Kidnapped by Love-19

Kidnapped by Love-19

ඕෂධී🌸✍


Chapter-18



🍓Chapter-19



''ඔයාට ගොඩක් රිදුණද ඒ වෙලේ...''



''Enough ආදිත්‍ය...මේ ගැන ආයේ කතා වෙන්නේ නෑ කියලා පොරොන්දු වුනා නේද...මගේ ඉවසීම නැති කරලා ඔයා කරගන්න හදන්නෙ හොද වැඩක් නෙවෙයි...''



''ඔයා කියන විදියට ඉන්න තිබ්බා ඒ වෙලේ අපි දෙන්නට දෙන්නා කැමැත්තෙන් ඒ වැඩේ කලා නම්...ඒත් මම ඔයාව රේ-''



''මොකද්ද තමුසෙට දැනගන්න ඕන...පත්තු වෙන සිගරට් එකක් ඉනේ තිබ්බම රිදෙනවද කියලද දැනගන්න ඕන...රිදෙනවද නැද්ද කියලා තමුසෙත් ඒ දේ කරගෙන බලනවා...එක්කො ඕන නෑ...ඊට පස්සේ බූරුවෙක් වගේ ඒකත් කරගනී...ඔව් මට රිදුනා...ඒ වෙලේ විතරක් නෙවෙයි තමුසේ අලි පැටියෙක් වගේ මගේ ඇගේ එහා මෙහා වෙනකොටත් මට රිදුනා...එහෙම නොවෙන්න මං කලින් ඕවා පුරුදු වෙලා නෑනේ...''



එසේ කියා ඉවරවනවාත් සමග ආදිත්‍ය නැවත වතාවක් ශනායාව වැලදගත්තේය...



''ආදිත්‍ය මං කියලා තියෙනවා...''



''ෂ්ෂ්...මං ඔයාව හග් කලේ යාළුවෙක් විදියට...ඔයා යාළුවෝ හග් කරන්න එනකොට මෙහෙම කෑ ගහනවද...''



''යාළුවෝ වෙනයි ඔයා වෙනයි...මං දන්නවා ඔයාට මට ආදරේ කරන්න බෑ කියලා...ඒත් ඒක මගේ යටි හිතේ තැන්පත් වෙන්න තව ටික කාලයක් යයි...''



'' ඔයා කෑගැහුවට පස්සේ මගේ හිතේ තිබ්බ බර ටිකක් සැහැල්ලු වුනා වගේ...''



''මෙතන ඉස්සරහින් වාඩිවෙලා ඇස් පියාගන්න...''



''ඒ මොකටද...''



''හිත සන්සුන් කරගන්න විදියක් කියලා දෙන්න...බය වෙන්න එපා මම මෙතනින් පැනලා යන්නේ නෑ...''



ආදිත්‍ය ඒ අසලින් එරමිණියා ගොතාගෙන වාඩි වී භාවනා කරන්න මෙන් අත් දෙකත් තියාගෙන දෑස් පියාගත්තේය...



''හොද හුස්මක් අරන් පහත දාන ගමන් හිත එක තැනක තියාගන්න ට්‍රයි කරන්න...මේ වටපිටාවේ ඇහෙන සද්දෙට විතරක් ඇහුම්කන් දෙන්න...වෙන වෙන දේවල් හිතන්න යන්න එපා...ඔයාගේ හිත සන්සුන් කියලා ඔයාට හිතෙනකම් ඔය විදියටම කරන්න...''



එතනින් එහාට ආදිත්‍ය පිටත ලෝකය අමතක කර ශනායා කියූ ආකාරයට භාවනා කරන්නට පටන් ගත් අතර ඔහු නැවත දෑස් හරින විට ශනායා සිටියේ දියපාර අසල දණ ගසාගෙන පැතලි ගල් කිහිපයක් එක උඩ එක තබමින්ය...


( මේ වගේ...)



''ඔය මොකද්ද කරන්නේ...''



''මේකත් එක විදියක මයින්ඩ් එක රිලැක්ස් කරන මෙතඩ් එකක්...''



''එහෙනම් දැන් එන්න, ගෙනාව කෑම කාලා අපි ආයේ යන්න ඕන...'' ගමන් මල්ලෙන් සැන්ඩ්විච් දැමූ පෙට්ටියක් එලියට ගෙන එය ශනායා දෙසට දික් කල ආදිත්‍ය කීවේය...



''Thank you...''



''ශනායා ඔයා එදා කිව්ව නේද නැතිවෙච්ච පවුලේ අයත් එක්ක කතා කලා කියලා...ඒ කොහොමද...''



