ගමේ කෙල්ල

ගමේ කෙල්ල

18

~ දහඅටවන කොටස ~

.
මතකනෙ... නෙත්මි එක්ක කොමල පපා සිනහ නගා ඉන්න වෙලාවෙ සමීර අයියා බහිරවය වගේ මැදට පැනල ඒ කතාවෙ හිඩැසක් හැදුවනෙ...


කලින් කොටසට



එතැන් සිට...


"සමීර අයියා... මොකෝ මෙහෙ..."


මම නෙත්මිට කුස්සියෙන්ම ඉන්න කියල, ඉස්සරහ දොර ඇරල සමීරයට කතා කලා. මාමා උදේ කියල ගියා වගේම මම මුකුත් නොදන්න ලයින් එකෙන් සේපට ටෝක දුන්නා.


"මලේ මේ... පොඩ්ඩක් උදව්වක් ඉල්ලන් ආවෙ... කන්න බොන්න ගේන්නත් ඕනෙ... අතේ කීයක්වත් නෑ බං ඊයෙ වැඩක් පලක් කරන්නත් උන්නෑනෙ... උඹ ගාව නැද්ද බං ණයට ගන්න කීයක් හරි... මම ලොවෙත් දෙනව ඈ..."


සමීරයා තග දාන් ගමේ හිටියට, මේ වෙලාවෙ නං මෑන්ගෙ මූණෙන් පෙනුනෙ බයාදුකම මිශ්‍රිත අසරණබවක්.


"රුපියල් තුන්දහක් තියෙනව අයියෙ. මාමා කියල ගියේ ආවොත් දෙන්න කියල..."


"අඩේ... වජිර අයියට මම දෙන්නං කියහං ඈ... අද හවස මම යනව සුනාමි පාරක් ගහන්න... ඒකෙන් ණය බේරන්නං..."


"ඒව මාමා එක්ක කතා කරගන්න අයියෙ... ඉන්න පොඩ්ඩක්..."


මම ඉක්මනට කාමරේට ගිහින්, කාමරෙ මේසෙ උඩ තිබ්බ රුපියල් තුන්දහ අරන් ඇවිත් සමීරයට දුන්නා. ඌ හෙන අසරණ ලුක් එකකින් දාහෙ කොළ තුන අරගත්තට, ඊට පස්සෙ නං රජා වගේ මටත් කතා කරන් එලියට බැහැල යන්න ගියා. ඒ යන ගමන් මාමලගෙ වත්තෙ වැටට ගහපු ලොකු වැටමාර කණුවකට බුලත් කෙල පාරකුත් ගහගෙනමයි ගියේ.


කන්න දුන්න අතින් කොස් ඇට බාවනව කියන්නෙ ඔන්න ඕකට තමා.


ඌ යනකං ඉඳල මම ඉස්සරහ දොරත් වහන් උඩ පැන පැන කුස්සියට ගියා නෙත්මි එක්ක දැන් ඩිස්ටි ඩිඩිං පාරක් දාන්න පුලුවන්නෙ කියල හිතාගෙන.


"සමීර අයියා ගියාද සදේශ්"


මම කුස්සියට ගිය ගමන්ම, මගෙ කෝප්පෙට තේ වක්කරන ගමන් හිටපු නෙත්මි මගෙන් ඇහුව.


"ඔව් ඔව්... මාමා උදේ සල්ලි දීලා ගියා ඌ ඇවිල්ල සල්ලි ඉල්ලුවොත් දෙන්න කියල. ඌ ඉතින් ඒක තමා ආව ගමන්ම කලේ..."


"වජිර මාමා තමා එයාව නරක් කරන්නෙ... එයා පොඩි එකෙක් නෙවේනෙ... වගකීමක් ඇතුව වැඩ කරන්න දන්නැත්තං අතෑරල දාන්න ඕනෙ... හැමදාම ඔහොම කරතෑකියැ"


"හෙ හෙ... මම නං දන්නෑ ඕවා..."


"ම්ම්ම්ම්ම්ම්... තේක බොන්නකො දැන්..."


"හී... හරී... ඔයාටත් එක්ක හදාගත්ත නේ..."


"ඔව් මම කහට ටිකක් හදාගත්තා..."


"හරේ..."


නෙත්මිත් පොඩි වීදුරු කෝප්පෙකට කහට එකක් හදන්, මං ගාව තිබ්බ අනික් පුටුවෙන් ඇවිල්ල වාඩි උනා.


