Hee Young - 10

Hee Young - 10

Jade

9- https://telegra.ph/Hee-Young---9-01-10


“මේ තමයි ඔයාගෙ කාමරේ.” යොන්රේ දොරක් ඇරියා. ඒක හරිම හුරුබුහුටි කාමරයක්. හැමදේම සුදු පාටයි. හිම වගේ. හීයන්ග් ඒකෙ ජනේලයක් ඇරලා බැලුවා. පිටතින් පෙනෙන්න තිබුණේ, හොදයි, මින්ගැන්ග් නගරේ සාමාන්‍ය ඝෝෂාකාරී දර්ශනයක්ම තමයි.

        “කැමතිද කාමරේට?” යොන්රේ විමසුවා.

        “අනිවා. මේක හරිම ලස්සන කාමරයක්නේ.” හීයන්ග් එයාගෙ මල්ලේ තිබුණ බඩු එළියට ගත්තා. ලී කිනිස්ස ඇර.

        “එදා ටෙඩිබෙයා.” චෙන්ග් චෝ එදා තෑගි හම්බුණ නිල්පාට ටෙඩිබෙයාව අතට ගත්තා.

        “කට්ටියම එන්න අපි හීයන්ග්ට බඩු අස් කරන්න උදව් කරමු.” සොන්ග් ෂිං ඉදිරිපත් වුණා.

        “ඒ හදිස්සිය නං අහ් ෂිංට. හීයන්ග්ගෙ බෑග් එකේ කන්න මුකුත් තියෙනවද බලන්න.” යොන්රේ හිකි හිකි ගෑවා.

        “ඒයි එහෙම කියන්න එපා. තිබුණොත් කන්නෙ මං විතරනෙ.”

        “කනගාටුයි. මගේ බෑග් එකේ නං මුකුත් නෑ වගේ. අහ්, මෙන්න එක නිදානයක් හම්බුණා. මැජික් එකකින් වගේ ඇපල් ගෙඩියක් ඉතුරුවෙලා තියෙනවා.” හීයන්ග් බෑගයේ අඩිය අතගාලා ඇපල් ගෙඩිය අරන් සොන්ග් ෂිංට දැම්මා.

        “දෙන්නාට වැඩි වැඩියෙන් ලැබේ කීවලු.” සොන්ග් ෂිං කෑල්ලක් කටින් කඩාගෙන ඉතිරිය චෙන්ග් චෝට දුන්නා. ටික වෙලාවකින් පස්දෙනා අතර බෙදුණු ඇපල් ගෙඩිය අතුරුදහන් වුණා.

        ඊළගට එයාල හීයන්ග්ව ගේ වටේට එක්කන් ගිහින් පෙන්නුවා.

        “ඔයාලගෙ ගෙදර හරි ලස්සනයිනේ.” හීයන්ග් යොන්රේට කිව්වා. “එතකොට ඔයාලත් ඉන්නෙ මේ ළගපාත ද?”

        “ඔව්.” ඒ වෙද්දි එයාල වහලෙ උඩට ගිහිල්ලා හිටියෙ. වහලෙ පුරා පොඩි පොඩි ගස් වවලා. “බලන්න.” චෙන්ග් චෝ පහළට අත දිගුකළා. “අර පේන කහපාට ගාපු ගෙදර තමයි අපේ ගෙදර. අර සුදු ලී වැටක් ගහල තියෙන්නෙ අහ් ෂිංගෙ ගෙදර. අර ජනේලෙක සරුංගලයක් ගැටගහල තියෙන්නෙ, ඒ ගෙදර අහ් ජුංගෙ.”

        “ඇයි ඒ සරුංගලයක් ගැටගහලා?” හීයන්ග් පුදුමයෙන් ඇහුවා.

        “ඔහ්, මේ දන්නැද්ද. ලස්සනටනේ.”

        “ඇත්තද. ඒ ජනේලෙ තියෙන කාමරේ ඔයාගෙ වෙන්න ඇති.”

        “හරියට හරි!”

