Kidnapped by Love-1
ඕෂධී🌸✍
🍓Chapter-1
වේලාව සවස හය පසු වී මිනිත්තු කිහිපයක් ගතවී තිබුණි...මුළු කොළඹ අහසම තද රතු පැහැයක් ගත්තේ සූර්‍යයා තව සුළු මොහොතකින් මුහුදේ සැගවී යාමට නියමිත බව කීමට මෙන්ය...දවසේ කුමන වේලාවක වුවත් කාර්‍යයබහුල ස්වරූපයක් ගන්නා කොළඹ නගරය මේ වනවිටත් ඒ කාර්‍ය්‍යබහුල බවින් මිදී තිබුණේ නැත...
කොළඹ පිහිටි සුඛෝපභෝගී සාප්පුවකින් එම සාප්පුවේ නම සදහන් කල බෑග් කිහිපයක් හා Prada වර්ගයේ තරමක් විශාල අත්බෑගයක්ද අතින් ගෙන තරුණියක් පිටතට පැමිණියාය...ඇගේ කොණ්ඩය පිට මැද්දට වන තෙක් කෙටි කර තිබුණි... ඇය සුදු පැහැ cargo pant එකක් හා කළු පැහැ Flowy Top එකක් හැද, සුදුපැහැ සපත්තු ජෝඩුවක් පැලද සිටියාය...තවද දෙකනේ හා බෙල්ලේ ඉතා සරල රත්‍රන් කරාබු ජෝඩුවක් හා රත්‍රන් මාලයක් දමා උන් අතර මාලයේ පෙන්ඩන්ට් එක ලෙස තිබුනේ මෙරුන් පාට හාට් එකකි...මේ සියල්ලෙන්ම හා ඇගේ සමේ වූ පැහැපත් බවද ඈට ගෙන ආවේ කෙනෙකු දෙපාරක් හැරී බලන රූපයකි...තව දුරටත් කියනවා නම් අතේ පැලද සිටි රන් පැහැ ඔරලෝසුවෙන් ඇය ධනවත් පවුලක දැරියක් බව ඕනම කෙනෙකුට කිව හැකිය...
සාප්පුව ගැන කියනවා නම් කොලඹ සිටිනා සල්ලිකාරයන්ට හා විදේශිකයන්ට පමනක් එහි ඇති දෑ මිලදී ගැනීමේ හැකියාවක් තිබුණි...මේ සාප්පුව වෙත බොහෝ වේලාවට පැමිනෙන්නේද මැති ඇමතිවරුන්ගේ ආර්‍යාවන් හා ඔවුන්ගේ දූදරුවන්,කලින් කියූ ධනවත් ව්‍යාපාරිකයන්ගේ පවුල් වල උදවිය හා විදේශිකයන් පමණි...සාමාන්‍ය මනුස්සයකුට නම් එහි එක ඇදුමක මිලට සමානව විශාල ඇදුම් තොගයක් කොලඹ කොටුවෙන් හෝ මහරගම පමුණුවෙන් මිලදී ගැනීමට ඇති හැකියාව ඉතා වැඩිය...ඉහත කී තරුණිය බෑග් සියල්ලම රැගෙන මේ සාප්පුව වෙත පැමිණි තමා වෙන් කරගත් කාරයේ ඉදිරිපස අසුනින් වාඩි වූවාය...
''ඔයා කවුද....මේ ටැක්සි එකේ කලින් හිටිය ඩ්‍රයිවර් තමුන් නෙවෙයි නේ...'' ඇය රියදුරු ආසනයේ සිටි පුද්ගලායාගෙන් ඇසීය...
''මැඩම් මං තමා මීට කලිනුත් හිටියේ....ඇයි මතක නැද්ද...''
''බොරු කියන්න එපා මනුස්සයෝ...ඔහොම ඉන්නවා මං මේ කාර් එක බුක් කරපු ඇප් එක බලනකන්...''කියමින් ඇය දුරකථනය විවෘත කර අදාල ඇප් එක පිවිසුණි...
