Kidnapped by Love-18

Kidnapped by Love-18

ඕෂධී🌸✍


Chapter-17



🍓Chapter-18



''ඔන්න දැන් නම් ලගයි...''



''ඒ ඔයා එදා කිව්ව වතුර පාරේ සද්දේ ද...''



''ඔව්...ඇයි අද ඒ සද්දේ ඇහුනේ නැද්ද...''



''අද ඉතින් මයින්ඩ් එක රිලැක්ස් වෙලා තිබ්බේ නෑනේ...ඒවා ඇහෙන්න වටපිටාව calm වෙන්න ඕන...''



තව සුළු මොහොතකින් ඔවුන් දෙදෙනා පැමිණියේ ස්වභාව ධර්මය විසින් නිර්මාණය කල ඝන කැලයක් මැද සැගවී තියෙන ඉතාම සුන්දර ස්ථානයකටය...එම ස්ථානයේ තරමක් විශාල දියපහරක් ගලාගෙන යන අතර දෙපැත්තේ වැවී ඇති රූස්ස ගස්වල අතු එකිනෙක පැටලී ගලාගෙන යන ජලයට ස්වභාවික වියනක් තනා තිබුණි...ඒ වියන අතරින් හිරු එලිය පෙරී වීදුරු මෙන් පැහැදිලි වතුර උඩට වැටී තිබුණි...



''Wow...unbelievable...මෙතන මාරම ලස්සනයි නේ ආදිත්‍ය...''



''Not bad, huh ?''කරේ එල්ලාගෙන සිටි මල්ල ගලක් උඩින් තබමින් ආදිත්‍ය කීවේය...



''Of course...''



ඉන්පසු ආදිත්‍ය තමන් හැද සිටි ටීශර්ට් එක ගලවා ඔහුගේ ගමන් මල්ල උඩින්ම තැබුවේය...



''ඔය මොකද්ද කරන්න හදන්නේ...''



''ශර්ට් එක ගැලෙව්වා...මොකක් කලා වගේද පේන්නේ...''



''ඒක මං දැක්කා...මං ඇහුවේ ශර්ට් එක ගැලෙව්වේ මොකටද කියලා...''



''ශර්ට් එක ගැලෙව්වේ වතුරට බහින්න...''කියූ ආදිත්‍ය කෙමෙන් කෙමෙන් දිය පහර මැදට වන්නට ගියේය...ශනායා නම් අසල වූ කළු ගලක් මතින් වාඩි වූවාය...



''Come on ශනායා ඔයා වතුරට බහින්නේ නැද්ද...''



''මං කොහොමද වතුරට බහින්නේ...''



''මං වතුරට බැස්ස විදියට...''



''ඔයා හරියට ආස ඇති නේද...හොද සිහියෙන් ඉන්නකොටත් මාව අර විදියට ආයේම දකින්න...''



''Absolutely you have a dirty mind...කවුද ඔයාට ඇදුම් ගලවන්න කිව්වෙ...තමුසෙත් එක්ක ඉදලා මාවත් නරක් වෙයි අන්තිමේදි...''



''නරක් වෙන්න තමුසේ කෑමක්ද...''



''කියවිල්ල නවත්තලා ඔය ඇදන් ඉන්න එක පිටින් වතුරට බැහැපන්, නැත්තන් නිකන් හිටපන් මං ගොඩට එනකන්...''



''ඉතින් තමුසේ වතුරට බැස්සේ ශර්ට් එක ගලවලා නේ...''



''කැමති නම් ඒ විදියට කරනවා...කොහොමත් මං - මුකුත් නෑ...තමුසේ කැමති දෙයක් කරනවා...''



ඉන්පසු ආදිත්‍ය ජලයේ ඒ මේ අත පීහිනන්නට වූ අතර ටික වෙලාවක් ඒ දෙස බලා සිටි ශනායාටද පිහිනීමට ආසාවක් ඇති වුනි...වාඩි වී සිටි තැනින් නැගිට දිය පාර වෙත ආව ශනායා මුලින්ම කකුලක් වතුරට දාලා බැලුවා...



''ස්ස්...ගොඩක් සීතලයි නේ...ඔයා කොහොමද ගානක් නැතුව ඉන්නේ...''



''ටික වෙලාවකින් ඒක හරියනවා...කෝ මෙහෙට එන්න...''කියූ ආදිත්‍ය නැවත ඉවුර දෙසට පැමිණ ශනායාගේ අත් දෙකෙන්ම අල්ලාගෙන ඈව වතුරේ මැද හරියකට වෙනකන් ගෙනාවේය...



''මෙතනින් එහාට යන්න එපා...ගැඹුරුයි...අනික් එක ඊයේ වැස්ස නිසා වතුර ලෙවල් එක ටිකක් වැඩි වෙලා ඇති...''