        සොන්ග් ෂිං, ලී ජුං පිටුපසින් සිටගෙන ‘එයාට ටිකක් විතර පිස්සු’ කියලා අභිනයෙන් පෙන්නුවා. අනිත් දෙන්නා අතින් කටවල් වහගෙන හිනාවුණා. හීයන්ග් හිස පැත්තකට ඇලකළා. එයාගෙ අලුත් යාළුවන්ට ටිකක් විතර පිස්සු වගේ. ඒත් එයත් එහෙමනේ. ඒ ගැන දොස් පවරන්න බැහැ.

        “මේ මොකක්ද?” ලී ජුං හීයන්ග්ගේ බෑග් එකේ තිබුණ ලී කිනිස්ස අතට ගත්තා. “වාව්. මේක කවුද හැදුවෙ.”

      “මම හදාගත්තෙ.” අනිත් අය විස්මයෙන් එයා දිහා බැලුවා. “ඔයා?”

        “ඔව්. කැලේ ඉද්දි මාත් එක්ක තව පිරිමි ළමයෙක් හිටියා. එයා ගාව පිහියක් තිබුණා. ඉතින් මාත් එකක් හදාගත්තා. දැන් නං ඉතින් ඔිකෙන් වැඩක් නෑනෙ.”

        චෙන්ග් චෝ ඒකෙ හැඩ බැලුවා. “මේක කැපෙනවද?”

        “හොදයි, අපි බලමු. මුවහත් කරපු ලීයකට කැපෙන තරම් විතර.”

        “හොද උත්තරයක්.” චෙන්ග් චෝ ආපහු කිනිස්ස හීයන්ග්ගේ බෑගයට දැම්මා.

        “අහ්, තව ටිකෙන් අමතකවෙනවා.” යොන්රේ අසුරක් ගැහුවා. “ඔයත් දැන් අපේ කෙනෙක්නේ, නේද? ඉතින් ඔයා අපිට යොන්රේ, සොන්ග් ෂිං, ලී ජුං, චෙන්ග් චෝ කිය කිය ඉන්න ඔිනි නෑ. අපි ඒ නම් වෙනස් කරලයි තියෙන්නෙ.”

        “එහ්?”

      “යොන්රේට රේ. ෂිංට අහ් ෂිං. ජුංට අහ් ජුං. මට චෝ චෝ කියන්න.” චෝ පහදා දුන්නා.

        “නියමයිනේ. එහෙනං මට-” හීයන්ග්ගේ ඇහිබැමි ගැටගැහුණා. “හීයන්ග් කියන එක කෙටිකරන්නෙ කොහොමද?”

        “හීයං?” ලී ජුං යෝජනා කළා. හීයන්ග් උරහිස් ඇකිළුවා. “ඒ එක අකුරක් විතරක් අයින් කරලනෙ.”

        “අපරාදෙ. ඔයාටත් දාගන්න තිබ්බෙ යුන් ජේ වගේ නමක්. එහෙම වුණා නං ජේ කියල කතා කරන්න තිබුණ.” සොන්ග් ෂිං මැසිවිලි නැගුවා.

        “හීයං හොදයි.” හීයන්ග් එකග වුණා.

        “ළමා-යි!” අම්මා කතා කරනවා ඇහුණා. “එන්න පහළට කෑම කන්න.”

        දවල් කෑමෙන් පස්සෙ චෙන්ග් චෝ, සොන්ග් ෂිං සහ ලී ජුං එයාලගෙ ගෙවල්වලට ගියා.

        “හීයන්ග්, ඔයා කොච්චර කල් ඉස්කෝලෙ ගියෙ නැද්ද?” අම්මා ඇසුවා. “ඔයා දැන් දෙක වසරෙනේ, නැද්ද?”

        “මම දෙක වසරට සමත් වුණා.” හීයන්ග් පිළිතුරු දුන්නා. “ඊට පස්සෙනං, මෙහෙමයි නැන්දේ. මට මාස හතක් විතර ඉස්කෝලෙ යන්න බැරිවුණා.”

