ගමේ කෙල්ල
13~ දහතුන්වන කොටස ~

මතකනෙ... සමීරයට පොඩි කේස් එකක් ගියා. ඒක සෙට්ල් කලා. ඊට පස්සෙ නෙත්මි ආවනෙ මගෙ හන්දිපත් රුදාවට බේත් කරන්න. ඒත් සම්තින් සම්තින් එකක් අනාරක්ෂිත ඈන්ගල් එකකට ඇක්ටිව් වෙමින් තිබ්බේ.
එතැන් සිට...
මේ සීන් එක ගැන සිරාවටම දන්නෙ කොල්ලො තමා. වර්තමානයේ ගැහැණු කියල හඳුනගෙන ඉන්න කීපදෙනෙකුත් 'ඉස්සර' මේක ගැන දන්නව ඇති.
නිකමට හිතපං, ඇඟේ මුලු බරම පහළ අදාළ අවයවේට ඒම් වෙලා තියෙන වෙලාවක, ඒ අදාල අවයවය ඇක්ටිව් වෙලා කෙලින් වෙන අවස්ථාවක් ගැන.
දැන් හිතපං... ඒ ඇක්ටිව් වෙන වෙලාවෙ, බේස් ෆෝම් එක වැරදි ඈන්ගල් එකක තියෙද්දියි කෙලින් වෙන්න ගත්තෙ කියලා. ඒ කියන්නෙ, උපරිම ප්‍රත්‍යස්ථ සීමාවෙන්වත් ඉම්පැක්ට් එක දරා ගන්න බැරි තරන් දරුණු, භේදක ලක්ෂ්‍යයටම ගිය ඈන්ගල් එකක්.
ම්ම්ම්ම්ම්ම්ම්...
වැඩේ ගැස්සෙනව කියල මීටර් උන ගමන්ම මම සෙනික පැත්තට හැරිලා අදාළ අයිටම් එක එජස්ට් වෙනකං ඉඳල ආපහු ඇඳට පෙරලුනා.
"මොනාද කරන්නෙ..."
සිද්දිය මීටර් නැති නිසාද කොහෙද නෙත්මි මගෙන් ඇහුවෙ අත අහකට ගන්න ගමන්.
"ආ නෑ නෑ මේ... හරියටම ඇල උනා.. ඒකයි..."
"මොකක්..."
"නෑ නෑ හිතන්නෙපා. හෙ හෙ..."
"මොනව කරනවද මංදා. ඉන්නවා පොඩ්ඩක් එක විදිහකට"
"ඕකේ මැඩම්..."
නෙත්මිගෙ අත් දෙක, මගෙ උරහිස් දෙකේ ඉඳලා කොණ්දට එන හැම වාරයක් පාසාම මගෙ ඇඟ පුරා කරන්ට් එක යනව වගේ දැනෙන්නෙ. මේ වෙලාවෙ ඇඟට වයර් දෙකක් ගහලා මේන් ලයින් එකට කනෙක්ට් කලා නං ලොවෙත් දිස්ත්‍රික්ක දෙක තුනකට විදුලිය සපයන්න තිබ්බා.
"රිදෙන තැන් වල අතගෑවුනා නේද..."
"ම්ම්ම්ම්ම්ම්... ම්ම්ම්ම්ම්..."
ටොයිං...! ඇන්නා කියහංකො ටොක්කක්
"ඌයිහ්... ඔලුව..."
"මෝඩයො... රිදෙන තැන් වල අතගෑවුනා නේද..."
"ඔව් ඔව් ඉතින් ටොකු ඇන්නෙ මොකෝ... දැන් එතනත් රිදෙනවා..."
"රිදෙන්න තමා ගැහුවෙ..."
එහෙම කියල නෙත්මි මගෙ ඔලුව හිමීට දෙපාරක් විතර අතගාලා ඇඳෙන් නැගිට්ටා. එයා නැගිට්ටා කියල තේරුන ගමන් මම ඔලුව හරවල එයාට කතා කලා.
