♡ නිරුවත් හිතක් ♡

♡ නිරුවත් හිතක් ♡


හතරවන කොටස

සුභෝද මැඩම් එක්ක ලර්නස් එකකටත් ගිහිල්ල අන්තිමට මම ඩ්‍රැයිවර් වැඩේට බැස්ස. මැඩම් කිව්වනෙ මට එයාලගෙ ගෙදර නවතින්න කියල.


කලින් කොටසට



එතැන් සිට...


හවස් වෙනකංම කරක් ගහල අන්තිමට ගෙදර ආව. මැඩම් මට කිව්ව ගෙදර අයට කියල බඩු මුට්ටු ටිකත් අරන් එන්න කියල. මම කාර් එකෙන් බැහැල ගෙට යනකොට අම්ම ලිප ගාව උයනව.


"අම්මා"


"ආ.... ආවද. පිඟානක් අරන් වරෙන්. මයියොක්ක ටිකක් හැදුව"


"කන්න නෙවේ අම්මා. සුභෝද නෝන කිව්ව මට එයාලගෙ ගෙදර ඉඳන් වැඩ කරන්න කියල"


අම්ම අතේ තිබ්බ හැන්ද පැත්තකින් තියල මං දිහා බලල කතා කලා.


"අනේ බං. ඩ්‍රැයිවර් වැඩේ නං කමක් නෑ. ඕවට යන්න ඕන්නෑ පුතේ. උඹට මෙහෙ ඉඳන් යතෑකිනෙ ඉතින්"


"නෑ අම්ම. ඩ්‍රැයිවර් වැඩේට මහ ලොකු පඩියක් හම්බෙන්නෑලු. එහෙ ඉඳන් ඔය පොඩ්ඩක් වැඩක් පලක් කරගෙන ඉන්නලු තියෙන්නෙ"


"ඒ උනාට බං උඹට ඕව හුරුත් නෑ. ඔන්න ඔය ඩ්‍රැයිවර් වැඩේ කරන් හිටහං බං ගෙදෙට්ට වෙලා"


"මැඩම්ට මෙහෙ එන්න බෑලු අම්ම මාව ගන්න හැමදාම. ඒ නිසා එහෙ ඉඳන් වැඩක් පලක් කරන් ඉන්න කිව්ව. සල්ලිත් හම්බෙනවනෙ අම්ම. මම යන්න කියල බැලුවෙ"


"උඹ ඉගෙන ගත්තෙත් නෑ හරියට. අන්තිමට එක එකා ගාව බැලමෙහෙවර කරන්න යනව. උඹට කැමති දෙයක් කරපං. මම දන්නෑ"

කියල අම්ම අහක බලාගත්ත.


ජීවිත කාලෙටම දුප්පත් වෙලා ඉන්න ඕන් නැති නිසයි සල්ලි වලට තිබ්බ ආසාවයි නිසා මම දෙපාරක් නොහිතම ඇඳුම් ටිකත් සිලි බෑග් දෙකකට දාගෙන අම්මටත් වැඳල කාර් එකට ආව.


"දැන් ගෙදර යං අමරෙ"


"හරි මැඩම්. මේ ගමේ ගෙදර නේද"


"මොන ගමේ ගෙදරද?"


"අර ධර්මෙ මාම ඉන්නෙ"


"නෑ මෝඩ කොල්ලො. ඒ ධර්මෙලගෙ මහ ගෙදර. අපේ ගෙදර තියෙන්නෙ ටවුන් එක ගාව. මම පාර කියන්නං දැන් යමු"


"ඕකේ මැඩම්"


ටවුන් එකට ඇවිල්ල ටිකක් දුර යනකොට අතුරු පාරකට හරවන්න කිව්ව. මැඩම් පෙන්නපු පාරවල් දිගේ ඇවිල්ල අන්තිමට හැරෙව්වෙ ගල් අල්ලපු පාරකට. ඒ පාරෙ වෙන ගෙවල් තිබ්බෙ නෑ. පාර දිගේ කෙලින්ම යනකොට සුදු පාට ගාපු පත තාප්පෙකට අල්ලපු ගේට්ටුවක් ගාවින් නවත්තන්න කිව්ව.


මැඩම් බෑග් එකෙන් රිමෝට් එකක් වගේ එකක් ඒකෙ බොත්තමක් එබුවම අර ගේට්ටුව උඩට උඩට ඇරෙන්න ගත්ත. මම මැජික් වගේ මේ සීන් එක බලන් ඉන්නව දැකල මැඩම්ට පොඩ්ඩක් හිනා ගියා.


