INTERNATIONAL (ඉන්ටර්නැශනල් )💛🕊️
J_me ✨️💛![](/file/2e8c75e135a0feea79c1e.jpg)
පෙර කොටසට...
Episode 18 💛🕊️
පහුවදා උදේ පාන්දර ඉදන් මන් කල්පනා බෝසිලු හම්බෙන්න යන්න ගෙදරින් අහන්නෙ කොහොමද කියල...
රත්නායක ෆැමිලි එකේ පොඩි පුතා කිව්වම යවන්න ඇයි ඌ ජනාධිපතිගෙ මල්ලියැ... ජනාධිපතිගෙ මල්ලි උනත් යවන එකක් නෑ...
මන් ඇදේ හතරගාතෙ දාලා කල්පනා කරකර ඉද්දි අයියා ආවෙ කාමරේට....
"ශික්....කබරයා ගැහුව වගේ ඉන්න කැත....."
අයියා මූනත් දෙල් කරන් කිව්වා..
"එන්න කලින් දොරට තට්ටු කරන්නෙපෑ... දැන් මොකටද ආවෙ..."
"මෙකයි..."
"කෝකද..."
"නංගී......"
එයා ටිකක් බැරෑරුම්ව මන් දිහා බැලුවා..
"ඇයි අයියේ...."
"ඔයා මිස්ට රත්නායක දන්නවද....."
ආයෙ රත්නායක!!!!!
"ඊයෙ හම්බුනු කෙනාද...."
"ඔව්... එයාගෙ පොඩිපුතා ඔයාගෙ ක්ලාස් එකේනේද...."
"බෝසිලු ගැනනේ අහන්නෙ ඔය..."
අයියා ආයෙත් මන් දිහා බැලුවා...
"ඔව්.."
"මන් එයාව දන්නවා... එයා මගෙ යාලුවා. මන් ඉන්නෙ එයාගෙ එහාපැත්තේ ක්ලාස් එකෙ....."
"ඔයාගෙ හොදම යාලුවද ඒහ්..."
"ඒ වගේ තමයි.... ඇයි අයියේ....."
"ඔයා විදූශ් රත්නායක ගැනත් දන්නවද..."
"විදූශ් ..... නැහැනෙ අයියේ...."
"හරි නංගි...... ඔයා මට පොරොන්දුවක් දෙන්න ඕනේ..."
අයියා මගෙ අතින් අල්ලන් ඇහුවා....
"මොකක්ද අයියේ..."
"මොනම හේතුව නිසාවත් බෝසිලු එක්ක තියන යාලුකම නැතිකරගන්නෙපා... ඒ වගේම ඒක යාලුකමෙන් එහාට ගෙනියන්නත් එපා..."
"ඈහ්"
මන් පුදුම උනේ ඒ වගේ දෙයක් කීයටවත් බලාපොරොත්තු නොවුනු නිසා .. මන් හිතුවේ ඒ ගැන එයාලා කෑගහයි කියලා...
"පොරෝන්දු වෙනවද.."
"ප්‍රොමිස්!"
මන් අයියාගෙ අත උඩින් අත තියලා කිව්වා..
එතෝටයි මතක් උනේ අද බෝසිලු හම්බෙන්නත් යන්න ඕනෙනෙ කියලා.. මේ වෙලාවෙ අයියාව අල්ලගත්තනම් වැඩේ හරී...
සහෝදර මායම් පිහිට පතාගෙන මන් වැඩේට බැස්සා....
"අයියේ..."
"ම්හ්"
"අද බෝසිලු මට පොත් වගයක් ගැන කියන්න ඩෙවෝන් එකට එන්න කිව්ව... එක්කන් යනවද..."
"ඩෙවෝන් එකට.. ඇයි ඉස්කොලෙ..."
"ඔයා පැහෙන්නෙපා අයියේ ඉතින්... යාලුකම නැති කරගන්නෙපා කිව්ව නේද... කිව්වනේද..."
ගෑනුමොලේ එලියට දාලා කිව්ව මන්..
"මල් කඩන්නද යන්නෙ..."
"එක්කන් යනවකො අයියේ ... ඌ මල් කඩන්න තරම් ලස්සන එකෙක් නෙවේනෙ ඔයි.. තාත්වික වෙයන්කො..."
"එනව එනව ලෑස්ති වෙලා පහලට..."
"ටැම්කූයි"
මන් ඉක්මනට ලෑස්ති වෙලා පහලට ගියා...
"අම්මා මන් නංගි එක්ක ලයිබ්‍රරි යනවා... පොඩ්ඩක් ඇවිදින්නත් යයි...කෝල්ස් ගන්නෙපා දවස පුරාම..හවස්වෙලා එන්නම්..."
අයියා කෑගහගෙනම එලියට ගියා....
මාවත් කාර් එකේ දාගෙන නුවර ටවුන් එකට ගියපු අයියා ඩෙවෝන් එක ගාවින් මාවදාලා යන්න ගියා ....
මන් යද්දිත් බෝසිලු ඇතුලේ ඉදගෙනයි හිටියේ....
"හායි , ගුඩ් මෝනිම් ...."
"මෝනිම්.. සොරි අනේ.. ගොඩක් වෙලාද ඇවිල්ලා ඔයා..."
"ටිකකට කලින් ආවෙ... අපි එලියට යමු..."
"ඇයි ඒ, මෙතන ඉම්මුකො....."
''මට නම් ප්‍රශ්නයක් නෑ .. ඔය එහාපැත්තේ කොල්ලො දෙන්න ඔයාව ඇස් දෙකෙන් ගිලින්න හදනවා..."