"දැන් යනවද... ආයෙ..."
"ම්ම්ම්ම් නෑ ඔයාට මොනා හරි හදල තියල යන්නං... මේ... වෙන මොනා හරි හදන්නද අද.."
"ඒ මොකෝ..."
"දැන් ඔය පේනවනෙ... පොඩි වැඩක්වත් කරගන්න බැරුව වැටි වැටි ඉන්නෙ. ඇඟට කිසි පණක් නෑ..."
මේකි මේ කතා කරන්නෙ නිකං මම පුළුං ගෝනි උස්සල ආව වගේනෙ. ඇයි හත්වලාමෙ කිලෝ හැටපහක හැත්තෑවක විතර වී ගෝනි ඉස්සුවම කොඳු නෙවේ කඳුත් පාත් වෙයි. අනික සමීරයා උගෙ සයිඩ් එකෙන් බරත් මට එවල උස්සන් ගියේ.
"මම වෙන ඒවා වැඩිය කන්නෑනෙ ඉතින්... ගෙදර නං තාත්තා හරි අම්මා හරි කවනවා අනිත් ජාතිත් දාලා"
"බබ්බු හදාගත්තම ඔහොම තමා"
"හෙ හෙ... ඔයා කවනව නං ඉතින් මම කන්නං ඕනෙ දෙයක්..."
බුහා හා හා... තැටිය රත් උන වෙලාවෙ රොටියත් පුච්චලා බාබකිවුත් දාලා, පුලුවන් නං කම්මලකුත් ඒ තැටිය උඩම දාගන්න ඕනෙ කියල කියමනක් තියෙනවනෙ.
"දැන් මම කවන්නත් ඕනෙද... ඔහේ නං මල වාතයක්. වජිර මාමලා ගාවින්වත් තියන්න බෑ."
නෙත්මි එහෙම කියාගෙන කාමරේ දොර පැත්තට ගියා. එයා කර්ටන්ට් එකත් එක අතකින් ඈත් කරලා, ආපහු මගෙ පැත්ත හැරිලා, "මෙහෙට ගේන්නද බෙදාගෙන" කියලා ඇහුවා.
"පුලුවන් නං ගේනවද... හො හො... ඉන්ජර්ඩ් නෙ..."
"මෝඩයෙක් මහ"
නෙත්මි කාමරෙන් ගියාට පස්සෙ මම ආයෙ මූණ කොට්ටෙ අස්සෙ ඔබාගෙන ඇල වෙලාම හිටියා. ගාපු බාම් එකේ සැරටද මංදා පිට දිගේ නිකං කුවේණි කපු කටිනවා වගේ තේරෙන්නෙ.
විනාඩි කීපෙකින් නෙත්මි ආපහු කාමරේට ආවෙ බත් එකකුත් බෙදන්. එයා ආවට පස්සෙ මමත් එහෙම්ම ඇඳ උඩ වාඩි වෙලා, ශර්ට් එක ඇඳගත්තා. නෙත්මි මට පොඩ්ඩක් එහයින් ඇඳෙන් වාඩි උනේ, බත් එක අනන ගමන්.
"මේ... මම දන්නෑ ඔහේ මොනවද කන්නෙ මොනවද කන්නැත්තෙ කියලා... සුභෝදා නැන්දා උයල ගිහින් තිබ්බ සේරම දාන් ආවා..."
"ඔයා කවනව නං ලෝදිය හරි කන්නම්... හො හෝ..."
"මෝඩ කතා නොකියා ඉන්නවා... පුරුද්දට තියාගන්න එපා මේවා... ඊයෙ හවස වැටිලා හිටපු විදිහ දැක්කම දුක හිතුනා මට. මොනා උනත් වැඩක් කරන්න උත්සාහ හරි කරලනෙ නිකං ඉන්නැතුව... ඒකයි මේ කවන්නෙ.."
