Kidnapped by Love-11

Kidnapped by Love-11

ඕෂධී🌸✍



Chapter-10



🍓Chapter-11



''ඉතින් ඔයා ලෑස්තිද ශනායා මං ගැන දැනගන්න...'' 



ආදිත්‍ය එහෙම කිව්වාම ඔව් කියන්න වගේ ඔළුව හෙල්ලුව ශනායා ඊලගට ආදිත්‍යගේ දකුණු අතත් එක තමන්ගේ වම් අත පටලව ගත්තා...



''මම හිතනවා ඔයා මට ඇත්ත කියයි කියලා...ඒ වගේම තමා මම පොරොන්දු වෙනවා ඔයා මට කියන දේවල් මං වෙන කාටවත් කියන්නේ නෑ කියලා...'' කියන වචන ටික ශනායා කිව්වේ ආදිත්‍යගේ අත ටිකක් තදින් අල්ලගන්න ගමන්මයි...ඊට පස්සේ එයා ආදිත්‍යගෙන් අත අහකට ගත්තා...ටික වෙලාවක් නිහඩව හිටිය ආදිත්‍ය ඊට පස්සේ තමන්ගේ හඩ අවදි කලා...



''ඔයා මං ගැන දන්නේ මොනවද ශනායා...''



''එදා මං කිව්ව දේවල් ඇරෙන්න වෙන මොනවත් මං දන්නේ නෑ...ඔයාගේ ලංකාවේ ලයිෆ් එක කොයි වගේද, ලව් ලයිෆ් එක කොයි වගේද ඒ කිසි දෙයක් මං දන්නේ නෑ...''



''මං ඉපදුනේ නුවර පොඩි ගමක...හරියටම කිව්වොත් මං වලව්කාරයෙක්...මට සහෝදර සහෝදරියෝ කවුරුත් නෑ...හැබැයි දැන් තත්වේ අනුව එහෙම නෑ කියන්නත් බෑ...''



''ඒ කිව්වේ...''



''මම පොඩි කාලේ අම්මයි තාත්තයි අතර ප්‍රශ්න ගොඩාක් තිබ්බා ශනායා...ඒ පොඩි වයසට මං හෙම්බත් වෙලා හිටියේ ඒ දෙන්නා නිසා...මගේ අම්මට වෙන මිනිහෙක් එක්ක සම්බන්ධයක් තිබ්බා...තාත්තා එක එක වැඩ වලට ගෙදරින් පිට ඉන්න දවස්වලට අම්මා ඒ මිනිහව ගෙන්න ගන්නවා...අම්මා හිතන්නේ ඒ මිනිහා එන වෙලාවට මං කාමරේ දොර ලොක් කරගෙන නිදි කියලා...මුලින් මං දැනගෙන හිටියේ නෑ ඒ අම්මගේ හොර මිනිහා කියලා...එක දවසක් රෑ මං සද්ද නොකර කාමරෙන් එලියට ඇවිත් අම්මගේ කාමරේ පැත්තට ගියා...කාමරේ දොර ලොක් කරලා වුනාට මං යතුරු හිලෙන් එබිලා බැලුවා...''ඉතින් ආදිත්‍ය ආයේ නිශ්ශබ්දයි...ඒත් වෙලා තියෙන දේ ශනායට හොදින් තේරුනා...ශනායා ආදිත්‍යව සන්සුන් කරන්න වගේ ඔහුගේ පිට පිරිමදින ගමන්,



''මට ඔයාව තේරුම්ගන්න පුළුවන් ආදිත්‍ය...''කියලා කිව්වා...



''මං ප්‍රාර්ථනා කරන්නේ මේ ලෝකේ ඉන්න කිසිම දරුවෙක්ට මම ඒ දැක්කා වගේ දෙයක් දකින්න ලැබෙන්න එපා කියලා...''



''ඉතින් ගෙදර වැඩ කරන්න කවුරුත් නැද්ද...මං කියන්නේ සර්වන්ට්ස්ලා...සාමාන්‍යයෙන් මං අහලා තියෙන විදියට වලව් වල වැඩ කරන්න ගොඩක් කට්ටිය ඉන්නවනේ...''



''හිටියා...එයාලා පවුලක්...අපේ වලව්ව තියෙන්නේ ලොකූ වත්තක් මැද්දේ... වත්තේ කෙලවරක පොඩි ගෙයක් හදාගෙන තමයි අර පවුල ජීවත්වුනේ...අම්මයි තාත්තයි දවල් කාලේ අපේ ගෙදර වැඩ කරනකොට ඒ ලමයි ඉස්කෝලේ යනවා...සමහර දවස් වලදි එයාලත් වලව්වට ඇවිත් වැඩ කරනවා...''



