♡ නුහුරු ඇරයුම් ♡
« පසුවදන »

මට කම්මැලී බං. මම නැවැත්තුව. වැඩ අස්සෙ ලියන්න එපා වෙනව. ලබන අවුරුද්දෙ මේකම ඉස්සරහට හෝ අලුත් කතාවක් දෙන්නං දිගට. කොටස් 50ක විතර. ආපහු මේ අවුරුද්දට කතා නැති වෙයි.
පසුවදනක් ලියන්න නෙවේ හිටියෙ. පොඩි කරුණු කීපයක් කියන්න ලියන්නෙ.
මුලින්ම කතාව කොහොමද කියල 1-100 අතර ඉලක්කමකින් කියන්න. rating කියල මම දාන අගය තීරණය වෙන්නෙ ඒක අනුව.
ඊළඟ කාරණය තමා මම පොඩි ආටිකල් එකක් ලිව්ව අලුත් Writers ලට වැදගත් වෙයි කියල හිතල.
මගෙ හිතේ තියෙනව , අලුත් Writers ලට උදව්වක් වෙන විදිහෙ article series එකක් ලියන්න. ඔය උඩ එක කියවල බලන්න වැඩක් වෙයිද කියල. කට්ටිය කැමති නං ලියන්නං.
කතාව ගැන ගත්තොත් අනේ මංද බං. මම මේක ලිව්වෙ වර්තමානයේ මාර සීරියස් කේස් එකක් උන ආදරේ ගැන පොඩි ඉඟි ටිකක් දෙන්න. ඔය කතාවෙ අගට දැම්මෙ එක එක ඒව. මොකද සමහරු ආදරේ කියන එක දකින්නෙ පිළිකුලෙන්. ළඟදි අර කොල්ලෙකුත් මලේ. සමහරු කිව්වට ඌ මෝඩයි කියල. සමාජෙට ඒක විහිලුවක් වෙලා තියෙන්නෙ. ඇත්තටම සිරා ලව් එකක් තියෙන උන් දන්නව ඒ feeling එක. කතාව ලස්සන ඇති කියල හිතනව. ආදරේ ගැන දීපු උපදෙස් ටිකත් වැදගත් උනා කියල හිතනව.
එහෙනං අපි ගියා. අදහසක් කියන් යන්න. ප්‍රසිද්දියේ කියන්න/අහන්න බැරි දෙයක් තියේ නං @Im_Honey_Bird ට මැසේජ් එකක් දාන්න.
share කරනව නං කරන්න. කතාවෙ ආකෘතිය උපුටා ගන්නව නං ගන්න. කතාව කැමති කෙනෙක් continue කරනව නං කරන්න. කොටින්ම ඕනෙ මගුලක් කරහන්. මම publish කරල ඉවරයි.
ජය වේවා!