උන්මාදේ ッ
21අවසන් කොටස

මතකනෙ. අපි රෑ බාබකිව් පාටියක් දැම්ම. මමත් බීල බීල අන්තිමට මතක , මාව කවුරු හරි වත්තම් කරන් කූඩාරමක් ඇතුලට යනව කියල විතරයි.
දිලිසී දිලීසී... හඳ සේ සිනාසී....
ඇසිපිය මගේ නවත්තනා සුරූපී....
පට්ට හීතලක් මැද්දෙ මම ඇහැරුනේ ඔලුව කරකැවෙන ගතියත් එක්කමයි. මාව නිකං පාවෙනව වගේ. තාම උදේ වෙලා නෑ. වටේම කලුවරයි. මම මේ ඉන්නෙ කූඩාරමක් ඇතුලෙ කියල සිහියට එනවත් එක්කම , මගෙ පපුව උඩින් අතක් තියෙනව කියල මීටර් උනා.
කට්ට කරුවලේ පේන්නෙත් නෑනෙ.
මම හිමීට ඒ අත අල්ලල බැලුව. මම අත අල්ලනවත් එක්කම ඒ හිටපු කෙනා රහසින් වගේ මට කතා කලා.
"ඇහැරුනාද මෝඩයො දැන්වත්..."
ඒ ශලනි!
මමත් සේපට හිමින් කතා කලා.
"ඔයා ඇයි මේකෙ.."
"ඇයි කැමති නැද්ද මම එනවට?"
"එහෙම නෙවේ... සංක අයියා අවුලක් දැම්මෙ නැද්ද?"
"අමිශ්කල කිව්ව ඔයාට බිව්වට පස්සෙ ආපහු ඇහැරෙන්නෑ කියල. ඉතින් මම ඔයාව එක්කන් ආව. සංක අයිය මුකුත් කිව්වෙ නෑ"
එහෙනං අවුලක් නෑනෙ. මම ශලනි පැත්තට හැරිල එයාගෙ ඉන වටේ අතක් යවන් එයාට ළං උනා තව ටිකක්. ළං වෙලා රහසින්ම කතා කලා.
"හීතලයි නේද?"
"ම්ම්ම් මට තුරුල් වෙන්න"
"පපුවට මූණ තියාගන්නද?"
"මැට්ටෝ.... හා හා... වෙන මුකුත් බෑ හරිද?"
අවසරේ හම්බුනු ගමන් මම පොඩ්ඩක් පහලට වෙලා ශලනිගෙ පපුව මැදට මූණ අරන් ගිහින් මූණ ඔබාගත්ත. එයාගෙ රණහංසයො දෙන්නත් මගෙ කම්මුල් දෙකට තෙරපිලා එහාට වෙලා.
"ඔය ඉතින්... හිමීට මැට්ටො"
"රස්නෙයි..."
"ම්ම්ම්ම්"
ශලනි එයාගෙ අතක් අරන් මගෙ කොණ්ඩෙ අස්සෙන් දාන් අතගාන්න ගත්ත.
"ශලනි...."
"ම්ම්ම්ම්ම්ම්ම්ම්"
"කුක්කු....."
"පිස්සුද මෝඩයො... බෑ බෑ...."
"චුට්ටයි...."
"ම්ම්ම්ම්.... එපා ගිම්හාන්"
ශලනි එපා කිව්වත් එයා හයියෙන් හුස්ම ගන්නව කියල තේරුනා මට. මේ වගේ වෙලාවක කෙල්ලෙක් හයියෙන් හුස්ම ගන්නව කියන එකෙන් අදහස් වෙන්නෙ , ඒකිට වීස් එක තියෙනව කියන නෙවේ කියල උඹලත් දන්නව මාත් දන්නව.
මම මූණ පොඩ්ඩක් පස්සට කරල , ශලනි ඇඳන් ඉන්න ජර්සි එකට උඩින්ම ශලනිගෙ රණහංසයෙක් කටින් අල්ලල හිමීට තද කලා.
"ආව්හ්හ්හ්.... මැට්ටෝ..... හිමීට...."
"ම්ම්ම්ම්ම්ම්"
"කෝ ඉන්න..."
කියල ශලනි මගෙ මූණ පස්සට කලා.
ඒ කරල එයා ඇඳන් හිටපු ජර්සියෙ සිප් එක ඇරල ජර්සිය දෙපැත්තට කරල මගෙ ඔලුවෙන් අල්ලං පපුවට ළං කරගත්ත.
දැන් නං ශලනිගෙ රණ හංසයො දෙන්න හොඳට දැනෙනව මගෙ මූණට , එයාගෙ තුනී බ්ලවුස් එක හරහා.