"හප්පටසිරි... ඕක කලින් කියල තිබ්බා නං මමම ගිහින් ගොයම කපල එනවා..."
"යැයි යැයි... ආ..."
නෙත්මි බත් කටක් මගෙ මූණට ළං කළැයින් මම කට ආලවක වෙන්නම ඇරලා ඒක කෑවා. මීට කලින් කෙල්ලෙක්ගෙන් බත් කවාගෙන තිබ්බෙ නැති මට, මේ අමුතු අලුත් අත්දැකීම නිසා පපුවත් වේගෙන් ගැහෙන්න අරන් තිබ්බෙ. නෙත්මිගෙ ඇඟිලි තුඩු මගෙ තොල් වල ගෑවෙනකොට, 'හව්ව්' ගාලා හපන්නත් නොහිතුනාම නෙවෙයි. ඒත් බතුත් කවාගෙන දතුත් කඩාගෙන හොක්ක තලාගන්න ඕන්නෑනෙ බොරුවට. නෙහ්.
"නෙත්මි..."
"ම්ම්ම්ම්... මොකෝ..."
"අපි කපල් එකක්ද..."
"මොනාද මෝඩයො අහන්නෙ..."
"හේ හේ... නෑ ඉතින්... සාමාන්‍යෙන් මෙහෙම ඉන්නෙ කපල් නෙවේද..."
"මම දන්නෙ කොහොමද ඒක... මෙන්න මේක කාලා ඉන්නවා.. මල විකාර කියවන්නැතුව"
"ඒම නෙවේ... නිකමට හිතන්නකො මෙහෙම... ඔන්න ඔයා මට දැන් කවනවා... මමත් ඔයාට කියලා කවාගන්නවා... අපි දෙන්නට දෙන්නා හිනා වෙවී කතා කර කර ඉන්නවා... අපි නිකං හෙනටම මැචින් වගේ නේ... ඔන්න එක පාරටම ඔයාට නිකමට හිතෙනව, මාත් එක්ක යාලු උනා නං හොඳයි කියලා... ඔයා එතකොට මොකෝ කරන්නෙ.."
"නිකමට හිතන එක නවත්තනවා... මෙන්න මේක කනවා කෝලං නොකර..."
තෙලෙන් බැද්දක් කොබෙයියා, අවන් එකේ ෆ්‍රයි කළත් කොබෙයියා. මේකි වෙනස් වෙන්නෑ මේ කපේට.
ටෝකින් මෙතඩ් එක ඇපෲ උනේ නැති නිසා මම වෙන වෙන බයිලා කියව කියව නෙත්මිට කියල කවාගත්තා. තනි කාමරේක, මේ වගේ කෙල්ලෙක් එක්ක, අහල පහල ගේකුත් නැතිව, තනිවෙලා ඉන්නව කියන්නෙ ඉතින් ත්‍රස්ත විමර්ශන ඒකකය ගෙන්නන්න වෙන ජාතියෙ අදහස් තමා හිතේ පහළ වෙන්නෙ.
"ඇති නේද... මිදුල අතුගාලා දාන්න ඕනෙ මම"
පිඟානෙ තිබ්බ අන්තිම බත් ටිකත්, මට කවපු නෙත්මි මගෙන් ඇහුවෙ, එයාගෙ උකුලට වැටිලා තිබ්බ බත් ඇට කීපය අහුලන අතරෙ.
"මගෙ හිතට නං මදි... ගතට ඇති උනාට.. ඔයා කවනව නං ලොරියක් උනත් කන්නං.."
"මට වෙලාවක් නෑ විකාර කරන්න... මම යනවා.. ඇඳෙන් ඉන්න... එහෙ මෙහෙ යන්නෙපා අද..."
"ම්ම්ම්ම්ම්... අතුගාලා ඉවර වෙලා යනවද ඔයා..."
"ඇයි තව කොහේ හරි රිදෙනවද.."
