ගමේ කෙල්ල

ගමේ කෙල්ල

05

~ පස්වන කොටස ~

මතකනෙ. නෙත්මි එක්ක බයික් එකේ වීරගමනක් ගිහිල්ල , නැන්දව ශේප් කරල අන්තිමට මාම ගුටිකෑවනෙ.


කලින් කොටසට




එතැන් සිට...


බෑ නවතන්න... යන්නම ඕනෙ නම් යන්න...

ලේ වල තිබ්බ... ආදරෙ ඔබටයි උනු වෙච්ච...


උදේ පාන්දරම මාම සිංදුවක් දාන් ලෑස්ති වෙනව වැඩට යන්න. අද නැන්දත් වැඩට යන්නද කොහෙද දෙන්නම ලහි ලහියෙ ලෑස්ති වෙනව.


ඊයෙ ගමන් මහන්සියයි , තෙහෙට්ටුවයි නිසා මට මලා වගේ නින්ද ගියා. අලියෙක් ඇවිල්ල මාව දිවියලෝකෙ අරන් ගියත් දන්නෑ ඉතින්. මම ඇහැරුනාට ඇඳට වෙලාම හිටිය.


"කෙල්ලේ... පොඩ්ඩට කන්න මොනාහරි හැදුව නේද...?"


"බත් හැදුව අයියේ... සරාට එන්න කියන්න කිව්ව මම රූපා අක්කට. අද රූපා අක්ක පොඩි කෙල්ලව එක්කන් යනවලු දත් පෙන්නන්න"


රූපා අක්ක කියල කියන්නෙ , නෙත්මිගෙ පුංචිට මම හිතන්නෙ.


"ආ හරි හරි. පොඩ්ඩට කන දෙයක් හදල දෙයිනෙ එහෙනං නේ...?"


"ඔව් අයියෙ... මම පුතාට කියන්නද අපි යනව කියල? නැත්තං අපි නැතුව බය වෙයි"


"ඔන්න ඔහේ නිදාගන්න දෙන්න. මොනාට බය වෙන්නද. ආ මේ කෙල්ලෙ. අපි පොඩ්ඩක් ටවුම පැත්තෙ ගිහින් එමු එන ගමන්"


"ඒ මොකෝ අයියෙ..."


"යමුකො... කාලෙකින් ගියෙත් නෑනෙ..."


ඒත් එක්කම මට ඇහුනෙ නිකං එයාලගෙ කාමරෙන් අර කිස් කරනකොට එන සූස් සූස් ගාන සද්දයක්.


මල හත්තිලව්වයිනෙ. උදේ පාන්දරම ලව් කරන්න ගත්තනෙ. පිට එකෙක් ගෙදර ඉන්නකොටත්.


"නිකා ඉන්න අනේ... පරක්කු වෙලා තියෙන්නෙ"


නැන්දගෙන් නෝක්කාඩු.


ඒ දෙන්න ඊට පස්සෙ නං ඕනෙවට වඩා ඕවර් යන්නැතුව ලෑස්ති උනා. නැන්ද කුස්සියට යනකල් ඉඳල මමත් නිදිමතේ වගේ කුස්සියට ගියා. නිකං දැන් ඇහැරුනා වගේ.


"ආ පුතා ඇහැරුනාද... අපි වැඩට යනව. මම උයල තියෙන්නෙ බත්. ඔයා කන ජාති තාම දන්නෑනෙ මං. ඒ නිසා ටිකක් දවල් උනාම නෙත්මි එයි. එයාට කියල මොනා හරි හදාගන්න... පුතාට කිරි එකක් හදල දෙන්නද..."


ඇත්තටම නිදිමතේ ආව නං මට ඒ කියපු සෙට් එකෙන් බාගයක් වත් මීටර් වෙන්නෑ. බස බස ගාල කියෝගෙන කියෝගෙන යනව නිකං ප්‍රයිවට් බස් එකකට රේඩියම් සික්ස් දාන් යනව වගේ.


"ආ නැන්දල යන්න නැන්දෙ. තේ එපා දැන්... නැන්දලටත් පරක්කු වෙනවනෙ..."


