වීදි පුරඟන
25විසිපස්වන කොටස

තුරුලිගෙත් මගෙත් දෛවයන්ගේ එක් වීමෙන් පස්සෙ, හෝරා කිහිපයකට අපි වෙන් උනත්, නැවතත් අපේ ජීවිත එකිනෙකාට සම්බන්ධ උනේ කලින්ටත් වඩා ශක්තිමත් විදිහටයි. තුරුලිව මගේ ගෙදරට ස්ථිරවම එක්කන් ඇවිල්ල මාසයකට ආසන්න කාලයකුත් ගත උනා. හැබැයි මම තාම අම්මලටවත් ඒ බවක් කිව්වෙ නෑ. කියන්න උවමනාවක් දැනුනෙත් නෑ. කිසිම බාහිර බලපෑමක් නැතුව, කවුරුත් අපි ගැන දන්නෙවත් නැතුව, මම තුරුලි එක්ක ගෙවන මේ ජීවිතය හරි සුන්දරයි... කාමුකයි... චමත්කාරජනකයි...
---------------
අද දීප්තිමත්ව ඉර පායපු නිස්කලංක සෙනසුරාදාවක්...
ඒ නිස්කලංක බව, කාර් එකේ මට වම් පැත්තෙන් වාඩි වෙලා ඉන්න, සේද කොට ගවුමක් ඇඳගත්තු ලස්සන හුරුබුහුටි කෙල්ලෙක් නිසා තවත් අලංකාර වෙලා.
"සර්...."
"ම්ම්ම්ම්ම්ම්ම්"
"ම... මට රිදෙයිද ගොඩක්... ඔ... ඕවගෙ ලොකු ලොකු වැඩ තියෙනවලු සර්..."
"එහෙම බය වෙන්න එපා. නිකං චෙකප් එකකට විතරයි යන්නෙ. අනික එතන ඉන්නෙ ලේඩි කෙනෙක්... මුකුත් ප්‍රශ්නයක් වෙන්නෑ. බය නොවී ඉන්නකො. මාත් ඉන්නවනෙ. මම මුකුත් වෙන්න දෙන්නෑ ඔයාට..."
මද කලබල ගතියකින් හිටපු තුරුලි, මම ඒ කිව්ව දේ අහල පොඩ්ඩක් සන්සුන් උනා. එයා ඊළඟට කතා කලේ මගේ වම් කලව උඩින් එයාගෙ අත් දෙකම තියල මට බර වෙන ගමනුයි.
"හී... මම දන්නෝ... ඒකනෙ මමත් ආවෙ... සර් කීව ගමන්ම... එ... ඒත්... මේ... එ... එයාල කිව්වොත්... මේක හරිගස්සන්න බෑ කියල... ස... සර් මාව ද... දාලා..."
"තුරුලි.....!"
"......."
මම ටිකක් සද්දෙන් කෑ ගැහුව නිසා ගැස්සුන කෙල්ල, වික්ශිප්ත උන ස්වරූපයකින් සද්ද නොකරම බිම බලාගත්තා. කොච්චර කටකාරියක් උනත්, මම කරන පොඩි තරවටුකිරීම් වලටත් මේ කෙල්ල අධිකව බය වෙනවා.
"ගෙදරින් කියලමයි එක්කන් ආවෙ මම. දැනටම අමතකද. එයාල මොකක් කිව්වත්, අපි දෙන්නගෙ මේ කිසි දෙයක් වෙනස් වෙන්නෑ. මම කිව්වනෙ කලිනුත්. බලෙන් හරි මම ඔයාව මගෙ ගාව තියාගන්නව කියල."
"අ... අමතක උනා සර්... ආයෙ කියන්නෑ..."
"ගුඩ්... ඊළඟ එක ඔය සර් කියන එක... එතන ගිහින් ඕව කියන්න බෑනෙ... ඒ නිසා දැන් ඉඳන්ම අයියා කියන්න මට..."
"අ... අනේ... එහෙම එකක් සර් කලින් කිව්වෙ නෑනෙ... මට නං බෑ... සර්ට වෙන නම් වලින් කතා කරන්න බෑ මට..."
