ගමේ කෙල්ල
12~ දොළොස්වන කොටස ~

මතකනෙ... නෙත්මිගෙ නගාට කතාවක් ලියලා දුන්නා, මාමා එක්ක වී ගෝනි පැටෙව්වා... අන්තිමට අර කතාව හොඳ වැඩී කියලා නෙත්මි මගෙ ඔලුවට ටොක්කක් ඇන්නනෙ...
එතැන් සිට...
ඒක ටොක්කක් උනාට මගෙ ඔලුවට දැනුනෙ නිකං අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලක් ඔලුවෙ වැදෙනව වගේ.
"හහ්...? එ... ඒ කිව්වේ... ඉතින් ජන කතාවක්නෙ ඉල්ලුවේ..."
"ඔව් ඔව්... ශෝ...ක් ජන කතාව..."
නෙත්මිගෙ කටේ සැරටද මංදා මාමත් අනවශ්‍ය මැදිහත්වීම් නොදා සේපට බත් එකත් අරන් කැපිලා ගියා.
"හෙ හෙ... මිස්ටේක්ස් තියෙනව නං හදල දෙන්නං..."
"මිස්ටේක්... කතාව ඔහේට කියල ලියවගත්ත එක තමා මිස්ටේක් එක.. දැන් ඉතින් කෝච්චිය ගිහිල්ලා ඉවරනෙ.. මොනව කරන්නද.. ආ... ගන්නවා බත් එක... සුභෝදා නැන්දා කිව්වා ඔහේව අහලා එක්කන් එන්න කියලා... ඉන්නව නං ඉන්නවා... එනව නං එනවා... මම යනව යන්න..."
කරපු වැරැද්දවත් හිතාගන්න බැරුව මම ඔටෝමැටිකලිම නෙත්මිගෙ අතින් බත් මුල අතට අරන්, ගොන් හිනාවකුත් දාන් එයා දිහා බලන් හිටියා.
"මොනාද බලන් ඉන්නෙ... ඉක්මනට කියනවා... දැන්ම ගෙදර යනවද නැත්තං වජිර මාමා එක්ක එනවද?"
"අහ් මේ... නැන්දා කිව්වද මාව එක්කන් එන්න කියලා.."
"ඔව් දැන් ඒකනෙ මම කිව්වෙ... කන් ඇහෙන්නැද්ද..."
"ආහ් හා හා ඉන්න එහෙනං මාමට කියල එන්නං මං..."
"ඕනෙ එකක් කරගෙන ඉක්මනට එනවා..."
ඇඟ පතත් රිදෙන නිසයි, නෙත්මිගෙ ටොක්කෙන් පස්සෙ කුඹුර රුවිතෙට යනව වගේ පේන්න ගත්ත නිසයි, මම ඉක්මනට මාමා ගාවට දුවලා ගිහිල්ලා මම ගෙදර යනවා කිව්වා. මාමත් ඒක බලාපොරොත්තුවෙන් හිටියා වගේ 'ඕක තමා කලින්ම යන්න කිව්වෙ' කියලා මගෙ ඔලුවට තට්ටුවක් දැම්මා.
මම සමීරයටයි එතන හිටපු අනිත් මාමලටයි කතා කරගෙනම ආපහු නෙත්මි හිටපු තැනට ආවට පස්සෙ, එයා මට ඉස්සර වෙලා ටෝච් එකත් අල්ලන් පාර දිහාට යන්න ගත්තා. අපි ඒ පාරෙ ටික දුරයි ආවෙ. නෙත්මි එක පාරටම, ගුරු පාරෙන් දකුණට කපලා, කොළ ගාලක් අස්සෙන් මූකලානෙට රිංගුවා. ඒක ශෝට් කට් එකක්ද නැත්තං, මාව කැලේට අරන් ගිහින් අපර් කට් එකක් දෙන්න හදන ප්‍රයත්නයක්ද කියල හිතාගන්න බැරි උනත්, අවස්ථානුකූලව මම නෙත්මි පස්සෙන්ම ගියා.
"තමුසෙ මොකක්ද අර කියල දීල තියෙන කතාව ඈ... ඒක ළමයෙක්ට හරියන කතාවක්ද...? තමුසෙගෙ අමාරුව ගැන මට කලින්ම හිතන්න තිබ්බා... මමයි මෝඩ වැඩේ කලේ..."
