ගමේ කෙල්ල
08~ අටවන කොටස ~

මතකනෙ. හංසි මට සැන්දෑ සමයේ එයාගෙ නිවසට එන්න කියල කරපු ඇරයුමත් බාර අරගෙන මම සමීරය එක්ක ප්‍රේම කරත්තෙ නැග්ගා.
එතැන් සිට...
ගෙජ්ජි ගිගිරි සද්දේ... ඇහෙන රබන් මැද්දේ...
ඩිස්ටි ඩකර ලබ්බේ...
ට්‍රැක්ටරේ නිකං සනිධප බෑන්ඩ් එකේ ඩ්‍රම් ගහන එකා වගේ. පුදුම සද්දයක් තියෙන්නෙ. සමීරයත් ට්‍රැක්ටරේ කියල ගානක් නෑ. වංගු ගන්නව කනේ වැලි ගෑවෙන සයිස් එකට කෙලින් කරල.
ඒ අස්සෙ මගෙ හිත අස්සෙ කෙලින්ම හංසියි මමයි ෆීචර් කරන පෝර්නොග්‍රැපි ඉන්ඩ්‍රස්ටි එකක්ම රන් වෙනව.
"මලේ... විටක් කමු..."
සමීරය ට්‍රැක්ටරේ හැන්ඩ්ල් එක එක අතකින් අල්ලල , මට විට මුලක් දික් කලා.
"මම දන්නෑනෙ අයියෙ... කන විදිහ..."
"කටින් බං කන්නෙ. චුයින්ගම් කන විදිහට හප හප හිටපං"
අමෝ අමෝ ඇරිස්ටෝටල්. මූ හිතන් ඉන්නෙ මම අඟහරු කොලනියක ඉඳල මෙහෙ ආව කියල. විට හපන විදිහ නොදැන ඉන්න.
"නැ.. නෑ අයියෙ මම කිව්වෙ , විටක් ඔතන්න තේරෙන්නෑ කියල..."
"අයියෝ... ඕන් බලාගනින්.. මේක මෙහෙන් අරන්..."
(නීති රීති පද්ධතියන් සහ , සාරධර්මතාවන් මත විටක් ඔතාගන්න විදිහ මෙම කතාවෙන් කියල නොදෙන බව සිහි තබාගන්න. ඒත් සමගම , මුඛ පිළිකා ඇති කරන , පරිසර අපවිත්‍රකාරයකයක් වන සහ පාරවල් නන්නත්තාර කරන , බුලත් විට නොකෑමට ඔබේ හය හතරට වඩා එහා ගිය දේවල් දන්නා , කොලුකම ඔලුවට ගහපු දරුවාට කියාදෙන්න)
සමීරය විටේ ඔතන දිහාට මම හොඳ අධීක්ෂණයක් දීල සිස්ටම් එක අල්ලගත්ත. සමීරයගෙ කටේ දත් ටික දැක්කම නං විට නෙවේ බුලත් වැලුත් එපා වෙනව. යකා ගහල වගේ දත් ඇන්ද.
සමීරය ඔතපු විදිහටම පොඩියට විටක් ඔතල , බිස්කට් කනව වගේ කට මැද්දටම තියල ඇල්ලුව ඇල්ලිල්ලක්... දිව ලෙලිගියා...
සමීරය මගෙ මූණ වෙනස් වෙනව දැකල සීන් එක තේරුම් අරන්ද කොහෙද ආපහු මගෙ පිටට ගහල කතා කලා.
"කෝ... කට මැද්දටම තියල ඇල්ලුවද?"
"හෙ හෙ... දිව පිච්චෙනව වගේ..."
"හක්කෙන් හපහං බං... නැත්තං කෑම වල රහ තේරෙන්නැති වෙනව දිව මැදුනොත්"
'දැන්ද පරයො කියන්නෙ' කියල අහන්න හදලත් , මිනිහ අමාරුකාරයා නිසා කට පියන් හිටිය.
