ගමේ කෙල්ල

ගමේ කෙල්ල


~ අවසන් කොටස ~

.
මතකනෙ... නෙත්මි එක්ක සම්තින් සම්තින් ටෝකකින් පස්සෙ, මමත් පොඩි රොමෑන්ටික් වදන් කෑලි දෙක තුනක් හලල එයාගෙ ඔලුවට කිස් එකක් දුන්නනෙ...


කලින් කොටසට



එතැන් සිට...


"ඊයෙ තැනටම යමු නේ සදේශ්... අනේ වැඩිය මිනිස්සු ඉන්න තැන් වල හරි කරදරයි නාගන්න ගියාම..."


කැලේ අස්සෙන් මට ඉස්සර වෙලා යන නෙත්මි, ඔලුව පොඩ්ඩක් පැත්තට හරවල මගෙන් ඇහුවා. එයාගෙ අතක තිබ්බ පොඩි ප්ලාස්ටික් බකට් එකත්, ඒ ගමන්ම එයා අනිත් අතට ගත්තා.


"ම්ම්ම්ම්ම්... ඔව් ඔව්... ඒක තමා..."


"එහෙම කරමු ඒනම්..."


"ම්ම්ම්ම්ම්ම්... ඒකනෙ... නේ.... හහ් හහ්..."


නෙත්මි එක පාරටම ඇවිදින එක නවත්තල පිටිපස්ස හැරිල මං දිහා බැලුවා. ඒත් ඇස් දෙකේ දෘෂ්ඨි පරාසය, පොළවෙ ඉඳල අඩි තුනක විතර උසක තිබ්බ නෙත්මිගෙ පශ්චාත් භාගෙට අල්ලන් ආපු මම, ඒක දකින්නැතුව ගිහින් 'බොක්' ගාලා නෙත්මිගෙ ඇඟේ වැදුන.


"මොකක්ද මෝඩයො කරන්නෙ... ඇස් කටේ තියන් යනවද මංද..."


"අහ්... සොරි සොරි... මේ... මම මේ... පොඩි බඩ්ඩක් හිත හිත ආවෙ..ම්... ම්ම්ම්... මේ... හී..."


"මේකා නං මහා..... වැඩක් නෑ කතා කරල... මෝඩයා..."


නෙත්මි සැරෙන් වගේ ඒක කියල, පොඩ්ඩක් හිනා වෙලා ගස්සගෙන ආයෙ යන්න පටන් ගත්ත. මම දැන් බලනව කියල දන්න නිසා, කලින්ටත් වඩා වනනවද මංදා. මොකද මෙච්චර වෙලා උඩ පහළ ගියේ ටූ-ස්ටොක් ඇන්ජිමක් වගේ පළු දෙක විතරයි. දැන් එකපාරටම ෆෝ-ස්ටොක් ඇන්ජිමක් වගේ පපුවෙත් මොනාද උඩ පහල හෙල්ලෙනව.


ඕව බල බලම පොඩි වෙලාවකින් අපි ඊයෙ ආව තැනටම ආපහු ආවා. ඊයෙට වඩා අද ආව දුර අඩුයි කියල තේරුනේ, සමහරවිට පාර පොඩ්ඩක් පුරුදු නිසා වෙන්නැති.


අපි වැව් මායිමට ආපු හැටියෙම නෙත්මි එයාගෙ බාස්කට් එක බිමින් තියල ඒක අස්සෙ තිබ්බ සබන් අනං මනං දේවලුයි එයාගෙ චීත්ත රෙද්දයි එලියට ගත්තා.


"කෝ සදේශ්... ඔය උඩ එක ගලවල බාස්කට් එකට දාන්න..."


මම වැව් ඉවුර ගාව තිබ්බ පොඩි ගලක් උඩ නැගගෙන වැවේ ඈත බලන් ඉන්නව දැකල නෙත්මි කිව්වෙ, බාස්කට් එක ඇතුළෙන් ගත්ත එයාගෙ චීත්ත රෙද්ද එයාගෙ කරට දාගන්න ගමන්.