"මැට්ටියෙ... ඔයා මට එතනත් සර් කිව්වොත් ඒ මිනිස්සු මං දිහා නරක විදිහට බලයි... මාව අපහසුතාවට පත් කරන්න ඕන්නං ඉතින් සර් කියලම කියන්න... කොහොමත් හිතුවක්කාරයිනෙ ඔයා... දැන් මම කියන ඒව වැඩිය අහන්නෑනෙ..."
වැඩිය ගණන් නොගෙන මම ඒක කිව්වත්, මම ඇස් කොණින් දැක්කා තුරුලි බය වෙලා වගේ මං දිහා බලනවා.
මේ කෙල්ල ගොඩක් හිතුවක්කාරයි. අපි ළං වෙනව වැඩි වෙත්ම, ඒ හිතුවක්කාරකමත් එන්න එන්නම වැඩි වෙනව. ඉතින් මේ වගේ කෙල්ලෙක්ව පාලනය කරගන්න ඕන්නං, එයාගෙ හදවතේ සියුම් තැනකට හිමීට පහර දෙන්නම වෙනවා. ගත උන මාසයක කාලය තුළයි, මම ඒක හරියටම තේරුම් ගත්තෙ.
"එ... එහෙම හිතල නෙවේ මගෙ සර්... අනේ... හරි හරි... මම කියන්නංකො.... මේ... අ... අයියා කියල... හ... හරිද අ... අයියෙ.... හයුශූ.... ලැජ්ජයී අප්පා..."
කලබලෙන් කතාව පටන් ගත්තත්, තුරුලි ඒක කියල ඉවර උනේ ලැජ්ජාවට මූණත් වහගන්න ගමන්.
"ම්ම්ම්ම්ම්ම් කියන දේ අහනව නං ඉතින් මමත් සතුටුයි... මැටි කෙල්ල... දැනට විතරක් අයිය කියන්නකො..."
"හී හා... ඒනම්... හැබැයි ආපහු ගෙදර ගියාට පස්සෙත් ඒක කියන්න කියල ඉල්ලන්න එපා ඕන්... හාද..."
"හා හා... ගෙදර ගිහින් ඔයාට කැමති දෙයක් කියන්නකො..."
"හී... මගෙ හොඳ ස... නෑ... මගෙ හොඳ අයියා..."
තුරුලි එහෙම කියල, සීට් එකෙන් ඉස්සිලා ඇවිත් මගෙ කම්මුලට කිස් එකක් දුන්නා. එයා ආපහු සීට් එකෙන් වාඩි උනාට පස්සෙ, මම තුරුලිගෙ ඔලුව අතගාල පොඩ්ඩක් හිනා උනා.
අපි මේ යන ගමන ගැන පාඨක ඔබට තාමත් හරිහැටි අවබෝධයක් නැතුව ඇති.
කාන්තාවක් හැටියට, තුරුලිගෙ සිරුරේ භෞතිකව විශාල අඩුපාඩුවක් තියෙනවා. ඒ බව ඔබ දැනටමත් දන්නවනෙ. ʳᵉᵃᵈ. ඒක අපේ ජීවිත වලට කිසිම ලෙසකින් බාධාවක් නොවුනත්, තුරුලිගේ 'ස්වාමියා' වශයෙන් මට හිතුනා තුරුලිව කෝකටත් වෛදවරයෙක්ට පෙන්නල උපදෙසක් ගන්න. ඉතින් අපි මේ යන්නෙ ප්‍රයිවට් හොස්පිට්ල් එකකට, ඒ වැඩේ කරගෙන එන්න.
අපිට හොස්පිට්ල් එකට එන්න කිව්වෙ එකොළහට උනත් අපි දහයයි තිහ වෙනකොටම වගේ ඇවිත් චැනලින් ෆී එක ගෙවල ඒ ඩොක්ටර්ගෙ රූම් එක ගාවින් වාඩි උනා.
තවත් කීප දෙනෙක්ම හිටියා එතන වාඩි වෙලා.
එකොළහයි කාලට විතර, අපේ අංකේ කතා කලාට පස්සෙ අපිට ඇතුළට යන්න පුලුවන් උනා.
