ගමේ කෙල්ල
11~ එකොළොස්වන කොටස ~

කලින් කොටස් සියල්ල
ගමක ලස්සනම කාලේ, අගෝස්තුවේ ගොයම් කපන කාලෙ. වෙලට බහිනකොට, ඒ හුළඟට මුසු වෙලා එන අමුතු නැවුම් සුවඳයි, මහ පොළවේ නියම පුත්තු අව් කාශ්ඨකයට අභියෝග කරමින් දරදඬු අත පය එහෙ මෙහෙ කර කර වැඩ කරන රූපෙයි..., ගමක අසිරිය මොනවට පෙන්නුම් කරනවා.
නමුත්...
ඔය අව්වේ ගිහිල්ලා ස්කින් කෙයාර් රූටින් එකට හෙන වද්දගන්න ආස නැති මම, කබරයා නැති වලේ තලගොය වගේ මාමලගෙ ගෙදට්ට වෙලා චිල් එකේ කාලය ගෙව්වා. මේ දවස් ටිකේ මාමගෙ ට්‍රැකට ඉල්ලුම හොඳට තිබ්බ නිසා මම ඒ සතියක වගේ කාලය ඇතුලෙ, මාමගෙ පර්සනල් ඉන්ටනැශන් බිස්නස් එෆෙයාර් මැනේජර් හැටියටයි වැඩ කලේ. ට්‍රැක්ටරේ ගන්න එන අයට ගෑස් පෙන්නල තමා ඒක දුන්නෙ.
ඔය බයිලා අස්සෙම නෙත්මිගෙයි මගෙයි මෙව්වා එකත් සම්තින් දුරකට දළුලාගෙන ආවා. හැබැයි මගෙ කරුමෙද නෙත්මිගෙ පර්සනැලිටි එක නිසාද මංදා ඒ සම්තින් එක නතින් මට්ටමට කිට්ටුවෙමයි තිබ්බෙ...
------------------
"සදේශ්...."
"ම්ම්ම්ම්ම්ම්"
"ඕක අතගගා හිටියා ඇති දැන්... ඉක්මනට දාන්නකො අනේ... මට තව වැඩ තියෙනවා..."
"මේවා මේ එහෙම හදිස්සියට කරන්න පුලුවන් වැඩ නෙවේ... මේවට තියෙනව කලාවක්... හරි ලස්සනට... හිමීට... පැශන් එකට කරනකොට තමා ත්‍රිල් එක එන්නෙ..."
"අනේ මේ... ආව වෙලාවෙ ඉඳල නිදහසක් නෑ මට..."
"හරි හරි පොඩ්ඩක් ඉන්නකෝ... මේක තව ටිකකින් ඇතුළට දැම්මම ඔයාට නිර්වාන සුවයක් දැනෙයි කෑගැස්සෙනම..."
"මම දන්නෑ ඕවා... ඉක්මනට ඕක දාලා ඉවරයක් කරගන්න..."
"පොඩ්ඩක් ඉන්නවකො ඉතින්... මේ ෆෑන් ස්ටෑන්ඩ් එක සෙට් වෙන්නෑ. පැඩැස්ටල් එකත් වෙනස් නෙ. ඒකයි මේ හිල ලොකු කරන්නෙ. පුදුම හදිස්සියක්නෙ තියෙන්නෙ. ෆෑන් එකක් මේ හදන්නෙ. නැතුව ළමයෙක් නෙවේ..."
(කලිසම් එහෙම ගලෝගෙන ලෑස්ති උනා නං, ඒම සීන් එකක් ඉස්සරහට දෙන්නං. අදට මොනා හරි බලාගනින්)
"ඕනෙ දෙයක් කරගන්නවා..."
කියාගෙන නෙත්මි, එයා අල්ලන් හිටපු ස්ටෑන්ඩ් ෆෑන් කෑල්ලත් පැත්තකින් හේත්තු කරගෙන නැගිටින්න හැදුවා.
