Hee Young - 9

Hee Young - 9

Jade

8- https://telegra.ph/Hee-Young---8-01-10


එයාල නයගර් ජීවත් වූ ගල්පොත්ත ළගට පැමිණියා. නයගර්ව පෙනුණේ අවුරුදු දහයකින් වයසට ගිහිල්ල වගේ. හීයන්ග්ව දැක්ක ගමන් එයා පරණ පුරුදු නයගර්ම බවට පත්වුණා.

        “හීයන්ග්!” එයා සැනසුම් සුසුම් හෙළුවා. “ඇති යන්තං. මම හිතුවෙ ඔයා ආපහු එන එකක් නැද්ද කියලා. කේල් ගැන කියන්න ඇති නේද මෙයාලා?”

        “ඔව්.” හීයන්ග් පිළිතුරු දුන්නා.

        “මම හිතල බලන්නෙ නැතුව වැඩකළා නෙවෙයි දරුවා. මම කේල්ගෙ චෝදනාව අහලා ඔයාට දඩුවම් කරන්න තරම් මෝඩයෙක් නෙවෙයි. ඒත් ඊට කලින් දවසෙ මට හීනෙන් එක මනුස්සයෙක් පෙනුණා. එයා කිව්වා ඔයාව කැලෙන් යවන්න කියලා. ඔයාගෙ දෛවයට ඒක වැදගත්ලු. ඉතින් කේල් අරෙහෙම චෝදනා කළාම මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. මම ඒ ගැන අනන්ත වාරයක් හිතෙන් පසුතැවුණා. ඇත්තටම මට සමාවෙන්න හීයන්ග්.”

        හීයන්ග් ඉදිරියට පැන නයගර්ව වැළදගත්තා. “මම දන්නව නයගර් ඔයා හිතන්නෙ නැතුව මුකුත් කරන්නෙ නෑ කියලා. එදා ඔයා කරපු දේ හරි. මටත් ඔයාට කියන්න දෙයක් තියෙනවා.” හීයන්ග් එයාට ලැබුණු ‘තෑග්ග’ ගැන විස්තර කළා. “ඉතින්.. කොම්බා කිව්වා මෙහෙ මායාවන්ට ඉඩක් නෑ කියලා. ඒ නිසා මට ආයෙමත් මෙහෙන් යන්න වෙනවද?”

        නයගර්ගේ බැල්ම පැටලිලි සහගත එකකට හැරුණා. “ඒ බලය.. දෙයියෝ සාක්කි. මේ ගැන තමයි එදා හීනෙන් මට කියන්න ඇත්තෙ. එයා කිව්වෙ ඔයාව කැලේ තියාගන්න එපා කියල. ඔයාගෙන් කිසිම විදියක අනතුරක් වෙන්නෙ නෑ කියල මට මටත් වඩා විස්වාසයි. ඒත් කොම්බා හරි. මායාව තියෙන අයට-කැලේ ඉඩක් නෑ. අවාසනාවකට වගේ ඒක මගේ නීතියක් නෙවෙයි. ඉස්සර ඉදන්ම පැවතගෙන එන නීතියක්. ඔයා හිටිය කියල මට ප්‍රශ්නයක් නෑ. ඒත් අනිත් අය..”

        හීයන්ග් සුසුමක් හෙළුවා. නයගර් කියන දේත් ඇත්ත. එයාල අනිවාර්යයෙන්ම අකමැති වේවි. නයගර් නීතිය බිදලා හීයන්ග්ට නවතින්න දුන්නොත් කැලේ පුරා කැරලි කෝලාහල ඇති වනවා නියතයි.

        “මම එහෙනම් යන්නං.” හී යන්ග් කිව්වා. කදුළු පිරුණු ඇසින් යුතුව නයගර් වේදනාවෙන් බිම බලාගත්තා.

        “මට සමාවෙන්න, හීයන්ග්.”

        හදිසියේ පහළ වූ හැගීමක් එක්ක හීයන්ග් නයගර්ව වැළදගත්තා. “ඔයා සමාව ඉල්ලන්න ඔිනි නෑ නයගර්. ඔයා මට තාත්තා කෙනෙක් වගේ. මම ආපහු ඔයාව බලන්න එන්නංකෝ.”

        නයගර්ට සමුදුන් හීයන්ග් මිතුරන් තිදෙනා සමගින් එතනින් පිටත් වුණා.