ඌ කියපු ටෙක්නික් වලට විටේ අදින ගමන් මම වටපිට බල බල ආව. කෑවෙ විටක් උනාට දුම්කොළේ නිසා ලාවට මත් උනා. ටවුමෙ කොල්ලො , හක්ක පටස් කියල , බුලත් කොලේ නැතුව කන්නෙ මේකමයි කියල මට පස්සෙ තේරුනේ. මම කෝමත් ඉස්සර ඉඳන්ම ඔය හක්ක පටස් , විට කාපු එකෙක් නෙවේ. මම ඉඳල හිටල සූට්ටක් බොනව විතරයි.
සමීරය නිකං ස්පයිඩර්මෑන් දැල විදිනව වගේ හතර අතේ කෙල ගගහ යනව. මම නං කෙල ගැහුවෙ ගෙවල් නැති , පාරෙ මිනිස්සු නැති තැන් බල බල. මොකද විටක් උනත් , පාරෙ ඉන්න මොකා හරි ඕක දැකල , ඒක මාමටයි නැන්දටයි කියල එයාල කේස් දැම්මොත්.
විට කකා ඉන්න අතරෙම , සමීරය කුඹුරු යායත් පහු කරන් දිගටම ට්‍රැක්ටරේ එලවන් ආපු නිසා මට බයකුත් හිතුන. මූ මාව කිඩ්නැප් කරන්න යනවද කියල. මොකද මම හිතුවෙ , වතුර අරිනව කිව්ව නිසා අපි මේ යන්නෙ මඩවන්න හරි මොකක් හරි කරන්න කියල.
කෝකටත් අහල බලන්නෝනෙ.
"අ... අයියෙ... මේ... අපි කුඹුරට නෙවේද යන්නෙ..?"
"නෑ බං. මොකෝ කේස් එක"
එහෙනං මූ මොන හත්තිලව්වකද මාවත් දාන් යන්නෙ මේකෙ.
"නැ... මේ... කොහෙද යන්නෙ කියල බැලුවෙ."
"අද වතුර අරිනව බං. හේන බලන්න ඕනෙ ඒ නිසා. වජිර අයියත් මේ පාර කුරහං අක්කරයක් දැම්මනෙ හේනෙ. ඒ නිසා අද වතුර හරවන්න ඕනෙ. නැත්තං ඒ ටික මැරිල යාවි"
"ආ... ඒක තමා.. මම හිතුව පාර වැරදිලා කියල..."
"ඈ..."
"නෑ නෑ මුකුත් නෑ..."
උදේ මාමත් කියලනෙ ගියේ , අද වතුර අරිනව කියල. ඒත් මම හිතුවෙ මාම කරන්නෙ වී ගොවිතැන විතරයි කියල. මම දන්නෙත් නෑ මාම ගොඩ ගොවිතැන් කරනව කියල.
මම කල්පනා කර කර ඉන්න අතරෙ සමීරය ආපහු කතා කලා.
"මලේ... තා දුංකොල කෑල්ලක් ඕනෙද"
"ආ එපා අයියෙ... හෙ හෙ... මේක ඇති.."
විටට එතුවෙ පොඩි දුම්කොළයක් උනාට ඒකත් හෙන පවර්ෆුල් එකක්. අමු එකක්ද කොහෙද.
ඔහොම ඔහොම ට්‍රැක්ටරේ එන ගමන් මම වටපිට බලන්නත් අමතක කලේ නෑ.
ටවුමෙ තියෙන සද්ද බද්ද , කලු දූවිලි , මිනිස්සුන්ගෙ ඝෝශාවන් නැති මාර නිස්කලංක පැත්තක්. (මේ ට්‍රැක්ටර් හුචැක්කුවෙ සද්දෙ අමතක කරමුකො) පරිසරයේ සුන්දරත්වය වගේම , මේ පැතිවල ජීවිතයේ කර්කශ බව මට හොඳටම තේරුනා කුඹුරු වැඩ කරන මිනිස්සු දිහා බැලුවම. ඒ මිනිස්සුන්ගෙ එලියක් නොවැටුන මූණයි , අනාගතය ගැන බලාපොරොත්තුවක් නැති ඇස් දෙකයි දැක්කම මට හිතුනෙ , මෙච්චර කල් මම කුමාරයෙක් වගේ ඉඳල කියල විතරයි.