කිසිම පෙර දැනුම් දීමක් නැතුව වෙඩි තියනවා වගේ නෙත්මි එයාගෙ මැයි මාර සජ්ඣායනාව පටන් ගත්තා එක පාරටම.
"හෙ හෙ... කාලීන එකක් ඉල්ලුව නිසා මොඩ් කරලා දුන්නේ..."
"මරු මිනිහට වැඩක් බාර දුන්නේ... පුංචි මට බනිනවා මොකක්ද ඒ ලියල දීලා තියෙන්නෙ කියලා... පොඩි එකීගේ ඉස්කෝලෙ මිස්ට පෙන්නුවමලු පුංචිත් දන්නෙ, කෙල්ලට ලියල යවල තියෙන්නෙ කුණුහරපයක් කියලා..."
"ඒ... අප්පා... ඉතින් පුංචිට කියන්නකො මමයි ලියල දුන්නෙ කියලා..."
නෙත්මි යන ගමන නවත්තල මගෙ දිහාට හැරුනා ටෝච් එකත් මගෙ මූණට අල්ලගෙනම.
"ඔහේ මෝඩයා උනාට මම මෝඩයා නෙවෙයි... මම එහෙම වැඩ කරන්නෑ..."
"හෙ හෙ... මොන ආලවන්තකම්දෝ නගා..."
ඔහොමෙන් ඔහොමෙන් මාමා එක්ක බයික් එකේ කුඹුරට යන වෙලාවටත් වඩා අඩු වෙලාවකින් අපි එක පාරටම මාමලගෙ ගෙදර පිටිපස්සෙ වත්තෙන් මතු උනා. මේ මුලු වෙලාවෙම අපි ආවෙ කැලේ මැදින්. නෙත්මි එක්ක එනකොට නයි පොළොංගු වැලිඩ් (valid) නැද්ද මංදා මට නං කටුස්සෙක්වත් අහුවුන්නෑ.
"සදේශ්... පොඩ්ඩක් ඉන්න..."
මාමලගෙ වත්තට ආවට පස්සෙ මම ගේ පැත්තට යන්න හදනකොට, නෙත්මි මගෙ කමිසෙන් අල්ලල මාව නවත්තගත්තා.
"ඇ... ඇයි..."
"මේ... මම හෙට ඉඳල දවල්ට මෙහෙ එන්නෑ... මම උදෙන්ම ඇවිල්ලා මොනව හරි හදල තියල යන්නං නැන්දල යන්න කලින්..."
"ඇයි... ඒ මොකෝ එක පාරටම..."
"නිකං... ඔයාට හරිනෑ සදේශ්... මම නිසා සුභෝදා නැන්දලටත් අවලාද අහන්න වෙයි නැත්තං..."
"මොනාද මේ කියන්නෙ... මොකෝ කේස් එක... කවුරු හරි මොනා හරි කිව්වද... මට නමයි ගමයි ඒ කෙනා හවසට යන පාරයි කියන්න... මම ස්මූත් එකේ අන්ඩග්‍රවුන්ඩ් රොබරියක් දෙන්නං..."
ටොයිං...!
තවත් ටොක්කක් ලෑන්ඩ් කලා ඔලුවට.
"මෝඩයො... කියන දේ තේරුම් ගන්නවා... පුංචි කුඹුරෙ වැඩවලට ගිහිල්ලා ඉන්නකොට මිනිස්සු ඔයා ගැනත් කතා වෙලා... එදා පන්සලෙත් ඔහේ මාත් එක්ක හිටපු එකත් කතා වෙලා... ඔය මෝඩයා දෙයක් කිව්වට තේරුම් ගන්නෑනෙ... බොරුවට ගමේ කතා හදාගන්න එපා මම නිසා. ඔය ටවුන් වල වගේ නෙවෙයි... මෙහෙ මිනිස්සු ඕපදූප ඔක්කොම එක එකා එක්ක කතා වෙනවා..."
"ඇයි දැන් මොකක්ද කියලා තියෙන්නෙ? මමයි ඔයයි ඩිඟි ඩිඟි ඩිඟි ඩිඟාරේ දානව කියලද කවුරු හරි.."