"නෑ නෑ... මේ... කම්මැලී අප්පා තනියම ඉන්න දවාලට... ඔයාට ගෙදර මොනා හරි වැඩක් නං යන්න කමක් නෑ..."
නෙත්මි කට කොනින් පොඩි හිනාවක් දාලා,
"අද පුංචියි නංගියි ගියා ටවුමට. මට ගෙදර ගිහින් කරන්න වැඩක් නෑ... දවල්ටම යන්නං එහෙනං.."
කියාගෙන කාමරෙන් එලියට ගියා.
ගිණි ගහන මද්දහනේ.. ඔබට ළං වී රහසේ...
උණුසුමේ හැංගීලා... තැම්බෙමුද ආකාශේ...
රතු පාට හැන්දෑවේ... හිරු බසින මේ යාමේ..
සුළගෙ අප දැවටීලා... පිය නගමු ළඟටම වී...
('දම්පාට හැන්දෑවේ' පැරොඩි වර්ශන්)
හො හෝ... ජීවිතේ සුන්දරයි ප්‍රෙන්ස්... දැන් ඉතින් තියෙන්නෙ පෝරුවට නගින්න විතරයි...
අද නෙත්මිට කෑම හදන්න උනෙත් නැති නිසා, එයා එහෙමම ගේ පිටිපස්සෙ තිබ්බ ඉදලත් අරන් මිදුලට යනව ඇහුන මට. නෙත්මි එක්ක එළියට වෙලා කතා කර කර ඉන්න එකේ අමුතු මෙව්වා එකක් තියෙන හන්දා, මමත් අතපය කටින් එල්ලගෙන පුටුවකුත් අරන් ඉස්සරහට ගියා.
"හයියෝ ඉතින්... එහෙ මෙහෙ යන්නෙපා කියල කටගන්න හම්බුන්නෑ... මොනාද කරන්නෙ..?"
මම පුටුවත් උස්සන් දොරෙන් එලියට එනව ඇහිලා, නෙත්මි ඉඳලත් ඇඟට හේත්තු කරන්, අතක් ඉනට තියන් නුරුස්සන කටහඬකින් මගෙන් ඇහුවා.
"හී හී... ඔයා තනියමනෙ ඉතින්... ඒකයි ආවෙ..."
"අනේ ඔව් කියල වැඩක් නෑ... ආරස්සාවට තියන්න මරු මිනිහා... දඟලන්නැතුව ඉන්නව එක තැනකට වෙලා..."
"හරි හරි අප්පා... ඔච්චර කැක්කුමක් තියෙනව නං ඉතින් නිදි කොරලම යන්න එපැයි..."
"ඈහ්... මොකක්ද කිව්වෙ... ආයෙ කියනවා බලන්න..."
නෙත්මිට මල පැන්නොත්, එයා ඉස්සරහ ඉන්නෙ ලෙඩෙක්ද සතෙක්ද මොකෙක්ද කියල අදාලම නෑ. වුමන්ස් පවර්. ඔය දැනුත් ඉන්නෙ සමහර ගෑණු ෆෙමිනිස්ට්ලා කියල කියාගන්න. ආයෙ ඉතින් ෆුල් ඉන්ඩිපෙන්ඩන්ස්, සෙල්ෆ් රීජෙනරේට්, රිනීවබල් ප්‍රෝක්ලේම් කියලනෙ හිතන් ඉන්නෙ. ටෝක් දෙන්නෙත් ස්ට්‍රෝන්ග්, වන් මයින්ඩ්, වුමන්ස් සුප්‍රීමසි, වොන්ඩර් වුමන්, වකාන්ඩා ෆොරෙවර් වගේ ඒවගෙන්.
නෙත්මි ඒ ගානටම නැති උනත්, සමහර වෙලාවට මට හිතෙනව මේකි නාලාගිරිටත් වඩා කචල් කේස් එකක් කියලා.
"හෙ හෙ... මුකුත් නෑ මුකුත් නෑ..."