''හරි ඔයාගේ කතාව කන්ටිනිව් කරන්නකෝ...''



''අර සිද්ධිය ගැන මං කාටවත් කියන්න ගියේ නෑ...ඒකෙන් වෙන්නේ ඇවිලෙන ගින්නට පිදුරු වැටෙන එක විතරයි කියලා මං පොඩි වුනත් මට තේරුනා...මට ඕන වුනේ රණ්ඩු වෙවි හරි ඒ දෙන්නත් එක්ක එකට ඉන්න...පස්සේ කාලෙක තමා මං දැනගත්තේ තාත්තටත් හොර ගෑනියෙක් ඉන්නවා කියලා...අම්මයි තාත්තයි දෙන්නා හොරෙන් කරගෙන ගිය තමන්ගේ සම්බන්දතා ගැන දෙන්නටම අහුවෙලා දෙන්නා රණ්ඩු වෙන්න ගත්තා...අන්තිමේදී ඒක දික්කාසදය වෙනකන් ඇදිලා ගියා...''



''ඔයාට එක දිගට කතා කරලා මහන්සි වගේද...''



''නෑ එහෙම එකක් නෑ...ශිෂ්‍යත්ව විභාගේ ලකුණු ආව දවස මට කවදාවත් අමතක වෙන්නේ නැති දවසක් ශනායා...එදා උදේ රිසාල්ට් බැලුවාම මං විභාගේ උඩින්ම පාස්...ඒ සතුට හිතේ තියාගෙන මං ලෑස්ති වුනේ උසාවියට යන්න...එදා තමයි අන්තිම තීන්දුව දෙන දවස...මං හිතුවා විභාගේ පාස් වුනා වගේ මේ ඩිවෝස් එකත් නතර වෙයි,එතකොටවත් අම්මයි තාත්තයි සතුටින් ඉදි කියලා...ඒ ඔක්කොම කනපිට හැරුනා...ඒ දෙන්නට ඩිවෝස් එක හම්බවුනා...අම්මා මාව එපා කියලා අර මිනිහත් එක්ක ගියා...ඒත් තාත්තා මාව භාරගත්තා...හැබයි ඊට පස්සේ තාත්තා මාව කොළඹ ***** කොලේජ් එකට දැම්මා...''



''ඒක ජේඩන් අයියගේ ඉස්කෝලේ ප්‍රතිවිරුද්ධ ඉස්කෝලේ නේ...මේ මං ඔයාට ආදිත්‍ය ආදිත්‍ය කිව්වට ඇත්තටම ඔයා අපේ අයියගේ වයසේ නේද...''



''මම ඔයාගේ අයියට වඩා අවුරුද්දක් බාලයි...''



''ඒ කොහොම වුනත් මට වඩා නාකි නේ...ඉතින් කතාව කියන්නකෝ...''



''මාව ඉස්කෝලේ හොස්ටල් එකේ නතර කලා...ඒත් නිවාඩුවට ගෙදර ගියාමයි තේරුනේ ඇයි කොළඹ නතර කලේ කියලා...තාත්තා එයාගේ අලුත් වයිෆ්ව ගෙදර ගෙනත්...මං ඒකට පොඩ්ඩක්වත් කැමති වුනේ නෑ ශනායා...ඒ නිසා ගොඩක් වෙලාවට මං නිවාඩු කාලෙත් හිටියේ හොස්ට්ල් එකේමයි...ඒත් තාත්තා හැම මාසෙකටම දවසක් ඇවිත් මාව බලලා ගියා...අම්මා නම් එහෙමවත් ආවේ නෑ...අම්මටයි තාත්තටයි දෙන්නටම එයාලගේ අලුත් කසාද වලින් ලමයි ඉන්නවා...ඒකයි මං කලින් අර වගේ කතාවක් කිව්වේ...''



''ඔයා හොස්ටල් හිටියා නම් නෙහාරව හම්බවුනේ කොහොමද...''



''A/L වලට ක්ලාස් යන්න ඕන නිසා මං තාත්තට කියලා හොස්‍ටල් එකෙන් අයින් වෙලා බෝඩිමක් හොයාගත්තා...ටියුෂන් ක්ලාස් එකකදි තමා මට එයාව හම්බවුනේ...අදටත් හිතාගන්න බෑ ඇයි මං එයාවම තෝරගත්තේ කියලා...කර්ල් කොණ්ඩෙට කොයි වෙලෙත් හිනාවෙන කම්මුල් මාර විදියට මැච් වුනා...මං මුලින් ආදරෙයි කිව්වම බැහැ කිව්වා...පස්සේ මාත් එයාව හිතෙන් අයින් කරලා දානවා කියලා හිතුවා...මගේ යාළුවෝ කිව්වා දිගටම ට්‍රයි කරලා බලන්න කියලා...මං එහෙම කලා, අන්තිමේදි එයා මට කැමති වුනා...''