"මුට නං දෙයක් කියලා තේරුම් කරන්න බෑ... අපි ලව් කරනව නෙවෙයිනෙ මෝඩයො... මම කෑම හදල තියල යන්නං... නැන්දලට කියන්න එපා මම දවල්ට එන්නෑ කියලා... මම ඒකයි මේ කියන්නෙ... නැත්තං නැන්දා ගමේ මිනිස්සු එක්ක තරහ වෙයි"
මෙන්න මේ වෙලාවෙ මචන්ලා මට කොහෙන් ආපු ගටක්දා මංදා... මගෙ කටින් අමුතු වචන කීපයක් එලියට පැන්නා...
"ආයෙ දවල්ට එන්නැත්තං, මම ඒක නැන්දට කියනවා... ගමේ උන් කතා හදනව කියලත් කියනවා... එතකොට මාමා බලාගනීනෙ උන් ගැන. ඔයාට දවල්ට මෙහෙ එන්න අපි ලව් කරන්නම ඕනෙ නං අපි ඒක කරමු... හො හෝ... මොකෝ මාත් මේ මාසයක් තිස්සෙම ට්‍රයි කරන්නෙ ඒකටනෙ..."
නෙත්මි අදත්, එදා පන්සලේදි වගේම බොහොම සන්සුන්ව, 'සදේශ්... ඔයා ඇත්තටමද කියන්නෙ...' කියලා මාව වැළඳගෙන... මාව සිපගෙන... එතනම දණ ගහලා... හෝව්... හෝව්... වැරදි නවල් එක මේ...
ආ ඔව්... ඒ මගුලක් උන්නෑ... එයා ආපහු මගෙ ඔලුවට ටොක්කක් ඇන්නා.
"මුගෙ අසහනේ හොඳ කරන්න ඇතින්නක් හොයල දෙන්න වෙනවා... හා හා... කතා හදාගන්න ඕන්නං මට කමක් නෑ... මම නොකිව්වයි කියන්න එපා ඕන්..."
"හරි මැඩම්... ඔයා එනව නං මේ මුලු ලෝකෙම එක්ක හැප්පෙන්නං මම.."
"අනේ මහලොකු මිනිහා... දැන් ටිකකට කලින් හතරගාතෙ දාගෙන වැටිලා හිටපු හැටි දැක්කනෙ මම..."
"එ... ඒවා ඒම තමා... මගෙ කොණ්දත් මොකක්ද උනා... අත පයත් රිදෙනවා... ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න වෙයි වගේ..."
"එක පාරටම බර ඉස්සුවම ඒම තමා මෝඩයා වගේ... දැන් ගිහිල්ලා නිදා ගන්න ඔය බත් එක කාලා... මම යනවා... සුභ රාත්‍රියක්.."
"හරී... පරිස්සමට යන්න... ගුන්නයිට්..."
නෙත්මිගෙ අතේ තිබ්බ ටෝච් එකේ එළිය, කැලේ අතරින් නොපෙනී යනකං ඉඳලා මම ආපහු ගෙට ආවා. නැන්දා මම එනකොටත් මොකක්ද පොතක ගණන් හිලව් බැලන්ස් කර කර හිටියෙ. මම ආවා කියල මාමට කෝල් එකක් අරන් කිව්වට පස්සෙ මම බත් එකත් කාලා ඇඟ පතත් හෝදන් ඇඳට වැටුනා.
කරන්න බැරි ලබ්බවල් කරන්න යනවට මටත් හොඳ වැඩේ...
----------
"පොඩ්ඩෝ... ඇහැරෙන්ඩෝ..."
සිහින නිදන සීතල රැයේ...
කණාමැදිරි හඬ රැව් නැගේ...
තරු කැට අහසේ... එක එක දිලිසේ...
සවන් වැකෙන ටකරන් නාදේ...
"පොඩ්ඩෝ... ඇහැරෙනවා... මේ... ප්‍රශ්නයක් වෙලා..."
'මෙන්ටලි ඉල්.. බට්.. ටෝටලි චිල්' සීන් එකේ නිදාගෙන ඉන්න අතරෙ කවුද මංදා මගෙ අතේ ජොයින්ට් එක ගලවල යන තරන් වේගෙන් හොල්ල හොල්ල කෑගහනවා ඇහිලා මම ඇස් දෙක ඇරලා බැලුවා.
