කතා අන්තර්ගතයේ ආකෘතිය / Plot Structure

කතා අන්තර්ගතයේ ආකෘතිය / Plot Structure

Drg No

#Writer

DNA

සමහරු දන්නව ඇති සමහරු නොදන්නවත් ඇති අපි මේ ලියන හෝ කියවන හෝ ගොඩක් නවකතාවල/කෙටිකතාවල තියෙනව යම්කිසි ආකෘතියක්. අපි ඒකට කියන්නෙ කතාවක පදනම/foundation හෝ plot structure එකක් කියල.


කතාවක කොඳු නාරටිය වෙන්නෙ මෙන්න මේ කියන plot structure එක. ඒකෙන් තමයි කතාව ශක්තිමත්ව රඳා පවතින්නෙ.


plot structure එකක් කොටස් 5කට බෙදෙනව. සංකීර්ණ කතාවක නං කලාතුරකින් කොටස් 7කට බෙදෙනව. අපි මේ කතා කරන්නෙ ආධුනික ලේඛකයන්ට නිසා අපි මුලින්ම මේ කොටස් පහේ ආකෘතිය ගැන අවබෝධයක් ගමු.


  1. Introduction/හැඳින්වීම
  2. Rising Action/උත්තේජිත ක්‍රියාව
  3. Climax,Turning point/උච්චතම අවස්ථාව,හැරවුම් ලක්ශය
  4. Falling Action/යටපත් ක්‍රියාව
  5. Resolution,Denouement/ලිහිල් විභේදනය


සිංහල තේරුම දාන්න ගියාම කොර වෙනව. ඒ නිසා ඉංග්‍රීසි වචනෙන්ම තේරුම් ගන්න බලන්න.


දැන් මේ කොටස් පහ දිහා බැලුවම ඔයාට තේරෙනව ඇති මේක කතාවක සාරාංශයක කොටස් නෙවෙයි කියල. මේක කතාවක ආකෘතියක අඩංගු වන කොටස් පහක්. එකින් එකට පැහැදිලි කරගෙන යමු අපි.



1.Introduction


කතාවක මූලික හැඳින්වීම. ඔයාල සමහරු ඔය පෙරදැක්ම කියල දාන්නෙ මෙන්න මේ කොටස. කතාව මොකක් ගැනද , චරිත කවුද , අරූ කවුද මූ කවුද , උන් මැරිලද , අපි මනුස්සයොද , උන් මනුස්සයොද , අරූගෙ කොණ්ඩෙ මොන පාටද , අරකිගෙ කඳ කෝමද අනං මනං හැම ලබ්බම එන්නෙ මේ මේ part එකට.


සාමහරු කතාවට කලින් පෙරදැක්ම කියල මේ හැමදේම වෙනම දෙනව. තවත් සමහරු පළවෙනි දවසෙ කතාවෙන්ම මේ හැම දේම හඳුන්වල දෙනව. පෞද්ගලිකව මම කරන්නෙ කතාවෙන්ම හැමෝමව අඳුන්වල දෙන්න. ඒකෙ අමුතු රසයක් තියෙනව. කුතුහලය එක්ක තොරතුරක් එලි කලාම අර ඇඟට අමුතු කික් එකක් එන්නෙ. අන්න ඒ වගේ.


කතාවක ආකෘතියෙ පළවෙනි කොටස තමා මේ හැඳින්වීම කියන්නෙ. ඒ වගේම චරිත ස්වභාව , කතා ස්වභාවය වගේ දේවල් අනුව පාඨකයො ඔයාගෙ කතාව මනින්න හදන පළවෙනි ප්ලේස් එකත් මේක. ඒ නිසා පැහැදිලිව හොඳ හැඳින්වීමක් කරන්න. මොකද කොටස් 10ක් ගිහිල්ල අර පළවෙනි කොටසෙ දෙයක් ගැන කට්ටියට තේරුම් ගන්න බැරුව ඔයා ආපහු පැහැදිලි කරනව කියන්නෙ විහිලුවක්. නිරවුල්ව හැම detail එකක්ම ඔලුවට ගලාගෙන යන විදිහට සුදුසුම විදිහට සුප්පා intro එකක් දාන්න.



