ගමේ කෙල්ල

ගමේ කෙල්ල

17

~ දහහත්වන කොටස ~

.
මතකනෙ... පුංචි ජල්තරස් සීනරි එකකට පස්සෙ නෙත්මි ආයෙ මාත් එක්ක යාලු උනා. පස්සෙ එයා ගෙදර යන්න හදනකොට අපි ආයෙ කිස් කලා... සඳ බැබලුනා...


කලින් කොටසට



එතැන් සිට...


"පොඩ්ඩෝ... මේන් කොත්තුවක් ගෙනාවා... අපි එහෙන් කාලා ආවේ..."


මාමල ගෙදර ආවෙ එකොළහට විතර. ඒ වෙනකොට නං හැන්දෑවෙ ගහපු රොටි දෙකේ පවර් එකත් බැහැලයි තිබ්බෙ. මාමා ගේ ඇතුළට ආව ගමන් මගෙ දිහාට දික් කරපු ඒ කොත්තුව මම දැක්කෙ, මරුකතරට වැටුන කොකා කෝලා එකක් වගේ. ඒ තරන් සිත ගත සහ වෙන වෙන ඒව පිනා ගියා කොත්තුව දැක්කම. කොටින්ම අහවල් එක පවා ඉස්සිලා බැලුවා කොත්තුව දිහා.


"මාමලත් කන්නකො... නැන්දෙ... පොඩ්ඩක් කන්න ඔයාලත්..."


දැන් මාසයක් තිස්සෙ මේ ගමට වෙලා හිටපු මට, කොත්තුවක් ගැන හිතන්නවත් උන්නෑ. බිකෝස් මෙහෙ පාන් ගෙඩියක් සංසර්ගය වෙන්නෙත් හරි අඩුවෙන්. එහෙව් ගමක කොත්තුවක් වගේ දුර්ලභ දෙයක් අතටම ලැබුනත් මම බොරුවට හරි සෝබනේ දැම්මෙ, නැත්තං හරිනෑනෙ ඉතින් නේ. පොලයිට් ඇන්ඩ් ජෙනුයින් මිනිස්සුනෙ අපිත්. හත්තිලව්වට ගහපු කලාබරේ වගේ හිටියට.


"පුතා කන්නකො... කාලනෙ ආවෙ අපි..."


නැන්දා මගෙ ඔලුවත් අතගාන් එයාලගෙ කාමරේට ගියැයින්, මාමත් එයාගෙ කමිසෙ උඩ බොත්තම් ගලවන ගමන් කාමරේට ගියේ මහන්සියෙන් වගේ.


එයාලට පාඩුවෙ ඇඳුම් මාරු කරගන්න දීලා මම කුස්සියෙන් පිඟානකුත් අරන් කොත්තුව දාගත්තා ඒකට.


බලාපොරොත්තු දහසක් හිතේ හිරකරන් ඒ කොත්තුව පිඟානට හලාගන්නකොටයි මට තේරුනේ....


Something went wrong... Horribly wrong...!


කොත්තුවට එළවලු දාල වගේ නෙවෙයි. එළවලු සලාදෙට කොත්තු රොටි දාලා වගේ. කැරට් කෑලි නෙවේ. කැරට් අලේ උගුලනකොට එන පස් කුට්ටිත් දාලා. ලීක්ස් ලියල දාලා නෙවේ. ලීක්ස් ගහ දර කඩනව වගේ දෙකට පලල කොත්තුවට ඔබල. ගෝවා කපල දාලා නෙවේ. ගෝවා වවලා ඒකේ. අන්තිමටම... ඒකෙ ඒ තිබ්බෙ කොත්තු රොටි නෙවේ. කොස් කෑලි. කොස් කෑලි වලට චිකන් හොද්ද දාලා එලවලු දාලා.


"ආ මේ පොඩ්ඩෝ..."


මාමා හදිසියෙම කාමරේ ඉඳන් කතා කලා.


"කි... කියන්න මාමෙ..."


කොත්තුව දැක්කම හිතට ආපු සාතිශය සංවේගය නිසා ගොතත් ගැහුන මට.