        “ආපු ගමන්ම ආපහු යනවා. මොකක්ද හීයන්ග්.” සෝහුල් මැසිවිලි නැගුවා.

        “මම දැන්මම යන්නෙ නෑ. හෙට උදේට යන්නෙ.”

        “ඒමද.”

        “නිකං මට කෑගාන්න එපා. මට නවතින්න බැහැනේ.”

        ඊළග දවසේ උදෑසන හීයන්ග් ඔවුන්ට සමුදුන්නා. “අපි ආපහු හම්බවේවි.”

        “ඔව්.” ජේක් කදුළු පිසදැම්මා. “ආපහු. කවදහරි.”

        “සුබ ගමාන්.. හීයන්ග්..”

        “මං යනවා.. එදා වගේ ආයේ රණ්ඩු වෙන්න එහෙම එපා හරිද?”

        “අපි බලමුකො.”

        “ජේක් ෆර්ගසන්!”

        “හරි හරි.”

        හීයන්ග් නික්ම ගියා.

******

       සතියකට පස්සෙ හීයන්ග් ආයෙමත් වෙරළක් පේන මානයට ආවා. ආයෙමත් මින්ගැන්ග්.

        එයා වෙරළට එහායින් සැගවුණු ගල්ගුහාවක් හොයාගත්තා. ඒ ගල්ගුහාවෙ දොර එක එක වැල් වර්ගවලින් වැහිලයි තිබ්බෙ. හීයන්ග් ඒ ඇතුළට ගියා. “ඔව්. මට ඉතුරු ජීවිත කාලෙම - නාකි වෙනකල්ම මේක ඇතුළෙ ඉන්න පුළුවන් වෙයි වගේ.”

        හදිසියේ ආපු තරහකින් හීයන්ග්ගේ හිත පිරුණා. “හොදයි එහෙනම් මෙන්න මගෙ තෑග්ග!” එයා මුළු ගුහාවම අයිස්වලින් වැහුවා. වහල වගේම බිම පුරාත් අයිස් බැදුණා. බිම අයිස් කූරු මිදුණා. කෝපයෙන් කෑගැසූ හීයන්ග් අත් දෙක එසෙව්වාම හිම වැටෙන්න පටන්ගත්තා.

        හරියටම මේ වෙලාවෙ තමයි, වැන්ග් යොන්රේ, චෙන්ග් චෝ, සොන්ග් ෂිං සහ ලින් ලී ජුං මේ ඉස්සරහ වෙරළට සෙල්ලම් කරන්න ආවේ. එයාලට ගල්ගුහාව ඇතුළෙන් කවුද කතාකරන සද්දයක් ඇහුණා.

        “මේ, අරක ඇතුළෙ කවුද ඉන්නව ඇහෙන්නෙ මට විතරද?” සොන්ග් ෂිං ඇසුවා.

        “අපිටත් ඒක ඇහෙනවා, කොල්ලෝ.” යොන්රේ බෝලය අතට ගත්තා. “එන්න ගිහින් බලමු.”

        “ආපෝ.. ඔය පාළු ගුහාව අස්සෙ රිංගන්න යන්නෙ කවුද.. පිටසක්වල ජීවියෙක්ද දන්නෙත් නෑ.” ලී ජුං පසුබැස්සා.

        “මෙන්න මෙහෙ එනවා.” එයාල හෙමින් සීරුවේ ඇතුළට ගියා. ඒ ඇතුළෙ එයාල දැක්කෙ කොහෙත්ම බලාපොරොත්තු නොවුණ දර්ශනයක්. ගුහාව පුරා අයිස් කූරු බැදිලා. ඒ අස්සෙ හිමත් වැටෙනවා. ඒ මදිවට ඒ මැද හිටගෙන තනියම කතා කරකර හිටියේ..

        හී යන්ග්?

        “දැන් හරිනේ. මහලොකුවට එයා කිව්වෙ නං මොකක්ද? මට ඒක ඉස්සරහට ඔිනි වෙයි!” හීයන්ග් අඩිය පොළවේ ගැහුවාම තවත් අයිස් පතුරු දෙකතුනක් විසිවුණා. “හරි තෑග්ගක්නෙ දුන්නෙ. මට උන්හිටි තැනුත් නැතිකළා. දැන් ඉන්න බැරියැ මුළු ජීවිත කාලෙම මේ-මේ පාළු ගුහාවට වෙලා.. මට තාපසයෙක්වත් වෙන්න වෙයි වගේ..”