මාමා මගෙ ඇඳ ගාව හිටගෙන ෆෝන් එකත් කණේ තියන් මගෙ උරහිසෙන් හොල්ලනවා.
"පොඩ්ඩෝ... ශර්ට් එකක් දාන් වරෙන් ඉක්මනට... සමීරයට පොඩි කරදරයක් වෙලා..."
"ම්ම්ම්ම්ම්ම්හ්... මොකක්ද වෙලා තියෙන්නෙ..."
"උගෙ ගෙදෙට්ට පොලිසියෙන් පැනලලු... දැන් මේ ඕ අයි සී කෝල් කලේ... එලියට ගන්න පුලුවන්ලු... කීයක් හරි බඳින්න වෙනවා පොලිසියෙ... මෑන් තාම ගෙදර... ශර්ට් එකක් දාන් යමන් ඉක්මනට.."
හම්මටසිරි... කමාන්ඩෝ පුවතක්නෙ...
නිදිමතේ හිටියත් හතර හන්දි රිදුනත්, ඕපයක් දැක බලාගන්න තියෙන ආසාව නිසාම මම ඉක්මනට ශර්ට් එකකුත් දාන් මාම එක්ක බයික් එක ගාවට ආවා. ෆෝන් එකෙන් වෙලාව බලනකොට පාන්දර තුන හමාරයි. මේ පාන්දර පොලිසිය ගෙවල් වලට පනින්නෙ මොන මගුලකටද?
නැන්දත් කලබලෙන් වගේ මාමට අවවාද අනුශාසනා දෙනවා ඕනෙවට වඩා පොලිසියෙ වැඩට ඇඟිලි ගහන්න යන්න එපා, මුකුත් කරගන්න බැරි නං අතෑරල එන්න අනං මනං ගගා.
මම මෙහෙට ආපුම කාලෙ දැනගත්තනෙ ඌ කළුවර කැලේ ඇතුලෙ කරන ත්‍රෛලෝකවිජේපත්‍ර මූලාශ්‍රයකට සම්බන්ධයි කියලා. මම හිතන්නෙ මේ ඒකෙ කේස් එකක් තමා ඇදිලා ඇවිල්ලා තියෙන්නෙ.
සමීරයගෙ ගෙදර තිබ්බෙ මම හිතුවට වඩා ළඟ. විනාඩි දහයක් යන්නත් කලින්ම මාමා බයික් එක නැවැත්තුවෙ, ලයිට් දාපු ගෙදරකුයි නිල් පාට ත්‍රීවිල් එකකුයි නවත්තල තිබ්බ වත්තකට බයික් එක දාලයි. ත්‍රී විල් එක ළඟම පොලිසියෙ කෙනෙක් හිටපු බව මම දැක්කෙ ටිකක් වෙලා ගියාටත් පස්සෙයි.
"වජිර මල්ලි... ලොක්කා ඇතුලේ සමීරයා එක්ක... පොඩ්ඩක් කතා කරල බලහන්..."
මාමා බයික් එකෙන් බැහැල හෙල්මට් එක ගලවන්නත් කලින්ම, ඒ ත්‍රීවිල් එක ගාව හිටපු පොලිස් මහත්තයා මාමව අඳුනගෙන අපි ගාවට ඇවිත් කතා කලා.
"ආහ් ලාල් අයියෙ... ඔව් ඔව් මේ මොකක් හරි කරන්න බලන්න ආවේ.. පොඩ්ඩෝ... උඹත් වරෙන්.."
මාමා මටත් ඇතුළට යන්න කතා කරපු නිසා මමත් සේපට මාමා පස්සෙන් ගෙට ආවා.ඒ ගෙදර බ්ලොක් ගලෙන් බැඳපු පොඩි ගෙයක්. ඒ ගෙදර සාලෙ, යන්තන් පුටු තුනකුයි පොඩි ප්ලාස්ටික් මේසෙකුයි තියාගන්න ඉඩ තිබුන පුංචි කෑල්ලක් විතරයි.
