ගමේ කෙල්ල

ගමේ කෙල්ල

07

~ හත්වන කොටස ~

නැන්දල කලින්ම , නෙත්මිගෙ ගෙදෙට්ට කෝල් එකක් දීල එයාට එන්න කියන්න කියල. ඒකයි එයා රෑත් තකහනියෙම මෙහෙ ආවෙ.


කලින් කොටසට




එතැන් සිට...


"ආ සරා... මේන් මේ ගවුම් කෑල්ලක් ගෙනාවා. සයිස් වෙනස් නං ගෙනත් දෙන්න. මාරු කරල ගන්න පුලුවන්..."


මාම වෙනම බෑග් එකක් නෙත්මිට දික් කරන ගමන් කිව්වා.


නෙත්මිත් ඔලුවෙ අතගහගෙන,

"අයියෝ විකාරනෙ ඔයාලට ඉතින්. මට එපා මාමේ..." කියල කිව්ව.


"එපා කියල බෑ දැන්. රිටන් කරන්න බෑ. මාරු කරන්න විතරයි පුලුවන්..."


"හම්ම් එහෙනං... ගොඩක් ස්තූතියි... සයිස් නං මොනා උනත් කමක් නෑ..."


මේ සංවාදය අතරතුරේ මගෙ හිතට දැනුනෙ එකම එක ප්‍රශ්නයයි. ඒ තමයි නෙත්මියි , මාමයි නැන්දයි අතර තියෙන්නෙ මොන වගේ සම්බන්ධයක්ද කියන එක. බිකෝස් මම ඊයෙ ගෙදෙට්ට ආපු වෙලාවෙ ඉඳන් නෙත්මි එයාගෙ ගෙදර වගේ මෙහෙ ඇවිල්ල වැඩපල කරනව. උයනව. කනව. මට බනිනව.


මේ සීන් එක ඉක්මනට හොයාගෙන ගැටලුව විසඳගන්න ඕනෙ.


ඒත් ඊට කලින් මල්සරාට කියල වෙපන් කේස් එක ලෑස්ති කරගන්න එපැයි.


ඒ නිසා මම නැන්දයි මාමයි එහෙට මෙහෙට වෙනකං ඉඳල සේපට නෙත්මි ගාවට ගිහින් කතා කලා.


"ප්ස්ස් ප්ස්ස්... මේ..."


"මොකෝ... සර්පයෙක්ද..? කතා කරන්න බැරිද?"


මල්සරා දැන් ඊතලෙන් නෙවේලුනෙ විදින්නෙ. ටෝපිඩෝ වලින්ලු ගහන්නෙ.


"කෑ ගහන්න එපා... මේ... පොඩි බඩ්ඩක් අහන්නද...?"


"මොකක්ද?"


"අර මේ... හංසි කියල කෙල්ලෙක්... අද දවල් ඔයාව හම්බෙන්න ආව... මේ..."


"ඈහ්... මට හිතුන මොකක් හරි කුපාඩි වැඩක් කරල ඇති කිය...."


"කෑ ගහන්න එපා යෝධියෙ... නැන්දලට ඇහෙයි..."


"ඉතින් මොකෝ ඇහෙන්න තමා තියෙන්නෙ. පුතණ්ඩියගෙ අමාරුව දැනගෙන ඉන්න එක හොඳයිනෙ කලින්ම"


"එහෙම දේකට නෙවේ... එයාට මේ... කොල්ලෙක් එහෙම ඉන්නවද..."


"මම කොහොමද දන්නෙ"


මේකි එක්ක නං සාම ගිවිසුම් ගහන්න බෑ. ගිවිසුම අත්සන් කරන්න ගෙනාපු පෑනෙන් හරි අනින සයිස් එකේ ඉන්නෙ. ඒ නිසා දැන් මමත් , 'කුමටද සොබනියෙ කඳුලු සලන්නෙ' සීන් එකෙන් අයින් වෙලා , ගල් ලෙන ඇරලා - ලෙන් දොර බිඳලා සීන් එකට එන්ටර් වෙන්න ඕනෙ.


උඹල ඔය සිංහබාහු නාට්‍යයයේ පොශ් වර්ශන් එක අහල ඇතිනෙ නේ.