"හරි පුතේ එහෙනං පරිස්සමින් ඉන්න... වත්ත ඇතුලෙන් ඉන්න. එලියට යන්න එපා. පාරෙ වාහන එහෙම එනව වේගෙන්."


"හරි නැන්දේ..."


ඊයෙ දවල් වරුවටම මම එකම එක වාහනයයි දැක්කෙ. ඒකත් ලොට ලොට යන ත්‍රීවිල් එකක්. ඒ ත්‍රීවිල් එකට හැප්පුනානං , මැරෙන්නෙ පිටගැස්ම හැදිල මිසක් වෙන හේතුවක් නිසා නං නෙවෙයි.


"අයියේ... පුතාට කතා කරන්න... යන්න කලින්..."


නැන්ද එයාලගෙ කාමරේ ලෑස්ති වෙවී හිටපු මාමට කතා කරල කිව්ව කුස්සියෙ ඉඳන්ම.


නැන්ද බත් මුල් ඔත ඔත ඉන්නගමන් මාමත් ආව.


"පොඩ්ඩා... මොකෝ මහන්සිද ඊයෙ..."


"හෙ හෙ... එහෙමම නෑ... අදත් යනවද මාමෙ..."


මාම ඒකට උත්තර දෙන්න කලින් , නැන්ද බැලුව මාම දිහා. නැන්දගෙ ඒ බැල්මෙ ලියවිලා තිබ්බ දේ මාමට වගේම මටත් තේරුනා.


ඒ බැල්ම නිකං 'අදත් ගියොත් දෙන්නත් එක්කම එලියෙ නිදාගන්න ලෑස්ති වෙන්න' කියන ජාතියෙ බැල්මක්.


"ආ නෑ පොඩ්ඩො. ඊයෙ අපි වක්කඩවල් ටික කඩල දැම්ම. දැන් ආයෙ වතුර දෙනකං ගිහින් කරන්න වැඩක් නෑ. අනිද්ද දිහා යමු.."


"හා මාමෙ.."


"මේ රයිස්ද , කොත්තුද , නැත්තං පරාට වගේ ඒවද කන්න ආස"


මාම හදිස්සියෙම ඇහුව.


"ආ මම ඕනෙ එකක් කනව මාමෙ... මොකෝ කේස් එක"


"නිකං නිකං. අද අපි පොඩ්ඩක් ටවුම පැත්තෙ යන්න බැලුවෙ. එද්දි පරක්කු උනොත් ටවුමෙන් අරන් එන්නං මොනා හරි. කඩේ ඒව කනව නේ?"


"මම කනව මාමෙ. ඒම අවුලක් නෑ..."


නැන්ද බත් මුල් ඔතල ඉවර උනාම , දෙන්නම බෑග් එහෙම අරන් බයිසිකලේ ගාවට ගියා. මාමට කාර් එකකුත් තියෙනව. ඒත් එයාල වැඩට යන්නෙ ස්කූටියෙමයි මම හිතන්නෙ. මාමයි නැන්දයි වැඩ කරන්නෙ බැංකු දෙකක. මාමගෙ බැංකුව තියෙන්නෙ , නැන්ද වැඩ කරන බැංකුවට කලින්. ඉතින් මාමයි නැන්දයි දෙන්නම එකට ගිහිල්ල , මාම කලින් බැහැල පස්සෙ නැන්ද යනව ස්කූටරෙන්ම.


ටිකකින් ඒ දෙන්නත් ගියාට පස්සෙ මම නිවසේ තනි උනා.


දැන් ඉතින් වෙලාව තමා අහවල් වැඩේ පාඩුවෙ කරන්න. එකම අවුල දවල් වෙන්න වෙන්න සිග්නල් අඩු වෙනව. සමහරවිට සූර්‍ය කිරණ වල අධික තාප ශක්තිය හමුවේ , ක්ශුද්‍ර තරංග වල නිකර මාපාංකය වැඩි වෙලා , ක්ශේත්‍ර නිවාරක ආචරණයක් ඇති වෙලා , රේඩියෝ සංඥා නොපිට යනව වෙන්නැති.


කොහොම උනත් ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන් ඩේ යූ කැන් ක්‍රයි කියනවනෙ. ඒ නිසාම මම දොරවල් අඩවල් කරල දාල ඇඳට වැටුනේ , ඊයෙ දවසෙ පීඩනේ නිදහස් කරන්න කියල හිතාගෙන.