"ගුඩ් මෝනින් ඩොක්ටර්..."
තුරුලි මේසෙ ගාව තිබ්බ පුටු දෙකින් එකක වාඩි උනාට පස්සෙ, ඒක ඉස්සරහට කරල, මාත් අනිත් පුටුවෙන් වාඩි වෙන ගමන් ඩොක්ටර්ට කතා කලා.
"ගුඩ් මෝනින්..! මොකක්ද කාරණය..."
අපි දෙන්නම වාඩි උනාට පස්සෙ, ඒ ලේඩි ඩොක්ටර් හොඳට හිනා වෙලා එහෙම කතා කලේ, මගෙ දිහාට යොමාගෙන හිටපු ඇස් දෙක තුරුලිගෙ පැත්තට හරවන ගමන්.
ඩොක්ටර් ඒක ඇහුවට පස්සෙ, තුරුලි එදා මට කිව්ව විස්තරය මම එහෙන්ම ඩොක්ටර්ට කිව්වා. තුරුලි ඒ මුලු වෙලාවෙම මේසෙට යටින් මගෙ අත තදින් අල්ලන් හිටියා.
මම සම්පූර්ණ කතාවම කියල ඉවර උනාට පස්සෙ, ඒ ඩොක්ටර් තුරුලිගෙන් එක එක ප්‍රශ්න ඇහුවා. එතනදි මට, තුරුලි උත්තර දෙන දිහා බලන් ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා තිබ්බෙ නෑ.
ඇත්තටම, තුරුලි එක්ක විවාහ ජීවිතයක් ගෙවන්න හීන දැක්කට, මම තාම මේ කෙල්ල ගැන කිසිම දෙයක් හරි ආකාරව දන්නෙ නෑ කියන කාරණය මට මතකෙටවත් එන්නෑ ගොඩක් වෙලාවට. මේ වගේ වෙලාවට විතරයි ඒක මතක් වෙන්නෙත්.
ඩොක්ටර්, තුරුලි එක්ක ටිකක් වෙලා කතා කරල ඉවර වෙලා, කොලයක් අරගෙන මොනාද මොනාද ලියන්න ගත්තා. ඒ අතරවාරයේ මට කතා කලා.
"තාම නිශ්චිතවම දෙයක් කියන්න බෑ මේ කියපු ඩීටේල්ස් වලට අනුව. මෙයා දැන් කිව්ව ඒ පරණ රිපෝට් මොනව හරි තියෙනව නං ඒව හොයල තියාගන්න කෝකටත්. හරියටම තත්වයක් අඳුනගන්න බැරි නිසා, මේ ලියල තියෙන ටෙස්ට් ටික කරගන්න වෙනවා..."
"ඔක්කොම ටික මෙතනින්ම කරගන්න පුලුවන්ද ඩොක්ටර්... නැත්තං වෙන තැන් වලට ගිහින් කරගන්න ඒවත් තියෙනවද..."
"ම්ම්ම්ම්ම්... ටෙස්ට් දෙකයි තියෙන්නෙ. දෙකම මෙතනින් කරගන්න පුලුවන් වෙන්න ඕනෙ... බ්ලඩ් සාම්පල් එක තමයි මුලින් ගන්න අවශ්‍ය වෙන්නෙ. අපිට හෝමෝන ලෙවල් එක චෙක් කරගන්න එපැයි. ඒකෙ රිසල්ට් අනුව තමයි අපි ටිශූ සාම්පල් එක ගන්නවද කියල තීරණය කරන්නෙ. ඒක ටිකක් වැඩ වැඩි සාම්පල් ගැනිල්ලක්. ඇඩ්මිට් කරල එහෙම ඉන්න ඕනෙ. බ්ලඩ් එක නං අරගෙන දීල යන්න නං පුලුවන් මෙතනින් දැන් උනත්..."
"එහෙනං මෙහෙන්ම කරගන්නං ඩොක්ටර්. රිපෝට් එක අරගෙන ඩොක්ටර් ගාවට ආපහු එන්න ඕනෙද වෙන දවසක, නැත්තං ඩොක්ටර්ට ඒක දෙන්න වෙන විදිහක් තියෙනවද...?"
