Kidnapped by Love-13
ඕෂධී🌸✍
🍓Chapter-13
කලින් දවසේ පටන් ගත්ත වැස්ස අතරින් පතර අඩු වැඩි වෙන ගමන් තාමත් තියෙනවා...ඒ නිසා ශනායට වුනේ හෝදගන්න ඕන ඇදුම් ටික හෝදලා ගේ ඇතුලේම තියලා වේලගන්න...
''ඔයාට වෙච්ච පොරොන්දුව අමතක නෑ නේද...'' රෙදි වනන ශනායා දිහා බලාගෙන ආදිත්‍ය කිව්වා...
''එහෙම අමතක වෙන්නේ නෑ...මං ගැන දැනගන්න ඔයා මෙච්චර උනන්දු ඇයි...''
''ඔයා හරි අමුතුයි...ඔයාට සමහර වෙලාවට කොල්ලෙක් වෙච්ච මටවත් නැති ශක්තියක් නේ තියෙන්නේ...''
''ඔයා ඊයේ කිව්වා නේද එහේ ඉන්නකොට මාව ෆලෝ කලා කියලා...මං හිතන්නේ ඔයා ඒක හරියට කරලා නෑ...මොකද එහෙම කලා නම් මං ගැන මීට වඩා දේවල් ඔයා දන්නවා...අනික් දේ තමා ඒ දේවල් හරියට හෙව්වා නම් මේ කිඩ්නැප් එකත් ඔයා මීට වඩා ඇඩ්වාන්ස් විදියට කරයි...''
''මං සාලෙන් ඉන්නම් ඔයා එන්නකෝ...''කියලා ආදිත්‍ය එතනින් හැරිලා ආවා...
රෙදි වනන වැඩේ ඉවර කරපු ශනායා සාලෙට ඇවිත් ආදිත්‍යට ඉස්සරහින් සෝෆා එකේ වාඩි වුනා... ඒත් ශනායා නිශ්ශබ්දයි...
''මොනවද කල්පනා කරන්නේ...''
''මගේ කතාව ඔයාට කියන්න ඕන විදිය කල්පනා කරනවා...''
''මම කිව්වා වගේ පොඩි කාලේ ඉදන් කතාව කියන්න ගන්න...''
''එහෙම කියන්න පුළුවන් කතාවක් නෙවෙයි මට තියෙන්නේ...ඇත්තටම කිව්වොත් කතාව පටන් ගන්න ඕන මගෙන් නෙවෙයි ජේඩන් අයියා ඉපදෙන්නත් කලින් ඉදන්...ඔයාගේ වගේ කතාවක් නෙවෙයි ආදිත්‍ය මට තියෙන්නේ...මං කියන සමහර දේවල් ඔයා විශ්වාස කරන්නෙත් නැති වෙයි සමහරවිට...මම එක පාරක් මේ ගැන ඇමරිකාවේ යාළුවන්ට කියන්න ගිහින් මග නතර කලා, එයාලට මං කියන ඒවා විශ්වාස නැතුව...එදයින් පස්සේ අද වෙනකන් කාටවත් මං මේ ගැන කියලා නෑ...''
''ඔයා ඔයාගේ ටයිම් එක අරන් කතා කරන්න පටන්ගන්නකෝ...''
ටික වෙලාවක් නිහඩ වෙච්ච ශනායා ඊට පස්සේ අන්තිමේදී කතා කරන්න ගත්තේ කතාව පටන් ගන්න ඕන තැන තේරුම් අරන් වගේ...