මම හිතුවෙ මේ වෙනකොට සමීරයගෙ අතට මාංචු දාලා, ගාඩ් එකට ස්පෙශල් ටාස්ක් ෆෝස් එකෙන් බැටෑලියන් එකක් බස්සලා, හෙලිකොප්ටරේකින් ඒරියා එක සර්ච් කරන අතරෙ, සද්ධන්ත ඕ අයි සී කෙනෙක්ව මුණ ගැහෙන්න වෙයි කියලා.
ඒ උනාට, සාලෙ තිබ්බ මේසෙක දෙපැත්තෙ දෙන්නෙක් වාඩි වෙලා හෝ ගාලා ඕමි අතක් අදිනවා. එයින් එකෙක් සමීරයා. අනිකා පොලිස් කිට ගහපු පොරක්.
"ආ... වජිර අයියේ..."
මාමා ගෙට ආව ගමන්ම සමීරයා වගේම අර පොලිසියෙ පොරත් නැගිටල මාමට පුටුවක් දුන්නා.
යකෝ මාමා ඒ තරන් කෙරුමෙක්ද ගමේ. කලින් දන්නව නං මමත් වත්ත පහළින් පොඩියට පොපි පාත්තියක් දාගන්නවා.
මාමත් පුටුවකින් වාඩි උනාට පස්සෙ, සමීරයයි අනිත් පොලිස් බුවයි දෙන්නත් පුටුවෙන් වාඩි උනා.
"වජිර මල්ලි... මේකෙ සමීරයට කේස් එකක් එන්නෑ... ඒත් පැමිණිල්ල ලැබිලා තියෙන්නෙ සමීරයට වැඩි බරක් හිටින්න... මම වජිර මල්ලිට තකහනියෙම කතා කලෙත් ඒකයි පාන්දරම උනත්... දවල්ට මේවා මෙහෙම කරන්න අමාරුනෙ..."
වටමේස සාකච්ඡාව පටන්ගත්තෙ පොලිසියෙ බුවා.
මට වාඩිවෙන්න පුටුවක් නැති නිසා මම ඒ ළඟ බිත්තියට හේත්තු වෙලා ඇඟිල්ලෙන් සිමෙන්ති පොලවට ඇන ඇන හිටියා.
"ඒක තමයි තිලක් අයියෙ... මේ පරයටත් මම කලින්ම කිව්වා ඔය අටමගුලෙන් ඈත් වෙයන් කියලා..."
සමීරයත් ඔලුව කසන ගමන්, "කවුද බං අයියෙ හිතුවෙ මෙහෙම මගුලක් පාත් වෙයි කියලා" කිව්වේ බිම බලාගෙන.
"කවුද හිතුවෙ...? හැමෝම හිතුවා.. ඒකයි තොට කිව්වෙ ඕක නවත්තල දාපං කියලා... දැන් බලහන්කො... උන්ගෙ නම් මුකුත් නෑ තෝ විතරයි..."
මෙතන මේ වෙන කතාවෙන් මම සීන් එක සෑහෙන දුරකට අල්ලගත්තා. මම සමරියක් ගහන්නං උඹලට. ෆුල් කන්වර්සේශන් එක වැඩක් නෑනෙ.
මෙහෙමයි උනේ. සමීරයයි, ගමේ ලෝකල් අන්ඩර්වර්ල්ඩ් එකේ හතර පස් දෙනෙකුයි තමා කළුවර කැලේ ඒ අදාල හේන කොලේ. සමීරයා ඒකට සෘජුවම සම්බන්ධ නෑ. ඌ ට්‍රාන්ස්පෝට් වැඩ සහ අත් උදව්වට හිටපු එකා. සීන් එකේ මහ උන්ගෙ නම් එකක්වත් පොලිසියට හම්බෙලා නෑ. සමීරයගෙ නම විතරයි. දැන් මේ කේස් එක ඉස්සරහට අරන් ගිහින් මහ උන්වත් අල්ලල ඇතුළට දානව නං සමීරයටත් ශොට් එක හම්බෙනව සති කීපෙකට හරි. මේක ගොඩින් බේරලා වැඩේ සෙට්ල් කරනව නං සමීරයට ඇපයක් දීලා සේප් වෙන්න පුලුවන්.
