ගමේ කෙල්ල

ගමේ කෙල්ල

15

~ පහළොස්වන කොටස ~

මතකනෙ... හිතුවෙවත් නැති විදිහට හිතාගන්නත් බැරි වේගෙකින් මමම ලීඩ් එක අල්ලල නෙත්මිගෙයි මගෙයි මෙව්වා එක අප් කරල ගන්නකොටම සමීරයා මැදට පැන්නනෙ 'සර් ටී ඕර් කොෆී' කියාගෙන. ඊට පස්සෙ නෙත්මි එක්ක දැන් මේ හවස් වෙලා වැවට යන ගමන්...


කලින් කොටසට




එතැන් සිට...


උඹලට කියන්න බං.. මේ වෙලාවෙ මගෙ හිතට සිතුවිලි දහයක් ආවොත්, ඒකෙන් එකොළහක්ම ෆුල් පෝර්නොග්‍රැපික් කැටගරි වලින් එන ඒවා. නෙත්මි මට දවල් කිව්වත් වගේ, එයා දැන් මේ මාවත් එක්කන් වැවට යන ගමන් ඉන්නෙ.


ගමට ආව පළවෙනිම දවසෙ බස් එකේදි මම වැවේ එක පැත්තක් දැක්කා. ඒත් මාමලගෙ ගෙදර ඉඳන් වැවට යන්න උනේ නෑ.


නෙත්මි හවස හතරට විතර මාව එක්කන් යන්න ආවෙ, ඇඳුම් කීපයක් පුරවගත්ත ප්ලාස්ටික් බාල්දියකුත් අතේ එල්ලගෙනයි. එයාගෙ කීමට මම කලිසමකුයි, සාලුවකුයි අරන් ගමන පිටත් උනා. හැබැයි යටිතල පහසුකමක් ගත්තෙ නෑ. බිකෝස් හවස් ජාමෙක හුළං වැදි වැදි සිවිල් පිට ඇවිදින ගැම්ම මට විඳගන්න ඕනෙ උනා...


"සදේශ්... පීනන්න පුලුවන්ද ඔයාට..."


මොකක්ද මංදා කැලේ පාරකින් මාව එක්කන් ඉස්සරහින් යන අතරෙ, නෙත්මි මගෙන් ඇහුවෙ එයාගෙ ගමන පොඩ්ඩක් ස්ලෝ කරලා.


"මෙහෙමයි... සෛද්ධාන්තිකව මට පීනන්න පුලුවන් වෙන්න ඕනෙ. බිකෝස් පොඩි කාලෙ ඉඳල ඉස්කෝලෙ ස්විමින් කලා. හැබැයි ප්‍රැක්ටිකලි ස්වීම් පූල් එකක ඇරෙන්න මම වතුර වලකවත් බැහැල නෑ. ඒ නිසා නැචුරල් සිලෙක්ශන් සෙට් නැති වෙයිද දන්නෑ..."


"ඔයා ඔය කිව්ව ඒවගෙන් බාගයක්වත් මට තේරෙන්නෑ. මට තේරුනේ ඔහේට පීනන්න බෑ කියන එක විතරයි. ඒ නිසා අපි ඉවුර තියෙන තැනකට යමු."


"හී හී... එහෙම කරමු..."


මචං මම මේ මගෙ තියෙන අසික්කිත අශීලාචාර අවලංකමකට කියනව නෙවේ. ඒත් නෙත්මි මට ඉස්සර වෙලා යන අතරෙ, මම හොඳටම නෝට් කරපු එක දෙයක් තිබ්බා. එයාගෙ පිටිපස්සෙන් පේන යම් දෙයක් වෙනදට වඩා අද වැඩිපුර හෙල්ලෙනව වගේ නිකං... ගවුම ලූස් නිසා පේන දෙයක් වෙන්නත් බෑ... ඇත්තටම මොකක් හරි වැඩිපුර හෙල්ලෙනවා වගේ... ඒකට හේතුව... මට හිතෙන දේමද... ඔය සමහර ඇඳුම් කෑලි නැති උනාම සමහර ඇඟේ කෑලි වැඩිපුර හෙල්ලෙන්නේ...


උඹලට තාම තේරුන්නැද්ද... ඒක කියන්නෙ කොහොමද මම...?