"ඇතුලට දාන්න අමරෙ"


මැඩම් වාහනේ ඇතුලට දාන්න කිව්ව හින්ද මම සේපට කපල ඇතුලට දැම්ම. මහා පතරංග ගෙයක්. ක්‍රීම් පාට ගාල කැටයම් දාල නිකං සඳකඩ පහණ වගේ.


මැඩම් වාහනෙන් බැස්සට පස්සෙ මාත් බැස්ස. දොරවල් ලොක් කරල යතුර අරන් මැඩම්ට දෙන්න හදනකොට මැඩම් , යතුර මටම තියාගන්න කිව්ව.


"අමරෙ මාත් එක්ක එන්න."


මැඩම් මාවත් එක්කන් ගෙට යන්නැතුව ගේ වටෙන් ඇවිල්ල පැත්තට ආව. ගෙටම සම්බන්ධ වෙන්න හදපු කාමර කෑල්ලක්. හෙන සයිස්. අපේ ගෙට වඩා මේ කාමරේ පොඩ්ඩයි පොඩි. මැඩම් කාමරේ දොර ඇරල දීල මට කතා කලා.


"මේක තමා අමරෙගෙ කාමරෙ. මේ ඩ්‍රැයිවර්ට දෙන කාමරේ. කන බොන ඒවට කුස්සිය පැත්තෙන් ඇවිල්ල කුස්සියෙ ඉඳන් කාල යන්න පුලුවන්. වත්ත පල්ලෙහා ටැප් එකක් තියෙනව. එතනින් නාගන්න රෙදි හෝදගන්න පුලුවන්. දවල්ට හැම වෙලාවෙම සූදානමින් ඉන්න ඕනෙ. මම කතා කරපු ගමන් යන්න බලාගෙන. සෙනසුරාදටයි ඉරිදටයි ගෙදර ගිහින් ඉන්න පුලුවන්. ඒ දවස් දෙකට අමරෙව සම්බන්ධ කරගන්න බෑ. මොනා හරි ප්‍රශ්න තියෙනවද?"


"නැ.... නෑ මැඩම්. අවුලක් නෑ"


"හරි එහෙනං. අදට වෙන ගමන් මුකුත් නෑ. මූණ කට හෝදන් ඇවිල්ල කුස්සිය පැත්තෙන් කාල බීල යන්න පුලුවන්"

කියාගෙන මැඩම් ගියා.


කාමරේ ඇඳක් තිබ්බ. පුටුවකුයි පරණ මේසෙකුයි තිබ්බ. පොඩි කබඩ් එකක් කෙලවරේ තිබ්බ. පත්තර දාපු පෙට්ටියක් අයිනෙ තිබ්බ. කලින් හිටපු ඩයල් එකගෙ වෙන්නැති. වෙන මුකුත් නෑ. සිලි බෑග් දෙකේ තිබ්බ ඇඳුම් ටික ඇඳ උඩට හලල මම කබඩ් එකට අඩුක් කලා ඒ ටික. ඇඳන් හිටපු කමිසෙයි කලිසමයි ගලවල දාල සරමක් ගහගත්ත.


ටැප් එක හොයපංකො දැන්. පැය කාලක් විතර කැරකිලා කැරකිලා වත්ත පිටිපස්සෙ කෙලවරේම තිබ්බ ටැප් එකක් හම්බුනා. නාන්නම හදපු තැනක් වගේ. බේසමක් තිබ්බ එතනම. වටේට කලු ඉටිකොල දාල තිබ්බ. ඊට එහා පැත්තෙ කුඹුරු යායක්.


කට්ට හීතලේ ටැප් එකෙන් නාගෙන, එහෙම්ම ඇඳුම් කෑලි ටිකත් හෝදල දාල , මගෙ කාමරේ ගාවම තිබ්බ ගහේ අතු උඩට දැම්ම වේලෙන්න. ඒ කරල පිටිපස්සට ඇවිත් කුස්සියට ආව.


කුස්සියෙ තරමක් මැදි වයසෙ ඇන්ටි කෙනෙක් චීත්තෙකුත් ගහගෙන එලවලු කපනව. මම කුස්සිය ගාව ඉන්නව දැක්කම ඒ ඇන්ටි මට කතා කලා.


"ආ මේ අමරෙ කොලුව වෙන්නැති. නෝන කිව්ව උඹ ආව කියල"


"ආ ඔව් ඇන්ටි. මේ කන්න එහෙම...."


"ඔන්න ඔය ඇලුමිනියම් පිඟාන අරන් වරෙන්. බෙදාගනින් කැමති දෙයක්"


මම කුස්සිය ඇතුලට ගිහින් ඒ පෙන්නපු ඇලුමිනියම් පිඟානත් අරන් බත් එකක් බෙදාගත්ත. කුස්සිය ගාව පඩියෙ වාඩි වෙලා එහෙම්ම ඇදල ඇරිය පිඟානම. ගෙදරදි නං කන්නෙ එලවලුවක් හරි මොනා හරි පොඩි දෙයක් එක්කනෙ. මෙහෙ එහෙම නෑ. එක එක ජාති. ඉතින් බඩ පැලෙන්නම කෑව.


