ගමේ කෙල්ල
06~ හයවන කොටස ~

මතකනෙ. අක්කර ගානකින් කෙල වෙන්න ගිහිල්ල නූලට තියල බේරුනානෙ මම. නෙත්මිගෙන්, සමීරයගෙ අනිත් හේන ගැනත් දැනගත්ත.
එතැන් සිට...
සට පට සත්ත පඩි කිව්වලු...
මම හිතුවෙ ඒව තියෙන්නෙ තණමල්විල විතරයි කියල. මෙච්චර ඩොටේ ඕව නඩත්තු කරන්නවත් පුලුවන්ද මංද...
"කොහෙද තියෙන්නෙ... මෙ ළඟද..."
මම නෙත්මිගෙන් ඇහුවෙ සීන් එකේ ගැඹුරට බහින්න කියල හිතාගෙන.
"නෑ... වැවටත් ගොඩක් එහා... කළුවර කැලේ හරියෙ"
"අප්පා... නැන්දල දන්නවද ඉතින් ඒ ගැන"
"හම්ම්..."
"ඉතින් පොලිසියට කිව්ව නං හරිනෙ..."
"ඕන්නං කියාගන්න එකයි ඇත්තෙ"
යකෝ මේකිට මොන මල යකා වැහිලද මංද. නිකං කතා කලත් සංවාදෙ ඉවර කරන්නෙ මොකකටම හරි මලපැනගෙන.
ඉස්සර අපේ අම්මල මේ ගැන මට කියල තියෙනව. කළුවර කැලේ කියන්නෙ මේ හරියෙ තියෙන හෙන සයිස් කැලේකට. සාමාන්‍යෙන් සතෙක් අල්ලගන්න , කසිප්පු වාඩියක් පෙරන්න , දඩයම් මසක් හදන්න යන අය මිසක් සාමාන්‍ය මිනිස්සු ඒ කැලේට යන්නෑ. කළුවර කැලේ කියන්නෙ , ඒ කැලේ කලුවර නිසාවත් , මූසල නිසාවත් නෙවෙයි. ඉස්සර ඔය කැලේ හෙනට කළුවර ගස් තිබිල තියෙනව. තාමත් සෑහෙන තොගයක් තියෙනව. ඒත් ඔය හොල්මන් කේස් නිසා මිනිස්සු ගස් කපන්න යන්නෑ දැන්.
හොල්මන් උනත් නැති උනත් ත්‍රෛලෝකවිජේපත්‍ර හේනක් තියෙනව නං ඒ හරියෙන් හඳට යන්න අඩිපාරකුත් ඇති...
මම කතාබහ එතනින් නවත්තල , කුස්සියෙ දොරේ පඩිය උඩින් වාඩි වෙලා කෑව.
කාල බීල ඉවර කරල මම සාලෙට ඇවිල්ල ටීවි එක දාගත්ත. නෙත්මිත් කාල ඉවර වෙලා , ඉදලකුත් අරන් මිදුලට බැස්සා. කෙල්ලෙක් උනාට පට්ට වැඩ තොගයක් කරන්නෙ. ඒ උනාට ඉතින් උදව් කරන්නවත් යන්න විදිහක් නෑනෙ. පුප්පගෙන පනිනවනෙ. අර මොන සරුපයද වගේ.
ටීවි එකේ යනව රොමෑන්ටික් හින්දි කතාවක්. ආයෙ ලව් කරන්නෙ ගුරුත්වාකර්ෂණයත් අමතක කරල කියහංකො. දැන් කෙල්ලයි කොල්ලයි දෙන්නම සිංදුවකට නටනව පාරක් මැද්දෙ හෙන සෙට් එකක් එක්ක. ඔය ඉන්දියාවෙ පාරක් මැද්දෙ නටන්න ගත්ත ගමන් ඒ වටේ පිටේ ඉන්න ඔක්කොම නටනවලුනෙ.
උන්ගෙ ඩාන්ස් එක බල බල හිටපු මට ඒත් එක්කම මතක් උනේ මගේ පළමු ආදර අත්දැකීම. සිද්දිය උනේ මම ගිය ටියුශන් ක්ලාස් එකක.
(පොඩි රීකැප් එකක් දාමු අතීතෙට)
ඒ සඳලි කියල කෙල්ලෙක්. බාලිකා පාසලකට ගියේ. ඕක තමා මම මෙච්චර කාලෙකට සිරාම ටෝක් කරපු එක. ඒ උනාට බහින කලාවෙන් කාගත්තෙත් ඕක විතරමයි.