ගල් ලේන බ්‍රෝකන්...

ලෙන් දොර ඕපන්...

ලයන් බාර්..... ලයන් බාර්....


මම නෙත්මිට තවත් ටිකක් ළං වෙලා , වොලියුම් අඩුම කරල කතා කලා ඊට පස්සෙ. බිකෝස් මේක සතර කන්මන්ත්‍රණයක් වෙන්න ඕනෙ නිසා. කෝකටත් උඩත් බැලුව , සිවිලම අස්සෙවත් ගිරවෙක් හිටියොත් එහෙම කෙල වෙනවනෙ.


"මේ... සපෝට් එකක් දෙනවකො... ටෝක් කරන්න..."


"පව් ඒ අහිංසක කෙල්ල... හරිහමන් මිනිහෙක් ඇහුව නං සලකලවත් බලන්න තිබ්බා..."


නෙත්මි මට පොල්ලකින් ගහනව හා සමානව වාග් ප්‍රහාර එල්ල කරනව. හිත රිදෙන්නෙ හිත.


"හරි හරි ඉතින්... පිරිමිකම පෙන්නන්නකො... සප් එකක් දෙනවකො..."


"නෑ නෑ අමුතුවෙන් පෙන්නන්න ඕන්නෑ. උදේ දැක්ක මහ ලොකු පිරිමිකම"


"ඒකනෙ... ආයෙ නිකං ඇමේසන් වල ඇනකොන්ඩා වගේ නේ..."


ඊළඟට නෙත්මිත් , 'අනේ ඒක ලොකුයිනේ...' කියල අර සමහර වීඩියෝ වල වගේ අමුතුම ස්ටෝරි ලයින් එකක් පටන් ගනීවි කියල හිත කිව්වෙ මගෙ.


ඒත් එයාගෙ කට කිව්වෙ වෙනම දෙයක්.


"මම කියල බලන්නං හංසිට. හැබැයි හූනෙක්ට කැමති වෙයිද කියල නං මම දන්නෑ..."


උඹල කාට හරි ඕනෙද කොල්ලෙක්ට දීර්ඝ කාලීනව විඳවන සයිස් එකට දුකක් දෙන්න... මේක තමා හොඳම පියවර. මූණටම කියහං 'ඔයාගෙ එක පොඩී' කියල. එතකොට උට SPA (small penis anxiety) හැදිල , විඳවල , චික බ්ලාස්ට් වෙලා යනව.


නෙත්මිගෙ ටෝකට හිත රිදුනත් , හංසිව කතා කරල ගත්තොත් ආයෙ ලොවෙත් නැති නිසා කටවහන් හිටිය මම. ඒත් නෙත්මිට ඊරිසියාවක්වත් ගහලද කියලත් හිතුන මට.


නැන්දල රෑට කන්න ගෙනල්ල තිබ්බෙ රොටි ටිකකුයි , ලුණු මිරිසකුයි. මාම මට කොත්තු , රයිස් ගැන හීන කෝටියක් දීල පොල් රොටි ගෙනාව කියහංකො.


නෙත්මිටත් කන්න කියපු නිසා එයත් කෑම මේසෙන් වාඩි උනා. ඒ මම අර කලින් සඳහන් කලා වගේ , 'එයාගෙ ගෙදර' ටයිප් එකේ.


"මාමේ... මේ රොටි ගත්ත තැන කඩේ හිටියෙ පිරිමි විතරද...?"


නෙත්මි හදිස්සියෙම මාමගෙන් ඇහුවෙ රොටි කෑල්ලක් කඩල ඒක දිහා බලන ගමන්.


"අ..... ඔව් මම හිතන්නෙ... කෙල්ලේ... ගෑණු කවුරුත් හිටියෙ නෑ නේ එතන...?"


මාම ඒ ප්‍රශ්නය එහෙම්ම නැන්දට පාස් කලා. නැන්දත් 'නෑ' කියල ඔලුව වැනුවට පස්සෙ ආපහු නෙත්මි කතා කලා.


"ඒක තමා. ලුණු මිරිස දැක්ක හැටියෙම තේරුනා. දැන් මේ රොටි කෑල්ල කාපු ගමන් තවත් හොඳටම තේරුනා..."