        “හත-” අම්මාට මහ හයියෙන් කෑගැස්සෙන්න ගියත්, එයා ඒක පාලනය කරගත්තා. “හතක්? ඔයා අවුරුදු බාගයක්ම ඉස්කෝලෙ ගියෙ නැද්ද?”

        “ම්හ්..”

        අම්මා ටිකක් කල්පනා කළා. “ඊළග වාරෙ පටන්ගන්න තව සති දෙකක් ඉතුරුවෙලා තියෙනව. යොන්රේ යන්නෙ මින්ගැන්ග් ප්‍රාථමික විද්‍යාලයට. ඔයාවත් මම ඒකට ඇතුළත් කරන්නම්. යුනිෆෝම් එකත් හදාගන්න පුළුවන්. මං මෙහෙම අහන්නෙ - වැරදියට හිතන්න එපා. ඔයා කලින් ඉස්කෝලෙදි පන්තියේ කීවෙනියා වගේද?”

        “පළවෙනියා.” හීයන්ග් පිළිතුරු දුන්නා.

        “එ-හෙමද? ෂාහ්. නියමයිනේ. එහෙනම් වැඩේ ලේසියි. මම යොන්රේට කියන්නම් ඔයාට මගෑරුණ ටික උගන්නන්න කියලා. එහෙම නැත්තං මම උගන්නන්නම්.”

        “ස්තුතියි!” හීයන්ග් සතුටින් කිව්වා.

        “අපි හෙට උදේට ටවුමට ගිහිල්ල ඔයාට ඔිනි පොතුයි, අනිත් දේවලුයි ගමු.” අම්මා කීවේ හීයන්ග්ගේ ඉරෙන්න ළං වෙච්චි ඇදුම් දිහා බලමින්. ඔව්, ඇත්තටම. මාස හයක්ම කැලේට වෙලා එකම ඇදුම ඇදන් ඉද්දි ඇදුම් ගෙවෙනවා.

        “යොන්රේ හීයන්ග්ට පාඩම් වැඩ කියල දෙන්න පුළුවන් නේ?”

       “ඔව් අම්මා.” යොන්රේ හීයන්ග්ව එයාගෙ කාමරේට එක්කන් ගියා. එයා හිටියෙ හීයන්ග්ගෙ කාමරේට අල්ලපු කාමරේ. ඒකෙ බිත්තිවල තැනින් තැන එක එක දේවල් අලවල තිබුණා. වැඩිමනක් පින්තූර.

        “මේ ඔයාලගෙ ඉස්කෝලෙද?” හීයන්ග් එක පින්තූරයක් පෙන්වමින් ඇසුවා.

        “ඔව්. අපි ඉන්නේ-” යොන්රේ පාසල් ගොඩනැගිල්ලක චූටියට පෙනුණු ජනේලයකට ඇගිල්ලක් තැබුවා. “මෙන්න මේ පන්තියේ.”

        “මේ ඉන්නෙ ඔයාල හතරදෙනාද?” හීයන්ග් හිනාවක් තදකරගෙන තවත් පින්තූරයක් පෙන්නුවා. යොන්රේටත් ‘බකස්’ ගාල හිනාගියා. “ඔි, අපි තමයි. මහ මොට්ට පාටයි නේද?”

        එතන හිටපු ළමයි හතරදෙනා හිටියෙ හරියට හැලොවින් උත්සවේකට, නැත්නම් විකට ඇදුම් තරගෙකට ඇදලා වගේ. එතන ඒ හතරදෙනාගෙ පින්තූර ගොඩක් තිබුණා.

        “එතකොට මේ?” හීයන්ග් ඇහුවේ රාමු කරල තිබුණ හමුදා නිලධාරියෙක්ගෙ ඡායාරූපයක් පෙන්වමින්. එයා යොන්රේව වඩාගෙන උඩ දාමින් හිටියා. ඒත් එයා දැනට වඩා චූටි යොන්රේ කෙනෙක්. ඒක පෙන්නුවම යොන්රේගේ මූණ වේදනාවෙන් ඇද වුණා.

