ගමේ කෙල්ල
14~ දහහතරවන කොටස ~

මතකනෙ. නෙත්මි එක්ක දවස ගෙව ගෙව ඉන්නකොට අපේ කතාව එක පාටම අමුතු පාරක යන්න ගත්තනෙ. මොකක්ද ඒ වෙච්ච අවපීඩනය තත්වය...?
එතැන් සිට...
"මොකෝ ඒ එකපාරටම ටෝන් එක වෙනස් කලේ..."
නෙත්මිගෙ හදිසි විපර්යාසය එච්චරටම සෙට් උනේ නැති නිසා මම ඇහුවෙ, එයාගෙ මූණ දිහා එක එල්ලේම බලාගෙන.
"විශේෂයක් නෑ... ඔයා ගැන පව් කියල හිතුනා. ආව දවසෙ ඉඳලම ඉවරයක් නැතුව මට කිට්ටු වෙන්න හදන නිසා..."
"ඉතින් පව් කියල හිතෙන්නෙ මොකෝ... ඒකෙ වැරැද්දක් නෑනෙ.. හෙ හෙ... ලස්සන කෙල්ලෙක් දැක්කම කිට්ටු වෙන්නැතුව අලි මංතරේ කියන්න ඈ..."
නෙත්මි ඒ කතාවට පුංචි හිනාවක් දාලා, එයා අතුගගා හිටපු කොළ රොඩු ටික ඉදලට ගත්තා. ඒ කරලා කතාවක් බහක් නැතුවම, ඒ ටික ළඟ තිබ්බ ගහක් වටේට දාලා ගෙයි පිටිපස්සට යන්න ගියේ, මටත් එන්න කියල අඟවන ගමන්.
මෙහෙම ප්ලොට් එකකින් පටන් ගන්න සීන් එකක් මම ලව් ඇන්ඩ් රොමෑන්ස් කැටගරියෙ නං දැකල නෑ. හැබැයි මේ විදිහට කැට්ෆිශ් දාන සීන් ක්‍රයිම් ඇන්ඩ් ඩිටෙක්ටිව් සීන් වල නං දැකල තියෙනව.
මොළෙන් මොනව කිව්වත්, චීත්ත සම්බන්ධ සියලුම වගකීම් දරන්නෙ හදවත නිසා මම හදවතට එකඟව නෙත්මි පස්සෙන් ගියා.
එයා ආපහු මට කතා කලේ කුස්සිය පිටිපස්සට ගිහින් ඉදලත් හේත්තු කලාට පස්සෙයි.
"සදේශ්... සුභෝද නැන්දා ඊයෙ රෑ මාත් එක්ක කතා කලා..."
"ආ ඔව්.. එයා මාත් එක්කත් කතා කරනව හැමදාම"
"එහෙම නෙවෙයි මෝඩයෝ... අනේ හැමදේම විහිළුවකට ගන්නැතුව ඉන්නකො..."
"හරි හරි සොරි සොරි... මොනාද ඉතින් කතා කලේ.."
"එක එක දේවල්... උයන අතරෙ එයා කිව්වා ඔයා ගැන. ඔයා පොඩි කාලෙ හිටපු විදිහයි... ඔයාගෙ අම්මයි තාත්තයි ගැනයි ගොඩක් දේවල් කිව්වා..."
"හප්පටසිරි.. ඉතින්..."
"ඉතින් කියන්නෙ මෝඩයො... ඔයා හොඳ ජීවිතයක් ගෙවපු කෙනෙක්... මේ වගේ මෝඩ වැඩ කරන්න ගිහින් ඒ ජීවිතේට අනවශ්‍ය දේවල් ගාවගන්න එපා..."
"දැන් මොකක්ද ඔයා ඔය කියන්න හදන්නෙ..? මට තාම තේරෙන්නෑ ඔයා කියන එක... මොකක්ද මෝඩ වැඩේ..."
නෙත්මිට ඒ ගමන නං මළ පැනල වගේ ලොකු හුස්මක් උඩට ගත්තා.