මම ආපහු හිමීට මගෙ තොල් දෙකෙන් එක පුඩුවක් අල්ලගෙන , බ්ලවුස් එකට උඩින්ම රස බැලුව.
ශලනි හුස්ම ගන්න වේගෙ තවත් වැඩි උනා.
බීපු වෙලාවට අපේ කට වැඩ කරන්න තැනක් නොතැනක් නෑනෙ. ඉතින් හදිස්සියෙම මගෙ කට වැඩ කරන්න ගත්ත.
"මැණික...."
"ම්ම්ම්ම්ම්ම්ම්"
"මම ආදරෙයි ඔයාට... ගොඩාක්..."
"මං දන්නව"
"මට සමාවෙන්න... යාලුයි නේද මම එක්ක දැන්"
"ඔව්ව්.... මැට්ටෝ... කියවන්න එපා දැන්"
කියල ශලනි ආපහු මගෙ මූණ එයාගෙ පපුවට ළං කරගත්ත.
මුලින් එපා එපා කිව්වට එයත් දැන් ආස වෙලාද මංද.
මමත් පොඩි එකා වගේ ශලනිගෙ පපුවට මූණ ඔබාගෙන එයාගෙ රණහංසයොන්ගෙ උණුහුම විඳ විඳ ඒව රස බැලුව.
ශලනිගෙ ඉන වටේට මම දාන් හිටපු අතකුත් අරන් එයාගෙ පපුව උඩින් තිබ්බ මං. ශලනි හිමීට දඟලනවා.
"වස්තූ...."
අත පපුව උඩින් තිබ්බ නිසාද මංද ශලනි මට කතා කලා.
"ම්ම්ම්ම්ම් කියන්න..."
"එන්න උඩට..."
"එපාද.... සූට්ටක්...."
"එන්න.... උඩට"
මම ශලනිගෙ පපුවෙන් අයින් වෙලා එයාගෙ මූණ ගාවට ගියා. මම එයාගෙ පපුව උඩ තියන් හිටපු අත අහක් කරන්න හදනකොටම , එයා මාව නවත්තල අත තව තද කරගත්ත.
"ගිම්හාන්......."
"ම්ම්ම්ම්ම්ම්"
"ආදරෙයිද මට..."
"ඔව්ව්ව්ව් මැණික..."
"ආපහු වෙන අය ගැන හිතන්නෑ නේද?"
"නැහෑ.... කවදාවත් නෑ..."
"දන්නවද?"
"ම්ම්ම්ම්ම්"
"ඔයා අහිංසකයි. ගොඩක්... මං ගැන හිතුව. මම හිතුවෙවත් නැති තැන් වලදි මාත් එක්ක හිටිය. මම ඒකට ගොඩක් කැමතී.. තමන්ගෙ ගෑණු ළමය ගැන එහෙම හැමතිස්සෙම හිතන අයට. ඔයා විතරයි එහෙම කෙනෙක්ට මට හම්බුනේ. මෙච්චර කල්."
"හී........ එහෙම තමා අපි"
"කෝ එන්න දැන් උම්මියක් දෙන්නං"
"හා....."
ශලනි එයාගෙ අතක් අරන් මගෙ කම්මුල උඩින් තියල අල්ලගෙන මාව කිස් කලා.
අද වෙනදට වඩා ගොඩාක් ගැඹුරු විදිහට එයා කිස් කරන්නෙ. මගෙ තොල් දෙකම බලෙන්ම වගේ අල්ලගෙන උරා බොනව. ඒ අතරෙ ශලනි , මම එයාගෙ පපුව උඩින් තියන් හිටපු අත අල්ලගෙන තව තදකරගත්ත එයාගෙ පපුවට.
"ම්ම්ම්ම්ම්ම්ම්හ්හ්හ්"
"ම්ම්ම්ම්ම්ම්"
ශලනි හිමීට කෙඳිරි ගාන්න පටන් ගත්ත කිස් කරන ගමන්. විනාඩි පහකට විතර පස්සෙ අපේ තොල් එකිනෙකාගෙන් ලෙහුණෙ අපි හොඳටම හෙම්බත් වෙලා හිටපු නිසා.
ශලනි මගෙ පිටෙන් අත දාල එයා දිහාට ළං කරගෙන කතා කලා.
"කෝ එන්න දැන්. දොයියන්න."
"හා....."
"ම්ම්ම් හීතල නං පපුවට තුරුල් වෙන්න"
"කමක් නෑද.."