''what the hell...Thank you for the payment...මං කොයි වෙලේද ඩ්‍රයිව් එක ඉවර- '' ඇයට කීමට ආ දෙය ඉවර කරගැනීමට ඉඩක් නොතබාම එක්වරම කවුරුන් හෝ ලේන්න්සුවක් ඇගේ මුහුණට තද කල අතර දැගලීමකින් තොරවම ඈ සිහිසුන් විය...
රාත්‍රී එකොලහ වීමට තවත් මිනිත්තු දහයක් තිබියදි රොජර් හෙට්ටිආරච්චි ඇමතිගේ නිල වාහනය ඔහුගේ නිවසට ඇතුල්වුනි...තමන්ගේ ආරක්ෂකයන්ට එලියට වී සිටින ලෙස අතින් සංඥා කල ඇමතිතුමා නිවස තුලට පැමිණියේය...
''ආ... අම්මයි පුතයි නිදාගන්නේ නැතුව ලොකු කයියක වගේ...''කියමින් ඔහු සාලයේ වූ සෝෆා එකේ තමන්ගේ බිරිදට එහා පැත්තෙන් හිදගත්තේය...
''නිදාගන්න පුළුවන්ද රොජර් ටිවී එකේ නිවුස් දැක්කම...මොනවද අර විපක්ශේ අය කියන කතා...''
''රෙබෙකා...මං හැමවෙලේම කියනවා ඔයා දන්න දේශපාලනෙයි,මං කරන දේශපාලනෙයි දෙකක් කියලා...ඔයා දන්නේ ටිවී එකේ යන ඒවා උනාට ඇතුලේ වෙන ඒවා දන්නේ මං විතරයි...ඒ නිසා මං හම්බ කරලා දෙන දෙයින් කාලා බීලා විනොදෙන් ඉන්න අනවශ්‍ය ප්‍රශ්න අහන්නේ නැතුව...''
ඉන්පසුව ඇමතිගේ අවධානය යොමු වුනේ තමන්ට ඉදිරියෙන් ඇති අසුනේ වාඩි වී දුරකථනය වෙත අවධානය දීගෙන සිටින වයස අවුරුදු විසිහයක තරුණයා වෙතය...ඔහු රොජර් හෙට්ටිආරච්චිගේ එකම පුත්‍රයා වන අතර නමින් ජේඩන් අයෝධ්‍ය හෙට්ටිආරච්චි විය...
''ජේඩන් කෝ ශනායා...ඇමරිකාවේ ඉදන් ඇවිත් තාම දවස් තුනක් උනාට මට තාම කෙල්ල එක්ක හරියට කතා කරන්නවත් බැරි උනා...''
''ඔයාටත් ඉතින් ශනායව තමා ලොකු...''
''ලොකුයි තමා ගෑනියේ ඒ මට ඉන්න එකම කෙල්ල...''
''මං දන්න එකම කෙල්ල වෙන්න ඇති සමහරවිට...''
''රෙබෙකා මං එක පාරකුත් කියලා තියනවා...''
''දෙන්නම ඕක නතර කරගන්න...ලැජ්ජ නැද්ද තාමත් ඕවට රණ්ඩු කරගන්න...ඩැඩා ශනායා තාම ගෙදර ආවේ නෑ...එයා කාව හරි හම්බවෙන්න යන්න ඇති සමහරවිට...''
''කාවහරි හම්බවෙන්න ගිහින්ද කාත් එක්ක හරි පැනලා ගිහින්ද දන්නේ නෑ...''