මේක තමා නෙක්ස්ට් ඇටෑක් එකට හොඳම වෙලාව...! බුහා හා හා...


"මේ..."


පුටුවෙ වාඩි වෙලා හිටපු නෙත්මිගෙ කලවකට හිමීට අතක් තියන් මම එයා දිහා බලන් කතා කලා.


"ම්ම්ම්ම්ම්ම්ම්..."


"ඔයා නැන්දට කිව්වද අර මම ඔයාට අපේ ගෙදර ඉඳන් යන්න පුලුවන් කිව්ව කතා ටික... නැන්ද ඊයෙ ආව ගමන් මගෙන් ඇහුව මම ඔයාට එහෙම දෙයක් කිව්වද කියල..."


නෙත්මි ඇස් දෙක ලොකු කරන්, පොඩි එකෙක් වගේ අතින් කටත් වහන් හිනා වෙවී බිම බලන් ඔලුව වනල 'ඔව්' කියල ඇඟෙව්ව.


"මරු වැඩ තමා කරන්නෙ... මට කට උත්තර නැති උනා මාමල කොහොමද ඒක දැනගත්තෙ කියල හිතිල..."


නෙත්මි හිනාවෙන්ම මට කතා කලා.


"සුභෝද නැන්ද දවල් කෝල් එක ගත්ත වෙලේ මම කීවා ඉතින්... එයාලත් බොරුවට දැඟලුවොත් එහෙම ඒ දේවල් වලට... ඔයා ඇත්තටම නේ කිව්වෙ ඒක..."


නෙත්මි හිනාවෙන්ම කතා කරන් ගියත්, එයා අන්තිම ප්‍රශ්නෙ මගෙන් අහන වෙලාවෙ නං එයාගෙ මූණෙ තිබ්බෙ සැකමුසු බයක්.


"ඔව් ඔව්... උදේ මම අම්මලට කිව්වා... වැඩිය මුකුත් කියන්නත් කලින්ම අම්මා කිව්වා ඔයාට එහෙ ඉඳල යන්න පුලුවන්නෙ කියල... ඕව ඉතින් රිස්ක් ෆ්‍රී වැඩ..."


නෙත්මි ටිකක් ලොකු හුස්මක් අරන් ආයෙ පාරක් හිනා උනා සැහැල්ලුවෙන්.


"හී... සුභෝද නැන්දට මම හැමදේම කියනව ඉතින්... ඕන්නං ආයෙ නොකිය ඉන්නංකො මං..."


"අනේ නෑ නෑ එහෙම දෙයක් නෙවේ... එක පාරටම එයාල ඒක ඇහුවම මම පොඩ්ඩක් පුදුම උනා... වෙන මුකුත් නෑ..."


කතාව මැද්දෙම, මම නෙත්මිගෙ කලව උඩින් තිබ්බ අතින්, හිමීට කලව පිරිමැද්දා. ගවුමක් ඇඳන් ඉන්න නිසා ඕනෙවට වඩා මූව්මන්ට් දාලත් බෑ. බිකෝස් අඟල් බාගෙක හරි වැරදි මූව් එකක් උඩ අතට ගිහිල්ල ගවුම උඩ ගියොත් එහෙම, ලවුත් ඉවරයි මගෙ දත් ඇන්දත් ඉවරයි.


නෙත්මිත් ඒක දැක්කත් මට මුකුත් කිව්වෙ නෑ.


"තේක බොන්නකො සදේශ් දැන්... මම මිදුල පොඩ්ඩක් අතුගාලා එන්නං... දැන්ම කන්නෑ නේ..."


චුට්ටකින් නෙත්මි මගෙ අත එහාට කරන් නැගිට්ටෙ එහෙම කියාගෙන.


එයා නං තේක බීලත් ඉවරයි. මම ඉතින් උණුකර නිවාගත් කිරි බොන ජාතියෙ එකෙක් නිසා මට තව සෑහෙන වෙලාවක් යනව මේක බීල ඉවර කරන්න. 


"නෑ නෑ... දැන්ම කන්නත් බෑ තේක නිසා..."


"හරී... බොන්නකො එහෙනං..."


