Kidnapped by Love-16
ඕෂධී🌸✍
🍓Chapter-16
''අවුරුදු දාහතරකට පස්සේ ලංකාවට එන්න හිතුනේ ඇයි ශනායා...''
''මට පුළුවන් කමක් තිබ්බ නම් මීට කලින් ඇවිත් ආදිත්‍ය...මට දේවල් ටිකක් ගැන හොයලා බලන්න ඕන...විශේෂයෙන්ම තාත්ත අර මිනිස්සු දෙන්නව මැරුවේ ඇයි කියන එකයි,පන්සලේ තිබ්බ නිධානේ ගොඩ ගත්තේ ඇයි කියන එකයි...''
''ඒක වෙලා ගොඩක් කල්නේ ශනායා...ඔයාගේ තාත්තගෙන් ඇහුවොත් ඇරෙන්න දැනගන්න විදියක් තියෙනවද...''
''ඉස්සර පොඩි කාලේ අපිත් එක්ක සෙල්ලම් කරන්න පන්සලේ පොඩි හාමුදුරුවොත් ආවා...ජේඩන් අයියා කිව්ව විදියට උන්වහන්සේ තමා දැන් පන්සලේ ලොකු හාමුදුරුවෝ...විස්තර දැනගන්න ලැබෙයිද දන්නේ නෑ හැබැයි ට්‍රයි කරලා බලන එක හොදයි නේ...''
''එතකොට ආයේ ඇමරිකාවට ගිහින් මොකද කරන්නේ...''
''මම ලංකාවට ආවේ මාසෙකට...ආයේ ඇමරිකාවට ගියාම මගේ ජීවිතේට එන්නේ ලේසි කාලයක් නෙවෙයි...එතනින් පස්සේ මට ෆයිනල් සෙම් එක පටන් ගන්නවා...ඒ වැඩත් එක්ක හිර වුනාම මට ලංකාව දිහා හැරිලා බලන්නවත් වෙන්නේ නෑ...''
''යුනිවර්සිටි ගිහින් ඉවරවුනාට පස්සේ මොනවද කරන්න හිතාගෙන ඉන්නේ...''
''මට ජීවිතේ මහලොකු බලාපොරොත්තු,අරමුණු නෑ ආදිත්‍ය...යුනිවර්සිටි ගිහින් ඉවරවෙලා ජොබ් එකක් හොයාගෙන මගේ පාඩුවේ ජීවිත්වෙනවා...මහ ලොකු අරමුණු නැති නිසාමයි එදා කෝල් එකේදි තාත්තට කිව්වේ අදුරන්නේ නැති මිනිහෙක්ගේ අතින් මැරුම්කන එකත් මට ඔට්ටුයි කියලා...ඒත් පොඩි ආසාවක් තියෙනවා ලොකේ තියෙන ලස්සන තැන් බලන්න යන්න...''
''ඔයා මට මෙච්චර වෙලා කිව්වේ බොරු නෙවෙයි නේද...''
''ඇයි එහෙම අහන්නේ...''
''ඔයාලා instagram එකේ comment කරගෙන තියෙන විදිය දැක්කම මට ඔයා කියන දේවල් ඇත්ත කියලා හිතෙන්නේ නෑ...''
''Social media වල භාගෙට භාගයක් තියෙන්නෙ බොරුව ආදිත්‍ය...ලස්සනට හිනා වෙලා පොටෝ දැම්ම පලියට ඒ මිනිස්සුන්ගේ ජීවිත ලස්සන නෑ...ඔය විදියට comment කරගත්තේ අපි හරි ආදරෙන් ඉන්නවා කියලා ලෝකෙට පෙන්නන්න...''
ශනායාගේ අතින් අල්ලගත්ත ආදිත්‍ය,
''ඇත්තටම ඔයාගේ කතාව දරුණු ඇබ්බැහියක් ශනායා...මම පොරොන්දු වෙනවා අපි දෙන්නා අතරේ වෙච්ච කිසිම දෙයක් කාටවත් කියන්නේ නෑ කියලා...''යනුවෙන් කීවේය...
