ගමේ කෙල්ල
16~ දහසයවන කොටස ~

මතකනෙ... නෙත්මි එක්ක නාන්න ගියා... එයාගෙ ඇඟම රසවිඳින ගමන් මමත් නෑවා... නමුත් අන්තිම මොහොතෙ මම එයාව කිස් කරන්න ගියානෙ...!
එතැන් සිට...
චටාස්...!
හිතුවෙවත් නැති දවසක... හිතන්නැතුවම ළං උනා...
අතීතේ දුර ඈතක.. ආදරේ මට වැරදුනා...
හිතුවෙවත් නැති දවසක... හිතන්නැතුවම කෙල උනා...
වත්මනේ ළඟ පාතක.. සැරට වැදුන මගෙ කන පලා...
වැදිච්ච පාරෙ සැරයි මූණට වදින හුළං පාරෙ සැරයි දෙකම එකතු උනාම නිකං ගල් බාගෙකට ටූ ටී කලවම් කරල ගැහුව වගේ. ලාවට වගේ පෙනුනා වැවේ රැලි උඩුගම් බලා යනව වගෙත්.
"තමුසෙට පිස්සු හැදිලද... මොකක්ද වෙලා තියෙන්නෙ..."
කණ හරහා වැදුන පාරෙන් පස්සෙ මම නෙත්මිව අතඇරල එයාගෙන් ඈත් උනා. තොල රිදෙන විදිහෙනුයි, කටට දැනුනු අමුතු ඇඹුල් රසයි නිසා මට මීටර් උනා තොලත් පැලිල කියල.
"සො... සොරි... මේ... කන්ට්‍රෝල් නැති උනානෙ මාව... හෙ හෙ..."
"කන්ට්‍රෝල්... ගෑණියෙක්ට ඉන්න දෙන්න කන්ට්‍රෝල් වෙන්න ඕනෙද මනුස්සයො... තමුසෙව එක්කන් ආවෙ තමුසෙ ගෙදෙට්ටම වෙලා ඉන්න නිසා... මොන යකෙක් වැහිලද ඉන්නෙ.. ආ... සදේශ්... තමුන්ට මම නොකිව්වයි කියන්න එපා ආපහු... මගෙ ඇඟට අතක් හරි ආපහු තියල අහු උනොත් මම කටපියන් ඉඳී කියල හිතන්න එපා... තමුසෙගෙ අසහනේට මම පලි නෑ.."
නෙත්මි එයාගෙ ආවේගය පාලනය කරගන්න බැරුව, වෙව්ලන කටහඬින් කතා කලේ. ඒ පොඩ්ඩ පොඩ්ඩ මගෙන් එහාට අඩිය තියන ගමන්.
එයාව ශේප් කරන්න ඕනෙ කියල හිතුනත්, මට කියන්න තරන් දෙයක් තිබ්බෙ නැති නිසා මම කටවහගෙනම බිම බලන් හිටියා එයා බැනල ඉවර වෙනකං.
"සදේශ්... තමුසෙ ගැන මම හිතන් හිටපු හැමදේම තමුසෙ මේ දැන් නැතිකරගත්තා.. බබා වගේ ඉන්නකොට මට හිතුනෙ තමුසෙවත් වෙනස් කෙනෙක් වෙන්නැති කියලා... දැන් බලන් ගියාම තමුසෙත් අනිත් උන් වගේමනෙ... ඔක්කොම එකයි..."
"මෙ... මේ... නෙ..."
"දැන් එනවා... වචනයක් කතා නොකර මගෙ පස්සෙන් එනවා අඩි දහයක් විතර එහාට වෙන්න... ඊට වඩා ළඟට ආවොත් මම කෑගහනව.."
බැනල ඉවර වෙලා, නෙත්මි එහෙම කිව්වෙ මම කියන්න ගිය එකවත් මට කියාගන්න නොදියි. එයා මගෙ වටෙන් මාව පාස් කරන් ඉස්සර කරල ගියේ, රවාගෙන මගෙ මූණ දිහත් බලාගෙනයි.