"අනේ මෝඩයො... මේ ඉන්න ටික කාලෙ අපි පාඩුවෙ ඉම්මු... ඕන්නැති සම්බන්ධකම් හදාගන්නැතුව... මොකො ඔයාට ටවුමෙ කෙල්ලො නැතුව නෙවෙයිනෙ. එහෙන් කෙනෙක් හොයාගන්න... මම වගේ කෙනෙක් ඔයාට ගැලපෙන්නෑ. ඔයා අහිංසක කෙනෙක්. ඔයාට හරියන්නෙත් ඒ වගේ අහිංසක කෙනෙක්ව. අනික මේ ගමේ අය මං ගැන හිතන විදිහට, ඔයාටත් ලොකු කැලැලක් ඇති වෙයි ඒකෙන්.. ඒ නිසා මෝඩයෙක් වගේ නිමක් නැතුව මාත් එක්ක සම්බන්ධකමක් ඇති කරගන්න හදන්න එපා. ඔයාට තේරෙනවනෙ. පොඩි එකෙක් නෙවෙයිනෙ. ගැළපෙන්නැති දේවල් ගලපන්න ගියාම අන්තිමට දෙන්නටම නරකක් වෙලයි ඒක කෙලවර වෙන්නෙ."
ආතල් එකේ කෙල්ලෙක් ටෝක් කර කර හිටපු මට, මෙයා ෆුල් සොක්‍රටීස් ලෙවල් එකේ වදන් වලින් කෙලිනවනෙ.
"එච්චර ඒව මම හිතල නෑ... අනික මට ඒවගෙන් වැඩකුත් නෑ... හරි එහෙනං... මම වටින් ගොඩින් එන්නැතුව කෙලින්ම අහන්නංකො... මම ඔයාට කැමති.. ඔයා මට කැමතිද..?"
නෙත්මිගෙ මූණෙ පේන්න තිබ්බ තරහ, පොඩ්ඩ පොඩ්ඩ අසරණ උන පෙනුමකට පරිවර්තනය උනා.
"සදේශ්... කියන දේ තේරුම් ගන්නකො... දැනටත් ගමේ මිනිස්සු ඔයාටයි මටයි කතා හදල ඉවරයි.. මම නිසා සුභෝදා නැන්දලටත් මිනිස්සු කතා හදයි... ඒ මිනිස්සුන්ට කතා හැදෙනවං මම ආපහු මෙහෙ පස් පාගන්නෙවත් නැතුව ඉන්නවා... මට බෑ ඒ මිනිස්සුන්ට මම නිසා එක එක අය කතා හදනව බලන් ඉන්න.."
"දැන් මොනාද කියන්නෙ මිනිස්සු... ඔයයි මායි ගැන..."
"ඒව ඔයාට වැඩක් නෑනෙ... ඒ හින්දා කරුණාකරල ආපහු මාත් එක්ක කිට්ටු කෙනෙක් වගේ හැසිරෙන්න එපා... මාව දන්නෑ වගේ ඉන්න... සුභෝදා නැන්දලටත් ඕනෙ ඔයා හොඳට ජීවත් වෙනව බලන්න..."
"දැන් ඔයා කියන්නෙ මම ඔයා පස්සෙන් එන එක නවත්තල, ආපහු ඔයා එක්ක කතාවත් නොකර, ඔහේ තනියම බලාගත්ත අත බලාගෙන ඉන්න කියලද..?"
"ඔව්... ඕන්නං මමත් ආයෙ මෙහෙ එන්නැතුව ඉන්නං ඔයා යනකං..."
මේ මුලු වෙලාවෙම එයා මම කලින් අහපු ප්‍රශ්නෙට කෙලින්ම උත්තරයක් දුන්නෑ. මම කැමතිද ඇහුව එක මගෑරියා මිසක් මට ඔව් හෝ නෑ කියල උත්තරයක් දුන්නෑ. ඒ කියන්නෙ සම්තින් එකක් එයාගෙ හිතෙත් ඇති වෙලාද? ඒකද මේ එක පාරටම කලබල වෙලා ඒ සම්තින් එකට කෙලවල දාන්න හදන්නෙ.
දහසක් ප්‍රශ්න ඔලුවෙ දුවනවා ඒ ගමන.