"ඕක අපි ගත්තෙ අර ග්‍රීන් වේ ද මොකක්ද කඩේකින්... කොස් කොත්තුවක් කියල ගහල තිබ්බේ... කොස් කෑලි ටිකකුත් ඇති... අයින් කරල කන්න ඒව අවුල් නං.."


"හරි මාමෙ... පින් අත්වෙයි..."


"මොකක්..."


"නෑ මාමෙ මුකුත් නෑ..."


"හරේ... කන්න ඒනං..."


'කොස් කෑලි ටිකකුත් ඇති... අයින් කරල කන්න අවුල් නං'


ආ ඔව්... ඒ ටික අයින් කලාම කැවෙන්නෙ එළවලු සලාදයක්...


බැරි බැරි ගායෙ මාමලටත් හිතින් බැන බැන මම හිමීට ඒක කෑවා. පේන තරම්ම නරකත් නෑ. ඒත් මට දැනුනෙ මම මගෙ කෑල්ලට හොර කරනව වගේ කියල. මම අච්චර ආදරෙන් හිටපු කොත්තුව පැත්තකින් තියල දැන් මේ කොහෙවත් යන කොස් කොත්තුවක් අල්ලන්... සමාවෙයන් කොත්තුවේ... වරද මාගේ... ආස දේවල් ලැබුන්නැති උනාම පිරිමි වෙන ඒව පස්සෙ යනව කියන කතාවෙ ගැඹුරු අඳුරු සත්‍යය මට දැන් තමා තේරෙන්නෙ.


පිරිමි කියන්නෙ ළඟම තියෙන එකට අනින ජාතියක් මිසක් (in this case, ළඟ තියෙන එක කන), පෙරුම් පුරාගෙන අනින්න බලන් ඉන්න එක එනකං (in this case, සත්‍ය කොත්තුවක් කන එක) ඉන්න ජාතියක් නෙවේලුනෙ.


මාමයි නැන්දයි එහෙම්ම ඇඟ පත හෝදගෙන කුස්සියට ගිහින් කයියක් ගගහ හිටිය. මමත් කාලා ඉවර වෙලා ශේප් එකේ කුස්සියට ගියා තේකක් වත් ලයින් කරගන්න පුලුවන්ද බලන්න. ඒත් එක්කම නැන්දා කුස්සියෙ පැන්ට්‍රිය ගාව හිටගෙන මට කතා කලා.


"සදේශ් පොඩ්ඩක් වාඩිවෙන්න..."


"ඇහ්... ආහ් හරි... (පුටුවෙන් වාඩිවෙන ගමන්) කියන්න නැන්දෙ..."


"නෙත්මිට මම හවස කලා..."


"ආ ඔව් එයා කීවා ඔයාලා පරක්කු වෙනව කියල..."


"ඒක නෙවේ..."


"ඇහ්..."


"ඔයා නෙත්මිට කිව්වද එයා කැම්පස් යන කාලෙක එහෙ ඔයාලගෙ ගෙදර නවතින්න පුලුවන් කියල..."


"....?"


හෝව් හෝව් හෝව්... ටයිම් අවුට්... ටයිම් අවුට්... කතාවෙ මේම අන්එක්ස්පෙක්ටඩ් සිනේරියො තියෙනව කියල මම දන්නෑනෙ. නැන්දල කෝමද ඒක දැනගත්තෙ.


මාමත් වෙනද වගේ නැතුව සීරිස් මූඩ් එකකින් මං දිහා බලන් ඉන්නවා. නැන්ද නං ස්ට්‍රේට් අප්, රැන්ඩි ඕර්ටන් රින් එකේ කේබල් එකට නැගල අත් දෙක අර අමුතුවට දිගෑරගෙන දාන බැල්මට් වගේ එකක් මං දිහාට දාගෙන හිටගෙන ඉන්නව.


"එ.... එහෙම ඇහුවෙ ඇයි නැන්දෙ... හෙ හෙ..."