2.Rising Action


පට්ට නිසොල්මන් විලක නානකොටද ආතල් එක එන්නෙ නැත්තං ගිලිල මැරෙන ගානට රැල්ල ගහන සැර මුහුදක නානකොටද ආතල් එක එන්නෙ?


(එහෙම ගිලිල මැරෙන ගානට රැල්ල එනව නං මුහුදෙ නාන්න එපා ඈ. ගෙදර ළිඳෙන් නාගන්න. ජීවත් වෙන්න පුලුවන්නෙ)


කතාවක් ඔහේ ගලාගෙන යනකොට කිසි ලල් එකක් නෑ. පොඩ්ඩක් භීශණේ පතුරල එකෙක් දෙන්නෙක්ට වෙඩි තියල රත්තම් ඉල්ලෙයි කරල ගත්තම තමා කියවන එකාට ඊළඟ කොටසත් කියවන්න හිතෙන්නෙ.


අන්න ඒක තමා මේ Rising action කියන්නෙ. කතාවෙ තියෙන උත්තේජිත කොටස්. කතාව නෝමල් එකේ ගලාගෙන ගිහිල්ල ඔන්න එක තැනකදි කතාවෙ උද්‍යෝගය , ජවනිකා වැඩි වෙන්න ගන්නව. සමහරවිට දාර බූටක් , නැත්තං misunderstand එකක් , කොටින්ම කපුටාස් hit the plane උනත් ඒක පට්ට ජවනිකාවක ආරම්භයක්.


මේව දාන එක අනිවාර්‍ය නෑ. නමුත් පාඨක ආකර්ශණය නොකඩවා කතාවට ලබා ගන්න අපි මේ කතා ආකෘතියට ඒ වගේ දේවල් එකතු කරනව. අර හිතාගන්න බැරි දෙයක් වෙන්න යනව වගේ ලයින් එකක් පාඨක මනසට ඇතුල් කරන එක තමා මේකෙ අරමුණ. ඒ වගේ සීන් දාල කතාව ලියන්න.



3.Climax/Turning point


ඔන්න මචෝ දාර වලියක් ගිහින් එකෙක් දෙන්නෙක් පතබෑවෙන්න ගහල නල්ල සුහම් වෙන්නම මොරාල් එක එන තැන කතාවක.


Climax කියන එක ගැන ඕන්නං වෙනම සීරිස් එකක් උනත් ලියතෑකි. මේක හරියට රාජධානියේ ගබඩාවෙ තියෙන වස්තුව වගේ. කතාවක අඩංගු විය යුතු වැදගත්ම දෙයක්. කතාවක් ලියන කොට යම්කිසි අරමුණක් ඇතුවනෙ ලියන්නෙ. අන්න ඒ අරමුණ සාක්ශාත් කරගන්න ගහන හොඳම තුරුම්පුව තමයි මේ climax / Turning point කියන්නෙ. එහෙමත් නැත්තං කතාවක උච්චතම අවස්තාව/හැරවුම් ලක්ෂය.


කලින් ඔයා Rising Action එකෙන් පටන් ගත්තු සිදුවීම ඉස්සරහට අරන් ඇවිල්ල , ඊළඟට කතාවෙ උච්චතම අවස්ථාවට පත් කරන එක තමා climax කියන්නෙ. ඔයා කතාව ලියන category එක අනුව මේ සිදුවීම් වෙනස් වෙන්න පුලුවන්. ඔයා ලියන්නෙ love category නං, සමහරවිට කොල්ලා වාහනේකට හැප්පිලා ලෙප්ට් වෙන්න ඔන්න මෙන්න තියෙනව වගේ එකක් ලියතෑකි.


අඬන්නම බලාගෙන කතා කියවන උන් ඉන්නෙ. අන්න උන්ට ඇඬෙන්න කතාව දෙන එක තමා climax එකෙන් කරන්නෙ. කතාවෙ හොඳම , සුපිරිම , තද තද බ්‍රෝ පාර පාර කොටස තමා මේක. ඒ නිසා පාඨකයන්ගෙ හිතට ඇතුල් වෙන ජාතියෙ ජවනිකාවක් මුලින් දාල , පස්සෙ කතාවෙ උච්චතම අවස්ථාවෙන් ඒ හිත් ඇතුල පුපුරවල දාන්න. එතකොටයි ගැම්මට comment උනත් හම්බෙන්නෙ. අනේ එයාව මරන්න එපා. අනේ එහෙම වෙන්න එපා දෙයියනේ වගේ දුක්ක දෝමනස්ස බලාගන්නත් පුලුවන්.



