Kidnapped by Love-12

Kidnapped by Love-12

ඕෂධී🌸✍


Chapter-11



🍓Chapter-12



''නෙහාරා ඇක්සිඩන්ට් වුනේ නෑ...එයාව මගේ තාත්තා ඇක්සිඩන්ට් කෙරෙව්වා...මං හරි නේද ආදිත්‍ය...''



''මොනවත් දන්නේ නෑ කිව්වට ඔය දන්නේ...''



''මං ඒක ගෙස් කලා විතරයි...ඒ වගේම තමා මං දන්නවා ඒ ගෙස් එක වැරදෙන්න ඕන සම්භාවිතාවය සීයට එකක් විතරයි කියලා...මං එහෙම කිව්වේ ඇයි කියලා ඔයාට මගේ කතාව ඇහුවාම තේරෙයි...''



''ඔයාගේ තාත්තාත් නෙහාරගෙන් ඒ ඉඩම අරගන්න ආව මනුස්සයෙක්...නෙහාරා කැමති වෙලාම නෑ...සල්ලි ප්‍රශ්නේ කොච්චර බරපතලද කියනවා නම් නෙහාරට අන්තිමේදි ඔයාගේ තාත්තා ලගටම යන්න වෙලා...මට අඩුම ගානේ නෙහාරාගේ මලගෙදරටවත් එන්න බැරි වුනා...''



''දැන් නෙහාරගේ ඇක්සිඩන්ට් එක අපේ තාත්තා කරපු එකක් කියලා ඔයා කොහොමද දැනගත්තේ...තව කවුද මේ ගැන දන්නේ...අනික් එක නෙහාරව මරලා දාන්න තරම් අපේ තාත්තට එයත් එක්ක තිබ්බේ ප්‍රශ්නේ මොකද්ද...''



''ඒ ප්‍රශ්නේ මොකද්ද කියලා දන්නෙත් නෙහාරායි ඔයාගේ තාත්තයි විතරයි... නෙහාරා අතේ තිබ්බ සල්ලි ඔක්කොම උස්සන එකත් කරලා තියෙන්නේ ඔයාගේ තාත්තගෙම මිනිහෙක්...ඒ ඔක්කොම කරලත් අන්‍තිමේදී එයා ඒ කෙල්ලගේ මලගෙදරත් ගිහින්...අදටත් මමයි තව එක්කෙනෙකුයි ඇරෙන්න අනික් හැමෝම හිතාගෙන ඉන්නේ ඒක නෝමල් ඇක්සිඩන්ට් එකක් කියලා...ඇත්තටම තමුසෙගේ තාත්තට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද ශනායා..''



''ඔය ප්‍රශ්නේ මාත් එයාගෙන් අහන්න කියලා අවුරුදු ගානක් තිස්සේ හිතේ හිරකරගෙන ඉන්නවා...''



''ඔයාට දැනගන්න ඕන නැද්ද මං මේවා දැනගත්තේ කොහොමද...ඔයාව කිඩ්නැප් කලේ කොහොමද කියලා...''



''ඔයාට මාව මෝඩයෙක් වගේ පේනවද ආදිත්‍ය...ඔයා මාව කිඩ්නැප් කරපු මනුස්සයා...අපේ තාත්තා ඔය වැඩේ කොහොමද කලේ කියලා ඔයා ලංකාවේ ඉන්න කාගේ හරි මාර්ගෙන් හොයාගන්න ඇති...එතකොට මාව කිඩ්නැප් කරපු වැඩේ,මං කියන්නේ අර කාර් එකේ සීන් එක ඔයා වගේ hacking ඉගෙන ගත්ත මනුස්සයෙක්ට සිම්පල් නේ...''



''ලංකාවේදි ඔයාව කිඩ්නැප් කරන්න කලින් මං එහෙදිත් ඔයාව ෆලෝ කලා කිව්වොත්...''



''ඇති ආදිත්‍ය...ඔයා මාව කිඩ්නැප් කරන්න ගහපු ප්ලෑන් මට වැඩක් නෑ...මට තියා වෙන කාටවත් ඕවා කියන්න යන්න එපා...''



''ඇයි ඒ...''



''ඊට කලින් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න... මගේ වටිනාකම කෝටි පහලවක්ද කියලා ඇහුවම ඔයා නෑ කිව්වා...ඇයි එහෙම කිව්වේ...''



''මනුස්සයෙක්ගේ ජීවිතයකට කොහොමද ශනායා වටිනාකමක් දෙන්නේ...එදා නෙහාරා කෝටි දොලහකට විකුණපු ඉඩම අද කෝටි පහලවක් වටිනවා...මං ඒ ඉඩමේ වටිනාකමයි ඉල්ලුවේ...''



''ඒ සල්ලි වලට ඔයා මොකද කරන්න හිතාගෙන ඉන්නේ...''