නිවස ඇතුලේ වන සංවාද ඇසීමට කිසිම සේවකයකු මේ වන විට නිවස තුල සිටියේ නැත...සාමාන්‍ය මනුස්සයෙක්ට ඇමති නිවසක් කීවාම වැඩ කිරීමට සේවකයෝ බොහෝ පිරිසක් ඉන්නවා යැයි ඇතැම් විටක සිතෙන්නට පුළුවන...නමුත් මේ හෙට්ටිආරච්චි නිවස ඊට හාත්පසින්ම වෙනස් විය... ඇමතිතුමන්ගේ ආරක්ෂකයෝ පිරිස ඇරුනාම නිවසේ හා මිදුලේ වැඩ කිරීමට සිටියේ සීතා නම් වයස අවුරුදු පනස් පහකට ආසන්න කාන්තාවක් පමණි...ඇමතිත් ඔහුගේ බිරිදත් ඇය අමතන්නේ සීතා කියා වන අතර ජේඩන්ට හා ශනායට ඇය සීතම්මා විය...තමන්ගේ අම්මට තරම් ඔවුන් දෙදෙනා සීතාට ආදරය කරන්නෝය... සීතම්මාට වෙනම කාමරයක් ගෙදරින් පිටත තිබුණි...ඇය සාමාන්‍යයෙන් අත්‍යවශය වුවොත් ඇරෙන්න රෑ දහයෙන් පසු ඇගේ කාමරයෙන් එලියට බහින තැනැත්තියක් නොවේ...කෙසේ වුවද සීතාම්මාවත් ආරක්ශකයෝ පිරිසවත් නොදන්නා බොහෝ රහස් මේ හෙට්ටිආරච්චි නිවස තුල සැගවී ඇත...ඒවා දන්න පිරිස ඉතාම අතලොස්සක් විය...ඔවුන්ගෙන් කෙනෙක් ඒ රහස් පිලිබද හෙලිකලොත් සිදුවන්නේ රොජර් හෙට්ටිආරච්චි විසින් අදාල පුද්ගලයාගේ මලගමේ සියලු වැඩ කටයුතු සංවිධානය කරදීමයි...
''මමා ප්ලීස්...නංගි ගැන ඔහොම කතා කරන එක නවත්තන්න...ඔයාමයි කිව්වේ නංගිව මේ ගෙදරින් යවන්න කියලා...පස්සේ ඩැඩා ඒ කෙල්ලව ගිහිල්ලා නොදන්න රටක අතෑරලා දැම්මා...එතනින් පස්සේ කොලේජ් එකේ මිටින් එකකටවත් ඔයාලා කවුරුහරි ගියාද...හාවා හද දකින්න වගේ ඔයාලා දෙන්නා එයාව බලන්න ඕන නම් දෙතුන් පාරක් යන්න ඇතිනේ...ඩැඩා මහලොකුවට කිව්වේ කොහොමද ක්‍රිස්ටිනා ආන්ටි ඉන්නවා එයාව බලාගන්න කියලා...බලාගෙන ගියාම එයාට වැඩිය මනුස්සකම සුද්දෙක් වෙච්ච ජෝසප් අංකල්ට තිබ්බා...ඒ නිසයි ශනායා අපි එක්ක මෙහෙම හරි කතා බහ කරලා ඉන්නේ... ඒ කෙල්ල තනියම එහෙදි කරගෙන තියෙන දෙවල් දකින්නවත් ඔයාලට පිනක් නෑ...මං ඒ දේවල් දැක්ක කෙනෙක් නිසා කියන්නේ මමා, ශනායට මුකුත් කියන්න එපා...''
''අපි කවුරුත් එයාව බලන්න ගියේ නැති නිසාමයි මං කියන්නෙ එහේ ඩැඩාගේ සල්ලි කකා මොන නාඩගම් නැටුවද දන්නේ නෑ කියලා....''
''ඩැඩා ඔයා යැව්ව සල්ලි ඇරුනාම, ශනායා කොලේජ් එකෙන් අවුට් උනත් හරි ඔයාගෙන් අරකටයි මේකටයි කියලා සල්ලි ඉල්ලගෙන තියෙනවද...''
නෑ කීමට මෙන් හෙට්ටිආරච්චි ඇමති හිස දෙපසට සෙලෙව්වෙය...
''ඒකනේ එතනින් පස්සේ එයත් අනික් ලමයි වගේ පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා සල්ලි හොයලා...''
''සර් කවුද මනුස්සයෙක් කෝල් කලා...ඒ මනුස්සයා කිව්වා...එයා තව විනාඩි පහකින් කෝල් එකක් ගන්නවා...එතකොට ෆෝන් එක ඇමතිතුමා ආන්සර් කලේ නැත්තන් හෙට හවස් වෙනකොට සර්ට ගේ ඉස්සරහ සුදු කොඩියක් දාන්න වෙයි කියලා...''එතනට එක්වර පැමිනි ඇමතිගේ ගෝලයෙක් කීවේය...