1080p බලන්න සිග්නල් නැතත් 360p වලින් ගේමක් ගැහුවෑකි. ඕකෙ ඉතින් නොදැකපු අලුත් මගුලක් නෑනෙ. ලාවට හැඩේ පෙනුන නං ඇති.


මම ගැම්මට පොඩ්ඩක් සද්දෙ එන්නත් එක්ක වීඩියො එක දාල , 'එක්සසයිස් එක' පටන් ගත්ත. ජැපනීස් එකක්.


ඔය ජැපනීස් 'Vines' වල බං අමුතු ගතියක් තියෙනව. ඒ කියන්නෙ, ඉන්ටනෙට් එකේ තියෙන 'Vines' වලින් 90%ක්ම තියෙන්නෙ කිසිම ස්ටෝරිලයින් එකක් නැති , ඔහේ පුදපු ගමන් ඇරපි යකා කියල , හනුම දර පලන ඒවනෙ.


ඒත් ජැපනීස් 'vines' වල හෙන ස්ටෝරියක් තියෙනව. ඕනෙම කතාවක. කෙලින්ම පැය එක් හමාරෙ එව්වා. ඒකෙ ඒ ඒ සීන් එකට එන්ටර් වෙන්නෙ හෙන ක්‍රමානුකූලව. කතාවත් එක්කම තමා ආතල් එක හම්බෙන්නෙ. ඒ වගේම ජැපනීස් 'Vines' වල සවුන්ඩ් කොලිටියත් ටිකක් හොඳට තියෙනව. ඒ නිසා අනිවාර්යයෙන් සද්දෙ එක්කම ඒක රසවිඳින්න ඕනෙ.


අන්න ඒ ධර්මතාව නිසා මම සද්දෙත් වැඩි කරන් චිල් එකේ වීඩියො එක බලන් ගියා. අතටත් වැඩ තියෙනවනෙ.


ටික වෙලාවකින් , මාව අධික උද්ධමනෙකට පත් වේගෙන එනවත් එක්කම උනේ මම නොහිතපු , කතාව කියවන සමහරු හිතපු දෙයක්.


"සුභෝද නැන්දේ... නැන්දල ගියාද සදේශ්..."

කියල එකපාරටම කාමරේ දොර රෙද්ද අස්සෙන් ඇතුලට එබුනෙ නෙත්මි.


මේකිව හොඳයි නින්ජා කෙනෙක් කරන්න. මට දොරක් අරින සද්දෙවත් ආවෙ නෑ කියහංකො.


ෆෝන් එකේ කෙල්ලෙක් බෙරිහන් දෙනව. මමත් සිවිල් පිට කලිසම පාත් කරන්. අත නිකං පිස්ටන් එක වගේ උඩ පහළ යනව.


නෙත්මිට ෆෝන් එකේ සද්දෙයි , මම කරපු වැඩෙයි ගලපගෙන සිද්දිය මීටර් වෙන්න තත්පර දෙක තුනක් ගියා. සිද්දිය මීටර් උන ගමන් නෙත්මිගෙ ඇස් ලොකු වෙලා , හිස පත්තු වෙලා එයාට "ඊයා....." කියල කියවුනා.


ඒත් එක්කම එයා එයා දොර රෙද්ද වහගෙන පස්සට උනා. මාත් කලිසම උස්සගෙන ෆෝන් එක ඇඳ උඩින් දාල ,


"ඒ ඒ... ඉන්නො.... ඒම මුකුත් උන්නෑ..."

කියාගෙන කාමරෙන් එලියට ආව.


නෙත්මි ඒ වෙද්දිත් කුස්සියට ගිහිල්ල , බිත්තියක් අල්ලන් ඔලුවෙ අත ගහන් ඉන්නව.


"ඒ... නෙත්මි... එ... එහෙම මුකුත් උන්නෑ..."


"අහකට වෙනවා... ළඟට නං එන්න එපා මගෙ... ආවොත් මම කෑගහනවා"

කියාගෙන එයා අත් දෙක ඉස්සරහට දාන් පස්සට උනා.