''භාවනා කරන විදිය මට ඉස්සර ඉදන් පුරුදු කලේ මාමා...කරාටි ක්ලාස් යන්න පටන් ගත්තාම මම ආයේ අංගම්පොර ගැන ඉගෙන ගත්ත දේවල් මතක් කරගත්තා නේ...එතකොට භාවනා කරද්දි මට මාමාව පෙනුනා....ඊට පස්සේ ටික කාලයක් යනකොට මට සීයවයි අම්මයි පෙන්න ගත්තා...හැබැයි මං හැසිරිච්ච විදිය නිසා එයාලා මාව දාලා ගියා...මං හිතන්නේ නෑ ආයේ මං ලගට එයි කියලා...ඔයා ඇස් වහන් හිටිය වෙලෙත් මං ට්‍රයි කලා ඒත් හරි ගියේ නෑ...ඒ නිසා තමයි මම අතන අර වගේ stone cairn එකක් හදන්න ගත්තේ...''



''අංගම්පොර වලදි මැරිච්ච අය එක්කත් කතා කරන්න උගන්වනවද...''



''ඒක මං දන්නේ නෑ ආදිත්‍ය...අංගම්පොර කියන්නේ මේ ලෝකේ තරම් විසාල දෙයක් නම් මම ඉගෙන තියෙන්නෙ ලංකාව තරම් පොඩි ප්‍රමාණයක් විතරයි...මම ඉගෙන ගෙන තියෙන ප්‍රමාණයට වඩා ඉගෙන ගන්න බැරිවෙච්ච තරම ගොඩයි...මට භාවනා කරන්න ගත්තාම තමා මාමාව පෙන්න ගත්තේ ඒක කොහොම වුනාද කියන්න මං දන්නේ නෑ...''



''මං මෙහෙම කිව්වොත්, ඔයා අංගම්පොර වලට වඩා කරාටි ගැන හොදට දන්නවා...''



''හරියටම හරි...අංගම්පොර කියන්නේ සටන් කලාවක් විතරක් නෙවෙයි...ඒක ඇතුලේ තියෙනවා සිංහල වෙදකම,මන්ත්‍ර,නැකත් හදන විදිය,නිල වෙදකම,දේහ ධර්ම විද්‍යාව වගේ ගොඩක් දේවල්...මං ඕවා ගැන අහලා විතරයි තියෙන්නේ...''



''දේහ ධර්ම විද්‍යාව කියන්නේ මොකද්ද...''



''Body language කියලා අහලා තියෙනවද...ඒ කියන්නේ කවුරුහරි මනුස්සයෙක්ගේ ඇග දැක්කම ඒ කෙනා මොනවගේද කියලා කියන්න පුළුවන්...මිනිස්සුන්ගේ ඇගේ උපන්ලප තියෙන තැන් අනුව එයාලගේ ගතිගුණ කියන්න පුළුවන්...''



''අර මිනිස්සු දෙන්නව මරලා ඔයාගේ තාත්තා කරලා තියෙන්නේ එසේ මෙසේ අපරාධයක් නෙවෙයි...''



''සහතික ඇත්ත...ඔයා දන්නවද නිල වෙදකම හරියට ඉගෙන ගත්ත මනුස්සයෙක්ට පුළුවන් ඉංග්‍රිසි බෙහෙත් වලින් හොද කරන්න බැරි ලෙඩ හොද කරන්නත් postmortem එකේදිවත් හොයාගන්න බැරිවෙන විදියට මිනිහෙක්ව මරලා දාන්නත්...''



''බොරු...''



''දැන් මෙතන අංගම්පොර ගැන දන්නේ ඔයාද මමද...''



''ඔයා...ඒත් මේ කතාව මං විශ්වාස කරන්නේ කොහොමද...''



''මම හිතන්නේ ලංකාවේ තාම ඉන්නවා ඔය වෙදකම කරන තෙරපිස්ට්ලා...එයාලට කියලා ඇගේ නිල තියෙන තැන් හරියට මසාජ් කරගත්තොත් බෙහෙත් වලට හොද කරන්න බැරි ලෙඩ හොද කරගන්න පුළුවන්...අනික් අතට අපේ ඇගේ මාරක නිල තියෙනවා...එතනින් එක තැනකට පාරක් වැදුනොත් බේරෙනවා බොරු...මං දන්න විදියට නිල වලට පහර දීලා ගෑනු අයව මරන එක ලේසි නෑ...''