        “හී-හී-යන්ග්..?” චෙන්ග් චෝට කියැවුණා. මේ හදිසි කටහඩින් විස්මයට පත් හීයන්ග්ට තරු පෙනුණා. ඉවරයි. මං මොකක්ද කරකර හිටියේ.. විනාසයි. සියලු දෙවි දේවතාවුන් සිහිකරගත් හීයන්ග් හෙමීට හැරිල බැලුවා.

        “චෝ..!” හීයන්ග්ට විරිත්තුණා. කරපු දේ වහගන්නත් එපැයි. මුකුත් නොදන්න ගාණට ඉන්න ඔිනෑ.. “හායි, ඔයාල හතරදෙනාම! කොහොමද සැපසනීප? අද හොද දවසක් නේද”

        “ඔ-ඔයා මායාකාරියක්ද?” යොන්රේ විස්මයෙන් ඇහුවා.

        “නෑ අයියෝ නෑ..”

        “එහෙනං..”

        “ඔහ්. එකපාරටම කොහෙන්දෝ මතුවුණ කෙනෙක් මට මේ බලය ‘තෑගි දුන්න’නේ. ඒකයි ඇත්ත.”

        “මොකක්?”

        “ඒක තමයි වුණේ.”

“වෙන්න බෑ. ඔයා කවුද?”

        හීයන්ග් සුසුමක් හෙළුවා. එයා මුල ඉදලම, ඒ කියන්නෙ මේ ලෝකෙට ඇදගෙන වැටුණු තැන ඉදලම සේරම විස්තර ටික කිව්වා.

        “ඒක නං-සුපිරියි!” ලී ජුං බෙරිහන් දුන්නේ හත්වෙනි දිව්‍යලෝකෙ ගියා වගේ. “ඒ කියන්නෙ ඔයා පිටසක්වල ජීවියෙක්?!”

        “නෑ! හොදයි, ඔව්. සමහරවිට..”

        “ඔයාට පියාඹන්න පුළුවන්ද?”

        “මට පියාඹන්න බෑ!”

        “ඔයාට වතුර අයිස් කරල ඒ උඩ ඇවිදින්න පුළුවන්ද?”

        “දෙවියනේ ජුං. මම කවදාවත් ඒකට උත්සාහ කරල නෑනෙ.”

        “ඔයාට හිම කුණාටු හදන්න පුළුවන්ද?”

        “මේ-වෙන්න ඇති.”

        “ඔයාට වතුරවලට හරි, අයිස්වලට හරි වෙන මොනවට හරි හැරිලා දියවෙන්න පුළුවන්ද?”

        හීයන්ග් අනිත් අය දෙස බැලුවේ ‘අනේ මෙයාගෙ කටට ප්ලාස්ටරයක් අලවන්නකෝ..’ කියන්න වගේ. එයාලත් හිටියේ හිනාව හිරකරගෙනයි.

        “ඔයාට-”

        “අහ් ජුං.” චෙන්ග් චෝ ලී ජුංව පැත්තකට කළා. “එයාට ඉන්න දෙන්න. ඔයා ඔය කියල ජාතියේ මිනිස්සු මේ ලෝකෙ කොහෙවත් නැතුව ඇති.” එයා හීයන්ග් දෙසට හැරුණා. “එතකොට ඔයා කොහෙද දැන් යන්නෙ?”

        “දන්නෙ නෑ. කිසිම අදහසක් නෑ.”

        යොන්රේ අත් දෙක බැදගත්තා. “දැන්වත් එහෙනං, ඔයා අපේ ගෙදර නවතින්න එනවද?”

        හීයන්ග් ඇස් ලොකු කරලා එයා දිහා බැලුවා. “මම? ඔයාට කිසිම ගාණක් නැද්ද මම ආවෙ වෙන ලෝකෙකින් කියලවත්, මට අයිස් ලෙඩක් තියෙනව කියලවත්?”

        “කිසි ප්‍රශ්නයක් නෑ.”

        “එතකොට ඔයාගෙ අම්මා?”

        යොන්රේ තොල පෙරළුවා. “හැමෝම හැමදේම දැනගන්න ඔිනි නෑනේ, නේද? මේක අපි පස්දෙනා අතරෙ රහසක් විදිහට තියාගමු.”

        “ඒත් මට ඔයාලගෙ අම්මට බොරු කරන්න බෑ!”