මේකිට පොඩ්ඩ ගැවුනම මල පනිනව කියල උඹල දන්නවනෙ ඉතින්. හැබැයි ඒ වෙලාවට පසඟ පිහිටුවල වන්දනාමාන කළොත් මේකි පොඩ්ඩක් ආයෙ කූල් ඩවුන් වෙනවා.
"හා හා අයියෝ ඉතින්... පොඩ්ඩ ගැවෙනකොට මෙයා පක්ෂෙ මාරු කරනවනෙ අප්පා... සොරි සොරි මැඩම්... තව විනාඩි පහයි ඈ..."
"මෝඩයා... ඉක්මනට කරනවා... ඔහේට කන්න හදන්නත් ඕනෙ මොනා හරි..."
නෙත්මි කට කොනින් හිනාවක් දාන් කියන ගමන් ආයෙ ස්ටෑන්ඩ් ෆෑන් කෑල්ල අතට ගත්තා.
මමත් පැඩැස්ටල් එකේ හිල, ෆෑන් ස්ටෑන්ඩ් එකට සෙට් වෙන ගානට එජස්ට් කරලා, යටින් නට් තුන දාලා තද කලා. මේ ෆෑන් එකේ කනෙක්ටර් එකක් එහෙම නෑ. ලෝකල් බඩුනෙ. (කනෙක්ටර් එක කියන්නෙ උඹල ඔය ස්ටෑන්ඩ් ෆෑන් වල උස වෙනස් කරන තැන කෑල්ලට.)
මේ ෆෑන් එක ඇවිල්ලා, 1700 ගනන් වල පරංගි ගෙනාව ෆ්‍රේම් එකකට, 1800 ගනන් වල සුද්දො දීපු මෝටරයක් හයි කරලා හදපු එකක්. කොටින්ම කියනව නං ඇන්ටික් ශොප් එකක ලක්ෂ ගානකට විකිණෙන පට්ට පෞරාණික මල රෙද්දක්.
අගෝස්තු මාසෙට මේ පැත්ත නිකං "1945 ෆුල් නාගසාකි" මෝඩ් එකකට එනවා. ඒ තරන් රස්නෙයි. හුළං තිබ්බත්, ඒ හුළඟ ඇඟේ වදිනකොට ඇඟෙන් කෑලි කෑලි පිච්චිලා යනව වගේ. ආන්න ඒකට විසඳුමක් හැටියට තමා මම මේ මාමලගෙ ගෙදර විසි කරල තිබ්බ ෆෑන් කෑලි දෙකක් එකතු කරලා මේක හැදුවෙ.
නෙත්මි උදේම ගෙදෙට්ට ආව වෙලාවෙ ඉඳල මම එයාවත් අඬගහන් මේක කරන්න පටන් ගත්තෙ හේතු දෙකකට. එකක්, මොනා හරි කරලා නෙත්මිගෙන් ලකුණක් දාගන්න ඕනෙ නිසා. මොකද මේ ගමට ආව දවසෙ ඉඳලම සෘණ ලකුණකින් ගේම ගහන්නෙ. අනික තමා ඔය උඩ කිව්ව රස්නෙ කේස් එක.
"ඔන්න හරි ඒනම් ඈ... ද මෝමන්ට් ඔෆ් ටෲත් බලන්න යන්නෙ..."
අන්තිම නට් එකත් තද කරලා මම එතනින් නැගිට්ටෙ එහෙම කියාගෙන.
"ඉවරද දැන්... ඕක වැඩ කරනවද කියල ශුවර්ද..."
"ගහල බලමු... එන්නකෝ..."
මට පේන්න අප්‍රසාදය පෑවට, නෙත්මිත් හෙන කුතුහලෙන් ඉන්නෙ අවසන් ප්‍රොඩක්ට් එක දැක බලාගන්න.
මම නෙත්මිත් එක්කම සාලෙ ප්ලග් පොයින්ට් එක ගාවට ඇවිත්, ෆෑන් එක ඒකට ගැහුවා. ගහල කෝකටත් කියල, පොඩ්ඩක් ඈතට වෙලා අත් දික් කරලා ස්විච් එක ඔන් කලා.