අපි නෙවෙයි මහ පොළවෙ නියම පුත්තු. මේ මිනිස්සුයි. හොරකම දන්නෙවත් නැති මේ සමහර අහිංසක මිනිස්සු , දුක් මහන්සියෙන් , නොකා නොබී දාඩිය වගුරුවගෙන ගෝනි වලට පටවන මේ හාල් ඇටයකට අපි කොච්චර පොඩි වටිනාකමක්ද දෙන්නෙ?
කෝටි ගණන් ණය වෙලා කුඹුරක් කරල , අලි ඇවිල්ල හේන පාලු කරල ගියාට පස්සෙ , වැහැල අස්වැන්න නැතිභංස්ථාන වෙලා ගියාට පස්සෙ , ඒ මිනිස්සු දුක් වෙන්නෙ නෑ. ආපහු පටන් ගන්නව. කායික ශක්තිය වගේම මානසිකවත් ඒ මිනිස්සු යෝධයො වගේ.
ඒත් අපි... අපි තාම ජීවිත සෙල්ලමේ පුංචි පුංචි ඉත්තො විතරයි.
මේ මිනිස්සුන්ගෙ හැටියට අපේ පරම්පරාව කොච්චර සියුමැලිද. අපි කොච්චර කායිකව දුර්වලද? කොච්චර මානසිකව දුර්වලද?
"මලේ... පොඩ්ඩක් බැහැං බං. මෙතන කණ්ඩියෙන් දාගන්න අමාරුයි"
මගෙ හිත ඇතුලෙ බුර බුරා නැගුනු ගිනි ජාලාවන් වලට වතුර බවුසරේකින් වතුර ගහනව වගේ , සමීරය එක පාරටම මට කතා කලා.
"ආහ් හරි අයියෙ..."
"අයියා බයියා එපා බං.. සමියා කියහං.. මට සෙට් නෑ ඔය අයියා මල්ලි කෑලි. එලනෙ..."
"ආ එල එල ස..මි...යා..?"
"ගැම්මක්... දැන් බැහැං... අද්දන්න බෑ වගේ ආවොත් තල්ලුවක් දහන්..."
"එලෝ..."
මම ට්‍රැක්ටරෙන් බැහැල වටපිට බැලුව. එතකොටයි මට තේරුනේ අපි හේනට ඇවිල්ල කියල. අපි හේනට ට්‍රැක්ටරේ ගන්න හදන තැන හෙන කණ්ඩියක්. ඒක නිකං නමුණුකුල කන්ද වගේ.
සමීරයත් බැහැල එක අතකින් හැන්ඩ්ල් එක අල්ලන් , ට්‍රැක්ටරේ ඉස්සරහට ගන්න අතරෙ මමත් ස්ටෑන්ඩ් බයි හිටගෙන , අද්දනවද නැද්ද කියල බැලුව.
සමීරය ගොපලු යකා වගේ හිටියට , හෙන වැඩ්ඩෙක් කියල තේරුනේ , මිනිහ ට්‍රැක්ටරේ හසුරවපු විදිහ දැකල. ආයෙ නිකං රොබෝටික්කට ඔප්ටිමස් ප්‍රයිම්ව දුන්න වගේ.
සමීරය කණ්ඩිය තිබ්බ තැනින් ට්‍රැක්ටරේ අරගත්තට පස්සෙ මාවත් නග්ගන්, හේන දිගේ ට්‍රැක්ටරෙන් ආව.
අපි හේනට එනකොට තව ගෑණු දෙන්නෙක් හේනෙ හිටිය. ඒ දෙන්න සමීරයව දැකල අත වනල , මටත් හිනාවක් දැම්මා. මමත් තාරා හොට ප්ලැටිපසා වගේ පුලුවන් තරන් කට ඇරල , ආගන්තුක හිනාවක් දැම්ම ඒ මිනිස්සුන්ගෙ ආත්මෙටම දැනෙන්න.
"මලේ... ආ මේ තොප්පිය දාගනින්. අද පොඩ්ඩක් අව්ව සැර වැඩී. උඹට ලෙඩක් හැදෙයි නැත්තං"
සමීරය එහෙම කිව්වෙ , ට්‍රැක්ටරේ යන ගමන්ම නැගිටල , සීට් එක උස්සල , ඒක අස්සෙ තිබ්බ පරණ තොප්පියක් මට දෙන ගමන්.