හිටාංකො... මමම ලිව්ව පුංචි කවි පදේකින් කියන්නං... නැත්තං රිපෝට් වදීවි අමුවෙන්ම කිව්වොත්.


ආරපු පළු දෙකක් ඇත මෙලෙකට තියෙන...

තුන් කොන් සළුව ඇත එදෙකේ බර දරන...

සළුව තියෙන කාලෙට කොච්චර වනන...

තාලයක් ඇත එහිත් සිහිවෙන දෙව් භමන...


තුන් කොන් සළුව සුමටන ලෙස හැසිරෙනවා...

නැති උනොතින් හබක් ඒ බල විසිරෙනවා...

ඇවිදිනකොටදි මට පිස්ටන් සිහිවෙනවා...

උඩ යට යන යෑම එන්ජින් දිවවෙනවා...


සීන් එක තේරෙන්නැතිනෙ. නාන්න යන නිසා අන්ඩර්ග්‍රවුන්ඩ් ප්‍රොටෙක්ශන් එකක් නැතුවද යන්නෙ. මම වගේ එකෙක් එක්ක මෙහෙම යන්න බය නැද්ද මංදා. හැබැයි ඉතින් ගමේනෙ... කෙල්ලොනෙ...


නෙත්මිගෙ පිටිපස්සෙන් වැටිලා ඒ හෙල්ලෙන කෑලි බෑලිත් බල බල මම පැය කාලකට කිට්ටු වෙන්නම කැලේ අස්සෙන් යන්තමට පෑදිල තිබ්බ අඩිපාරක් දිගේ ආවා.


ලොවක් නැතුව නෙත්මිගෙ පිටිපස්ස දිහා බලන් හිටපු මම පියවි සිහියට ආවෙ එයාගෙ කටහඬ ඇහිලයි.


"සදේශ්... "


"ඇ... ඈහ් ඔව් මේ මම මුකුත් දැක්කෙ නෑ... සත්තයි..."


"මොකක්... මොනා කියනවද මංදා... මේ... මෙතන හොඳයි නේ... මේ හරියට හැබැයි වැඩිය කවුරුත් එන්නෑ... මාළු අල්ලන අයවත්.. ඔයාට බයයි වගේ නං කට්ටිය එන තැනකට යමු..."


නෙත්මි මට කිව්වෙ, කැළේටම මායිම් උන වැවේ ඉවුරක් තියෙන අමුතු මූකලාන ඒරියා එකකට මාව එක්කන් ඇවිල්ලයි. කලිනුත් මම කිව්වා වගේ මේ කතාවෙ ප්ලොට් එක නිකං ක්‍රයිම් සීන් එකක් පැත්තට යනවද මංදා. මේක රොමෑන්ස් කැටගරියෙ එකක් නෙවෙයිද... මල හත්තිලව්වයි වෙන්නෙ එහෙම නං... කලින් දන්නව නං මේ කතාවට චරිතයක් හැටියට රඟපාන්න එන්නෙත් නෑ...


"මෝඩයො... වෙන තැනකට යන්න ඕනෙද..."


මම හිත ඇතුලෙන් තර්ක විතර්ක දාලා, ඉන්න සිටුවේශන් එකෙන් බේරෙන්න හදන අතරෙ නෙත්මි ආපහු මගෙන් සැර කරල ඇහුවා.


"ආහ්... හෙ... හේ... අවුලක් නෑ... මෙතන මරු... අපි දෙන්නට පාඩුවෙ නාගත්තෑකිනෙ නේ..."


"ඔව්... ඒක තමා මෙතෙන්ට ආවෙ... මේ පැත්තට වැඩිය මිනිස්සු එන්නෑ..."


නෙත්මි මේ තැන ගැන හුරුපුරුද්දෙන් වගේ හැසිරෙන්නෙ, එයා ගොඩ කාලයක් තිස්සෙ මෙතන තනියම නාපු නිසා බව තේරුම් ගන්න මට වැඩි වෙලාවක් ගියෙ නෑ.


"කෝ ඔය කමිසෙ ගලවල දෙන්න..."


වැවේ අසිරිය බලන්න කියල හැදුව විතරයි නෙත්මි මට කතා කලා.


