Kidnapped by Love-10

Kidnapped by Love-10

ඕෂධී🌸✍


Chapter-9



🍓Chapter-10



නිදාගෙන හිටිය ශනායට ආදිත්‍ය ආයේ ගෙදර එන සද්දේ ඇහුනේ නෑ...ඒත් කවුරුහරි ඇවිත් ලොක් කරපු දොර අරින්න හදනවා කියල ඇහිච්ච නිසා ශනායා ඉක්මනට ඇදෙන් බැස්සා...අනික් පැත්තේ ඉන්නේ ආදිත්‍යද නැත්තන් වෙන කෙනෙක්ද කියලා හිතාගන්න බැරිවෙච්ච තැන කවුරුවුනත් කමක් නෑ පහර දෙන්න ඕන කියලා ශනායට හිතුනා...ඒ නැත්තත් ශනායා මේ වෙලේ කොහොමත් ආදිත්‍යත් එක්ක තරහින් ඉන්නේ...මේ වගේ දෙයක් බලාපොරොත්තු නොවී එක පාරට දොර ඇරපු ආදිත්‍යගේ බඩට ශනායා එල්ල කරපු පා පහර නිසා ආදිත්‍ය එහෙම්ම බිම ඇදගෙන වැටුනා...



''My God Shanaya!''



 “That’s for thinking you can control me!” කියන ගමන් ශනායා බිම වැටිලා ඉන්න ආදිත්‍යගේ ඇග උඩින් වාඩි වුනා...



“Are you out of your mind?!”



''තමුසේ මේක ඉල්ලගෙන කෑවේ ආදිත්‍ය...මං මෙච්චර දේවල් කියලත් මාව විශ්වාස කරන්න බැරි මගේ තාත්තා ඇමති කෙනෙක් නිසාද...'' ආදිත්‍යගේ ශර්ට් එකේ කොලර් එකෙන් අල්ලගන්න ගමන් ශනායා ඇහුවා...



''තමුසෙව මං පැහැරගෙන ඇවිල්ලා ඉන්නේ...මට එලියට යන්න ඕන වුනා...ඉතින් මං තමුසෙව කාමරේ ඇතුලට දාලා ලොක් කලා...මං තමුසෙට සලකනවා හොද වැඩි...''



ශර්ට් කොලර් එක ඇතෑරපු ශනායා ඊලගට ආදිත්‍යගේ පපුවට ගහගෙන ගහගෙන යනගමන්,

''සැලකිල්ලේ හොදකමට මම තාමත් ඇගේ ක්‍රීම් ගානවා...ආදිත්‍ය මම ඔයාට වචනයක් දුන්නා, ඔයා මාව ගෙදර යවනකන් හරි මරලා දානකන් හරි මං මේ ගෙදරින් යන්නේ නෑ කියලා...එහෙම තියෙද්දිත් ඇයි ආදිත්‍ය ඔයාට මාව විශ්වාස කරන්න බැරි...'' ඇහුවා...ඉතින් ආදිත්‍ය කලේ තමන්ගේ නිදහස්වෙලා තියෙන අත් දෙකෙන් ශනායාගේ අත් දෙක අල්ලගත්ත එක...



''මං ඉන්න තැන ඔයා හිටියා නම් මම මෙහෙම කරන්නෙ ඇයි කියලා ඔයාට තේරෙයි...''



ආදිත්‍යගේ ඇග උඩින් අයින් වෙච්ච ශනායා ඊට පස්සේ ගිහින් ඇද උඩින් වාඩිවුනා...ඒත් එක්කම හිමිට නැගිටලා ඇද ලගට ආව ආදිත්‍ය ශනායා දිහාවට කඩදාසි බෑග් එකක් දික් කලා...



''මං ඔයාට මේවා ගෙන්න ගියේ...''



ආදිත්‍යගේ අතින් බෑග් එක උදුරලා ගත්ත ශනායා ඒකේ තිබ්බ දේවල් ඇද උඩට හැලුවා...



''Oh my god...Are you f#cking serious...මොකටද මේ දෙකක්...'' ඇහිබැමි දෙකත් උඩට උස්සගෙන ශනායා ඇද උඩ තියෙන pregnancy kit දෙක පෙන්නලා ඇහුවා...



''එකක් ඔයාට එකක් මට...''



''නෑ...එදා රැයෙන් පස්සේ තමුසෙගේ gender එකත් මාරු වුනාද...'' සම්මච්චල් හිනාවක් මූනේ රදවගෙන ශනායා ඇහුවා...



ඉතින් ඒ ප්‍රශ්නෙට ආදිත්‍යට දෙන්න උත්තර නැති වුනා...ඒත් මොනවහරි කියන්න ඕන නිසා,



''හරියට වැඩ කරයිද නැද්ද දන්නේ නැති නිසයි දෙකක් ගෙනාවේ...''



''ඇත්තට,ඔයාට මේක පෙන්නේ මොකක් හරි ඩිජිටල් ඩිවයිස් එකක් විදියටද...ඔයා මෙතනදිත් ඔප්පු කලා ආදිත්‍ය ඔයාට මාව විශ්වාස නෑ කියලා...''