"හ... හරි නෙතූ..."
"නෑ නෑ... ඕව ඕන්නෑ... නම කියල කතා කරනවා... තමුසෙව මම දන්නෑ වැඩිය... දැනන් හිටිය කියල හිතුවෙ..."
"හ... හරි ඒනම්..."
උඹල නං දැන් හිතයි, මුට හොඳ වැඩේ... කෙල්ලොන්ට ඕම කරන්න ගියාට. අසහනේට පාඩමක් හම්බුනා... මූට ඕම වෙලා මදි... තව දෙකක් තුනක් කනට වදින්නයි තිබ්බෙ අනං මනං කියල....
...!
මටත් එහෙමම තමා හිතෙන්නෙ. හෙ හෙ...
නෙත්මි මල පැනගෙන කැලේ අස්සෙ තියෙන පඳුරු වලටත් බාස්කට් එකෙන් කෙල කෙල කැලේ කඩන් යන අතරෙ, එයාගෙ පස්සෙන් අදාළ පරතරේ තියාගෙන මම සේපට බිම බලන් ආවා.
මට මුකුත් කියන්නත් බෑ. ඒත් නොකිය ඉන්නත් බෑ. දෙලොවක් අතර තනි වෙවී, අන්තිම හිරු කිරණෙත් ගස් මුදුන් වලින් නිදහස් වෙනකොටම වගේ අපි ආපහු මාමලගෙ වත්තෙන් මතු උනා.
මදැයි ලව් කොලා.
හිත බැඳි රසකට, ඉකිබිඳ හැඬුමට, සිත මගෙ බොළඳ වෙලා...
අන්සතු හදකට පෙම් කල වරදට, ඇය මට කෙලල ගියා...
"මම යනව... ගෙවල් දොරවල් වහගෙන ඉන්නවා... නැන්දල එන්න රෑ වෙනව..."
නෙත්මි නිකං හයි වෝල්ටේජ් අලි වැටක් ගාවින් යනව වගේ මට එහයින්, ආපහු කැලේ පැත්තට යන ගමන් කිව්වෙ මගෙ මූණවත් බලන්නැතුව.
"නෙ...නෙත්මි... සො... සොරි කලින් වෙච්ච දේට..."
"ගෙදරින් ඉන්න... මම යනව..."
මගෙ සමාව ගැනිල්ල කණකටවත් ගන්නැතුව එයා බාස්කට් එකත් අතකට අරන්, කැලේ අස්සෙන් ආපහු නොපෙනී ගියා. එයා පොඩ්ඩක් කූල් ඩවුන් වෙනකං එයාට කතා කරන එක එච්චර හොඳ නැති දෙයක් බව මම දන්න නිසාම, මම ඊට පස්සෙ කටවහන් හිටියා එයා යන දිහා බලන්.
දැන් දැන් මූණෙත් පැත්තක් නිකං ඉදිමීගෙන එනව වගෙත් පේනව මට ඇස් කොණෙන්. වැදුන එක නං වැදුනා ආයේ පර්ල් වරායට බෝම්බ දානව වගේ. මාමල ඇහුවොත් කියනව වැවට ගිහින් එද්දි මගදි මහසෝනා ගැහුව කියල. ඔය වගේ හේතු මේ පැති වලට සෙට් වෙනව ඇතිනෙ. නෙත්මිටත් ඒ පිටුවෙන්ම ඡේදයක් දාලා සමාව ඉල්ලන්න ඕනෙ පස්සෙ වෙලාවක එයා ආවම.
කොහොම උනත්, මෙච්චර කල් බ්ලොග් ගල් දාගෙන හදාගෙන ආපු හීන මාලිගේ, එක ලූස් ගලක් නිසා (ගල් දෙකක් නිසා ඇත්තටම) බිඳවැටුනා... ශික්...