"කමක් නෑ... කෝ ඉන්න"
කියල ශලනි එක පාටම එයාගෙ බ්ලවුස් එක උස්සනව කියල මට තේරුනා. මමත් සලිත උනා ඒකට.
මම හිමීට පහළට වෙලා එයාගෙ පපුවට ළං උනා. දැන් කලින්ටත් වඩා රස්නෙයි. එතකොට මට තේරුනේ.... මම මේ තුරුල් වෙන්නෙ ශලනිගෙ නග්න පපුවට කියල.
"තුරුල් වෙලා දොයියන්න. වෙන ඒව බෑ හරිද...?"
"හා අම්මී...."
"අම්මි? ඒ මොකක්ද?"
"ආහ් නෑ නෑ... හී... සොරී.... නිකං කියවුනේ..."
"ඒකට කමක් නෑ. මගෙ බබා දැන් දොයියන්න තුරුල් වෙලා..."
ශලනි මුකුත් කරන්න එපා කිව්වත් පපුවට තුරුල් උන ගමන් මගෙ තොල් දෙක ගියේ ශලනිගෙ තන පුඩුව ගාවට. තොල් වලින් ඒ ගැටිත්ත රසවිඳින ගමන් ඇස් පියාගත්ත මං.
_____________________
"ඒ බං.... මේ.... ඇහැරියන් කෝපි එකක් බො..... ඕයිහ්හ්හ්හ්හ් යකෝ..... වහපං ඕක... ඔක්කොම එලියෙ..."
උදේ මම ඇහැරුනේ කණ ගාවින්ම වගේ ඇහුන මහා සද්දෙට...
මම ඇස් දෙක අරිනකොටම දැක්කෙ , ශලනි කලබලෙන් වගේ එයාගෙ බ්ලවුස් එක හදාගන්නව.
"ගුම්මෝනින් මැණික..."
"මෝනින් තමා මැට්ටො... අයියෝ... මොනව දැක්කද දන්නෑ අරගොල්ලො"
"මොකක්ද උනේ..."
"ඔයාගෙ යාලුවා ටෙන්ට් එක ඇරියා... මම මේක උඩට කරන් හිටියෙ"
කියල එයාගෙ බ්ලවුස් එක පෙන්නුව.
මල කෙලියයි.
"ඈහ්... කවුද ආවෙ.."
"අමිශ්ක අනේ....."
"ආ ඌ නං අවුලක් නෑ. ඇම්ඩා ඕව ගැන සැලකිල්ලක් දක්වන එකෙක් නෙවේ.."
"ඔයා නං කියයි. මෝඩ මැට්ටා... රිදුන මට රෑ... ඇයි ඉතින් හපනවයි.."
"උම්මියක් දෙන්නද..."
"පස්සෙ පස්සෙ දැන් යමු... කෝපි හදනවලු"
ශලනි එක්ක ලෑස්ති වෙලා අපි දෙන්නම එකට ටෙන්ට් එකෙන් එලියට බැස්සා.
"ආන් ගිරා ජෝඩුව නැගිටල. අයියෝ රෑ තිස්සෙ මුන්ගෙ පෙම් කෙලිය නිසා අපිටත් නින්දක් නෑ"
මෝලා ඈත ඉඳන් කෑගහනව මුලු බන්ඩාරවෙලටම ඇහෙන්න.
ශලනිගෙ මූණ රතු වෙලා.
"කට්ටියම එන්නලා.... අද දවසේ ප්ලෑන් එක අහගන්න"
සංක අයියා , අපි ඊයෙ බීපු ගල ගාව ඉඳන් කතා කලා.
ඉතින් කට්ටියම එතෙන්ට එක්රැස් උනා. ඇම්ඩා ශලනිගෙන් එහාට වෙන්න හිටගත්ත. උට ලැජ්ජ ඇති. ශලනිත් ඌ දිහා බැලුවෙවත් නෑ. මම ශලනිගෙ ඉන වටේ අතක් දාන් එයාව තද කරන් හිටියෙ. ඒ අස්සෙ සංක අයිය ඇවිල්ල අපිට අද දවසේ ප්ලෑන් එක කිව්ව.
"දැන් මෙහෙමයි වෙන්නෙ. අපි කෝපි එක ගැහුවා. පහලට ගියා. ලෑස්ති උනා. නවයයි තිහ වෙනකොට රිසෝට් එක ගාවට ගියා. එකොළහට ට්‍රේන් එක එනව. ඊට පස්සෙ රෑ දහය වගේ වෙනකොට කොළඹට යනව. ප්‍රශ්න තියෙනවද?"
කවුරුත් ප්‍රශ්න මුකුත් ඇහුවෙ නෑ.