''ඒවා නෙහාරගේ පවුලේ අයට දෙන්න ඕන...ඒ මිනිස්සු අසරණයි මේ වෙලේ...''



''ම්ම්...ඔයා හරිම හොද කෙනෙක් ආදිත්‍ය...ඔයාට බය හිතුනේ නැද්ද මට මූන පෙන්නුවම මං ආපහු ගෙදර ගිහින් ඔයා ගැන කියයි කියලා...''



''ඔයා එහෙම කිව්වත් වැඩක් නෑ...මොකද ඔයා ඕක ගෙදර ගිහින් කියන දවස වෙනකොට මං ලංකාවේ නෑ...ඒත් කවුද හිතුවේ ඔයා මාව දන්නවා කියලා...මං ඔයාව කිඩ්නැප් කලාට ඔයා හැමවෙලේම මට වඩා අඩියක් ඉස්සරහින් ඉන්නවා කියලා තමා මට හිතෙන්නේ...අනික ඔයාගේ අයියට කෝල් කලාමත් කිව්වනේ මට ඔයාගෙන් පරිස්සම් වෙන්න කියලා...ඉතින් මං දැනටමත් හිතහදාගෙන ඉන්නේ අඩි හයක් යටට යන්න...''



''පිස්සු කියවන්න එපා ආදිත්‍ය... ඔයාටවත් නෙහාරගේ පවුලේ අයටවත් මං ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ නෑ...''



''ඔයා මගේ කලින් ප්‍රශ්නෙටත් උත්තරේ මගෑරියා ශනායා...දැන්වත් ඇයි කියන්න මාව මේ විදියට බේරගන්න හදන්නේ...''



''ඔයා මාව කිඩ්නැප් කරපු විදිය කියන්න එපා කිව්වේ ඒක මගේ කටින් බැරි වෙලාවත් පැන්නොත් ඔයාට මේ ලෝකේ වැඩිකල් ඉන්න වෙන්නේ නැති නිසා...මං ඔයාට ආදරේ කරනවා...ඉතින් මම කැමති නෑ මං ආදරේ කරන මිනිස්සු මං හින්දා මේ ලෝකෙන් යනවට...''



''මට ආදරේ කරලා වැඩක් නෑ...ඔයාට මගේ ආදරේ හම්බවෙන්නේ නෑ...''



''නෙලා ගැනුමට නොහැකිවූවද

අත්හැරීමත් නොවේ ප්‍රේමය...

බලා දුර හිඳ කතා නොකරම

සුසුම් පපුවක හිරකිරීමය...''



ශනායාගේ උත්තරය ආදිත්‍යව ටික වෙලාවකට නිශ්ශබ්ද කලා...ඒත්,



''ඔයා කොහොමද ශනායා මෙච්චර කාලයක් එහේ ඉදලත් හොදට සිංහල කතා කරන්නේ...''කියලා ආදිත්‍ය දක්ෂ විදියට කතාව වෙන පැත්තකට හැරෙව්වා...



''ඕන භාෂාවක් ඉගෙන ගන්න ලේසී භාවිතය එක්ක...මං එහේ ඉන්නකොට මෙහෙන් ගෙන්නගෙන සිංහල පොත් කියෙව්වා,සින්දු ඇහුවා...ඉතින් මට හොදට සිංහල පුළුවන්...අනික මං ඇමරිකාවට ගියේ අත දරුවා කාලේ නෙවෙයි හරිද...''



ඒත් එක්කම වගේ වටපිටාවේ කදු ඔක්කොම ඝන මීදුමකින් වැහුනේ ලොකු වැස්සක් පටන් ගන්න බව කියන්න වගේ...වැහි බිදු පතිත වනවාත් සමගම ආදිත්‍ය නැගී සිටියේ ගේ ඇතුලට යන්න...ඒත් ආදිත්‍ය ගේ ඇතුලට යනකොට ශනායා නම් මිදුලට ඇවිත් හිටගත්තා...



''ශනායා...වැස්සේ තෙමිලා තමුසේ ආයේ අසනීප වෙයි...''ආදිත්‍ය ගේ ඇතුලේ ඉදන් කෑ ගැසුවත් ශනායට එක ගානක් වුනේ නෑ...



''ඉදලා ඉදලා වහින වැස්සටයි තෙමෙන්න හොද නැත්තේ...මෙහෙට මං ආව දවසේ ඉදන් ගොඩක් වෙලාවට වහිනවානේ...ඉතින් මට මුකුත් වෙන්නේ නෑ...''එහෙම කිව්ව ශනායා ආයෙමත් වැස්සේ නටන්න ගත්තා... ඉවසීම නතර වෙච්ච තැන තෙමී තෙමී මිදුලට ආව ආදිත්‍ය ශනායව අත්දෙකෙන්ම උස්සලා වඩා ගත්තා...



''ආදිත්‍ය මාව බිමින් තියනවා...''