එහෙම හිත හිත මම කුස්සියෙ දොර ඇරගෙන ගෙට ගිහින් ශර්ට් එකකුත් දාගෙන සාලෙ සැටියෙන් ඇල උනා. හවස ඉඳලම වැව් ඉවුර දිගේ ගලාගෙන ආව හුළඟ වැදුන නිසාද මංදා මට නිදිමතකුත් මෝදු වීගෙන ඇවිල්ලයි තිබ්බෙ. ඉතින් සැටියට වැටුන ගමන්ම මට එහෙම්ම ඩහ් ගාලා නින්ද ගියා.
.......
ගොඩක් වෙලා ඇහැ පියවිලා තිබ්බෙ නෑ. මගෙ තොලේ මොනාද මංදා පැණි රහට උකුවට දෙයක් තැවරිලා තිබ්බ බව තේරිලා, මම හිමීට ඇහැ ඇරල බැලුව පොඩ්ඩක්.
"බුදාම්මෝ....."
නෙත්මි මගෙ මූණට පාත් වෙලා මේස හැන්දකුත් දික් කරන් ඉන්නව අල්කයිඩා ඔස්ටියෝපොරෝසිස් සීන් එකේ. ළඟටම වෙලා තිබ්බ එයාගෙ මූණ දැක්ක ගමන් මාව සැටිය උඩ දික්ගැස්සුනා.
"නෙ... නෙත්මි... හේ හේ... මො... මොකෝ මෙහෙ..."
එයා ටිකක් වෙලා මගෙ දිහා ඔරවල බලන් ඉඳල, වචනයක්වත් නොකියා මොකක්ද මංදා පොඩි වීදුරු කුප්පියක මූඩිය වහන ගමන් හැරිලා කුස්සිය දිහාට ගියා.
හවස මම කරපු දේට මෙයා මගෙන් පළිගන්න හිතාගෙන මොකක් හරි මතුරල පෙව්වවත්ද...? මල හත්තිලව්වයි වෙන්නෙ... මගෙ අහවල් එකට ශොට් එක හම්බෙයිද...
"නෙ... නෙත්මි... පොඩ්ඩක් ඉන්න..."
නෙත්මි ඇවිදිනව වගේ පේන විදිහට දුවනවද මංදා. මම එයා පස්සෙන් දුවල ගිහින් එයාගෙ උරහිසෙන් අතක් තිබ්බා.
ඒත් දැන් නං එයා මගෙ අත අහක් කරන්න හැදුවෙ නෑ.
"නෙ... නෙත්මි මේ... හවස වෙච්ච දේට සමාවෙන්න මට... අනේ මට ඒක නොදැනුවත්වම උනේ... මම දන්නෑ මට මොනව උනාද කියල... මට දැනුනෙ මගෙ ඇඟට නිකං කවුරු හරි වැහුනා වගේ කියල... සමහරවිට වැවට අරක්ගෙන හිටපු පොරක්වත් මට වැහුනද දන්නෑනෙ... අනේ සොරි... තරහ වෙලා ඉන්න එපා... මගෙ තනියට ඉන්නෙ ඔයා විතරනෙ. ඔයත් ගියොත් මට කවුරුත් නැති වෙයි..."
නින්දෙන් ඇහැරුන ගමන්ම නිසා මගෙ මොළේ සංග්‍රාමී ප්‍රදේශය රීබූට් වෙන ගමන් තිබ්බෙ. ඉතින් ගොන් කතා ටිකකුයි සීරියස් කතා ටිකකුයි මික්ස් එකක් තමා මගෙ කටින් එලියට ආවෙ.
මම හිතුවෙ එයා ආපහු පාරක් මෙතන මට මාර පරාජය පෙන්නයි කියල. ඒත් නෙත්මිගෙ කට කොණින් පොඩි හිනාවක් ගියා මම කිව්ව ඒව අහල.
"මීපැණි පොඩ්ඩක් ගෑවෙ තොලේ... කලබල උන නිසා ගැහුවෙ... ඒත් සමාව ඉල්ලන්නෑ මං... ඔයාගෙ වැරැද්ද..."
