ගමේ කෙල්ල
04~ හතරවෙනි කොටස ~

මතකනෙ. නෙත්මි එක්ක පොඩ්ඩක් සෙට්ල් වෙලා , ආදර කතාව පටන් ගන්නකොටම අලි දෙන්නෙක් ආදර කතාවෙ දුශ්ඨයො වෙලා මැදට පැන්නනෙ...
එතැන් සිට...
ඉස්සර නිව්ස් වලට අලි කේස් දකිනකොට මම හැමදාම බනින්නෙ මිනිස්සුන්ට. මිනිස්සු අලින්ගෙ භූමියෙ ගෙවල් හදනව කියල.
ඒත් මනුස්සයෙක් හැටියට මම නම්‍යශීලි වෙන්න එපැයි. ඒ නිසා මම අද බනින්නෙ අලියට.
"මල හත්තිලව්වයි වෙන්නෙ කොල්ලෝ... උඹ ඉක්මනට බයික් එකත් අරන් පලයන්... එලවන්න පුලුවන් නේ..."
මාමත් , අර සමීර කියන එකා එක්කම දුවන්න ලෑස්ති වෙවී මට කිව්ව හෙන හදිස්සියෙන්.
"ආ පුලුවන් මාමෙ. නැන්දට කියන්න ඕනෙ නේ..."
"ආ එපා එපා... එයාට වචනයක් කියන්න එපා. උඹට අමාරු උන නිසා ආව කියහං ඒ ඇති. නැත්තං ඒ කෙල්ල බය වෙලා මෙහෙ දුවන් එයි"
"හෙ හෙ... මම රෑ වෙලා එන්නං මාමෙ එහෙනං බයික් එක අරන්..."
"නෑ නෑ ඕන්නෑ. මම මේ මුන්ගෙ කාත් එක්ක හරි එන්නං. ආ මේ... පාර මතකනෙ... අර ලොකු අඹ ගහක් තියෙන්නෙ. ඒක දැක්කද එන ගමන්.."
මොකෝ නොදැක එන්නෙ. භීතිකාව පටන් ගත්තෙ ඔය රෙද්දෙ ගහක් හින්දනෙ.
"ඔව් මාමෙ. මොකෝ කේස් එක. ගහට නගින්නද ගිහිල්ල."
"නෑ ඕයි... පොඩ්ඩක් බලන් යනව සරා ඒ හරියෙ ඉන්නවද කියල. රෑට ඕකි ඔය ගහ ගාව හොල්මන වගේ වාඩි වෙලා එක එක මගුල් ලියනව"
"ඈහ්... හරි හරි මම බලන්නං මාමෙ..."
"හරි ඉක්මනට පලයන්. සරාවත් ගෙදරට ඇරලවල ගිහින් අපේ ගෙදරින් ඉන්න. මම එන්නං.."
කියාගෙන මාම එක පාරටම අර ආපු සෙට් එකට එකතු වෙන්න දුවල ගියා. ආයෙ දුවනව නෙවේ විදිනව.
මම ඉක්මනට බයික් එක නවත්තල තිබ්බ කුඹුක් ගහ ගාවට ගියා. බත් දෙකත් තාම බයික් එකේ එල්ලල. මම ඒ බත් දෙක අරන් කුඹුක් ගහේ කරුවක එල්ලල , හෙල්මට් දෙකෙන් එකක් අතට දාන් එකක් ඔලුවට දාන් බයික් එක ස්ටාට් කලා.
කුඹුර දිහා එක පාරක් හැරිල බලල , ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් එකේ වගේ බයික් එක වීල් පාරක් ගහල එහෙම රේස් කරල ගත්ත.
(නෑ නෑ... එහෙම මගුලක් කලේ නෑ. මම හිමින් බයික් එක අරන් පාර දිගේ ආව.)
බයික් එක එහෙම්ම ගුරු පාරට දාගෙන මම දෙපැත්ත බල බල ආව, කෙල්ලෙක්ගෙ සේයාවක් හොය හොය.
මාම කිව්ව වගේම , අර ලෙජන්ඩරි අඹ ගහ යට කෙල්ලෙක් වාඩි වෙලා ඉන්නව දැක්ක මම බයිසිකලේ ඉස්සරහ ලයිට් එකේ එලියෙන්. ඒ කෙල්ලත් පොතකින් මූණ වහගෙන බයික් එක දිහා බැලුව.