"මදි නං තව බෙදාගනින්. අද ලොකු මහත්තය එන්නෑ. එයත් එයි කියල හිතන් ඉව්වෙ"


ටිකක් වෙලා ඒ ඇන්ටි එක්ක කයිය ගහගනකොට ඒ ඇන්ටි ගැනයි මෙහෙ සිස්ටම් එක ගැනයි සෑහෙන දේවල් ටිකක් දැනගත්ත මං. ඒ ඇන්ටිගෙ නම පුශ්පා. එයා මේ ගෙදර වැඩ කරන්න අරන් අවුරුදු 17ක් ලු. ලොකු මහත්ත කියල කතා කරන්නෙ ධර්මෙ මාමට. එයා වැඩිපුර ඉන්නෙ ගමේ එයාලගෙ මහ ගෙදරලු. සුභෝද මැඩම් විතරලු ගොඩක් දවසට මේ ගෙදර ඉන්නෙ.


සුභෝද මැඩම්ට කියන්නෙ ලොකු නෝන කියල. මැඩම් පොඩ්ඩක් නීති වැඩිලු. ඒ නැන්දට නෑදෑවෙන දුවෙක් ඉන්නවලු මගෙ වයසෙම. එයා නං තාම ඉස්කෝලෙ යනවලු.


කතාවෙන් කතාවෙන් වටෙන්ම අඳුර වැටීගෙන ආව. මමත් නැන්දට කතා කරල ඉවර වෙලා මගෙ කාමරේට ගියා.


මේ ගේ හෙන ලොකුයි. වත්ත අක්කරයක් විතර. කෙලින්ම පිටිපස්සෙ කුඹුරු යායක්. ටවුන් එකෙන් පොඩ්ඩක් දුර. මැරයො කියල කියන්න තරන් නං නරකක් නෑ. මොකද මේ පැත්තෙ මිනිස්සු ධර්මෙ මාමට සෑහෙන ගරු කරනව කියල පුශ්ප නැන්දගෙ කතාවෙන්ම තේරුනා. සුභෝද මැඩම්ව නං කාටවත් අල්ලන්නැති ලයින් එකක් තිබ්බෙ.


රෑ වෙනකං අර පත්තර ටික පෙරල පෙරල හොඳ හිතට හරියන ගෑණු රූපයක් හොය හොය ඉඳල අහවල් වැඩෙත් කරලම නිදාගන්න ගියා.


ගෙදර කොහු මෙට්ටෙ නිදාගෙන නිදාගෙන මේ මෙට්ටෙට වැටුනම නිකං අමා මහ නිවං සුව වගේ. තෙහෙට්ටුවටයි සැප මෙට්ටෙයි නිසා කලින්ම නින්ද ගියා.


............................................


"ඕයි කොලුවො මේ දොර ඇරපං. ආන් ලොකු නෝනට තද වෙලා කෑගහනව"


පහුවදා උඩ ගිහින් ඇහැරුනේ කවුරු හරි කෑගගහ දොරට කෙලිනව ඇහිල.


මල හත්තිලව්වයි! දවලුත් වෙලා.


ජනේලෙන් වැටුන ඉර එලියට මූණ කවර් කරගන්න ගමන් සැනික ගිහින් දොර ඇරිය. කෑගහල තියෙන්නෙ පුශ්පා නැන්ද.


"අනේ කොල්ලො ඉක්මනට මූණ කට හෝදන් ඇඳුමක් දාන් වරෙන්. ලොකු නෝනා කෑ ගහනව අරහෙ. පළවෙනි දවසෙම වැඩ වරද්දගන්න එපා"


"පොඩ්ඩක් නින්ද ගියා නැන්දෙ"


"හරි හරි මූණ කට හෝදන් වරෙන් කුස්සිය පැත්තට"


නැන්ද ගියාට පස්සෙ සාලු කෑල්ලත් අරන් සැනික පල්ලෙහා ටැප් එක ගාවට ගිහින් මූණ කට හෝදන් ඇවිල්ල කලු කලිසමයි ශර්ට් එකයි ගහගත්ත.


ඊට පස්සෙ කෙලින්ම පිටිපස්සෙන් කුස්සියට ගිහිල්ල උණු උණුවෙම තේ කහට එක ගහල ඇරිය. දවල් වෙනකංම නින්ද ගිහිල්ලනෙ. තාම නිකං පාවෙනව වගේ.