''මං එක දවසකුත් කිව්වනේ ආදිත්‍ය...ඔයා මගේ කතාව එලිකලොත් අපි දෙන්නම මැරුම් කනවා...මම ඔයාගේ කතාව එලි කලොත් ඔයයි නෙහාරගේ පවුලේ අයයි මැරුම් කනවා...ඒ නිසා මේ දේවල් අපි දෙන්නා අතරේ හැමදාම තියාගමු...''
''ඒක නෙවෙයි එදා නානකාමරේ වැටිලා හිටිය දවසේ ඔයා කාත් එක්කද කතා කලේ...කවුරුත් හිටියේ නෑනේ...''
''මම මගේ අම්මයි,මාමායි සීයයි එක්ක කතා කලේ...මට එයාලව මනසින් පේනවා...''
''ඈ...''
''ඈ නෙවෙයි ඔව්...''
''ඔයා ඔයාගේ අම්මව දැකලා නෑනේ...''
''පොටෝ එකකින් දැකලා තියෙනවා...මට දිග කොණ්ඩයක් තිබ්බොත් ඔයාට මාව පේන විදිය මනසින් මවාගන්නකෝ...එතකොට ඔයාටත් මගේ අම්මව බලාගන්න පුළුවන්...''
''මොනවද කතා කලේ...''
''මං හැසිරුන විදිය නරක නිසා එයාලා ආයේ මට උදව් කරන්නේ නෑ කියලා දාලා ගියා...එක ඇත්ත මං ආයේ එයාලට කතා කරන්න හැදුවට හරිගියේ නෑ...''
ශනායට කිසියම් හෝ මානසික ලෙඩක්වත් තියෙනවාදැයි ආදිත්‍ය එක මොහොතකට සිතුණි... නමුත් ඒ පිලිබද හා අංගම්පොර පිලිබද විස්තර අනික් දවස් වලදි අසා දැනගත යුතු යැයි ආදිත්‍ය තීරණය කලේය...ඒ සමගම ශනායා ඇද සිටි ඩෙනිම් කලිසමේ සාක්කුවට අත දමා පෙති පහේ මල් මෝස්තරයක් තිබූ කරාබූ ජෝඩුව ගෙන කිචන් කවුන්ටර් එක උඩින් තැබුවාය...
''ඇයි මේ කරාබු දෙක මෙතනින් තිබ්බේ...''
''මගේ අම්මගේ දේකට කියලා මට මෙච්චරයි තියෙන්නේ ආදිත්‍ය...මේ කරාබු දෙක ලං කරගත්තම එයාලා එක්ක කතා කරන එක මට ලේසි...''
''ම්ම්ම්...''
''මට කියලා මහ ගොඩක් රත්තරන් බඩු නෑ...මේ කරාබු දෙකයි,අර මාලෙයි පෙන්ඩන්ට් එකයි විතරයි තියෙන්නේ...ඒ මාලෙයි පෙන්ඩට් එකයි නම් මං සල්ලි එකතු කරලා අරගත්තේ...සීයලගේ ගෙදරට අල්ලපු ගෙදර හිටියා අක්කා කෙනෙක් උපුලි කියලා...එයාලා අපේ සීයලගේ නෑයෝ...ඒ අක්කා ලොකු ලමයෙක් වෙලා චාරිත්‍ර කරන දවසේ මමත් ඒවා බලාගෙන හිටියා...එයාට අලුත් කරාබු දෙකක් මාලයක් දානකොට හිතුවා කවදාහරි දවසක මටත් එහෙම අපේ තාත්තයි මමායි කරයි නේද කියලා...ඒත් ඉතින් මම ඇමරිකාවට ගිය නිසා ඒවා වුනේ නෑ...ගම්වල මිනිස්සු කියනවා ලොකු ලමයෙක් වෙලා නාවලා ගෙට ගන්නකම් ඒ ලමයව තනි කරන්න හොද නෑ,තනි කලොත් කළු කුමාරයගේ බැල්ම වැටෙනවා කියනවා...''