නෙත්මි කියපු කතාව ඇත්ත හැබැයි. ලුණු මිරිස නිකං කුණාටුවකට අහු වෙලා වගේ පේන්නෙ. වතුර ලීටරේකට මිරිස් දාලද මංද , නිකංම දිය රහක් එන්නෙ. රොටි නිකං සිමෙන්ති අනල හදල වගේ. පොල් රොටි කිව්වට , පොල් කෙඳිත් තියෙනව ඇතුලෙ.


කුස්සියක වැඩ ගෑණුන්ට තේරෙනව කියන්නෙ මේ , ගෑණු අයට වෙන වැඩ බෑ කියන්න නෙවේ. ගෑණුන්ට තරන් වෙන කාටවත් ඒව බැරි නිසයි.


අමාරුවෙන් කොන්ක්‍රීට් ගලක් , වතුරෙ පොඟවන් කනව වගේ , රොටියක් සම්පූර්ණයෙන් කාල ඉවර වෙලා මම නැගිට්ටා. මාමයි නැන්දයිත් කියව කියව ඉන්න නිසා හෙන හෙමින් කන්නෙ. නෙත්මි නං නිකං ස්පාර්ක් කරනව වගේ බොරුවට රොටියක් අල්ල අල්ල ඉන්නව කන්නෑ.


මම නැගිටල කුස්සියට ආවට පස්සෙ , නෙත්මිත් ආව ටිකකින්. මම පිඟාන හෝදල දාල පැත්තට වෙලා , වතුර බොන අස්සෙ එයා කතා කලා මට.


"මේ..."


"ම්ම්ම්ම්"


"හංසි එක්ක දවල් මොනවද කතා කලේ... හෙන අහිංසක කොල්ලෙක් කියල කිව්ව මට.."


කටේ තිබ්බ වතුර ටික තව ඩිංගෙන් නෙත්මිගෙ මූණට ට්‍රාන්ස්පෝට් වෙනව.


"මොකක් කිව්වා... සිරාවටම කිව්වද... මම නං එයාට මුකුත් කිව්වෙ නෑ... නිකං කතා කලා විතරයි... අන්න දැක්කද... සාමාන්‍ය කෙල්ලොන්ට තේරෙනව අපේ ගුණයහපත් කම... සමහරුන්ට නැති උනාට... හෙ හෙ හේ..."


"මංදා... මම කෝකටත් කිව්ව කට්ටඩියෙක් හම්බෙලා , නූලකටවත් අහු වෙලාද කියල බලාගන්න කියල. සමහරවිට හූනියමක් පිල්ලියක් වෙන්නත් පුලුවන් නෙ"


මේකි නිකං කලින්ටත් වඩා මට කට් එක දානවද මංද. දැන් ඊරිසිය ඇති හැබැයි... මම දැන් මෙයාව කෙයාර් කරන්නෑනෙ... හොඳ වැඩේ.


"ඒව කරගන්න කියන්නකො. මේ... පොඩ්ඩක් සප් එකක් ඕනෙ ඈ..."


"මොකක්ද මම කරන්නෙ. කෙලින්ම ගිහින් කියන්නද අසහනකාරයෙක් එයාට කැමැත්තෙන් ඉන්නව කියල"


මෙයා මේ ලව් එක ෆාස්ට් ෆෝවර්ඩ් කරන්න හදනව.


"ඒ ඒ... එහෙම නෙවේ... යකෝ නිකං ලව් කිරිල්ලේ බේසික් එකවත් දන්නැද්ද. ඔහොම එක පාර වෙඩි තියනව වගේ කියන්න බෑ... මුලින් ගිහින් කියන්නකො... කොල්ලෙක් එයා ගැන ඇහුව... අනං මනං කියල... ටික දවසකින් කියන්න... මම එයාගෙ ඔය මොකකට හරි කැමතී කිව්ව කියල."


"මොකකට හරි කියන්නෙ?"


නෙත්මි මම කියපු එක වැරදියට තේරුම් අරන් කියල හිතුන නිසා, මම විස්තර කලා ඒ ගැන.