"එයා කිව්වා, එයාව ඔයාලගෙ ගෙදර එක්කන් යනව කියල... එයා කැම්පස් යන කාලෙක... අපි මේ ඔයාට පීඩනයක් එල්ල කරනව නෙවෙයි හරිද... අපි දන්නව ඔයා ගැන.. ඒත් නෙත්මි කියන්නෙ අපිට අපේම දරුවෙක් වගේ... මට මගෙම නංගි කෙනෙක් වගේ... සදේශ් විහිළුවට එහෙම දෙයක් කිව්ව නං, කරුණාකරල එයාට ඇත්ත කියන්න... මට දැනුන විදිහට ඒ කෙල්ල හරි ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන මට ඒක කිව්වෙ."


ගමට ආව දවසෙ ඉඳල නැන්දගෙනුයි මාමගෙනුයි දැනුනු, අමුතු බැඳියාවක් මිශ්‍රිත මිත්‍රත්වය, මේ වෙලාවෙ නං මට එයාලගෙන් දැනෙන්නෑ. ඒත් මට ඒකෙන් පහසුවක් දැනුන මිසක අපහසුවක් දැනුනෙ නෑ. නෙත්මි කියන්නෙ මාමටයි නැන්දටයි ගොඩක් කිට්ටු කෙනෙක් බව දැනන් හිටියත්, නෙත්මි "හැමදේම" නැන්ද එක්ක කියන බවවත්, නැන්දයි මාමයි නෙත්මිව මේ තරන් බලාගන්නව කියන එකවත්, මට මීට කලින් තේරිලා තිබ්බෙ නෑ.


"හ... හරි ඒනම්... සිද්දිය කියන්නම්කො මං..."


"කියන්නකො බලන්න..."


මාම සීරියස් මූඩ් එකේ හිටිය උනත්, මේ මුලු වෙලාවෙම අපේ කතාබහට දායක උන්නෑ. එයාට සමහර තැන් වලදි කතා කරන්න ඕනෙ වෙලා කතා කරන්න හැදුවත්, නැන්දගෙ මූණ දිහා බලල එහෙම්ම කටපියන් හිටියා. ශුවර් එකටම නැන්දා එහෙදිම මාමට ෆුල් රෙගියුලේශන්ස් ටික පනවල එන්නැත්තෙ 'හොම්බ දාලා නං අහුවෙන්නෙපා' කියල.


"මේකයි... මේ... ඉතින්... ඔය කයිය ගගහ ඉන්න වෙලාවක එයා මට කිව්වා සීන් එක... එයා මෙහෙම කැම්පස් එකකට යනව අරව මේව... ඉතින් කැම්පස් එක තියෙන්නෙ අපේ පැත්තෙ නිසා මම කිව්වා ඕන්නං අපේ ගෙදර ඉඳලම යන්න පුලුවන්නෙ කියල... ලේසිනෙ... බොරුවට තැන් හොය හොය ඉන්න වෙලාවෙ...! මම බොරුවට නෙවේ එහෙම කිව්වේ... මම අම්මලට හෙටම කියන්න හිටියෙ කෝල් එකක් අරන් උදේට... ඔයාලට දැනගන්න ඕනෙ උනේ නෙත්මිට මම ඇත්තටමද ඒක කිව්වෙ කියන එක නං, ඔව්...! ඇත්තටම තමා කිව්වෙ. ඕවට බොරු කියල තෑගි ගන්නයැ ඉතින්..."


මම ඒක කියල ඉවර වෙනකොටම, මෙච්චර වෙලා කටපියන් හිටපු මාමා හෙන චිල් එකේ කතා කලා හිනා වෙලා නැන්ද දිහා බලන්.


"ඕකනෙ මම කලින්ම කිව්වෙ... ඔයා බොරුවට බය වෙලා තියෙන්නෙ.. මූව මට ශුවර්..."


මාම ඒක කියල කට අහකට ගන්න කලින් නැන්දා මාම දිහා බැලුවෙ, හිරු ස්ටාර් එකේ ශෙහාන්, අමල් දිහා බලනව වගේ. මේ දෙන්නත් මොකකට හරි ඇරගෙනද ඉන්නෙ...?


