අලුත් කතාවක්...

අලුත් කතාවක්...


For New Writers

RL

කතාවක් ලියන්න ආසාවෙන් ඉන්න අලුත් පරම්පරාවට මම මේ සබ්ජෙක්ට් එකේදි ඉගෙන ගත්ත පොඩි පොඩි දේවල් ටිකක් එක්කම මේ සයිඩ් එක ගැන කියන්න හදන්නෙ.


අපි කොටස් කීපයකට මේක බලමු. එතකොට හොඳ අවබෝධයක් ගන්න පුලුවන් වෙයි. මම මහා ලොකු experience තියෙන එකෙක් නෙවේ ඈ. දන්න විදිහට කියන්නෙ.



ආරම්භය


මුලින්ම මම මේ අවවාදය දීලම පටන් ගන්නං. ඔයා අලුතෙන්ම කතාවක් ලියල හදිස්සියෙවත් ඒක හිට් උනේ නැත්තං , ඒකෙන් කීයටවත් කියවෙන්නෑ ඔයා අසාර්ථක රචකයෙක් කියල.


මෙහෙම කියමුකො. දැන් බලන්න , මිනිස්සු හැමතිස්සෙම කියවනව. හැබැයි මිනිස්සු හැම දේම කියවන්නෑ. මොකද වැදගත් නැති ආකර්ශණීය භාවය අඩු දේවල් අපි සරලවම මග ඇරල දානව.


යම්කිසි කතාවකට මිනිස්සුන්ගෙ ආකර්ශණය ඇදල ගන්න පළවෙනි තැන තමයි කතාවක ආරම්භය කියන්නෙ. මැද , අග කොච්චර සුපිරි උනත් මුල කචල් නං මිනිස්සු එතනින් එහා කියවන්නෑ.


සාමාන්‍යයෙන් අපේ මොළයෙන් හැම තත්පරේටම 11,000,000 BIT ක් වගේ තොරතුරු ලබාගන්නව. ඒ උනාට අපි ඒ ලබාගන්න තොරතුරු වලින් 10,999,940 BIT වගේ ප්‍රමාණයක් එසැනින් ඉවත් කරල දාල ඉතුරු වෙන 60 BIT ක වගේ පොඩි ප්‍රමාණයක් ඇනලයිස්(analyse) කරල අවබෝධ කරගන්නව.


මෙන්න මේ පොඩි ප්‍රමාණයට ඔයාගෙ කතාව දාගන්න එක තමා රචකයෙක් විදිහට සාර්ථක වෙනව කියන්නෙ. අන්න ඒ වැඩේ කරන්න තමා අපි පාඨකයගෙ ආකර්ශණය ලබාගන්න ජාතියෙ ආරම්භයක් කතාවට ලබා දෙන්නෙ.


ඒ නිසා කතාවෙ ආරම්භය ගැන ලොකු සැලකිල්ලක් දක්වන්න. ඒක තමා පාඨකයගෙ මනසට දාන පළවෙනි ලොක් එක. කියවන කෙනාව රඳවගන්න පුලුවන් ජාතියෙ , කුතුහලයක් එන ජාතියෙ , ඊළඟට වෙන්නෙ මොකක්ද කියල බලන්න හිතෙන ජාතියෙ ආරම්භයක් ලබා ගන්න. ඔයා ආපහු ආපහු ආරම්භය කියවල බලල අඩුපාඩු හදල සුපිරිම start එකක් ගන්න.



කතා අන්තර්ගතය


ඔයාට කැමති ඕනෙම විදිහකට කතාව ගොඩනගන්න පුලුවන්. මොකද කතාවක අන්තර්ගතයට සීමාවක් නෑ. අපේ මනසෙ ඇඳෙන ඕනෙම දෙයක් අපිට අකුරු කරන්න පුලුවන්.


අපි මේ ලියන කතා අපේම ස්වනිර්මාණ කියල හිතන් ලිව්වට ඇත්තටම ගොඩක් වෙලාවට අපි මේ ලියන්නෙ අපි දැකල තියෙන , අහල තියෙන නිර්මාණ ගොඩකගෙ තනි කොපියක්. එක කතාවක character එකක් අරන් තව කතාවක storyline එක අරන් , ඔහොම ඔහොම remix එකක් අපෙ මනසෙ ඇති වෙනව. කොපියක් කිව්වට රචකයගෙ වගකීම ගන්නෙ අපි නිසා ඒක අපේම ස්වනිර්මාණයක් වෙනව.


ඒ නිසා කතා අන්තර්ගතය ඔයා කැමති විදිහට හදාගන්න. කතා අන්තර්ගතය මත තමා කතාවක ගුණාත්මක බව ගොඩක්ම තීරණේ වෙන්නෙ. ඒ ගැන සැලකිල්ලක් දක්වන්න.



අවසානය


අවසානය කියන එක ඇත්තටම මමවත් දන්නෑ අනිවාර්යයෙන් ඕනෙද නැද්ද කියල. සාමාන්‍යයෙන් අපි ඉස්සර ඉඳන්ම අහන දෙයක් තමා ඕනෙම කතාවකට අවසානයක් ඕනෙමයි කියල. මුල මැද අග නැත්තං ලොවෙත් නෑ කියලනෙ කියන්නෙ.