මම සුටු ගාලා බැහැල, හල්ක් ශර්ට් එක ඉරාගෙන කොල කැත එකා වෙනව වගේ, මගෙ ශර්ට් එක ස්ටයිල් එකට ගලවල දාලා නෙත්මි අතට දුන්නා.


"ඉක්මනට නාගන්න සදේශ් හොඳේ... ඊයෙ වගේ වෙලා ගන්න එපා... මෙතන හුළං සැරයි... පපුවට හුළං වැදුනොත් ඔයා ලෙඩ වේවි..."


"හෙ හෙ... මේව ඇන්ටයි ඉමියුනිටි බොඩි ඈ... එහෙම ලේසියෙන් ඩවුන් වෙන්නෑ මේ පොඩි හුළඟකට... අපිව ලෙඩ කරන්න නං සුළි සුළඟක්වත් එන්න ඕනෙ..."


"අනේ මේ... වී ගෝනි ටිකක් උස්සල වැටුනු මනුස්සයා කියන කතානෙ මේ... පණ්ඩිතකම නං තියෙනව ඔක්කොටම හරියන්න මෝඩයගෙ... මේ... මම මේක ඇඳගෙන එන්නං... ඔයා එතකං නාගන්න ගිහිල්ල..."


නෙත්මි එයා අතේ තිබ්බ චීත්තෙත් අතේ ගුලි කරගෙන කැලේ පැත්තට යන්න හැරුනා.


සැක්... මෙහෙම ඉවෙන්ට් එකක් ලයිව් බලන්න තිබ්බ නං... කෝකටත් කියල ඒ චාන්ස් එකත් ගම්මු...


"ඉතින් මොකටද කැලේට යන්නෙ...?"


කැලේ දිහාට යන්න හැරුණු නෙත්මි, මූණ අමුතු කරන් හිනා වෙලා මගෙ දිහා බලල කතා කලා.


"මොකක්...! ඔහේ මෙතන ඉඳිද්දි මට ඇඳුම් මාරු කරගන්නද කියන්නෙ... හොඳට තියෙයි... වෙන මිනිහෙක් නං කමක් නෑ... ඔහේව නං විශ්වාස කරන්න බෑ සතේකට..."


"අනේ අපි ඕව දැකල නැති ඒව ඈ... මම නං ඕනෙතරං දැකල තියෙනව... හො හො..."


"අපෝයි ඔව්... දවසක් උදේක මම එනකොටත් ඔක්කොම එලියෙ දාන් කටත් ඇරන් බල බල හිටියෙ ගෑණු හෙලුවෙන් දඟලන එකක්... නේද... ඒකම තමා ඔහේව මට විශ්වාස නැත්තෙ... මෝඩයා..."


"හී හී... ඔන්න ඕක මෙහෙ ඉඳල ඇඳගන්න අනේ... මම අහක බලන් ඉන්නංකො..."


මම එහෙම කියාගෙන හිමින් සැරේ ඇඳන් හිටපු ශෝට පිටින්ම වැවට බැහැල ගැඹුරට ඇවිදන් ගියා. ඉනක් ගාවට විතර එනකංම ඇවිදන් ගිය මම සේපට නිකං පැත්ත බලනව වගේ ලයින් එකේ ඇස් කොණින් බැලුව නෙත්මි ගියාද කියල.


එයා කලබලෙන් වගේ ටිකක් වෙලා දෙපැත්ත බල බල එතනම ඉඳල, ඊළඟට අතක් පස්සට කරල ගවුමෙ සිප් එක ඇරල, කර ගාවින් විතරක් පන්නල, එයාගෙ බෝල සබන් දෙක ගාවටම පහළට කලා. දැන් නිකං ගවුමෙ උඩ කොටස කඳු ගැට්ටක රැඳිල තියෙනව වගේ. well.. ගැට්ටක් නොවේ ගැටිත්තක්... හො හො...