නැන්ද ඊට පස්සෙ චුට්ටක් වෙලා මුකුත් නොකියා ඉඳල, එයාගෙ නලල අතින් පිරිමදින ගමන් මට කතා කලා.


"ඔව් අපිට තේරෙනව ඔයා කියන එක... මට අහන්න ඕනෙ උනේ ඔයා නිකං ඒ වෙලාවට විතරක් කිව්ව දෙයක්ද කියල ඒ... අම්මල එක්ක කතා බහ කරන් බලන්නකො එහෙනං... මොකද මට නෙත්මි වෙනුවෙන් තීරණයක් ගන්න පුලුවන් උනාට ඔයාලගෙ පවුලෙ අය වෙනුවෙන් තීරණයක් ගන්න බෑනෙ... මට ඔයා ගැන අවිශ්වාසයක් නෑ, ඒත් ඒ කෙල්ල එකපාරටම මට ඒක කිව්වම මම පොඩ්ඩක් බය උනා. කලිනුත් ඔහොම... නෑ ඒව ඕන්නෑ... තේකක් බොනවද... අයියේ තේකක් හදන්නද..."


පහළට ගලාගෙන ගිය ගඟ, කෙලින්ම අංශක එකසිය හැත්තෑ හතට යූ ටර්න් එකක් ගහල උඩුගම් බලා හරවන ගමන් නැන්ද ඇහුවෙ, මාමයි මමයි දිහා මාරුවෙන් මාරුවට බලන ගමන්.


මාමයි මමයි එකටම වගේ ඔලුව හොලවල 'හා' කියල ඇඟෙව්ව නිසා නැන්දා කේතලේට වතුර අරන් ඒක ලිපෙන් තිබ්බා.


මගෙත් බොක්ක කූල් වෙලා තිබ්බ එකේ උණු උණුවෙන් තේකක් බිව්වම ටිකක් ඒ ගතිය ඇරෙයි කියල හිතල, මම හිමීට පුටුව පස්සට බර වෙලා ඔලුව බිත්තියට හේත්තු කරගත්ත.


"ආ... කොත්තුව කොහොමද... ආයෙ දවසක එකක් ගෙනල්ල බලන්න ඕනෙ... කොත්තුවට කොස් දාල හදනව කියල මම කලින් අහල තිබ්බෙ නෑ... රහට ඇති නේ... හො හො හො..."


මොහොතකට කලින් වෙච්ච පුංචි සීන් එක නිසා අපි තුන් දෙනා අතරෙ බැඳිල තිබ්බ අමුතු ගලපටල සෙංගමාල දුමාරය දුරලන්න වගේ, මාමා පොඩ්ඩක් කින්ඩි ලයින් එකෙන් මගෙ කකුලට තට්ටුවක් දාල ඇහුව.


"ඇහ්... අනේ එපා... නියඟලා අල තම්බගෙන කාල හරි ජීවිතේ ගෙවන් ඉමු... කොස් කොත්තු එපා ආයෙ..."


මගෙ ආදරණීය කොත්තුවට බොරු කලා කියල මතක් උනාම, ඉමෝශනල් ගතිය වැඩිවෙලා ඇහැට කඳුලකුත් ඉනුව.


"ඒ මොකෝ ඒ... කොස් දැම්මම කොත්තුව අවුල් යනව කියල හිතුන මට... ඒත් පොඩි හරි ගතියක් ඇතිනෙ..."


"ඒක මාමෙ කොත්තුවට කොස් දාල නෙවේ. කලු පොල් මාලුවකට එලවළු දාල තැටියෙ රත් කරල අරන් තිබ්බෙ. කන්න අවුලක් නෑ ඉතින්. ඒත් කොත්තුවක් කෑව කියල හිතන් හිත පුරවගන්න අමාරුයි."


"හ හා... මම කිව්වනෙ කෙල්ලෙ... මූ ඕකට කැමති වෙන්නෑ කියල..."


නැන්ද අපි දිහා බලල පොඩි හිනාවක් දාල ලිපේ තිබ්බ කේතලෙන් වතුර අරන්, තේ හදන්න ගන්න ලොකු ප්ලාස්ටික් කෝප්පෙට දැම්මා.