මෝහිනි වෙන්න බෑ. බිකෝස් ළමයෙක් නෑ. රීරි යකා , මහසෝනා හෝ කලු කුමාරය වෙන්නත් බෑ. මොකද ඒ කෙල්ලෙක් කියල ඈත තියාම පේනව. දිග කොණ්ඩෙටත් වඩා පපුව ඉස්සිලා තියෙන විදිහට අනිවා ඩෙවා ඒ ඉන්නෙ කෙල්ලෙක් බව ඕන මල පෙරේතයෙක්ට තේරෙනව.
මම , විජේ කුමාර් වගේ බයික් එක අඹ ගහ ගාවින් නවත්තල , ලයින් එකට හෙල්මට් එකත් ගලවල ඒ කෙල්ල දිහා බැලුව. ඒ නෙත්මි තමා හිටියෙ.
"මේ මොකෝ මේ... ඇයි වක්කඩවල් කඩල ඉවරද?"
නෙත්මි , එයාගෙ ටෝච් එක මගෙ මූණට අල්ලන් කතා කලා. මාව අඳුරගන්නැති.
ඇස් දෙක පොට්ට වෙලා යනව ඉතින්. හෙන ගහන්න වගේ ටෝච් අල්ලනවද කියහංකො මූණට.
"ඕක අහකට කරන්නකො. පොඩි කේස් එකක් උනා.."
නෙත්මි ඒ ගමන ටෝච් එක මගෙ මූණෙන් එහාට කලා.
"මොකෝ උනේ..."
"අලි දෙන්නෙක් පැනල කියල , කට්ටියක් දුවන් ආව. මාමත් ඒ අය එක්කම දුවල ගියා. ග්‍රාමයගෙන් අලිවෙඩි ඉල්ලගන්න ඕනෙ කියාගෙන දිව්වෙ"
"ආහ්... ඉතින් ඔය මහත්තයත් දුවන්න එපැයි. මොකෝ අලි එනකොට ටවුන් එකේ බල බහිනවද?"
අම්මප දැන් නං කටින් කුණුහරපයක් පනිනව. අමාරුවෙන් නවත්තන් ඉන්නෙ. මොන මගුලක් උනත් මේකිට තියෙන ප්‍රශ්නෙ මම ටවුමෙ එකෙක් වෙච්ච එක.
"ඔව් ඔව් බල බහින්න හරි නගින්න හරි , මාම කිව්ව ඔයාව ගෙදරින් ඇලරවන්න කියල. මෙතන ඉඳීවි කියලත් කිව්ව. ඒ නිසා යං දැන්"
"අනේ මේ... මට තනියම ගෙදර යන්න පුලුවන්."
"තනියම යන කෙහෙල්මලක් නෙවෙයි. අලි දෙන්නෙක් ඇවිල්ල. මෙහෙට ආවොත් එහෙම"
"අලි එන්නෑ මෙතනට. ආවත් කමක් නෑ. එයාල මට කරදර කරන්නෑ"
අමෝ අමෝ හිච්චි අලි ගොව්වියක්. අලිය හොඬෙන් අල්ලල දෙපාරක් කැරකෙව්වනං ඇති.
"හම්ම්... ලොකුකමට ඉන්නකො එහෙනං. මම නං දන්නෑ අලි එනවද නැද්ද කියල මෙහෙට. ඒ උනාට කෙල්ලෙක්ව තනියම දාල යන්න බෑ මට. ඒක ටවුන් වල කොල්ලො කරන දෙයක් නෙවේ..."
ඒකිගෙ හැන්දෙන් ඒකිටම කට පුරෝල එකක් බෙදන මැක්සා ඩයලොග් එකක් කියල මම බයික් එකෙන් බැස්සා.
"හාකො හාකො. ඔය ටවුන් එකේ මහත්තය දැන් ගෙදර යන්න. මට තනියම යන්න පුලුවන්. මෙතන වීරය වෙන්න ඕන්නෑ."
"ඔය ගමේ කෙල්ල ගියාම යන්නං"
කියල මම , නෙත්මි හිටපු තැනට ටිකක් එහයින් තිබ්බ ගහේ මුලක් උඩින් වාඩි උනා.