පස්සෙ කට්ටියම කෝපි බීල , පොටෝ ගහල ටෙන්ට් අකුලල පහලට බැස්ස. සැලැස්මෙ හැටියටම අපි නවය වෙනකොට ලෑස්ති වෙලා රිසෝට් එකට ආව ආපහු. ගනන් හිලව් ටිකත් පියවල බෑග් මලු අරගෙන , බස් හෝල්ට් එකට වෙලා හිටිය බස් එක එනකං.
ඒ අස්සෙ ඇම්ඩා මමයි ශලනි ගාවට ඇවිල්ල බිම බලාගෙන වගේ කතා කලා.
"එ.... ඒ බං ගිමා... මේ... උදේ... සීන් එකට සොරි බං.... ඈ... අනේ... හිතල කලේ නෑ"
මූ මේ කියවන්නෙ උදේ ටෙන්ට් එක අස්සට ඔලුව දානකොට දැකපු දේ ගැන වෙන්නෝනෙ.
"ආ අවුලක් නෑ බං ඕක මොක..... ඌහ්හ්හ්හ්"
වාක්‍ය ඉවර කරන්න කලින්ම ශලනි මගෙ කකුල පෑගුව ලෙලි රඹුටන් වෙන්නම.
මම එයා දිහා බැලුවම , එයා මට ඇස් වලින් කියපු දේ තේරුම් ගන්න පුලුවන් උනා මට. ඒ තරන් දරුණු බැල්මක් ශලනි දාන් හිටියෙ. මම ඇම්ඩා දිහාට හැරිල ආපහු කතා කලා.
"නෑ මම කිව්වෙ , පොඩ්ඩක් සිහියෙන් වැඩ කරපං. ටෙන්ට් එකක් ඇතුලෙ කෙල්ලෙක් ඉන්න වෙලාවකට එහෙම ඔලුව දාන්නෑනෙ මොකාද එකා වගේ. මීට පස්සෙ පොඩ්ඩක් කල්පනාවෙන් ඉඳහන්"
ඇම්ඩත් ආපහු පාරක් ශලනිගෙනුත් සමාව ඉල්ලල රශ්මි ගාවට ගියා. රශ්මිට නං හිනා. ඇම්ඩා පරසක්වල දැකල වගේ බය වෙලා.
ටිකකින් බස් එකකුත් ආව. නිකංම හිස් බස් එක. ඩ්‍රැයිවර් විතරයි. කොන්දොස්තර නගින්නෙත් මගින් මම හිතන්නෙ.
කරුමෙ මුල් බැහැල වගේ අපි අර ආපු දවසෙ බස් කාරයමයි හිටියෙ එලවන්න. කට්ටියම තම තමන්ගෙ ඉශ්ඨ දේවතාවුන් සිහි කරන් නමෝවිත්තියෙන් බස් එකට නැගල වාඩි උනා.
මූට එනකොට තිබ්බ තදියම යනකොට නෑ. මම හිතන්නෙ යනකොට 'කන්ද' නගින්නැතුව ඇති.
දහයට කාලක් තියෙද්දි අපි බණ්ඩාරවෙල බස් ස්ටෑන්ඩ් එකට ආව. එතන ඉඳන් ස්ටේශන් එකට පයින් ඇවිල්ල , ටිකටුත් අරන් , කෝච්චිය එනකං වාඩි වෙලා හිටිය අපි. සෙනග නං මහ ලොකුවට නෑ ෆ්ලැට් ෆෝම් එකේ.
එකොළහටනෙ කෝච්චිය එන්නෙ. පැයකටත් වඩා ඉන්න එපැයි.
ඒ අස්සෙ මෝලා කවදාවත් නැතුව හෙනට සන්සුන් වෙලා. මූ සන්සුන් වෙනවා කියන්නෙ එතන අවමගුලක් තමයි. එහෙම නැත්නම් කාගෙ හරි දානයක් තමයි. දිරවන්නැතිම මූඩ් එකක් ඕකගෙ. මෝලා , හේශනී නංගිට දැල දාන්න වගේ යන්නෙ නිකං.
'ට්‍රීං ට්‍රීං.... තාරුණ්‍යේ මේ උන්මාදේ'
ෆෝන් එක රින් වෙන්න ගත්තු නිසා මම ආන්ස්වර් කලා.
"හෙලෝ. ගිම්හාන් කතා කරන්නෙ"
"ආ... මිස්ටර් ගිම්හාන්... මම ඩොක්ටර් වින්ද්‍යා කතා කරන්නෙ. අර තාරුකාගේ...."