''බෑ...දගලන්න ලෑස්තිවෙන්න එපා මං තමුසේව මේ මඩ ගොඩ උඩට අතාරිනවා...''කියපු ආදිත්‍ය ශනායව ගේ ඇතුලට උස්සගෙන ඇවිත් කිචන් කවුන්ටර් එක ලග තිබ්බ උස පුටුවෙන් තිබ්බා...ඊටත් පස්සේ කබඩ් එකක් ඇරලා ටවල් එකක් අරන් ශනායාගේ ඔළුව පිහදාන්නගත්තට ශනායාගේ කටට නම් නිවනක් තිබ්බේ නෑ...



''ආදිත්‍ය ඕක නවත්තනවා...''



''බෑ... තමුසෙ සන්නිය හැදිලා මලොත්...''



ඉතින් ඊලග තත්පරේ ශනායා ආදිත්‍යගේ අතින් ටවල් එක උදුරලා අරගත්තා...



''ප්ලීස් ආදිත්‍ය මට ආදරේ කරන්න බැරි නම් මෙච්චර හොදට මට සලකන්න එපා...මොකද මට මීට කලින් මෙහෙම සැලකිලි හම්බවෙලා නෑ...''



''ඔයා උඩට ගිහින් චේන්ජ් කරගන්න...මං ඔයාටත් එක්ක කොෆි එකක් හදාගෙන එන්නම්...''





ආදිත්‍ය කෝපි කෝප්ප දෙකකුත් අතේ තියාගෙන කාමරේට යනකොට ශනායා හිටියේ නානකාමරේ දොර වහගෙන තමන්ටම සින්දුවක් මුමුණ ගන්න ගමන්...කෝප්ප දෙකත් සයිඩ් ටේබල් එක උඩින් තියලා ආදිත්‍ය ශනායගේ සින්දුවට කන්දුන්නා...



''කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේ

අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ


සඳේ මං කෙසේ කියන්නේ

හිතේ තියෙන ඒ ආදරය

මා මන්මත් කෙරූවා කියා... ඔබ දුටූදා...

නෙතේ වේදනා නිවෙන්නේ

ඔබේ රූ නිසා

හිත පාවෙලා දුර ගියා....''



ඇස් දෙකට පිරුණු කදුළුත් එක්ක ආදිත්‍ය එහෙම්ම ඇද පාමුල වාඩිවුනා...වාඩි වුනා කියනවටත් වඩා ආදිත්‍යව ඉන්දවුනා...



''පෙම් වර්ෂා වහී මා තෙමා...

සිත් සංඛා නිවී යයි මෙදා...


සංසාරිණී මගේ - නන්නාඳුනන්නියේ

මා මවනා හීනයේ - ඔබ ඉන්-

ආදිත්‍ය...''


කොණ්ඩේ පිහදාන ගමන් නානකාමරෙන් එලියට ආව ශනායට ආදිත්‍ය ඉන්න විදිය දැක්කම කෑ ගැස්සුනා...ආදිත්‍ය හිටියේ දණිස්දෙක උඩින් මූන තියාගෙන...ආදිත්‍යගේ ඉස්සරහින් වාඩි වෙච්ච ශනායා තමන්ගේ අත් දෙකෙන්ම ආදිත්‍යගේ මූන උඩට ඉස්සුවා...



''ප්ලිස් ශනායා ආයේ ඔය සින්දුව මගේ කන් දෙකටවත් ඇහෙන්න කියන්න එපා...''



''I'm extremely sorry ආදිත්‍ය...ආයේ ඒ දේ වෙන්නේ නෑ...ආදරේ කරන අය දාලා ගියාම දැනෙන වේදනාව මාත් හොදටම දන්නවා...''



ඇත්තටම කිව්වොත් ශනායා ඒ සින්දුව කිව්වේ තමන්ගේ දුක නැති කරගන්න...ඒක තමයි ශනායාගේ විදිය, දුක හිතුනාමත් සින්දු කියනවා පොඩි සතුටක් දැනුනාමත් සින්දු කියනවා...ආදිත්‍යගේ කම්මුල් පිහදැම්ම ශනායා නැගිටලා ගිහින් අර කෝපි කෝප්ප දෙක අරගෙන ඇවිත් ආයෙමත් ආදිත්‍ය ලගින් වාඩි වුනා...



''ආ මේක බොන්න ආදිත්‍ය...මගේ පිස්සු වැඩ නිසා ඔයාත් වැස්සේ තෙමුනානේ...''



''ඉතින් ඔයාගේ කතාව මට කියන්නේ නැද්ද...''



''ඒක හෙට කියන්නම්...අද දවසට වෙච්ච, ඇහුව දේවල් හොදටම ඇති...''



🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓



දහතුන්වෙනි කොටසින් හමුවෙමු...



මම ඕෂධී...✍️

Report Page