Kidnapped by Love-15

Kidnapped by Love-15

ඕෂධී🌸✍

Chapter-14



🍓Chapter-15



''ඔය ගෙදර ඇතුලේ ඔයාට හොදින් සලකන්න අයියා ඇරුනාම වෙන කවුරුත් නැද්ද...''



''ගෙදර වැඩ කරන්න ඉන්නවා සීතා කියලා ගෑනු කෙනෙක්...එයා එහෙට ආවේ මට අවුරුදු පහේදි වගේ...ඉතින් එයත් හිතන්නේ මමා කියන්නේ මගේ ඇත්තම අම්මා කියලා...එයා අයියටයි මටයි දෙන්නටම ආදරෙයි...තාත්තා මට ආදරෙයි,මම නෑ කියන්නේ නෑ...ආස දේවල් ඉල්ලන විතරයි ඕන අරගෙන දෙනවා...මුලින් නම් මං ඒකට කැමති වුනා පස්සේ මං දේවල් ඉල්ලන එක නතර කලා...මොකද ඒක නෙවෙයි මං තාත්තගෙන් හොයන ආදරේ ...''



''අයියා ඩැඩා කියනකොට ඔයා ඇයි තාත්තා කියන්නේ...''



''මමත් ඉස්සර ඩැඩා තමයි කිව්වේ...පස්සේ මාමා මට බැන්නා තාත්තා කියන්න නැත්තන් අප්පච්චි කියන්න කියලා...මමාට කතා කරන විදියට නම් මුකුත් කිව්වේ නෑ...''



''ඔයා ඇමරිකාවට ගියේ කොයි කාලෙද...''



''අවුරුදු අටේදි...සීයගෙයි මාමාගෙයි මලගෙදරින් පස්සේ මම නිවාඩු මාසෙත් ගෙදර ඉන්න නිසා මමාට මාව තවත් පෙන්න බැරි උනා...ඒ නිසා එයා තාත්තා එක්ක රණ්ඩු වුනා මාව ගෙදරින් යවන්න කියලා...මට හිතෙනවා තාත්තා මාව ලමා නිවාසෙකටවත් ගිහින් දැම්මේ නැත්තේ එයාත් එහෙම හැදිච්ච කෙනෙක් නිසා කියලා...ඇමරිකාවේ ඉන්නවා තාත්තගේ බිස්නස් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගේ නංගි කෙනෙක් ක්‍රිස්ටිනා කියලා...එයා ජෝසප් කියලා එ රටේ කෙනෙක්ව මැරි කරලා ඉන්නේ...ඉතින් තාත්තා මාව ඒ දෙන්නට ගිහින් භාරදුන්නා...එයාලට ඉන්නේ මට වඩා වැඩිමල් දුවෙකුයි, මට වඩා බාල පුතෙකුයි...''



''ඒ ගෙදර අය ඔයාට හොදට සැලකුවද...''



''හැරි පෝටර්ට එයාගේ පුංචි අම්මගේ පවුල සැලකුවට වඩා හොදට මට සැලකුවා...මට ඒ ගෙදර පොඩි කාමරයක් හම්බවුනා...ඒ කොහොම වුනත් මම ඒ ගෙදරට ආගන්තුකයෙක්නේ...ඉගෙන ගන්න පැත්ත නම් අවුලක් වුනේ නෑ...ඉන්ටර්නැෂනල් ගියපු නිසා ඉංග්‍රීසී අවුලක් වුනෙත් නෑ...ඒ මොනවා වුනත් පවුලේ කවුරුත් ලග නැතුව මං ඒ රටේ තනිවුනා...ඒවා ගැන හිත හිත මම මෙන්ටලි පැත්තෙන් සෑහෙන්න වීක් වුනා...මං මිඩ්ල් ස්කූල් යන කාලේ මිනිහෙක් මාව රේප් කරන්න හැදුවා...''