"ඔය තියෙන්නෙ කෙල්ලොන්ගෙ ස්පෙශල් හැකියාවන්, ආභරණ, බඩුබාහිරාදිය. එයාගෙ කරාබුවට කැමතී , එයාගෙ මූණෙ හිනාවට කැමතී , එයාගෙ ඔය මොකක් හරි හැසිරීමකට හරි කැමතී කියන්නකො. ඒ මුකුත් නැත්තං එයාගෙන් ගුටි කන්න හරි කැමතී කිව්ව කියන්න. ආ.... එයා කරන වැඩකට කැමතී කිව්ව කියන්නකො."


මම මේව කියන අතරෙ නෙත්මිගෙ මූණ රතු වෙලා ගියා.


"මට නං ඔය විකාර වලට වෙලාවක් නෑ. මම හෙට කියල දාන්නං. ඕනෙ දෙයක් කරගන්න ඊට පස්සෙ"


"මොකක්ද කියන්නෙ. මම එයාගෙ හිනාවට කැමතී කිව්ව කියලද?"


"නෑ පිස්සෙක් එයා පස්සෙ එනව කියල"


මට ඒත් නිකමට හිතුන මේකි ගම කන්න තමා යන්නෙ කියල. මොනව කොරන්නද. ටවුමෙ නං, කෙල්ලෙක් ටෝක් කරන්න ඔප්ශන් තියෙනව ඕනෙ තරන්. මෙහෙ පොඩ්ඩ ගැවෙන්න බෑනෙ.


"ආ අරක කියන්න ඕනෙ සුභෝද නැන්දට"

කියාගෙන එක පාරටම නෙත්මි ආපහු කෑම කාමරේට ගියා.


මල හත්තිලව්වයි. උදේ ප්‍රජනන වීඩියෝ එක බලපු එක නැන්දට කිව්වොත් එහෙම ආයෙ ඒ මිනිස්සු මගෙ මූණවත් බලන්නෑ.


ඒ නිසා මම සෙනික ගිහින් නෙත්මිව නවත්තන්න හැදුවෙ. ඒත් මම පරක්කු වැඩී.


නෙත්මි ගිහින් නැන්ද ගාවින් වාඩි වෙලා , මාමටයි නැන්දටයි මුමුනන්න ගත්ත මොනාද මොනාද.


දැන් ඉතින් බඩු ලෑස්ති කරගමු. කමක් නෑ. කැලේට වෙලා අල කකා හරි ඉන්නව. යන්න තැනකුත් නෑනෙ. මේ පැත්තෙ ගැවසෙන අලි රංචුවට එකතු වෙනව මම. එකතු වෙලා ලෝකෙටම ලොකු ඇටෑක් එකක් දෙනව. රුසියාවටත් ගහල , චීනෙටත් ගහල , ඇමරිකාවටත් ගහල ලෝකෙම බලේ අල්ලගන්න ඕනෙ.


ටිකකින්,

"පොඩ්ඩෝ... පොඩ්ඩක් එන්න..."

කියාගෙන , මාම කෑම මේසෙ ගාවින් නැගිටල , මාව පහු කරන් කුස්සියට ගියා.


"මොකෝ මාමෙ..."


"අද සමීර ආවද මෙහෙ..?"


"අර ඊයෙ කුඹුරෙ හම්බුන අයියා නේ.. එයා නං ආව මෙහෙ"


"ඔව් ඔව්. ඒ සමීර තමා. ට්‍රැක ඉල්ලුව කිව්වෙ ඇවිල්ල. ඇත්තද කතාව"


"ඔව් මාමෙ. නෙත්මි කිව්ව , නැන්ද දෙන්න එපා කිව්ව කියල කියන්නයි කියල."


"හම්ම්... මේ පොඩ්ඩො..."


"කියන්න මාමෙ"


"ඔය ඔතන අපේ කුඹුරු පහු කරන් උඩහට යනකොට හම්බෙනව කලුවර කැලේ කියල එකක්. දන්නව නේ ඒ ගැන"


"අම්ම නං කියල තියෙනව. මම තියෙන තැනක් නං දන්නෑ"


"ආ හරි හරි ඒක දැනගන්න ඕනෙත් නෑ. මම මේ කියන්න හැදුවේ... ඒ පැත්තෙ වැරදිලාවත් යන්න එපා කියල. ඒ කැලේ පොඩ්ඩක් නීති විරෝධී වැඩ වෙනව. ඒ මිනිස්සු නරක නෑ. ඒ උනාට වැරදි වෙලාවක ගියොත් එහෙම අල්ලල කූඩුවට දායි පොලිසියෙන්."