නෙත්මි ඒ දිහා බලල ගස්සල දාල ,
"ඉන්නව නං ඉන්නව මට මොකෝ" කියල ආපහු එයා ගාව තිබ්බ පොත පෙරලන් , ඒක උකුලෙන් තියාගෙන ටෝච් එකත් ගහගෙන මොනාද ලියන්න ගත්ත.
මම කලිනුත් කිව්වනෙ. ඇඳන් ඇවිල්ල තිබ්බ ශෝටට නෙත්මිගෙ කකුල් දෙක ෆුල් ඕපන්. එයා උකුල උඩ තියෙන පොතට ටෝච් එක ඇල්ලුවම , කකුල් දෙකත් පේනව ඒ එලියට.
"මොනාද ඔය ලියන්නෙ?"
නෙත්මි වැඩ දාල , ජීවිතේ පරදුවට තියන් , අලින්වත් ගනන් නොගෙන ලියන්නෙ මොනාද කියල දැනගන්න තිබ්බ ආසාවට මම ඇහුව.
"කවියක්..."
"ආහ්... පිපුනාද දුර ඈත වගේ ආදර කවියක්ද? නැත්තං නිල් අහස් තලේ අගේ වගේ පරිසරය ගැන කියන කවියක්ද? නැත්තං බොම්බෙයි මොටෙයි වගේ කවියක්ද?"
"හිත බිඳුණු කෙල්ලෙක් ගැන කවියක්"
නෙත්මි ගණන් නොගෙන ඔහේ කතා කරනව. එයා දුකකින් ද ඉන්නෙ කියලත් හිතුන මට.
(සිටුවේශන් එක අඳුරු වේගෙන එන්න හදන්නෙ. උඹලගෙ ටෝච් දික්කරගනින්)
"මේ..... නෙත්මි..."
"ඇයි..."
"ඔයා මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නෙ?"
නෙත්මි ඒ ගමන නං ලියන එක නවත්ත දාල මම දිහා බැලුව.
මම හිතුව නෙත්මි දැන් අර ටයිටැනික් එකේ වගේ,
"ඔව් සදේශ්... ඔයාට විතරයි ඒක තේරුනේ... මාව බදාගන්න සදේශ්... මාව ඉඹින්න.. මට යන්න දෙන්න එපා..." වගේ රොමෑන්ටිකල් ක්වොට් එකක් දෙයි කියල.
ඒත් යථාර්තය වෙනස්. අපි ඒකට හැඩගැහෙන්න ඕනෙ.
නෙත්මි මගෙ දිහා බලල, එක පාරටම ඇඟට කඩාගෙන පැන්නෙ නැතෙයි.
"මහත්තය මේ... මට පේන්නම බැරි දේ තමයි ඔය ලොකු ලොකු මිනිස්සුන්ගෙ බොරු අනුකම්පාව. මහා සිරියාවන්ත මිනිස්සු වගේ ඉඳගෙන පොඩි මිනිහට කොනහන එකනෙ ටවුන් වල මිනිස්සු හොඳටම කරන්නෙ. නේද.. ඒ නිසා මම ගැන වදවෙන්න ඕන්නෑ... මගෙන් , මට තියෙන ප්‍රශ්න ගැන අහන්න කලින් මුලින් ඔය මහත්තයල , ඔය මහත්තයලගෙ තියෙන ප්‍රශ්න විසඳන් , ඔය කැත ගති අයින් කරන් ඉන්න. ඊට පස්සෙ ඕන්නං ඇවිල්ල අපි වගේ පොඩි මිනිස්සුන්ගෙන් දුක අහන්න. එතකොට අපිත් කියන්නං..."
නෙත්මි එකදිගට කියවගෙන කියවගෙන ගියා නිකං පැට්‍රල් මැක්ස් ලාම්පුවකට කපුරු තෙල් දාල පත්තු කලා වගේ. කියවල ඉවර උනාම , එයා හයියෙන් හුස්ම ගන්න ගත්ත. හරියට මහා තරහක් පිට කලා වගේ.
ඉවසල ඉවසල බැරිම තැන එතනත් ඉවසන්න කිව්වට , ඒත් ඉවසන්න බැරි නං තවත් ඉවසන්න කියල කිසිම කෙනෙක් කියල නෑනෙ. ඉතින් මගෙ ඉවසීමේ සීමාව පැන්න ඒ ගම නං.