ඊට පස්සෙ එයා චීත්තෙ ඇඟ වටේම ඔතාගෙන ඉවර වෙලා, සුටුස් ගාලා ගවුම පහළට හැලුව. ඕක කෙලින්ම බලන් හිටිය නං මගෙ හක්කත් වැටෙනව ඒ වේගෙන්ම බිම. බිකෝස් ගවුම වැටෙන වෙලාවෙ තත්පර දශම ගානකට විතර එයාගෙ පපුවෙ තිබ්බ මොකක්දෝ අඳුරු පැහැ පැල්ලම් දෙකක් මගෙ නෙත ගැටුනා


චුට්ටකින් නෙත්මි ඊයෙ වගේම චීත්තෙ එහෙ මෙහෙ කරන් ඇඟට හිරට ඇඳගත්තා. එයා ඇඳන් ඉඳල ගලවපු ගවුම ළඟ තිබ්බ පොඩි පඳුරක් උඩට දාලා, එයත් වතුරට ආවා.


මම නිකං එයා වතුරට එන සද්දෙට ඒ දිහා බැලුව වගේ ලයින් එකේ එයා පැත්තට හැරිල කතා කලා.


"නෙතූ... හරිද ඇඳගත්තද..."


"අනේ මේ... මට ඇස් පේන්නෑ කියල හිතුවද... මම දැක්කා ඔහේ හොරාට බලන් ඉන්නවා..."


"ආ... එහෙනං දැක්ක නං පෙන්න පෙන්න හිටියෙ මොකෝ... යන්න එපැයි කැලේට..."


"මොකක්ද කිව්වෙ... ආ... කියනව බලන්න..."


නෙත්මි හරි සැර ස්වරූපෙකින් එහෙම අහල, මගෙ ඇඟට වතුර පාරක් ගැහුව. 


"ඒයි.... මේ... කටෙත් ගියා මගෙ... තුහ්..."


"කටේ නෙවේ යවන්න තිබ්බෙ... මෝඩයා..."


සැරෙන් කිව්වත්, මම තෙමිච්ච කුකුල වගේ බාගෙට තෙමාගෙන ඉන්නව දැකල එයා හිනා උනා.


"සදේශ්...."


"ම්ම්ම්ම්ම්ම්..."


"දැන් නාගන්න ඉක්මනට... තව හවස් වෙනකොට වහී අද... තාම වැහිකළු නැති උනත් වහින පාටක් තියෙන්නෙ..."


"හරී ඒනම්... නාගන්නං... මේ... ඒක නෙවේ..."


"මොකද..."


"මේ පැත්තට ඇත්තටම කවුරුත් එන්නෑද..."


"ඒ කිව්වෙ... නාන්න එන්නැද්ද කියලද අහන්නෙ...?"


"නාන්න හරි මාලු අල්ලන්න හරි කසිප්පු පෙරන්න හරි මොනාට හරි... මෙහෙට කවුරුත්ම එන්නැද්ද..."


"මේ ඉසව්වෙ හුළං සැරයි ගොඩක් වැවේ... වටේම කැලේ නිසා වෙන නාන්න තැනුත් නෑ... මාලු අල්ලන්න එන්නෙත් නෑ එහෙමට... ඉස්සර නං මම ඔරුවක් දැකල තියේ මීට ටික කාලෙකට කලින්... නැත්තං ඉතින් මේ හරිය හරි හුදකලායි... මොකෝ එක පාරටම එහෙම ඇහුවෙ... බය හිතුනද... පණ්ඩිතයට..."


"අහ් නෑ නෑ... අපි බය වෙයි ඕවට..."


නෙත්මි කින්ඩි ලුක් එකකින් මං දිහා බලල, එක පාරක් දිය යටට ගිහින් උඩට ආවා.


වතුර යටට ගිය විදිහ නෙවේ වතුරෙන් උඩට එනකොට රජතුමනි...! සම්මා සංකාරං...


මගේ සිත කය වචනය කියන තුන් දොරින්ම පැණි හැලෙන අතරෙ, වෝටර් ලෙවල් එකෙන් යට තියෙන තව ලීවර් එකකුත් එක පාරටම කෙලින් උනා ඒක දැකල.


වතුරට තෙත් උන චීත්ත රෙද්ද ඇඟටම ඇලිල ගිහිල්ල. ඉන ගාවින්ම පටන් ගන්න දහඅටවංගුව වගේ නැම්ම, ආයෙ පපුව ළඟට එනකං ස්මූත් එකට බේරිලා ඇවිල්ල. අද ඊයෙ දැක්ක නැති දේකුත් මට පෙනුනා...