"ආ... මේ... කමිසෙ ගලවන්නත් අමාරුයි පොඩ්ඩක්... හෙ හෙ... අත උස්සල අදින්න බෑනෙ..."


"අනේ මේ මෝඩයා... ශර්ට් එකක් ඇඳන් ඉන්නෙපැයි ඕව ගලවන්න බැරි නං... කෝ ඉන්න..."


නෙත්මි එයාගෙ අතේ තිබ්බ ඇඳුම් බාස්කට් එක, වැව් ඉවුරෙ කිට්ටුව තිබුණ ගහක අත්තක එල්ලල, මගෙ ගාවට ඇවිත් මගෙ කමිසෙ හිමීට ගැලෙව්වා. මම ඒක අත් දෙකෙනුත් පැන්නුවට පස්සෙ එයා ඒකත් අරන් ගිහින් අර ඇඳුම් බාස්කට් එක එල්ලපු අත්තටම දැම්මා. මගෙ සාලුවත් ඒ අත්තෙන්ම දැම්මා.


"ගොඩක් දුරට යන්න එපා හරිද... ගැඹුරු නං නෑ... ඒත් ටිකක් දුරට ගියාම බෑවුම වැඩි වෙනව..."


නෙත්මිත් හදිස්සියෙම වැව සම්බන්ධ රූල්ස් ඇන්ඩ් රෙගුලේශන්ස් ලිස්ට් එකක් කියවන්න ගත්තා.


"ආ හරි හරී... පුරුදු වෙන්න නානවෑ..."


"ඔව් ඔව්... මම ඇඳුමක් ඇඳන් එන්නං... ඔයා නාගන්න එතකං... සබන් ගාලා දෙන්නං මං..."


ඇ... ඈහ්... ඒ ගමන මේක රොමෑන්ස් කැටගරියෙන් ඇඩල්ට් කැටගරියට ගියාද. අඩේ මරුනෙ... මෙහෙම පටන් ගන්න සීනරි සෑහෙන්න බලල තියෙනව මං.


මනෝ පාරකුත් ගහන් මම පොඩ්ඩ පොඩ්ඩ වැවට බහින අතරෙ, නෙත්මි ඒ ළඟ තිබ්බ පඳුරක් ගාවින් නොපෙනී ගියා. මම ඒත් හිතුවා එයා ගවුම පිටින්ම නාවි කියල. හො හො හො... එහෙම නෑව නං වතුරට ගවුම පිම්බිලා උඩ එනකොට මම මාලුවෙක් වෙලා... ආ නෑ එක්කො ඕන්නෑ...


විනාඩියකින් දෙකකින් විතර නෙත්මි ආපහු වැව් ඉවුර ගාවට ආවෙ පට්ට සෙස්සි ලුක් එකක් තියෙන මල් මල් චීත්තයක් ඇඳගෙන.


ඒ චීත්තෙ ඇත්තටම කොටයිද නැත්තං ස්ටයිල් එකට කොටට ඇඳලද කියල නං මම දන්නෑ... හැබැයි ඉසුරුමුණි පෙම් යුවලෙ කොල්ලත් හැරිලා බලන, උනුත් බ්‍රේක් අප් වෙන ලස්සනක් නෙත්මිගෙ දැන් තියෙන්නෙ.


පපුවෙ "රුවැති රේඛාව" හොඳට කැපිලා පේන ගානට පහළින් ඇඳල තිබ්බ ඒ චිත්තෙ, එයාගෙ දණහිසටත් සෑහෙන උඩින් ඉවර වෙලා තිබ්බා. ෆෑන් එකේ හුළඟට එක පාරක් දැකල වැහුන ඒ ලස්සන ගල්... ආ නෑ කලව දෙක දැන් මගෙ ඉස්සරහ මේ විදිහට අව්වට දිලිහි දිලිහි තියෙනවා... හම්මේ...


මෙන්න මේ වෙලාවට තමා බං විලියම්සන් ක්ශේෂ්පයර් ආවේස වෙලා, ලෝ බජට් මියුසික් වීඩියෝ එකක් ගහල හිට් වෙන්න හිතෙන්නෙ.


නෙත්මිගෙ රූපෙ දැක්කම පද වැල් වගේම වෙන වැලුත් ගලාගෙන එනව මගෙ හිතට... මොකෝ කියන්නෙ... ලයිනක් අල්ලමුද මියුසික් වීඩියෝ එකකට...