වෙනදට මෙහෙම කවුරු හරි උදව්වක් කරන්න ගිහිල්ල බැන්නොත් ඒම මට කුලප්පුව හැදිල පරම්පරා හතරක් විතර පස්සට යනකං බනිනව පලු යන්න. ආයෙ අමා දහර දිය ගලා යන්නම තමා බනින්නෙ කන් වහගන්න.
ඒත් අද...
ඉවසගන්න බැරි පට්ටම තරහක් ආවත් , මම කට පියාගෙනම , ගහේ මුල උඩින් නැගිට්ට. නැගිටල බයික් එක ගාවට ගිහින් එක හෙල්මට් එකක් අරගෙන , ඔලුවට දාගෙන අනිකත් අරන් නෙත්මි ගාවට ගියා.
එයා කලින් මූණ දෙල් කරන් හිටියට මගෙ ප්‍රතික්‍රියාව දැකල , පුදුම වෙලා මං දිහා බලන් හිටිය.
මම නෙත්මි ගාවට ගිහින් 'ඩෝං' ගාල හෙල්මට් එක තිබ්බ ඔලුව උඩින්.
"ඌයිහ්හ්හ්... තමුසෙට පිස්සු හැදිලද...? මොකෝ ටවුන් වලට බනිනකොට නික...."
"කටවහන් ඔන්න ඕක දාගෙන එනව. නැත්තං මාම මට බනී ඔහේව මෙතන තනියම දාල ආව කියල. ඕක දාන් බයිසිකලේට නගින්න"
කියාගෙන මම ගිහින් බයික් එකට නැග්ගා.
නෙත්මි ටිකක් වෙලා බලන් ඉඳල , හිමීට ගහ ගාවින් නැගිටල , පොතත් අතට අරන් හෙල්මට් එක දාගෙන හිමින් හිමින් බයික් එක ගාවට ආව.
සාමාන්‍යෙන් බං කෙල්ලො බනිනකොට , ඒකට ආපස්සට බනින්න ගියොත් තමයි එතන මහා දෙදරුමක් ඇති වෙන්නෙ. බැනපු ඒව සත පහකට ගනන් ගන්නැතුව හිටියොත් , කෙල්ලො නිකංම කටවහගන්නව.
"නගින්න ඉක්මනට"
"පොඩ්ඩක් ඉන්නව ඉතින්...."
නෙත්මි මගෙ උරහිසට බර දෙන්නැතුව හෙන වෑයමකින් බයික් එකට නැග්ගා. හරක බැන්දට පස්සෙ මොන පුන්නක්කුද කිව්ව වගේ මම නෙත්මි නැගපු ගමන් බයික් එක අද්දල ගත්ත.
ටවුමෙ කොල්ලො එක්ක බයික් එලවල පුරුදු උනේ හොඳ වෙලාවට. නැත්තං පලයංකො පයින් මේ යක්සනියවත් ඇදගෙන.
ගුරු පාර උනාට වලවල් එහෙම අඩු එක මට අවාසියක් උනා.
බිකෝස් කෙල්ලෙක්ගෙ පපුවක් පිටට තෙරපෙනකොට එන හැඟීම හෙන අමුතු ලල් එකක්... හරිම ස්පොන්ජ්බොබ් හැඟීමක් එන්නෙ.
"පොඩ්ඩක් හිමින් යනවා... අලි පස්සෙන් එන්නෑ."
නෙත්මි කෑගහනව පිටිපස්සෙ ඉඳන්. හුළඟ නිසා ඇහෙන්නෙත් කුණුහරප වගේ.
දවල්, නෙත්මිගෙ ගේ මතක තිබ්බට , දැන් කට්ට කරුවලේ නිසා මට ගේ මග ඇරුනා. මම බයිසිකලේ කඩාගෙන එන අතරෙ, නෙත්මි මගෙ උරහිසට පත සුපර්මෑන් පන්ච් දෙක තුනක් දීල බයික් එක නවත්තගත්ත.
"මීට වඩා හොඳයි පයින් ආව නං. දැන් ඊට වඩා දුර ආපහු යන්න එපැයි. ඔක්කොම එකයි..."
කිය කිය මුණු මුණු ගගා බයික් එකෙන් බැහැල හෙල්මට් එක ගැලෙව්ව.
"හරි හරි නගිනව ඉතින්. ගෙනිහින් දාල එන්නං. මහ දුරක් ඇවිත් නෑනෙ."