        “හීයන්ග්. මේ වගේ වෙලාවට සමහර දේවල් නොකිය ඉන්න එක හොදයි. අනික අපි බොරුවක් කරන්නෙ නෑනෙ. අම්මා කාගෙවත් අතීතෙ අවුස්සන්න යන්නෙ නෑ.”

        “අනේ මන්දා..” හීයන්ග් තත්පරයක් කල්පනා කළා.

        “කැමතිද?”

        විනාඩියක් විතර කල්පනා කළාට පස්සෙ හීයන්ග්ගේ මුහුණ සතුටින් එළිය වැටුණා. “ඔව්! මම කැමතියි! ඔයාලට ගොඩාාරියක් ස්තුතියි!”

        පස්දෙනාම යොන්රේගේ ගෙදරට ගියා.

        “අම්මා අපි ආවා!” යොන්රේ බෙරිහන් දුන්නා. “බලන්නකො කවුද ඇවිල්ල ඉන්නෙ කියලා!”

        යොන්රේගේ අම්මා දොර ළගට ආවා. හීයන්ග් දැක්කම එයාගෙ කට බාගෙට ඇරුණා. “ආ-නේ!” එයා විස්මයෙන් හඩගෑවා. “මේ අර මාසෙකට විතර කලින් ඇවිල්ල ගිය ළමෙය නේද.. මට මතක විදියට ඔයාගෙ නම.. මේ.. මේ.. ෂියාඔි.. ෂාඔි..”

        “ෂාඔි හීයන්ග්?” හීයන්ග් උදව් කළා.

        “අන්න හරි. ෂාඔි හී යන්ග්.” වැන්ග් මහත්මිය එයාව ගේ ඇතුළට ඇදලා ගත්තා. “දෙවියනේ.. ඔයා හොදින්ද? මොනවද මෙච්චර කල් කළේ.. එදා මෙහෙ නවතින්න කිව්වට ඒ ඇහුවෙත් නෑනේ..”

    “අම්මා!” යොන්රේ මැද්දට පැන්නා. “හීයන්ග් දැන් කැමතිලු මෙහෙ නතර වෙන්න.”

        “ඇහ්,” අම්මා හීයන්ග් දෙස බැලුවා. “නවතින්න? ඇත්තටමද?”

        “මේ-හ්.. කරදරයක් නැත්තං විතරයි..” හීයන්ග් පැකිළුණා.

        “කර-දර-යක්?! ඔයාට පිස්සුද ළමයා? කොහේ තියෙන කරදරයක්ද? මම ඔයා ගැන කොච්චර නං වදවුණාද? ඔයා මෙන්න මෙහෙ නැවතිලා ඉන්න. මං කොච්චර ආසද මට දුවෙක් ඉන්නවනං. මේ යොන්රේටත් කිසිම සහෝදරියක් නෑනෙ. අනික එයා මහ හිතුවක්කාරයි. ඔයාට පුළුවන් වෙයි එයාව හරියට හදල ගන්න.”

        “අහ්-හහ්..”

        හීයන්ග් හීන්සීරුවේ හැරිල බලපුවාම යොන්රේ රතු වෙලා ඉන්න බව පෙනුණා. ඒ තරහටද, ලැජ්ජාවටද කියන්න එයා දැනගෙන හිටියෙ නෑ.

        “එන්න ළමයිනේ. ඔහ්, ඔන්න යන්න හදන්න නං එපා. මම ඔය සේරටම දවල්ට කෑම උයනවා. යොන්රේ, ඔයාට පුළුවන් නේද අපේ අමතර කාමරේ හීයන්ග්ට ලෑස්ති කරල දෙන්න?”

        “ආ, මං ඒක කරන්නං.” හීයන්ග් ඉදිරිපත් වුණා. “ඒ වගේම, මාව බාරගත්තට ගොඩාරියක් ස්තුතියි, නැන්දේ.”

        “ඔික මොකක්ද?” අම්මා සිනාසුණා. “හා හා, දැන් යන්න.”

        යොන්රේ හීයන්ග්ව උඩුමහලට ඇදගෙන දිව්වා. අනෙක් තුන්දෙනාත් ඒ පස්සෙන් වැටුණා.



අද හරිත දියමන්තිය දෙන්න වෙන්නෙ නෑ.. ටයිප් කරගන්න බැරිවුණා.. හෙට බලන්නම්.

Report Page