"හහ්.."
නෙත්මි මට ගස්සල අහක බලාගත්තෙ ළඟ තිබ්බ තණකොල ගාලකට ඉදලෙන් අනින ගමන්.
"මේ... නෙතූ..."
ටෙස්ටින් වන්... ඇටෙම්ප්ට් කෝඩ් 'නෙතූ'
නෙත්මි කන්න වගේ මගෙ දිහා බලල, "කවුරු...?" කියල ඇහුවා.
"හී හී... ලෙන්ගතුකමට කිව්වේ ඒම... අපේ සම්තින් කනෙක්ශන් එකක් තියේනෙ... නෙහ්.."
"නෑ නෑ ඒවා ඕන්නෑ... මට නමක් තියෙනව... ඒකෙන් කතා කරනවා.."
ටෙස්ටින් වන් ෆේල්ඩ් සක්සස්ෆුලි...!
"අපෝ මෙයාට කතා කරන්න විදුලි සංදේශන නියාමන කොමිසමෙන් ගෙන්නන්න ඕනෙ..."
"අනේ මේ... යනව යන්න..."
"හරි හරි ඒකෙන් වැඩක් නෑ... මේ ඒක නෙවේ... ඔයා දන්නවද මාමණ්ඩිය විසින් බෑණට කියන සිංදුව මොකක්ද කියලා... හරි ප්‍රසිද්ධ එකක්..."
මම දිගින් දිගටම එයාට බාධා කරන නිසාද කොහෙද, නෙත්මි ලොකු හුස්මක් පහළට දාලා මට කතා කලා එපා වෙලා වගේ.
"ඒ මොකක්ද..?"
"නිකං හිතල බලන්න... ඔයා අහල ඇති ශුවර් එකටම.."
නෙත්මි ටිකක් වෙලා කල්පනා කරල බලල උරහිස් දෙක උස්සල දන්නෑ කියල ඇඟෙව්වා.
"රොමේශ් සුගතපාල කියන්නෙ... මීටර් නෑද..."
"අගය නොකර කියනවකො මොකක්ද කියල..."
"සිනාසෙන්න... බෑණේ... ඔබේ සුවඳ නෑනේ... කොහෙදෝ මා දමා ඉගිලුනේ... අහල තියෙනව නේ.."
නෙත්මිට ඒක අහල, මම මීට කලින් දැකපු නැති විදිහෙ ලොකු හිනාවක් කටින් එලියට ආවා. මම එයා හිනා වෙනව දැකල තිබ්බත් මෙහෙම ෆුල් කැපෑසිටියෙන් හිනා වෙනව දැකල තිබ්බෙ නෑ.
"මේ මෝඩයො... විකාර නොකියා ඉන්න අනේ... අතුගාගන්නත් නෑ..."
"ඉතින් ඇත්ත.. ඒ සිංදුවෙන් කියන්නෙ එහෙම සීන් එකක් ගැන තමා..."
"යනව යන්න මෝඩයා..."
"ම්ම්ම්ම්... මේ නෙතූ..."
කූල් ඩවුන් ටයිම් එකෙන් පස්සෙ ටෙස්ටින්ග් ටූ... ඇටෙම්ප්ට් කෝඩ් 'නෙතූ'
"ඒයි... එක පාරක් කීවා නේද..."
"අනේ ඉතින්... යාලු පිට් එකටවත් එහෙම කතා කරන්න බෑද... හංසිත් කියන්නෙ ඒමනෙ..."
හංසිව කතාවට පටලවන් පලිහක් විදිහට පාවිච්චි කරපු නිසාද කොහෙද නෙත්මිට එතනින් එහා මට ඇටෑක් කරන්න බැරි උනා.
එයා ලාවට මූණත් බුම්බගෙන අහක බලල මට කතා කලා ආපහු.
"හ... හා ඉතින් එහෙනං... සුභෝද නැන්දල ඉන්න තැන එපා හැබැයි හොඳද..."