"නෑ නෑ මහත්තයො. මේ ආපු දුර හොඳටම ඇති. අලියෙක්ගෙ පිටේ ආවත් එච්චර ගැස්සෙන්නෑ."
කියල එයා හෙල්මට් එක බයික් එකේ ටැංකිය උඩින් තියල , එයාගෙ කලිසමේ තිබ්බ ටෝච් එකත් අරන් පත්තු කරගත්ත.
"හම්ම්. යන්න යන්න. අලි නං එන්නෑ තමා. මනුස්සයෙක්ටවත් ඉන්න බෑනෙ"
"මොකක්ද කිව්වෙ...? ආ...? තව ලොකු සයිස් කතා කරන්නත් ආවද...?"
"අපෝ නෑ නෑ නෝනෙ... මුකුත් කිව්වෙ නෑ. දැන් දෙයියන්ගෙ පිහිටෙන් යන්න.."
කියල මම බයික් එක ස්ටාට් කලා.
නෙත්මිත් ඔරවල ටෝච් එක බිමට ගහන්,
"පරිස්සමට යන්න"
කියල ඇහෙන්නැති ගානට කොඳුරල ආපහු ගියා.
නෙත්මි හෙන අමුතු කෙල්ලෙක් කියල මට තේරුනේ , දවල් මුලින්ම හම්බුනු වෙලාවෙමයි. උදව්වක් කරපු එකෙක්ට එහෙම බනිනවද කියහංකො වෙන එකෙක් නං.
ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ නෙත්මි කියන්නෙ මොන වගේ කෙල්ලෙක්ද කියල මට හිතාගන්න බෑ. සාමාන්‍යෙන් කෙල්ලො හොඳයි. නැත්තං සැරයි. නැත්තං අහිංසකයි. නැත්තං නපුරුයිනෙ. නෙත්මි නිකං ඒ සම්පූර්ණ පැකේජ් එකම අරන් වගේ එක එක වෙලාවට එක එක චරිත.
මොනා උනත් අද දවසට වෙච්ච වික්‍රමයන් ටික ඇති කියල හිතල මම පාඩුවෙ ගෙදර ආව.
ඒත් ගෙදර ආවට පස්සෙ තමා ටොම් සෝයර්ගෙ වික්‍රමේ පටන් ගත්තෙ. නැන්දට කවුරු හරි කියල අලි ආපු කතන්දරේ. එයා හෝ ගාල වටේටම කෝල් කර කර මාම කෝ කියල අහනව.
"අනේ පුතේ... අයියා නෑනෙ... අනේ ඇයි ඔයා විතරක් බයිසිකලේ ආවෙ... අයියට මොකක් හරි උනාද දෙයියනේ.. මට රූපා අක්කා මේ දැන් කිව්ව අලියෙක් පැනල කියල හේනට"
බයික් එක වත්තට දාපු ගමන් නැන්දා බයිසිකලේ ගාවට දුවන් ඇවිල්ල අඳෝනා දෙන්න ගත්ත.
"අ... මෙ... නැ.... නෑ නෑ නැන්දෙ.... කලබල නොවී ඉන්නකො පොඩ්ඩක්..."
බයික් එකෙන් බහින්න දෙන්නෙත් නෑ අතින් අදිනව.
"මොකක්ද පුතේ උනේ... කෝ මාමා.. ඇයි ඔයා ආවෙ තනියම..."
"ආ මේ... මට මහන්සි හිතුන නැන්දෙ... පොඩි අලි කේස් එකක් එහේ... අර සමීර කියල අයිය කෙනෙක් කියන් ගියේ, අලි දෙන්නයි ආවෙ කියල... එච්චර ප්‍රශ්නයක් නෑ... දෙන්නනෙ..."
අලි දෙන්නයි කියපු ගමන් සිටුවේශන් එක තවත් තීව්‍ර උනා.
ඔය අපි සමහරු හිතනව නේ බං , තනි අලියෙක් ගමකට වැදිල මොනා කරන්නද? අලි වෙඩි දෙක තුනක් දැම්මම සතා සරෙන්ඩර් කියල?
