බුරුල් කොට නැවතත් තද කලේය...
''අතෑරලා බලපන්...ඊළගට කරන්න ඕන දේත් මම දන්නවා... F#cking idiot''
''කෙල්ලො කුණුහරප කියද්දි කැතයි...''
''මං කෙල්ලෙක් නෙවෙයි නේ...'' එසැනින් ශනායාව නැවත කෙලින් කල ආදිත්‍ය ඇයට බනින්නට පටන්ගත්තේය...
''මොන මගුලක්ද තමුසෙට වෙලා තියෙන්නේ...තමුසෙම කියනවා ඒ සිද්ධිය අමතක කරන්නලු දැන් තමුසෙම ඒ ගැන ආයේ මතක් කරනවා...ඔහ් පොඩ්ඩක් ඉන්න මට දැන් නේ තේරෙන්නේ... ඒ කියන්නේ මන්දෝදරී පලිගන්නේ මේ විදියට නේද...''
''සොරි ආදිත්‍ය කූල් ඩවුන්...මට කේන්ති ගියාම කියවෙන දේවල් මංවත් දන්නේ නෑ...ඔයාට තිබ්බනේ මගේ තරහා අවුස්සන්නේ නැතුව ඉන්න...''
''හරි ඒක අමතක කරන්න...ඇදෙන් ඉදගන්නකෝ...'' හොද හුස්මක් පහත දැමූ ආදිත්‍ය කීවේය...
''ඒ මොකටද...''
''වැඩකට...''කියූ ආදිත්‍ය ශනායාගේ ඉස්සරහින් ඇද මතින් වාඩි වී ඇගේ කකුල් දෙක තමන්ගේ කකුල් දෙක උඩින් තියාගත්තේය...ඉන්පසු බෙහෙත් ක්‍රීම් එකක් කලිසම් සාක්කුවෙන් ඇද කූඩැල්ලන් ශනායාගේ කකුලේ ඇති කර තිබූ තුවාල මතින් ආලේප කරන්නට විය...
''ආදිත්‍ය...''
''ම්ම්ම්...'' ක්‍රීම් අලේප කිරිම නොනවත්වාම ආදිත්‍ය කීවේය...
''සොරි අර පොකුණ ලගදි ඔයාට කෑ ගැහුවට...ඇත්තටම කියනවා නම් ඔයා ඒ කතා කරන්න හැදුවේ ඒ වගේ තැනකට ගැලපෙන කතාවක් නෙවෙයි...''
''ඒ වගේ තැන් වලට ගැලපෙන කතා මොනවද...''
''ආදිත්‍ය ටිකක් සීරියස් වෙන්නකෝ...අපි හිටියේ මහ කැලයක් මැද්දේ අනික් එක හවස් වෙන්නත් කිට්ටු කරලා තිබ්බේ...ඉස්සර ගම් වල ගෑනු අයට කියන්නේ හවස් වෙලා වතුර පාරවල් වලින් නාන්න එපා කළු කුමාරයගේ බැල්ම වැටෙයි කියලා...''
''ඇත්තටම කළු කුමාරයට වෙන වැඩ නැද්ද දන්නේ නෑ ගෑනු පස්සෙ යන එක ඇරෙන්න...ඔය මනස්ගාත හිතන්න එපා...''
''ඔයා ඔහොම හිතන්නේ මට තියෙන අත්දැකීම් ඔයාට නැති නිසා...මම තොවිල් දෙකක් බලලා තියෙනවා පොඩි කාලේ...එකක ආතුරයා ගෑනු කෙනෙක් අනික් එකේ පිරිමි කෙනෙක්...ඒ මිනිස්සු දෙන්නා හැසිරෙච්ච විදිය මට හොදට මතකයි...අනික් එක මට ඇහිලා තියෙනවා අත්තා මාමට කියනවා මිනිස්සු එක්ක ගනුදෙනු කරනවා වගේ නෙවෙයි දෙවියොයි යක්කු එක්කයි ගනුදෙනු කරනකොට කියලා...''
''බලන් ගියාම මොකාටවත් බය නෑ වගේ හැසිරුනාට තමුසේ ඇහැට පෙන්නේ නැති යක්කුන්ට බයයි නේ...''
''මං කාටවත් බය නෑ ආදිත්‍ය...මං හිත හයිය කරගන්න විදිය ඉගෙන ගත්තේ ගොඩ කාලෙකට කලින්...දුර්වල මනසක් තියෙන මනුස්සයෙක්ට බලපෑම් කරන්න යක්කුන්ට විතරක් නෙවෙයි මිනිස්සුන්ටත් පුළුවන්...ඒ නිසා අපි හැම වෙලේම තමන්ගේ මනස ශක්තිමත් කරගන්නයි ඕන...අර තොවිලේ හිටිය දෙන්නම මනසින් දුර්වල අය...ඒකයි එයාලට එහෙම වුන...යක්කුන්ගෙන් හරි මිනිස්සුන්ගෙන් හරි මට වෙන්න තියෙන දරුණුම දේ මරණය තමා...හැබැයි මං මැරෙන්න බය හිතෙන්නේ නැති වෙන තැනට මගේ හිත හයිය කරගත්තා...ඒ නිසා මට මං ගැනවත් බයක් නෑ හැබැයි මට ඔයා ගැන බයයි...ඒකයි කෑ ගැහුවේ...ඔයත් හැමවෙලේම හිත හයිය කරගන්න ට්‍රයි කරන්න...''
''හරි ඔයා දැන් නිදාගන්න...මම යනවා නාගන්න...''කියූ ආදිත්‍ය නානකාමරය දෙසට පිය නැගුවේය...