''ඇයි ඒ...''



''අපේ ඇගේ මාරක නිල තියෙන්නෙ හැංගිලා...එක තැනක් තමා පපුව මැද්ද...ඒකනේ පොඩි කාලෙදි කියන්නේ පපුව මැද්දට ගහන්න එපා,වද්දගන්න එපා කියලා...ලොකු වෙනකොට පපුව හැදෙන නිසා ඒ නිල මස් වලට වැහිලා යනවා...හැබැයි පිරිමි අයගේ එහෙම නෑ එයාලගේ ගොඩක් මාරක නිල එලියේ තියෙන්නේ...මෙහෙම කිව්වට මුකුත් හිතන්න එපා...''



''හිතන නොහිතන එක මගේ වැඩක් නේ, ඔයා කියන්න හැදුව දේ කියන්න...''



''හිතුවත් මට වැඩක් නෑ...මේකයි එදා මං පිහිය තද කලේ ඔයාගේ ඇගේ මාරක නිලයක් තියෙන තැනකට...''



''What the f#ck...''ඇහිබැමි දෙකත් උඩට ඉස්සු ආදිත්‍ය කීවේය...



''මට කේන්ති ගිය නිසයි එහෙම කලේ...''



''කෝකටත් අපි දෙන්නා අඩි දෙකක් දුරින් ඉමු...''



''බය වෙන්න එපා සුදු මහත්තයෝ...ඔයා මට කරදර කරන්නේ නැති තාක් මගෙන් ඔයාට කරදරයක් නෑ...''කියූ ශනායා ආදිත්‍යගේ අතේ තිබු කෝපි බෝතලය ගෙන උගුරක් බිව්වාය...



''මට දැන් හිතෙනවා ශනායා ඔයාව කිඩ්නැප් කරන්නේ නැතුව ඔයාගේ අයියව කිඩ්නැප් කලා නම් මට මේ ප්‍රශ්න එකක්වත් නැතිවෙයි කියලා...''ආදිත්‍ය එසේ කියා නිමවනවාත් සමගම ශනායාගේ මුහුණේ ඉරියව් වෙනස් විය...



''අපේ අයියව...No way...Eww...''කියූ ශනායා ඔළුවත් දෙපසට ගැසුවාය...



''ඇයි මොකද...''



''මුකුත් නෑ වැඩිය හිතන්න එපා...''



ශනායා අදහස් කල දේ ආදිත්‍යගේ මොලේට යන්න තවත් ටිකවෙලාවක් ගියා...නමුත් ඇගේ සිතුවිලි වැටහිච්ච මොහොතේම,



''How dare you Shanaya? ඒකත් තමුසෙගෙම අයියව...ඇමරිකාවට ගිය ගමන් Psychologist කෙනෙක්ව හම්බවෙනවා...'' යනුවෙන් ඔහු කෑගැසුවේය...



''ඒක කරන්නත් මුලින් එහෙට යන්න ඕන නේ...බය වෙන්න එපා ආදිත්‍ය, කිව්වනේ මං ඔයාට කිසිම කරදරයක් කරන්නේ නෑ...කොහොමත් ගැරඩි මරලා පව් පුරවගන්න කෙනෙක් නෙවෙයි මං...''



''මටද ගැරඩියා කිව්වේ...තමුසේ මීට ටික වෙලාවකට කලිනුත් මට අලි පැටියා කියලා කිව්වා...''



''තොප්පිය හරි නම් දාගන්න එකයි ඇත්තේ...''



මෙවැනි කතාබස් මැද්දෙන් ඔවුන් දෙදෙනා එක්ව රැගෙන ආ කෑම සියල්ලට වගකිව්වෝය...



🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓


මම අංගම්පොර ගැන අහලා තියෙන දේවල් තමා මම මේ කතාවේ ලියන්නේ...මං ඒ ගැන ලොකුවට දන්න කෙනෙක් නෙවෙයි...ඔයාලත් අංගම්පොර ගැන තව දැනගන්න කැමති නම් Google search කරලා බලන්න...එහෙම නැත්තන් දඩුබස්නාමානය, අකාල සන්ධ්‍යා වගේ පරණ ටෙලිඩ්‍රාමා තියෙනවා හොයාගෙන බලන්න...කොහොමත් දැන් ටීවී එකේ යන ඒවට වඩා ඒ ඩ්‍රාමා දෙක හරිම ලස්සනයි...


විසිවන කොටසින් හමුවෙමු....



මම ඕෂධී...✍️


Report Page