.......!
ඩම් ඩම් ඩා......! බුහා හා හා...
පළවෙනි තත්පර දෙක තුනේ ෆෑන් එක කැරකුනේ හරියට ඔට්ටපාලු දිය කරලා දුවවන පිස්ටන් දෙකේ ත්‍රීවිල් එන්ජිමක් වගේ. හැබැයි ඊළඟ මොහොතෙම 'ක්‍රීක් ක්‍රීක්' ගාලා සද්දෙකුත් දාගෙන ඒක වේගෙන් කැරකෙන්න ගත්තෙ, ෆෑන් එක ඉස්සරහම හිටපු නෙත්මිගෙ ගවුමත් උස්සගෙනයි.
හම්මේ... ඒ සීතල හුළං පොද ගතේ තැවරෙද්දිම නෙත්මිගෙ සිනිදු කලව දෙකෙත් මග හරියක් වෙනකං දැකගත්තා කියන්නෙ ඉතින්... ටෙන්ට් වැද්දෙනවා කලිසම අස්සෙ...
ෆෑන් එක වැඩ කරපු එකේ සතුටටද නෙත්මිගෙ කකුල් දෙකේ නොදැකපු පැතිකඩක් දැක්ක සතුටටද මංදා, මට දැනුනේ මම ආකිමිඩිස් ගුරුත්වාකර්ෂණය හොයා ගත්තා වගේ හැඟීමක්.
"ඒයි... කොහෙද බලන්නෙ... මුට පුදුම අමාරුවක්නෙ තියෙන්නෙ..."
නෙත්මි පාත් වෙලා අත් දෙකෙන් ගවුම තද කරන් මට කෑගැහුවෙ මූණත් රතු කරගෙන.
"හෙ හේ... දැක්කනෙ... පොල්ලෙ බලේ... ආ නෑ මේ... සුළඟෙ බලේ... ආයෙ ඉතින් ඉලෝන් මස්ක් තමා... ඊළඟට හදන්නෙ රොකට් එකක්..."
"අනේ මහ ලොකු වැඩේ... කෑලි දෙකක් පූට්ටු කරලා කයිවාරුව... දැන් ඉතින් වෙනදටත් වඩා කම්මැලිකමට ගේ අස්සෙ රිංගන් ඉඳිවී... මම යනවා උයන්න... අදත් සෝයාමීට්මද?"
"හෙ හේ... ඔයාගෙ සෝයා මීට් වලට රස වැටුන කෙනෙක් වෙන ඒවා ගැන හිතන්නෙ වත් නෑ ආයෙ..."
"මෝඩයා..."
නෙත්මි ගස්සගෙනම කුස්සිය පැත්තට ගියේ ගවුමත් අල්ලගෙනමයි. බිකෝස්... දැන් වත්තෙ හුළං නෙ... (ha ha. get it?)
මමත් ටිකක් වෙලා ෆෑන් එකේ ටෙස්ටින් රවුන්ඩ් කීපයක් ගිහිල්ලා ඒක සාලෙ පැත්තකින් තියල කුස්සියට ගියා. ඒ නෙත්මි උයනකං එයා එක්ක කයිය ගගහ ඉන්න. නෙත්මිටත් ඒක නෝමල් දෙයක් වෙලා තිබ්බෙ.
එදා පන්සලේදි සිද්ද උන අපේ අත්පටලගැනිල්ලෙන් පස්සෙ, අපි දෙන්නා අතරෙ තිබ්බ ආගන්තුක බව සෑහෙන දුරට මැකිලා ගියා. හම්බෙලා පොඩි කාලයක් උනාට මමත් අසාමාන්‍ය විදිහට නෙත්මි පස්සෙන්ම වැටිලයි හිටියෙ. සමහර විට ඒ මෙහෙ කෙල්ලො හිඟ නිසා වෙන්නැති. කොහොම උනත් නෙත්මි කලින්ට වඩා ඕපන් එකේ මාත් එක්ක කතා කලා.
