Kidnapped by Love-17

Kidnapped by Love-17

ඕෂධී🌸✍



Chapter-16



🍓Chapter-17



''අනේ පනේ නෙවෙයි, විනාඩි පහලවක් දෙන්නම්...ලෑස්තිවෙලා පහලට එනවා...නැත්තන් අද දවසත් මේ ගේ අස්සට වෙලාම ඉමු...''



''හරි හරි ඕකට ඔච්චර කෑගහන්න ඕන නෑනේ...''කියමින් ශනායා ඇදෙන් බැස්සාය...



''මතක ඇතුව කැලේ ඇතුලේ ඇවිදින්න පුළුවන් විදියේ ඇදුමක් ඇදගෙන එන්න...''



''අර රතු මල් තියෙන ගවුම හොදයිද...''අහිංසක බැල්මක් ආදිත්‍යට දෙමින් ශනායා ඇසුවාය...



''තමුසෙට හොදයි නම් මට මොකද...''කියූ ආදිත්‍ය මහ හඩින් දොර වසාගෙන කාමරයෙන් පිටතට ගියේය...



මුහුණ සෝදාගෙන Tank top එකක් හා කොට ඩෙනිම් කලිසමක් ඇදගත් ශනායා තමන්ගේ සපත්තු ජෝඩුවද පැලදගත්තාය...හිතේ කුතුහලය නිසාවෙන්ම විනාඩි පහලවක් ගත වීමටත් පෙර ඇය පහල තට්ටුවට පැමිණියාය...



''ඔයා hike එකකට ගැලපෙන විදියටම ඇදලා...ආ මේ තේ එක බොන්න...''කිචන් කවුන්ටර් එක මතින් තේ කෝප්පයක් තියන ගමන් ආදිත්‍ය කීවේය...



''ඇදුම් ගන්න ගිය දවසේ කිඩ්නැප් කරපු නිසා හොදයි... කෑම කන්න එලියට ගියපු වෙලාවක වගේ මාව කිඩ්නැප් කලා නම් එකම ඇදුමෙන් ඉන්න එපැයි දවස් ගානක් යනකන්...''



''ඒක ඔයාගේ වෙලාව... හැබැයි දැන් සපත්තු දාන්න එපා...''



''ඇයි ඒ...''



''ඕක අස්සට කූඩැල්ලො යයි...''



''මම කූඩැල්ලන්ට බය නෑ...''



''බය මගුලක් නෙවෙයි, කූඩැල්ලො කාලා තුවාල වුනොත් කියලා කිව්වේ...මගේ සෙරප්පු දෙකක් ඇති මං ඒක දෙන්නම්...''



''හා...ඇත්තටම අපි කොහෙද යන්නේ ආදිත්‍ය...''තේ කෝප්පය අතට ගන්නා ගමන් ශනායා ඇසුවාය...



''ඔයා ඊයේ කිව්වනේ ලෝකේ තියෙන ලස්සන තැන් බලන්න යන්න ආසයි කියලා...ඉතින් මම දැන් හදන්නේ මෙහෙ තියෙන එක තැනක් පෙන්නන්න...''කියන ගමන් ඔහු ඇලුමිනියම් බෝතලයකට කෝපි වක් කලේය...



''ඒ වුනත් ආදිත්‍ය...''



''බය වෙන්න එපා...අපිව කාටවත් අහුවෙන්නේ නෑ...අහුවුනත් අපි කියන්න ඕන අපි hike එකක් ආව අය කියලා...අපි දෙන්නා හොද යාළුවෝනේ,ඒක එහෙමයි නේද ශනායා...''



''ඔව්...''



''ඒකනේ...බය වෙන්න එපා ශනායා...මං කිව්වනේ ඔයාව කිඩ්නැප් කලාට මට ඔයාව බැදලා හිර කරලා තියන්න ඕන වුනේ නෑ කියලා...යාළුවෙක් එක්ක hike එකක් යනවා කියලා හිතාගෙන යමු...''කියූ ආදිත්‍ය කෝපි බෝතලය හා ලුණු කුඩු පැකට් එකක් කළු පාට බැක්පැක් එකක් තුලට දමා වැසුවේය...



''ලුණු කුඩු මොකටද...අපි කැලේ මැද්දේ උයාගෙන කන්නද හදන්නේ...''