මම ඒකත් දාගෙන හේන දිගේ බල බල ආව. පතරංග ගහක් උඩ ගහල තිබ්බ පැලයි , හේනෙ වවල තිබ්බ එක එක ජාතියෙ පැලයි දැක්කම නං නිකං දිවියලෝකෙ ගාඩ්න් එකකට ගියා වගේ.
"මේ මොනාද අයියෙ... ආ නෑ මේ සමිය අයියෙ..."
මම සමීරයගෙන් ඇහුවෙ බිම දිගේ ගිහින් තිබ්බ හෙන වැල් තොගයක් පෙන්නල.
"ඔය කොමඩු බං..."
"අඩේ... දැන් මේකෙ කොමඩු හැදෙනවද?"
"තාම මාස දෙකයි බං ගියෙ. ඕකෙ අස්වැන්න ගන්න මාස තුනක් විතර ඉන්න ඕනෙ."
"ආ එල එල. අපේ මාමගෙ හේන් කෑල්ල කොහෙද තියෙන්නෙ?"
"ඔය කොමඩු කෑල්ලත් එක්කම තියෙන්නෙ වජිර අයියගෙ ටික. අර පේන්නෙ.. කුරහන්නෙ දැම්මෙ මේ පාර. සතියකට පාරක්වත් වතුර හරවන්න ඕනෙ. දැන් සති එකහමාරකින් විතර ඒක කරන්න උන්නෑ බං"
"අප්පා දැන් ගස් ටික මැරෙනවද?"
"නෑ නෑ. ඒත් එහෙම අවුලක් නෑ. ඒත් ඉතින් කියන්න බෑනෙ. උන්ට ඕනෙ වෙලාවට වතුර අරින්නෙ. අන්තිමට ඔය ඔක්කොගෙන්ම කෙල වෙන්නෙ අස්වැන්නටනෙ."
අපි කොමඩු වැල් තිබ්බ හරිය පහු කරනකොටම වගේ , ගොයම් ගස් වගේ උසට හැදුන , පොඩි ගස් යායක් හම්බුනා. ඒ කුරක්කන් බව මට සමීරය කිව්ව.
සමීරයා ට්‍රැක්ටරේ එතනින් නවත්තන්නැතුව කෙලින්ම ගියේ හෙන ජල පද්ධතියක් ගාවට. එහෙන් මෙහෙන් බට දාපු , වෑල්ව් තියෙන, පිත්තල කරාම කීපයක් තිබ්බ තැනක්. වතුර ඇලට දැම්මට පස්සෙ මෙයාල මෝටරේකින් වතුර අදිනව හේනට. ඇලෙන් කෙලින්ම වතුර ගන්න පුලුවන්, පහළ හේනට විතරලු. (හේනෙ පහළ කොටස)
සමීරය එතනින් ට්‍රැක්ටරේ නවත්තල බැහැල මටත් කතා කරපු නිසා මාත් බැස්සා.
"මචං... මේන් මේ බටේ අල්ලන් හිටහන් හොල්ලන්නැතුව. මම පටිය ගැටගහනකං"
සමීරය , පත බටයක් , වෙන කරාමෙකට සෙට් කරන ගමන් මට කිව්ව.
මම එතනට ගිහින් පාත් වෙලා ඒක අල්ලන් ඉන්න අතරෙ , සමීරය රෙදි පටියක් අරන් , මම මගෙ ජීවිතේ දැකපු සංකීර්ණම ගැටේ දැම්ම පයිප්පෙට.
"අර කොමඩු වගාව කාගෙද අයියෙ..."
මම සමීරයගෙන් ඇහුවෙ , අස්වැනු නෙලන කාලෙක කොමඩු ගෙඩියක්වත් පන්නගන්න පුලුවන්නෙ , අයිතිකාරයව දැනන් හිටිය නං.
"මොන?"
"අපි දැන් අර පහු කරන් ආවෙ"
"මගෙ බං.."