ඔහු නැවත කාමරයට එනවිට ශනායා ලයිට් එලිය මැද්දේ වුවද සුව නින්දකට එළඹි සිටි අතර ලයිට් ඕෆ් කල ආදිත්‍යද කාමරයේ වූ සෝෆාවට වැටි නිදාගන්නට විය...ආදිත්‍ය නැවත ඇහැරුනේ කවුරුන් හෝ තමන්ගේ නම මුමුණන ශබ්දය ඇසීමෙනි...තමන් තවම සිටින්නේ සෝෆාවේ දිගා වී හා මේ උදෑසන නොවන බව ඔහුට ඇසුනේ එලියෙන් ඇසෙන පලගැටියන්ගේ ශබ්දය නිසාවෙනි...ඒත් සමග ආයෙමත් තමන්ගේ නම මුමුණන සද්දය ඇසුනු නිසාවෙන් ඔහු විදුලි වේගයෙන් නැගිට්ටේ ශනායව සිහිවීමෙනි...
''ශනායා...'' ඇයට කතා කලද ප්‍රතිචාරයක් නොමැති තැන ඇද අසලට පැමිණි ආදිත්‍ය සයිඩ් ටේබල් එක මත තිබෙන ටේබල් ලෑම්ප් එක ඔන් කලේය...ඇය සිටියේ තමන්ටම මුමුණා ගනිමින්ය...එලියේ තිබෙන සීතල නිසාවෙන් ආදිත්‍ය A/C ඔන් කලේද නැත...නමුත් මේ වන විටත් ශනායාගේ මුහුන දිගේ දහඩිය බිදු ගලායාමට පටන්ගෙන තිබුණි...
''ශනායා නැගිටින්න ඔයාට මාව ඇහෙනවද...''
''අනේ මාව දාලා යන්න එපා...''ඇය සිහිනෙන් මෙන් කියූ අතර ආදිත්‍ය ඇගේ උරහිස් වලින් අල්ලා සෙලවූ නිසාවෙන් ඇය ඇස් හැර වේගයෙන් හුස්ම ගත්තාය...
''ශනායා...''
''ආදිත්‍ය මේ ඔයාමද...''
''මම තමා ශනායා...ඔයා හීනයක් දකින්න ඇති, ඉන්න මං ගිහින් වතුර එකක් අරන් එන්නම්...''
''එපා...අනේ මාව දාලා යන්න එපා...''කියූ ශනායා එකවරම ආදිත්‍යව වැලදගෙන හඩන්න පටන් ගත්තාය...සිදුවූ දෙයින් අන්දමන්ද වී සිටියත් ආදිත්‍ය ශනායගේ හිස කෙස් හා පිට අතගාමින් ඈව අස්වසන්නට විය...
''මොකද වුනේ ශනායා ඔයා මොනවටද බයවුනේ...''
''මම දැක්කා අර පොකුණ ගාවින් පහලට ඔයාව ඇදගෙන වැටෙනවා...මම ඔයාව බේරගන්න ට්‍රයි කලා ඒත් ඒක හරි ගියේ නෑ...''ඇඩීම පොඩ්ඩක්වත් අඩු නොකරම ශනායා කීවාය...
''ශ්ශ්...ඒක හීනයක් විතරයි...වැඩිය හිතන්න එපා...''
''ඒ වුනාට මට හිතුනේ ඔයාව නැති වුනා කියලා....''
''මගේ දිහා බලන්න ශනායා...''කියූ ඔහු ඈව තමන්ගෙන් ඈත් කලේය...ශනායාගේ කදුළු ඔහුගේ කමිසය මතටද වැටී තිබුණි...
''මේ බලන්නකෝ, මං හොදින් ඉන්නවා...ඒ වගේම ඔයාටත් කිසිම ප්‍රශ්නයක් නෑ...''ඉන්පසු ආදිත්‍ය ශනායාගේ කම්මුල් දෙකත් පිස දැම්මේය...
''ආදිත්‍ය ඔයාට පුළුවන් නම් මගේ එහා පැත්තෙන් නිදාගන්නවද...මං ඔයාට ලං වෙන්නේ නෑ, පොරොන්දු වෙනවා...''
''හරි අදට විතරයි...දැන්වත් ඔය මනස්ගාත ඔළුවෙන් අයින් කරලා නිදාගන්න ශනායා...ගුඩ් නයිට්...''කියූ ආදිත්‍ය ටේබල් ලෑම්ප් එකත් ඕෆ් කර අනික් පසෙන් ඇදේ දිගා විය...දෙදෙනා ඇදේ කොන් දෙකට වී සිටියද ශනයා වූයේ හිතේ නොසන්සුන්කමට නින්දත් නොනින්දත් අතර විශාල සටනක් කරමින් ය...ටික වේලාවකින් ආදිත්‍ය තමන්ගේ අත දික් කර ශනායගේ ඔළුව අතගාන්නට වූයේ ඇයව ඒ නොසන්සුන්කමින් මුදවා ගැනීමටය...සමහරවිට ඔහුට ශනායව දැනෙන්නට ඇත...කෙසේ වුවද ආදිත්‍ය නිසාවෙන් හිත සන්සුන් කරගත් ශනායා නැවතත් නින්දට වැටුනාය...
🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓
සමහරවිට මම ආයේ එන්නේ සතියකින් වෙන්න පුළුවන්...ශුවර් කරන්න එපා...
විසි දෙවෙනි කොටසින් හමුවෙමු...
මම ඕෂධී...✍️