''තමුසේ කූඩැල්ලන්වත් කනවද...බලාගෙන ගියාම ඔයාව කූඩැල්ලන්ගෙන් නෙවෙයි කූඩැල්ලන්ව ඔයාගෙන් පරිස්සම් කරගන්න වෙයි වගේ...''



''තමුසෙට ට්‍රැක් පැනලද...''



''අපෝ නෑ...මෙතන තියෙන්නෙ ඔයාට සාමාන්‍ය දැනීම නැති ප්‍රශ්නයක්...ලුණු ගත්තේ කූඩැල්ලො එල්ලුනොත් උන්ට ඉහින්න...එතකොට උන් හැලෙනවා මෝඩියේ...''කියූ ආදිත්‍ය ශනායාගේ නලල මැද්දට ඇගිල්ලකින් ඇන පඩිපෙල දෙසට දිව්වේය...



එසැණ ශනායා තමන්ගේ අත කොනිත්තා ගත්තේ තමන් දකින්නේ සිහිනයක් නොවන බවට පසක් කරගැනීමටය...ඉන්පසු ඇය තමන්ගේ නලලට හා බෙල්ලට අත තැබුවේ කලින් දවසක ඇති වුන උණ රෝගය තමන්ට නැවත වැලදී ඇද්දයි පරීක්ෂා කිරීමට මෙනි...කෙසේ හෝ තමන්ට උණ නොමැති බව හා තමන් සිටින්නේ පියවි සිහියේ බව ඈට වැටහුනි...



''නිදාගෙන නැගිටින පොඩි වෙලාවට මිනිහෙක්ට වෙනස් වෙන්න පුළුවන්ද...සමහරවිට එයා යාළුවෝ එක්ක හැසිරින්නේ මේ විදියට වෙන්න ඇති...කමක් නෑ එන විදියකට මූන දෙනවා...වැරැද්දක් කරගෙන ආවෝත් ආදරේ පැත්තක දාලා අණ්ඩක් කඩන්න නේ තියෙන්නේ...''යනුවෙන් ශනායා තමන්ටම කියාගත්තාය...



තවත් සුළු වේලාවකින් ආදිත්‍යද armless ටීශර්ට් එකක් හා කළු පැහැ කොට කලිසමක් ඇද පැමිනි අතර ඔහුගේ අමතර සෙරෙප්පු ජෝඩුවක් ශනායට දුන්නේය...



''හානේ හරි ශෝක් සෙරෙප්පු දෙක...තව එකෙක්ගේ කකුල් දෙක දාන්නත් ඉඩ තියෙනවා...''



''අහලා නැද්ද ශනායා නිකන් දුන්න අශ්වයාගේ දත් ගනින්න එපා කියලා...අනික මේ තමුසේ කොට මොඩ්ල් කියලා මං මොනවා කරන්නද...''කියූ ආදිත්‍ය අර මල්ල තමන්ගේ පිටේ එල්ලා ගත්තේය...



''අනේ මේ ආදිත්‍ය, දෙයියෝ කොහොමත් ගෑනුන්ව මවන්නේ පිරිමින්ට වඩා උස අඩු කරලා...නිකමට හිතලා බලනවා මේ ලෝකේ ඉන්න හැම ගෑනියෙක්ම පිරිමින්ට වඩා උස වුනොත්...චාටර් නේ...''



''දෙයියෝ කොහෙද බං මිනිසුන්ව මවන්නේ...සයන්ස් පීරියඩ් එක කට් කරලා ලව් කලාද ඉස්කෝලෙදි...''



''ඔය බෑග් එක පැත්තකට දාලා ඔතනින් වාඩි වෙන්නකෝ...''



''ඒ මොකටද...''



''යන ගමන නතර කරලා දාලා අපි දෙන්නත් එක්ක මැවුම්වාදය ගැනයි පරිණාමවාදය ගැනයි කතා කරමු...''



''එල්ලි එල්ලි හරි රණ්ඩු වෙන්න තියෙනවා නම් වෙන මුකුත් ඕන නෑනේ...මෙන්න මෙහේ එනවා යන්න...''කියූ ආදිත්‍ය ශනායාගේ අතින් ඇදගෙන ගෙදර පසුපස දොරින් එලියට බැස දොර වසා අගුළු දැම්මෙය...