තේත් බීවට පස්සෙ එදා රෑ ඒ විදිහට ස්මූත් එකේ ගෙවිලා ගියා. වෙනදට වඩා උද්‍යෝගකර දවසක් උනත්... මගෙ හිතේ කියාගන්න තේරෙන්නැති අමුතු දෙයක් නිසා, පොඩි බයක් මිශ්‍රිත - දුකත් සතුටත් අතර දෝලනය වෙන අමුතුම හැඟීමක් ඇති වෙලයි තිබ්බෙ.


ඒක මගෙ අනාගතේ ගැන හිතල ඇති උන හැඟීමක්ද, නැත්තං මගෙ ආදරණීය කොත්තුවට කරපු වංචාව නිසා ඇතිඋන වරදකාරී බවද කියල හිත හිත ඉන්න අතරෙ, ඇඳට වැටිල හිටපු මට එහෙම්ම නින්ද ගියා.


-------------------


අන්න බලන්... බෙර හඬින් උදම් වී...

දෑත දෙපා සෙලවෙන අන්දම්...


නැන්දා පහුවදා පාන්දරම කුස්සියෙ රේඩියො එකත් දාගෙන උයන අතරෙ, මම ඉස්සරහ දොරෙන් එලියට ඇවිත් අම්මට වට්සැප් කෝල් එකක් ගත්තා.


"පුතාට මම ඊයෙ කෝල් එකක් ගත්තා... ඒත් ෆෝන් එක වැඩ කලේ නෑනෙ... සිග්නල් නෑ මම හිතන්නෙ ඔහෙට... දැන් ඔහෙට වෙලාව කීයද පුතේ"


"මෙහෙ දැන් පාන්දර හතර පහුවෙලා පොඩ්ඩ වෙලාවක් අම්මෙ..."


"ආහ්... එච්චර උදෙන් කෝල් ගන්නෙ ඇයි... පොඩ්ඩක් දවල් වෙලා ගන්න එපැයි..."


"මෙහෙට මුකුත් සර්විස් නෑ අම්මෙ දවල්ට... උදේට විතරයි පොඩ්ඩක් සර්විස් තියෙන්නෙ... අම්මල පරිස්සමට ඉන්නව නේද..."


මම කලිනුත් මෙන්ශන් කොලානෙ. මෙහෙ පාන්දරින් පස්සෙ ඩයලොග්, මොබිටෙල්, එටිසෙලාට් නෙවේ අයිසිස්, සී.අයි.ඒ හමාස් ලගෙවත් සිග්නල් නෑ. ඒකයි මෙහෙම පාන්දරින් ඇහැරීගෙන කෝල් ගන්නෙ.


අම්ම එක්ක සුවදුක් විමසල සැප සතුට බෙදාගෙන ඉවර වෙලා, මම නෙත්මිගෙ සීන් එකත් කිව්වා. මම හිතුවෙ අම්මා පොඩ්ඩක් හරි අකමැති වෙයි කියල. ඒත් මම මුල ටික කියන් යනකොට අම්මම කිව්වා 'අනේ ඒ ළමයට අපේ ගෙදර ඉඳල හරි යන්න කියන්න පුතේ' කියල. ඉතින් මම අම්මලගෙන් අවසර ගන්නත් කලින්ම, අම්මගෙ අවසරේ මාව හොයන් ආවා.


ඕකට තමා කියන්නෙ පරංගියා වදින්න ගිය දේවාලෙ මාරපන ගියා වගේ කියල.


පැය බාගයක් විතර තිස්සෙ ඇදුන කෝල් එකෙන් පස්සෙ, මම ෆෝන් එක කාමරේ චාජරේට ගහගෙනම කුස්සියෙ උය උය හිටපු නැන්දට ගිහින් විස්තරේ කියල, ඒ නඩුවෙන් යන්තම් බේරුනා.


නැන්දත් ඊට පස්සෙ තමා මගෙ උදේ කිරි එක හදන්න ගත්තෙත්.


"පොඩ්ඩෝ... පොඩ්ඩක් වරෙන්කො..."