"මෙහෙන් කරනව නං එහෙම අවශ්‍ය නෑ. මේ කාඩ් එකත් එක්කම කවුන්ටර් එකට මේ කොලේ දෙන්න. එතනින් නර්ස් කෙනෙක්ව එවයි ගයිඩ් කරන්න. බ්ලඩ් සාම්පල් එක දුන්නට පස්සෙ හොස්පිට්ල් එකෙන් මටත් රිපෝට් වල කොපියක් එවනව. ඔයාල අවශ්‍ය නං ඔයාලගෙ රිපෝට් එක, ඉඳල අරගෙන යන්න. නැත්තං වෙන දවසක අරගන්න."
ඩොක්ටර් මට ඒ ටික කිව්වෙ, එයා ලිව්ව කොලේ එක්කම තවත් පොඩි කාඩ් එකක් මගෙ දිහාට දික් කරන ගමන්.
"හරි ඩොක්ටර්. තැන්ක්යූ වෙරි මච්... ඩොක්ටර්ව කන්ටැක්ට් කරගන්න විදිහක් මොකක් හරි..."
"ඔයාට හොස්පිට්ල් එකෙන් දීපු බිල් එකේ මගෙ නම සහ අංකය දෙකම තියෙනව..."
"ආහ්... සොරි ඩොක්ටර්... අපි ගිහිල්ල එන්නම්..."
"හරී... හෑව් අ නයිස් ඩේ..."
තුරුලි බය වෙලා වගේ හිටපු නිසා එයාට ඩොක්ටර්ට යනව කියල කියාගන්නවත් පුලුවන් උනේ නෑ. ඒ නිසාම මම එයාට මුකුත් කියන්න බල නොකර, එයාගෙ අතකින් අල්ලන් එලියට ආවා.
"ස... සර්... මෙ... මේ... ලේ ගන්නවද..."
"අයියෝ ඒක රිදෙන්නෑ... නිකං කූඹියෙක් කනව වගේ... බය නැතුව ඉන්නකො... හානෙ..."
"බො... බොරූ... අ... අනේ... මට බයයි... අ..ම්හ්... අපි ගෙදර යං සර්..."
"මැට්ටි... බය වෙන්නෙපා... මම ඉන්නවනෙ... හොඳ මැණික වගේ දැන් එන්නකො..."
තුරුලි මම කිව්ව දේ අහල නිශ්ශබ්දව හිටියත්, කෙල්ල හොඳටම ගැහෙනවා. තුරුලි ගොඩක් බයෙන් ඉන්න බවක් තේරුන නිසා, මේ ඔක්කොම අතෑරල දාලා එයාව එක්කන් ගෙදර යන්න හිතුනත්, දැන් කරන්න හදන වැඩෙන් එයාටම වටින දෙයක් ලැබෙන්න පුලුවන් නිසා ඒ සිතුවිල්ල යටපත් කරගෙන මම කවුන්ටරේ ගාවට ආවා.
කවුන්ටරේට කොලෙයි කාඩ් එකයි දුන්නට පස්සෙ අපිට කරන්න තිබ්බෙ, අපිව එක්කන් යන්න ආව නර්ස්ව ෆලෝ කරන එක විතරයි.
බ්ලඩ් සාම්පල් එක ගන්න විනාඩි හය හතකට වඩා ගියෙ නෑ. තුරුලි නං සම්පූර්ණ වෙලාවෙම, පුටුවක වාඩි වෙලා, මාව ළඟට අරන්, එයාගෙ එක අතක් මගෙ ඉන වටේ දාගෙන, මගෙ බඩට මූණ තද කරන් හිටියෙ. කෙල්ලට අඬන්න බැරි කමට අමාරුවෙන් කට වහන් හිටපු මට හොඳටම තේරුනා.
බ්ලඩ් සාම්පල් එක අරගත්තට පස්සෙ, මම තුරුලිගෙ ඉනෙන් අල්ලගෙන මට හේත්තු කරන් කාර් එක ගාවට ඇවිත්, එයාව කාර් එකට නග්ගල මාත් නැග්ගා.