"ආහ් කියන්න ඩොක්ටර්"
"ගිම්හාන්. මම තාරුකාව හම්බුනා ඊයෙ. ඔයා මොනව හරි එයාට කිව්වද. මේ මාස ගානටම දැක්කෙ නැති හරි නිස්කලංක බවක් එයාගෙන් ඇඟවුනා මට. හරියට එයා හැමදේම තෙරුම් අරන් වගේ හැඟීමක්"
"ආ මේ ඩොක්ටර්. පොඩි ප්‍රශ්නයක් උනානෙ. මම දැන් යාලු වෙලා ඉන්න කෙනා , තාරුකා අක්ක එක්ක කතා කලා සිකුරාද හවස. ඒකද දන්නෑ"
"ආහ්. තාරුකා මට එහෙම දෙයක් කිව්වෙ නෑනෙ. එයා මට සිද්ද වෙච්ච දෙයක් නොකිය ඉඳපු පළවෙනි පාර මේ. මුකුත් ප්‍රශ්නයක් ඇති උනේ නෑනෙ."
"අනේ නෑ ඩොක්ටර්. එයාට මම කතා කලා පස්සෙ. තාරුකා අක්ක , මට සමාවෙන්න කියලත් කිව්ව. එයා ආත්මාර්ථකාමී උනා කියල."
"හම්ම්. මම කෝල් එකක් දීල බලන්නම් එයාට. හරි ගිම්හාන්. තෑන්ක් යූ"
"හරි ඩොක්ටර්"
කෝල් එක කට් කරපු ගමන් ශලනිටත් කිව්ව සීන් එක.
කට්ටියම විකාර කර කර ඉන්න අතරෙ ස්ටේශන් එකේ ස්පීකරේ වැඩ කරන්න ගත්ත. මේකෙ නං කතා කරන්නෙ හොඳට සිංහල පුලුවන් එකෙක්.
"පළවෙනි සහ මේ ස්ටේශන් එකට තියෙන එකම වේදිකාවට දැන් පැමිණෙන දුම්රිය... ඔතනින් තියන්න කමල්"
ආපහු පාරක් අපි තුශ්නිම්භූත උනා. මේ ස්ටේසන් මාස්ටර්ල මාර බුලක්නෙ කෙලින්නෙ.
පස්සෙ සීන් එක දැනගත්ත අපි. ස්ටේසන් මාස්ටර් ස්පීකරෙන් කතා කර කර ඉන්න අතරෙ , කමල් කියල , වැඩ කරන එකෙක් මෙයාට තේකක් ගෙනිහින් දීල. ඉතින් තේක ඔතනින් තියන්න කියන එකත් අර එනවුන්ස්මන් එකටම බද්ධ කරල කියල මූ.
විනාඩි දෙකකින් වගේ කෝච්චිය ආව. සෙනඟ අඩු නිසා මේ පාර නං කට්ටියම වාඩි උනා. මම ශලනි එක්කම හිටිය.
රදැල්ල ස්ටේසන් එක පහු වෙනකොටම වගේ මට නිදිමතක් ආව. තෙහෙට්ටුවටද කොහෙද. ශලනි කිව්ව එයාට හේත්තු වෙලා නිදාගන්න කියල. ඉතින් මම එයාගෙ කර වටේ අතක් දාල මට තුරුල් කරන් එයාට තද වෙලා ඇස් දෙක පියාගත්ත.
___________________
කොච්චර වෙලා ගියාද කියල නං දන්නෑ. සාක්කුවෙ තිබ්බ ෆෝන් එකේ වයිබ්‍රේට් එක නිසා මම ගැස්සිලා ඇහැරුනා. සෑහෙන්න දවල් වෙලා එතකොට.
ෆෝන් එක අරන් බැලුවම , ඒ ඩොක්ටර් වින්ද්‍යා.
"ආ ඩොක්ටර් කියන්න"
"ගිම්හාන් දැන් ගෙදරද ඉන්නෙ. ගෙවල් තාරුකාගෙ ගෙදෙට්ට ළඟද?"
"ආහ් නෑ ඩොක්ටර්. මම බෝඩිමක ඉන්නෙ. දැන් නං මම මේ කෝච්චියෙ ආපහු එන ගමන් ඉන්නෙ. ඇයි ඩොක්ටර් මොකක් හරි ප්‍රශ්නයක්ද?"
"ගිම්හාන්. තාරුකාට පොඩ්ඩක් කෝල් එකක් දෙන්න. මම උදේ ඉඳන් කෝල් ගන්නව. එයා ආන්ස්වර් කරන්නෑ. එයා සාමාන්‍යෙන් ෆෝන් එක එහාට කරන කෙනෙක් නෙවෙයි"
"මොකක්?"