"හරි හරි... මේ එහෙම මුකුත් උන්නෑ..."


"ඔව් ඔව් මුකුත්ම උන්නෑ... ඕකට තමා එදා පොඩි එකීවත් අල්ලගන්න දැඟලුවෙ... හොඳ වෙලාවට මට කලින්ම තේරුනා සතා හැරුනෙ මොන පැත්තටද කියල... ඔය මහත්තුරු හරි නං පාරකවත් නිදහසේ ඇවිදින එක තහනං කරන්න ඕනේ... ඉන්න ඕනෙ ඉස්පිරිතාලෙක... ඔය විකෘති ඔලු තමා ටවුන් වල උන්ට තියෙන්නෙ... වෙනසක් නෑ... එකාට එකා හරියනව"


"මොන මගුලක්ද මේ කියවන්නෙ...?"


"මගුලක්... මගුලක් තමා කියෙව්වෙ... ඔය මහත්තය යනකං මම ආපහු මේ වත්තෙ හතර මායිමේ පස් පාගන්නෑ... ගමම දැනගන්න ඕනෙ ආපු සතාගෙ හැටි..."

කියාගෙන නෙත්මි කුස්සියෙ දොර ඇරල , 'දඩාං' ගාල වහගෙන යන්න ගියා.


ඩෙන්සිටි එකට හෙන ගැහුව වගේ වැඩක් උනේ.


මදෑ උදේ පාන්දර පීඩනේ පිටකරගන්න හැදුව. අමතර පීඩනයක් වැටුන මගෙ ඔලුවට. අද කාලත් හමාරයි. නෙත්මිව ටෝක් කරලත් හමාරයි. ආයෙ මේ ගමේ පාරක ගිහිල්ලත් ඉවරයි. දැන් ඉතින් ස්ටෑන්ඩ්බයි ඉන්නඕනෙ කොයි වෙලේක හරි මේ ගෙදරින් එලියට යන්න.


මම කුස්සියෙ දොරත් වහල දාල , ඉස්සරහ දොර ගාවට ගියා. ගෑණු කෙනෙක්ගෙ සෙරෙප්පු දෙකක් තිබ්බ , ඉස්සරහ පඩිය උඩ. නෙත්මිගෙ වෙන්නැති. මල පැනපු පාර අමතක වෙලා දාල යන්නැති. ඉස්සරහ දොරෙන් ඇවිත් පිටිපස්සෙ දොරෙන්නෙ ගියේ.


මම ඒ දෙකත් ඇතුලෙ , දොර ගාවින් තියල දොරත් වහල කාමරේට ඇවිත් ඇඳට වැටුනා. ෆෝන් එකේ තිබ්බ අර මල මගුලත් ක්ලෝස් කරල දාල සිංදුවක්වත් අහන්න කියල හිතන් , මියුසික් එකක් දාන් ඇහැ පියාගත්ත. මේ වගේ වෙලාවක සිංහල සිංදු අහන්න බෑ. එව්වගෙ තියෙන ප්‍රශ්න ඇහෙනකොට තවත් එපා වෙනව. ඒ නිසා කඩ්ඩෙන් එකක් අහන්න ඕනෙ. මියුසික් එක විතරයිනෙ තේරෙන්නෙ. කියල මෙලෝ මගුලක් තේරෙන්නෑ.


----------------------


'ටලාං...' 'ටෝං...' 'දඩෝං...'


ගේ ඇතුලෙන් නිකං ලිබියානු යුද්ධෙට අහු වෙලා වගේ මහා සද්ද බද්ද එනව ඇහිල මාව උඩ ගිහින් ඇහැරුනා.


සිංදුව දාන් ඇහැ පියාගත්ත ගමන් නින්ද ගිහින් එහෙම්ම මට. ඉරත් මුදුන් වෙලා.


මම හිතනව මේක කියවන ගොඩක් අයටත් ඒ අද්විතීය කාල තරණ හැකියාව තියෙනව කියල. මගෙ විනාඩි පහක නැප් එකක් ඉවර වෙන්නෙ සාමාන්‍යයෙන් පැය දෙක තුනකින්.