        “ඒ මගෙ තාත්තා.” එයා පින්තූර රාමුව අතගෑවා. “මේක මම අවුරුදු පහේදි ගත්ත පොටෝ එකක්. තාත්තා මීට මාස තුනකට විතර කලින් ඇක්සිඩන්ට් එකක් වෙලා නැතිවුණා.”

        “ඔහ්.” හදිසියේම හීයන්ග්ගේ අත් දෙක හිරිවැටුණා වගේ වුණා. “ඔයාට මේක අහලම එපාවෙලා ඇති. ඒත්, ඇත්තටම මට ගොඩක් දුකයි.”

        යොන්රේ දෑසට නැගුණු කදුළු පිසදැම්මා. “ස්තුතියි. ඔයාගෙ පවුලෙ අයත් නැතිවෙලා කිව්ව නේද අවුරුද්දකට කලින්? ඒ මොනව වෙලාද?”

        හීයන්ග් හැගීම් පාලනය කරගන්න පොළවට රැව්වා. “මම ඒ ගැන කතා කරන්න කැමති නැහැ.”

        යොන්රේ කෙළ ගිල්ලා. “හරි-එහෙනම්..” එයා මාතෘකාව වෙනස් කරන්න හිතාගෙන අනිත් පැත්තට හැරුණා. “ෂෙහ්, බලන්නකො අපිට තියෙන පොත් ගොඩ. මෙච්චර ඉගෙනගත්ත කියල අපි සියල්ල දත් වෙන්න ඔිනිද මන්ද. ඔයාට තව කොච්චරක් ඉගෙනගන්න තියේද කියල මතකද?”

        “ඔව්.” හීයන්ග් පොත් පෙරළා බලන්නට පටන්ගද්දි යොන්රේ සිවුරුහන් කළා.

      “මට දැනුයි මතක්වුණේ. ඔයාලගෙ ලෝකෙ කරෙත් මේ පොත්මද? නැත්නම් ඉතින් හරි වැඩේ තමයි වෙන්නෙ.”

        “බලමු නේද.. හප්පා වාසනාවට මේ පොත්ම තමයි අපිට තිබ්බෙ. මම මෙතනට එනකල් කරල තියෙනවා.”

        “ඒ කියන්නෙ පාඩම් තුනහතරක් විතරයි නේද. කමක් නෑ මම ඉතුරු ටික කියාදෙන්නම්කෝ. ඔයා බාහිර වැඩ හේම කළාද? සංගීතෙ වගේ?”

        “ඔහ්, මට වයලීන් ගහන්න එහෙම නං බෑ. සිංදු කියන්න නම් පුළුවන්.”

       “වාව්. ඔයාට සිංදු කියන්න පුළුවන්ද?” යොන්රේ සතුටින් ඉපිළුණා. “මීට කලින් තරග එහෙම දිනල තියෙනවද?”

        “අ- ඉස්කෝලෙ හොදම ගායිකාව සම්මානෙ නං දිනුව. ඒත් ඒක ගොඩක් පොඩි ඉස්කෝලයක්.”

        “ඒකට මොකද?” යොන්රේ සතුටින් පිනා ගිහින් හීයන්ග්ගේ පිටට ගැහුවා. “සමහරවිට ඔයාට පුළුවන් වෙයි මින්ගැන්ග්වල අන්තර් පාසල් ගායන තරගවලට එන්නත්. නියමයි!”

        “එන්න? ඒ කිව්වෙ-ඔයත් සිංදු කියනවද?”

        “ඔව්.” යොන්රේ කිව්වා. “ගිය අවුරුද්දෙ මම තමයි ගියේ. ඒකෙන් නම් දින්නා. ඒ පිරිමි ළමයින්ගෙ අංශයෙන්. ගෑනු ළමයට ගියේ සකුරා පේයොල් කියල කෙල්ලක්. මහ එපා කරපු උද්දච්ච කෙල්ලක්. එයාගෙ තාත්ත ජනාධිපතිගෙ ප්‍රධාන ආරක්ෂකයද කොහෙද. මහ වාතයක්. ඒත් සිංදු කියන්න නම් පුළුවන්. ඒත් එයා පළවෙනිය උණේ නෑ. දෙවනියා වුණේ. ඔයාට ඊට වඩා හොදට කියන්න පුළුවන් වුණොත්, මේ පාර අපි දිනන්නෙ.”