"ඇයි මේ එක පාරටම මෙහෙම දෙයක් ගැන කතා කරන්නෙ..."
"මිනිස්සු කතා හදන නිසා.. මම දැන් කිව්වෙ ඒක..."
"ඉතින් හරි... එහෙනං මට කියන්න මිනිස්සු මොනාද කියන්නෙ කියලවත්...? මම මේ මෙලෝ දෙයක් දන්නැතුව ඉන්න අතරෙ ඔයා ඔහොම දේවල් කියනකොට නිකං මම ඔයාට වැරැද්දක් කරලා ඔයා මාව පන්නගන්න හදනව වගේනෙ..."
නෙත්මි එයාගෙ අතක් නලලෙන් තියාගන්න ගමන් ඔලුව හෙමීට පාත් කලා.
"සදේශ්... ඔයාට මතකද එදා පන්සලේදි ඔයා මාත් එක්ක වාඩි වෙලා මගෙ අතින් අල්ලන් හිටියා... මම අච්චර කියද්දිත් මිනිස්සු ඔයා දිහා වැරදියට බලයි කියල... ඇයි ඔයා එහෙම කලේ..."
"ඔයා තනියම හිටපු නිසා... වෙන යටි අරමුණක් නිසා නෙවෙයි... සහ මම ඔයාට කැමැත්තෙන් හිටපු නිසා..."
"මම දන්නව ඔයා යටි අරමුණකින් නෙවෙයි ඒක කලේ කියල... ඔයා දන්නවද මම ගෙදරට සමුදීලා මෙහෙට ආවම, ඔයා වගේම සුභෝදා නැන්දත් මගෙ අතින් අල්ලන් මාත් එක්ක හිටියා... මම ඒකයි අදටත් ඒ මිනිස්සුන්ට මගේම අම්මට තාත්තට වගේ සලකන්නෙ... එදා පන්සලේ ඔයා මගෙ අතින් අල්ලන් හිටියම මට දැනුනෙ ඔයාලගෙ පවුලෙන් මාව දැනටමත් බාර අරන් වගේ. ඔයාට මේව විකාර වගේ වෙන්නැති... ඒත් මම හිරවෙලා ඉන්නෙ කරන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරුව.."
නෙත්මිගෙ කටහඬ එන්න එන්නම හීන් වෙලා ගියේ, එයා ඉකිබිඳින ගමන් කතා කරනව වගේ. මෙච්චර දවසක් සැහැල්ලුවෙන් හිටපු මටත් මේ දැනෙන අමුතු පීඩනේ නිසා හිතට හරිම බරක් දැනෙන්න අරන් තිබ්බෙ.
"නෙත්මි..."
"ම්ම්ම්ම්..."
"මං නිසා ඔලුවට ප්‍රශ්න දාගන්න එපා බොරුවට... මම ආපහු ඔයාට කරදර කර කර පස්සෙන් එන්නැතුව ඉන්නං හානෙ..."
"හම්ම්... මම ඔයාට අකමැත්තක් නෑ සදේශ්... ඒත් ඔයා මට ළං උනොත් ඔයාටත් ප්‍රශ්න වැඩි වේවි... තාවකාලික දේවල් නිසා සදාකාලික කැලැල් ඇතිකරගන්න එපා."
දැන් නං එයා අඬන්න වගේ නෙවෙයි, ඇත්තටම අඬනවද කොහෙද. කෙල්ලො මේ විදිහට අකුණු ගහනව වගේ එක පාරටම මූඩ් වෙනස් කර කර හැසිරෙනකොට, කොල්ලො කොහොමද කියහංකො ඒවට හරිහැටි ප්‍රතිචාරයක් දක්වන්නෙ. කොල්ලො කියන්නෙ සිම්පල් සත්ව කොට්ඨාසයක්නෙ.
ගමට ආව දවසෙ ඉඳල දැක්ක සැරපරුෂ කෙල්ලව, මේ විදිහට මගෙ ඉස්සර අඬන්න වගේ කතා කරනව දැක්කම මගෙත් පපුව හෝස් ගාලා ගියා.