සඳලි ගැන මගෙ හිතේ අදහසක් ඇති උනාට පස්සෙ , මම අපේ ටියුශන් ක්ලාස් එකේ හිටපු පැපරාසි කීප දෙනෙක් ලව්වා සඳලිගෙ බැක්ග්‍රවුන්ඩ් චෙක් එකක් කෙරෙව්වා. එක පැපරාසියෙක්, ඒකි ඒකිගෙ ගෙදර බැල්කනියෙ හිටන් ඉන්න පොටෝ එකකුත් ගෙනත් පෙන්නුව මට.
සඳලිගෙ බැක්ග්‍රවුන්ඩ් එක ගැන දැනගත්තම , මට තවත් එයා ගැන තිබ්බ ආදරය වැඩි උනා. බිකෝස් පැපරාසින්ගෙ රිපෝට් එකේ හැටියට සඳලිට හෙනට සල්ලි. තට්ටු තුනේ ගෙයක්. හෙන දඩ ජීප් එකක් සමගින් අමතර වාසි රැසක බෝනස් එකක් වගේ ඒකි.
ඔන්න ඔය නිසා මම සඳලිගෙ නම්බරේකුත් හොයාගෙන හිමීට දැනහඳුනගත්තා.
(ඔයා කෙල්ලෙක් නං මේක දැනගන්න. කොල්ලෙක් බොහොම හිතවත්ව ඔයා එක්ක කතා කරනවනං , චැට් කරනව නං , ඔයාගෙ දුක අහනව නං , ඒ ඌ ඔයාව ටෝක් කරන්න හදන නිසා හෝ ඔයාට කැමති නිසා. වෙන හේතුවක් නෑ. Thank you...)
සඳලි එක්ක තිබ්බ මිතුදමට හොඳ ෆවුන්ඩේශන් එකක් දාගෙනම මම මගෙ කැමැත්ත ප්‍රකාශ කලා එයාට. හැබැයි චැට් වලින්. ඉස්සර මට කෙලින්ම මූණට ආදරය ප්‍රකාශ කරන්න තරන් හයියක් තිබ්බෙ නෑ.
"සඳලි... මට ඔයාට කියන්න වැදගත් දෙයක් තියෙනව..."
"කියන්න සදේශ්. මොකක් හරි ප්‍රශ්නයක්ද?"
"මම ඔයාට මේක ගොඩ කාලෙක ඉඳල කියන්න හිටියෙ... මම ඔයාට ඇත්තටම කැමතී..."
ටිකකින් එයාගෙන් රිප්ලයි එකක් ආව...
"Thank you"
"ආහ්... හෙ හෙ.. මම ඊට වඩා ටිකක් ලොකු රිප්ලයි එකක් බලාපොරොත්තු උනා හැබැයි..."
"Thank you.... very much?"
"හරි හරි ආදරේ නෑ. යාලුවො වගේ ඉමු"
"good boy"
සඳේ... ගොනා වී ගියා නම්....
එපා ඔයාගෙ.... සිනාවන්...
මිරිඟුව දැක කොකෙක් වගේ...
ඇය සොයමින් හතර අතේ...
උඹලට නං ඒක නිකංම වාක්‍ය අටක් වෙන්නැති. ඒ උනාට මට ඕක , සිරාවට ලව් කරන්න ගිහින් හොට බිම ඇනගන්න උන වාක්‍ය කීපයක්...
ඔන්න ඕක නිසා මම ආපහු සිරා ටෝක් කරන්න ගියෙ නෑ කාවවත්. මම මේ කලවැද්ද වගේ ඉඳගෙන ක්ලියෝපැට්‍රා වගේ කෙල්ලෙක්වනෙ ටෝක් කලේ. ඕව ඉතින් කලියුග කාලෙවත් වෙන දේවල් නං නෙවේ.
"ලොකු මහත්තය... වැඩක් නැත්තං නිකං ඉන්නැතුව පොඩ්ඩක් අතුගාන්න උදව් වෙනවද... අත පය ගැලවෙන්නෑ අතුගෑවට..."
අතීතය රීකැප් කරන අස්සෙ නෙත්මි ඉස්සරහ දොර ගාවට ගාවට ඇවිත් මට කිව්ව.