"ඇහ්... එ... ඒ කියන්නෙ තරා නෑද..."
"පණ්ඩිතකම් තිබ්බට හෙන බයයි නේද කෙල්ලෙක් පොඩ්ඩක් සැර කලාම... ආ... මේ... ඒක නෙවෙයි... සුභෝද නැන්ද කෝල් කලා... එයාලා තාම එහෙ කිව්වා... මම ටිකක් වෙලා ඉඳල යන්නං.. බඩගිනි නං කියන්න, රොටියක් හදල දෙන්න"
"ඇත්තටම තරහ නෑද..."
බඩගින්න නං පස්සෙ නිවාගන්න බැරිඈ. මගෙ මේ හිතේ තියෙන අමුතු ගින්න මුලින් නිවාගෙන ඉන්න ඕනි.
"නෑ මෝඩයො... එක පාරක් කිව්වේ... ඔහේගෙ හැටි ගැන දන්නව මම... ඒ මම කලබල උන නිසා බැන්නෙයි ගැහුවෙයි... ඒත් මම සමාව ඉල්ලන්නෑ..."
"හී.... ඒකට කමක් නෑ... අම්මෝ මම බයේ හිටියේ... මම හිතුවෙ යාලු උන්නැත්තං දණ ගහල හරි සමාව අයදින්න... හෙ හෙ..."
"අනේ නෑ නෑ... ඕකත් ඔහේගෙ ඔය විකාර ආසාවක් වෙන්නැති... රොටියක් හදල දෙන්නද..."
"ම්ම්ම්ම්ම් හී... හා ඒනම්... හුළං වැදිල වැදිල බඩගින්නකුත් පොඩියට ඇවිල්ල තිබ්බෙ..."
"ඔව් තේරුනා මොකක් හරි ගින්නකින් තමා හිටියෙ කියල..."
නෙත්මි එහෙම කියාගෙන ගස්සල ආයෙ කුස්සියට යන්න ගියා. මමත් එයාගෙ පස්සෙන්ම කුස්සියට ගිහින් මගෙ සුපුරුදු පුටුවෙන් වාඩි උනා. නෙත්මි පොල් ගෙඩියකුත් බිඳගෙන ඇවිත්, පොල් ගානකං මම බුම්මැට්ටා වගේ බලන් හිටියා.
එයත් මුකුත් කිව්වෙ නැති නිසා කන්වසේශන් එකක් අලුතෙන් පටන් ගන්න පොටක් මට මීටර් උනේ නෑ.
"රිදුනද..."
මම ෆුල් කැපෑසිටියෙන් කාන්තා චින්තනය පිළිබඳ දත්ත විශ්ලේෂණය කර කර එයා එක්ක කතා කරන්න පොටක් පාදගන්න හදන අතරෙ එයාම මට කතා කලා.
"හෙ හෙ... පොඩ්ඩක් රිදුනා ඉතින්..."
"සොරි..."
"ඇහ්... සොරි කියන්නෑ කිව්වෙ දැන් ටිකකට කලින්..."
"නෑ තමා... සොරි කිව්වෙ රිදුන එකට... ගහපු එකට නෙවේ..."
"අහ් හරි හරි... හො හො..."
"මොකද එහෙම කලේ..."
හම්මටසිරි ඇහුව ප්‍රශ්නයක් කේවට්ටයත් කොර වෙන.
"නැ... නෑ මේ... ඉතින්... අපි දෙන්නගෙ... මේ... අර... මෙව්ව එකක් තියෙනව වගේ නිසා... පොඩ්ඩක්... දන්නෑද ඉතින්... නේ..."
"හහ් හහ්... වීරයා වීර වැඩ කරනකොට වගේ නෙවේ නේ කියනකොට නං... වෙන මිනිස්සු ඕකෙ අනිත් පැත්තනෙ... කයිවාරු ගහනකොට වගේ නෙවේනෙ කරනකොට... ඔහොම හොඳයි එක අතකට..."