''මීට අවුරුදු ගානකට,ඒ කියන්නේ අපි ඉපදෙන්නත් කලින් කොළඹ හිටියා ලොකු බිස්නස්මන් කෙනෙක්...ඒ කාලේ එයා ලගට මැනේජර් කෙනෙක් විදියට වැඩට ආවා හැන්ඩ්සම් කොල්ලෙක්...හැබැයි උප්පැන්න සහතිකේ අම්මගෙයි තාත්තගෙයි නම් තිබ්බට තමන්ගේ අම්මා තාත්තා කවුද කියන්නවත් ඒ කොල්ලා දැනගෙන ඉදලා නෑ...එයා ලමා නිවාසෙක හැදිච්ච කෙනෙක්...හැබැයි හරිම දක්ෂයි ඒ වගේම කපටි... ඒ කොල්ලගේ තිබ්බ දක්ෂකම් නිසා තව තවත් ඒ බිස්නස් එක දියුණු වුනා...අන්තිමේදි අර බිස්නස්මන් ඒවට කලගුණ පෙන්නුවේ තමන්ගේ එකම දරුවා ඒ කොල්ලට කසාද බන්දලා දීලා, මුළු බිස්නස් එකේම අයිතිය ඒ කොල්ලට දිලා...ඒ කොල්ලා තමා රොජර් හෙට්ටිආරච්චි, මගේ තාත්තා...එතකොට අර කෙල්ල තමා රෙබෙකා ෆර්නැන්ඩස්, ඒ කියන්නේ මගේ මමා...ඒ දෙන්නා මැරි කරලා අවුරුදු තුනකට පස්සේ තමා ජේඩන් අයියා ඉපදුනේ...ජේඩන් අයියට අවුරුදු දෙකක් වුනාට පස්සේ එයාගේ සීයා නැතිවුනා...ඔය කාලේ තාත්තා හිමින් හිමින් දේශපාලනයට අත ගහන ගමන් ඉදලා තියෙන්නේ...එයාට සල්ලි බලය තිබ්බා, ඒකට දේශපාලන බලය එකතු වුනාම කරන්න පුළුවන් දේවල් ගැන මං ඔයාට අමුතුවෙන් කියන්න ඕන නෑනේ...''
''ඔව්...''
''හරි අපි ඒ කතාව එහෙම්ම තියාලා කොළඹින් සබරගමුව පැත්තට එමුකෝ...ඔයා අහලා තියෙනවද ආදිත්‍ය අංගම්පොර ගැන...''
''ඔව්...ලංකාවේ තියෙන සටන් ක්‍රමයක් නේ...මම වැඩිය ඒ ගැන දන්නේ නෑ...''
''අංගම්පොර සටන් ක්‍රමය රාවණා රජ්ජුරුවන්ගේ කාලේ ඉදන් එන දෙයක් කියලා තමා පුස්කොල පොත්වල තියෙන්නේ...පස්සේ සුද්දො ලංකාව අල්ලගත්තාම ඒක තහනම් කලා...ඒත් කට්ටිය තැන් තැන් වල හොරෙන් පුරුදු වුනා...අද වෙනකොට තියෙන්නේ සුද්දෝ තහනම් කරන්න කලින් තිබ්බ අංගම්පොර නෙවෙයි කියලා තමා ගොඩක් කට්ටිය කියන්නේ...''
''ඔයාටයි අංගම්පොර වලටයි තියෙන සම්බන්දේ මොකද්ද...''
''අදටත් අංගම්පොර ටිකක් හරි තියෙන්නේ සබරගමුවේයි තව තැන් කිහිපයක විතරයි...ඒවා උගන්වන ගුරුන්නාසේ කෙනෙක් හිටියා හේරත් කියලා...ඒ ගුරුන්නාන්සෙට හිටියා මදාරා කියලා දුවෙකුයි කෝසල කියලා පුතෙකුයි...දුව තමයි වැඩිමල්...අංගම්පොර කියන්නේ ආවට ගියාට උගන්වන දෙයක් නෙවෙයි...මුලින්ම අදාල පුද්ගලයගේ හදහන බලලා තමා තීරණය කරන්නේ අංගම්පොර උගන්වනවද නැද්ද කියලා...ඉතින් දුවගෙයි පුතාගෙයි හදහන් බලලා එයා අංගම්පොර ඉගැන්නුවේ පුතාට විතරයි...ලමයි දෙන්නා එන්න එන්න ලොකු වෙනකොට මදාරා ගිහිල්ලා තියෙනවා ඇදුම් මහන ඒවා ඉගෙන ගන්න පන්තියකට...එතකොට කෝසල කරලා තියෙන්නේ තමන්ගේ තාත්තා එක්ක අංගම්පිටියේ උගන්වන වැඩ වලට හවුල් වෙන ගමන් ගොවිතැන් වැඩ කරපු එක...ඒ කාලේ ඉතින් ඕවා නේ ගම්වල කට්ටිය කරන්නේ...මැහුම් ක්ලාස් ගියපු මදාරට ඒ කාලේ මගේ තාත්තව හම්බවෙලා තියෙනවා....ඒ දෙන්නා ආදරය කරන්න පටන් අරන් සම්බන්දේ දුර දිග ගිහින් මදාරා ප්‍රෙග්නට් වෙලා...ඒක දැනගත්තට පස්සේ මගේ තාත්තා ඒ ගෑනු ලමයව අතෑරලා දාලා...පස්සේ ඒ ගෑනු ලමයගේ තාත්තයි මල්ලියි අපේ තාත්තා ගැන හොයලා තියෙනවා...ඔයා දන්නවද ආදිත්‍ය එයාලට දැනගන්න ලැබුනේ මොනවද කියලා...''
