Story Idea එකක් හදාගමු
#Writer

අද අපි බලමු story idea එකක් හදාගන්නෙ කොහොමද කියල. දැනටමත් ඔයාගෙ හිතේ ඔයා ලියන්න ඉන්න කතාව ගැන අදහසක් තියෙනව වෙන්න පුලුවන්. එහෙම නැති වෙන්නත් පුලුවන්.
අපි දැකල තියෙනව සමහරු සිංදුවක් අහල ඒගැන කතා ලියනව , සමහරු යම්කිසි පින්තූරයක් දැකල ඒ ගැන කතාවක් ලියනව හෝ සමහරු කොහෙදිහරි කියවපු වාක්‍ය ඛණ්ඩයක් කතාවකට හරවනව. ඒ සිංදු , පින්තූර හෝ වාක්‍ය ඛණ්ඩ වලට අපි කියනව writing prompts කියල. එහෙමත් නැත්තං කතාවක් සඳහා උත්ප්‍රේරක. එයාල එයාලගෙ කතාවට අදාල උත්ප්‍රේරක විදිහට අර වගේ පොඩි පොඩි දේවල් යොදා ගන්නව.
effective නමුත් temporary. ඔයා තාම කතාවක් ලියල නැත්තං ඔයාටත් පුලුවන් ඕන්නං ඒ වගේ සුලු දෙයකින් ඔයාගෙ story idea එකක් හදාගෙන ඔයාගෙම කියල කතාවක් නිර්මාණය කරන්න.
ඔයාට එහෙම දේකුත් නැත්තං , ඒ වගේ දේකින් කතාවක් ගොඩනගාගන්න බැරි නං, story idea එකක් ඇත්තෙම නැත්තං මම මේ කියන ක්‍රියාවලිය අනුගමනය කරන්න.
(මේ ක්‍රමේ විතරක් නෙවේ. තව ගොඩක් ක්‍රම තියෙනව)
අපි කවුරු ළඟවත් නෑ අපිම නිර්මාණය කරපු අපේම අදහස්. අපි අපේම story idea එකක් කියල හදාගන්නෙ අපි අහපු දැකපු දේවල් වල කොටස් එකතු කරල හදපු remix එකක්. ඒ කොපි කිරීමක් නෙවෙයි. කොපි කිරීමක් කියන්නෙ තනිකර story idea එකක්ම නම් ගම් වෙනස් කරල ආපහු ඉදිරිපත් කරන එකක්නෙ. අපි මේ කරන්නෙ research එකක් වගේ දෙයක්.
ඔයාට කතාවක් ලියන්න උවමනාව තිබිලත් කිසිම story idea එකක් නැත්තං මේ වැඩේ කරල බලන්න. සමහරවිට ඔයාටත් ඔයාගෙ කතාවට හොඳ idea එකක් හම්බෙයි.
මුලින්ම ඔයාගෙ හිතට දැනුණ , හිතට වැදුන ෆිල්ම්ස් / කියවපු කතා / අහපු සිංදු වල ලිස්ට් එකක් ලියා ගන්න. මේව මෑත කාලීන වෙන්නත් පුලුවන් ගොඩක් පරණ ඒව වෙන්නත් පුලුවන්. හැබැයි ඔයා ඒවට ගොඩක් ආසාවෙන් ඉඳපුව වෙන්න ඕනෙ , ඔයාගෙ හිතේ ඉඩක් වෙන් කරගත්ත ඒව වෙන්න ඕනෙ. අවම වශයෙන් ඒ වගේ 4ක වත් ලිස්ට් එකක් හදාගන්න.
උදාහරණයක් විදිහට මම පොඩි ලිස්ට් එකක් හදන්නම්.
- Nisekoi (anime)
- Highschool DxD (anime) - censored
- Maid-Sama (anime)
- රාගයේ විලාපය (novel)
ඔන්න මම anime tv series තුනක් දාල එක novel එකක් දාල ලිස්ට් එකේ හතරක් ලියාගත්ත. දැන් ඊළඟ පියවරට යන්න කලින් මම මේ හතර ගැන පොඩි විස්තරයක් කරන්නම්. නැත්තං මුකුත් හිතාගන්න බැරි වෙයි.
1.Nisekoi - මේ කතාව තියෙන්නෙ මැර කල්ලි දෙකක ළමයි දෙන්නෙක් , ඒ මැර කල්ලි දෙක රණ්ඩු කරනව නවත්තන්න ඕනෙ නිසා couple එකක් වගේ රඟපාන කතාවක් ගැන.
2.Highschool dxd - මේකෙදි වෙන්නෙ පොඩි කොල්ලෙක් එයාගෙ Highschool එකේම demon team එකක් එක්ක එකතු වෙන එකක්. කොල්ල පොඩ්ඩක් වනචරය. demon team එකේ නායකය හෙන වැදගත් කෙල්ලෙක්.
3.Maid-sama - මේ කතාවෙ දි Highschool එකේ student counsil එකේ president වෙලා ඉන්නෙ කෙල්ලෙක්. එයා ඉස්කෝලෙ බලාගන්න හැටි ගැන කතාවක් යන්නෙ. love , romance , comedy කැටගරියෙ කතාවක්.
4.රාගයේ විලාපය - මේක කියවල ඇතිනෙ. කෙල්ලෙකුයි කොල්ලෙකුයි ලව් කරන එකක් තියෙන්නෙ. ඒ දෙන්නගෙ සම්බන්ධෙ අස්සෙ වෙන එක එක දේවල් අනං මනං.