''මොකක්...ඒ කොහොමද...'' අදුර නිසා ආදිත්‍යගේ මුහුණ හරි හැටි පෙනුනේ නැති වුනාට කටහඩේ තිබ්බ වෙව්ලීම ශනායට හොදට තේරුනා...



''ජෝසප් අංකල්ගේ ෆැමිලි එකේ වෙඩින් එකක් තිබ්බා...ඒකට ඉන්විටේෂන් හම්බවුනේ මටත් එක්ක...ඒ වෙඩින් එකේ ඉන්නකොට මට එක පාරට කැරකිල්ලක් වගේ දැනුනා...පස්සේ කවුරුහරි මාව උස්සගෙන ගිහින් ඇදක් උඩට විසි කලා වගේ තේරුනා...එතනින් එහාට දේවල් මට මතක නෑ...සිහිය එනකොට මම හිටියේ හොස්පිට්ල් එකේ ඇදක් උඩ...මුලින්ම ඩොක්ටර් එක්ක ඇවිත් මට කතා කලේ ජෝසප් අංකල්...මගෙන් මතක මොනවද කියලා ඇහුවා...මම මතක දේවල් කිව්වා...ඊට පස්සේ අංකල්ම තමා මට වෙච්ච දේ කිව්වේ...වෙඩින් එකේ මම පෙන්න හිටියේ නැති නිසා අංකල් මාව හොයලා...හම්බවුනේ නැති තැන හොටෙල් එකේ සිසිටීවී චෙක් කලාම දැකලා වෙඩින් එකට ආව මිනිහෙක් මාව උස්සගෙන හොටෙල් රූම් එකකට යනවා...අංකල් ඒ රූම් එකට එනකොටත් ඒ මිනිහ වැඩි දෙයක් කරලා නෑ මගේ ඇදුම් සේරම අයින් කරලා එහෙන් මෙහෙන් ඇග අතපත ගාලා විතරයි...''



ශනායා එසේ කියා අවසන් වෙනවාත් සමගම ආදිත්‍ය එකවරම ශනායා දෙසට පැන ඇයව වැලදගත්තේය...



''ආදිත්‍ය මොකද මේ...''



''කට වහනවා...මෙච්චර වෙලා කියවලා කට රිදෙනවා ඇතිනේ...දැන් මම කියන දේ අහන් ඉන්න...''



''මං එක පාරක් කිව්වනේ ආදිත්‍ය, ආදරය කරන්න බැරි නම් මට ලං වෙන්න එපා...''



''මං නිසා ඔයාට වෙච්ච දේට ඔයා මට සමාව දෙනවද ශනායා...''



''ආදිත්‍ය මං කිව්වනේ ඔව් කියලා,ඒක ගැන ඔයා හිතන්න එපා...මම හිතන්නෙත් නෑ...අනික එදා ඔයාව අවුස්සගෙන මමනේ වැරැද්ද කලේ...''



''ඔයා ඔහොම නෙවෙයි කොහොම කිව්වත් මම මටම සමාව දෙන්නේ නෑ ශනායා...මොනවා වුනත් ඔයා ඇට ලේ මස් වලින් හැදිච්ච කෙල්ලෙක් නේ...මම ඔයාට එදා ඔයාට ගොඩක් දරුණු වෙලා ශනායා...ඔයා කොහොමද පත්තුවෙන සිගරට් එකක් ඉනේ තියනකොට දරාගත්තේ...මම හරි සිහියේ හිටියා නම් ඔයාට එහෙම දෙයක් කවදාවත් කරන්නේ නෑ...ඇත්තමයි...''



''ආදිත්‍ය ඔයා අඩනවද...'' බෙල්ල පාමුල තෙමෙනවා මෙන් දැනුන නිසා ශනායා ඇසුවාය...



''මට ඔයාව කිඩ්නැප් කරන්න ඕන වුනා...ඒත් ඔයාගේ නියපොත්තක හීරීමක්වත් කරන්න මගේ හිතේ අදහසක් තිබ්බේ නෑ...ඇත්ත නොදැන ඔයාට ගැහුවා...මට ඕන වුනේ ඔයාගේ තාත්තව බය කරලා මට ඕන සල්ලි හොයාගෙන ඔයාව පරිස්සමට ගෙදර ඇරලවන්න...''