"අපෝ මම යන්නෑ මාමෙ ඔහේ"


"එහෙනං එච්චරයි..."


මාමල මට මහා ලොකු නීති පනවන්නැත්තෙ මම හිතන්නෙ , මිනිස්සුන්ගෙ නරකක් නැතුව ඇති. කරන වැඩේ නරක උනාට.


නෙත්මි ටිකකින් ආපහු ගෙදර යන්න හදපු නිසා , මම 'අර වැඩේ ගැන' එයාට සිග්නල් එකක් දුන්නා. නෙත්මිත් ඕනෙවට එපාවට වගේ 'හරි ඕයි' ලුක් එකක් දාල , නැන්දටයි මාමටයි කතා කරල පිටිපස්සෙ දොරෙන් එලියට ගියා. ටෝච් එකක්වත් මුකුත් නෑ නයිට් විශන් දාගෙන වගේ යනව හොල්මන් සීන් එකේ.


එයත් ගියාට පස්සෙ , නැන්දයි මාමයි මමයි ගෙනාපු ඇඳුම් , බඩු අනං මනං අස්පස් කරල දාල නිදාගන්න ගියා.


.....................................


"පොඩ්ඩෝ... ඇහැරෙන්නෝ..."


ලා හිරු කිරණ සිපගන්නා හිමිදිරි උදෑසන , මාම මගෙ මූණ ගාවට ළං වෙලා කෑගැහුව නිකං මොකාද එකා වගේ.


මාව ගැස්සිලා ඇඳ උඩ ඉන්දවුනා...


"පොඩ්ඩෝ... අද වැඩක් තියේ කරන්න.. ඒක කියන්න ඇහැරෙව්වෙ"


"කි... කියන්න මාමෙ..."


"මෙන්න මේ යතුර මම කෑමමේසෙ උඩින් තියල යනව..."


ඇස් දෙක පොඩි කරන ගමන්ම මම ඔලුව උස්සල බැලුව මාම පෙන්නන යතුර දිහා.


"හරි මාමෙ තියල යන්න.."


"පොඩ්ඩක් සිහියෙන් අහනවකො... දවල්ට සමීර ඒවි. ඌ අවොත් උට දෙන්න මේ යතුර. අද දවල් වතුර අරිනවලු. ඕන්නං ඌත් එක්කම හේනට යන්න. මෙහෙ තනියම ඉන්න පාලු නං."


"ආ... හා මාමෙ... මම එහෙම කරන්නං..."


"හරි. අපි යනව එහෙනං.... පරිස්සමින් ඉන්න..."


"හා මාමෙ..."


මාම හිනාවක් දාගෙන කාමරෙන් එලියට ගියා.


මාත් ආපහු නිදාගන්න ඇඳට වැටුනත් , මාමයි නැන්දයි යනකංම මට නින්ද ගියෙ නෑ. ඒ හංද එයාල ගියාට පස්සෙ මං ඇඳෙන් නැගිටල ඇවිත් මූණ කට එහෙම හෝදගත්තා.


මාම කිව්වත් වගේ , පොඩි යතුරක් කෑම මේසෙ උඩ තිබ්බ. මම ඒකත් අතට අරන් සාක්කුවෙන් දාගත්තා.


නැන්ද උදේ උයල ගිහින් තිබ්බ නිසා එයාල නෙත්මිට එන්න කියල නෑ මම හිතන්නෙ. නෙත්මි දවල් වෙනකංම ආවෙ නැති නිසා මම කාල බීල එහෙම ඉස්සරහ දොර පඩිය උඩට වෙලා ෆොන් එක ඔබ ඔබ හිටිය අර සමීර කියන එකා එනකං.


දොළහමාරට විතර , ඊයෙ වගේම පොරක් සිංදුවක් කිය කිය වත්තට ආව. ඒ සමීර අයිය කියල අඳුරගන්න මහ වෙලාවක් ගියෙ නෑ. මම දොර ගාව වාඩි වෙලා ඉන්නව දැකල මිනිහ කතා කලා මට.