ඈහ්... මූ නිකං කරට ගන්නෙවත් නැතුව කියනව අර පත කොමඩු වවපු කෑල්ල උගෙ කියල. මම ඔහොම වවල මගෙන් කවුරුහරි ඇහුව නං ඒක කාගෙද කියල , මම පෙරහැරකින් ගිහින් කියල එන්නෙ. අපි එහෙමයි. අපිට එහෙම නැති උනාට.
"ඒ බිම් කෑල්ලත් අයියගෙද?"
"අපෝ නෑ බං. මට වගා බිම් නෑ. මම කුලියට ඒවගෙ වැඩ කරනව විතරයි. ඔය බිම් කෑල්ල අයිති මාම සෙත්තපෝච්චි උනා මාස දෙකකට තුනකට කලින්. උගෙ අවතාරෙ , හේනෙ ඔය හරියෙ ඉන්නව කියපු නිසා කවුරුත් ඕකෙ වැඩ කරන්න කැමති උන්නෑ. මම කලා ඉතින්"
සීන් එක පොඩ්ඩක් ලොස් වෙන්න යන්නෙ. මහ දවාලෙ උනත් , අවතාර හොල්මන් සීන් නෙ. හොල්මනට දවාලට එන්න බැරි කමක් නෑනෙ. උන් හොල්මන් මිසක් වැම්පයර්ල නෙවේනෙ.
"මෙ... මේ ඒ හේන් කෑල්ලෙද...?"
"හම්ම්... බලමු... කරදර කරන්න ආවොත් කීයක් හරි දීල සේප් කරමු.."
කීයක් හරි දීල සේප් කරන්න? එක්කො සමීරය තාම අවතාර කියන්නෙ මොක්කුද කියල දන්නෑ. නැත්තං උට ඒ ගැන ගානක් නෑ.
හොල්මනටත් පගාව දීල පුරුදු කරගනින්කො. දැනට ලංකාවෙ උන් විතරයි පගාව නොගන්නෙ. මූ ඒකටත් කෙලින්න හදන්නෙ.
"මම මොකක්ද අයියෙ දැන් කරන්න ඕනෙ..."
"උඹද... උඹ.... පොඩ්ඩක් හිටහංකො බලන්න... රොටරි පාරකුත් ගහන්න ඕනෙ බං පහල කෑල්ලකට. ඒකෙත් තල ටිකක් දාන්න ඉන්නෙ. අද බෑ බං. වෙන වැඩක් තියෙනව කරන්න..."
"ඒ මොකක්ද අයියෙ..."
"නෑ නෑ පොඩි වැඩක්... මේ මලේ..."
"කියන්න අයියෙ..."
"උඹ මට දැන් උදව්වක් කරන්න ඕනෙ පොඩි"
"මොකක්ද අයියෙ?"
"මම දැන් උඹව ආපහු දාල , ට්‍රැක්ටරේ පොඩි වැඩකට අරන් යනව. වජිර අයිය ඇහුවොත් ඒ සීන් එකක් නොකිය , මමයි උඹයි හේනට ආපු කතාව විතරක් කියහං ඈ. වජිර අයියට නං සිරා සීන් එක කියහං. සුභෝද අක්කට නං වැරදිලාවත් කියන්න එපා ඈ..."
මූ මේ සුවර් එකටම කංස හේනෙ ගොවිතැන් පාරක් දාන්න යන්න වගේ හදන්නෙ. මොනා උනත් ඉතින් කොල්ලොනෙ ගමේනෙ වවනවනෙ.
"ආ මම සේප් කරල ගන්නං අයියෙ..."
මගෙ පක්ශපාතී උත්තරේ අහල සමීරයගෙ මූණ එලි උනා පොඩ්ඩක්. මිනිහ වටපිට බලල මගෙ මූණට ළං වෙලා කතා කලා.
"මල්ලි සූස්ති එහෙම ගහල තියෙනවද?"
ටවුමෙ කොල්ලො එක්ක නෝමල් දුම් පූජාවක් ඉඳල හිටල දැම්මට , මම මීට කලින් කංස නං ගහල නෑ.