සද්ද බද්ද එන්නෙ කුස්සියෙන්. මගේ මියපරලොව ගිය ඥාතියෙක් වත් ඥාත්‍යනුග්‍රහය දක්වන්න ඇවිල්ලද කියල බලන්න , මම ඇඳෙන් බැහැල හොරෙන් හොරෙන් කුස්සියට ගියා.


'සලාං....' 'ටෝං...'


මම කෙලින්ම හයිවේ එක වගේ කඩාගෙන බිඳගෙන යන්නැතුව , කුස්සියෙ උලුවස්සට මුවා වෙලා සේපට ඇතුළ බැලුව.


සිරි අඹ සාරා කිව්වලු.... තව ඩිංගෙන් මගේ නැගෙවි හද මෝරා වෙනවා...


නෙත්මි හෝ ගාල මොනාද උයනව සුවඳට සුවඳෙ. එයා ලිප ගාව මට පිටුපාල ඉන්න නිසා, නෙත්මිගෙ දේහයේ අනාකූල හැඩය හොඳට පේනව එයා ඇඳන් ඉන්න ගවුමට.


දැන් සමහරුන්ට හිතෙයි , මුට නං ලැජ්ජාවක් නෑ , ටිකකට කලින් කෙල්ලෙක්ගෙන් 'ඊයා' කියල අහගෙන දැන් තවත් නලව නලව වර්ණනා කරනව කියල. මෙහෙමයි. කොල්ලොන්ට ලැජ්ජාවක් කියල එකක් තියෙනවද..? ඔව්... කොල්ලොන්ට ඉහටත් උඩින් අසහනයක් තියෙනවද...? ඔව්... කොල්ලොන්ගෙ අසහනය ලොකුද ලැජ්ජාවටත් වඩා...? උත්තරේ ඔව්.


"අඃ... ම්ම්ම්ම්හ්හ්හ්ඃ...."


මම පොඩ්ඩක් සද්දෙට උගුර පෑදුව කුස්සියට එබිලා. ඒ මම ආව කියල සිග්නල් එක දෙන්න දුර තියාම. නැත්තං මේකි කෑගහන්න ගත්තොත් එහෙම.


නෙත්මි මගෙ සද්දෙට හැරිල , ඔරවල , ගස්සල , රවල ඉස්සරහ බලාගත්ත ආපහු. ආයෙ එකකට එකක් අතිපිහිත ප්‍රතික්‍රියාවන් දක්වන්නෙ.


කොල්ලෙක් මේ ඉන්ටනෙට් එකේ එහෙම දෙයක් බලන එක මාර ලොකු වැඩක් මෙයාලට. ඒකනෙ අවුල.


ඒත් ඒකට මුකුත් කියන්න බෑ අපිට. මිනිස්සු එක එක්කෙනා දරන්නෙ විවිධ අදහස්. කොටින්ම තනි මිනිහෙක් උනත් කාලෙන් කාලෙට දරන මත , අදහස් වෙනස් කරගන්නවනෙ.


උදාහරණෙකට අපි අර සමපෝශ ඇඩ් එක ගමුකො.


සමපෝශයි ගෙන දෙනා...

තාන තනෙන තන් දෙනා...


ඔය වාක්‍ය දෙක අපි පොඩි කාලෙ අපේ ඔලුවට ගිය විදිහයි දැන් යන විදිහයි පොඩ්ඩක් වෙනස් නේ....


"සෝයා ටිකක් හැදුව. කනවනං කන එකයි ඇත්තෙ...."


නෙත්මි පිටිපස්ස හැරෙන්නැතුවම ලිපේ තිබ්බ හොද්දක් හැඳි ගගා මට කිව්ව.


"අහ්... තෑන්ක් යූ ඔයාට... මේ..."


"ඇයි මොකද... අද සෝයා මීට් කන්න බැරිද... අද වෙන මොකකට හරි රහ වැටුනද. නිකං විකෘති දේකට වගේ...?"


මේකි එක්ක කතා කරනව කියන්නෙත් , ලොකු ජයග්‍රහණයක්. ඒ තරන් හයි වෙලෝසිටි එකක් තියෙන්නෙ කටේ.


"නෑ මේ... උදේ ගිය නිසා මම හිතුව එන එකක් නෑ කියල... ඒකයි... මට උයන්නත් බෑනෙ... මේ... කකුල කොහොමද දැන්..."