"ඔව් ගිම්හාන්. පොඩ්ඩක් බලනවද. ඔයා ආපු වෙලාවක හරි පොඩ්ඩක් තාරුකාව බලල එනවද?. මම අද හරිම බිසී"
"මම කෝල් එකක් දීල බලන්නං ඩොක්ටර්. කොළඹට ආපු ගමන් මං යන්නං එහෙට"
"හරි ගිම්හාන්. ගොඩක් ස්තූතී"
"හරි ඩොක්ටර්. මම තියනවා"
මම කෝල් එක කට් කලේම තිගැස්මකින්. තාරුකා අක්ක කලින් සූසයිඩ් කරගන්න හැදුව කියන එකත් වෙඩි පහරක් වගේ , මගෙ ඔලුවට ආපු නිසා මට දරාගන්න බැරි උනා.
ඉක්මනට ශලනිටත් කිව්ව සිද්දිය. එයත් කලබල උනා.
ඉතින් මම ආපහු තාරුකා අක්කට කෝල් එකක් ගත්ත.
රින්ග්ස් යනව , හැබැයි ආන්ස්වර් කරන්නෑ.
කෝල් හය හතක්ම අරන් ආපහු ෆෝන් එක දිහා බැලුවෙ පුදුම බයකින් මං. දැන් රෑ වෙනකං ඉන්නත් එපැයි. ආපහු කොළඹට යන්න. තාරුකා අක්ක මොනව හරි කරගෙනවත්ද.
එයා හෙන නිස්කලංකව ඉඳිය කියල ඩොක්ටර් කිව්වනෙ. නිස්කලංකව ඉඳියෙ , එයාගෙ ජීවිතේට මොකක් හරි කරගන්න තීරණේ කරගෙනද?
ප්‍රශ්න කෝටියක් දැන් මගෙ ඔලුවෙ වැඩ කරනව.
"ගිම්හාන්. කොළඹින් බැස්ස ගමන් අපි වීල් එකක් අරන් යමු එහෙට. හානෙ"
ශලනි මගෙ ඔලුව අතගාල කිව්වෙ මාව සනවන්න.
"හම්ම්... අනේ මුකුත් අවුලක් නැතුව ඇති නේද?"
"නෑ මැණික. එයා එහෙම මෝඩ කෙනෙක් නෙවෙයි"
"හම්ම්"
ගමනෙ ඉතුරු ටිකේ නින්දක් දාන්න හැදුවත් මට නින්ද ගියෙ නෑ. මතක් උනේම තාරුකා අක්කව. එයා මොනව හරි කරගනීද? මොකක් හරි ප්‍රශ්නයක්ද? අනං මනං.
රෑ දහයයි තිහට විතර කොටුවෙන් බහිනකංම මම විනාඩි විස්සෙන් විස්සට වගේ කෝල් ගත්ත තාරුකා අක්කට. ඒත් එයා ඒ එකක්වත් ආන්ස්වර් කලේ නෑ. මගෙ හිතේ තිබ්බ බය තත්පරෙන් තත්පරේ වැඩි උනා ඒ නිසා.
කොටුවෙන් බැහැපු ගමන් අනිත් උන්ටත් කියල මමයි ශලනියි වීල් එකකට නැග්ග. නැගල තාරුකා අක්කගෙ ගෙදෙට්ට ගියා.
ත්‍රී වීල් කාරයත් කොටනව මෙච්චර හදිස්සි වෙලාවක.
තාරුකා අක්කගෙ ගෙවල් ගාවටම ඇවිල්ල ත්‍රී වීල් එක නවත්තපු ගමන් මම බැහැල සල්ලි දුන්න.
"මේකද ගේ"
ශලනි මගෙන් ඇහුවෙ තාරුකා අක්කගෙ ගේ පෙන්නල.
"හම්ම්"
"ගිම්හාන්..... මුකුත් අවුලක් නෑ වගේ. ඔය ලයිට් දාල තියෙන්නෙ."
"බලමු ඉක්මනට ගිහිල්ල"
මමයි ශලනි දෙන්නම දොර ගාවට ගිහිල්ල දොර ඇරිය. ඒක ලොක් කරල තිබ්බෙ නෑ. නිකංම ඇරුන.
මගෙ බය තවත් දෙගුණ උනා.
ශලනිත් මග් අතේ එල්ලිලාම ආව මගෙ පස්සෙන්.