නෙත්මි එයාගෙ කෝප්පෙ හෝද දාලා කුස්සියෙන්ම එලියට ගිහින් ඉදලත් අරන් ඉස්සරහ පැත්තට ගියා. මමත් ගේ ඇතුළින් ගිහිල්ල, ඉස්සරහින් පුටුවක් දාන් වාඩි වෙලා කයිය ගැහුව එයා එක්ක.


නෙත්මි අතුගාන්න ගත්ත වෙලේ ඉඳල නිතරම වගේ අතින් නලල වහගෙන උඩ බලන්න ගත්ත නිසා මම එයාගෙන් ඇහුව ඒ ගැන.


"මේ... නෙතූ...."


"ම්ම්ම්ම්ම්ම්...."


"අද සැරින් සැරේ උඩ බල බල අතුගාන්නෙ ඇයි... තව කොළ වැටෙයිද කියලද..."


"මොකක්... පිස්සුද මෝඩයො... මම අහස දිහා බැලුවෙ..."


"ඈහ්..."


නෙත්මි ඒක කිව්වට පස්සෙ මාත් පොඩ්ඩක් මගෙ ඇට්ලස් කෂේරුකාවෙන් නැවිල අහස දිහා බැලුව. ලොකුවට මුකුත් නෑ අහසෙ.


දෙල් පැහෙන ගානට රත් වෙච්ච ඉරයි, සබන් වගේ පේන වලාකුළු කීපෙකුයි, කුරුල්ලො දෙතුන් දෙනෙකුයි ඇරෙන්න වෙන බලන්න තරන් නාට්‍යයක් අහසෙ නෑ.


"නෙතූ... අහසෙ මුකුත් නෑනෙ...."


නෙත්මි ඒක අහල අතුගාන එක නවත්තල, අත් දෙකෙන්ම ඉදල අල්ලන් මං දිහාට කින්ඩි හිනාවක් දාල කතා කලා.


"ඔය ටවුමෙ ඈයො නං දැකලත් නැතුව ඇති සමහරවිට. ඔය උඩ පියාඹන්නෙ වැහිළිහිණියො. අද හවසට වහී වගේ. ඒකයි මම බැලුවෙ..."


හරිනෙ. ටවුම ඇපේට තියන් අදත් සබ්බුව හම්බුනානෙ.


"අහ්... ඒමත් එකක්ද... ඉතින් වහිනව නං හොඳ නැද්ද... වතුර ඇර ඇර දගලන්න ඕන්නෑනෙ කුඹුරු වලට..."


"එහෙම නෙවේ... අවාරෙට වැස්සොත් ඒකත් ප්‍රශ්නයක් වෙනව... තාම ගොයම් කපල ඉවර නෑ හැමතැනම..."


හේන් ගොවිතැන තියා ශිෂ්‍යත්ව පරිසරය සබ්ජෙක්ට් එකේවත් හරියට සිලබස් දන්නැති මට, මේව ග්‍රීක් ඉතිහාසය වගේ. ඒ උනත්, ටවුමෙ එකා කියල හංවඩු ගැහෙන්න බැරි නිසා මම ප්‍රොෆෙසර් ඕපන්හයිමර් වගේ තේකත් බිබී පුටුවෙ වාඩි වෙලා ඔලුව වන වන අහන් හිටිය.


නෙත්මි දිගටම ඔලුව උස්ස උස්ස අහස බලන ගමන්මයි අතුගෑවෙ.


විනාඩි දහයකින් විතර අතුගාල ඉවර කරල, එයා මාවත් එක්කන් ආව කුස්සියට.


"කෝ දැන් එන්න කවන්න. නැත්තං සුභෝද නැන්ද මාත් එක්ක හිත නරක් කරගනී ඔහේ කාලා නෑ කියල"


"හෙ හේ... එහෙම අවුලක් නෑ... මම ඉතින් කන්නෑනෙ අප්පා ඔය අනිත් ජාති..."


"අපොයි ඔව් බබානෙ මම දන්නැද්ද... මේන් මේ අඹ මාලුවත් තියෙනව... වාඩිවෙන්නකො පුටුවෙන් බෙදන් එන්නං මං..."


නෙත්මි කුස්සියෙ වළං මුට්ටි හට්ටි එක එක ඇර මට කිව්වා.