නෙත්මි එයාලගෙ ගෙදර දාලා මෙහෙට එන්න හේතු උන සිද්ධියත් එයා මට පොඩ්ඩ පොඩ්ඩ කිව්වා. ආදර හුටපටක් තමා. ඒත් ලොකු කේස් එකක් මුකුත් වෙලා නෑ. හරිම කේස් එක තාම අභිරහස් ලිපිගොනු යටතේ තියෙන්නෙ. ඉතින් ඒවා පසුවට වාර්තා කරන්නම්.
"සදේශ්..."
නෙත්මි උයන අතරෙම මට කතා කලා.
"ම්ම්ම්ම්ම්..."
"ඔයා ඔය ජනකතා එහෙම දන්නවද? නිකං ඔය තුන වසරෙ හතර වසරෙ වගේ ළමයින්ට වැදගත් වෙන ඒවා..."
"හහ්..? ජනකතා දන්නවද...? ජනකතා දන්නැත්තෙ මොනාද අහන්න... ආයෙ අන්දරේගෙන් පටන් අරන් ඇම්ඩගෙන් ඉවර කරන්නං... උත්කෘෂ්ඨ අග්‍රගන්‍ය වර්ගයේ සිංහල බස් වහරින් පටබැඳි අචේතනික ගද්‍ය පද්‍ය සහ රම්‍ය ජනක ජනකථාංගයන් දහසකුත් එකක් මම ලියල දෙන්නං. මොකක්ද ඔකේශන් එක"
මම කිව්ව කුණුහරප ටික ග්‍රහණය කරගන්න බැරුවද කොහෙදෙ නෙත්මි ඇස් දෙකත් ලොකු කරන් ඉනෙන් හැරිලා මගෙ දිහා බලල හිනා උනා.
"එච්චර ඒවා ඕන්නෑ මෝඩයො... නංගිට නිවාඩු මාසෙ ජනකතාවක් ලියාගෙන එන්න කියලා ඉස්කෝලෙන්... මම මේ ඒකට හොයන්නෙ... පුංචි ඕවා දන්නෑලු..."
"අහ් නංගි කිව්වෙ අර මට ලෝක නඩුවක් දාපු කෙල්ලද?"
"යැයි යැයි... දන්නව නං එයාට ලියල දෙනවද එකක්... මම දවල්ට එක්කන් එන්නං මෙහෙ..."
"අයියෝ එක්කන් එන්න ඕන්නෑ... මම එන්නං... ජංගම ජනකතා සර්විස් එකක් දාමු..."
"නෑ නෑ ඔය මහත්තය ගෙට වෙලා හුළං වැදි වැදි ඉන්න එක ගමට හොඳයි. ඔය මහත්තය එළිබහින්න ඕන්නෑ..."
හරිනෙ අහගත්තා.
"හෙ හෙ... ඒම නෑ... අපි ඒ කාලෙ ඉඳලම හරි තැන්පත්..."
"ඔව් ඔව් මම දැක්කා තැන්පත් කම... මේ මම එක්කන් එන්නම් ඈ... ආදර්ශමත් කාලීන ජනකතාවක් එයාට ලියල දෙන්න..."
"හරි මැඩම්... දෙන්නං දොඹෙන් යන්න... මේම හිටියට මට සිංහල කියන්නෙ සබ්ජෙක්ට් එකක් නෙවෙයි.. මගෙ ලේවල දුවන්නෙ සිංහල... සිංහ ලේ...! හො හො..."
නෙත්මි උයල ඉවර වෙනකංම මම මගෙ පට්අන්දරේ දිග ඇර ඇර කුස්සියට වෙලා හිටියා.
නෙත්මි ආපහු දහයට විතර ගියේ කෑම හදලා වත්තත් අතුගාලා දාලයි. මම ඒ මුලු වෙලාවෙම තිලාපියා වගේ ෆෑන් එක ඉස්සරහට වෙලා වැටිලා හිටියා.
