INTERNATIONAL (ඉන්ටර්නැශනල් )💛🕊️

INTERNATIONAL (ඉන්ටර්නැශනල් )💛🕊️

J_me 💛🌿

පෙර කොටසට...

https://telegra.ph/INTERNATIONAL-%E0%B6%89%E0%B6%B1%E0%B6%A7%E0%B6%BB%E0%B6%B1%E0%B7%81%E0%B6%B1%E0%B6%BD-07-19


Episode 16💛🕊️

"කූල් ඩවුන් බෝසිලු.."

ආපු කෙනා කතා කලා...



බෝසිලුත් ආයෙ පුදුම වෙලා ආපු කෙනා දිහා බැලුවා...

එයා එකපාරට මගෙ පැත්ත හැරුනා...


ඒ එයා...

ඊයෙ මාව ගාර්ඩ්න් එකේදි දැකලා බය උනු කෙනා...


"ඔයාට ප්‍රශ්නයක් නෑ නේද...?"

එයා මගෙ ලගට එනගමන් ඇහුවා.. 

මන් මොකුත්ම නොකියා ඉද්දි එයා ඇවිත් එයා ඇවිත් මගෙ උරහිසට අත තියන්න හැදුවත් බෝසිලු එකපාරට පැනල එයාගෙ අත අල්ලාගත්තා..

ඒ නාදුනන් ස්පර්ශයෙන් මාව මුදවගත්තු බෝසිලු මගෙ කරවටේට අතදාගත්තා..

බෝසිලු මට වඩා ගොඩක් උස නිසා මන් හිමීට එයාගෙ පපුවට ඔලුව හේත්තු කරගත්තා.. ඒවෙද්දි මගෙ ඔලුවත් දරාගන්න බැරි තරමට රිදෙන්න අරන් තිබ්බේ...


"අල්ලන්න එපා මෙයාව.."

බෝසිලු ආපු කෙනා දිහාට දබරැගිල්ලත් දික් කරන් කිව්වා...


"සොරි..."

බෝසිලුට කියපු එයා ආයෙත් මගෙ පැත්ත හැරුනා..


"ඔයා ශාවීනී නේද.... ශාවිනී අබේනායක... මන් හිතන්නෙ අපි ඊයෙ මීට් උනා.. කතාකරන්නවත් උන්නෑනෙ ඉතිම්... සෝ...... මන් ගෞරව.... ගෞරව සූරියසිංහ.. නයිස් ටු මීට් යූ.."

එතන තිබ්බ අපහසුදායක ස්වභාවය මගඅරිමින් එයා සැහැල්ලු විදියට කතා කලා...

ඒක නම් මගෙ හිතටත් සැහැල්ලුවක් උනා..


"නයිස් ටු මීට් යූ ටූ..."

මමත් එයාට අතට අත දීලා කිව්වා...


එතකොටම බෙල් එක වැදුනේ දැන් ඉස්කෝලෙ පටන් ගන්නවා කියන්න..


"ඕහ්..."

ගෞරව තවත් මොනාහරි කියන්න හැදුවත් මට වචනයක්වත් අහන්න නොදී බෝසිලු මාවත් ඇදගෙනම ක්ලාස් එකට ආවා...


ආයෙත් පුරුදු විදියටම මුලු උදේවරුවම සාමාන්‍ය විදියටම ගෙවුනත් බෝසිලු මාත් එක්ක වචනයක්වත් කතා කලේ නෑ..

මටත් එයා එක්ක කතා කරන්න උවමනාවක් තිබ්බෙ නෑ..


මට තවත් හිතන්න දේවල් තිබුනත් මගෙ හිත ඕනෙවත් වඩා කලකිරිලයි තිබුනේ...


මන් පුරුදු ගෑනුගතිය ඉස්සරහට දාලා ඉස්සරහ හිටපු ලමයි ටිකකගෙ කතාවට කන දැම්මා..

ඒ හිටියේ සෙනුරී , ලිත්මී....


"එයා ලස්සන වෙලා නේද තවත්..."


"ස්විමිං කරනවනෙ අනේ.. සෙට් උනොත් සල්ලි කදක්... කවද්ද ලෑන්ඩ් කලා කිව්වේ.."


"පෙරේදාලු....ආපු ගමන් ආයෙ ආදිත්‍ය අයියාව මැරිකරන්න හිටපු ගර්ල්ගේ ගෙදර ගියා කිව්වා..."


"කිව්වා.. කවුද කිව්වේ...."


"තෙනුමි අනේ... එයානෙ ගෞරව එක්ක ඉන්නේ හැම වෙලෙම...."


තෙනුමි!!!! 

මෙයාලා මෙ කතා කරන්නෙ ගෞරව ගැනද..

එයා මෙච්චරම චරිතයක්ද...

අනික කවුද ආදිත්‍ය...

හිතිල්ල පැත්තක දාලා මන් ආයෙ කන දික්කලා...


"කාවද මැරිකරන්න හිටියේ ආදිත්‍ය අයියා.."


"අපේ වයසෙ ගර්ල් කෙනෙක්ලු නේහ්... අනේ මන්දා.. අවුරුදු 3නෙ ඔය මොනා කිව්වත්..."


"ආදිත්‍ය අයියාත් ගෞරවට දෙවෙනි නෑනේද.. හෙනම හැන්ඩ්සම්..."


"ඒක තමා කියන්නේ... එච්චර ලස්සන වෙලා මොකටද අර මැරුනු කෙල්ලගෙ ගෙදර ගියේ ආයෙ... මන් කියන්නෙ එයාට කෙල්ලෙක් ඉන්න ඇති... ඔය කෙල්ලටත් ඒ කාලෙ වෙන හුටපටයක් තිබ්බලු... ඒකි ඇක්සිඩන්ට් උනාද .. සුසයිඩ් කරගත්තද කියල අපි දන්නෑනේ.."


"අප්පෝ පිස්සුනෙ බන්... ආදි වගේ හැන්ඩ්සම් එකෙක්ව ගෙදරින්ම හොයල දෙද්දි වෙන කොල්ලො එක්ක ඉන්නේ...ආදිට දැන් වෙන කෙල්ලෙක් ඉන්නවද දන්නෑනේහ්.."


"ආදි!!!! ආව් ආව් කෙල්ලට හිත ගිහිම් වගේ!!"


"නෑ නෑ එහෙම නෙවේ ඉතින් ලස්සන නැද්ද කියපන්කෝ..."


"කාවද දැන් එතකොට ඔය ආදිත්‍යට බන්දන්න ඉදල තියෙන්නෙ... "


"අර බාලිකාවෙ බන්...ශා ශා.... මොකක්ද මන්දා ශකුනි ද මන්දා..."


"ආපෝ බාලිකාවේද...ශා ශා ගාන්....."


"ශාඛ්‍යා බන් ශාඛ්‍යා .... ලොකු ෆැමිලි එකක් ලු බන් බාලිකා ගියාට.."


ශාබ්‍යා!!!!!!!

මගෙ අක්කා!!!!!!!


එයා මැරිකරන්න හිටියා......!!


To be Continued...



Hello lovelies 🌿

Im J_me ✨️💛


මම හිතනව ඔයාල ආසාවෙන් කතාව රසවිදී කියල..🍃


Thank you💛🧡



Report Page