''ශනයා මං එහෙම දෙයක්-''



''මුකුත් කියන්නේ නැතුව කාමරෙන් එලියට යන්න...'' ආදිත්‍යව දොර දිහාවට තල්ලු කරන ගමන් ශනයා කිව්වා...ඉතින් ආදිත්‍ය කාමරෙන් එලියට ආවත් හරි මේ වතාවේ දොර වහලා ඇතුලෙන් ලොක් කලේ ශනායා...



ශනායා ආයේ කාමරෙන් එලියට ආවේ පැය ගානකට පස්සේ...නිකන් නෙවෙයි පරීක්ෂණයේ ප්‍රතිඵල පෙන්නන්න එක කිට් එකකුත් අතේ තියාගෙන...ශනායා පහල තට්ටුවට එනකොට ආදිත්‍ය නම් අර පැත්තට අරින්න පුළුවන් වීදුරු ජනේලේ ලග වාඩි වෙලා කකුල් දෙක මිදුල දිහාවට දික් කරගෙන හිටියේ...



''ක්හැ- ආදිත්‍ය...''



කැස්සත් එක්ක ශනායාගේ කටහඩ ඇහෙනවත් එක්කම ආදිත්‍ය මෙච්චර වෙලා බිබි හිටිය සිගරට් එක නිවලා දැම්මා...



''ශනායා...''



''ආ මෙන්න...මම නෙගටිව්...දැන් ඔයාට ඒ ගැන බය වෙන්න ඕන නෑ...''අතේ තිබ්බ ප්‍රෙග්නන්සි කිට් එක ආදිත්‍යට දෙන ගමන් ශනායා කිව්වා...ඒක අතට අරගත්ත ආදිත්‍ය තමන්ගේ එහා පැත්තෙන් වාඩි වෙන්න කියලා ශනායාට අතින් සංඥා කරලා කිව්වා...ඉතින් ශනායත් ආදිත්‍ය වගේම මිදුල දිහාවට කකුල් දාගන්න ගමන් බිමින් වාඩි වුනා...



''ආදිත්‍ය මගේ ඇදුම් ඉවරවේගන එන්නේ...මේ ඇදුම් ටික හෝදගන්න පුළුවන් වෙයිද...''



''පුළුවන්, වොශින් මැෂින් එකට දාලා හෝදගමු...''එහෙම කියනවත් එක්කම සාක්කුවෙන් හැක්ස් ටොපියක් අතට ගත්ත ආදිත්‍ය ඒක ශනයාට දීලා තව ටොපියක් අරන් තමන්ගේ කටේ දාගත්තා...



''Thank you...ඒක නෙවෙයි මෙතනින් පල්ලෙහා වතුර පාරක් ගලාගෙන යනවද...''ශනායා ඇහුවාම ආදිත්‍ය පුදුමයට පත්වෙච්ච බැල්මක් ශනායට දුන්නා...ඇත්තටම නෙහාරා නිසා පුදුම වෙනවටත් වඩා තමන් ශනායා නිසා පුදුම වෙච්ච අවස්ථා වැඩි නේද කියලා ආදිත්‍යට එක මොහොතකට හිතුනා...



''තමුන් කොහොමද ඒක දන්නේ...අනික ඒක ගොඩක් ලග නෙවෙයි තියෙන්නේ...මෙතන ඉදන් ටික දුරක් යන්න ඕන...''



''මනස සන්සුන් වුනාම ගොඩක් දේවල් ඇහෙන්න පෙන්න ගන්නවා...මම අද උදේ භාවනා කරනකොට මට ඇහුනා ඒ ගලාගෙන යන වතුරේ සද්දේ...''



''ඔයාට සද්දේ ඇහෙන තරම් ලග නෙවෙයි ඒක තියෙන්නේ...''



''Oh...Come on ආදිත්‍ය...ඔයා ඉගෙන ගත්තේ මෙහේ ඉස්කෝලෙක නේද...පොඩි කාලේදි ඒ දේවල් ඉගැන්නුවේ නැද්ද...මට නම් එහේ ඉස්කෝලේදි activity එකක් විදියට මේ දේ කලා...''



''මොනවද...''



''ඇස් දෙක පියාගෙන වටපිටාවේ ඇහෙන සද්ද අදුරගන්න activity එකක්...''



ටික වෙලාවක් ශනායා දිහා බලන් හිටිය ආදිත්‍ය හඩ බාල කරලා,

''මටත් දැන් හිතෙනවා ඔයාව අනික් කෙල්ලො ගානට දාලා හිතුව එක මං කරගත්ත ලොකුම වැරැද්ද කියලා...'' යනුවෙන් කීවේය...



''ආදිත්‍ය...''



''ඉතින් ඔයා ලෑස්තිද ශනායා මං ගැන දැනගන්න...''



🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓



මේ කොටස පොඩි ඇති...මට සදුදට විභාගයක් ලමයි...තව කොටසක් ඉල්ලුව නිසයි දුන්නේ...සදුදා හවසට හරි අගහරුවාදට හරි ඊලග කොටස දෙන්නම්...



එකොලොස්වෙනි කොටසින් හමුවෙමු...



මම ඕෂධී...✍️


Report Page