මේ දවස් වල කුඹුරු වල වැඩ නිසා මිනිස්සු හැමතිස්සෙම පාරෙ එහෙ මෙහෙ යනවා. ට්‍රැක්ටර් යනවා, ලොරි යනවා, ඉඳල හිටල ලොකු බෆල් සෙට් දෙක තුනකුත් ගියා වගේ ඇහුනා. මාමයි නැන්දයි නං වැඩට යන නිසා එයාලගෙ කෑල්ලෙ වැඩත් බලන්නෙ සමීරයා. මේ කාලෙට මාමටත් වඩා නැන්දා තමා ඇක්ටිව් එකේ හැමදේම මැනේජ් කරන්නෙ. ඒව ගෑණුන්ට උරුමෙන් එන ඒවනෙ....
"අඹ අයියා... හී...."
දවල් වෙලා මම සාලෙ ෆෝන් එක ඔබ ඔබ ඉන්න අතරෙ, කුස්සිය පැත්තෙ ඉඳල පොඩි කෙල්ලෙක් එක පාටම සාලෙ මැද්දෙන් මගෙ ගාවට දුවන් ආවා.
ආයෙ පාරක් ඒ කෙල්ල දිහා බැලුවම තමා මට මීටර් උනේ මේ අර එදා මට නඩුව ෆයිල් කරපු කෙල්ල කියල. එදයින් පස්සෙ නෙත්මි ඒ කෙල්ලව මගෙ අහලකටවත් එව්වෙ නෑනෙ. ඉතින් මම දැක්කෙත් නෑ පොඩි එකීව.
"ආ... කෝමද ඉතින්... කෝ අක්කා..."
"හී... සරා අක්කා පිටිපස්සේ එනවා... අයියා මට ජනකතාවක් ලියල දෙනවා කීවා... ඇත්තද ඒයි..."
'ඒයි...?' යකෝ පොඩි උන් කතා කරන්නෙත් ගැන්ග්ස්ටර් ටයිප් එකේද..?
"නංගී... කිව්ව නේද දුවන්නෙපා කියල ඕම... හිතුවක්කාරකම ඉහටත් උඩින්..."
නෙත්මිත් කුස්සිය පැත්තෙ ඉඳල සාලෙට ආවෙ මොකක්ද මංදා පොඩි පොතකුයි පැන්සලකුයි උස්සන්. නෙත්මි මගෙ ගාවට එන අතරෙ පොඩි එකී හිනා වෙවී සාලෙ වටේම දුවන්න ගත්තා.
"සදේශ්... මෙන්න මේකෙ කතාවක් ලියල දෙන්න... මෙයාවත් අඬගහගෙන එයා ලව්වා ලියවන්න හරිද... ඉස්කෝලෙ මිස්ගෙ ගෙදෙට්ට අද හවසට ගෙනත් දෙන්න කියලා... මම හවස් වරුවෙ එන්නම් මෙයාව එක්කන් යන්න..."
"ආහ් හරි හරි... මේ... ඔයා එතකොට ඉන්නැද්ද මෙහෙ...?"
මම එහෙම ඇහුවම නෙත්මි අමුතු හිනාවක් දාගෙන මගෙ දිහා බැලුවා.
"නැහැ. මම යන්නෝනෙ දවල්ට උයන්න. පුංචි උදේ ඉඳල කුඹුරෙ වැඩ. ඇයි මොකද එහෙම ඇහුවෙ..."
"අහ් නෑ මම හිතුවෙ ඔයත් ඉඳීවි කියල..."
"මම උයල ඉවර වෙලා එන්නං... එතකං මෙයා ලව්වා ඕක ලියවන්නකො... නංගී... මෙහෙ එන්න... මේ අයියා කියන කතාව ඔයාගෙ පොතේ ලියාගන්න.. දන්නැති අකුරු අයියගෙන් අහගන්න... හවස් වෙන්න කලින් ලියාගන්න හරිද..."
"හී... හා අක්කේ..."