"ආහ්... "
"ඇහුන්නැද්ද... මහ සද්දෙන් ටීවි එකක් දාගෙන... කොහේ ඇහෙන්නද... පොඩ්ඩක් වත්ත අතුගාන්න උදව් වෙනවද..."
"ආ යං යං ලොකු නෝනෙ... මුකුත් කරන්න බෑනෙ ඉතින්... කන්න හදනවනෙ..."
"මොකක්ද කිව්වේ..."
නෙත්මි අතේ තිබ්බ ඉදල් මිට දැකල මම කටවහගත්ත. මේකිව ශුවර් නෑනෙ. සාමාන්‍ය කෙල්ලෙක් නං බය වෙන්න දෙයක් නෑ. ඒ උනාට මේකි හෙන අසාමාන්‍ය කෙල්ලෙක්නෙ. කෙලල ඇරියොත් එහෙම.
මම ටීවි එකත් වහල දාල , සෙරෙප්පු කුට්ටමත් දාගෙන බැස්ස වත්තට. වත්තට බැස්සට මම අතුගාන්න දන්න එකක්යැ ඉතින්. නෙත්මි අතුගාල දීපුව මම ගෝනියකට පුරවන් ගිහින් ගොඩක් ගැහුව.
මෙහෙ පට්ට අවුවෙ එලියෙ ඉන්නව කියන එකත් ගිනි ගේමක් දෙන්න ඕනෙ වැඩක්. මේ පැත්තෙ අයට නං ඉතින් ගාණක්ම නෑ. අපිට තමා ප්‍රශ්නෙ.
"මේ... නෙත්මි...."
"මොකද..."
එයා අතුගාන ගමන්මයි කතා කලේ මට.
"මේ... උදේ සිද්දියට සොරි..."
"මට වැඩක් නෑ... ඕව කියවන්න එපා..."
"අහ්... හා මේ... නැන්දලට ඒම කියන්නෙපා හොඳේ..."
"මට පිස්සුවක් නෑ... නැන්දලගෙ මහ ලොකු පුතා එහෙම කෙනෙක් කියල නැන්දගෙ හිත රිද්දන්න."
"ඒක මහ ලොකු දෙයක් නෙවෙයි අනේ... බොරුවට ඔච්චර හිතන්න එපා..."
"අනේ මේ... ඒක මහලොකු දෙයක්ද නැද්ද කියන එක තීරණේ කරන්න මමනෙ. මට ඔය වගේ අසහනයක් නෑ... සමහරුන්ට තිබ්බට."
"හා හා ඉතින්..."
මේකිව ටෝක් කරන එක නෙවේ අමාරු. මේකිගෙන් සන්සුන් වාක්‍යයක් දෙකක් අහගන්න එක.
අපි දෙන්නම පැය බාගයක් විතර වත්තෙ වැඩ කලා. නෙත්මි පාත් වෙනකොට , අතුගානකොට එහෙම , සරීරයේ එහෙ මෙහෙ පේන තැන් , සෙලවෙන තන් වලට මගේ හයි රිසොලූශන් ඩිජිටල් ඇහැ කරකවන්නත් අමතක කලේ නෑ මං.
(සමහරුන්ට හිතෙයි උඩ වාක්‍යයේ එක තැනක ප්‍රින්ටින් මිස්ටේක් මිස්ටේක් එකක් තියෙනව කියල. ඇලපිල්ලක් මිස් වෙලා වගේ. එහෙම නෑ. මම ඔය තියෙන එකම තමා අදහස් කලේ)
"තේකක් හදන්නද... අද සුභෝද නැන්දල එන්න පරක්කු වෙයි කිව්ව නේද?"
නෙත්මි වත්ත අතු ගාල ඉවර වෙලා , ඉදල එහෙම පැත්තකින් තියල මගෙන් ඇහුවෙ , මම වත්තෙ අඹ ගහක් යට හතර ගාතෙ දාල වැටිල ඉන්නව දැකල.
"තේ නං එපා... කූල් මොනවත් නැද්ද... කලන්තෙ වගේ..."
"මේ පොඩ්ඩක් අව්වෙ හිටියත් කලන්තෙ දානවද?"