මයික්ස්... රෙඩී... මියුසික්... on... ලයිට්ස්... off... ආ නෑ නෑ ඒකත් on...

ලිරික්ස්... රෙඩී... ඇක්ට්‍රස්... නෙත්මි රෙඩී... සීන් එක පටන් ගන්නෙ නෙත්මි චීත්තෙ ඇඳන් වැව් ඉවුරට එන තැන ඉඳල....


එහෙනං පටාං ගම්මූ.... (ලිරික්ස් බල බල ඕන්නං සිංදුවත් අහපං. සහ ඔව්... මම තමා මේ ගොන් සිංදුව ලිව්වෙ. සිංදුව අහන්න මෙතනින් එන්න)


(music...)


මදක් වෙලා පමා වු ඈ, දිය රෙද්දක් ඇඟලාගෙන,

සෙමි සෙමිහිට රැල්ල නගන වතුරට බැස්සේ...

දියට තෙතට ඇඟට ඇලුන, ඒ රූපය දුටු විට මම,

පහතරටින් නටනව මගෙ කලිසම අස්සේ...


දිය බඳුනෙන් එකක් දෙකක්, නෑ නෑ තුන හතර පහක්,

හිසේ ඉඳන් වැව් තලයට කඩාන වැටුනේ...

ඒ දිය රැලි සීරුවකට, පපු ගැබ හරහා එන විට,

වතුර බිංදු ගැන මට පොඩි ජෙලක්ද නැගුනේ..


පිරුණු කලේ දිය නොසැලේ, ඇගෙ උකුලේ මසිත සැලේ...

යකා නටන හැන්දෑවේ, රාස්සිගේ අව්ව වැටේ...

පිරිපුන් යුග පයෝධරේ, ඉලිපුනු ඒ කඳු ගැ(ට්ට)ටේ...

බැස යන හිරු කිරණ ගැටේ, දෑස වසා එය දිලිසේ...


ආකාසේ ඇති පවනෙන්, සබන් කැටෙන් නැගෙන පෙණෙන්,

එකට එකතූ වී නෙක රූ යාය මැවෙන්නේ...

පටුවන් නළලත දිලිසෙන, සුරතල් දිගැසින් ඔරවන,

බටුවන් සුරඟන පරදන මැණිකක් වැන්නේ...


කොයි මලටත් බඹරු වසන, කාලෙක මට මේ හමුවුන,

අමුතු මලක නොවිඳපු ඒ රස වෑහෙන්නේ...

ඇගෙ රස විල සිහියෙ නැගෙන, ඒ රස සුවයකට හැරෙන,

ගී පද වැල් ලියවෙන සුන්දර ගම්මානේ...


පිරුණු කලේ දිය නොසැලේ, ඇගෙ උකුලේ මසිත සැලේ...

යකා නටන හැන්දෑවේ, රාස්සිගේ අව්ව වැටේ...

පිරිපුන් යුග පයෝධරේ, ඉලිපුනු ඒ කඳු ගැ(ට්ට)ටේ...

බැස යන හිරු කිරණ ගැටේ, දෑස වසා එය දිලිසේ... //


මියුසික් වීඩියෝ එක ඉවර වෙන්නෙ නෙත්මි දාගන්න අන්තිම වතුර බාල්දියත් එක්කම එයාගෙ චීත්තෙ කඩන් වැටෙන තැනකින්...


විශේෂ ස්තූතිය : නෙත්මිට සහ කඩන් වැටුන චීත්ත රෙද්දට...


......


"මෝඩයෝ... මොකක්ද ඔය කරන්නෙ. නිකං ඔහේ බලාගෙන ඉන්නැතුව නාගන්නවා ඉක්මනට... ලෙඩ වෙයි නැත්තං..."


නෙත්මිගෙ ඇඟ දිහා බලන් හිත ඇතුළෙන් ෆුල් ඇල්බම් එකක් ගගහ හිටපු මම ආපහු ට්‍රැක් එකට ආවෙ එයා වතුරට බහින ගමන් මට කතා කරනව ඇහිලයි.


"අහ්... හෙ හෙ... මේ... නෑ... ඔයාගෙ ලස්සන දැකල ගල් උනානෙ මාව..."