නෙත්මි, පොඩි එකීවත් එතනින් වාඩි කරවල සේරම හදල දීලා මාව ඩේ කෙයාර් මැනේජර් කෙනෙක් කරලා යන්න ගියා. මදැයි සැපේ ෆෝන් එක ඔබ ඔබ හිටියා.
නෙත්මි බාරදුන්න වැඩක්නෙ. ඒවා කඳුහෙල් පර්වත පරදවගෙන හරි කරන්න ඕනෙ නිසා, මමත් වැඩේට සෙට් වෙලා පොඩි එකීට කතාව කියල දෙන්න පටන් ගත්තා.
"මේ... මෙහෙමයි... අපි ලියමු අර පොරෝ තුනේ කතාව... කාලීන එකක් වෙන්නත් ඕනෙ නිසා අපි ඒක පොඩ්ඩක් වෙනස් කරලා ලියමු... හානෙ..."
"මට මොකඋනත් එකයි අඹ අයියො"
"හා හා එහෙනං... ලියන්න ගන්නකො. මෙහෙම පටන් ගන්න. එකෝමත් එක කාලෙක.........."
--------------
පොඩි එකීට පැය දෙකක් විතරම තිස්සෙ කතාව කියල ලියෙව්වා. දවල් වරුවම කුඩු. ඒ වැඩේ ඉවර වෙනකොටම වගේ නෙත්මිත් ආපහු ආවා. එයා උඩින් පල්ලෙන් පොඩි එකී ලිව්ව කතාව බලල මටත් ස්තූතියි කියාගෙන ආපහු නංගිවත් එක්කන් යන්න ගියා.
හවස් වෙලා නැන්දල ගෙදර ඇවිත් ෆෑන් එක දැකලා, මාව සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් ගානට දාල කතා කලා. හම්බෙච්ච පොට්ට ෆේම් එක හින්දා මමත් ඒ වැඩේ නට් ඇන්ඩ් බෝල්ට් වලින් ගහපු එකෙක් නෙවෙයි, ප්‍රෝග්‍රෑමින් වලින් ගහපු එකක් වගේ ෆෑන් ඇතුලෙ නැති ඒවත් දාලා එයාලට හදපු විස්තරේ කීවා.
නැන්ද තේ හදන්න කුස්සියට ගියාට පස්සෙ මමයි මාමයිත් කුස්සියෙන් වාඩි වෙලා කතා කර කර හිටියා.
ටිකක් වෙලා කතා කර කර හිටපු මාමා, එහෙම්ම අනිත් පැත්තට කුඹුරට යන්න ලෑස්ති උනයින් ඒ කතාව එතනින් ඉවර උනා. එයා කුස්සියෙ දොරෙන් එලියට ගිහින් බයික් එක ගාවට යන අතරෙ, ආපහු හැරිලා කුස්සියෙ වාඩි වෙලා හිටපු මට කතා කලා.
"පොඩ්ඩෝ... වැඩක් නැත්තං යමං කුඹුරට... කලිසමක් දාන් වරෙන්..."
"ඇහ්... ඇයි දැන් ගොයම් කපලා ඉවරයි නේද...?"
"කපලා ඉවරයි බං... සුනාමියක් බැස්සුවම ඉතින් තව කරන්න දෙයක් ඉතුරු වෙන්නෑනෙ..."
"එහෙනං ආයෙ වැඩක් නෑනෙ...?"
"ගෝනි ටික පටවලා දාන්න ඕනෙ ලොරියට. මෝලට යවන්න බලන්නෙ හෙට උදේ වෙනකොට. පුලුවන් ඉක්මනට මේ පාර අත පිහිදගන්න ඕනෙ. හාල් අඩුවෙන පාටක් යන්නෙ."
"අහ් හරි හරි... ඉන්න ශෝටක් දාන් එන්නං"
මම එහෙම කියන් කාමරේට යන අතරෙ, නැන්දා මාමට කතා කලා.