අපේ පැත්තෙ පොඩි අව්වයි , මෙහෙ පොඩි අව්වයි අතර පට්ට ගැප් එකක් තියෙන බව එගාට පැහැදිලි කරන්න හදලත් මම කට වහන් හිටිය. වෙන මුකුත් නිසා නෙවෙයි. මේකිට වචනයක් හරි කිව්වොත් කට ගහන් එනව කියන් බයිනවනෙ.
"ඒම තමා ඉතින්... අහිංසක කමට ගෙට වෙලාම හැදුන මිනිස්සුනෙ අපි..."
"තේරෙනව, අමාරුව පිට කරගන්න හදපු විදිහෙන්"
Headshot... Man down Man down... May Day... May Day...
"හෙ හෙ... ඒම නෑ... මම මලක්..."
"ඔව් ඔව් දැක්කා පරවුන හෙන්දිරික්කා මලක් මම. මොනවද හදන්නෙ තේ නැතුව? මෙහෙ ඔය ටවුන් වල වගේ , කූල් බීම නෑ."
"දැන් නං දෙහි ගෙඩියක් හරි කමක් නෑ."
"හා හා... ඇතුලෙන් ඉන්න. අව්වෙ ඉඳල වැටුනොත් එහෙම මට නං බෑ උස්සන් යන්න"
නෙත්මි කුස්සියට ගිය නිසා මම , ඉස්සරහින් සාලෙට ආව. ඇවිල්ල සාලෙ පුටු සැටිය උඩ වැටුනා. අව්වෙ ඉඳල ගෙට ආවම නිකං , ඉරේ ඉඳල ප්ලූටෝට ගියා වගේ. මාර සීතලයි.
"ආ... බොන්න..."
චුට්ටකින් නෙත්මි ආපහු පාරක් හොල්මන වගේ , මම දිග ඇරිල හිටපු පුටු සැටිය ගාවින් මතු වෙලා , කෝප්පයක් දික් කලා මට.
ආයෙ සිරාවටම කන්ජියුරින් 5 වගේ ෆිල්ම් එකකට ගන්න මරුම කෙල්ල. ළඟට එනකං මීටර් උනේවත් නෑ. ඇඟිලි වලින් ඇවිදිනවද මංද.
"මොනාද හැදුවෙ... දෙහිද..."
"බොනවනං බොන්න නැත්තං දෙන්න..."
"අපෝ හා හා බොන්නං..."
එයා දීපු කෝප්පෙන් දෙහි සුවඳක් ආවත් , තිබ්බ ජාතිය කහ පාටයි. සමහරවිට මෙහෙ දෙහි කහ පාට ඇති කියල හිතල බිව්වා උගුරට දෙකට...
මා දන්නා... වෙන කවුරුත් නෑ ඉඳලා...
අඹ බීම එකක් හදලා...
මේ පදමට හැදුවේ කොහොමද අනෙ මංදා...
අඹ බීම එකක් මෙච්චර රහට හදන්න පුලුවන් කියල මම දැනගත්තෙ අද. කොකාකෝලා , මයිලෝ වගෙ ආටිෆිශල් ඉන්ටෙලිජන්ට් වලට පුරුදු වෙලා හිටපු මට , නෙත්මි හදල දීපු අඹ බීම එකෙන් ආවෙ පුදුම ස්වභාවික රසයක්.
"ශාහ්... ඒ මරුනේ... කඩයක් දාගත්ත නං ඉන්ටනැසනල් ලෙවල් එකට යන්න තිබ්බ මේ බීමෙන් උනත්... අඹ නේද...?"
මගෙ වර්ණනාව අහලද කොහෙද , මම මෙහෙට ආවට පස්සෙ නෙත්මි පළවෙනි පාරට හෙමින් , සූටි හිනාවක් දාන් කතා කරනව දැක්ක මම.
"ඔව්... රසයිද..?"
"රස...? හහ්... මේක විස්තර කරන්න නං මට සිද්ද වෙනවා ශේක්ස්පීරියානු භාශාවෙන් යම් වාක්‍යයක් උද්‍රෝහක කරගන්න. මේක ඒ වගේ තනි වචනෙකින් අලංකරණයට භාජනය කරන්න බැරි නිර්මාණයක්..."
"මෙන්න මෙහෙ දෙනව කෝප්පෙ, බීල ඉවර නං... මල කෝලං කියවනව..."