'' නෑ...'' හරියටම කිව්වොත් ආදිත්‍ය දැන් ඉන්නේ නිදාගන්න කලින් සුරංගනා කතාවක් අහන පොඩි කොල්ලෙක් වගේ...හැබැයි මේ කතාව ආදිත්‍ය නිදි දෙව්දුව ලගට නැතුවම වෙනම ලෝකයකට අරන් ගිහිල්ලා තිබ්බේ...
''මගේ තාත්තා ඒ වෙනකොටත් මමාව මැරි කරලා, ජේඩන් අයියටත් අවුරුදු හතරක්...ඒ විතරක් නෙවෙයි මමා ආයේම ප්‍රෙග්නට්...''
''එච්චර තිරිසන් වැඩක් කරලා තියෙන්නේ ඔයත් ඉපදෙන්න ඉන්නකොටද...''
''මගේ තාත්තට පුළුවන් ආදිත්‍ය කතාවෙන් ඕනම මනුස්සයෙක්ව රවට්ටගන්න...ඒ කතාවටම වෙන්න ඇති මදාරා කියන ගෑනු ලමයත් අහුවෙන්න ඇත්තේ...ඒ ගෑනු ලමයගේ ගමේ තිබිලා තියෙනවා රජමහා විහාරයක්...ඒක තියෙන නිධානය ආරක්ෂා කරන වගකීම අංගම්පිටියට පැවරිච්ච රාජකාරියක්...ඒක ගන්න ඕන නිසා තමා තාත්තා අර ගෑනු ලමයා එක්ක සම්බන්ධයක් පටන් අරන් තියෙන්නෙ...එයා ඒ නිධානේ අරගෙනත් නෑ, අර ගෑනු ලමයවත් අතෑරලා ගියා...අනික මගේ තාත්තා කසාද බැදපු මනුස්සයෙක් අර මිනිස්සුන්ටත් ඉතින් කරන්න දෙයක් නෑනේ...ඒ ගෑනු ලමයා තීරණය කරලා තමන්ට ඉපදෙන දරුවව තනියම හදාගන්න...මමාට වගේම එයාටත් ඉපදිලා තියෙන්නේ දුවෙක්...''
''ඉතින් ඊට පස්සේ මොකද වුනේ...''
''මදාරාට ඉපදුන දුවගේ නම තමයි මන්දෝදරී හෙට්ටිආරච්චි...''
🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓
රියැක්ෂන් මදි හොදේ 💔...මම වැඩ අස්සෙන් කතාව දෙන නිසා ගොඩක් දිගට එක කොටසක් ලියවෙන්නේ නෑ...ඒ නිසා ඊළග කොටස මීට වඩා දිගට දෙන්නම්...
ඔයාලා දන්නවද මදාරා මන්දෝදරි කියන නම් දෙක අතරේ සම්බන්ධයක් තියෙනවා කියලා...දන්නේ නැත්තන් මං ඊලග කොටසින් ඒ ගැනත් කියන්නම්....
දාහතරවන කොටසින් හමුවෙමු...
මම ඕෂධී...✍️