INTERNATIONAL (ඉන්ටර්නැශනල් )💛🕊️

INTERNATIONAL (ඉන්ටර්නැශනල් )💛🕊️

J_me 💛🌿

පෙර කොටසට...

https://telegra.ph/INTERNATIONAL-%E0%B6%89%E0%B6%B1%E0%B6%A7%E0%B6%BB%E0%B6%B1%E0%B7%81%E0%B6%B1%E0%B6%BD-07-19-2


Episode 17💛🕊️

ශාඛ්‍යා!!

අක්කා!!


එයා මැරි කරන්න හිටියා කියල මන් දන්නෙ නැහැනේ...


"මොනාද කල්පනා කරන්නේ.."

බෝසිලු එකපාරට ඇහුවම මන් පියවි තත්වෙට ආවේ...

මන් එයාට රැව්වෙ උදේ ඉදම් එයා කතා නොකරපු හැටි මතක් වෙලා...


"දෙයක් දැනගන්න පුලුවන්ද බෝසිලු...?"

මන් බෝසිලු දිහාට හැරිලා හිමිට ඇහුවා..


"මොකක්ද.?"


"ඔයා ශාඛ්‍යාව දන්නවද...?"


"ඔව්.."

එයා හරිම කෙටිඋත්තරයක් දුන්නේ...


"කොහොමද..."


"ඒක දිගකතාවක්...."


"ප්‍රශ්නයක් නෑ මට ඒක අහන්න වෙලාව තියනවා..."


"ඒත් මට ඒක දැන් කියන්න වෙලාව නැහැ..."

ටිකක් තදින් කියපු එයා නැගිටලා යන්න ගියා...


ඉස්කෝලෙ ඇරුනම වෙනද වගේම ලමයි ඔක්කොම යන්න ගියා..

පුරුදු විදියට මමයි , බෝසිලුයි අන්තිමට ඉතුරු උනා...

වෙනදට එයායි මායි එකට ගියත් අද උනු දේවල් නිසා අපි අපිවම මගෑරියා...


"මන් යනව.. බායි.."

මන් කියාගෙනම කොරිඩෝ එකෙන් ඇවිත් පඩිපෙළ බැස්සා..

එකපාරට පිටිපස්සෙන් දුවගෙන ආපු කවුරුහරි මගෙ උරහිසින් ඇද්ද නිසා මන් නැවතුනා...


ඒ බෝසිලු..


එයා ඉස්සරහ බලාගෙනම මගෙ අත අල්ලගෙන පඩිපෙළ බහින්න ගත්තා..


යනව කියල කිව්වට හ්ම් වත් කිව්වෙ නෑ..

දැන් ඇවිත් අතින් ඇදන් යනවා..!

මට තනියෙන් හිනා...


ටිකක් පඩිපෙළ බැහැගෙන යද්දි දැක්කෙ පඩිපෙළ කෙලවරේ කොරිඩෝ එකට ගෞරව හේත්තු වෙලා ඉන්නවා...


ඒක තමයි මෙයා ආවෙ.. මන් දන්නැද්ද මේකගෙ හැටි...


මන් තනියෙන් හිත හිත යද්දි බෝසිලු එකපාරට මාව කොරිඩෝ එකේ අනික් පැත්තට දාලා එයා ගෞරව හිටපු පැත්තට ගියා...

ආවටත් වඩා වේගෙන් ගෞරව පාස් කරපු එයා මගෙ අත රිදෙන තරමට තද කරන් අල්ලන් හිටියේ...


හෝල් එකෙනුත් එලියට ආවත් එයාගෙ ග්‍රහනය බුරුල් උන්නෑ...


"ප්‍රශ්නයක් නැත්තම් අත අතාරිනවද.."

බැරිම තැන මන් ඇහුවේ...


"ඈහ්"

මන් එහෙම්ම ඔලුවෙන් අත පෙන්නුවෙ එයා තුශ්නිම්භූත වෙලා යද්දි...


"සොරි.. රිදුනද...?"

මන් අත අතගාගන්නව දැකල එයා ඇහුවා...


"අනේ නැහ්.. මාර සනීපයක්..."

කට කොනට හිනාවක් අරන් මන් ඉස්සරහට ඇවිදින ගමන්ම කිව්වා..


වෙනද වගේම ගේට් එක ලගදි අපි දෙපැත්තට යන්න යද්දි එයා ආයෙත් කතා කලේ....


"ශාවිනී..."


"ඔහ්"


"ශාඛ්‍යා ගැන ඇහුවා නේද... හෙට ඒ කතාව කියන්න මට වෙලාව තියනවා..."


"අහ් .. හෙට... හෝව් හෙට පෝයනෙ..."


"උදේ නවයට ඩෙවෝන් එකේදි.."


හින්දි ෆිල්ම් එකක නලුවා කිව්ව වගේ කියල දාපු මෙයා යන්න හැරුනා.. එයා කිව්වට මන් එපෑ එන්න...


"හෙට මාව එවයිද...මන් කියන්නෙ හෙට ඉතින් පෝයනෙ මන් මොනා කියන්නද..."


"රත්නායක ෆැමිලි එකේ පොඩි පුතාව හම්බෙන්න යන්නෙ කියන්න..."


"ඈහ්........"

මන් කටත් ඇරන් බලන් ඉද්දි එයා ආයෙත් හැරිලා යන්න ගියා....


මන් කාර් එක ගාවට ගියේ හෙට එයා මොනාවා කියයිද කියල හිතන ගමන්......



To be Continued....



Hello ✨️

I'm J_me 💛✨️



ඔන්න එක ප්‍රශ්නයක් විසදන්න යන්නේ 🙃


මොනා වෙයිද බලන්න දිගටම එකතු වෙලා ඉන්න 🙃💛


💙☘️


Comment කරන හැමෝටම thank you 💓


(J_me💛🕊️& Ziya_h 🍁)

Report Page