"කෝ මූ තාම නිදිද පුශ්පා. ඕකට මම අද...."

කියාගෙන ලොකු මැඩමුත් ආව කුස්සියට.


මාව දැකල, කියන්න ආපු එක නතර කරල මට බනින්න ගත්ත.


"පස්ස පැත්තට එලිය වැටෙනකං බුදියගන්නවට පඩි දෙන්නෑ. අදට පළවෙනි පාර නිසා සමාව දුන්න. ඊළඟ දවසෙ කතා කරන වෙලාවට ලෑස්ති වෙලා හිටියෙ නැත්තං ආපහු ගමටම යන්න ලෑස්ති වෙලා හිටපං. දැන් ඕක බීල ඉක්මනට වාහනේ ලෑස්ති කරගන්නව"


"හ... හරි මැඩම්"


පුශ්ප නැන්දත් තක්බීර් වෙලා බලන් ඉන්නව. එයා ලොකු මැඩම්ට පට්ට බයයි.


උගුරට දෙකට තේක බීල හෝදල දාල යතුරත් අරන් වාහනේ ගාවට ගියා. කොට්ටෙ එජස්ට් කරන් හරි බරි ගැහිල වාඩි වෙලා එහෙම ලෑස්ති උනා මැඩම්ව එක්කන් යන්න.


ටිකකින් ඉස්සරහ දොර ඇරුනා.


මම මැඩම් එලියට එනකං බලන් හිටියෙ. ඒ උනාට දොර ඇරන් ආවෙ වෙන කවුද මංද කෙල්ලෙක්.


කිරි ටොයියා කෑල්ලක්. කොණ්ඩෙ පෝනි ටේල් එකක් දාල ඩෙනිමක් ගහල කොට බ්ලවුස් එකක් ඇඳන්. යක්කුත් නගිනව මේව දකිනකොට. ඒකි කෙලින්ම ඇවිල්ල දොර ඇරගෙන පිටිපස්සෙ ශීට් එකෙන් වාඩි උනා. වාහනේට ආපු ගමන් දඩාර සයිස් ෆෝන් එකක් හෑන්ඩ් බෑග් එකෙන් එලියට අරන් ඔබන්න ගත්ත.


ලොකු මැඩමුත් ටිකකින් ගෙයින් එලියට ඇවිල්ල වාහනේ ඉස්සරහින් නැග්ග.


"අමරෙ මාව ### සැලූන් එක ගාවින් දාන් යන්න. පස්සෙ මෙයාව එක්කන් යන්න ### හෝටලේට."

කියල පිටිපස්සෙ හිටපු කෙල්ලව පෙන්නුව.


"ඕකේ මැඩම්"


ටවුන් එකට ඇවිත් මැඩම් කියපු සැලෝන් එක ගාවින් මැඩම්ව බැස්සුව.


"අමරෙ, මෙයාව දාල ආපහු එන්න. සැලොන් එක ඉස්සරහින් නවත්තගන්න"

මැඩම් මට කිව්ව.


මැඩම්ට හා කියල ආපහු වාහනෙන් ආව අර කියපු හෝටලේ ගාවට.


හෝටලේ මොකක් හරි උත්සවයක් වගේ. තව ලොකු ලොකු වාහන කීපයක් නවත්තල තියෙනව දැක්ක ඈත තියාම.


"කෙල්ලෙක් එහෙම ඉන්නව ඇති නේ දැන්"


එක පාටම අර පිටිපස්සෙ හිටපු කෙල්ල කතා කරනව ඇහුන නිසා මාව ගැස්සිලා ගියා. මම හෝටලේ ගාව අයිනට කරල වාහනේ නවත්තල ඒ කෙල්ලට කතා කලා.


"තාම නං නෑ. මොකෝ ඇහුවෙ"

කියාගෙන මම පැණි හිනාවක් දාගෙනම පිටිපස්ස බැලුව.


අරකි ඇස් දෙක ලොකු කරන් මං දිහා බලන් මට කතා කලා. එයා ෆෝන් එක කනේ තියන් හිටියෙ.


"excuse me? තමුසෙ තමුසෙගෙ වැඩක් බලාගන්නවද. මම තමුසෙට කතා කලේ නෑ. ඩ්‍රැයිවර් වැඩේ කරන් පාඩුවෙ ඉන්නව"


කියල ඒකි දොර මහ හයියෙන් වහගෙන බැහැල ගියා.


මම


සීන් එක මීටර් උනේ පස්සෙ මට. ඒකි කෝල් එකක ඉඳල තියෙන්නෙ. ඒ කෝල් එකේ හිටපු මොකාගෙන් හරි තමා කෙල්ලෙක් ඉන්නවද කියල අහල තියෙන්නෙ.


මතු සම්බන්ධයි


Report Page