ඇහ්... කලින් වැදුන පාරට මගෙ ධරණකෙන් කම්පන සම්ප්‍රේෂණය වෙන එකේ මිස් එකක්වත්ද. මේ ඇහෙන්නෙ අමුතු ඒවනෙ.
"එ... ඒ කිව්වෙ... අ... ආයෙ... කිස් කරනවට ආසයි කියලද... හෙ හෙ..."
"මොකක්..."
පොල් ගගා හිටපු නෙත්මි මගෙන් එහෙම ඇහුවෙ, ගගා හිටපු පොල් බෑයත් ග්‍රෙනේඩ් එකක් වගේ අතට ගන්න ගමන්.
"අ නෑ... මේ... අහස ලස්සනයි කියල කිව්වෙ... හී.."
"තමුසෙ මැට්ටෙක් මහ... එළවලු දාන්න ඕනෙද..."
"මොකටද..."
"රොටියට..."
"ආ දාන්නකො ඒනම්... වහ දාල දුන්නත් මම නං කනව කෝමත් ඔයා හදන ඒවා..."
නෙත්මි ඒකට තොල් දෙකත් තද කරන් හිමීට හිනා උනා.
එයා ෆ්‍රිජ් එක අවුස්සල මොනාද මොනාද ටිකක් අරන් ඇවිත් සින්ක් එකේ දාගෙන හේදුවා. හවස දැක්ක දොදොල් පු.... (සොරි මිස්පයර් එකක්).. මම මේ කියන්න ගියෙ, හවස දැක්ක වැනෙනසුලු පශ්චාත් භාගය දැන් ඒ තරම්ම හෙල්ලෙන්නෑ. මම ඉන්න නිසා අදාල ආම්පන්න වලින් සන්නද්ධව එන්නැත්තෙ.
"ඕන්නං දිගටම එතෙන්ට යං නාගන්න..."
මෙලෝ සිහියක් නැතුව නෙත්මිගෙ ගවුමෙ රැලි අස්සෙන් පේන චැසියෙ හැඩේ දිහා බලන් හිටපු මට, නෙත්මි හදිසියෙම අකුණු ගහනව වගේ කිව්ව ඒ වචන ටික ඇහුනම නං පුටුවෙනුත් නැගිට්ටුනා.
"සි... සිරාවටමද කිව්වෙ..."
"ඕන්නං යං හවසට... මම කෝමත් නාන්නෙ එතනින්..."
නෙත්මි නං මේ කරන්න යන්නෙ, කටුස්සගෙ කරේ රත්තරනුත් බැඳල කටුස්සට ගෙදර යතුරත් දෙන්න හදනව වගේ වැඩක්.
"අප්පටසිරි යමුකො... හැමදාම ඕව බලන්න තියෙනව නං... (නෙත්මි කන්න වගේ බැලුව මං දිහා) නැ මම කිව්වෙ අර වැවේ අසිරිය බලන්න තියෙනව නං මරුනෙ..."
"මෝඩයා..."
ඒ කියන්නෙ නෙත්මි මාත් එක්ක මලෙන් නෙවේ ඉඳල තියෙන්නෙ හවසත්. පොඩ්ඩක් ශොක් වෙලා වෙන්නැති ඉන්නැත්තෙ එයා කිව්වත් වගේ. මාත් මයිකල් ජැක්සන් සීන් එකේ ස්මූත් ක්‍රිමිනල් වෙන්න ගියානෙ.
මම නෙත්මි එක්ක ඊට පස්සෙ එක එක විකාර කියෝ කියෝ එයා රොටි හදනකංම කුස්සියට වෙලා කයිය ගැහුවා. නෙත්මිත් මගෙ තොලේ ආයෙ පාරක් මීපැණි ටිකක් ගාලා, වතුර එකක් රත් කරල කම්මුලත් තැව්වා. යකා ගහල වගේනෙ එතන. අත් පාරත් හිටින්න.