        “මම හිතන්නෙ නෑ.” හීයන්ග් සිනාසෙමින් කිව්වා. “මාස්ටර් වැන්ග්, ඔයා මට උගන්නනවද නැත්තම්-”

        “ඇයි නැත්තං මොකද?” යොන්රේ එයාට කොට්ටෙකින් දමලා ගැහුවා.

        “ඔයා..” හීයන්ග් මුහුණට වැදුණු කොට්ටය අතට ගත්තා. “ඔයා මට කොට්ටෙකින් ගැහුවද, ආ? ඔයා දන්නවද ඔයා මේ දැන් කළේ කොච්චර මොට්ට වැඩක්ද කියලා? අපේ ගෙදර කොට්ටපොර ගහලා මම කවදාවත් පරදින්නෙ නෑ..”

        “එහෙමද? එහෙනං මෙහෙ දිනන්නෙ මමයි.” යොන්රේ අනිත් කොට්ටය අතට ගත්තා. “එනු සටනට-ගනු කොට්ට-” එයා කියල ඉවර කරන්නත් කලින් හීයන්ග්ගේ අතේ තිබුණු කොට්ටය යොන්රේගේ මුහුණේ වැදුණා. යොන්රේ ඇද උඩට වැටුණා.

        “එකට එකයි.” හීයන්ග් කිව්වා. එයාලගෙ කොට්ටපොර තරගය නැවතුණේ පහළ වූ කෑගැසීමකින්. “ළමා-යි! ආයෙමත් කොට්ටවලින් ගහගන්නවද? යොන්රේ මම කිව්ව නේද ඔයාල ඉරන කොට්ට මහන්න මට ආයෙත් නම් බෑ කියලා?”

        යොන්රේ හෙමීට සද්ද නැතුව කොට්ට දෙක ඇද උඩ තැන්පත් කළා.

        “ඔයාල ගෙදර ඉද්දි-මං කිව්වෙ ඉස්සර මොනවද කළේ?” යොන්රේ ඇහුවා.

        “අයියෝ ඉතින් මෙහෙ කරන දේවල්ම තමයි. බෝල ගැහුවා, අයියයි, තාත්තයි මමයි තමයි. ඒ දෙන්න ෆුට්බෝල් ගහන්න හරි ආසයි. ආයෙ අපි හැමතිස්සෙම වගේ කළේ රජමාලිගාව සෙල්ලම. ඒක හරිම ජොලි.”

        “ඒ මොකක්ද?” යොන්රේ කුහුලෙන් ඇසුවා.

        “ඔන්න අහගන්නකෝ. අපි රජමාලිගාවක චරිත වෙනවා. අපි හැමෝම. ඒ කියන්නෙ අම්මයි තාත්තයි ආවොත් ඒ දෙන්න තමයි රජතුමයි රැජිනයි. අයියා ප්‍රධාන සෙන්පති. අක්කා සෙන්පතිගෙ නෝනා. ඒක තමයි හිනා යනම එක.” හීයන්ග් අතින් කටවසාගෙන සිනාසුණා. “මම කුමාරිකාව. මම නම් කැමති වුණේ නෑ කුමාරි වෙන්න. මට ඔිනි කළේ සෙන්පති වෙන්න. ඒත් අම්මා කියන්නෙ ‘ගෑනු ළමයෙක් වුණාම ඒ වගේ චරිත හරි නෑ’ කියලා. එහා ගෙදර මගේ වයසෙ තව ගෑනු ළමයෙක් හිටියා. එයා සෙන්පතිගෙ දුව. අපි නඩු විසදනවා. අම්මල ගාව තිබුණ ඒ වගේ ඇදුම් ටිකකුත්. අම්මයි තාත්තයි ඉස්සර ඉස්කෝලෙ නාට්‍යයකට රගපෑවලු ඒව ඇදගෙන. එක දවසක් අක්කා, අපේ සෙන්පති නෝනා නඩු කියන්න ඇවිල්ල රාජසබාව ඉස්සරහ ඇදගෙන වැටුණා. අයියෝ ඒක නං..” හීයන්ග් සහ යොන්රේ සිනාසුණා.