නෙත්මි ආපහු සැරෙන් වගේ කතා කරල මගෙ අතින් හිස් කෝප්පෙ උදුරන් ගියත් , කෙල්ලගෙ මූණෙ හිනාවක් තිබ්බ බව නං මම හොඳාකාරවම දැක්කා.
මූණෙ හිනාවක් තිබ්බට යකා යකාමයි කියනවනෙ. ඒ නිසා වැඩි බලාපොරොත්තු ඇති කරගන්න හොඳ නෑ.
"මම යනවා ගෙදර..."
හදිස්සියෙම නෙත්මි කුස්සියෙ ඉඳන් කෑ ගැහුව.
ඈහ්... දැන්ම යනවද... මම සැටියෙන් බැහැල කුස්සියට ආව. මම එනකොටත් නෙත්මි කෝප්ප අනං මනං හෝදල , උයපු කෑම බීමත් කෑමකාමරේ මේසෙන් තියල වහල වට්ටියකින්.
"දැන්ම යනවද...?"
මම ඒ අහපු ප්‍රශ්නයේ වැරැද්දක් තියෙනව කියල මට මීටර් උනේ , කෝප්ප අඩුක් කර කර හිටපු නෙත්මි , පිටිපස්ස හැරිල එක ඇහැක් උස්සල මම දිහා කන්න වගේ බලපු නිසා.
"ආ නෑ.. නෑ... මේ මම ඇහුවෙ... නැන්දල එනකං ඉන්නැද්ද කියල...?"
"එයාල එන්න පරක්කු වෙනවා... මට රෑ වෙනකං අසහනකාරයෙක් එක්ක තනියම ඉන්නද කියන්නෙ මෙහෙ. රට්ටු මොනව කියයිද දන්නෑ..."
"පෙමකට කොහෙදෝ බාධාවන් නැත්තෙ කියනවනෙ... ඕම තමා... මිනිස්සු කොහොමත් එක එක ඒව කියනව..."
"ඉතින් තමුසෙයි මායි මෙතන ලව් කරනවද? ආ... "
කියාගෙනම නෙත්මිගෙ අත ගියේ , මාලු කපන ලොකු පිහියකට.
පතාගෙන සිතාගෙන ඇවිල්ල මේකිට කියල ගොතාගෙන ඔතාගෙන යන්න වෙන්නෙ.
"ආ නෑ නෑ... මේ කාව්‍යමය උපමාවක් ගත්තෙ... අර මම කලින් කියපු ශේක්ස්පීරියානු භාශාවෙ කෑල්ලක්"
නෙත්මි කටත් ගස්සල දාල , අර පතරංග පිහියත් රාක්කෙන් එල්ලල , පිටිපස්සෙ දොරෙන්ම එලියට ගියා. එයා ගියාට පස්සෙ මම පස්සෙ දොර වහල දාල ආපහු සාලෙට ඇවිල්ල තනිකම වැළඳගත්තා...
තනිකම හුරු නිවස පුරා...
ඇඟෙ කටහඬ රූරා ගියා...
ඇය නෑ නෙත් මානේ...
නිහඬයි දැන් ආයේ...
නෙත්මි කලින්ම ගිය නිසා , මම ෆෝන් එකෙන් සවුන්ඩ්ට්‍රැක් එකකුත් දාගෙන මනෝ පාරක් ගැහුව.
මනෝපාරෙ මම තමා වීරයා. මම නිස්සබ්ද පොරක්. ඔන්න හෙන වල් අලියෙක්...? ආ නෑ "වන" අලියෙක් එනව හොඬවැලත් උස්සගෙන නෙත්මි දිහාට. සවුන්ඩ්ට්‍රැක් එකේ හොඳම පාට් එක එනකං ඉතින් මනෝ පාර අදින්නත් එපැයි.
ඒ නිසා ඔන්න තාම අලිය එනව... හෙන ඈත ඉඳන් එන්නෙ.
ඒත් එක්කම සවුන්ඩ්ට්‍රැක් එකේ හොඳම එපික් පාට් එක ආව.
එකපාරටම ඈත හිටපු අලියා බුස් ගාල ළඟට ඇවිල්ල නෙත්මිට කෙලින්න හදන්නෙ. මම ඇනිමෙ රිෆරන්ස් ටිකක් ඇදල අරන් , හෙන ස්පීඩ් එකේ නෙත්මිව අත් දෙකෙන් අල්ලල උස්සන් වඩාගෙන පැත්තට පනිනකොටම ඉස්සරහ දොර පැත්තෙන් කෙල්ලෙක් කතා කරනව ඇහුනා.