ඇත්ත තත්වය ඊට වඩා පොඩ්ඩක් වෙනස්. කොටින්ම ගමට අලියෙක් ආවම , ගමේ ඉන්න බල්ලෙක්වත් හාවක් හූවක් නෑ. බල්ලො පවා සද්ද බද්ද නැතුව පාරෙන් අයින් වෙලා ඉන්නව. එක අලියෙක් ඇවිල්ල එච්චර භීශණයක් ගමේ පතුරවන්න පුලුවන් නං , අලි ඩබලක් පැනල ගමට මොනව කරයිද කියල හිතහං. ඒක නිකං පිළියන්දල ටවුමෙදි දහය වසරෙ පොඩි එකෙක්ට සද්දයක් දැම්ම වගේ දෙයක්. "ඇස් ඇරල බලද්දි මම හිටියෙ කනත්තෙ" කියල තමා කියන්න වෙන්නෙ.
නැන්ද අලි දෙන්නගෙ කතාව අහපු ගමන් ආපහු එයාගෙ දුරකථන නාමාවලියටම කෝල් දෙන්න ගත්ත. වනජීවි එකටයි , විදුලිබල අමාත්‍යාංශයටයි , පාරිභෝගික සේවා අධිකාරියටයි , තියෙන තියෙන ඔක්කොටම කෝල් කරන්න හදනව.
මම ඒ ගමන නැන්දගෙන් ෆෝන් එක ඉල්ලන්,
"නැන්දෙ පොඩ්ඩක් කලබල නොකර ගේ ඇතුලට යමුකො අපි..."
කියල එයාවත් තල්ලු කරන් ගෙට ගියා.
"අනේ පුතේ... අයියට කරදරයක්වත් වෙලාද දන්නෑ... එයා ෆෝන් එක ගන්නෑනෙ... ඔයත් කෝල් කරල බලන්නකො..."
"එහෙම අවුලක් වෙන්නෑ නැන්දෙ.. මොකෝ පොඩි එකෙක් ඈ... එයා ටිකකින් කෝල් එකක් දෙයි. එයා කිව්ව කාත් එක්ක හරි ගෙදර එන්නං කියල. ඒකයි මම බයික් එක අරන් ආවෙ..."
නැන්දගෙ ඇඟ සන්සුන් උනාට , මූණෙන් තේරෙනව තාම හිත කලබලෙන් ඉන්නෙ කියල.
"පුතේ... අපි ඇහැරිලා ඉමුද... ආ නෑ... එක්කො පුතා නිදාගන්න... මහන්සිත් ඇතිනෙ... මම ඉන්නං එයා එනකං..."
"නෑ නෑ මම ඉන්නං... නැන්ද වාඩි වෙන්නකො... ඔච්චර කලබල වෙන්න එපා මේ වගේ දේකදි"
පොඩි කාලෙ ඉඳන්ම මේ පැත්තෙ හැදිල වැඩුනු නැන්දට මේ උපදෙස් දෙන්නෙ , අලියෙක් තියා අලියෙක්ගෙ කෙන්දක්වත් හොයාගන්න නැති ටවුමක එකෙක්.
"පුතාට තේකක් ඕනෙද... මම හදන්නද..."
"කරදරයක් නැත්තං හදන්න නැන්දෙ... ආ ෆෝන් එක... කෝල් කරන්න එපා දැන් හතරවටේ හොඳද... පොඩ්ඩක් බලල ඉමු... තව කට්ටිය හිටිය එතන ඕනෙ තරන්"
"හා පුතේ"
කියල නැන්ද ෆෝන් එකත් අතට අරන් කුස්සියට ගියා.
මාත් මගෙ ෆෝන් එක අරන් අම්මලට කෝල් එකක් ගහන්න කියල හිතන් සිග්නල් තියෙනවද බැලුව. මෙන්න ඒ ගමන කණු පහම පෙන්නනව. දවල්ට නයි පෙන්නල රෑට ලොස් නැතුව දෙනව මෙහෙ.
මම ඒ ගමන ගත්ත කෝල් එකක් අම්මලට. රෝමින් සර්විස් වලට ගෙවයි කියලද හිතුවෙ. ඊට වැඩිය හොඳයි.... හෙයි...
මම වට්සැප් කෝල් එකක් ගත්තෙ.
අපේ අම්මයි අම්මගෙ ෆෝන් එකයි හරියට නිකං හතරවන ලුවී රජතුමයි , වළගම්බා රජතුමයි වගේ. හරිම අඩුවෙන් එකිනෙකාව හම්බෙන්නෙ. ඒ නිසා අම්මට කොයි වෙලේ කෝල් ගත්තත් නිකංම රින්ග්ස් යනව විතරයි.