පරිසරය තවමත් තෙත බවින් මිදී නොතිබුනද අහස එකදු වළාකුලක් නොමැති තරම් සුපැහැදිලි විය...ඔවුන් දෙදෙනා මිදුලේ වූ සියඹලා ගසද පසු කරගෙන කැලය ආරම්භ වෙන ස්ථානයට පැමිණියේය...



''ශනායා මගේ අතින් අල්ලගන්න...''



''ඔයාට මාව කැලයක් ඇතුලේ ඇවිදින්න බැරි පොඩි එකෙක් වගේ පේනවද...පාර වැරදී නම් විතරක් කියන්න...''කියූ ශනායා ආදිත්‍යට ඉස්සර වී ගමන් කරන්නට විය...



කන්දක් බැස පහලට යන්න තිබූ නිසාවෙන් ඒ ගමන හිතුව තරම් අමාරු වූයේ නැත...නමුත් එක තැනකදි දිය සෙවල සහිත ගලකට පය තිබූ ශනායව එක්වරම ඇදගෙන වැටුනි...



''ආව් කකුල...''කියමින් ඇය තමන්ගේ වම් කකුලේ වලලුකර අල්ලාගත්තාය...



''කිව්වේ නම් කොහොමද, ඔයාට මාව පොඩි එකෙක් වගේ පේනවද...යැයි යැයි තමා...කෝ බලමු කකුල...''කියමින් ඔහු ඇය අසල දණගසා ගත්තේය...



''කකුල හොලවන්න බැරි තරම් රිදෙනවද...'' ශනායාගේ කකුලේ වලලු කර තමන්ගේ අත් වලින් තද කරන ගමන් ආදිත්‍ය ඇසුවේය...



''එහෙම නෑ...''



''ආයේ ගෙදර යමුද...''



''ඕන නෑ...''



''ම්ම්ම්...මං බාම් එකක් ගෙනාවා ඒක ගාමු කකුලේ...තව ටිකකින් ආයේ ගමන පටන් ගමු...''කියූ ආදිත්‍ය කරේ තිබ්බ මල්ලෙන් බාම් එකක් අරගෙන ඇගේ කකුලේ ආලේප කරන්නට පටන්ගත්තේය... ඉන්පසු ටික වෙලාවක් එතන වාඩි වී සිටි ඔවුන් දෙදෙනා නැවතත් ගමන් ආරම්භ කලෝය...






''අනේ දැන්වත් ලගද...'' පැයක කාලය ඇතුලත ශනායා ඕක ආදිත්‍යගෙන් අහන්නේ කීවෙනි වතාවටද මන්දා...ඒ හැමවතාවෙම ආදිත්‍යගේ උත්තරේ වුනේ නෑ කියන එක...



''ලස්සන දේවල් ලගට ඉක්මනට යන්න බෑ...ඒවට කට්ටක් කන්න ඕන...''



''මේ කැලේ ඇතුලේ මොන ජාතියේ සත්තු ඉන්නවද කියලා මං කල්පනා කරනවා...ඔයා මට මොටිවේෂන් දෙන්න එනවද...''



''Come on අපි මේ ඇමසන් වලට නෙවෙයි ඇවිත් ඉන්නේ...පොඩ්ඩක් nature එකට ආදරේ කරන්නකෝ ශනායා මේ මං වගේ...''යනුවෙන් කියා කට ගැනීමට මත්තෙන් මුලක පැටලි ආදිත්‍යද මහපොලව සිපගත්තේය...



''Look nature loves you back, obviously!'' කියූ ශනායා මහ හඩින් සිනාසුනාය...



''තමුසේ වැටිච්ච වෙලේ මං උදව් කලා...දැන් මං වැටුනාම හිනාවෙනවද...''



''අනේ සොරි ආදිත්‍ය...''හිනාව අමාරුවෙන් මැඩගෙන ඇය ආදිත්‍යට නැගිටීමට අත දික් කලාය...මෙවැනි කතාබස් මැද්දෙන් ඔවුන් තවත් ඉදිරියට පැමිණි අතර ටිකකින් වතුර ගලායන සද්දයක් ඇසෙන්නට විය...



🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓



දහ අටවන කොටසින් හමුවෙමු...



මම ඕෂධී...✍️


Report Page