ඇතුලට එනකොට , සාලෙ ටේබල් එකක් උඩ තිබ්බ ලියුමක් වගේ එකක් මගෙ විශන් එකට අහු උනා. මම ඉක්මනට එතෙනට ගිහින් පාත් වෙල ඒ කොලේ අහුලන් කියෙව්ව.
~~~~~~~~~~~~~~~~
හ්ම්ම්.......හැමදේම එපා වුනා...ඉවසුවා ඉවසුවා.....ඉවසන්න බැරිම තැනත් ඉවසුවා...ඒත්.....ඒත් මට තවත් ඉවසන්නද කියන්නේ.......බෑ....මට අමාරුයි...ඊටත් වඩා මට මහන්සී.....මං නොකරපු දේවල් වලටත් මං අවසානෙ වැරදිකාරි වුනා....මං...මං හිතුවෙ...හිතුවෙ ඒ පන කියලා මගේ.....අවසානෙ මං පන කියලා හිතන් හිටපු කෙනා මගේ පන නැති කරලා දැම්මා.....
ජීවිතේ ඇත්ත තේරුම් ගත්තා මං......ඒත් ඒ ඇත්තට මූණ දෙන්න තරම් මගෙ මේ හිත ශක්තිමත් නෑ......දන්නවා...මං වැරදී....ඒත්...ඒත් මේක තමා මට තියෙන එකම විසදුම....කාට කියන්නද....මොනවා කරන්නද මං....මගේ ලෝකෙම වුනු එයා මාව දාල යද්දී මැරෙනවා ඇරෙන්න මං වෙන මොනවා කරන්නද...
මට දැන් ඕනෙ මේකෙන් නිදහස් වෙන්න...මේ ජීවිතෙන් මට නිදහස් වෙන්න ඕනෙ...හොදටම ඇති මේක මට...
හිතුවෙ...හිතුවෙ ඒ පන කියලා මගේ....අවසානෙ මං පන කියලා හිතන් හිටපු කෙනා මගෙ පන නැති කරලා දැම්මා...
ඔයා මේක කියවද්දි මං මේ ලෝකෙ නෑ තමයි...ඒත්....එකම එක ඉල්ලීමක්....පනටත් වඩා කෙනෙක්ට ආදරේ කරන්න එපා...මොකද එයා යන්නෙ ඔයාගෙ පනත් අරන්...ජීවත් වෙන්න තියන එකම හේතුවත් අරන්...මං කියන්නෙ නෑ ඒ ඔක්කොටම මැරෙන්න කියලා....ඒත්......කෙනෙක් මැරෙන තැනට අසරණ කරන්න එපා......
මම නවතින්නම්.....
~~~~~~~~~~~~~~~
ඒක කියෙව්වට පස්සෙ නං මම ශොක් උනා. ශලනිගෙත් මූණ සුදුමැලි වෙලා.
"ත... තාරුකා අක්කේ....."
කියල හයියෙන් එක පාරක් කෑ ගැහුව මං.
සද්දයක් නෑ.
මම ඉක්මනට ශලනිවත් ඇදන් දුවන් ගියේ එයාගෙ කාමරේට. කාමරේ දොර ගාවම බිම රතු පාට ලොකු පැල්ලමක්.
"අනේ දෙයියනේ...."
මම ඉක්මනට ගිහිල්ල දොර ඇරල ඇතුලට ගියා. ඒත් කවුරුත් හිටියෙ නෑ.
එතකොටම අපිට ඇහුන ගේ ඉස්සරහ දොර වැහෙන සද්දයක්. ශලනියි මමයි ආපහු සාලෙට ඇවිල්ල දොර දිහා බලනකොට ඒ හිටියෙ තාරුකා අක්ක. එයාගෙ අතේ ලොකු මුට්ටියක් තිබ්බ.
මාවයි ශලනිවයි දැකල තාරුකා අක්කගෙ ඇස් දෙක ලොකු උනා.
"ගිම්හාන්... මෙහෙ මොකද කරන්නෙ මේ රෑ...."
මට තවත් ඉන්න බැරුව මම ගිහින් තාරුකා අක්කව බදාගත්ත අඬාගෙන.
"අනේ අක්කෙ මුකුත් කරගන්න එපා... මම ඉන්නං අක්ක එක්ක... හානෙ. මුකුත් කරගන්න එපා අක්කෙ..."
"මේ මොකද මෝඩයො. එහාට වෙනව. මේ ඔයාගෙ ගෑණු ළමය නේද. එයත් බලාගෙන."
"අනේ එත් මුකුත් කරගන්න එපා"
"මොනව ගැනද මේ කියවන්නෙ ඔයා?"