"නැ... නෑ අයියෙ. ඩන්හිල් නං එවරෙඩී... සූස්තිනං ඉතින් ඩවුන් ද පල්ලං. සෙට් නෑ අයියෙ"
"හම්මට බොල... පට්ට බුවෙක්නෙ. හරි හරි ඕන්නැත්තං අවුලක් නෑ. බඩු තියේ මෙහෙ. ඕන්නං ඉල්ලහන්"
"ආ... ඒව පස්සෙ බලමු අයියෙ... මේ මාව ගිහින් දානව කිව්ව නේ.. පයින් යන්න නං දුර වැඩී.."
"ඔව් ඔව් යමන් යමන්. මම හවස් වෙන්න කලින් ලොවෙත් ට්‍රැක ගෙනත් දානව ඈ. වජිර අයිය ඒවි වතුර වහන්න. උඹ පොඩ්ඩක් එයා එක්ක ඇවිල්ල පෙන්නහං බැඳපු තැන"
"හරෙ..."
සමීරය කියව කියවම ට්‍රැක්ටරේට නැග්ග නිසා මාත් පැත්තෙන් වාඩි උනා. මිනිහගෙ කට නිකං ප්‍රතිචක්‍රිකරණය මධ්‍යස්ථානයක් වගේ. විට කොච්චර කෑවත් සුං ගාල යනව.
මෑන් ට්‍රැක්ටරේ හරවගෙන , ආපු පාර දිගේම ආපහු හේනෙන් එලියට ආව. මම මුකුත් වැඩක් නොකල උනාට , ඇඟට පට්ට තෙහෙට්ටුවක් දැනුනෙ. සමහරවිට අව්ව නිසා වෙන්නැති.
සමීරය එන ගමන් , මග තිබ්බ ගෙදරක නවත්තල අමුතු සර්පිලාකාර භාණ්ඩෙකුත් ට්‍රැක්ටරේ පිටිපස්සට දාගත්ත. මිනිහ ඒකට කිව්වෙ "රොටරිය" කියල.
(රොටරිය/රොටවේටරයෙන් තමා , බුරුල් කරපු පස් කුට්ටි හෝ කැට පොඩි කරන්නෙ. සාමාන්‍යෙන් වී, මෙනේරි, තල වවනකොට රොටරි ගෑම කොහොමත් කරන්න ඕනෙ. දෙවනි සී සෑම / මද හීය ට තමා රොටරි ගාන්නෙ. ඒ පළමු සී සෑම / පුරන් හීයෙන් පස්සෙ දවස් 10ක් විතර ගියාම)
"මලේ... උඹව ගෙදරින් දාන්නද..."
සමීරය තුන්සිය ගාණට ට්‍රැක්ටරේ අරින ගමන් මගෙන් ඇහුව.
ඒත් එක්කම මට මීටර් උනේ හංසිගෙ යෝජනාව...
"හවස් වෙන්න කලින් ආවොත් මේ පැත්තෙ එන්න..."
කොල්ලෙක්ට ජීවිත කාලෙකට අහන්න පුලුවන් හොඳම වාක්‍ය ඛන්ඩයක් තමා මේක. මේ වාක්‍ය තව ටිකක් සැර වැඩි කරල ගන්න තිබ්බ , ඒකෙ මුලට හෝ අගට "ගෙදර මම විතරයි ඉන්නෙ" වගේ අනුඛණ්ඩයක් එකතු කලා නං.
අනුඛණ්ඩ නං වානා.. හංසි තමා ඕනා.. කිව්වලු.
මම ඒත් හිතුවෙ නෑ හංසි එක්ක මට මෙච්චර ඉක්මනට පවුල් කන්න ලැබේවි කියල.
"ඕයි... මම ඇහුවෙ ගෙදරින් දාන්නද කියල..."
සමීරය ආපහු පාරක් හයියෙන් ඇහුව නිසා මම හීන ලෝකෙන් ගැස්සිලා අයින් උනා. ඒ තත්පර ගානට ගිනිකඳු පිපිරෙන සයිස් එකට මනෝ පාරක් වැදුන හැබැයි මගෙ ඔලුවෙ.
"අ... මේ... ට්‍රැක්ටරේ ගෙනාපු ගෙදරින් දාන්න අයියෙ... මාම කිව්ව පොඩි දෙයක් ඉල්ලන් යන්න කියල එහෙන්..."