"සර්...."
වාහනේට නැගල සීට් බෙල්ට් දාන අතරෙ තුරුලි මං දිහා බලල කතා කලා. ලේ ගත්ත තැනට තියාගන්න කියල දුන්න පුලුන් කෑල්ල තාම එයා තද කරන් අල්ලන් ඉන්නවා.
"ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... කියන්න..."
"සර්ට... මේව විශ්වාසද... මට තියෙන්නෙ බේත් වලින් හොඳ කරන්න පුලුවන් ලෙඩක්ද සර්..."
"මැට්ටි... දැන් කවුද කිව්වෙ ඔයාට ලෙඩක් තියෙනව කියල... කෝ මට නං පේන්නෑ... බේත් වලින් මොකක් උනත් නැතත්, ඕනෙවට වඩා හිතන්න එපා..."
"ඇයි සර් මම වෙනුවෙන් මේව කරන්නෙ... සල්ලි වියදම් කරන්... [සෲස්ස්...] (හදිසියේම අඬන ගමන්) මගෙ මුකුත් නෑ... නෑනෙ සර්... ම... මම නිකංම... නිකං කෙනෙක්නෙ..."
මේ විදිහට හිටි අඩියේ අඬන්න පටන් ගන්න එක තුරුලිගෙ සාමාන්‍ය හැසිරීම් රටාවේ කොටසක්. ඒ හන්දා මම වැඩිය කලබල නොවී, එයාගෙ සීට් එකට බර වෙලා තුරුලිගෙ ඔලුව අතගාන ගමන් එයාට කතා කලා.
"රත්තරන්... මේ අහන්නකො... මට ඔයා නිකංම නිකං කෙනෙක් නෙවෙයි... ඔයා ඉස්සරහ දවසක මගෙ වයිෆ් වෙන්න ඉන්න කෙනා... ඔයා වෙනුවෙන් කරන හැමදේම මම කරන්නෙ ඔයාට ආදරේට... වෙන කිසිම හේතුවක් නෑ... හොඳ කෙල්ල වගේ නාඬා ඉන්න දැන්... හානෙ..."
"හ... හම්ම්ම්... [සෲස්] සර් වෙනුවෙන්... මම කෝම හරි... මේක හොඳ කරගන්නම්... ඒනම්..."
"ම්ම්ම්ම් එහෙම කරන්නකෝ... දැන් නාඬා ඉන්න... ඔයා අද බය නැතුව හිටියනෙ අරක අයින වෙලාවෙත්... එතන අඬන්නැතුව හිටිය එකේ, දැන් කොහොමත් අඬන්න එපා... තේරුනාද..."
තුරුලි ඊට පස්සෙ කතා කලේ නං, හුරතල්, නමුත් බැරෑරුම් ස්වරූපයකින්.
"ම... මං අඬනවා... එ.. ඒත් සර්ට අනිත් අය හිනා උනොත් කියල මම අඬන්නැතුව හිටියෙ... හුම්ම්... මම නිසා සර්ට කවුරු හරි හිනා උනොත්... මට ගොඩාක් තරා යාවි... හී..."
"ඒකනෙ... හොඳ කෙල්ලෙක්නෙ මට ඉන්නෙ..."
"හී....."
"මේ... දවල්ට කෑම අරන් යනවද, නැත්තං කාල යමුද..."
"සර් ආස කෝමද..."
"කාල යමුද කොහෙන් හරි... රස්නෙන්ම කෑවැකිනෙ..."
"හා ඒනම්... මම නං දන්නෑ ඒත් මේ හරියෙ කාල යන්න පුලුවන් තැන් ගැන වැඩිය..."
"මම දන්නෙත් නෑ... දන්න එකෙක් ඉන්නව... පොඩ්ඩක් ඉන්න අහල බලන්න..."
මං සාක්කුවෙන් ෆෝන් එක අරගෙන, එහෙම්ම තුෂාරයට කෝල් එකක් ගත්තා. වැඩියම සෙනඟ නැති, හොඳ තැන් දෙක තුනක් අහගත්තට පස්සෙ මං උට ස්තූති කරල කෝල් එක තිබ්බා.
