INTERNATIONAL (ඉන්ටර්නැශනල් ) 💛🕊️

INTERNATIONAL (ඉන්ටර්නැශනල් ) 💛🕊️

J_me ✨️💛

පෙර කොටසට..

https://telegra.ph/INTERNATIONAL-%E0%B6%89%E0%B6%B1%E0%B6%A7%E0%B6%BB%E0%B6%B1%E0%B7%81%E0%B6%B1%E0%B6%BD-07-23



Episode 19 💛🕊️


"ඔහ් හායි බෝසිලු , මොකද කරන්නේ මෙහේ..."


ඒ තෙනුමි... එයා එක්ක ගෞරවත් හිටියා..තෙනුමි එයාගෙ අතිනුත් අල්ලගෙන හිටියේ... හේතුවක් නැතුවම මගෙ හිත ගැස්සුනා...


ඒත් ඊට වඩා මට හිතුන්න දෙයක් තිබ්බා...

තෙනුමි ඉස්සෙල්ලම බෝසිලු එක්ක ඉදල දැන් ගෞරව එක්ක ඉන්න එක ....

එයා ඒ විදියෙ කෙනෙක් කියල මට නිකම්වත් හිතුන්නෑ...


මාව වහගෙන හිටගෙන හිටපු ගෞරව දිහා මන් බැලුවා....

එයාත් බෝසිලු දිහාබලාගෙන හිටියේ...


"මන් නිකම් එලියට ආවා ..."


"ශාවිනීද මේ.... ඔයා හෙන නරකයි බෝසි.... මාත් එක්ක කොහෙවත් යන්න එන්නෙ නෑ.. මෙයා එක්ක ආවනේද..."

තෙනුමි පැහැදිලිවම එයාගෙ අකැමැත්ත පෙන්නුවම මට පුදුමයක් දැනුනේ... එයා කොහොමත් කෙලින් වැඩ කරන කෙනෙක් නේ...


"සොරි තෙනූ...මම පොඩි වැඩකට ආවෙ...ඔයා මොකද මෙහෙ කරන්නේ..."

ගෞරව ටත් අමුතු බැල්මක් දාන් බෝසිලු ඇහුවා..

ඒ පාර මූත් හුරතල් වෙනවා.. මුන්ව තේරුන් ගන්නවට වඩා අර සහන්ට ජ්‍යාමිතිය උගන්නව හොදයි.....


"ශොපීන්..."


"අහ්.."


"ඒහ් ශාවී.... මට පොතක් ගන්නොනෙ එනවද යන්න..."

ගෞරව එකපාර මන් දිහා බලල ඇහුවා...


"මොනා..."

මෙයාට මොනවද මාත් එක්ක ගන්න තියන පොත්...


"එන්නකො යන්නෙ මේ මැටිවලදට ඕව තේරෙන එකක්‍ යෑ...බොසිලුව එක්ක යන්න හිටියෙ.. ඌ බිසීනෙ ඉතින්.. එනව එනවා...."

මන් මොනවත් කියන්නත් කලින් ගෞරව මගෙ අතින් ඇදල නැගිට්ටෝල මගෙ කරට අතදාගත්තා....


"බෝසිලු අපි යනවා ඒනම්... පැයභාගෙන් මෙතන ... උබල දෙන්න පෙම්කෙලියේ යෙදෙමින් එහෙමෙහෙ යන්නෙපා... ඔතනම ඉදපන්...."

මට මොනවත් කීයන්න දෙන්නැතුව ඉක්මනට මාවත් ඇදගෙන ගෞරව පාරට ආවා...

මගෙ කටට පන ආවෙ විනාඩි ගානකින්..


"කොහෙද මේ යන්නෙ.. මොන පොතක් ගන්නද... පැයභාගයක් තිස්සෙ මොන පොත් ගන්නද ...."


"එකපාර එකක් අහපන්... උබ එතන බෝසිලු ට ගුලිවෙලා ඉද්දි උන් දෙන්න කතාකරන්නෙ කොහොමද...."


"ඒ දෙන්න කතා කරන්නෙ මොකටද... බෝසිලු ආවෙ මාත් එක්ක කතාකරන්න..."


"ඇයි ඔයාලාදෙන්න සෙට්ද..."


"මොනා.."


"එනව එනව කන්න යන් මොනා හරි .. උන්ට පැයභාගයක් ඇතිනේ..."

තෙනුමියි බෝසිලුගෙයි අතරෙ තියෙන්නෙ මොන වගේ සම්භන්දයක් උනත් ඒකට ගෞරවත් බොක්කෙම්ම සප් එක දෙනව කියල තේරුනා...


මාවත් එක්කගෙ සිටිසෙන්ටර් එකට ආපු ගෞරව ෆුඩ්කෝට් පැත්තට ගියා...


"මොනාද කන්නේ..."


"ඇහ්.."


"වන්ගුද බන් කනේ..කොයි වෙලෙත් ඤැහ් ඤැහ් ගාන්නෙ...."