"ආ මල්ලේ... මේ... වජිර අයියා උදේ කිව්ව ට්‍රැක ඉල්ලගන්න කියල. මල්ලිට කියල යන්නං කියල කිව්වේ... මල්ලිට කිව්ව නේද..."


"ඔව් අයියේ... මෙන්න මේ යතුර දෙන්න කිව්ව.."

කියල මම නැගිටල , සාක්කුවෙ තිබ්බ යතුර අරන් මෑන්ට දුන්නා.


"ආ එලම බං..."

කියල , සමීර අයියා ඇවිල්ල යතුර ගත්ත.


"අද වතුර අරින කතාවක් කීව මාම. ඒකද ට්‍රැක්ටරේ..."


"ඔව් බං... උන්ට ඕනෙ ඕනෙ වෙලාවටනෙ ඒකෙ වතුර අරින්නෙ... මේ... ට්‍රැක කලින් තැනම නේ.."


මෙයාල මේ ට්‍රැක්ටරයක් ගැන කතා කලාට මම නං තාම දැක්කෙ නෑ මේ වත්ත ඇතුලෙ ට්‍රැක්ටරයක් තියෙනව.


"හෙ හෙ... මම නං තාම දැක්කෙ නෑ අයියෙ. මම පෙරේද ආවෙ..."


"ආ එල එල... මම ගිහින් ගන්නං... මේ.... වැඩක් නැත්තං උඹත් වරෙන් සර්ට් එකක් දාගෙන..."


"අවුලක් නැද්ද අයියෙ..."


"පිස්සුද බං. ගෙදෙට්ට වෙලා ඉන්නෙ කෙල්ලොනෙ. වරෙන් යන්න."


සමීරය නිකං අද ඊයෙ හම්බුනු එකෙක් වගේ නෙවේ , මේ ආත්ම ගණනක පෙමක් පතාගෙන ආව එකෙක් වගේ මාත් එක්ක කතා කලේ.


සමීරය කියපු විදිහට මාමගෙ ට්‍රැක්ටරේ තියෙන්නෙ වෙන ගෙදරක. හේතුවක් නං මම දන්නෑ. ඒත් එහෙම තමා. මම, කලින් දවසෙ මාම දීපු ශෝටත් ඇඳගෙන ගෙදර දොර වහල දාල , සමීරය එක්කම පාරට බැස්සා.


ඌ විට කනව නෙවේ විට නානව. උගෙ මඩ ගෑවුන කලිසමේ සාක්කු දෙකම පිරෙන්න විට මලු.


"ඕන් ඔය ගෙදර බං තියෙන්නෙ ට්‍රැක්ටරේ..."

කියල හදිස්සියෙම වැටක් ගහපු වත්තක තිබ්බ ගෙයක් පෙන්නල සමීරය කිව්ව.


"කෝ පේන්න නෑනෙ..."


මුකුත් පේන්න නැති නිසා මම ඇහුව. ට්‍රැක්ටරයක් තියා ඒ පෙන්නපු ගෙදර මනුස්ස වාසයක්වත් තියෙනවද කියල සැකයි මට.


"වරෙන්කො යන්න."


සමීරය මාවත් එක්කන් , වැටේ කඩුල්ල පන්නල ගේ ගාවට ගිහින් මහ හයියෙන් කෑගැහුව.


"හංසියෝ.... මහ එකා ඉන්නවද... ඕයි...."


හංසියෝ...? මේ කතා කරන්නෙ හංසිටද...? යකෝ කලින් දන්නව නං ඊයෙම දෙනව ට්‍රැක්ටරේ.


මගෙ සැකේ තහවුරු කරන්න වගේ ගේ අස්සෙ ඉඳන් එලියට ආවෙ හංසි...!


ඊයෙ වගේ නං නෑ. කොණ්ඩෙ විකාර වෙලා , තොලේ රෝස පාට නැති වෙලා , පරණ වෙච්ච ගවුමක් ඇඳන් හිටියෙ. පොත්ත මොනා උනත් කඳ සුපිරිනෙ. ඇම්බැක්කෙ වගේ කැටයමක් දාල ගන්න බැරියෑ පස්සෙ.