''ශනායා, ඔයා ඇමරිකාවේ හැදිලත් ඔය වගේ බහුභූත විශ්වාස කරනවද...''
''මං කියලා ඉවරවෙන්න කලින් ඔයා මැද්දට පැන්නේ ඇයි...''
''සොරි... මොකද්ද කියන්න හැදුවේ...''
''අර ඝරසර්ප ෆිල්ම් එකෙත් කියන්නේ ආදරේ හිස්තැන් තිබ්බම ඒවා අස්සට යක්කු රිංගනවා කියලා...ඒ කතා ඇත්ත නම් මේ වෙනකොට මගේ හිතේ යක්කු විමාන හදාගෙන ඉන්න ඕන...ඒත් එහෙම වෙලා නෑ...හැබැයි ඒ කතා සීයට සීයක් බොරුයි කියලා මං කියන්නෙත් නෑ...''
''ම්ම්ම්...''
''ඔයා මොනවද කරන්න හිතාගෙන ඉන්නේ...මාව මෙතනින් යැව්වට පස්සේ...''
''ආයේ ඇමරිකාවට ගිහින් මගේ පාඩුවේ ජීවත්වෙනවා...දැනට හිතාගෙන ඉන්නේ එහෙම, හැබැයි දේවල් කොහොම වෙනස් වෙයිද දන්නේ නෑ...''
''හ්ම්ම්...ඉදලා හිටලා ලිකර් ගත්තට කමක් නෑ ඒක පුරුද්දක් කරගන්න එපා ආදිත්‍ය...ඒ වුනාට සිගරට් බොන එක නතරම කරලා දාන්න...''
''ම්ම්...බලමු...''
''බලමු නෙවෙයි ට්‍රයි කරන්න...ගුඩ් නයිට්...''කියූ ශනායා අර කරාබු ජෝඩුවත් නැවත සාක්කුව තුලට දමාගෙන එතනින් නැගිට ගියාය...
පහුවදා උදෑසන ශනායා අවදි වූයේ ආදිත්‍ය උස් හඩින් කල කෑ ගැසීම නිසාය...
''ශනායා නැගිටින්න...බලනවා තමුසෙට කීයෙ ඉදන්ද මං කතා කරන්නේ...''
''මොකද ආදිත්‍ය වෙලා තියෙන්නේ...''ඔහුගේ කරදරයෙන් මිදීමට බෙඩ් ශීට් එකෙන් මුළු සිරුරම වසාගන්න ගමන් ශනායා කීවාය...
''කිව්වම අහලා නැගිටිනවා ශනායා අපිට පරක්කු වෙන්න බෑ...'' ශනායා පෙරවාගත් රෙද්ද පැත්තකට කල ආදිත්‍ය කීවේය...
''මොකද වෙලා තියෙන්නේ මේ ගෙදරවත් ගිනි ගන්නවද...''
''එහෙම මගුලක් නෙවෙයි ඕයි....''
''ඕයි කියන්න එපා...මං කරත්තකාරයෙක් නෙවෙයි නේ...''
''අපි දෙන්නා ගමනක් යන්න හදන්නේ...ඒ නිසා නැගිටලා ගිහින් මූන හෝදගෙන එනවා...''
''අපි කොහේ යන්නද...''
''ඒක ගිහිල්ලා බලාගමු...''
''අනේ...''
''අනේ පනේ නෙවෙයි, විනාඩි පහලවක් දෙන්නම්...ලෑස්තිවෙලා පහලට එනවා...නැත්තන් අද දවසත් මේ ගේ අස්සට වෙලාම ඉමු...''
🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓
දාහත්වෙනි කොටසින් හමුවෙමු...
මම ඕෂධී...✍️