''මේක ගගක්ද, ඇලක්ද...''



''මං හිතන විදියට මේක මහවැලි ගගේ අතු ගංගාවක්...මේ කැලේ කොහේ හරි තැනක තියෙන උල්පතකින් වතුර මේ විදියට ගලාගෙන ඇවිත් මහවැලි ගගට එකතු වෙනවා ඇති...''



''ඔයා කොහොමද මේ තැන ගැන දැනගත්තේ...''



''ගෙදර හදනකොට ඉඩම සුද්ද කරන්න ආව ගමේ මනුස්සයෙක් මාව මෙතනට එක්කගෙන ආවේ...''



''ඒ කියන්නේ මෙතන මිනිස්සු යන එන තැනක්ද...''



''කීයටවත් නෑ...මේක මේ කැලේ ඇතුලේ හැංගිලා තියෙන තැනක්...''



''ඒක හොදයි...සමහර දේවල් ලස්සන හැංගිලා තියෙන තරමට...''



''ම්ම්ම්-උඩට වෙන්න පොකුණක් වගේ තැනක් තියෙනවා අපි ගෙදර යනකොට ඒ පැත්තෙන් යමු...''



''ගෙදර තියන ඉඩම ඔයා සල්ලි දීලා ගත්ත එකක්ද...''



''නෑ...ඕක අපේ තාත්තට පරම්පරාවෙන් හම්බවෙච්ච මේ පැත්තේ තියෙන ඉඩමක්...ඔතනට යන එන පාර වාහන දෙකක්වත් මාරු වෙන්න බැරි පොඩි පාරක්...ඒ නිසාම තාත්තගේ අලුත් වයිෆ් කියලා ඒ ඉඩම එයාගේ ලමයින්ට නම් එපා කියලා...ඉතින් තාත්තා ඒක මගේ නමට ලිව්වා...මම ඉතින් එතන ඔය ගේ හැදුවා...''



''ඒ වුනාට ඒක අසාධාරණයි ආදිත්‍ය...ඔයානේ තාත්තගේ පලවෙනි ලමයා...''



''මට ඒක ගානක් නෑ...මං කැමති නෑ ඒ ගෑනිගේ ලමයි වගේ තාත්තගේ සල්ලි වලින් කාලා බීලා ඉන්න...තාත්තා මට දුන්න දේ මං අරගත්තා...ඊට පස්සේ මං හම්බකරපු ඒවගෙන් ගෙදර හදාගත්තා...එතනින් එහාට දේවල් එයාලට වැඩක් නෑ...''



''එයාලා මෙහෙට එයිද...''



''නෑ බය වෙන්න එපා...Let's enjoy this moment...''කියූ ආදිත්‍ය ශනායා දෙසට වතුර පාරක් එල්ල කල අතර ඉන්පසු එතන එකම පොර පිටියක් විය...ඇති තරම් වෙලා ජලයේ පිහිනූ දෙදෙනා ඉන්පසුව ගොඩට ආවෝය...




''ආ මෙන්න ටවල් එක...හොදට පිහදගන්න නැත්තන් ඔයාට සීතල අල්ලයි...'' ගමන් මල්ලෙන් තුවායක් එලියට ගත් ආදිත්‍ය එය ශනාය දෙසට විසිකරමින් කීවේය...



''මෙතනට කූඩාරමක් එක්ක ගිනිමැලෙකුත් තිබ්බ නම් හවසට ලස්සනට තියෙයි නේද...'' කොණ්ඩය පිහදාන අතරතුර ශනායා කීයූ අතර ආදිත්‍ය,



''ගිනිමැල ගහන්න වේලිච්ච කෝටු ඕන...අනික රෑට හයියෙන් වැස්සොත් කූඩාරමත් එක්ක හේදිලා යයි...''යනුවෙන් කීවේය...



නමුත් ඔහුගේ දෑස තිබුනේ ශනායාගේ ඉන වෙතටය...ටොප් එක මදක් ඉස්සි තිබූ නිසාවෙන් නිරාවරණය වූ ඉනේ දකින්නට ලැබෙන පිලිස්සුම් තුවාලය දෙස බලා ආදිත්‍ය සුසුමක් හෙළුවාය...නමුත් එය ශනායාගේ උකුසු ඇසට හසුවුනි...එසැනින් ඈ ටොප් එක පහලට ඇද එය වසාගත්තාය...



''මොකද ඔහොම බලන්නේ...''



''ශනායා...'' ඇය අසලට එමින් ආදිත්‍ය කීවේය...



''ම්ම්...''



''ඔයාට ගොඩක් රිදුණද ඒ වෙලේ...''



🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓



දහනවවන කොටසින් හමුවෙමු...



මම ඕෂධී...✍️


Report Page