"අයියේ... පොඩි එක්කෙනාට බර එහෙම උස්සන්න දෙන්න එපා... මෙයාට ඕවා පුරුදු නැතිව ඇති..."
නැන්දට විතරයි මේ අහිංසකයගෙ දුක තේරුනේ. 'ඔන්න ඔහේ පොඩ්ඩව තියල' යන්න කිව්ව නං තවත් හොඳයි. ඒත් ඉතින් මෙහෙට වෙලා කකා බිබී ඉන්න එකේ මමත් මක්ක මක්ක හරි කොරන්න එපැයි.
"හරි හරි කෙල්ලෙ... ඒවට මිනිස්සු ඉන්නවා... පොඩ්ඩවත් පොඩ්ඩක් ගමේ උන්ට අඳුන්නල දෙන්න ඕනෙ.. දානෙන් පස්සෙ ගොඩක් උන් ඇහුවා පොඩ්ඩා ගැන..."
ඒ දෙන්නා කයිය ගහන අතරෙ මම බැලන්ස් ඩවුන් වෙච්ච ශෝටකුත් ගහන්, මාමගෙ අනිත් හෙල්මට් එකත් අරන් කුස්සිය පැත්තට ආව.
නැන්දට නෙත්මි අතේ කෑම දෙකක් එවන්න කියලා, මාමා මාවත් දාන් බයික් එකේ කුඹුරට ආවා. මම කුඹුරට මෙ දවස් ටිකේම ආවෙ නැති උනත්, ඉස්සර තිබ්බ නිල්ල ගහපු බිම් කෑල්ල වෙනුවට දැන් තියෙන අමුතු හිස් බිම දැක්කම පපුවටත් මොකක්ද උනා. ඒක වචනයෙන් විස්තර කරන්න බැරි අමුතු හිස්බවක්.
"ආ වජිරයා ආවා... සමීරයට එන්න කියාං..."
මාමා කුඹුරෙ අර පත කුඹුක් ගහ යට බයික් එක නවත්තකොටම වගේ, අහල පහල සෙට් එක කෑගහන්න ගත්තා.
හවස උනත්, ලොකු ටෝච් ගහගෙන එතන හතර පස් දෙනෙක්ම හිටියා. පාර අයිනෙම ලොකු ලොරියකුත් නවත්තලයි තිබ්බෙ. මම හිතන්නෙ ඒ වී අරන් යන්න ආපු මුදලාලිගෙ වෙන්නැති.
"වජිර අයියේ... ඔන්න වැඩේ දුන්නා බසවක්කුලමෙන් වාන් දැම්මා වගේ ඈ... ආ සදේශ් මලයා... පේන්න හිටියෙත් නෑ පහුගිය කාලෙ.."
සෙනග මැද්දෙන් එක පාටම මතු උනේ ශෝටක් විතරක් ගහගත්ත සමීරයා.
ඌ සසරාණ පරිණත විටක් කෙලින ගමන් ඉන්නෙ කියල, උගෙ මූණ දැක්ක ගමන්ම මට තේරුනා. විටට රතු වෙලා තියෙන කටයි ඇඟේ එහෙ මෙහෙ තියෙන පිදුරුයි, ටෝච් එලියට පේනකොට, නොම්මර එකේ මහසෝනා කොස්ටියුම් එක.
"ගෙදෙට්ට වෙලා හිටියෙ අයියෙ... හෙ හෙ..."
"එල එල ඒනං... ආ වජිර අයියේ... සුනිල් මාමා ඉන්නවා ලොරිය ගාව... යමන් ගාන කතා කරගන්න... ගෝනි 89ක් තිබ්බා... පට්ට ඵලේ ඈ මේ පාර නං..."
"හා හා වහගනින් කට... ක්‍රෑ... තුහ්... සල්ලි ගන්නවත් වත් හිටාන් පොඩ්ඩක්..."
මාමා සමීරයට කිව්වෙ මගෙ උරහිසට තට්ටුවක් දාන් ලොරිය දිහාට අඩිය තියන ගමන්.