චීත්තෙට උඩින්, නෙත්මිගෙ පපුවෙ තිබ්බ පුළුන් කොට්ට දෙක උඩ පුංචි ගැටිති දෙකක් වගේ ඉලිප්පිලත් පේනවා...!!!


ඒ ගමන නං අර කලින් කෙලින් උන ලීවර් එක පුපුරල යනව තව ඩිංගෙන්... ඒ තරමටම කාමුක දර්ශනයක් ඒක...


අනික බං, කෙල්ලො ෆුල් උපන් ඇඳුමෙන් ඉන්නවට වඩා අමුතු ලුක් එකක් තියෙනව (නගිනව) ඇඳුම් ඇඳගෙන එහෙන් මෙහෙන් පෙන්නනකොට. මෙතනත් ඒ සංසිද්ධියම තමා පරාවර්තනය වෙන්නෙ.


"සදේශ්... කෝ ඉක්මනට නාගන්නකො... ඔලුව හෝදගෙන ගිහින් සබන් ගාගන්න..."


නෙත්මි තව පාරක් වතුර යටට ගිහින් ඇවිත් එයාගෙ කොණ්ඩෙ අස්සෙන් ඇඟිලි දාන් මොකක්ද කරන අතරෙ මට කිව්ව. එතකොටයි මමත් පියවි සිහියට ආවෙ.


"ආ මේ... ඔව් ඔව්... ඉන්න..."


නානවට වඩා කරන්න බලන්න ඒව තිබ්බ උනත්, මම පොඩ්ඩක් වෙලා වතුරෙ නටල නටල සබන් ගාගන්න කියල ගොඩට එන්න හැදුව.


ඒත් වතුරෙ ඉඳන් ඉවුර දිහාට යනකොට තමා තේරුනේ, අර කලින් කෙලින් උන ලීවර් එක තාම ඕෆ් වෙලා නෑ කියල. මල හත්තිලව්වයිනෙ දැන්..!


ටෙන්ට් එක ගහගෙන මේකිට පේන්න ගියොත් එහෙම මේකි ගහයි අහවල් එක කැඩිල යන්න. එහෙම කෙල්ලෙක්නෙ මේ ලස්සනට සෙස්සියට හිටියට.


මම ඉන ගාවට විතරක් වතුරෙ බැහැන්, ගොඩට යන්නැතුව තටමනව දැක්ක නෙත්මි, මටත් කතා කරන ගමන් ගොඩට ගියා.


"අයියෝ කෝ එන්නකො... කීපාරක් නං කියන්නද අප්පා... ලෙඩක් හැදුනම තමා තේරෙන්නෙ..."


නෙත්මිට මම මේ ඉන්න තත්වෙ කෝමද කියන්නෙ මගෙ දත් ඇන්ද ගලවගන්නැතුව...


කවියකින් වත් කියමුද...


නාගෙන එන්න මා ගිය කල වැව් කටට...

පෙනුනා රුවක් ඉලිපුනු තන පුඩු ඇසට...

නැග්ගා නැගිල්ලක් මට එකසිය හැටට...

කිව්වට සමාවෙනු මැන මගෙ මේ කටට...


"මේ.... නෙතූ..."


"ම්ම්ම්ම්ම්ම්ම්ම්... ඒ ගමන මොකක්ද... තව වතුරෙ නටන්න ඕනෙද... පොඩි උන් වගේ අනේ ඔයත් වෙලාවකට...."


"හෙ හෙ... නෑ නෑ... මේ... ඔයා සබන් ගාගන්නකො... මම ටිකකින් එන්නං..."


"මෙන්න මෙහෙ එනව එක පාරක් කිව්වම... කෝලං කරනව... මේ හුළං වදින වෙලාවෙ තෙමිල අසනීප උනාම මම තමා බැනුම් අහන්නෙ අන්තිමට..."


"නෑ නෑ ඒම එකක් නෙවේ... මේ පොඩි ප්‍රශ්නයක්... ඒකයි..."


"මොකක්ද..."


"මේ... අර අරක මගෙ... කෙලින් වෙලානෙ..."