මාම කියපු මගුලක් නෑ. මම සැකේ තුරන් වෙන්න ඒක කිව්වෙ.
"ආ එල එල... උඹට ගෙදෙට්ට පයින් ගියෑකිනෙ.."
"පුලුවන් අයියෙ..."
මම හැබැයි අහල තියෙනව පළමු එක්වීමෙන් පස්සෙ කෙලින් ඉන්නවත් පණ නෑ කියල. ඒත් ඇවිදින එක නං කවද කරන්න බැරිද.
ඔය පුරාණ ගත් කතුවරු මෙහෙම කියල තියෙනවනෙ.
"අවස්ථාව ලැබුණු සැණින් එය ලබාගන්න. එය කරන ආකාරය පසුව පුරුදු වෙන්න..."
අවස්ථාව නං සෙට් උනා. ආයෙ පුරුදු වෙන්න දේකුත් නෑ. මම බලල තියෙන pre-shots හැටියට , පෝර්න් ඉන්ඩස්ට්‍රි එකේ හැම පෝස් එකකටම මම මාස්ටර් උපාධි අරන් ඉන්නෙ.
සමීරයත් මගෙ ආශාවට උල්පන්දම් දෙන්න වගේ ට්‍රැක්ටරේ ලෙල්ලහුටන් වෙන්නම අද්දනවා. ට්‍රැක්ටරේ කියල නෑ. ලැම්බොගිනි සීන් එකේ යන්නෙ. පිටිපස්සෙ ට්‍රේලරේ නොතිබ්බ නං බුලට් එක වගේ යයි.
ආපු වේගෙ නිසාම ටිකකින් අපි හංසිලගෙ ගෙදරට ආව. සමීරය මාව එතනින් බස්සල , ට්‍රැක්ටරේ වත්තටවත් දාන්නැතුව හරවන් ගියා.
ඒකෙ සද්දෙටද කොහෙද , හංසිත් උලුවස්ස ගාවට ඇවිල්ල බලල , මම බහිනව දැකල හිනාවක් දැම්මා. මාත් හංසිට , මගෙ ජීවිතේ දාපු අව්‍යාජතම හිනාවෙන් සංග්‍රහ කරල, ඊළඟ සංග්‍රහයත් දෙන්න හිතාගෙන ගේ ගාවට යද්දි එයා කතා කලා.
"ඉක්මනට ඇවිල්ලනෙ..?"
"ඔව්නෙ... ඔයා එන්න කියපු නිසා ආව ඉතින්... හෙ හෙ..."
"අම්මෝ තියෙන හදිස්සිය... එන්න එන්න ඇතුළට..."
හංසි මාව ගෙට අරන් පුටුවකින් වාඩි වෙන්න කිව්ව. මම ඒකෙන් වාඩි වෙලා , ඊළඟ මිනිත්තු කීපය තුළ වෙන්න පුලුවන් හැම පොසිබිලිටි එකක්ම හිතින් හිතන්න ගත්ත.
"බොන්න මොනා හරි ගේන්නද?"
හංසි මගෙන් ඇහුව.
"ආ දැන් නං ඕන්නෑ..."
"එහෙනං වැඩේට යං කෙලින්ම. ඔයා වෙන ශර්ට් එකක් මුකුත් ගෙනාවෙ නෑ නේ..."
"අහ්... නෑනෙ... මේක අවුලක් නෑනෙ..."
බී.ඩී.එස්.එම්. පාරක්වත් යන්න හදනවද? ශර්ට් ඇඳන් ඕව කරන්නෑනෙ. අවුලක් නෑ. මෙහෙ ප්‍රොසීඩර් එක වෙනස් ඇති ටවුන් වලට වඩා.
"නෑ නෑ අවුලක් නෑ. එන්නකො මගෙ කාමරේට."
කෙල්ලෙක්ගෙ කටින් අහන්න පුලුවන් දෙවනියට සොඳුරුතම වාක්‍ය කණ්ඩය. ඒකත් ඊට වඩා ලස්සන කරල ගන්න තිබ්බ "අනේ අපි කාමරේට යමු" වගේ දෙයක් කිව්ව නං.