ඔන්න දැන් මගෙ ලිස්ට් එකේ 4 ගැන මම අදහසක් දුන්න. ඔයාලත් 4ක හෝ ඊට වඩා වැඩි ගානක ලිස්ට් එකක් හදාගත්තට පස්සෙ මම දැන් මේ කරන වැඩේ කරන්න.
අපි දැන් අලුත් කතාවක් ලියන්නනෙ හදන්නෙ. අපි ඒ කතාවෙ element 4ට අර ලිස්ට් එකේ තිබ්බ ඒවගෙ කොටස් එකතු කරන්න හදන්නෙ. Elements කියන්නෙ කතාවකට අවශ්‍ය කරන මූලද්‍රව්‍ය ටික.
Elements 4 තමයි,
- Characters - චරිතෙක personality , relationship වගේ දේවල්.
- Theme - කතාවෙ තේමාව මොකක්ද. කතාව මොකක් සම්බන්ධවද.
- Plot - කතාවෙ main events මොනාද. story structure එක මොකක්ද.
- Genre - කතාවෙ type එක. comedy ද love ද වගේ
දැන් මේ හතරට මම අර උඩ කිව්ව කතාවල එක එක කොටස් දානව.
Characters කිව්වම මම Highschool dxd කතාවෙ චරිත දෙක ගන්නව. වනචර කොල්ලයි. ඩීසන් කෙල්ලයි.
Theme එක කිව්වම මම Nisekoi කතාවෙ පසුබිම ගන්නව. මැර කල්ලියක් සම්බන්ධයි. කතාව යන්නෙ ඒ හා සම්බන්ධව.
Plot කිව්වම මම ගන්නව රාගයේ විලාපය කතාව. ඒකෙ කෙල්ල කොල්ලට කැමතී කියන event එකේ plot structure එක.
Genre කිව්වම මම ගන්නව Maid sama කතාව. ඒකෙ වගේ Love , Romance , Comedy කියන කැටගරි වල කතාවක් මම ලියන්නෙ දැන්.
ඔන්න මම දැන් element 4ම fill කලා. දැන් මම ලියන්න ඉන්න කතාවෙ idea එක මම මෙහෙම කියන්නම්.
"ප්‍රධාන චරිතය කොල්ලෙක්. පොර පොඩ්ඩක් දුප්පත් හැබැයි අසික්කිත වැඩ කරන එකෙක්. කොල්ලගෙ ගෙවල් ළඟ ඉන්නව මැර කල්ලියක නායකයෙක්ගෙ දුවෙක්. ඒ කෙල්ල හෙන ඩීසන් පිට ඉන්න කෙල්ලෙක්. ඉතින් මේ කෙල්ල කොල්ලට කැමතී කියනව. කතාව යන්නෙ විහිලුවෙන් සහ ආදරය එක්ක."
ඔන්න ඔය කතාව තමා මම නුහුරු ඇරයුම් කියල ලිව්වෙ. මං ඒ අදහස ගත්තෙත් මේ විදිහටම කියල තේරෙනව ඇතිනෙ.
දැන් අපි තව උදාහරණයක් බලමු. ඔන්න මං කතා හතරක පොඩි ලිස්ට් එකක් හදාගන්නව. ඔයාලත් කියවල ඇති මේ කතා. වරහන් ඇතුලෙ දාල තියෙන්නෙ මම ඒ ඒ කතාවෙන් ගන්නෙ මොන element එකද කියන එකයි.
- ශර්ලොක් හෝම්ස් (theme)
- විරාග හෝරාව (characters)
- ටොම් සෝයර්ගෙ වික්‍රම (Plot structure)
- වියරු ආශාව (Genre)
ශර්ලොක් හෝම්ස් වගේ අභිරහස් විසඳනව වගේ තේමාවක් මම ගන්නව මගෙ කතාවට.
විරාග හෝරාව කතාවෙ ඉන්න චරිත ටික , ඉශාර , ශෙහාන් සහ අහිංසක කෙල්ල සෙනුදි.
ටොම් සෝයර්ගෙ වික්‍රම කතාවෙ වෙන්නෙ, ඒ ටොම් කියන පොඩි කොල්ලා රත්තරන් නිධානයක් පස්සෙ යන සීන් එකක්. ඒක තමා කතාවෙ main event / plot එක.
වියරු ආශාව කතාවෙ වගේ love , comedy , horror කැටගරියෙ කතාවක්.
ඔන්න දැන් කතාව අදහස මෙහෙමයි.
"පෞද්ගලික අපරාධ විමර්ශකයො දෙන්නෙක් ඉන්නව. ඒ දෙන්නගෙ නායකය ඉශාර. වැදගත් පොරක්. එයාගෙ සහායකය තමා ශෙහාන්. ඌ පිස්සෙක්. ඉතින් මේ දෙන්න ගාවට සේවාදායකයෙක් එනව. එයා තමා සෙනුදි. සෙනුදිගෙ පවුලෙන් එයාට උරුම උන ධනයක් නැති වෙලා , ඒක හොයාගන්න තමා අපරාධ විමර්ශකයො දෙන්නගෙන් උදව් ඉල්ලන්නෙ. ඒ අස්සෙ සෙනුදි ඉශාර එක්ක යාලු වෙනව. කතාව බියකරු , ආදරය , විහිලු මුසු උන කතාවක්."
ඔන්න ඕකයි story idea එක.
වැඩේ තේරුනා කියල හිතෙනව. ඔයාටත් මෙලෝම අදහසක් එන්නැත්තං කතාවකට , මේ වගේ method එකක් try කරල බලන්න. ඔයාටත් ලස්සන story idea එකක් හදාගන්න පුලුවන් වෙයි.