කිව්වා අමුවෙන්ම පර්ල් වරායට බෝම්බ ගැහුව වගේ. ආෆ්ටර්මැත් එකක් ගැන හිතුවෙත් නෑ. වා නං වා... පෝ නං පෝ... කම්මග්ගෝ චිකාගෝ... බුහා හා හා හා..


"මොකක්...! ඊයා... පෙනේද මුගෙ තියෙන වල්කම... මෙන්න මෙහෙ එනව මගෙන් ගුටි නොකා..."


නෙත්මිත් කියන එකේ, මම ගට ගලවල අතට අරගෙන අර මැඩගස්කර් ෆිල්ම් එකේ හිපපොටේමස් කෙනෙක් එන්නෙ වතුර යට ඉඳල උඩට, අන්න ඒ වගේ ගැම්මෙන් වැවෙන් ගොඩට ආව.


'ටෙන්ට් එක යන්න මම එන්නං' සීන් එකේ හැබැයි.


මම හිතුවෙ නෙත්මි මල පැනල මගෙ කණට ගහයි කියල. ඒත් එයා හිනා වෙලා අතින් කටත් වහගෙන හොරාට එක පාරක් මගෙ කලිසම දිහා බලල, සබන් කැටෙත් අරන් මං ගාවට ආව.


"ඔහේ වගේ ප්‍රසිද්ධියෙ වල් වැඩ කරන කොල්ලෙක්ව මම දැකලම නෑ... එක්කො එක අතකට ඒකත් හොඳයි... බොරුවට රඟපානවට වඩා තමන්ගෙ ඇත්ත තත්වෙ පෙන්නන එකට..."


මෙන්න බොලේ නෙත්මිගෙන් ප්‍රසංසා... වැවේ නාලා කණ බ්ලොක් වෙලා විකාර ඇහෙනවද කොහෙද...


"ආ සබන් ගාගන්න... ගොඩක් වෙලා ඉන්නෙපා හොඳේ..."


"හෙ හෙ... හරි මිස්..."


"අනිත් පැත්ත හැරිල ගාගන්නව... මගෙ දිහාට එහෙම ඕක දික් කරන් ඉන්නව නෙවේ..."


නෙත්මි මෙහෙම කැශුවල් කතා කරන එකට මට පොඩ්ඩක් පුදුමත් හිතුන.


මම නෙත්මිගෙ අතින් සබන් කැටේ අරගෙන පට පට ගාලා සබන් ගාගත්තා. නෙත්මි ගාන ශැම්පු එක මට සෙට් නැති නිසා, මම සබන් කැටෙන්ම එහෙම්ම ඔලුවටත් ඇල්ලුව.


සබන් ගාලා කරල ඉවර වෙලා, මම ආයෙ වැවට පැනල නෙත්මි ඔක්කොම පද්ද පද්ද සබන් ගාන දිහයි, චීත්තෙ ලිහන ලිහන සැරේට අස්සෙන් පේන ඒවයි බල බල හිටියා.


මම කටුස්ස වගේ එයා දිහාම බලන් ඉන්නව දැකල එයත් ඉක්මනට ආයෙ වැවට බැහැල නාගත්තා.


මට ගොඩක් වෙලා වතුරෙ නටන්න උන්නෑ. නෙත්මි මාව ගොඩට ඇදන් යන්න කියල මං ගාවට ආව වතුරෙ බැහැගෙන.


"කෝ එන්න සදේශ්... දැන් යං... ඔයා ගැඹුරට යනව වැඩී හොඳද..."


"දැන්ම යනවද... පොඩ්ඩක් ඉම්මු තව..."


"මෙන්න මෙහෙ එනවා... කෝලං..."


නෙත්මි මගෙ විරෝධතාව මැදම මගෙ අතකින් ඇදන් ගොඩට යන්න පටන් ගත්තා.


මෙච්චර වෙලා දැක්ක ඒවයි, දැන් පෙනුන ඒවයි, නෙත්මිගෙ ස්පර්ෂයයි, සීතලයි, හුළඟයි ඔක්කොම නිසා මට අදත් නෙත්මි ගැන අමුතු, පාලනය කරගන්න බැරි උන ආශාවක් ඇති උනා...