        “ඉතින් ඔයාල විසදන නඩු මොනවගේ ඒවද?” යොන්රේ ඇසුවා.

        “ඒකනෙ මම කිව්වෙ ඒක හරිම ජොලි කියලා. අයියා අක්කගෙ මේකප් සෙට් එක අරන් ඒකෙන් චිත්‍ර ඇදලා ඒක ඉවර කරාලු. අපේ පූසා ලේන් පැටියෙක් ඇල්ලුව කියල ඌව රාජ්‍යයෙන් පිටුවහල් කරන්නලු. වහිනව වැඩි කියල පූජාවක් කරන්නලු. අයියගෙ ෆුට්බෝල් මැච් එක පැරදුණාට පොළව වැරදිලු. පොළව ඇදයිලු. ඔන්න ඔය වගේ මහ විකාර නඩු.”

        “ආව්. අපිත් කරමුකො ඒක.” යොන්රේ උද්දාමයෙන් කිව්වා. “ඔයා හිටිය ලෝකෙ මොන වගේද? මේ වගේමද?”

        “නැහැ.” හීයන්ග් කිව්වා. “ඒක- ඇත්ත වගේ.”

        “ඇ-ත්-ත?” මේක තේරුණේ නැති එකට යොන්රේට දොස් කියන්න බැහැ. “එතකොට අපිට ඉන්නෙ බොරු ලෝකෙකද?”

 “නෑ, නෑ.” හීයන්ග් ඉක්මනින් කිව්වා. “මං කොහොමද ඒක කියන්නෙ.. ඒ ලෝකෙ.. අහ්. අල්ලල දාන්න. මීට වඩා වෙනස්. මිනිස්සුම තමයි ඉන්නෙ ඒත් පෙනුම වෙනස්.”

        “පිටසක්වලයො වගේද?”

        “නෑ, මීට වඩා ඇත්ත වගේ.”

        “හොද පැහැදිලි කිරීමක්.”



මම මේක කියන්න හිටියෙ නෑ. ඒත් 75 දෙනෙක් විතර කතාව කියවද්දි දෙන්නෙක් තුන්දෙනෙක් විතරක් කමෙන්ට් දාන්නෙ ඇයි කියල මට හිතාගන්න බෑ. ඔයාලට කියවන්න පුළුවන් නං මොකක්හරි කියාගෙන යන්න බැරිවෙන්න බෑනෙ. එක්කො ඔයාලට කතාව කියවල ඒ ගැන කිසිම අදහසක් ඔළුවට එන්නෙ නැති මැෂින් ගොඩක්. මැෂින්වලටත් හිතන්න-කල්පනා කරන්න බෑනෙ. නැත්තං කමෙන්ට් එකක් දාන්න ඔිනි නැතිවෙන්න තරම් ආත්මාර්ථකාමී කට්ටියක්. කමෙන්ට් දානවද නැද්ද කියන එකෙන් තීරණය වෙන්නෙ ඔයාලගෙම ගතිගුණ කියල දැනගන්න. මේක මේ මගෙ කතාවලට විතරක් නෙවෙයි අනික් හැම කතාවකටම පොදුයි. ඔයාල ලෝකෙට පේන්න කොහොම හිටියත් මේ වගේ දේකදි හොදට ඔයාල කවුද කොහොම ගති ද තියෙන්නෙ කියල නිකංම පෙන්නනවා. රයිටර්ස්ල ලියනවා- ඔයාල නිකංම කියවලා යනවා! හරිම උදාරයි! ආයෙ කියල වැඩක් නෑ.. 

Report Page