සාමාන්‍යෙන් මේ වෙලාවලට කරන්න ඕනෙ දේවල් මම ෆිල්ම් බලල ඉගෙනගෙනයි තිබ්බෙ. ඒ හන්දා ඒ දැනුමෙන් මේ අභියෝගය ජයගන්න හිතාගෙන මම නෙත්මි ගාවට කිට්ටු උනා.
කිට්ටු වෙලා, එයා මුකුත් කියන්නත් කලින්ම, එයාගෙ උරහිස වටේ අත් දෙක දාල්, එයාව මගෙ ඇඟට තද කරගත්තා.
"......."
නෙත්මි මගෙ ක්‍රියාවෙන් පුදුම උන බවක් ඇඟෙව්වත්, එයා එදා පන්සලේදි වගේම නිශ්ශබ්දව මගෙ ඇඟට හේත්තු වෙලා මූණ මගෙ බෙල්ල අස්සෙ හංගගත්තා.
ඒත් එක්කම එයා මගෙ පපුවට හිමීට ගැහුවෙ කෙඳිරිලි කටහඬකින් මට කතා කරන ගමන්.
"සදේශ්... ම... මම කිව්වනේ... මගෙ ළඟට එන්නෙපා... කියන දේ අහන්න... හොඳ ළමය වගේ..."
"ඔච්චර දේවල් හිත හිත අමාරුවෙන් ජීවත් වෙන්න එපා... සැහැල්ලුවෙන් ඉන්න..."
"එ... ඒත්..."
"ඔයා දිගටම මේ ගමේ ඉන්නවද..?"
"නැ... නැහැ.."
"ඒකනෙ... ඔයාට ඕන්නං මම ආයෙ ඔයා එක්ක කතා නොකර ඉන්නං... ඒ වගේම ඔයාට ඕන්නං මම ඔයා එක්ක දිගටම ඉන්නං මේ වගේ... අවංකවම මෙච්චර කාලෙකට එක එක කෙල්ලො පස්සෙ ගියත් ඔයාට විතරයි මට මේ විදිහට හිත ගියේ... ඒකයි කොටි වලිගෙ වගේ පස්සෙන් ආවෙ..."
"මෝඩයා... මම දන්නෑ..."
නෙත්මිව දැක්ක මුල්ම දවසෙ මගෙ හිතේ ඇඳුන යක්ෂ රූපය වෙනුවට, දැන් මේ මගෙ ඇඟට තද වෙලා ඉන්න කෙල්ලව මගෙ හිතේ ඇඳුනෙ පුංචි පූස් පැටියෙක් විදිහටයි.
"නෙතූ..."
"ම්ම්ම්ම්ම්"
"ඔයා අර කැම්පස් එකට යන්නෙ රිසල්ට් ආවමද...?"
"හම්ම්..."
"ඒ කියන්නෙ මම මෙහෙන් යන කාලෙටමයි නේ..."
"හම්ම්..."
නෙත්මි තව ටිකක් මට තද උනාද මංදා.
"ඔයා දන්නවද ඔයා ඒ යන්න හදන කැම්පස් එක තියෙන තැන...?"
"නැ... නැහැ... ඇයි එහෙම ඇහුවෙ..."
"ඒක තමා... මට හිතුනා දන්නෑ කියල... ඒ කැම්පස් එකට අපේ ගෙදර ඉඳල පැයක වගේ දුර ඇත්තෙ මම හිතන්නෙ. බස් දෙකක වගේ යන්න තියෙන්නෙ. ඔයාට පුලුවන් අපේ ගෙදර ඉඳලම කැම්පස් යන්න... මං අම්මල එක්ක කතා කරගන්නං ඒ ගැන..."
නෙත්මි ඒක ඇහුවට පස්සෙ මගෙ ඇඟෙන් ඈත් වෙලා, දිලිසෙන ඇස් දෙකකින් මගෙ මූණ දිහා බලල කතා කලා.
"ඇ... ඇත්තටමද කියන්නෙ... එ... ඒත්... මම ඔයාලට වදයක් වෙනවනෙ සදේශ්..."