''මේ අහන්නකෝ,මම ඔයාට පොරොන්දු වෙනවා අපි දෙන්නා අතරෙ වෙච්ච දේවල් කාටවත් කියන්නේ නෑ කියලා...දැන්වත් ඒ දේවල් ගැන හිතන්න එපා...''ආදිත්‍යගේ පිට පිරිමදින ගමන් ඇය කීයූ අතර ඉන්පසු ආදිත්‍ය ඇගෙන් ඉවත් විය...



''ඒත් ශනායා මගේ හිත දන්නවනේ මම වැරැද්- ''යනුවෙන් ආදිත්‍ය කියාගෙන ආ දෙය නතර කරමින් ශනායා ඇගේ දබරඇගිල්ල ඔහුගේ දෙතොලට තද කලාය..



''ශ්ශ්...මේක ගැන ආයේ හිතලා දුක් වෙන්න එපා...ඔයාට ඒ සිද්ධිය මතක් වෙන හැමවෙලේම මතක් කරන්න මේ ගැන ශනායට ප්‍රශ්නයක් නැත්තන් මම ප්‍රශ්නයක් කරගන්න ඕනත් නෑ කියලා...''



''මං උපරිම ට්‍රයි කරන්නම්...''



''ගුඩ් බෝයි...''ඔහුගේ කම්මුලට තට්ටුවක් දමන ගමන් ශනායා කීවාය...



''අර සිද්ධියෙන් පස්සේ මොකද වුනේ...''



''අංකල් ආන්ටිටත් බැනලා මාව බලාගත්තේ නෑ කියලා...අංකල් සාධාරණයි ඉතින් එතන මම වෙනුවට එයාලගේ දුව හිටියා නම්...ඔය සිද්ධියෙන් පස්සේ අංකල් මාව කරාටි ක්ලාස් එකකට ගිහින් දැම්මා...එතනින් පස්සේ තමා මම ආයේ මගේ mental health එක හරියට හදාගත්තේ...ඒ සර් කියන දේවල් ඇහුවාම මට මාමා අංගම්පොර කියලා දෙනකොට කියලා දුන්න එවා ආයේ මතක් වෙන්න ගත්තා...ඉතින් මම කරාටි ඉගෙන ගන්න ගමන් ගෙදරදි මාමා කියලා දුන්න ඒවා ආයේ මතක් කර කර තනියම පුරුදු වුනා...මට කරාටි ඉගෙන ගන්න ඕන වුනේ මගේ ආරක්ෂාවට, ඒ නිසා ගොඩාක් දුරට නැතත් මම සාමාන්‍ය ගානකට කරාටි ඉගෙන ගත්තා හයි ස්කූල් ඉවර වෙනකන්ම...හයි ස්කූල් එකේ අන්තිම දවසේ නම් තාත්තයි,මමායි,අයියයි ආව එහෙට...''



''මං ඒ පොටෝ එක දැක්කා ඔයාගේ instagram page එකේ...''



''අහ්...ඒ දවස් වල මම තාත්තව කැමති කරවගෙන අංකල්ගේ ගෙදරින් ගියා මම දැන් ඉන්න අපාර්ට්මන්ට් එකට...එතනින් පස්සේ මම living alone girl කෙනෙක් විදියට යුනිවර්සිටි යන්න,පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න පටන් ගත්තා...තනියම ජීවත් වෙන එක මට පුදුම විදියට උදව් වුනා මයින්ඩ් එක ස්ට්‍රොන්ග් කරගන්න...ඒත් එක්කම මම Gun shooting ඉගෙන ගත්තා...හැබැයි ඒක ගැන දන්නේ අයියා විතරයි...මට ඕන වුනේ ඒක හැමෝටම හොරෙන් ඉගෙන ගන්න,ඒත් අයියා මාව ස්ප්‍රයිස් කරන්න හිතාගෙන එහේ ආපු දවසක මං හිටියේ Gun shooting class එකේ...නිවාඩු දවසේ කොහෙද ගියේ කියලා ඇහුවම මට අයියට බොරු කියන්න හිතුනේ නෑ...මං අයියට ඇත්ත කිව්වා,එයා මට ප්‍රොමිස් වුනා මේ ගැන කාටවත් කියන්නේ නෑ කියලා...''