මටම අවනත නොවුන මම, ඊළඟ මොහොතෙ නෙත්මිගෙ ඉනෙන් අල්ලල ඇදල අරගෙන මගෙ ගාවටම ගත්තා.


"ස... සදේශ්... මේ මොකෝ..."


මම නෙත්මි අහපු දේට උත්තර නොදී, එයාගෙ මූණට පාත් වෙලා එයාගෙ තොල් දෙක හිමීට කිස් කලා.


නෙත්මි බයවෙලා හිටියත්, එයා මුලින් මට විරුද්ධ වෙන්නැතුව ටිකක් වෙලා මගෙ තොල් දෙකට බර වෙලා මට එයාව රසවිඳින්න දුන්නා. ඒත් ටිකකින් එයා මගෙ පපුවට අත් දෙකම තියල මාව පොඩ්ඩක් එහාට තල්ලු කරල කතා කලා.


"සදේශ්... පිහිදගෙන ඉමු ඉක්මනට... හානෙ..."


"ම්ම්ම්ම්ම්... ඒනං ඊට පස්සෙ කරමු..."


"මෝඩයෙක් මහ... ගොඩට යංකො මුලින්..."


නෙත්මි හරිම හිමීට පැහැදිලිව ඒ දේවල් කිව්වෙ ලැජ්ජාවෙන් උනත්, එයා මගෙ ඇස් දෙක දිහා කෙලින් බලාගෙනයි කතා කලේ.


නෙත්මිගෙ කොණ්ඩෙ දිගේ බේරිලා වැටුන වතුර බිංදු හිමින් සැරේ ආයෙ වැව් තලේට වැටි වැටි රැලි නගන තරමටම අපි දෙන්න අවට ජල ස්කන්ධය සන්සුන් වෙලයි තිබ්බෙ.


ගොඩට ඇවිල්ල පිහිදගෙන, අපි දෙන්නම ඇඳුම් ඇඳගෙන ඉවර උනාට පස්සෙ, නෙත්මි තෙත ඇඳුම් ටිකයි සාලු දෙකයි අරගෙන බකට් එකට දාන්, මට කතා කලා.


"දැන් යමු සදේශ්... තව හිටියොත් කළුවර වැටෙයි..."


කතා කරන ගමන්ම එයා මං ගාවට හිමින් හිමින් ඇවිදන් ඇවිල්ල මගෙ ගාවින් නතර උනේ හරියට, මම දැන් කලින් නතර උන තැනින් ආයෙ පටන් ගන්න ඕනෙ වගේ බැල්මකින්.


මටත් මොකෝ. මමත් සතා නිසා, එහෙන් මෙහෙන් පටළවං තේරුම් ගත්ත නෙත්මිගෙ සංඥා අනුව මම ඔපරේශන් මල්සරා-වන් පටන් ගත්තා.


"තව ටිකකින් යං නෙතූ... කෝ දෙන්නකො ඔය බකට් එක... බරත් ඇති..."


"තව මොනව කරන්නද අනේ... දැන් නාලා ඉවරනෙ... හුළං වදීවි..."


"හුළං තියෙන්නෙ වදින්න තමා අප්පා... කෝ දෙන්න බාස්කට් එක මෙහෙට..."


මම නෙත්මිගෙ අතේ තිබ්බ බාස්කට් එක උදුරල අරන් ඒක බිමින් තියල, එයාගෙ අතින් අල්ලල මගෙ ගාවට ඇදල ගත්ත.


"මෙහ්හ්හ් මේ මොකෝ..."


නෙත්මි කලබලෙන් වගේ ඇහුව උනත්, මගෙ ඇඟේ ඇවිල්ල වැදුන ගමන් එයා ලැජ්ජාවෙන් වගේ බිම බලාගත්ත.


"නෙතූ..."


"ම්ම්ම්ම්ම්ම්..."


"මාව විශ්වාසද..."


"ටි... ටිකක්... ඇයි එ... එහෙම අහන්නෙ..."


"මං ඔයාට නරකක් කරන්නැහැ හොඳද..."