ඒ ගමන නං එයා මම දිහා හැරුන ආපහු.


"ආ... මොකෝ ආපහු ගෑණියෙක්ගෙ කකුලක් අතගාන්න හිතුවද? මමත් ඊයෙ මෝඩයා උනානෙ. නිකමට හිතුන උදව් කරන්න ආවෙ කියල. දැන්නෙ තේරෙන්නෙ ගොනා හැරුනෙ කොහෙටද කියල.."


"හා හා... ඕන්නෑ කතා කරන්න... ගොඩක් ස්තූතියි කෑම හදල දුන්නට. ඔයත් කන්න කනවනං. යනකොට ඉස්සරහින් යන්න. මම සෙරෙප්පු දෙක අරන් තිබ්බ ඇතුලෙන්"

කියාගෙන මම පිඟානක් අරන් බත් බෙදාගත්ත.


නැන්ද උදේ බත් හදල ගියාට , නෙත්මි ආපහු ඒකත් රත් කරල මම හිතන්නෙ. මොනව උනත් , මේකිට ගෙදර වැඩපල නං කරතෑකි සුජාත දියණියට වගේ. දැන් ඉන්න සමහර කෙල්ලො හිතන් ඉන්නෙ කුස්සියෙ උයනව කියන්නෙ හෙන පජාත වැඩක් , ගෑණු අයව කුස්සියට සීමා කරන වැඩක් , ගෑණු අයට උඩට එන්න දෙන්නෑ කියලනෙ.


ඇත්තටම ඉතින් උයන්න පුලුවන් කෙනාට , උයන්න දෙනව මිසක් , වේගෙන්ම පීනන එකාට උයන්න දෙන්නෑනෙ. ඒව සමාජ මත වලටත් වඩා වෙනස් නොකළ හැකි facts.


ඒ මොනව උනත් , ආතල් එකට හරි නැතුව හරි දැන් ඉතින් නෙත්මිව ටෝක් කිරිල්ලත් ඉවරයි. කෝමත් සුභදායක ආරම්භයක් නෙවේනෙ මුලින්ම තිබ්බෙත්.


මම කෑම එකකුත් බෙදන් සාලෙට වෙලා කන අතරෙ , මට ඇහුන නෙත්මිත් කෑම බෙදාගන්නව.


"දිල්තෝ පාගල් හේ... යේ දීවානා හේ...

දිල්තෝ පාගල් හේ....... යේ දීවානා හේ....."


පාරෙ ගිය කවුද , සිංදුවකුත් කිය කිය වත්තට එනව ඇහිල මම බත් පිඟානත් අතට අරන් ඉස්සරහ දොර ඇරල බැලුව.


හරිහැටි මතකයක් නැතත් , ඒ ඊයෙ රෑ මාමා 'සමීර' කියල හඳුන්වපු එක්කෙනා කියල මට මීටර් උනා.


"මල්ලි... වජිර අයියා වැඩට ගියාද...?"


මම ඉස්සරහ දොරෙන් බලන් ඉන්නව දැකල ඒ ආපු කෙනා මගෙන් ඇහුව ඈත ඉඳන්ම.


"ආ ඔව් අයියෙ... උදේම ගියා... මොකක් හරි පණිවිඩයක් දෙන්නද.... නැත්තං..."


"මේ ට්‍රැක ඉල්ලන් යන්න ආවෙ... සමීර කියල කෙනෙක් ආවොත් දෙන්න වගේ කතාවක් කියල ගියෙ නැද්ද?"


"එහෙම මුකුත් නං කියල ගියෙ නෑ අයියෙ"


එහෙම මුකුත් කියනව තියා මම මේ තාම 'ට්‍රැක' කියන්නෙ මොකක්ද කියල හොයනව. ට්‍රැක පනිනව මේ ගමේ මිනිස්සු එක්ක ඉන්න ගියාම.


"ශහ්... පොඩ්ඩක් අහල බලන්න විදිහක් නෑ නේ..."


"කෝල් එකක් ගන්න තිබ්බ, ඒත් නම්බරයක් නෑ මම ගාව..."


