Kidnapped by Love-20
ඕෂධී🌸✍
🍓Chapter-20
''මේක තමයි මං කිව්ව පොකුණ...''
ආදිත්‍ය ශනායා සමගින් දිය පාර දිගේ ඉහලට ඇවිදගෙන ආ අතර ඔහු පෙන්වු පොකුණ ගල් හරස්වී ස්වභාවිකාවම නිර්මාණය වූවකී...එහි එක් කොනකින් වතුර ගලාගෙන ගොස් අර දිය පහරට එකතුවිය...
''මේ හැමතැනක්ම ලස්සනයි ආදිත්‍ය...මාළුත් ඉන්නවා...''
''අර රතු පාට මාළුවට කියන්නේ ලේ තිත්තයා කියලා...එතකොට මේ මාළුන්ට කියන්නේ බුලත් හපයා කියලා...අර ඉන්න මාළුවන්ට කියන්නේ හල්මල් දණ්ඩියා කියලා...''යනුවෙන් ආදිත්‍ය පොකුණේ සිටි මාළුන්ගේ නම් එක දිගට කියවගෙන ගියේය...
''Oh my god...I suddenly feel like I’m in a biology class...''
''ඔයා මේ දේවල් ගැන දන්නේ නැති නිසයි මං කියලා දුන්නේ...මෙයාල ලංකාවට ආවේණික අය...''
''ඔයා කවද්ද මාළු ගැන ඩිග්‍රියක් කලේ...''
''Am I joke to you Shanaya? ''
''Not at all...Please continue the lesson professor...''
''I'm done...''
''අනේ...ඔයා මෙයාලගේ නම් දන්නේ කොහොමද කියන්නකෝ...''
''එදා මාත් එක්ක ආව මනුස්සයා තමයි කියලා දුන්නේ...''කියූ ආදිත්‍ය ගලක් මත දිගාවී හිස් අහස දෙස බලාගත්තේය...ඊට ටික වේලාවක පසු ශනායා තමන්ගේ කටහඩ අවදි කලේ ඉංග්‍රීසි සින්දුවක් ගැයීමෙනි...
( මෙතනින් එහාට කැමති නම් සින්දුව අහන ගමන් වචන ටිකත් කියවන්න...)
I walked across an empty land
I knew the pathway like the back of my hand
I felt the earth beneath my feet
Sat by the river and it made me complete
Oh simple thing, where have you gone?
I'm getting old and I need something to rely on
So tell me when you're gonna let me in
I'm getting tired and I need somewhere to begin
I came across a fallen tree
I felt the branches of it looking at me
Is this the place we used to love?
Is this the place that I've been dreaming of?
Oh simple thing, where have you gone?
I'm getting old and I need something to rely on
So tell me when you're gonna let me in
I'm getting tired and I need somewhere to begin
And if you have a minute, why don't we go
Talk about it somewhere only we know?
This could be the end of everything
So why don't we go somewhere only we know?
Somewhere only we know
Oh simple thing, where have you gone?
I'm getting old and I need something to rely on
So tell me when you're gonna let me in
I'm getting tired and I need somewhere to begin
And if you have a minute, why don't we go
Talk about it somewhere only we know?
This could be the end of everything
So why don't we go? So why don't we go?
Oh, this could be the end of everything
So why don't we go somewhere only we know?
Somewhere only we know
Somewhere only we know
ශනායාගේ ගායනය නිහඩව අහගෙන හිටිය ආදිත්‍ය වචනයක් කතා කලේ සින්දුව නතර වෙලා තවත් ටික වෙලාවකට පස්සේ...
''ඔයා දන්නවද මේ ගමේ මිනිස්සු කියනවා මේ කැලේ ඇතුලෙත් නිධානයක් තියෙනවලු...''
''What's wrong with you ආදිත්‍ය...ඔයා මගේ මූඩ් එක කෑවානේ...''
''සොරි...''
''ඒ මිනිස්සු කොහොමද එහෙම කියන්නේ...''
''දවසක් ගමේ මිනිහෙක් කැලේ ඇතුලට ගියාම ගල්ලෙනක් හම්බවෙලා... එතන සෙල්ලිපියක් වගේ දේකුත් තිබිලා... ඒ මිනිහා ආයේ ගමට ඇවිත් ඒ ගැන කිව්වම, මේ ගමේ ගුරුන්නාසේ කෙනෙක් තනියම කැලේට ගිහිල්ලා ඒ ගැන බලන්න...ඊට පස්සේ දවසේ ගගේ පාවෙවි තිබ්බ ගුරුන්නාන්සෙගේ බොඩි එක හම්බවෙලා...ඉතින් ගමේ මිනිස්සු කියනවා අතන නිධානයක් තියෙන්න ඇති ගුරුන්නාන්සේ ඒක ගන්න ගිහින් බහිරවයා කෝප වෙලා ඒ මිනිහව මරන්න ඇති කියලා...''