ඒත් පුදුමෙකට වගේ අම්ම ටිකකින් කෝල් එක ආන්ස්වර් කළා...
"අම්මේ... කොහෙද ඉන්නෙ දැන්..."
"පුතා... අපි දැන් එයාපෝට් එකෙන් බැහැල , අපිට රිසර්ව් කරපු හෝටලේට යන ගමන් ඉන්නෙ. මම පුතාට කෝල් එකක් ගත්ත කලින්. පුතා ඔන්ලයින් හිටියෙ නෑ"
"ආ ඔව් අම්මෙ.. මෙහෙට සිග්නල් පොඩ්ඩක් අඩුයි. දවල්ට නං ඇත්තෙම නෑ..."
"ආ ඒක තමා එහෙනං. පුතා... කොහොමද ඔහේ... ගෙදර වගේ සැප නෑ නේද...? අපිත් එක්ක ආව නං ඉවරනෙ"
"මෙහෙ හොඳයි අම්මේ... එහෙම අවුලක් නැ..."
"හම්ම් හම්ම් එහෙනං... දැන් මොකෝ කරන්නෙ..."
ඔහොම ටිකක් වෙලා අම්ම එක්ක කතා කර කර ඉන්නකොට, මාමා කාත් එක්කද මංද ත්‍රී වීල් එකකින් ගෙදර ආව. අම්ම එක්ක කෝල් එකේ නිසා මං දොර ගාවට ගියෙ නෑ.
"කෙල්ලේ... පොඩ්ඩා ආව නේ ගෙදර..."
මාම ගේ ඇතුලට එන්නත් කලින්ම, ත්‍රීවීල් එකෙන් බැහැල එලියෙ ඉඳන් ඇහුවෙ , සමහරවිට මම ඇවිල්ල නැත්තං ආපහු හොයන්න යන්න හිතාගෙන වෙන්නැති.
මාමගෙ කටහඬ ඇහුනු ගමන් , ගුත්තිල වෙන නද වගේ , නැන්ද කුස්සියෙ ඉඳන් ඉස්සරහ දොර ගාවට දුවන් ගියා. තේ හද හද හිටපු හැන්දත් අතේ.
"කෙල්ලෙ... පොඩ්ඩා ආව නේ... මම එයාව බයිසිකලේ එව්වා..."
"එයා ආවා... අනේ මොකද උනේ..."
"නෑ නෑ මුකුත් උන්නෑ. මම මේ පොඩ්ඩක් සමීරය එක්ක හේන බලන්න ගියා. එහෙම ප්‍රශ්නයක් නෑ. මොකෝ බය වෙලා වගේ..."
මාම දන්නෑ තාම , නැන්ද අලි ආව කියල දන්නව කියල. ඒකයි තාම ඇක්ටින් පාර දෙන්නෙ. මාම ආපු ත්‍රී වීල් එකත් ආපහු හරවන් ගියා.
"නෑ මේ මම හිතුව පොඩ්ඩව එවපු නිසා අලියෙක්වත් ඇවිල්ල කියල..."
නැන්දත් නොදන්න පාට් එකේ අහනව.
"මොන අලිද... ආන් අර යූ එන් පී කාරයෙක් නං හේනෙ වැටිල හිටියා... ඒ අලියා විතරයි"
කියාගෙන මාම ගෙට උනා.
ඒත් එක්කම නැන්ද අතේ තිබ්බ හැන්දෙන් "ටොයින්" ගාල එකක් කෙලියා මාමගෙ ඔලුවට.
"රූපා අක්ක කිව්ව මට ඔක්කොම විස්තරේ. අලි දෙන්නෙක් ඇවිල්ලය , මහ උන් ඔක්කොම ඒකා පස්සෙ දුවනවය කියල. මට හිතුන මේ උන්දැත් ගිහින් ඇති කියල. අලි ආවොත් ගෙදර එනව කියල නේ පොරොන්දු කරගත්තෙ..."
මාමට කට උත්තර නෑ.
මටත් කටඋත්තර නෑ. කෝ බං දැන් අර ටිකකට කලින් නැන්ද, මාම කෙරෙහි දක්වපු සෙනෙහෙබර හැඟීම්. 'දුන්නා සිද්ධාලේප අසමෝදගම්. සෙනෙහෙබර හැඟීම් කොහෙන් ගියාද දන්නෑ' කිව්වලු...
මතු සම්බන්ධයි...