මම ගිහින් පුටුවෙන් වාඩි උනාට පස්සෙ ටිකකින් එයා බත් එක බෙදන් ඇවිල්ල මට කවන්න ගත්ත. මොන මනමාලකම් තිබ්බත්, හිතේ මොන අසභ්‍ය දර්ශන සහිත චිත්‍රපට කතාමාලා මැවුනත්, කෙල්ලෙක්ට කියල කවාගන්නකොට දැනෙන මේ ෆීලින් එක නං වෙනමම ලෙවල් එකක්.


තියෙන එකම අවුල මම අතින් කනකොට සවලෙන් ගහනව වගේ කෑවත්, නෙත්මි කවන්නෙ හෙන පොඩි කටවල්.


"සදේශ්... අදත් වැවට යනවද...?"


කව කව ඉන්න ගමන් හදිසියෙම නෙත්මි මගෙන් ඇහුවා.


"හේ හේ... ගියොත් නං මරු නේ... නිකං ඔහේ බිත්ති හතරකට කොටු වෙලා නානවට වඩා ෆුල් ඕපන් එකේ එහෙම නානකොට නං අමුතු ලල් එකක් තියෙනව"


"අපොයි ඇත්තද... මම හිතුවෙ ඊයෙ ගුටිකාපු විදිහට අද එපා වෙලා ඇති කියල... කෝ ආ කියන්න..."


සසර නිමාවන කතානෙ මෙයත් කියන්නෙ.


"පොඩ්ඩක් රිදුනට ඉතින්, ඒ වේදනාව තුළින් මම ලබාගත්ත දේ සෑහෙන වටිනවනෙ... හො හො හො... දන්නැද්ද, රිස්ක් එකක් ගන්නැතුව හිඟන්නටත් පොටෙන්ශල් විස්සෙ කොලයක් මිස් වෙනව කියනවනෙ... හිතුනොත් පිරමීඩ බිස්නස් එකක් පටන් ගන්නවා මම... මාර ෆයිනෑන්ශල් මයින්ඩ්සෙට් එකක් මට වෙලාවකට තියෙන්නෙ..."


"ඔයා ඔය කියන ගොඩක් ඒව මට තේරෙන්නෙ නං නෑ. මොකක්ද අර ලබාගත්ත දේ වටිනවයි කිව්ව කතාව..."


"ඇයි ඔයා...! ඔයාවනෙ ලැබුනෙ... බලෙන් හරි කිස් නොකල නං තාම අපි වෙනද වගේ ඔහේ බකං නිලාගෙන ඉන්නවනෙ... හො හො..."


මම කිව්ව ඒ කතාවට නං නෙත්මිට අංශක හැත්තෑවයි දශම හැත්ත පහට ලැජ්ජ හිතුනා.


"මෝඩයෙක් මහ... මෙන්න මේක කාල ඉන්නවා කෝලං කියවන්නැතුව..."


"හී හී..."


නෙත්මි මට කවල ඉවර උනාට පස්සෙ, එයත් පොඩ්ඩක් කෑවා. 


කාලා ඉවර වෙලා ටිකකින් වළනුත් හෝදල දාල එයා මට කතා කලා. මම ඒ මුලු වෙලාවෙම හිටියෙ කුස්සියෙ පුටුව උඩමයි. බිකෝස් ඇඹලයා ඇඹලමයි.


"සදේශ්... මම ගිහින් හවස් වෙලා එන්නං එහෙනං... ඔයා ලෑස්ති වෙලා ඉන්නකො වැවට යන්න..."


"ඇහ්... දැන්ම යනවද..."


"ම්ම්ම්ම්... වෙන මුකුත් නෑ කරන්න... වළං ටිකත් හේදුවා... කලේට වතුර එකක් හවසට ගෙනාවම ඇති මේකෙ වතුර තියෙනව ඕනෙ තරන්..."


එයා කුස්සියෙ මුල්ලෙ නෑඹිලියකින් වහල තිබ්බ ලොකු කලේ පෙන්නල කිව්වා.


"නෑ නෑ වැඩ නෙවේ මම ඇහුවෙ... හෙ හෙ... දැන්ම යන්න ඕනෙද... කයියක් වත් ගහන්න කවුරුත් නෑනෙ... මේ මද්දහනේ... මම තනිවෙලා... හා..... ආ.... හා... (මධුර ගායනක් සමගින්)"


"මම ඉඳල මොනා කයිය ගහන්නද මෝඩයො"


"මොනා හරි ඉතින් අප්පා... කයිය ගහන්නම මොකුත් නෑ වගේ නං, ලව් හරි කරමු..."