මම කුස්සියෙ වාඩි වෙලා නැන්ද එක්ක කතා කර කර ඉන්න අතරෙ, මාමා එයාලගෙ නිදන කාමරේ ඉඳන් කෑගහල මට කතා කලා.


"කියන්න මාමේ..."


මමත් පෙරලා ඒ සංඛ්‍යාතෙන්ම කෑගහන් මාමලගෙ කාමරේ දිහාට ගියා.


මාමා එයාලගෙ කාමරේ දොර රෙද්ද ගාවට වෙලා, ශර්ට් එකකුත් අතින් අල්ලගෙන, අනිත් අතින් මොකක්ද මංද මගෙ දිහාට දික් කලා.


මමත් ඔටෝමැටිකලි මාම දෙන්න හදන දේ ගන්න එයාගෙ පැත්තට අත අරන් යන ගමන් මාමාට කතා කලා.


"මොකක්ද මාමෙ..."


"මෙතන තුන්දහක් තියෙනව. සමීරය දවල් මෙහෙ ආවම උට මේක දිහං. ඉල්ලුවොත් විතරක් දිහං ඈ. නැත්තං ඕන්නෑ. ඌ මේ දවස් ටිකේ වැඩිය එලියට බහින එකක් නෑ. ඌත් මොනා හරි කන්න බොන්න එපැයි..."


"ඇහ්... ආහ් හරි... මම දෙන්නං මාමෙ. ඉල්ලුවොත් විතරක් දෙන්න කිව්වෙ, මෑන් එහෙම ඉල්ලන්නැතුවත් ඉන්නවද? ඊයෙ ගෙදර ආව වෙලාවෙ නං ඉඩමෙ ඔප්පුව විතරයි ඉල්ලුවෙ නැත්තෙ. තව ඩිංගෙන් මාවත් කුදලං යනව"


"හහ්හ් හහ්... ඉල්ලුවොත් දිහංකො..."


"හරේ..."


මාම මට දීල තිබ්බෙ දාහෙ කොල තුනක්. මම ඒක මගෙ කාමරේ මේසෙ උඩින් තියල, ඇඳට වැටිල ෆෝන් එක ඔබ ඔබ හිටියා මාමල යනකංම. එයාල අද පොඩ්ඩක් පරක්කුත් වෙලා ගියේ, සමහරවිට ඊයෙ ගොඩක් රෑ වෙලා ආව නිසා වෙන්නැති.


මාමල ගිහිල්ල පොඩ්ඩ වෙලාවක් යන්න කලින්ම, කුස්සියෙ දොර ඇරෙනව ඇහිල මම ඇඳෙන් බැහැල කුස්සිය පැත්තට ආවා.


බොරු අරුමෝසම් පමණට වැඩියෙන් ගෝචර නෑ නිතර...

මෝසම් සුළඟක් ආවොත් මම නං ගහගෙන යයි සොඳුර...


මනමාලයි පිණිකැට වැස්ස කිව්වලු. ඒ නෙත්මි... ඒත් පොඩි වෙනසක් පේනවා...?


නෙත්මි වෙනද එනකොට වගේ නෙවෙයි. අද හෙන අමුතු ලුක් එකක් තියෙන්නෙ. මම වෙනදට දැකල නැති කලුයි සුදුයි ගවුමක් ඇඳන් ඇවිල්ල තියෙන්නෙ. පොඩ්ඩක් හිරයිත් වගේ.


හිතේ තියෙන අසහනකාරීකමටද මංදා මට ඒ ගවුම කොටයිත් වගේ කියල හිතෙනව.


"මොකද මෝඩයෝ ඔහොම බලන් ඉන්නෙ..."


නෙත්මිව දැක්ක වෙලාවෙ ඉඳල ෆුල් කාලගුණ විද්‍යා පර්යේෂණයක්ම හිතින් ජෙනරේට් කර කර හිටපු මං දිහා බලන් එයා ඇහුවා.


"අහ්... මේ... නෑ... මේ... අද වෙනදට වඩා මාර ලස්සනක් තියෙනවනෙ... ඒකයි බැලුවෙ..."