සිරාවටම සැර උනාට, ලොකු සීන් තිබ්බට, පිරිමි ගොඩක් ඉල්ලනව ඇත්තෙ මේ වගේ කෙල්ලෙක්ව. නමට ලව් කර කර බොරු ආඨෝප නැති සිරා ගෑණියෙක්. ආයෙ කාගෙන හරි මරාගෙන හරි ජීවිතේ බෙදාගන්න එන සුන්දර කෙල්ලෙක්.
"ම්ම්ම්ම්... කන්න එහෙනං... ලුණු මිරිසක් හැදුවා... නැන්දල එනකොට ගෙනේවි මොනාහරි..."
නෙත්මි රොටි තුනකුත් හදල ලුණු මිරිසකුත් හදල ඉවර වෙලා මට කිව්වෙ, කුස්සියෙ ජනේලෙ ගාව එල්ලල තිබ්බ රෙද්දෙන් අත පිහිදන ගමන්. එයා එහෙමම බිත්තියට හේත්තු වෙලා මගෙ දිහා බැලුවෙ කට කොණින් හිනාවකුත් දාගෙනයි.
"ම්ම්ම් කමු කමු... ඔයත් කන්නකො..."
"පස්සෙ කන්නං... කාලා ඉන්න ඔයා... ටවුමෙ අයට පුරුදු නැතුව ඇති බඩගින්නෙ ඉඳල..."
"හයියෝ ඔන්න ආයෙ පටන් ගත්තා ඉතින් ටවුමෙ කතාව... මම හිතුවා ඒක දැන් ඉවරයි කියල..."
"අපෝ නෑ... අද කරපු වික්‍රමෙන් පස්සෙ දැනගත්තා තාම ටවුමෙ ගති ඇඟේ තියෙනව කියල..."
"හරි හරි සොරි ඉතින්... මේ... නෙතූ..."
"ම්ම්ම්ම්ම්ම්"
"ඔයාට තරහ ගියෙ මම එක පාරම එහෙම කල නිසාද... නැත්තං එහෙම කරපු එකටද..."
"ම... මං දන්නෑ... ඕන්නැති ඒව අහන්නෙපා මෝඩයො... කාලා ඉන්නවා..."
හරේ... ඒ රිඇක්ශන් එකෙන් මම දැනගත්තා උත්තරේ... මාසයක් ආස්‍රය කලාට පස්සෙ ඉතින් නෙත්මිගෙ බොඩි ලැන්ග්වේජ් එක රීඩ් කරන එක මහ අමාරු දෙයක් නෙවේ.
හවස සීන් එකෙන් පස්සෙ ඔන්න දැන් තමා පොඩ්ඩක් හිත නිස්කලංක උනේ. බිකෝස්... හිතට හොරා මං... ඇගේ නිසා මං... හො හො...
නැන්දල රෑ වෙනව කිව්වට හෙටද දන්නෑ එන්නෙ. ඒ නිසාම මම රොටි දෙකකුත් ලුණුමිරිස එක්ක ගහල දැම්මා. නෙත්මි අනිත් එක කෑවා. එදා මාමල අර කඩෙන් ගෙනාව ඔට්ටපාලු රවුමට ගල් කරල වගේ නෙවෙයි. නියම ගාන.
කාලා බීලා ඉවර වෙලා නෙත්මි, භාජන ටිකත් හෝදල දාලා ඉවර වෙලා මට කතා කලා.
"නැන්දල එනකං ඇහැරිලා ඉන්න... හොඳද... නින්ද යනව නං යතුර එළියෙ පාපිස්ස යටින් දාන්න... එයාල දන්නව එතන තියෙනව කියල... මම යනව.. උදේට එන්නම්.."
"ඈහ්... දැන්ම යන්නෙ ඇයි.. ඉන්නව කීවනෙ ටිකක් වෙලා... තව චුට්ටක් ඉන්නකො.."