"එහෙම එකක් නෑ... අනික මගෙත් රිසල්ට් කෙල වෙලා නන්නත්තාර වෙලා ආවොත් එහෙම මමත් ඒ කැම්පස් එකේම අයි ටී සයිඩ් එකෙන් කෝස් එකක් කරන්න හිටියෙ..."
"එ... ඒත්..."
නෙත්මිගෙ මූණ එන්න එන්නම පොත්ත ගහපු මයියොක්කා අලයක් වේගෙන එන නිසා මම එයාගෙ ඔලුවෙන් අතක් තියල, හිමීට ඔලුව අතගෑවා.
"හැමදාම තනියම ඉන්න ඕනිමයි කියල එකක් නෑනෙ... දැන් ඔය මදෑ තනියම හිටියා... මාමල එක්ක මම කතා කරගන්නං... හානෙ... මම මේ ඔයාගෙ හිත දිනාගන්න කියන ඒව නෙවේ හරිද... එච්චර කචල් පොරක් නෙවේ මම... ඇත්තටම මම ඒවා කිව්වෙ..."
නෙත්මි මුකුත්ම නොකියා ඔලුව බිමට පාත් කරන් ඔලුව දෙපැත්තට වැනුවා.
මේ වගේ සීනරි එකකදි දැන් හරිනං කොල්ලා කෙල්ලට කිස් එකකුත් දෙන්න ඕනෙ නේද...? බුහා හා හා... ෆිල්ම් බලල ගත්ත ඒ දැනුම් සම්භාරය ටෝපිඩෝ ගහනව වගේ මුදා හරින්න ඕනෙ.
නෙත්මි තවත් මුකුත් කියන්නවත් කරන්නවත් කලින්, මම තව පාරක් එයාට ළං වෙලා එයාගෙ නලලට පුංචි කිස් එකක් දුන්නා.
මම කරපු වැඩෙන් ගැස්සුනත්, එයා එහාට වෙන්න දැඟලුවෙ නෑ.
"අඩේ... ටයිටැනික් සීන් එකක් වගේ... මරු මරු... දෙන්නා සෙට්ද දැන්..."
"....!"
බුදාම්මෝ... හොල්මනක්... ආ... නෑ නෑ... මිනිස් කටහඬක් ඇහුනෙ කුස්සිය ඇතුලෙන්.
නෙත්මිත් ගැස්සුන පාරට අත් දෙක මගෙ පපුවට තියල මට තද උනේ, සද්දෙ ආව කුස්සිය පැත්ත බලන ගමන්. මමත් ඒ දිහා බැලුවමයි දැක්කෙ...!
සමීරයා කුස්සියෙ දොරට හේත්තු වෙලා, ඩ්‍රැකියුලා දෙළුං කනව වගේ විටකුත් හප හප ඉන්නව හිනා වෙවී.
ඌව දැක්ක ගමන් නෙත්මි මගෙ පපුවෙන් අත් දෙක අරන්, මගෙ ඔලුවට ටොක්කකුත් ඇනගෙන කුස්සිය පිටිපස්සෙ කැලේ පැත්තට ගියේ, "දවල්ට එන්නං" කියන ගමන්. ඒ එයාගෙ සුපුරුදු පාරනෙ.
නෙත්මි ගියාට පස්සෙ මම සමීරයට කතා කලේ, ඌ අපේ ආදර කතාවෙ දුෂ්ඨයා වෙලා හෘදෙ මාලිගා බිඳ දාපු නිසා අප්සට් කටහඬකින්.
"අයියා දවල්නෙ එනව කිව්වෙ... මාමා කතා කරල කිව්වා දවල් වෙලා එයි කියල... උදෙන්ම මොකෝ..."
"ආ.. මම ආවා බං පොඩ්ඩක් කලින්..."
යකෝ විජේපත්‍ර කේස් වලට පොලිසියෙන් අල්ලන් ගිය උන්ට එහෙම කලින් එන්නත් දෙනවද. මූ නිකං විභාග කාලෙට ඉස්කෝලෙ ගිහින් එනව වගේනෙ.
"හා හා... මාමා ගෙදර යතුර දුන්නා මට. ආවොත් දෙන්න කියල. අයියා දවල්ට කාලද..?"