"නෙතූ... ඉන්නවදෝ... නෙතුවෝ... එලියට වරෙන්කො..."
කවුද යකෝ මහ දවාලෙ බ්ලැක්මේල් කරන්න හදන්නෙ නෙත්මිව.
මම මියුසික් එක නවත්තල දාල දොර ගාවට ගියා. එලියෙ හිටපු ඒ රූපේ දැක්ක හැටියෙම , ඇඟ පුරා තිබ්බ සියුම් ස්නායු අග්‍රවලට ආවේගයන් ගිහිල්ල , ඇඟම ගැහෙන්න ගත්තා.
කිරි ටොයියා වගේ කෑල්ලක්. කොණ්ඩෙත් තඹ පාටයි. තොල් රෝස පාටයි. ඇඳන් ඉන්න බ්ල්වුස් එක නිසා පපුවෙ පාටක් දැක්කෙ නෑ. හැබැයි අත් දෙක නං මූණට වඩා පොඩ්ඩක් අඳුරු පාටයි. සමහරවිට ෆෙයාර් ඇන්ඩ් ලව්ලි ප්‍රොඩක්ට් වල ඩයි හාර්ඩ් රසිකාවියක් වෙන්නැති. ඇඳන් ඇවිල්ල තිබ්බ සායට උඩ ටික නොපෙනුනත් , කකුල් දෙකේ පහළ හරිය වාත්තු කරල වගේ තියෙන බව දැක්කා...
"නෙත්මි නං ගෙදර ගියා... කවුද මෙ..."
මම ගේ අස්සෙ ඉඳන් මෙසපොතේනියානු ගෝත්‍රිකයෙක් වගේ කතාකරන් එනව දැකලද කොහෙද, ඒ ආපු කෙල්ල ඉස්සරහ දොර ගාවින් පස්සට වෙලා බයෙන් වගේ කතා කලා.
"ක.... කවුද තමුසේ... ආ... සුභෝද නැන්දලගෙ ගේ අස්සට වෙලා මොකද කරන්නෙ... කෝ නෙත්මි... තමුසෙ එයාට මොකද කලේ... කියනවා... තව මිනිස්සු එක්කන් එන්න කලින් හොඳ හිතින් බහිනව ඔය ගෙයින් දොට්ට..."
ඒකි මට කතා කරන ගමන්, ඒකිගෙ සරීරය සෙල්ෆ් ඩිෆෙන්ස් ටෙක්නික් පෝස් එකට හැඩගැහුන අතත් මිට මෙලවිලා.
මේ ගමේ මොනව උනත් හෙන බැරියර් තියෙන්නෙ. කෙල්ලෙක්ට උදව් කරන්නවත් , අතින්වත් අල්ලන්න බෑ. රේප් කරන්න හැදුව කියල ටැග් එක වදිනව.
"හෝව් හෝව්... කලබල වෙන්න එපා... සුභෝද කියන්නෙ මගෙ නැන්දා... මම මෙහෙ ආව ටික කාලෙකට... නෙත්මි නං එයාලගෙ ගෙදර ගියා... එයා එහෙ ඇති..."
මම කවුද කියල අඳුන්නල දුන්න හැටියෙ ඒකි අකුණක් ගැහුව වගේ මූඩ් එක වෙනස් කරල මාත් එක්ක ෆිට් එකේ කතා කරන්න ගත්තා.
"ආහ්... ඔයා සදේශ් ද...?"
"ඔ.. ඔව්... කෝමද මගෙ නම දන්නෙ?"
අඩේ... මම මෙහෙ ප්‍රසිද්ධ තරුවක් කියල මම දැනන් හිටියෙ නෑනෙ.
"නෙත්මි කිව්වා ඔයා ළඟදි දවසක එනව කියල. නෙතූ ගෙදර ගියා කිව්ව නේ..."
"ආ ඔව් ඔව්... මහ වෙලාවක් නෑ. දැන් ටිකකට කලින් ගියේ..."
"හරි හරි... සමාවෙන්න ඕනෙ කලින්... මම හිතුවෙ කවුරුහරි පිස්සෙක් ඇවිල්ල ගේ අස්සට වැදිල ඉන්නව කියල. මම දැකල තිබ්බෙ නෑනෙ ඔයාව මීට කලින්... මම යන්නම් එහෙනං... හමුවීම සතුටක් සදේශ්..."