ටෙස්ටින් ටූ... මිශන් සක්සෙස්ෆුල්...! ගුඩ් ජොබ් සෝල්ජර්... කම් බැක් හෝම්...
"හී හී... හරේ... ඒනම්..."
ලැබූ ජයග්‍රහණය සාමකාමීව සමරන ගමන්, නෙත්මිගෙ ඇඟ පසඟත් රසවිඳ විඳ එයා එක්ක කයිය ගගහ හිටියා මම. ඒත් එක්කම ටිකකින් මගෙ ෆෝන් එක කාමරේ රින් වෙනව ඇහුන.
දඩි පඬි ගහල ඉක්මනට ගිහින් බලනකොට කෝල් එක ගන්නෙ මාමා. සෙනිකෙට ෆෝන් එකත් අරන් මම ඉස්සරහ පැත්තට ආව. බිකෝස් සිග්නල් තියෙන්නෙ ගෙයි ඉස්සරහට විතරයි. ගේ ඇතුලට යනකොට ඒ දුරට සිග්නල් ස්ට්‍රෙන්ග්ත් එක ප්‍රතිලෝමයි.
"මාමේ... කියන්න..."
"පොඩ්ඩෝ මේ... සමීරයගෙ වැඩේ ඉවරයි කියල පණිවිඩයක් ආවා මට. ඌ ආවම උට යතුර දීලා, කන්නත් මොනව හරි දීලා යවහං..."
"ආහ්... දැන්ම එනවද...?"
"නෑ නෑ දවල් වෙයි ටිකක්. ඌ ආපු වෙලාවක අරම කරහන්.. හරිනෙ.."
"ආ හරි මාමෙ..."
"හරි එහෙනං... ඒක කියන්න ගත්තෙ..."
"හරේ..."
මාම කතා කරන්නෙ නිකං පිදුරු ගහෙන් පොල් එනව වගේ. ඩෝං ඩෝං ගාලා කියන්න ඕනෙ එක කිව්වා, ෆෝන් එක තිබ්බා. සුභපැතීම් සුභගමන් කීම් ඒ විකාර නෑ. ඔන් පොයින්ට් කතාව.
"වජිර මාමද..."
නෙත්මි අතුගාන එක නවත්තල මගෙ දිහා බලල ඇහුවා.
"හම්ම්... සමීරයා එනවලු... උට දවල්ට කන්නත් දීලා යවන්න කිව්වා..."
"දැන් එතකොට එයාව කූඩුවට දාල නෑලුද"
"නෑ නෑ... ගොඩින් බේරල එවන්නැති... ඌ ඕකට කෙලින්ම සම්බන්ධ නෑලුනෙ..."
"ඒ උනාට වැරදි කරන කෙනයි වැරැද්දට අනුබල දෙන කෙනයි හැමෝම එක වගේ වැරදිකාරයො... මම දන්නෑ මේ රටේ නීතිය කොහෙද තියෙන්නෙ කියල..."
මම මෙහෙට ආව මුල්ම කාලෙම තේරුම් ගත්ත දෙයක් තමා නෙත්මිට ඔය සමීරයව පේන්න බෑ. මාමත් එදා රෑ කුඹුරෙදි සමීරලා එනව කියල නෙත්මිව ගෙදර එව්ව හැටි මට ලාවට මතකයි. මම නොදන්න තවත් අභිරහසක් තියෙනවද..? යකෝ මේ ගමේ අභිරහස් කීයක් තියෙනවද..
"ඕම තමා ඕවා... මේ නෙතූ..."
"ම්ම්ම්ම්ම්ම්"
"මම මෙව් අහන්නමයි හිටියෙ... ඔයා දැන් ඉස්සරහට මොකෝ කරන්න ඉන්නෙ... ඒ කියන්නෙ මොකක් හරි කෝස් එකක් කරනවද... නැත්තං කැම්පස් එකකට යනවද..."