දවල් එකට කිට්ටු වෙනකොට, අපි තුෂාරයා කිව්ව ඒ එක තැනකට ආවා.
ටවුම කිට්ටුව තැනක් උනත්, වටේම ගස් වවපු හොඳ නිස්කලංක තැනක්. අලුත් තාලෙට හදපු ලොකු හෝටලයක් ඒක. වැඩියම සෙනගක් හිටියෙත් නෑ. මම කාර් එක, එතන පාක් කරන්න තිබ්බ තැනකින් නැවැත්තුවට පස්සෙ අපි දෙන්නම කාර් එකෙන් බැස්සා.
"සර්...."
කාර් එකෙන් බැහැපු ගමන්ම තුරුලි ඈත මොකක් හරි දිහා බලාගෙන ඇස් දෙකත් ලොකු කරන් හිනා වෙවී මට කතා කලා.
"ම්ම්ම්ම්ම්ම්..."
"අර... ඔංචිල්ලාවක්... හී..."
තුරුලි අතත් දික් කරල, පොඩ්ඩක් ඈතින් ගහකට බැඳල තිබ්බ ඔංචිල්ලාවක් පෙන්නුවා.
"හාහ්... පදින්න ඕනෙද..."
"හී.... පූවන් වේද... (පුළුවන් වෙයිද)"
"අහල බලමු... මුලින් කාලා ඉමුකො..."
"හා... හී..."
හෝටලේ ඇතුළට යන්න කලින්, මම තුරුලිගෙ අතට තිබ්බ පුලුන් කෑල්ල අයින් කරල කාර් එකෙන් තිබ්බා. ඒ කරල අපි දෙන්නම හෝටලේ ඇතුළට ආවා.
"ගුඩ් ආෆ්ටනූන් සර්... ගුඩ් ආෆ්ටනූන් මැඩම්..."
කවුන්ටර් එක ගාවට යනකොටම, එතන කවුන්ටරේ හිටපු කෙල්ලෙක් තුරුලිටයි මටයි හිනා වෙලා කතා කලා.
"ගුඩ් ආෆ්ටනූන් මිස්... අම්ම්ම්... ලන්ච් එකකට තියෙන ඔප්ශන් මොනවද අද..."
"මේ මෙනු එකෙන් චූස් කරන්න සර්... ඩ්‍රින්ක්ස් තියෙනව පිටිපස්සෙ පිටුවල..."
ඒ කෙල්ල මගෙ පැත්ත හරවල මෙනු බුක් එකක් දෙන ගමන් කිව්වා.
"හරී... තැන්ක් යූ මිස්..."
මම ඒක පෙරලල බලන අතරෙ තුරුලිත් මගෙ අතට උඩින් එබිලා ඇස් දෙකත් ලොකු කරන් ඒක දිහා බලන් හිටියා.
"තුරුලි..."
"කියන්න ස... නෑ මේ... කියන්න අයියෙ..."
"ආස දෙයක් තියෙනවද..."
"හී... මම දන්නෑයියෝ මේව... අමුතු නම්නේ..."
"ම්ම්ම්ම්ම්... එහෙනං චීස් කොත්තුවකුයි... සී ෆුඩ් රයිස් එකකුයි ගමු... මාරු කරන් කන්න පුලුවන්නෙ..."
"සර් ආස එකක් ගම්මූ...."
"හරි එහෙනං... මිස් ඒ දෙක දාන්න..."
කවුන්ටරේ කෙල්ල මට ඔලුව වනල ඒක ටයිප් කෙරුවා. ඒ කරල මට කතා කලා ආපහු.
"ඩ්‍රින්ක්ස් මුකුත් ගන්නවද සර්..."
"ඔව්... ලෙමනේඩ් දෙකකුත් දාන්න..."
"හරි සර්... බිල් එක 3300යි සර්..."
"කාඩ් පේමන්ට් කරනවද මිස්..."
කවුන්ටරේ කෙල්ල ආපහු ඔලුව වනල 'ඔව්' කිව්ව නිසා, මම කාඩ් එකෙන් බිල් එක ගෙවල, රිසිට් එකත් අරගෙන තුරුලිත් එක්ක ගිහිල්ල, එලිය පේන තැනකින් වාඩි උනා.