"අයියෝ හරි හරි... ගමට ආපු වෙලේ ඉඳන් මට උනේ ඕම දේවල් තමා... දැන් කියලත් වෙනසක් නෑ... හමුවීම සතුටක්.... අ....?"
"මම හංසි..."
"ආහ් හරී..."
"මම ගිහින් එන්නං..."
"හරේ..."
ඒකි මට පිටුපාල යන වෙලේ , ඒ අක්කර සයිස්... මයියොක්කා හේන දැක්ක නං උඹලටත් සූස් ගෑවෙනව. ඇඳන් ඇවිල්ල තිබ්බ හිර සායට , හැඩේ හොඳට පේනව කිලෝමීටර් ගානක් ඈතට.
රූපෙ වගේම තමා නමත්... ආයෙ හංසයෙක්ට හංසි කියල නම දාල වගේ. ඒකිව දැක්ක හැටියෙම මගෙ ඔලුවට ආවෙ එකම එක දෙයයි... ඒ "මෙයාටත් ට්‍රයි එකක් දාල බැලුවොත් මොකෝ..." කියන සිතුවිල්ල.
දැන් ටාගට් වෙනස් උන එකේ මනෝ පාරත් පොඩ්ඩක් වෙනස් උනා. හැබැයි හංසිගෙ දේහ විලාසය නිසා මනෝ පාර පොඩ්ඩක් adult කැටගරිය පැත්තට වැටුන. ඒක මට උඹලට කියන්න බෑ. මොකද full adult කතා පළ කරන්න බෑනෙ මේවගෙ.
වෙලාව කකා මනෝ පාරවල් ගගහ, ටීවි බල බල ඉන්න අතරෙ , හවස හයහමාරට විතර නැන්දල ගෙදර ආව කරෙන් කටින් බඩු එල්ලන්. මාමගෙ පර්ස් එකට බරටම තට්ටු වෙලාද කොහෙද , මිනිහ මූණ එල්ලන් හිටියෙ. නැන්ද නං වෙනදටත් වඩා හෙන සතුටින්.
"පුතා... අපි පුතාටත් සරම් තුනක් ගෙනාවා... මේ බලන්න හොඳයිද කියල... ඉන්න ගන්නකං"
නැන්ද බඩු බාහිරාදිය , අස්පස් කරන්නත් කලින් , බෑග් එකක් අවුස්ස අවුස්ස මට කිව්ව.
මට... සරම් අඳින්න...?
ඒක නිකං දඹානෙ වැද්දෙක්, ලයිටරේකින් ගිනි ගොඩක් පත්තු කරන්න හදනකොට, කවුරුහරි ගිහින් ඒ වැද්දට ගල් දෙකකුයි කොළ රොඩු ටිකකුයි දුන්න වගේ වැඩක්.
"මම සරම් අඳින්නෑනෙ නැන්දෙ... ශෝටක් ගැහුවොත් මිසක්..."
"හරි හරී.. ඒ උනාට ඇඳල බලන්නකෝ... දැන් පොඩි දරුවෙක් නෙවේනෙ."
"ම්ම්ම්ම් දෙන්නකො බලන්න..."
සරම් අඳින්න බැරි උනත් නැන්දගෙ හිත රිද්දන්න බෑනෙ... ඒ නිසා කට වහන් හිටිය මම.
"ආ මේ බලන්නකෝ..."
කියල නැන්ද බතික් සරම් තුනක් මට දික් කලා.
සරමට සෙට් නැති උනාට , මම ඒ ටික අතට අරන් ගාන බැලුව. සරමක්නෙ. නිකං රෙදි කෑල්ලක්නෙ. රුපියල් 500ක් ඇති ඕන්නං.
ගාන ගහපු ටැග් එක දැක්කම දෙලෝ රත් උනා මං. එක සරමක් 2000ක්...!
මමයි නැන්දයි සරම් බල බල ඉන්න අස්සෙ ආපහු පාරක් භූතය වගේ සාලෙට කඩා පාත් උනේ නෙත්මි.
ඒ,
"සුභෝද නැන්දේ... ඇයි එන්න කියල තිබ්බේ..." කියාගෙන.
මතු සම්බන්ධයි...!