''මොකාද අයිසේ මට තර්ජනය කරන එකා...''යනුවෙන් ඇමතිතුමා ඊලගට දුරකථනය ගෙන පරීක්ශා කලේය...නමුත් ඉන් ඵලක් නැත එම දුරකථන අංකය private number ලෙස දිස්වුනි...
''මං මේක බලාගන්නම් තමුසේ යනවා...''දුරකථනය ජේඩන්ගේ අතට දෙමින් ඇමති කිවේය...
මේ අතර ඇදුම් සාප්පුව අසල සිහිමුර්ජා වූ තරුණිය නොහොත් රොජර් හෙට්ටිආරච්චි ඇමතිගේ එකම දියණිය සෙමින් ඇස් හැරියාය...මත් බවක් හා ඔළුව බර ගතියක් ඈට දැනුනි...නමුත් තමා සුවිසල් කාමරයක මැද තිබෙන ඇදක දිගා වී ඇති බව නම් ඈට පසක් විය...ඒ සමගම වාගේ කොහේදෝ සිට කාමරයට පුරුෂයෙක්ද ඇතුල්විය...ඔහුගේ උඩුකය නිරුවත් වී තිබූ අතර ඔහු හැද සිටියේ කළු දිග කලිසමක් පමනි...අඩවන් දෑසින් ඈ ඒ පිරිමී උඩුකය දෙස බැලුවාය...ඔහුට පලල් උරහිසක් හා මස් ගොබ පිරුණු සවීමත් දෑතක් මෙන්ම පපුවක්ද හිමි විය...ඔහුට තිබුනේද ඈට නොදෙවනි වන පැහැපත් සමකි...ඒ නිසාම ලයිට් එලිය වැටුන උඩුකය තුලින් ඔහුගේ කඩවසම් බව මනාව පෙනුනි...ඔහු ඒ අසල පුටුවක් මත තබා තිබූ සුදු පැහැ අත්දිග ශර්ට් එකක් ගෙන අදින්නට විය...කෙසේ හෝ දැරිය සෙමින් නැගිට ඇදේ වාඩි වුනාය...
''ආ මිස් ශනායා මන්දෝදරි හෙට්ටිආරච්චි....හොදට නින්ද ගියාද ඉතින්...'' අර කඩවසම් පිරිමියා තම මුහුණ දැරියගේ මුහුණ අසලට ලං කරගෙන ඇසුවේය....ඔහුගේ මුහුණ ශනායා හරියට දැක්කේ එවිටය...කළුපාට ඇස්,නලලට වැටි තිබුණි කෙස් හා සම්පූර්ණයෙන් මුඩු කරන ලද රැවුල මේ සියල්ලම ඔහුට ගෙන ආවේ අමුතුම කඩවසම් බවකි...
''මං කොහෙද මේ ඉන්නේ...''
''තමුන් ඉන්නේ මගේ පුංචි ගෙදර...මගේ නිදාගන්න කාමරේ ඇද උඩ...''
''තමුසේ මට මොනාවද කලේ...''කියමින් ශනායා තමන්ගේ ඇග දෙස බැලුවාය..නමුත් ගෙදරින් පිටතට යාමට පෙර තමන් හැදගත් ඇදුම ඒ ලෙසම තිබෙනා බව දුටු විට ඈට මද සහනයක් ලැබුනි....
''තාම මං මුකුත් කරේ නෑ...කරන දේ තීරණය කරන්නේ ඔයාගේ තාත්තා...අපි ඔක්කොටම ඉස්සෙලා එයාට කෝල් එකක් ගමු...'' යනුවෙන් කියූ කඩවසම් තරුණයා ඊලගට ශනායාව තම දෝතින් ගෙන ඒ අසල වූ පුටුවකින් වාඩි කරවූයේය..ඇගේ දෑත් පුටුව පිටුපසට ගෙන බැද දැමූ ඔහු තමන්ගේ ජංගම දුරකථනය අතට ගත්තේය....
🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓
මේ ලියන විදිය හොදයිද කියලා අදහසක් ප්‍රකාශ කරගෙන යන්න...
දෙවෙනි කොටසින් හමුවෙමු...
මම ඕෂධී...✍️