"මල විකාර මේ මෝඩයගෙ..."


නෙත්මි ගස්සගෙන අනිත් පැත්ත හැරිල යන්න හැදුවත්, මම දැක්කා එයා හිනා වෙනව. නෙත්මි කුස්සියෙ දොරෙන් එලියට අඩියක් තියනවත් එක්කම මම සෙනිකෙට පුටුවෙන් නැගිටල ගිහින් එයාගෙ උරහිසින් අල්ලන් නැවැත්තුව.


"නෙතූ..."


නෙත්මි මං දිහා නොබල, බොරුවට වගේ එයාගෙ සෙරෙප්පු දෙක කකුලට දාගන්න ගමන් මට කතා කලා.


"ම්ම්ම්ම්ම්..."


"ඇතුලෙන් ඉම්මු... දැන් ඔය මදෑ වැඩ කලා... අද පොඩ්ඩක් නිදහසේ ඉම්මු... කෝ එන්න..."


"කොහෙටද..."


එයා බෙල්ල විතරක් මගෙ පැත්තට හරවල ඇහුව.


"ගෙයින් ඉම්මු ටිකක්... එලියෙ රස්නෙයිනෙ... කතාවක් දාගෙන ඉන්නනෙ තියෙන්නෙ... හෙ හෙ..."


"හම්ම්ම්..."


එයාගෙ එකඟත්වය ලැබුණට පස්සෙ, මම නෙත්මිගෙ උරහිසින් තියන් හිටපු අත අරන් එයාගෙ වම් වතින් අල්ලගෙන සාලෙට එක්කන් ගියා.


රචකයා මොනතරම් අසහන කාරයෙක් උනත්, මේ කතාව තාමත් රොමෑන්ස් කොමඩි කැටගරියෙ එකක් නිසයි සාලෙට එක්කන් ගියේ. නැත්තං එක්ක යන්නෙ නිදන කාමරේට.


නෙත්මි එක්ක සාලෙට ආවට පස්සෙ මම එයාව සාලෙ සැටියෙන් වාඩි කරවල, මමත් එයාට එහාපැත්තෙන් වාඩි උනා.


"දැන් මොකක්ද කතා කරන්න තියෙන්නෙ..."


නෙත්මි වාඩිවෙලා ගවුම පහළට අදින ගමන් මගෙ මූණ දිහා බලල ඇහුව.


"හෙ හෙ... මොනා හරි ඉතින්... ඉන්නකො ෆෑන් එකත් දාලා එන්න... මේ වගේ රස්නෙ දවස් වලට කූල් සොලූශන් එකක් එපැයි... මේව අපේ අත්වල හැදුන ෆෑන්..."


"අපෝයි ඔව්... මට මතකයි..."


මම, සාලෙ මුල්ලකට කරල තිබ්බ කස්ටම් මේඩ් ෆෑන් එක ඔන් කරල අපේ පැත්ත හැරෙව්වා.


ෆෑන් එක ඔන් කරල මම ආපහු ඇවිත් පුටුවෙන් වාඩි වෙලා, නෙත්මි දිහාට ඇඟම හරවන් කකුලකුත් උඩට ගත්තා. ඒ කරල මම එයාට කතා කලා.


"දැන් ගෙදර දුවන්න හැදුවෙ නංගි තනියම නිසාද... නෑනෙ..."


"නැහැ නැහැ... පුංචි අද නංගිවත් එක්කන් ටවුන් යනව කිව්වා...."


"එහෙනං අවුලක් නෑ... හෙ හේ... නිදහසේ හිටියෑකි නේ..."


"මෝඩයා... ඔහේ එක්ක කොහොමද නිදහසේ ඉන්නෙ... මම නං හරි බයෙන් ඉන්නෙ..."


නෙත්මි ඒකෙන් අදහස් කලේ මාව ස්තිරී දූසකයෙක් ගානට දාල උනාට, එයා ඒක කිව්වෙ හිනා වෙවී මූණත් රතු කරගෙනයි.


"හෙ හෙ... ඒම නෑ... ඔය හිටිගමන් ඩිඟි ඩිඟි ඩිඟි ඩිඟාරේ උනාට, අපි එල කොල්ලෝ.... ආයෙ බයක් සැකක් නැතුව බැංකුවක් උනත් බාර දීලා යන්න පුලුවන් ජාතියෙ හෙනම විශ්වාසවන්ත පොරක් මම..."