''ඔය වගේ මෝඩ විදියට හිතන උන් ඉන්නකම් අපේ තාත්තලා වගේ අයට පාර්ලිමේන්තුවට යන එක ලේසි...ඇත්තටම මේ රටේ ඉන්න සම-හරක් උන්ට මොලේ හොද නැද්ද ආදිත්‍ය සෙල්ලිපියක් දැක්ක ගමන් එතන නිධානයක් ඇති කියලා හිතන්න තරම්...කැලයක් ඇතුලේ තියලා සෙල්ලිපියක් හම්බවුනොත් මුන් ගිහිල්ලා එතන හාරලා ඒ සෙල්ලිපියත් විනාස කරලා එනවා...අනික් එක ඔය කියන ගල් ගුහාව ඉස්සර හාමුදුරුවෝ හිටපු කටාරම් කොටපු එකක් වෙන්න ඇති...කටාරම් කියන්නේ මොනවද කියලා ඔයා දන්නවනේ...අනික් එක කවුද දන්නේ ඔය කියන ගුරුන්නාන්සේ ගග අයිනෙන් ඇවිදගෙන යනකොට පපුවේ අමාරුවක් හැදිලා ගගට ඇදගෙන වැටුනද කියලා...''
''එතකොට ඔයාලගේ ගමේ තිබ්බ නිධානේ කතාව බොරුවක්ද...?''
''ඒක තියෙන්නේ රජමහා විහාරයේ...එතන නිදන් වදුලක් තියෙනවා පුස්කොල පොත් වලත් ලියලා තියෙනවා...මං කිව්වේ ඒක නෙවෙයි...මේ ලංකාවේ ඉන්න සමහරක් කට්ටිය හිතන්නේ සෙල්ලිපි තියෙන හැමතැනකම නිදන් වල දාලා තියෙනවා කියලා...හරි අපි හිතමුකෝ අර ගුරුන්නාන්සේව මැරුවේ බහිරවයා කියලා...එහෙනම් ගුරුන්නාන්සේ දැනගන්න ඕන පූජාව හරියට කරන්න...බහිරව දෙයියෝ කියන්නේ සෙල්ලම් කරන්න හොද කෙනෙක් නෙවෙයි...''
''මමත් ඔය නිධන් සීන් එකට වැඩිය කැමති නෑ...මොනව වුනත් නිධානයක් වෙනුවෙන් මිනිහෙක් මරනවා කියන්නේ හරි පව් වැඩක්...''
''එහෙම හැම නිධානයක් ගන්නකොටම කෙල්ලෙක්ව හරි කොල්ලෙක්ව හරි බිල්ලට දෙන්නේ නෑ...කුකුලන්වත් බිල්ලට දෙනවා...''
''කොල්ලන්වත් බිල්ලට ගන්නවද...''
''මං අහලා තියෙන විදියට ඔව්...මේ කතාව නතර කරමු ආදිත්‍ය..මේ වගේ තැන්වල කතා වෙන්න හොද මාතෘකා නෙවෙයි මේවා...අපි දැන් ගෙදර යමු...''
''ඇයි ඔයා බයයිද ඔයාට යක්කෙක් ඇවිත් කරදර කරයි කියලා...''සමච්චලේට මෙන් සිනා සී ආදිත්‍ය කීවේය...
''ආදිත්‍ය අහලා නැද්ද යක්කුන්ට විහිළු කරන සිරිතක් නෑ කියලා...අනික් දැන් ටික ටික හවස් වේගන එන්නේ...අපි යමු ගෙදර...''
''ඔයාට ගෙදර යන්න ඕන නම් කෙලින් කියන්න අහිංසක යක්කු මේවට ගාවගන්නේ නැතුව...''
''ආයේ මගුලක් කියෝනවා...තමුසෙට එන්න බැරි නම් ඉන්නවා මං තනියම හරි යනවා...''
''ඉතින් පලයන් කවුද අල්ලගත්තේ...''
''අනේ ආදිත්‍ය ගෙදර යමුකෝ...'' ආදිත්‍ය හොද සිහියෙන් ඉන්නා විටකදි ශනායා බැගෑපත්ව දෙයක් ඉල්ලු ප්‍රථම වතාව විය...
''අඤ්ඤේ ආදිත්‍ය තමා...එනවා යන්න පිස්සු මගුල...''හිදගෙන සිටි තැනින් නැගිට ශනායා දෙසට එමින් ආදිත්‍ය කීවේය...
🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓
පොඩි පණිවිඩයක්,
ටෙලිග්‍රෑම් පාවිච්චි කරද්දි පරිස්සම් වෙන්න...අපේ කන්ටැක් ලිස්ට් වල ඉන්න මිනිස්සු ටෙලිග්‍රෑම් හදාගත්තම අපිට පණිවිඩයක් එනවනේ...ඒ වෙලාවට පුළුවන් නම් හොයාලා බලන්න තමන් දන්න මනුස්සයමද අකවුන්ට් එක හදලා තියෙන්නේ කියලා...මට ඊයේ පොඩි ප්‍රශ්නයක් වෙච්ච නිසයි ඔයාලටත් මේ ගැන කියන්න හිතුවේ...
විසි එක්වෙනි කොටසින් හමුවෙමු...
මම ඕෂධී...✍️