"බැහැ... දැන් ඔය හිටියෙ චුට්ටක් වෙලා තමා... පුංචි හේනට යනව රෑට... නංගි තනියම.. මොකෝ තනියම ඉන්න බයද මහ ලොකු පිරිමියා..."
"බය නෙවේ... හී... පාළුනෙ... කමක් නෑ කමක් නෑ... යන්නකො ඒනම්... නංගි තනියමනෙ... පරිස්සමට යන්න ඈ..."
"හා හා..."
මම නෙත්මි එක්කම පිටිපස්සෙ දොර ගාවට ගියාට පස්සෙ, එයා එයාගෙ සෙරෙප්පු දෙකත් දාගත්තා. ඒත් එයා ඒ ගිය විදිහටම යන්න හදන්නැතුව, තත්පර කීපයක් මගෙ මූණ දිහා බලන් හිටියා මුකුත් නොකියා. එයාගෙ ඇස් දෙකත් අමුතු වෙලා තිබ්බෙ.
"ම්ම්ම්ම්... මොකක් හරි අමතක උනාද..."
"නැ... නෑ... මම යනවා.. පරිස්සමට ඉන්න සදේශ්..."
එයා ඒ වෙලාවෙ අඟවපු එක මට නොතේරුනත්, මගෙ හිතින් කිව්වෙත් ඒ හා සමාන දෙයක්මයි.
"නෙතූ..."
"ම්ම්ම්ම්"
නෙත්මි යන්න හදලත්, නැවතිලා මගෙ දිහා හැරිලා බලනකොටම, මම කලින් වගේම එයාගෙ ඉනෙන් අල්ලන් තොල් වලට බර වෙලා කිස් එකක් දුන්නා.
ඒත් හවස වගේ නෙවෙයි...
එයාගෙ තොල් හෙමීට ඇරුනේ මට එයාව කිස් කරන්න ඉඟි කරනව වගේ. මගෙන් ඈතට යනව වෙනුවට එයා මුලු ඇඟින්ම හැරිලා, ඔලුව පැත්තට කරන් මාවත් කිස් කලා. නෙත්මිගෙන් මෙහෙම රොමෑන්ටික් ඇක්ට් එකක් දකින්න ලැබෙයි කියල මම කීයටවත් හිතුවෙ නෑ...
අපේ දිවවල් දෙකත් එකිනෙක පැටලෙන අතරෙ, මම එයාගෙ ඉනෙන් අල්ලන් හිටපු අත් දෙක එයාගෙ ඇඟ වටේට දාගෙන එයාව තද කරගත්තා.
"ම්ම්ම්ම්ම්... ඇති... පරක්කු වෙනව මට...."
මම තව තවත් එයාව මට තද කරගන්න හදන අතරෙ නෙත්මි මගෙ පපුවෙන් අත් දෙක තියල එහාට උනා. මමත් පොඩ්ඩක් පස්සට ඇවිත්, එයාගෙ මූණ දිහා බලන් කතා කලා.
"හ... හරි ඒනම්... ප... පරිස්සමට යන්න..."
"මැට්ටා... හෙට එන්නම් සදේශ්... පරිස්සමට ඉන්න... මම යනවා..."
තෙතට අහු උන නෙත්මිගෙ තොල් දෙකයි, මූණට දැනුන හුස්මක රස්නෙයි, නෙත්මි ගාවින් ආව අමුතු සබන් සුවඳයි ඔක්කොම එකතු වෙලා, මාව අමුතුම විදිහකට උද්දීපනය කලා.
ක්ෂිණකව සිදු උන, වෙච්ච දේ හිතාගන්න බැරි තරම් කෙටි කාලයකදි වෙලා ඉවර උන ඒ රසබර මොහොතින් පස්සෙ, එයා හුළඟක් වගේ නොපෙනී ගියේ, ඒ ගෙව්ව මොහොත අපේ ජීවිත වල වැදගත්ම සන්ධිස්ථානයක් බවට හාංකවිසියකවත් ඉඟියක් නොදෙමින්...
මතු සම්බන්ධයි...