හංසි එලියට ඇවිල්ල මම දිහයි සමීරය දිහයි මාරුවෙන් මාරුවට බලල , සමීරයට කතා කලා.


"සීයා ගියා තෙල් ගේන්න. මොකද කෑගහන්නෙ"


"ට්‍රැක ගන්න ආවෙ. වජිර අයියගෙ පර්මිසන් තියෙනව ඈ. ජීවමාන සාක්ශියකුත් අරන් ආවා.. මල්ලි මෙන්න මේකිට කියහං"

කියල සමීරය මගෙ පිටට ගැහුව.


"අ... මේ... ඔ... ඔව් හංසි... මාම කි.. කිව්ව දෙන්න කියල..."


මම කලබලේට ගොත ගගහ කතා කරපු නිසා හංසිට හිනා ගියා.


"හා හා... සදේශ් කිව්ව නං ආයෙ අහන්න දෙයක් නෑ... අරන් යන්න සමීර අයියෙ. පිටිපස්සෙ තියෙනව."


හංසි ඒක කියන ගමන් , මගෙ දිහා ඇස් අඩවල් කරල බලපු විදිහට ක්ශණික මෝචනයක් ඇති වෙනව තව ඩිංගෙන්.


"මල්ලි ඔහෙන් හිටහන් මම අරන් එන්නං"

කියාගෙන සමීරය ගේ වටෙන් පිටිපස්සට ගියා.


මමයි හංසි එතන තනි උනා.


සමීරය නොහිටිය නං මෙලහට හිරේ මම. ඒ තරන් ඉස්පාසුවක් නැතුව හිටියෙ.


"මේ... මට අද උදේ නෙත්මි කිව්ව ඔයා දෙයක් කිව්ව කියල..."

හංසි නැලවි නැලවි කියනව.


ඈහ්... නෙත්මි ඒ කියන්නෙ මල්සරාගෙ ඊතලේකින් විදල... නෙත්මිව වඩාගෙන බදාගන්න හිතයි දැන් නං...


"මෙ.. මෙ... මොකක්ද කිව්වේ..."


"අනේ තොත්ත බබා... ඔයා කියපු දේ ඔයා දන්නෑ... දැන් හේනට යනව නේ ඔයාල..."


"ඔ... ඔව්නෙ... හෙ... හෙ..."


"හවස් වෙන්න කලින් ආවොත් මේ පැත්තෙ එන්න..."


හංසිගෙ මූණෙන් එන හැඟීමුයි එයා කියන දෙයයි දිහා බැලුව නං , උඹල උනත් සරෙන්ඩර්. මගෙ මොලේ තත්පර කීපෙකට ක්‍රියා විරහිත උනා...


නෙත්මි කියපු දේ මොනා උනත් හංසිව ටර්න් ඔන් වෙන්නම කියල තියෙනව. ටිකක් සැර ඊතලේකින් විදල තියෙන්නෙ.


"හ... හා මම එන්නම්... ත.. තනියමද..."


"නැතුව ඉතින්..."

හංසි ආපහු නැලවි නැලවි කියනව.


දැන් නං හිතෙනව හංසිගෙ ගවුම උස්...... සොරි අමතක උනා. මේ මම දැන් කියන්න හදපු වාක්‍යය කපා හරින්න.


"ම.. මම එන්නම්..."


මේ ශෝටක් ගහගෙන පෙම් කල පෙම්වතා... මගේ ප්‍රේමයට දුශ්ඨයා වෙලා...

හෘදෙ මාලිගා බිඳ දාන්න වගේ... මහා සද්දෙන් ට්‍රැක්ටරයක් ආව ගෙයි පිටිපස්සෙ ඉඳන්.


සමීරය ගේ ගාවින් ඒක නවත්තල මටත් නගින්න කිව්ව.


මම ට්‍රැක්ටරේට නැගල සමීරයට එහා පැත්තෙන් වාඩි වෙලා හංසිට හිනාවක් දැම්මෙ එකම එක දෙයක් ගැන හිත හිත.


ඒ , මුලින් ඇඳුම් ගලවන්නෙ මමද එයාද...?


මතු සම්බන්ධයි...

Report Page