හංසිගෙ කාමරේ, එයාගෙ ගෙදරට සාපේක්ෂව අමුතු මොඩර්න් ලුක් එකක් තිබ්බෙ.
"මේ පුටුවෙන් ඇල වෙලා වාඩි වෙන්න..."
හංසි , කාමරේ ජනේලයක් ගාව තිබ්බ හාංසි පුටුවක් පෙන්නල මට කිව්ව. 'මේ පාර නං cow girl පාරක් තමා' කියල හිත හිතම මම ගිහින් පැනල වාඩි උනා ඒකෙන්.
"හොඳට එලිය වැටෙන විදිහට ඉන්න මූණට.. හරිද..."
"හරි හරි එලිය එනව හොඳට"
ජනේලෙන් ඉර එළිය එනව නිකං න්‍යෂ්ටික තාප කිරණ වගේ.
මම සෙට් උනාට පස්සෙ , හංසි මොකක්ද මංද ස්ටෑන්ඩ් එකකට සෙට් කරපු ගැජට් එකක් අරන් ඇවිල්ල , මගෙ මූණ උඩට වෙන්න ඇල්ලුව.
හංසි මාව දැලේ දාන් ඇවිල්ල අවයව ජාවාරමක් වත් කරන්න යනවද?
"මෙ... මේ ඔය මොකක්ද?"
මම හංසිගෙන් ඇහුවෙ කුතුහලේටත් වඩා මූණට තිබ්බ ආසාවට.
"මේකෙන් තමා ස්ටීම් කරන්නෙ. ඕනෙම ෆේශල් ක්ලීන් එකකට කලින් ස්ටීම් කරල ඉන්න ඕනෙ."
මොකක්? ෆේශල් ක්ලීනර්..? මොන හරුපයක්ද ඒ....
"එ.. එතකොට මට ආපහු එන්න කිව්වෙ මෙ... මේකටද?"
"නැතුව ඉතින්... මොකකට කියලද හිතුවෙ..."
"අ... මේ... නැ... නෑ... මම නෙත්මිට... කිව්ව දේ කියල හිතුවෙ..."
මේකිට කියන්න බෑනෙ මම මේ පතාගෙන ආවෙ අහවල් වැඩේ කරන්න කියල. අනික නෙත්මි මේකිට මොන මගුලක් කියලද දන්නෑ.
"ඒක තමා මේ. ඒත් පළවෙනි දවසෙම එහෙම කරන්නෑ. නෙතූ කිව්වෙ මට , ඔයත් ෆුල් ෆේශල් ට්‍රීට්මන්ට් එකක් කරගන්න කැමතී කියල. මේ පැත්තෙ මිනිස්සුන්ට මේව ගැන ගානක් නෑනෙ. ඔයා වගේ ටවුමකින්ම කෙනෙක් එන්න ඕනෙ ඒවගෙ අගේ තේරෙන."
"නෙත්මි කිව්වද එහෙම...?"
"හොඳ වෙලාවට නෙතූ හිටියෙ. නැත්තං ඉතින් ඔයාට ඕක කෙලින්ම කියන්න වෙන්නෑනෙ..."
කියල හංසි අර මගෙ මූණට එල්ල කරන් හිටපු මැශිම ඔන් කලා.
බුලු බුලු ගාල වතුර නටන සද්දයක් එනවත් එක්කම , හෝස් ගාල වාන් දැම්ම වගේ හුමාලෙ පාරක් මූණට වැදුන ඇස කණ නාසය පුච්චගෙන යන ගානට.
නෙත්මිද කිව්වෙ මම මේ පරිප්පුව කන්න ආසයි කියල... ම්ම්ම්ම්... ඕකිට හොඳ වැඩක් කරනව මම....
මතු සම්බන්ධයි...
(ඒ වගේම කාටහරි කුතුහලයක් ආවොත් මම කොල්ලෙක් වෙලත් ෆේශල් දාල තියෙනවද කියල, පිළිතුර ඔව්. අපේ පිටිපස්සෙ ගෙදර අක්කත් බියුටි කචලිස්ට් කෙනෙක්)