"දවල්ට නං නෑ බං. පී සී මහත්තයෙක් මට උදේට පරාටා කීපයක් ගෙනත් දුන්නා."
පරාටා..? යකෝ මාවත් ගිහින් දාපල්ලකො පොලිසියට... මම මේ තුන් වේලම ආනාපානසතිය වගේ එකම වට්ටෝරුව ගිල ගිල ඉන්නවා. මුන්ට පරාටත් කන්න දීලා.
"එහෙනං බත් ටිකක් කාලා යමන්.."
"කමු කමු... මේ... උඹයි නෙත්මි නගයි දැන් කපල් සෙට් ද...?"
"නෑ නෑ එහෙම මගුලක් නැහැ..."
"එහෙම නැතුව වෙන්න බෑ... උඹල නිකං අර ටෙලිකතා වල කපල් වගේනෙ දැන් හිටියෙ... හඃ හඃ.. තුහ්... (කෙලියා කෙල පාරක් එලියට) ඒකි හොඳ කෙල්ල බං... වෙන උන් කරපු වැඩ වලට ඒකි පලි නෑ. ඒකිව පරිස්සමට බලාගනින්..."
"ඒ මොකක්ද ඒ සීන් එක..?"
"ආ උඹ දන්නැද්ද... එහෙනං මම කියන එක හරිනෑ බං... පස්සෙ වෙලාවක ඒකිගෙන් අහගනින්කො.. මට පිඟානක් දිහංකො..."
නෙත්මිගෙ සීන් එක 'ලොවම දනී බට් මම නොදනී' මොඩ්ල් එකේ එකක්ද. පස්සෙ වෙලාවක නෙත්මිගෙන්ම අහල බලන්න ඕනෙ.
සමීරයා කට හෝදන් එන්න එළියට ගිය අතරෙ මම උට පිඟානකුත් ගෙනත් තියල, මගෙ කාමරේට ගිහින් උගෙ ගෙදර යතුරත් අරන් ඇවිත් පිඟාන ගාවින් තිබ්බා.
ඌ බත් හැලියෙ තිබ්බ අන්තිම ඇටෙත් බත් එකට බෙදාගෙන, සකපෝරුවට සවලෙන් ගහනව වගේ හෝ ගාලා කාගෙන කාගෙන ගියා. භාජන සේරටම හිස් වෙන්නම අල්ලන් ගිය ඌ ආපහු ගියෙ, මාමට කෝල් එකක් දීලා මාමගෙ කාමරෙන් රුපියල් දාහකුත් අරගෙනයි.
සමීරයා කියන්නෙ, වැස්සටවත් ගෙවල් වලට වද්ද ගන්න හොඳ නැති ජාතියෙ එකෙක් කියල මට ඒ සිදුවීමෙන් පස්සෙ හොඳට තේරුම් ගියා.
ඌත් ගියාට පස්සෙ මම ෆෑන් එකත් දාගෙන සාලෙ පුටු සැටියෙ දිගා වෙලා හිටියා.
ෆෝන් එකේ එක එක උන් දාපු මීම් බල බලම වෙලාව ගෙවීගෙන යද්දි, නෙත්මි ආපහු ආවෙ එකත් පහු වෙලා.
"ඔහොම වකුටු වෙලා ඉන්නෙපා දෙයියනේ... තව මොනා හරි වෙයිනෙ..."
කුස්සිය පැත්තෙන් ඇවිත් සාලෙට අඩිය තියනකොටම, සාලෙ පුටු සැටිය උඩ, කූනිස්සා ජිම්නාස්ටික් පෙන්නනව වගේ කොර වෙලා ෆෝන් එක ඔබ ඔබ හිටපු මාව දැකල නෙත්මි කෑගැහුවෙ අතකුත් ඔලුවෙ ගහගන්න ගමන්.
"අහ්... හී... හී... මං හිතුව එන එකක් නෑ කියල... මේ පොඩ්ඩක් ෆෝන් එක එබුවා..."
"ඔව් ඔව් හොඳ පොඩ්ඩ... කෝ සමීර අයියා ගියාද..."