"අනේ මම නොදන්නවායැ..."


නෙත්මිත් ටෝකට එන්ටර් උන නිසා අපි ටිකක් වෙලා වල්පල් දොඩ දොඩ හිටියා.


ඒත් චුට්ටකින්, මට හිතුනා දැන් කතාව සීරියස් කරල ගත්තනං හොඳයි කියල. ඒ හන්දා මම මගෙ චිල් ගායි ෆේස් කට් එක පොඩ්ඩක් ඕෆ් කරල, ගිගා චැඩ් ෆේස් එක ඕන් කරන් නෙත්මිට කතා කලා.


"නෙතූ... මේ..."


"ම්ම්ම්ම්ම්ම්..."


"මෙහෙම අහනවට මුකුත් හිතන්න එපා... ඇයි ඇත්තටම ඔයා මෙහෙ ඉන්නෙ... ඔයාගෙ ගෙවල් මෙහෙ නෙවෙයි නං..."


මම ඒ ප්‍රශ්නෙ ඇහුවෙ ගමට ආව දවසෙ ඉඳල ඇහුන එක එක කතා හින්දා, නෙත්මිගෙ බැක්ග්‍රවුන්ඩ් ස්ටෝරිය මල ජංජාලයක් වෙලා තිබ්බ නිසයි. කුතුහලේ එක්ක මිනිහෙක්ට ජීවත් වෙන්න බෑ කියනවනෙ.


නෙත්මි ඒක අහල, මම හිතුවට වඩා සන්සුන්ව මං දිහා බලල හිනා වෙලා කතා කලා.


"ඔයාට දැනටම ඇහිල ඇති සදේශ්... ගමේ අයගෙ එක එක කතා... ඔයාට ඕනෙ ඒව ඇත්තද කියල දැනගන්න නේ... සමහරවිට ඔයාට මාව කිට්ටුවෙන් ආස්‍රය කරන්නත් බය ඇති දැන්..."


"අනේ මෝඩී... එහෙම දෙයක් නං මම මේ බලෙන්ම අතින් ඇදන් අරන් එනවද කතා කරන්න... මට එක එක අය එක එක විකාර කියනව ඇහුන... ඉතින් මට තේරුනා මුන් එකෙක්වත් ඇත්ත සිද්දියක් දන්නෑ කියල... ඒකයි මම ඇහුවෙ... එහෙම කියන්න බැරි නං අවුලක් නෑ... හෙ හෙ... මම කලින් වගේම තාම ඔයැයිට ලයින්..."


නෙත්මි ඒක අහල, හරි ලස්සනට හිනා වෙලා යටිතොලත් හපාගෙන බිම බැලුව.


පොඩ්ඩක් වෙලා එහෙම බිම බලන් ඉඳල, එයත් ඇඟෙන්ම මගෙ පැත්තට හැරිල ලොකු හුස්මක් උඩට අරන් කතා කෙරුව.


"මම කියන්නංකො... මම දන්නෑ ගමේ අය මොනව මොනව කියනවද කියල නං... ඒත් මම කියන්නංකො මගෙ පැත්තෙන් ඇත්තම කතාව, මම මෙහෙට වෙලා ඉන්න හේතුව..."


නෙත්මි එයාගෙ කතාව පටන් ගත්තට පස්සෙ මම 'හම්ම්' සද්දයක් නැතුව එයාගෙ ඇස් දිහා බලන් ඒක ඇහුව. නෙත්මිගෙ කතාවෙන් මට තේරුනේ, මේ වගේ කාලෙක තරුණ කෙල්ලෙක්ට මුහුණ දෙන්න උන සිද්ධියක්, එයාලගෙ ගෙදර අය අනවශ්‍ය විදිහට ලොකුවට සලකල කියලයි. රචකයා වන මගේ අදහසට වඩා, පාඨකයා වන ඔබේ අදහසනෙ වටින්නෙ. ඉතින් උඹලම කියහංකො නෙත්මිගෙ කතාව ගැන මොකක්ද හිතෙන්නෙ කියල...


මේ නෙත්මි මට කිව්ව එයාගෙ කතාව, අල්ට්‍රා ප්‍රෝ මැක්ස් කරපු සමරියක්...! බිකෝස් අද කොටසෙ වචන ගාන පන්නල තියෙන්නෙ දැනටම...