සමීරයා මාමවත් එක්කන් ඒ ලොරිය ගාවට යන අතරෙ මම, කුඹුරේ වී ගෝනි ගැටගගහ හිටපු මිනිස්සු ගාවට ගිහින් සප් එකක් දුන්නා.
මාමගෙ නෑයෙක් නිසා ඒ සෙට් එක මටත් හෙන ලෙන්ගතුකමින් කතා කලේ.
පැය කාලකින් විතර මාමා ආපහු වී ගෝනි ගහපු තැනට ආවේ ශර්ට් එකත් ගලවල ඇඟ හිරි අරින ගමන්. සමීරයා නං කට කණේ තියන් හෙන දුෂ්ඨ හිනාවක් දාගෙන හිටියේ.
"පොඩ්ඩෝ... පැත්තකින් හිටාන්... මේවා උස්සන්න අමාරුයි... ඕන්නං සමීරයා එක්ක දෙපැත්ත දාන් වරෙන්... උටත් මහන්සි ඇති බර ගහන්න..."
"ආහ් හරේ... එහෙම කරන්නං මාමෙ..."
මාමයි එතන හිටපු කීප දෙනයි එක පාරම අරිස්ඨෙ ගහල වගේ buff උනා. ඒ සෙට් එකම ගෝනි ගැටගහන අත්කම් මෝඩ් එකේ ඉඳන් ගෝනි කරගහන මහාඋරගදැවැන්ත මෝඩ් එකට ආවෙ තත්පර කීපෙකින්.
ටවුමෙ එකා කියලා නෝන්ඩි කන්න බැරි නිසාම මමත් සමීරයා බැ කියද්දිම ඌවත් සෙට් කරන් ඌ එක්ක එකතු වෙලා ගෝනි ටිකක් ඇද්දා.
හත හමාරට විතර, නෙත්මියි අනිත් මිනිස්සුන්ගෙ ගෙවල් වලිනුයි කෑම අරන් එනකොට මම, වී ගෝනි ගොඩ ගහපු තැන කුඹුරෙ ඩවුන් වෙලා හිටියෙ. ගෝනි පහයි ඉස්සුවෙ අතේ ගෝල කුහර සන්ධිය, සමචතුරස්‍ර වෙලා ගියා.
"කාලා හිටාංලා... ඕව නවත්තල වරෙන්... පොඩ්ඩෝ... නෙත්මි ආවා... අවුල් නං නෙත්මි එක්ක පලයන් ගෙදර... මම බලාගන්නං මෙහෙ වැඩ ටික..."
මාමා, බිම වැටිලා හිටපු මගෙ ගාවට ආවේ අනිත් මිනිස්සුන්ටත් කෑගහගෙනමයි.
"ආහ්... අවුලක් නෑ... මෙ.. මේවා නතින්..."
"හහ් හහ් හා... හා හා එහෙනං.. ඔහොම ඉන්නවකො... යමන් අතපය හෝදන් එන්න.."
"යමු යමු..."
මම නැගිටලා මාමා පස්සෙන් යන අතරෙ, නෙත්මි කුඹුක් ගහ ගාව ඉඳල අපේ පැත්තට එන ගමන් හිටියෙ.
ඒත්... ටෝච් එලියට පේන විදිහද, නැත්තං මට මහන්සි නිසා විකාර පේනවද මංදා, නෙත්මිගෙ මූණෙන් නිකං දස මාර සේනා පිටවෙනවා වගේ..!
ඒක මුලාවක් නොවේ යථාර්ථයක් බව මට තේරුනේ ඊළඟ මොහොතෙ, නෙත්මිගෙ අතින් මගෙ ඔලුවට වැදුනු පූර්ණ අප්‍රත්‍යස්ථ ටොක්කෙන් පස්සෙයි...
"ඈ මෝඩයෝ... දවල් මොකක්ද අර කෙල්ලට කියල දීලා තියෙන කතාව... ඈ... ඒක ජනකතාවක්ද...?"
"හහ්..?