ගල් වෙලා තියෙන්නෙ වෙන දේකුත්.


"යනව යන්න... කෝලං... වතුර දාගත්තද ඔලුවට..."


"යා යා... දියබුං ගහනකොටත් මරු නේ.."


"එහෙනං එන්න මෙහෙට.. සබන් ගාලා දෙන්න පිටේ..."


හම්මෝ... මම බලාගෙන හිටපු ඒ උත්තරීතර අවස්තාව... නෙත්මි ඒ වාක්‍ය ඉවර වෙන්නත් කලින්ම මම කැළණි ගඟ දෙබෑ කරන් ආව දෙපත් නයා වගේ, වතුර කපාගෙන එයා ගාවට දුවන් ආවා.


මම නෙත්මි ගාවට ගියාම, එයා එයාගෙ බකට් එකේ තිබිල එළියට අරගත්තු පෙට්ටියක් ඇරලා පුංචි සබන් කැටයක් අතට ගත්තා.


ඒ කරලා එයා මාව ඉස්සරහ හරවල මගෙ පිටිපස්සෙන් ඇවිත්, එයාගෙ සියුමැලි සිනිදු කෝමල මනලෝල රාගික හෘද ඡායා සේයා මවන අත් දෙකෙන් මගෙ පිට පුරාමයි, අතක් ඉස්සරහට දාලා මගෙ පපුවෙයි සබන් ගෑවා.


ඒ අත් දෙක එහෙම්ම පහළට ගිහින් මගෙ කලිසමේ බොත්තමත් ගලවයි කියල හිතල නිදන් හිටපු යක්කු ඇහැරවගත්තට, එහෙම මගුලක් උන්නෑ.


එයා මගෙ පිටේ සබන් ගාලා, ශැම්පු පැකට් එකක් කඩල මගෙ ඔලුවට දාල හිමීට ඇඟිලි වලින් කොණ්ඩෙ කැලතුවා. මම බබා වගේ එයාට කරන දෙයක් කරගන්න දීලා බලාගෙන හිටියා.


"ඕන් හරි... අනිත් තැන් වල සබන් ගාගන්න... ගොඩක් වෙලා ඉන්නැතුව ඉක්මනට හෝදන් යන්න සදේශ්..."


නෙත්මි මට පිටිපස්සෙ ඉඳන් කතා කරනකොට එයාගෙ හුස්ම මගෙ පිටේ වදිනව කූල් එකට.


"හී හී... ඒ තැන්වලත් ගාන්න බෑද... අත නිකං රෙස්පොන්ඩ් කරන්නෑ වගේනෙ... හො හො.."


"අනේ මේ... ගුටිනොකා ඉක්මනට හෝදගන්නවා... බබ්බු නාවනව ඇරෙන්න වැඩ තියෙනව මට කරන්න..."


සැක්... අභියාචනාධිකරණයට දාලා තව පොඩ්ඩක් වැඩේ අප් කරල ගන්න හැදුවෙ. ඒත් ඒක එතනම ඇණ හිටියනෙ.


"හී හී හරි හරි තරා ගන්නෙපා... මේ... ඔ... ඔයාගෙත් ගාන්නං ඕන්නං මම..."


මම ඇහුවෙ, මට පිටිපස්සෙන් හිටපු නෙත්මි දිහා හැරිල බලන ගමන්.


"නෑ ඕන්නෑ... ඔයාගෙ අත් දෙක රෙස්පොන්ඩ් කරන්නෑ කිව්වනෙ..."


"ආ ඔව්නෙ... ඒත් හදිස්සියෙම නිකං වැඩ වගේ..."


"අනේ මෝඩයො... පොඩ්ඩක් බුරුල දුන්නම ඉවරයක් නෑ මේ මෝඩයගෙ... ඉක්මනට හෝදගන්න සදේශ්... ලෙඩ වෙයි නැත්තං... මේ හුළඟත් වදිනව..."


නෙත්මි ඒක සැරෙන් කියන්න පටන් ගත්තට, ඉවර කලේ ආදරබර ටෝන් එකකින්. ඒ නිසා මමත් එයාට අවනත වෙලා සබන් ගාලා හෝදගෙන ඉවර කලා.