"යෑස්... මෑන් වළං සේරම සුද්ද කරන් ගියා මාමගෙන් රුපියල් දාහකුත් ඉල්ලන්..."
"අහ්... හරි හරි... මේ... සුභෝදා නැන්දා කතා කලා මට... ඔයාගෙ ෆෝන් එක ඕෆ් කරල කියල කිව්වා..."
"ඇහ්.. නෑනෙ... ආ සිග්නල් නැති නිසා වෙන්නැති. මම 4G only දාන් ඉන්නෙ..."
"මට තේරෙන්නෑ ඕවා... සුභෝද නැන්දා කිව්වා එයාලා බැංකුවෙ කාගෙද කෙනෙක්ගෙ මළ ගෙදරක යනව කියල. වජිර මාමත් යනවලු එයා එක්ක. ඔයාට කන්න මොනා හරි කඩෙන් ගේන්නං කිව්වා. එතකං ඔයාට පරිස්සමට ඉන්න කියන්න කිව්වා.."
"අප්පා... එහෙමත් සීන් එකක්ද... මොනාද දන්නෑ ගේන්නෙ. අර එදා වගේ පොල් කටු අඹරල හදපු රොටිද දන්නෑ..."
නෙත්මි පුංචි හිනාවක් දාලා, මගෙ එහා පැත්තෙ තිබ්බ පුටුවෙන් වාඩි උනේ, "මම දන්නෑ ඒවා" කියාගෙනයි.
වාඩි වෙලා, ගවුමත් පහළට ඇද්ද එයා, ආපහු මට කතා කලා.
"සදේශ්..."
"ම්ම්ම්ම්ම්ම්"
"කලින් ඔයා අරක කිව්වෙ ඇත්තටමද...?"
"කැම්පස් සීන් එකද..."
"ම්ම්ම් ඔව්..."
"නැතුව ඉතින්. මටත් ඒකටම ලයිනක් ගහන්න වෙයි බොහෝ දුරට"
"කමක් නැති වෙයිද සදේශ් එහෙම කලාට... මම ඔයාලට ආගන්තුකයෙක්නෙ..."
"ආගන්තුක නෑ. මම කියන්නංකො ඔයා මගෙ කෑල්ල කියල..."
සටස්...!
නෙත්මි අත දික් කරල මගෙ කකුලකට ගැහුවා.
"හරි කැත වචන ඔයාගෙ කටේ තියෙන්නෙ..."
"හෙ හෙ... එහෙනං ඉතින් පොශ් පිට උත්තමාවියනි කියන්නං.."
"මෝඩයෙක් මහ... මේ..."
"ම්ම්ම්ම්...."
"තනියම ඉන්න පුලුවන්ද රෑට... මම පුංචිට කියල එන්නං ඕන්නං මාමල එනකං ඉඳල යන්න..."
ඉබ්බා දියේ දාන්නද ඇහුවම අයි ඈම් අන්ඩර් ද වෝටර් කිව්වලු.
"ඔයා මෙහෙ නැවතිලා ඉන්නව නං තමා මම කැමති..."
"මැට්ටා... මම කියල එන්නං එහෙනං හවස් වෙලා..."
"හී හී... හරේ... අද කෝමත් හවසට හෙන ගේමක් ගහන්න වෙනව. මට අතපය උස්සන්නත් බෑ බෙල්ල හරියෙන් රිදෙනව"
"ඉතින් මොකටද අත පය උස්සන්නෙ...?"
"ඇයි ඇඟ හෝදගන්න එපැයි... ඊයෙ රෑත් ඇවිල්ලා සසර නිවාරණ ගේමක් ගැහුවෙ..."
නෙත්මි ඒක ඇහුවට පස්සෙ, තොල් දෙක එක පාරක් ඇතුළට පෙරලල, මූණත් රතු කරගෙන අහක බලන් මට කතා කලා.
"ඔ... ඕන්නං වැවට යං හවසට... ම... මමත් යනව..."
ඩං... ඩං... ඩා........!
නෝබොඩි... නෝබොඩි... නෝබිඩි...ඩස් ඉට් බෙටර්... ටයිප් කොටසක් බලාපොරොත්තු වන්න.
මතු සම්බන්ධයි...