එතන තිබ්බෙ ලෙදර් ඩබල් පුටු. ඒ කිව්වෙ පුටු දෙකක් එකට එකතු කරල වගේ හදපු දිග ඒවා. ඉතින් තුරුලියි මමයි දෙන්නම මේසෙ එකම පැත්තක වාඩි උනා.
"සර්... ගණන් වැඩීනෙ ගොඩක්..."
මගෙ අතේ තිබුණ බිල් එක දිහා බලාගෙන තුරුලි කිව්වෙ, දුකෙන් වගේ.
"එහෙම තමා කොහොමත්... සමහර හෝටල් වලට වඩා නං ගණන් අඩුයි ගොඩක්..."
"අනේ මංදා... සර්ට මම නිසා සෑහෙන සල්ලි නාස්ති වෙනව..."
"නාස්තියක් නෙවේ ඒවා..."
තුරුලිගෙ බෙල්ල ගාවට ළං වෙන ගමන් එහෙම කියල, මම එයාගෙ බෙල්ලට හිමීට කිස් එකක් දුන්නා.
"සර්හ්හ්හ්හ්... අයිශූ... මිනිස්සු ඉන්නවා..."
"ඉතින්... මගෙ නෝනට උම්ම එකක් දෙන්න බැරිකමක් නෑනෙ... මටත් එකක් ඕනේ..."
"ම්ම්ම්ම්ම්ම්... මැට්ටා සර්... ඉන්න ඔහොම..."
ගෙදර කාමරේ කාමයෙන් වියරු වැටුනම, ඕනෙම දෙයක් දෙපාරක් නොහිතා කරන්න ලෑස්ති වෙන මේ කෙල්ල, අද වටපිට එහෙම බලලයි මට පුංචි කිස් එකක් දෙන්න හදන්නෙ.
එයා වටේම බලල, එක පාරටම පුටුවෙන් පොඩ්ඩක් ඉස්සිලා මගෙ කම්මුලට කිස් එකක් දුන්නා.
"හොඳ කෙල්ල මගෙ..."
"හී... සර්ත් කරන වැඩ..."
තුරුලි එක්ක කතා කර කර ඉන්නකොට, විනාඩි විස්සකින් විතර අපේ කෑම දෙක හම්බුනා. ලෙමනේඩ් දෙකත් එක්කම. තුරුලි ලෙමනේඩ් එකට ආසයි කිව්ව නිසා මම මගෙ එකෙනුත් බාගෙකට වඩා එයාටම බොන්න දුන්නා.
ඇත්තටම ගෙවපු ගානට ලොකු පාඩුවක් උනේ නෑ. මොකද ඒ ටික සේරම කාගන්නවත් බැරි උනා අපි දෙන්නට. තුරුලි නං ආසාවටමද මංදා කොත්තුව අමාරුවෙන් කෑව පොඩ්ඩ පොඩ්ඩ.
කාලා බීලා ඉවර කරල, කාර් එකට යන්න හෝටලෙන් එලියට එනකොට, තුරුලි ඔංචිල්ලාව දිහා හැරිල බලපු නිසා, මම ආපහු කවුන්ටරේ ගාවට ගිහින් කවුන්ටරේ කෙල්ලගෙන් ඇහුවා පදින්න පුලුවන්ද කියල. කවුන්ටරේ කෙල්ලත් අවුලක් නෑ කිව්ව නිසා, මම තුරුලිවත් එක්කන් ගිහින් ඔංචිල්ලාවෙන් තියල තල්ලු කලා හිමීට.
'පොඩ්ඩක් පැදල යමු' කිව්ව මේ හොර කෙල්ල... පැය බාගයක් තිස්සේ ඔංචිල්ලාව බදාගෙන හිටියා. අන්තිමට ඒකෙන් ගලවන් එක්කන් එන්න පුලුවන් උනේ, ගෙදරත් එකක් හදල දෙනව කියල පොරොන්දු උනාට පස්සෙයි...
මතු සම්බන්ධයි...