නෙත්මි ඒලෙවල් කරන කාලෙ එයාලගෙ ගෙවල් පැත්තෙ කොල්ලෙක් එක්ක යාලු වෙලා ඉඳල. කෝම හරි සම්බන්ධෙටත් ටිකක් කල්ලු. දවසක් නෙත්මි තනියෙම ගෙදර ඉන්න වෙලාවෙ, ඒ කොල්ලා ඇවිල්ල නෙත්මිලගෙ ගෙදරට. ඒ කියන්නෙ ගේ ඇතුළටම ඇවිල්ල නෙත්මි එපා කියද්දි. කෝමහරි ඌ ගෙට ඇවිල්ල, මේ කතාවට අන්තර්ගත කල නොහැකි මට්ටමේ ක්‍රියාකාරකම් වල නිරත වෙන්න හදල. ඌ නවතින්නෙම නැති පාර, නෙත්මි කෑගහල.


ඔය සද්දෙට ළඟ ගෙදරක හිටපු ගෑණු දෙන්නෙක් ඇවිල්ල සිද්දිය දැකල. හැබැයි ඒ අයට පෙනිල තියෙන්නෙ ඇත්තම සීන් එක නෙවේ. ඒ අය හිතල තියෙන්නෙ නෙත්මි කොල්ලෙක්ව ගෙදර ගෙන්නගෙන කියල.


නෙත්මිගෙ අම්මයි තාත්තයි හෙන නම්බුකාර මිනිස්සු ලු. ටිකක් ලොකු තැන්වලලු වැඩ කරන්නෙ. ඉතින් ඕක අම්මල දැනගත්තට පස්සෙ, නෙත්මිට ගෙදරිනුත් ගොඩාක් කේස් ඇදල. පස්සෙ නෙත්මිම ගෙදර දාලා ඇවිල්ල තනියම, එයාගෙ පුංචිගෙ ගෙදරට. ඒ කියන්නෙ ඔය රූපා නැන්දලගෙ ගෙදෙට්ට. නෙත්මිලගෙ අම්මලත් එයාව ආපහු ගෙන්නගන්න හදල නෑ. ඒ නිසා එයා දැන් තනියම මෙහෙට වෙලා ඉන්නව.


නෙත්මි ඒ කිව්ව විදිහට නං ලොකු කේස් එකක් වෙන්න කලින්ම වැඩේ නැවතිලා. ඒත් එයාලගෙ අම්මලට ගිහින් තියෙන්නෙ මිස්ඉන්ෆෝමේශන් එකක්. ඕන් ඕකයි සිද්දිය.


නෙත්මි ඒ කතාව මාත් එක්ක කියල ඉවර කරල, ලොකු හුස්මක් අරන් පහළට දැම්මෙ හරියට එයාගෙ හිතේ තිබ්බ ලොකු බරක් නිදහස් උනා වගේ.


එයාගෙ මූණෙ දුකක්වත්, සතුටක්වත්, කලකිරීමක්වත් කිසිම දෙයක් තිබ්බෙ නෑ. එයාගෙ මූනෙ තිබ්බෙ හරි අමුතු සංසුන් බවක්.


එයාගෙ කතාව කියල ඉවර උනාට පස්සෙ, ටිකක් වෙලා මුකුත් නොකිය හිටපු මම පුටුවෙන් නැගිටල එයාගෙ ඉස්සරහට ගිහින්, නෙත්මිගෙ ඔලුවෙන් අල්ලල මගෙ ඇඟට හේත්තු කරගත්තා. එයත් මට අවනත වෙලා වගේ, මගෙ ඇඟට ඔලුව හේත්තු කරන් ලොකු ගැඹුරු හුස්ම කීපයක් ගත්තා.


"නෙතූ..."


"ම්ම්ම්ම්ම්ම්ම්...."


"මීට පස්සෙ... ඔය එක එකා කියන ඒවට බයේ හැංගිලා ඉන්න ඕන්නෑ... තේරුනාද... වෙන අයට මූණ දෙන්න බයයි වගේ නං මාත් එක්ක ඉන්නකො... මම ඉන්නවනෙ..."


"හම්ම්ම්..."


නෙත්මි එහෙම හිටිද්දිම, මම නැමිල එයාගෙ ඔලුවට පුංචි කිස් එකක් දීලා ආයෙ එයාව මගෙ ඇඟට තදකරගත්තා...


මතු සම්බන්ධයි...

Report Page