මෙහෙට ආවට මට මාමගෙවත් , නැන්දගෙවත් නම්බරයක් ඉල්ලගන්න බැරි උනානෙ.


"අප්පා... දැන් මක්කෑ කරන්නෙ... මේ කරදරයක් නෙවේ නං පොඩ්ඩක් නම්බරයක් හොයල බලල කියහංකො බං..."


"ආ ඉන්න බලන්න අයියෙ..."

කියල මම දොර අඩවල් කරල අනිත් පැත්ත හැරෙනකොටම නෙත්මි ඉන්නව මහසෝනා වගේ සාලෙ මැදට වෙලා.


මේකිව හොඳයි හොල්මන් ෆිල්ම් එකක හොල්මනට ගන්න.


එයා ඇඟිල්ලක් අරන් තොලට තියල , 'කතා කරන්න එපා' කියල , මටත් කුස්සියට එන්න කියල අත වනල කුස්සිය දිහාට ගියා.


මාත් එයා පස්සෙන් කුස්සියට ආවම එයා කතා කලා.


"ඒ සමීර අයියා නේ ඇවිල්ල තිබ්බෙ"


"කවුද කියල නං දන්නෑ. ඊයෙ අර මාම රෑ සමීර සමීර කිව්වෙ මෙයාට කියල නං මතකයක් තියෙනව. මොකක්ද ට්‍රැක කියන්නෙ"


"අත් ට්‍රැක්ටරේට. සුභෝද නැන්ද කියල තිබ්බා, අද දෙන්න එපා කියල. තාම වතුර ඇරල නෑනෙ. ට්‍රැක්ටරෙන් කරන්න දෙයක් නෑ. මෙයාල මේ උඩහ කැලේ වෙන හේනක් කරනව. ඒකට ඔය ට්‍රැක්ටරේ ඉල්ලන්නෙ"


"වෙන හේනක් කියන්නෙ? නිකං මයියොක්කා හේනක් වගේ එකක්ද?"


"ඒකෙන් වැඩක් නෑනෙ. එයාට ගිහිල්ල කියන්න අද දෙන්න බෑ කිව්ව කියල. හවසට ඕන්නං එන්න කිව්ව කියන්න වජිර මාම ආවම"


"ආ හා හා..."


'වෙන හේනක්' කියල නිකං පැත්තෙන් වදින්න කිව්වෙ නං මොකක්ම හරි ජල්තරස් එකකට තමා. පොඩ්ඩක් හොයල බලන්න ඕනෙ.


නෙත්මි කිව්ව වගේම , මම ආපහු ඒ සමීර කියන කෙනාට කතා කරල විස්තරේ කිව්ව. මම මාමට කතා කරල , එයාගෙන් අහගෙන කියනව වගේ කිව්වෙ.


සමීර කියන එකත් විශ්වාසය කඩ උන මූණක් පෙන්නල "මම යනව මල්ලි එහෙනං" කියාගෙන ආපහු යන්න ගියා.


මමත් දොර වහල බත් එකත් උස්සන් කුස්සියට ගියා , නෙත්මිගෙන් ඒ කේස් එක අහගන්න. එයත් වාඩි වෙලා කන ගමන් හිටියෙ. මම කුස්සියට ආපු ගමන් , එයා මගෙ මූණ දිහා එක පාරක් ඔලුව උස්සල බලල , අහක බලාගත්ත.


"මේ... මොකක්ද අර හේනක කතාවක් කිව්වෙ. මොකක් හරි නීතිවිරෝධී දෙයක්ද."


නෙත්මි මගෙ දිහා ඔරවල බලල,

"ඇයි මොකෝ. නීතිවිරෝධී දේවල් ගැන අහනකොට අමුතු සතුටක් එනවද? ඒවගෙන් වැඩක් නෑනෙ ඔයාට."

කියල කිව්ව.


"එහෙම නෙවේ... මමත් ටිකක් කාලයක් මෙහෙ ඉන්න එකේ ඉතින් ඕව ගැන දැනන් හිටියොත් හොඳයිනෙ... ඒකයි... ආරක්සා වෙන්න උනත් පුලුවන්නෙ එතකොට.... ඒ මොනා හේනක්ද?"


"ගංජා හේනක්..."


මතු සම්බන්ධයි...

Report Page