"ඈහ්...."
මන් ඔලුව හරොල බැලුවම එහා මේසෙ හිටපු කොල්ලො දෙන්නා හෙන පැනි හිනාවක් දැම්මේ...
"එනව යන්න...."
බෝසිලු මගෙ අතිනුත් ඇදගෙන එලියට ආවා....
අපි නැවතුනේ වැවරවුමේ....
"ඉතින්."
"ම්ම්"
"කොතනින්ද පටන් ගන්නොනේ ...."
"මුල ඉදන්ම.... ඔයා කොහොමද ශාඛ්‍යාව දන්නේ.. අනික ඔයා එයාව දන්නවනම් ඔයා ඇයි මාව දැක්කම පටලෝගත්තේ නැත්තේ.....කවුද ආදි කියන්නෙ... මොකක්ද එයාට ශාඛ්‍යා එක්ක තියන සම්භන්දෙ .."
"ඔච්චර ප්‍රශ්නෙ කොහෙවත් ලියාගෙනවත් ආවද යකො.."
"අනෙ යනව..."
"හරි එනම් අහගන්න..."
"ම්ම්"
"මම රත්නායක ෆැමිලි එකේ පොඩිපුතා.. රත්නායක ෆැමිලි එක කියන්නේ අබේනායක ෆැමිලි එකත් එක්ක ගොඩක් ක්ලෝස් බිස්නස් අෆෙයාර්ස් තියන ෆැමිලි එකක් .. ඒ අෆයාර් එක අවුරුදූ ගානක් යන එකක්... අවුරුදු පනහක්වත්... මගෙ තාත්තා තමයි හිරන්ග රත්නායක..."
"වෙයිට්... හිරන්ග රත්නායක...VBA එකේ චෙයාමන් ද..."
"ඔව් .... ඒ මගෙ තාත්තා.... මට ඉන්නෙ අයියා කෙනෙක්... අවුරුදු 3වැඩිමල් එයා මට වඩා.... විදුශ් රත්නායක !!!!!"
"විදූශ්..."
"ඔව් ඇයි මොකක්ද ප්‍රශ්නෙ.."
"සොරි ඔයා කන්ටිනිව් කරන්න..."
"හ්ම්.... එතකොට ශාඛ්‍යා දෙව්ශි අබේනායක කියන්නෙ මන් දැනුවත්ව හිටපු අබේනායක ෆැමිලි එකේ එකම ඩෝටර්.... ඔයා දන්නවද ඔයාගෙ සීයාව..."
"කවුද...!"
"අබේ සීයා කියලයි කිව්වෙ එයාට... එයා නැතිඋනේ මීට අවුරුද්දකට උඩදි.."
"අහ් ඒනම් මන් එයාව දන්නෙ නෑ..."
"වෙන්න ඇති...."
"ම්හ්... අබේ සීයායි , අපේ සීයයි හොදම යාලුවෝ... අපේ ෆැමිලි ගොඩක්ම ක්ලෝස් උනේ ඒ දෙන්න නිසා... අපේ සීයා නැති උනාම ඔයාලගෙ සීයාට ඕනෙ උනා අපේ පවුල් දෙක නෑදෑයෝ කරගන්න... ඒ කියන්නෙ ඔයාගෙ පවුලෙ කෙනෙකුයි අපේ පවුලෙන් කෙනෙකුයි බන්දන්න....ඒකට ඉතින් හීටියේ ඔයාගෙ අක්කයි අපේ අයියායි තමයි...."
"මොකක්..... ඒත් එයා ඉස්කෝලෙ යන වයසෙ ලමයෙක්නේ.."
"හහ්..... එහෙම නෙවේ.... ශාඛ්‍යාගෙයි අපෙ අයියාගෙයි මැරේජ් එක කන්ෆර්ම් උනේ ඒ දෙන්න පොඩි කාලෙමයි... සරලව කිව්වොත් ශාඛ්‍යා ඉපදුනු ගමන්මයි එයාගෙ මැරේජ් එක තීරනය කලේ... ඒත් ඒ ගැන එයාලා ශාඛ්‍යාටවත් විදූශ්ටවත් අපි ලමයි වෙන කාටවත් කියල තිබුනු දෙයක් නෙවේ....."
බෝසිලුට කතාව කියාගෙන යන්න බැරිඋනේ එකපාර කවුද කතා කරපු නිසා.. මගෙ ඔලුවටත් ලොකු හෙවන්නැල්ලක් වැටුනු නිසා මමත් ඔලුව උස්සලා බැලුවා..
"ඔහ් හායි බෝසිලු , මොකද කරන්නේ මෙහේ..."
ඒ හිටියේ.......
To be continued ....
Hi ✨️,
I'm J_me 💛🕊️
කවුරු වෙන්න ඇතිද ඒ....🙃
විදූශ් දැන් මොනව කරනවා ඇතිද....
💙☘️
ඕන්න දවස් ගානක් දෙන්න බැරිඋනු නිසා දිගම දිග කොටසක් දුන්නා...🙃
පරක්කු උනු නිසා බෝනස් එපියකුත් දෙන්න බලන්නම්
💙☘️
ඔයාල කියවන සිතුවමක ඇදි ආද්‍යා ලියන්නෙ මගෙ යාලුවා කියල ඔයාල දන්නවනෙ . එයාට පොඩි කරදරයක් වෙලා කතාව දෙන්න පරක්කු වෙයි ටිකක්...
🤍🍃
💙☘️
කමෙන්ට් කරන හැමොටම Thank youuu ❤️🕊️
(J_me 💛✨️)