නෙහාරා ගැන කියද්දි ආදිත්‍යගේ ඇස් දිලිසෙන විදිය දැක්කම ශනායාගේ ඇස් වලට පිරිච්ච කදුළු ශනායා ආදිත්‍යටත් හොරෙන්ම පිහදැම්මා...



''ඔයා එයාට හරි ආදරෙයි නේද...''



''හ්ම්ම් ගොඩක් ආදරෙයි...A/L විභාගෙන් පස්සෙ නෙහාරගේ ගෙදරින් අපි ගැන දැනගත්තා...මං ඒ වෙනකොටත් නෙහාරට මං ගැන හැම ඇත්තක්ම කියලා තිබ්බේ...මං හිතුවා ඒවා දැනගත්තම නෙහාරව මගෙන් උදුරගනී කියලා...ඒත් ඒ ගෙදර අය මාව පිලිගත්තා...නෙහාරගේ ගෙදර යනකොට තමා මට තේරුනේ ඒ පවුල කොච්චර හොද තේරුම් ගැනීමක් තිබ්බ පවුලක්ද කියලා...මට තියෙන වත්කම් එයාලට නොතිබ්බට ඒ ගෙදර ඇතුලේ මහ ගොඩක් ආදරේ පිරිලා තිබ්බා...එයලා ඒ ආදරේ අඩුවක් නැතුව මටත් දුන්නා...''



''නෙහාරගේ පවුලේ විස්තර මොනවද...''



''අම්මයි, තාත්තයි, නංගියි, මල්ලි එයාට හිටියේ...තාත්තා කරපු ජොබ් එකෙන් තමා ඒ පවුලම ජීවත්වුනේ...අපේ රිසාල්ට් ආවත් හරි මගේ තාත්තා මාව ඇමරිකාවට යවන්න තීරණය කලා...මං මුලින් විරුද්ධ වුනා...ඒත් නෙහාරමයි කිව්වේ තාත්තගේ හිත රිද්දන්නේ නැතුව ඒ තීරණයට එකග වෙන්න කියලා...ඉතින් මං ඇමරිකාවට ඇවිත් ඔයා එදා කිව්ව යුනි එකේ ඉගෙන ගන්න පටන්ගත්තා...එහෙමයි කියලා අපේ ආදරේ අඩුවක් වුනේ නෑ හැමදාම ඒක වැඩිවුනා මිසක්...''



''නෙහාරා කැම්පස් ගියේ නැද්ද...''



''නෑ...එයා ඒකට කැමති වුනේ නෑ ගෙදරට තවත් වියදම් වැඩිවෙයි කියලා...එයා ජොබ් එකක් කරන්න ගත්තා...නෙහාරගේ නමට එයාගේ සීයාගෙන් හම්බවෙච්ච ඉඩමක් තිබ්බා...ඒක පාර අයිනේ තියෙන ඉඩමක්...බිස්නස් කරන මිනිහෙක්ට වටිනවා ඒ ඉඩම ගත්තා නම්...ඒ නිසාම ගොඩක් අය ආවා ඒ දවස්වලම ඉඩම ගැන අහ අහ...ඒත් නෙහාරා කැමති වුනේ නෑ...අන්තිමේදි එයාලට ආව සල්ලි ප්‍රශ්නයක් නිසා නෙහාරා ඉඩම විකුණන්න තීරණය කලා කෝටි දොලහකට...එයා සල්ලි කෑෂ් වලින් අරන් තියෙන්නෙ...ඔය සල්ලි අරගෙන ගෙදර එන අතරතුරේදි නෙහාරා ඇක්සිඩන්ට් වෙලා නැති වුනා...එයාගේ සල්ලිත් කවුද මනුස්සයෙක් අරන් ගිහිල්ලා...අන්තිමේදි ඒ ගෙදර මිනිස්සුන්ට තමන්ගේ දුවත් නෑ,ඉඩමත් නෑ සල්ලිත් නෑ...''



''නෙහාරා ඇක්සිඩන්ට් වුනේ නෑ...එයාව මගේ තාත්තා ඇක්සිඩන්ට් කෙරෙව්වා...මං හරි නේද ආදිත්‍ය...''




🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓



මේ කතාව කියවලා කවුරු කාවද කිඩ්නැප් කලේ කියලා හිතාගන්න බැරුවද ඉන්නේ...එහෙම නැත්තන් වෙන දේ හිතාගන්න බැරුවද ඔයාලා ඉන්නෙ...



දොලොස්වෙනි කොටසින් හමුවෙමු...



මම ඕෂධී...✍️


Report Page