නෙත්මි කට උල් කරන් මගෙ දිහා තත්පර කීපයක් බලන් හිටියා.
"විභාගෙ කරපු කාලෙ තමා මම මෙහෙ ආවෙ... ඒ නිසා ලියන්න උන්නෑ හරියට... කැම්පස් නං යන්න වෙන්නෑ... වජිර මාමා කිව්වා රිසල්ට් ආවම මාව කෝස් එකකට දානව කියල..."
ඇහ්... එහෙම සිද්දියක් මම දැනන් හිටියෙ නෑනෙ...
"කොහේ කෝස් එකකටද..? මොන වගේ එකක්ද...?"
"එකවුන්ටින් එකක්... සී ඒ එම් එකේ තියෙනවා..."
(CAM - කතාවට නිර්මාණය කරපු මනඃකල්පිත ආයතනයකි)
"හම්ම් හම්ම්... හොඳ විදිහක් කරන්න ඒනම්..."
"සදේශ්...."
"ම්ම්ම්ම්ම්"
"ඔයා කවද්ද ආපහු යන්නෙ.."
"ම්ම්ම්... මම හිතන්නෙ මාස දෙකහමාරකින් විතර... අම්මල ආවම මට යන්න වෙනවනෙ..."
නෙත්මි මුකුත් නොකියා ටිකක් වෙලා එයාගෙ කොණ්ඩ කරලක් ඇඟිල්ල වටේ ඔත ඔත ඉඳලා කතා කලා.
"එහෙනං මෝඩයෙක් වගේ බොරුවට මගෙ පස්සෙන් එන්න එපා... ඒ පැත්තෙන් ගෑණු ළමයෙක් එක්ක යාලු වෙන්න..."
මොකක්ද ඒ හරුපෙ...? පෙරදැනුම්දීමකින් තොරව අවුරුදු ආවා වගේනෙ. නෙත්මිගෙ කටින් මන්තර ගුරුකම් අහන්න බලාපොරොත්තුවෙන් හිටියත්, මෙහෙම දෙයක් නං මම අහන්න බලාපොරොත්තු උනේ නෑ.
"ඇ... ඈ... එක පාරටම මොකෝ එහෙම කිව්වෙ...?"
"මුකුත් නෑ... ඔහේ නිමක් නැතුව මට වද දෙන නිසා කිව්වෙ... දැන් කටවහන් ඉන්නවා මට අතුගාගන්න දීලා..."
නෙත්මි ආපහු එයාගෙ සුපුරුදු ශෛලියට ආවා.
"හෙ හෙ... මට එහෙම හැම කෙල්ලවම සෙට් වෙන්නෑ හලෝ... අපේ අම්මා එක පාරක් මගෙ හඳහන බලවල තිබ්බා. හඳහන බලපු පොර මරු කතා ටිකක්නෙ කියල තිබ්බෙ."
"ඒ මොනාද...?"
"හඳහන දැක්ක ගමන් අම්මගෙන් අහලා මේක හඳහනක්ද නැත්තං අපල ලිස්ට් එකක්ද කියලා. ඊළඟට කියලා, මගෙ අපල වල හැටියට මට කවදහරි සෙනසුරුව තමා බැඳගන්න වෙන්නෙ කියලා."
"හහ්.. මේ මෝඩයා කිව්වොත් මෝඩ කතාවක්මයි... ඒත් මම අරක ඇත්තටම කිව්වේ... පොඩි කාලෙකට තියෙන සතුටක් වෙනුවෙන් බැඳීම් ඇතිකරගන්න එපා..."
මම අද ට්‍රයි කලා වැඩී වගේද... මෙයා මේ එක පාරටම මංගල කිංකිණි සෙක්ශන් එකෙන් කථනයට අවතීර්ණ වෙන්නෙ මොකෝ.
කේන්දරේ ග්‍රහ මාරුවක්වත් උනාද හදිස්සියෙම...
මතු සම්බන්ධයි....