INTERNATIONAL (ඉන්ටර්නැශනල් )💛🕊️

INTERNATIONAL (ඉන්ටර්නැශනල් )💛🕊️

J_me 🍃

පෙර කොටසට..

https://telegra.ph/INTERNATIONAL-%E0%B6%89%E0%B6%B1%E0%B6%A7%E0%B6%BB%E0%B6%B1%E0%B7%81%E0%B6%B1%E0%B6%BD-07-18-3



Episode 15💛🕊️

එතන හිටියේ බෝසිලු....

අපේ අම්මිලා කොහොමද බෝසිලුව දන්නේ...


"ඔහ් හායි පුතා...."


"හායි ආන්ටී...."

බෝසිලු පුදුම වෙලාවගේ බලන් හිටියත් අම්මි එක්ක හොදට කතා කලා...


මට ලොකු කලකිරීමක් දැනුනේ...

එයත් මාව දැනන් ඉදලා..

ඒත් එයා කිව්වෙ නැහැ...

හැමෝම හැමදාම මගෙන් දේවල් හැන්ගුවා..

මාව කොන් කරල තිබ්බා.....


බෝසිලු ආයෙත් මාත් එක්ක හිනා උනාම මමත් වෙනසක් නොපෙන්නලා හිනා උනා...

ඊයෙ ඉදන් අඩල මට එපා වෙලා තිබ්බේ...

මට ඕනෙ උනේ හයියෙන් කෑගගහා හිනාවෙන්න...


"ආන්ටී අපි යන්නද පරක්කු වෙනව ඒනම්...."

බෝසිලු අම්මිගෙන් ඇහුවම අම්මිත් හා කිව්වෙ එයාටත් ඔෆිස් යන්න ඕනි නිසයි..

මට හිතන්වත් ඉඩක් තියන්නැතුව බෝසිලු මගෙ අතින් ඇදගෙන ඉස්කෝලෙ ඇතුලට ආවෙ පුදුම වේගෙකින්...


ඒ ඇවිල්ලත් එයා ක්ලාස් එක පැත්තටවත් නොයා ග්‍රවුන්ඩ් එක පැත්තට මාව ඇදන් ගියා..


ස්විමින් පූල් එක පහුකරාම තිබ්බ චේන්ජින් රූම් එකක් වගේ ඇතුලට එයා මාව තල්ලුකලා...


"බෝසිලූ....."

මොකුත්ම හිතාගන්න බැරුව හිටපු මම කතාකලාම එයා ඔලුව ඉස්සුවා...

දුකටද කේන්තියටද කියන්න දන්නැති උනත් එයාගෙ මූන රතුවෙලා තිබුනා...


"එතකොට ඔයා අබේනායක ෆැමිලි එකේ දුවද..."

එයා කොදුරන කටහඩකින් ඇහුවා..


"ඔව් බෝසිලු මොකක්ද ඔයාට වෙ....."


"ශ්ශ්ශ්...කතා කරන්නැතූව අහන දේට උත්තර දෙන්න.."

මගෙ කට එයාගෙ අතින් වහන ගමන් ගොඩක් ඉවසිලිවන්ත විදියට එයා ඒක කිව්වේ...


"ඒ ඔයාද...?"


"කවුද එයාද අහන්නේ....?"


"අබේනායක ෆැමිලි එකෙ වන් ඇන්ඩ් ඔන්ලි ඩෝටර් මිට මාස හයකට කලින් නැතිඋනා...

මොකක්ද ඔයාලගෙ ෆැමිලි එක නටන මේ නාඩගම...?"


"නා-ඩ-ග-ම... වට් ඩූ යූ මීන්..?"


"ඔයාලා මේ විදියට ජීවිත එක්ක සෙල්ලම් කරන්නෙ ඇයි..."

බෝසිලු තවත් පාලනය වෙමින් හැබැයි පෙරට වඩා සද්දෙට කතා කලා...


"සෙල්ලම් කරන්න....ඔයාලයි මගෙ ජීව්තේ එක්ක සෙල්ලම් කරන්නේ..මගෙ ජීවිතෙ ඔයාලට සෙල්ලම්බඩුවක් වෙලා..

ඔයා කියන අබේනායක ෆැමිලි එකෙ වන් ඇන්ඩ් ඔන්ලි ඩෝටර් කියන කෙනා මීට සික්ස් මන්ත් අගෝ පාස්ඩ් අවේ උනු එක ගැන විතරයි ඔය ඔක්කොමලා දන්නේ... මීට අවුරුදු දාහතකට කලින් හොස්පිට්ල් එකේ ඉපදෙද්දිම නැති උනා කියන අනික් අබේනායක ඩෝටර් ගැන ඔයා මොනාද දන්නේ... එයා එදා ඇත්තටම නැති උනාද නැත්තම් වෙන මොනා හරි උනාද කියල ඔයා දන්නවද... ඔයා කතා කරන්නෙ ඔයාගෙ ප්‍රශ්නෙ ගැන... ඔයාලා කාටවත් උවමනාවක් තිබ්බද එදා ඒ ලමයා ඉපදෙද්දිම නැතිවෙන්න හේතුවවත් හොයාගන්න.. ඩොක්ටර් කිව්වගමන් ම පිලිගත්තා නේද .... ඔයා එහෙම කෙනෙක් ගැන අහලත් නෑ නේද ....."

මන් ඊයෙ ඉදන් තිබ්බ ආවේගේ ඒ විදියට පිටකලා..

මට කතාව ඉවර කරන්න නොදීම බෝසිලු කතා කලා..


"වෙයිට් වෙයිට්....වට්..... තවත් අබේනායක ඩෝටර්කෙනෙක්... මොනාද කියවන්නෙ..."


තවත් කතාකරන්න හයියක් නොතිබ්බ මම එහෙම්ම ඔලුව අල්ලන් බිත්තියට හේත්තු උනා...


"එතකොට ඔයා කවුද...?"

බෝසිලු ආයෙත් මගෙ පැත්තට හැරිලා ඇහුවා...

එයාගෙ කටහඩෙ තිබුනේ බිදුනු බවක්...


"හහ්... ඔයා ඒ ප්‍රශ්නෙ අහන්න පරක්කු වැඩි..."


"තමුසේ කවුද කියනවා තවත් මාව පිස්සෙක් නොකර..."

බෝසිලු එකපාරට මගෙ කොලර් එකෙන් අල්ලගන්න පනිද්දී කවුරුහරි මැද්දට පැනලා මාව පැත්තකටකලා..


"කූල් ඩවුන් බෝසිලු.."

ආපු කෙනා කතා කලා...



බෝසිලුත් ආයෙ පුදුම වෙලා ආපු කෙනා දිහා බැලුවා...


To be continued ...



කව්රු කියලද ඔයාල හිතන්නෙ ඒ....

මේ වෙනකල් කතාව රසවිදපු ඔක්කොටම ස්තූතියි .

ඉදිරියටත් මගේ කතාව එක්ක රැදිලා ඉදී කියල සිතනව.

 

            ස්තූතියි🍃

Report Page