"මම කෝල් කලා කෝල් කලා ඔයා උදේ ඉඳන්ම ආන්ස්වර් කලේ නෑ."
"ආහ්.... ෆෝන් එක හොයන්න ඕනෙ. සයිලන්ට් දාල තිබ්බෙ. මම අද බිසී ටිකක්"
"එතකොට මොකක්ද අර ලියුම"
කියල මම සාලෙ ටේබල් එක උඩ තිබ්බ ලියුම පෙන්නුව.
"ආ ඒ මං දැන් ලියමින් ඉන්න නවල් එකේ කොටසක්. අන්තිම කොටස ඇත්තටම."
ඈහ්... මිස්පයර් එකක් වදිනව වගේ ලාවට තේරුනා මට. කෝකකත් අන්තිම තුරුම්පුවත් ගහල බලමු.
"එ... එතකොට ඔයාගෙ දොර ගාව තියෙන රතු පාට මාක් එක මොකක්ද?. ඒ ලේ නෙවේද?"
"අයියෝ පිස්සුද. පුංචිගෙ දුව දැන් හවස ආපු වෙලේ තීන්ත හැලුවනෙ. මේ ඔයාල බය වෙලා වගේ ඉන්නෙ , මං මොනා හරි කරගත්ත කියල හිතලද?"
මමයි ශලනියි දෙන්නම එකට ඔලුව වැනුව.
"අයියෝ මෝඩ ළමයි දෙන්න. ට්‍රිප් එක ගිහින් එන ගමන්ද ඔය. එන්න කමු මොනා හරි. රෑට කාලත් නෙවේනෙ ඇත්තෙ. මේ ළමයි නං අනේ මංද"
කියාගෙන තාරුකා අක්ක මගෙ අතින් අල්ලන් ශලනි ගාවට එක්කන් ගියා
ශලනිත් අඬන්න ඔන්න මෙන්න හිටියෙ.
ඇයි ඉතින් ඇඬෙනවනෙ මේ වෙන දේවල් වලට.
තාරුකා අක්ක අපි දෙන්නට බීමත් හදල දීල , නූඩ්ල්ස් පැකට් දෙකකුත් හදල දුන්න. රෑ වෙලා නිසා අපිට රෑ ඉන්න කියලත් කිව්ව.
පුදුම දවසක්. උදේම ආදරණීය විදිහට පටන් ගත්තු දවස , මම හිතුවෙ කඳුලු ගංගාවකින් අවසන් වෙයි කියල. ඒ උනාට මේ කතාව ලියන හාල්පරුව ගන්න ගොන් ආතල් නිසා , අන්තිමට එච්චර සංවේදී කතාවෙ අවසානයටත් මෝඩ චූන් එකක් දීලනෙ.
තාරුකා අක්ක ට්‍රැක් එකට වැටෙන්න , ශලනි එදා එයා එක්ක කතා කරපු දේ ගැන මම අදටත් දන්නෑ. හැබැයි තාරුකා අක්කට මාර ඉක්මනට හොඳ උනා. එයා ඇත්තටම ආදරේ ගැන ඉගෙනගත්ත. ඇත්ත තේරුම් ගත්ත. ආදරේ කියන එකේ නියම අර්ථය දැනගත්ත. ලබාගන්න විතරක් නෙවෙයි , අත්හරින එකත් ආදරයේම කොටසක් කියල තේරුම් ගත්ත එයා.
ඒ සිද්දිය නිසා ශලනි , තාරුකා අක්කව හම්බුනා අන්තිමට. අපි රෑ එහෙ හිටපු නිසා ශලනියි , තාරුකා අක්කයි ගොඩක් ඒව කතා කලා. මම නං කාල නිදාගත්ත.
මුලින් උන ප්‍රශ්න අමතක කරල , ශලනිත් තාරුකා අක්ක එක්ක ගොඩක් ෆිට් උනා. මට හැඟුනෙ නිකං වයිෆ්ල දෙන්නෙක් තියන් ඉන්නව වගේ. ආ... නෑ නෑ... මේ... සොරි... එක්කො ඒව එපා... අපි කතාව නවත්තමු..
ආදරේ ගොඩක්ම සුන්දර , ඒක ගල්පර මැදින් ගලාගෙන යනව නං. හැප්පිලි , ගැටුම් මැද යන ආදර කතා වැඩිකල් පවතිනව කියන කතාවෙත් ඇත්තක් තියෙනව.
ඒ වගේම....
තරුණ ආදරයක් කියන්නෙම , මහා උන්මාදයක්.....
තාරුණ්‍යයේ මේ උන්මාදේ........!!
නිමි...