මාමත් ට්‍රයි කලේ දෙවනි ක්‍රමේට වැඩේ බේරලා අරින්න. මාමා සමීරයට සලකන්නෙ මාමගෙම මල්ලි කෙනෙක්ට වගේ. ඒ නිසා උට මොනව උනත් මාමා ඉන්නව ඌ එක්ක.
පැය බාගයක් විතරම ඉදිරි සැලසුම් සකස් කරන්, පොලිසියෙ ඩබල සමීරයවත් අරගෙන ගියා. මාමා උදේ වැඩට යන ගමන් පොලිසියට ගිහින් නඩුව බේරල දාන්න තමා කතා උනේ.
"පොඩ්ඩෝ... මේ යතුර තියාගන්න... දවල් වෙලා අරූ ආවොත් උට දිහං.."
පොලිසියෙ අයත් ගියාට පස්සෙ, මාමා මට කිව්වෙ, සමීරයගෙ ගෙදර වහලා ලොක් කරලා ඒ යතුර මට දෙන ගමන්.
"අහ් හරි මාමෙ... දැන් වැඩේ ශේප්ද එතකොට..."
"ඔව් ඔව්... කෝමත් සමීරයට කවුරුත් මුකුත් කරන්නෑ බං. ගොන් වැඩ කලාට හිත හොඳ එකා.. කාටවත් කරදරයක් වෙන වැඩක් ඌ කරන්නෑ කියල හැමෝම දන්නවා... ඒත් සමිරයගෙ නම මේකට ගාවපු එකාව අහු උනොත් නං මම ඕක..."
මාමා කියන්න හදපු එක එක පාරම නවත්තල දාලා මගෙ දිහා බලල හිනා උනා.
"දැන් ඕවගෙන් වැඩක් නෑ... ඒක ඉවරයි... අපි යං... යතුර දෙන්න අරූ ආවොත් එහෙම ඈ..."
"හරි... හරේ..."
ටර්මිනේටර් වගේ සීන් එකක් බලාපොරොතුවෙන් ඇවිල්ලා, කූඹිච්චි සීසන් ටූ පෙන්නල යැව්වා වගේ වැඩක්නෙ උනේ. හිතුව තරන් නඩුව ලොකු නෑ මම හිතන්නෙ.
අපි ආපහු ගෙදර ආවම මාමා නැන්ද එක්ක සීන් එක කිය කිය කුස්සියට වෙලා හිටියා. දැන් කොහොමත් එයාලා ඇහැරෙන වෙලාවනෙ. මම ඇඟ පත රිදෙන නිසා ආපහු ශර්ට් එක පිටින්ම ඇඳට වැටුනා.
....
"මේ..."
"ම්ම්ම්ම්ම්ම්ම්... ම්ම්මේ..."
"මේ... මොකෝ කෑගහන්නෙ... මොකක් හරි ප්‍රශ්නයක්ද...?"
කෙල්ලෙක් කණ ගාවම අපැහැදිලි හඬකින් කතා කරනවා... ම්ම්ම්ම්ම්... මල්සරාට වැරදිලා ඊතලේකින් නැතුව ටෝපිඩෝ එකකින් වත් ගහලද...
"සදේශ්... මොකෝ මේ... අවුලක් නං මම සුභෝදා නැන්දට කතා කරලා කියන්නද..."
ඒ ඇහෙන කටහඬ පොඩ්ඩ පොඩ්ඩ පැහැදිලි වෙනවත් එක්කම මගෙත් ඇස් ඇරිලා සද්දෙ ආපු පැත්ත දිහා බැලුවා.
නෙත්මි ඉන්නවා මගෙ ඇඳ ගාව බය වෙලා වගේ. හොඳටම එළියත් වැටිලා..
"අහ්.. මෙ... මොකෝ කාමරේ... මොකක් හරි කේස් එකක්ද..?"
"කේස් එකක්ද..? ඔහේ හීනෙන් බෙරිහන් දෙනව ඇහිලා ආවෙ කලබලේට... මොකක් හරි අවුලක් නං නැන්දට කියන්නකො කෝල් එකක් දාලා..."
"ම... මම හීනෙන් කෑගැහුවද...?"
"කෑගැහිල්ලක් නෙවේ කෙඳිරිල්ලක්... ඊයෙ මොනවත් ගාගත්තෙවත් නැද්ද... ඔය වැඩ කරලා වෙන්නැති... පුලුවන් වැඩක් එපැයි කරන්න..."