"වෙ... වෙන මොකටද ඉතින්... යනව යන්න බො... බොරු නොකිය... මම දන්නැද්ද..."


නෙත්මි තරහෙන්, ඒත් හරි ලැජ්ජාවකින් ඒක කියල හිමීට මගෙ පපුවට එකක් ගැහුව අත උස්සල.


"ම්ම්ම්ම්ම්... ඒනං ඇයි දැන් මගෙන් එහාට වෙන්න හදන්නැත්තෙ...?"


"ම... මට ඕනෙ නිසා... ඇයි මොකෝ..."


"මෙහෙ බලන්න..."


මම එහෙම කියන ගමන්, නෙත්මිගෙ නිකටෙන් ඇඟිල්ලක් තියල එයාගෙ මූණ උඩට ඉස්සුවා. නෙත්මිගෙ ඇස් දෙක ලොකු වෙලා... එයා වේගෙන් හුස්මත් ගන්නවා...


ආශාවත් බයත් සැකයත් විශ්වාසයත් අතර දෝලනය වෙන හැඟීම් ගොන්නකට මැදිවෙලා ඉන්න මේ කෙල්ලගෙ නියමම ලස්සන පේන්නෙ දැනුයි...!


නෙත්මි මූණ උස්සන් මං දිහා බලන් ඉන්න අතරතුරේදිම, මම හිමින් එයාගෙ මූණට ළං වෙලා ආපහු පාරක් ඒ රස්නෙ තොල් දෙක සිපගත්තා.


නෙත්මි එයාගෙ අත් දෙක හිමින් සීරුවෙ මගෙ පපුව දිගේ උඩට අරන් ඇවිල්ල, මගෙ කම්මුල් දෙක දෙපැත්තෙන් තියාගත්ත.


මමත් එයාගෙ ඉන වටේට අත් දෙක දාගෙන මගෙ ඇඟට තදකරගත්තෙ, මේ කෙල්ල ගැන ආශාවට එහා ගිය අමුතු බැඳීමක් මගෙ හිතේ උඩු දුවන බව තේරුනාට පසුවයි...


අපි දෙන්නගෙ ඒ සිපගැනීමෙන් ආරම්භ උනේ ගම්මානයක උපන් දෙහදක ආදර කතාවයි... ඒ මෘදු තොල් වෙලා ගැනීමෙන් මේ අවසන් වන්නේ ගමේ කෙල්ල කෙටි නවකතාවයි...


අවසානය...!


රචකයාගේ සටහන :


රැඳිල හිටපු හැමෝටම ගොඩක් ස්තූතියි... ගමේ කෙල්ල සහ වීදි පුරඟන කතා දෙකම මම පෞද්ගලික ප්‍රශ්න කීපයක් මැද නතර කරල ආපහු ලියන්න ගත්ත කතා. කතාවල ආරම්භයේ තිබ්බ ආසාව ඒ මද විරාමයත් එක්කම මගෙන් නැති වෙලා ගියා. ඒකයි දැනුත් කතාව දෙන්න පරක්කු උනේ ගොඩක්. කොහොම උනත් මින් ඉදිරියට අලුත් කතාවක් සමග මම සුපුරුදු විදිහටම රචකයෙක් ලෙස ඔයාල ගාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නව.


කතාව නොදීපු එක සහ කතාව ඉවර කරපු එක සැලකුවම මට අයිතියක් නෑ කාගෙන්වත් කමෙන්ට් ඉල්ලන්න. ඒ නිසා කිසිම ගැටළුවක් නැහැ කමෙන්ට් දැම්මෙ නෑ කියල. කතාව කියවල පොඩි වෙලාවකට හරි සතුටු උනා නම් හෝ හිතේ තිබ්බ ප්‍රශ්නෙකින් පොඩ්ඩකට හරි මිදෙන්න පුලුවන් උනා නං, රචකයෙක් හැටියට මම ගොඩක් සතුටු වෙනව. සහ ඒක කමෙන්ට් වලට වඩා මට වටිනව. ගොඩක් ස්තූතියි නැවතත් හැමෝටම. මට සහ කතාවට දක්වපු ආදරේට. අලුත් වෙනස් කතාවකින් හම්බෙමු.


Report Page