මම ගොඩට ඇවිත් පිහිදගෙන, නෙත්මිත් නාලා ඉවර වෙනකං ඒ ළඟ තිබ්බ ගහක මුලක් උඩට වාඩි වෙලා එයා එක්ක කතා කර කර හිටියා. මම ඒත් කමිසයක් ගෙනාවෙ නැති නිසා ටොප්ලස් හිටියෙ.


"සදේශ්... හුළං වදිනව නේ පපුවට... පරණ කමිසෙ දාගන්න නිකං උඩින්..."


නෙත්මි කිව්වත් වගේ මෙතනට පට්ට හුළඟක් තියෙන්නෙ. මම හිතන්නෙ මේ පැත්තෙ කැළේ නිසා හුළඟට යන්න තියෙන එකම කපොල්ල අපි මේ නාන තැන. ඒ නිසා මාර හුළඟක් මෙතනින් එන්නෙ.


"ඒක තෙමිලනෙ.. හී... මගෙ අතින් වතුර වීසි උනානෙ..."


තත්පර කීපයක් මං දිහා බලන් වතුරෙ දනක් බැහැල හිටපු නෙත්මි, එයා ගෙනාව ඇඳුම් බාස්කට් එක දිහාට අත දික් කරලා මට කතා කලා.


"දැනට ඕකෙ තියෙන ගවුම දාගන්න ඇඟට... බිම වට්ටන්නෙ එහෙම නෑ හරිද..."


"අවුලක් නෑද..."


"කමක් නෑ... ඔහේව මෙහෙ ගෙන්නගෙන ලෙඩ උනොත් එහෙම මටනෙ සුභෝද නැන්දට කට උත්තර බඳින්න වෙන්නෙ."


"හෙ හෙ... එහෙම ලෙඩ වෙන්නෑ මේවා හයිය ඇඟවල්..."


"අපෝයි ඔව්... කන බොන දේවල් දැක්කම හිතාගන්න පුලුවන් හයියෙ තරම.."


සබ්බුව හම්බුනානෙ.


නෙත්මිගෙ කින්ඩි අස්සෙම මම ඒ බාස්කට් එක ගාවට ගිහින් ඒකෙ තිබ්බ රතු පාට ගවුමක් එලියට ගත්තා. නාපු නිසාද හුළං නිසාද මංද මට දැනටම නිකං සීතල අල්ලන්න පටන් අරන් තිබ්බෙ. නෙත්මිගෙ ගවුමත් හරහට හරවල උරහිස වටේට තියාගෙන මම එයා නාන දිහා බලන් හිටියා.


මේ ගම් වල කෙල්ලොන්ටයි ගෑණුන්ටයි තියෙනව බං විශේෂ හැකියාවක්, දාහක් දෙනා බලන් හිටියත් ඒ ඇස් දෙදාහටම වෙට්ටු දදා නාගන්න. මම මගෙ ඇස් දෙක පොල් සම්බෝල කරන් එයා දිහා බලන් හිටියත් ඒ චීත්ත රෙද්ද අස්සෙන් එක හෙවනැල්ලක්වත් දැක්කෙ නෑ කියහංකො. චීත්තෙට බේරිලා පේන එයාගෙ දේවදාර කඳ ඇරෙන්න කඳේ කොටපු බෙණවත් කඳේ නෙරපු අතුවත් මුකුත් බලාගන්න පුලුවන් උනේ නෑ.


"සදේශ්..."


"ම්ම්ම්ම්ම්ම්ම්"


"සමීර අයියා අරක මාමලට කියයිද..."


"ඔයා මාව බදන් හිටපු එකද..."


"මමද මෝඩයො ඔයාව බදාගත්තෙ... ඔයානෙ මට බලහත්කාරකම් කලේ..."


නෙත්මි කටින් කියන දේයි එයාගෙ මූණෙන් කියවෙන දේයි දෙකක්. කටින් නෝක්කාඩු කිව්වට මූණෙන් පෙන්නන්නෙ හෙන ලැජ්ජාවක්.


"හේ හේ... කිව්වත් මොකෝ... මම බලාගන්නංකො ඕවා.."


"එ... ඒත් එයාලා මම ගැන නරකට හිතයිද සදේශ්... සු... සුභෝදා නැන්දා නං එහෙම කරන්නෑ... එ... ඒත්.."