''ඔයාගෙයි අයියගෙයි බොන්ඩ් එක මාරයි...''



''ඇත්ත...මං මුලදි හිතුවා අවුරුදු ගානක් ලංකාවේ හිටියේ නැති නිසා අයියගේ හිතේ ඉස්සර වගේ ආදරයක් නැතුව ඇති කියලා...මං වැරදි,එයා මට ගොඩක් ආදරෙයි...''ඒත් සමගම විසන්ධි වූ විදුලිය නැවත පැමිණි අතර නිවී ගිය විදුලි පහන් නැවත ආලෝකමත් විය...



''පුදුමයි, ඒත් ඇත්තයි...''



''ඇයි...''



''මෙච්චර ඉක්මනට මේ පැත්තට කරන්ට් එක ආව එක...''



''ලොකු අවුලක් වෙලා නැතුව ඇති ආදිත්‍ය...''



''ම්ම්...ඔයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉදලා නැද්ද...''



''දෙන්නෙක් හිටියා...''ශනායා එසේ කීවේ කට කොනට නැගුණු හිනාවක් සමගිනි...



''ඉතින් ඇයි අමුතු විදියට හිනාවෙන්න...''



''ඔයාගේ වගේ උතුම් පිවිතුරු ආදරයක් ඒ තැන්වල තිබ්බේ නෑ හරිද...අර රේප් සීන් එක වෙන්න කලින් මගේ මිඩ්ල් ස්කූල් පලවෙනි අවුරුද්දේ අපේ ක්ලාස් එකේ කෙන් කියලා කොල්ලෙක් හිටියා...එයා දවසක් මගේ කම්මුලට කිස් එකක් දීලා I Love You Shanaya ! කියලා පන්තියේ ලමයි ඔක්කොම ඉස්සරහා කිව්වා හරිද...මම ඒකට මුකුත් කිව්වේ නෑ...ඒත් එතනින් පස්සේ එයා මගේ බෝයිෆ්‍රෙන්ඩ් වුනා...අපි දෙන්නා එක ලග ඉදගත්තා,එකට කෑම කෑවා,සෙල්ලම් කලා පස්සේ ඒ සම්බන්දේ එහෙම්ම නැති වෙලා ගියා...හොදම දේ මොකද්ද දන්නවද ආදිත්‍ය...He is gay now...''කියූ ශනාය මහ හඩින් සිනාසුනි...



''Seriously...''



''Yeah...Now he is living together with his boyfriend...මං හිනාවුනේ එයා gay නිසා නෙවෙයි...ඒ දෙන්නා එකට ඉන්නකොට මට මතක් වෙනවා කෙන් මගේ කම්මුලක් කිස් කරපු විදිය...ඒ වුනාට අපි හොද යාළුවෝ...කෙන්ගෙන් පස්සේ ආයේ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හම්බවුනේ හයි ස්කූල් එකේ අන්තිම අවුරුද්දට කලින් අවුරුද්දෙදි...එයාගේ නම බෲනෝ...''



''බෲනෝ මාර්ස් ද...''



''Are you kidding me Adhithya... මං වගේ කෙල්ලෙක්ට කොහෙන්ද එච්චර වාසනාවක්...මං කියන කොල්ලා අපේ ඉස්කෝලේ බාස්කට් බෝල් ටීම් එකේ ප්ලේයර් කෙනෙක්...ඒ මිනිහගේ පස්සෙන් ඕන තරම් කෙල්ලො එනකොට ඒකා මගේ පස්සෙන් ආවා...මං බැරිම තැන හා කිව්වා...ඉස්කෝලේ ඉවර වෙනකනුත් අපි දෙන්නා හොදට හිටියා...ඒත් Prom date එක දවසේ ඔක්කොම ඉවරවුනා...''