"හෙ හෙ... ඊයෙ මොනවත් ගාගන්න උන්නෑ... අද උදෙත් මේ සමීරයගෙ කේස් එකකට එහෙ ගිහින් ආවෙ..."
"හම්ම්... සුභෝදා නැන්දා කිව්වා විස්තරේ... ඕවා ඉතින් විය යුතු දේවල්... ඒකෙන් වැඩක් නෑ මට... මොනව හරි හදල දෙන්නද බොන්න.. ඇඟේ අමාරුවට..."
"ම්ම්ම්ම් ඇඟේ අමාරුවක් නෙවේ තියෙන්නෙ.. මගෙ මේ උරහිසයි කොණ්දයි පොඩ්ඩක් කචල් ගියා ඊයෙ... තාම හොලවනකොට රිදෙනවා. දැන් ඊයෙට වඩා රිදෙනව වගේ."
නෙත්මි ටිකක් වෙලා කට උරුක් කරන් මගෙ දිහා බලන් ඉඳලා, ආපහු කතා කලා.
"ඔහොම ඉන්න මම මොනා හරි අරන් එන්නං ගාන්න.. මෙහෙ තිබ්බා බාම් එකක්..."
නෙත්මි එහෙම කියාගෙන කාමරෙන් එලියට ගියා.
ඇහ්... මොකක්ද ඒ කිව්වෙ...? මොනා හරි අරන් එන්නම් ගාන්න..? ඒ කියන්නෙ මම ගාගන්න ඕනෙද නැත්තං එයා ගානව කියලද කිව්වෙ..? අද මගෙ රාහු ඒරාෂ්ඨකය ඉවර වෙනවද..? මට මංගල කිංකිණි බලන්න කාලෙ සෙට් වගේද...? නැත්තං මේක යූටියුබ් දාන්න කරන්න යන ප්‍රෑන්ක් එකක්ද...?
මගෙ අපලෙ නං ඉවර වෙන්න විදිහක් නෑ. මොකද මෑතක මගෙ කේන්දරේ බලවපු පාරත් ඒ ජ්‍යාතීශ බුවා අපේ අම්මලට කියල තිබ්බෙ, රාහු පච වෙලා සෙනසුරු කිච වෙලා සිකුරු ආගිය අතක් නෑ බ්‍රහස්පති ඩවුන් වෙලා සිටුවේශන් එක හොඳටම බෑඩ් කියලයි.
"ආ... මේ එකක් තියෙනවා.. කෝ ඇලවෙන්න ශර්ට් එක ගලවල..."
නෙත්මි ආපහු පාරක් මගෙ කාමරේට ආවෙ, නිල් කොල පාට පොඩි ඩප්පියකුත් අතේ තියාගෙන, ඒකෙ මූඩිය අරින ගමන්.
නෙත්මිගෙ ඒ සරාගී තොල් වලින් මගෙ සවනට කිව්ව දෙයින් පස්සෙ මගෙ අත කෙලින්ම ගියේ ශර්ට් එකට නෙවේ... කලිසමට...
ඒත් ඒ සරාගී තොල් ආශ්‍රිත නුරා ගී හැඟුමන් ලියවෙන රාක්ෂ මූණ දැක්කට පස්සෙ මම කලිසමෙන් අත අහක් කරලා ශර්ට් එක ගලවල ඇඳෙන් යටි අතට ඇල උනා.
නෙත්මිත් මට එහයින් ඇඳේ ගැට්ටෙන් වාඩි වෙලා, එයාගෙ ඒ සිනිඳු සුකුමල මනමාල ලෝලිත ඇඟිලි තුඩු මගෙ පිටේ ස්පර්ෂ වෙනවත් එක්කම... ස්ක්‍රිප්ට් එක පොඩ්ඩක් ගැස්සෙන්න පටන් ගත්තා...
වැරදි ලයින් ඇන්ඩ් ලෙන්ග්ත් එකට අක්‍රීය වෙලා තිබ්බ මගේ යම් අවයවයක්, ඇඟේ බරත් දරාගෙනම එක පාටම ඇක්ටිව් වෙන්න ගත්තෙ, ඒකට සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නවත් වෙලාවක් නොතබමින්...