4.Falling Action


උඩ කිව්ව වගේ කතාවෙ උච්චතම අවස්ථාවට ඇවිල්ල කියවන උන්ගෙ හිත් කරකෝල අතෑරල ඒ ගත්තු ගැම්ම නවත්තල ආපහු කතාව සාමාන්‍ය තත්වෙට පත් කරන්නෙ මෙතනදි. ඒ කියන්නෙ නග්ගල ගත්තු එක බස්සන එක. (climax එක ගැන කිව්වෙ ඈ)


උදාහරණයක් හැටියට දැන් මාර සීන් එකක් ගිහිල්ල කොල්ල හැප්පිලා ලෙප්ට් වෙන්න ආසන්නම මොහොතෙ , හෙන ගහන්න වගේ මූ බේරෙනව. ටිකට් කපල ගෙදරත් එනව. අන්න දැන් ආපහු කතාව සාමාන්‍යය විදිහට ගලාගෙන යනව.


Rising action ,Climax , Falling Action තුන කියන්නෙ එකිනෙකට සම්බන්ධ එකම සිදුවීම් මාලාවක් ඉදිරිපත් කරන කතා ආකෘතියේ කොටස් තුනක්.


මෙහෙම හිතපං. ඔන්න උඹට මෝල තද වෙලා. ඔන්න දැන් නැග්ග. ඔන්න ටිකක් වෙලා අල්ලන් ඉඳල ආතල්ම අවස්ථාවට ආව. (තත්පර 8ක් 15ක් පිරිමින්ට. ගෑණු අයට නං තත්.30ක් වගේ. ඒ ගැන හරියටම දැනගන්න LearnBits එකේ පෝස්ට් එක කියවන්න. නෑ නෑ marketing නෙවේ). ඔන්න ආපහු බැස්ස. දැන් ආපහු සාමාන්‍යයයි.


ආන් ඒ නැග්ම , පැවැත්ම , බැස්ම කියන එක තමා මේ තුනෙන් කරන්නෙ. ඒකෙන් තමයි අපි පාඨකයන්ව දිගින් දිගටම කතාවට බන්දල තියාගන්නෙ.



5.Resolution/Denouement


මේ කොටසින් කියන්නෙ කතාවේ අවසානය නෙවෙයි. අර කලින් තිබ්බ රිද්මයානුකූල සිදුවීම් වල අවසානය. කලින් වෙච්ච සීන් වල පැටලුම් ලෙහිල ඒවට හේතු හොයාගෙන හොර අහුවෙලා දුශ්ඨයා එලිවෙලා අනං මනං වෙලා අදාල සිදුවීම ඉවර කරන එක තමා මේ කොටසින් කරන්නෙ.


ඒක හැමතිස්සෙම හොඳ විදිහට වෙන්නෙත් නෑ. එක සිදුවීමක අවසානය තවත් නරක දේක ආරම්භයක් කරල ගන්නත් පුලුවන්.


ඒක ඔයා කැමති විදිහකට කරන්න ඔයාට නිදහසක් තියෙනව. ඔයාට ඕන්නං පුලුවන් කතාවෙ මුල ඉඳන්ම පොඩියට අභිරහසක් වගේ අරන් ඇවිල්ල මෙතනදි ඒක එලි කරල ඒ සිදුවීම අවසාන කරන්න.



ඔන්න ඔය පහ තමා සාමාන්‍ය කතාවක(නවකතාවල) ආකෘතියට අඩංගු වෙන්නෙ.


හැම එකම මෙහෙම වෙන්න ඕන්නෑ. ඔයාට අනන්‍ය රටාවක් තියෙනව. ඒක ඔයා හොයාගන්න ඕනෙ. එතකං මේ දේවල් උදව්වක් කරගන්න.


හැමෝටම ජය වේවා !

#Writer

Report Page