"හයියෝ හරි හරි ඕක ගැනත් දැන් ඕනෙවට වඩා හිතන්නැතුව ඉන්න. මම බලාගන්නං ඒ ගැන. මම කොහොමත් දැන් කැම්පස් වැඩේ ගැනත් එයාල එක්ක කතා කරගන්න එපැයි."


"ම්ම්ම්ම්... හා එහෙනං... එ... ඒත් අපි නාන්න ආව කියල කියන්න එපා හාද..."


"හා හා... මම කියන්නෑ..."


ඊට පස්සෙ විනාඩි පහක් විතරම අපි නිශ්ශබ්දව හිටියා. මගෙ කට සයිලන්ට් උනාට හිතේ මූවි රීල්ස් සද්දෙට දුවන ගමන් තිබ්බෙ.


නෙත්මි ටිකකින් ගොඩට ඇවිත්, එයාගෙ බාස්කට් එක ගාවට ගිහින් ඒක ඇතුළෙන් එයාගෙ සාලුවක් එලියට ගත්තා. ඇඟට ඇලුන චීත්ත රෙද්දත් ඇඳන් ඇඟම හොලව හොලව පිහිදාන දිහා බලන් හිටපු මම, මගෙ ඇඟට පොරවන් හිටපු එයාගෙ ගවුම එයාට ගිහින් දුන්නා.


මම හිතුවෙ එයා කලින් වගේ අර කොහෙටද මංදා ගිහිල්ලා ගවුම ඇඟට දාගනී කියල. ඒත් එයා චීත්තෙට උඩින්ම ගවුම දාගෙන, මොකක්ද ජල්තරස් වැඩක් කරල, සටස් ගාලා චීත්තෙ ගලවල දැම්මා. ඒ තත්පර හතර පහ ඇතුළෙ එක ෆ්‍රේම් එකක්වත් ඩ්‍රොප් නොකර බලන් හිටියත්, ඒත් මුකුත් දැක්කෙ නෑ කියහංකො.


"යමු නේද..."


නෙත්මි මගෙන් ඇහුවෙ මම එයා දිහා කන්න වගේ කටත් ඇරන් බලන් ඉන්නව දැකල.


"අහ්... යං යං... මේ නෙත්මි..."


"ම්ම්ම්ම්ම්"


"ඔයා ලස්සනයි... හී හී... කලිනුත් ලස්සනයි... අද ගොඩක් ලස්සනයි..."


"අනේ නිකා ඉන්නවා... කෝලං මේ මෝඩයගෙ... ඉක්මනට යමු සදේශ් තව රෑ වෙන්න කලින්..."


ඒත්... මගෙ ඇඟේ දුවන පුරාණ රජවරුන්ගෙ රුධිරයේ බල මහිමය නිසාද මංදා මට අමුතු ගටක් ආවෙ. සමහරවිට හුළං වැදිලා මගෙ ඔලුව හීතල වෙලා තිබ්බ නිසා වෙන්නත් පුලුවන්.


ඒ නිසා, ඇඳුම් බාස්කට් එකත් අතකට අරන් නෙත්මි මගෙ ගාවටම ආවට පස්සෙ, මම එක පාරටම එයාගෙ ඉනෙන් අල්ලන් මගෙ ඇඟට තද කරගත්තෙ, මගෙ තොල් දෙක එයාගෙ තොල් වලට ස්පර්ශ කරමිනුයි...


"ස... සදේශ්... මෙ... මේ මොකද... අ... අතාරිනවා... ම්ම්ම්ම්ම්ම්... ම්ම්ම්ම්හ්හ්... ස... සදේශ්... අතාරිනවා මාව..."


එයාගෙ විරෝධය මැද්දේ උනත් මම දිගින් දිහටම ඒ සුවඳ හමන තොල්පෙති හොයන් ගියේ, මේ සන්ද්‍යාව පුරාවටම එයා නිසා මම ඇවිස්සිලා හිටපු නිසයි. (නැතුව මේ... 1938 ට කෝල් කරන්න වෙන ජාතියෙ කේස් එකක් නෙවේ ඈ...)


චටාස්...!


මතු සම්බන්ධයි...!

Report Page