''ඇයි ඒ...''



''මං ඒකට ගියේ එයත් එක්ක...ගොඩ වෙලාවකින් එයාව දැක්කේ නැති තැන මං මගේ යාළුවොත් එක්ක එයාව හෙව්වා...බලනකොට ඌ ඒ අවුරුද්දේ prom queen එක්ක මුල්ලකට වෙලා හැමි-...නෑ එච්චර දෙයක් වුනේ නෑ...වැදගත් විදියට කියනවා නම් අසභ්‍ය විදියට හැසිරුණා...මගේ යාළුවෝ තව පොඩ්ඩෙන් අර කෙල්ලටත් ගහලා අර යකාටත් ගහනවා...මම එයාලව නතර කරලා බෲනෝ ගෙන් ඇහුවා ඇයි මෙහෙම දෙයක් මට කලේ කියලා...ඌ කියනවා මම කිස් එකෙන් එහාට යන්න කැමති නැති නිසයි එහෙම කලේ කියලා...මම ඉතින් ආයේ මගේ පස්සෙන් එන්න එපා කියලා ඒ සම්බන්දේ නතර කරලා දාලා ආවා...තමන්ට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉද්දි පිට යන එකා කවදාහරි හස්බන්ඩ් වෙච්ච දවසක පිට යන්නේ නැතුව ඉදිද...''



''ඔයාට දුක හිතෙන්නේ නැද්ද ශනායා ඔය වගේ දේවල් වෙනකොට...''



''මං ඉපදුනෙත් අම්මව මරාගෙන...ආස දේවල් ටිකෙන් ටික මගෙන් ඈත් වෙනවා කියලා තේරෙනකොටත් ඇයි මම දුක් වෙන්නේ...ඊට වඩා හොදයි වැඩිය හිතන්නේ නැතුව ඉන්නවා...හැබැයි එක දවසක් මම පාර්ට් ටයිම් වැඩ කරන කැෆේ එකට බෲනෝ ආවා එයාගේ යාළුවෝ කට්ටියක් එක්ක...මගෙන් සමාව ඉල්ලා ආයේ සම්බන්දේ පටන් ගමුද කියල ඇහුවා...මම බෑ කිව්වම ශොප් එකේ මිනිස්සුත් බලාගෙන ඉන්න තැන මගේ අතින් ඇදලා කරදර කරන්න හැදුවා...මම එයාට දෙපාරක් කිව්වා මට ඉන්න දෙන්න කියලා...එයා ඇහුවේ නෑ,ඉතින් මම එයාටයි එයාගේ යාළුවන්ටයි ගැහුවා, Self defense...ශොප් එකේ හිටිය මනුස්සයෙක් එලියේ හිටිය පොලිස් ඔෆිසර් කෙනෙක්ව ඇතුලට ගෙනාවා...ඒ මනුස්සයා මගෙන් ඇහුවා කොල්ලො හතරදෙනක්ට තනියම ගැහුවේ කොහොමද කියලා...මම කිව්වා මං කරාටි ඉගෙන ගෙන තියෙනවා කියලා...''



''ඒ උනාට ඇත්තටම ඔයා උන්ට ගැහුවේ අංගම්පොර වලින්...''



''මට එච්චර දුරට අංගම්පොර ඉගෙන ගන්න වුනේ නෑ ආදිත්‍ය...කරාටි ශොට්ස් ටිකක් තමා දුන්නේ අතරින් පතර අංගම්පොරත් තියෙන්න ඇති...කොහොමහරි එදායින් පස්සේ අරුන් ටික මට කරදර කරන්න ආවේ නෑ...''



''අවුරුදු දාහතරකට පස්සේ ලංකාවට එන්න හිතුනේ ඇයි ශනායා...''



🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓


දහසය වන කොටසින් හමුවෙමු...



මම ඕෂධී...✍️


Report Page