ගෞරව එල්ලෙන්න එද්දි මන් එහා පැත්ත නිකමට බැලුවා...

අම්මෝ...ඒ හිටියේ නයෝමි මිස්..

ලස්සන කොල්ලෙක් එක්ක.. බෝයිෆ්‍රේන්ඩ් ද දන්නෑ....


"අඩේ අඩේ ගෞරව ශේප් එකේ එහාපැත්ත බලපන් .. හිමීට...."

මගෙ සන්වර ගතිය ආයෙ යටයන ගමන් තිබ්බේ...


"මොකෝ.."


"හිමීට බලපන්..."

මන් අතිනුත් කටවහන් ගෞරවට විතරක් ඇහෙන්න කිව්වා...


"හුටා ..... මැස්සි නේද..."


"මොකී..."


"අහ් කෙල්ලො දන්නෑ ඕවා.... එනව යන්න... හෙට තමුසෙවයි මාවයි බන්දලා තියෙයි...."


"ඇහ්.."


ගෞරව මගෙ අතිනුත් අල්ලගෙන ඉක්මනට එලියට එන්න යද්දි එතනින් ගියපු කෙල්ලො දෙන්න කිව්ව කතාවට මන් එහෙම්ම නැවතුනා..


"හොද ඇපල් කන්නෙම පනුවෝ"


පනුවා.. එයාලා ඒ කතාව කිව්වෙ අපිට කියල මට පැහැදිලිවම තේරුනා...


"ඇයි.."

ගෞරව ඇහුවේ මන් නැවතුනු නිසා..


"අර උඩැක්කි දෙකව අදුරනවද..."


"මොන දෙක.."


"අර කෙල්ලො දෙන්න දන්නවද.."


"කෝ.....අහ් ඔව් නෙ. නමින් නම් දන්නෑ , සයන්ස් ක්ලාස් එනව..."


"ඇත්තද.... එහෙනම් ගිහින් කතා කරල එන්න ... හොද ඇපල් කාලා කතා අහන්න බෑනේ.."


"මොනා.. මොකො මේ ගිනිපිටවෙන්නෙ..."

ගෞරව මටත් ඇනල හිනාවෙවී කිව්වට මට ගොඩක් කේන්ති ගීහින් හිටියේ....


"යන්න ඉතින් කතා කරන්න.. පව්නේ ක්ලාස් මේට්ලා..."


"පිස්සුද බන්...මෙන්න මෙහෙ එනව යන්න"


ගෞරව මගෙ කරට අතදාගෙන මාව එක්කන් යන්න හැදුවත් මන් දැක්කේ ඒ කෙල්ලො දෙන්නා ආයෙත් අපේ පැත්තට එනවා...

අහේතුකවම මට පුදුම තරහක් ආවේ...


"ඔහොම ඉන්න ඔයා මන් වොශ්රූම් එකට ගිහින් එන්නම්"


"හා.."


මන් හිමීට එතනින් ඇවිත් බිත්තිය ගාවින් එයාලට නොපෙනෙන්න හිටගත්තා....


ඒ කෙල්ලො දෙන්න මුකුල කර කර ගෞරව එක්ක කයිය.. 

මුටත් කෙල්ලෙක් කතා කරනවනම් වෙන දෙයක් නෑ.. ඔය ඉන්නෙ සෙවල පෙර පෙර...


මන් හිටියේ කේන්තියෙන් පුපුර පුපුරා...


ඒත් එක්කම මන් දැක්කේ...


To be Continued...


Hi ✨️

I'm J_me 💛🕊️


ශාවිනී මොනව දකින්න ඇද්ද ඉතින් ඔයාලට හිතෙන විදියට 🙃


💙☘️


ඔන්න බෝනස් එපියක් දුන්නා....

ඔයාලට තියන ප්‍රශ්න කියන්නකො.. එතකොට මට ඒව කතාව මැද්දෙන්නම් විසදන්න පුලුවන් 🙃

මේක අවුල් සාගරයක් කියල තේරිලා ඇති නේ 😌

 

පහල ටිකත් කියොලම යන්ඩෝ...


💙☘️


කෙනෙක් කියල තිබ්බ යාලුවටයි මටයි මාරුවෙන් මාරුවට කරදර කියල 😂

අපීටත් ඕකම හිතුනා...  

අපි මේක ලියන්න ගත්ත දා ඉදන් මොනාම හරි වෙනවා අප්පා 😂

එකක් ඉවර වෙද්දි එකක් ... 

මොනාත්ම නැතිඋනොත් ලිස්සලා හරි වැටෙනවා 😂❤️

( හිතල නොලිය ඉන්නව නෙවේ.. මන් අද මලගෙදරක ඉදන් මේ කොටස ලියන්නෙ ... කොහොමහරි කතාව දෙනව අපි...)


💙☘️


Comment කරන හැමෝටම Thank you ❤️ ඔයාලා ඔක්කොම දැන් නමින් මතකයි 🙃❤️🕊️


(J_me 💛🕊)

Report Page