"මෝඩයා... වෙනද කෙනා තමා අදත් ඉන්නෙ... නැන්දල ගියාද සදේශ්..."


ඊයෙ හවස වෙච්ච දේ නිසාද කොහෙද නෙත්මිගෙ තොලේ අමුතු හිනාවක් ඇඳෙනව මගෙ ඇස් දෙක දිහා කෙලින් බලන හැම වෙලාවකම.


අපි නං බලන්නෙ කෙල්ලොන්ගෙ 'ඇස්' දිහා නෙවේ 'ඈස්' දිහානෙ. (බුහා හා හා හා...)


"ගියා ගියා... දැන් පොඩ්ඩකට කලින් ගියේ... චුට්ටක් පරක්කු වෙලා ගියෙ ඊයෙ එන්න රෑ උන නිසා වෙන්නැති..."


"ම්ම්ම්ම්... ඒක තමා... තේ බිව්වද ඔයා... හදල දෙන්නද..."


"හී.. හී... කුක්කු දෙන්නද ඇහුවම එපා කියයි අපි..."


"මොකක්...?"


"ආ නෑ නෑ... කිරි කිරි... හේ හේ.. චුට්ටක් අද ප්‍රොසෙසරේ අවුල් වෙලා ඔලුවෙ මගෙ..."


"පේනව පේනවා... අවුල් වෙලා කියල... වාඩිවෙලා ඉන්න හදල දෙන්නං මං... ආ... අද මුකුත් අමුතුවෙන් හදන්න ඕන්නෑනෙ..."


"ඒ කීවෙ සෝයද?"


"ඔව්... ඔය ඊයෙත් කෑවෙ ඔහේ යස අගේට..."


"ඒ ඔයා කැව්ව නිසානෙ... අදත් කවනව නං වෙන මුකුත් ඕන්නෑ... ඔයා කවද්දි රහයිනෙ මොනව උනත්..."


මල්සරාත් කොර වෙන පිකප් ලයින් අපේ කටින් එලියට එන්නෙ.


"යස පොඩි බබා... කවන්නත් වෙලා... කද්දි කියන්නකො එහෙනං... ඉන්න ඩිංගක් තේකක් හදල දෙන්නං..."


එයා කේතලේට වතුර අරන් ඒක ලිපෙන් තියෙන අතරෙ මම මගෙ ඇහේ සියලුම වර්ණ සංවේදී සෛල පාවිච්චි කරල, නෙත්මිගෙ ඇඟේ දැක්ක අමුතු වෙනස හොයන්න දැඟලුවා...


ඇත්තම කිව්වොත් ඒ මුලු වෙලාවෙම මගෙ ඇස් දෙකයි කටයි කණයි සේරම යොමු වෙලා තිබ්බෙ, එයාගෙ උඩ පහළ යන ඇන්ජින් පළු දෙකට.


නෙත්මිත් සැරින් සැරේ ඇස් කොණින් මගෙ දිහා බලල ලාවට හිනා වෙනවත් දැක්ක මං ඒ අස්සෙන් අස්සෙන්.


අද නෙත්මිගෙ කිසිම ප්‍රචණ්ඩකාරීබවක් නෑ. වෙනදට එයා මාත් එක්ක කතා කරන්නෙ සුමාත්‍රා දූපත් වලට බෝම්බ ගහනව වගේනෙ. අද නිකං චන්දග්‍රහණයක් වෙලා වගේ, හෙනම කූල් පිට ඉන්නෙ.


"මල්ලෝ... මල්ලෝ..."


නෙත්මියි මමයි දෙන්නම බොරුවට එකිනෙකා දිහා බල බල මුකුලු කරගන්න අතරෙ, ඉස්සරහ පැත්තෙන් සමීරය කෑගහනව ඇහුනා.


නිදහසේ පෙම් කෙලින්නවත් වෙන්නෑ මේ කතාවට සෘජු සම්බන්ධයක් නැති බහිරව කැරැක්ටර් එකක් නිසා.... ශික්...


මතු සම්බන්ධයි...

Report Page