ඒත් ඇත්තටම හරිහැටි අවසානයක් නැතුවත් සමහර කතා අමුතු රසයක් එක්ක ඉවර වෙනව. ඒක ඔයා තීරණේ කරන්න. පළවෙනි පාරට කතාවක් ලියනව නං වැඩි වැඩ නැතුව නෝමල් එකෙ ලියන්න. හැම කතාවම දුකකින් ඉවර වෙන්න ඕනෙ කියල එකක් නෑ. ඕන්නං පුලුවන් පිටසක්වලයෙක් ඇවිල්ල ඩයල් එකව පැහැරන් ගියා කියල ලියන්නත්.



සැලකිලිමත් වෙන්න


කතාව කියවන එකා ශර්ලොක් හෝම්ස් නෙවෙයි. වාක්‍යයක පැටලිලි ලෙහාගෙන , ගලපගෙන , මොකක්ද මේ කියල තියෙන්නෙ කියල අමාරුවෙන් තේරුන් අරන් කියවන උන් අඩුයි. සමහරවිට ඇත්තෙම නෑ.


ඒ නිසා කතාව කියවන කෙනාට nonstop කතාව මනසට ගලාගෙන යන විදිහට නිරවුල්ව ලියන්න ඕනෙ. පිළිවෙලට වචන ගලපල , පහසුවෙන් කියවන්න පුලුවන් වෙන විදිහට කතාව නිර්මාණය කරන්න ඕනෙ.


අනිත් දේ තමා කතාව කියවන් යනකොට පාඨකයගෙ reactions පාඨකයටම තනියම විඳින්න දෙන්න ඔනෙ. හැම තැනම imoji දාල ඒ react එක බලෙන් දෙන්න හදන්න එපා. පාඨකයො කතාවෙන් ලබා ගන්න ඒ හැඟීම් ඔයාම imoji වලින් දෙන්න try කරනකොට කියවන කෙනාට ඒක නිකංම හිස් කතාවක් වෙනව. අනික imoji වල ඒ තියෙන කහ පාට අපිට නොදැනුවත්වම ඇහෙන් ප්‍රතික්ෂේප කරනව. ඒ නිසා මගක් දුර යද්දි ඇහැට වෙහෙසකර ගතියක් ඇවිල්ල කතාව කියවන්නැතුව යනව සමහරු.


කතාව ලියන්න ඔයා වෙනම මානසිකත්වයක් හදාගන්න එපා. එහෙම කරන්න පුලුවන් ඔයාට හොඳ self mind control එකක් තියෙනව නං. ඒත් ඔයා මේ සබ්ජෙක්ට් එකට ආධුනිකයෙක් නං , ඒ වැඩෙන් ඔයාගෙ කතාවට බලපෑමක් වෙනව.


කියවන කෙනාට හිතෙනව මේක කෘතීමයි කියල. ඒ නිසා ඔයාගෙ සාමාන්‍ය හැඟීම් එක්ක කතාව ලියන්න. වෙනම මානසිකත්වයක් හදාගන්නැතුව ඔයාගෙ සැබෑ මානසිකත්වයෙන් කතාව ලියන්න. එතකොට ඇත්තටම කියවන කෙනාටත් ඒ හැඟීම විදගන්න පුලුවන් ප්‍රශ්නයක් නැතුව.



උපදෙසක්


කතාවක් අනිවාර්යයෙන්ම ලිඛිත භාශාවෙන් ලියන්න ඕනෙ කියල නීතියක් නෑ කොහෙවත්. free style කතා ගොඩක් වෙලාවට හිට් වෙන්නෙ මිනිස්සුන්ට ඒක ලේසියෙන්ම අවබෝධ කරගන්න පුලුවන් නිසා. ඔයා තීරණය කරන්න ලියන විදිහ.


අන්තිම දේ තමා කවදාවත් එක සීමාවකට කොටු වෙන්න එපා. ඔයාට ඉහළට යන්න බැරි වෙන ලොකුම හේතුවක් ඒක. අපි ගොඩක් වෙලාවට වටපිටාවෙ මිනිස්සු හිතන විදිහටම හිතන්න පුරුදු වෙලා. එහෙම වෙන්න එපා. ඔයා ඒ සීමාවෙන් එලියට ගිහින් හිතන්න ඕනෙ.


එකම රාමුවක් ඇතුලෙ කතාවක් ලියනව කියන්නෙ ඒක රැල්ලට ගියා වගේ වෙනව. වෙනස් දෙයක් ලියන්න. වෙනස් කතාවක් ලියන්න. වෙනස්ම රාමුවක ඉඳගෙන අලුත්ම සංකල්පයකට අනුව කතාවක් ලියන්න.


ඔයා unique කෙනෙක් වෙන්නෙ අන්න එතකොටයි. හැමෝම දුක හිතෙන කතා ලියනව නං ඔයා ලියන්න හොල්මන් කතාවක් චැනල් වල භීශණේ ඇති කරල ගන්න ජාතියෙ. හැමතිස්සෙම මිනිස්සු හිතන පටු පරාසෙන් ඔබ්බට යන්න බලන්න.


රචකයයි පාඨකයයි වෙනස් වෙන ලයින් එක තමා ඕක. පාඨකයො හිතන්නෙ එකම සීමාවක් ඇතුලෙ. ඒ සීමාවට එහා ගිය , පාඨකයො බලාපොරොත්තු නොවෙන ජාතියෙ දෙයක් දෙන්න බලන්න. නියම රචකයො එහෙමයි.


මේක අනිත් Writers ලත් කියවන නං ඔයාලට හිතෙන දේත් කියන්න අලුත් writers ලට දැනගන්න.

වැඩේ හොඳයි වගේ නං ඉස්සරහට මම writing series එකක් ලියන්නං අලුත් අයටත් උදව්වක් වෙන්න.

Report Page